Wednesday, May 2, 2018

ෆ්‍රැන්සිස් ඩ්‍රේක්



මම කෙන්ට් හි අවන්හලක ඉංග්‍රීසි ජාතිකයෙකු සමග සංවාදයේ යෙදෙමින් සිටියෙමි. අප කතා කලේ මුහුදු විශයන් ගැනය . ඔහු නාවික ක්‍ෂේත්‍රයේ රැකියාවක් කල අයෙකි. අපගේ සංවාදය ලෝඩ් නෙල්සන් ගැන මෙන්ම සර් ෆ්‍රැන්සිස් ඩ්‍රේක් ගැන විය​. ඔහු සමග කතා කරමින් මම  සර් ෆ්‍රැන්සිස් ඩ්‍රේක් පිළිබඳව මගේ මතය කීවෙමි. එනම් සර් ෆ්‍රැන්සිස් ඩ්‍රේක් යනු මුහුදු කොල්ලකාරයෙක් බවය​. මා සර් ෆ්‍රැන්සිස් ඩ්‍රේක් උදෙසා භාවිතා කලේ Buccaneer යන වදනය​. ඉන් ඉංග්‍රීසි ජාතිකයා කුපිත විය​. ඔහු සිතුවේ මම ඉංග්‍රීසි නාවික සර් ෆ්‍රැන්සිස් ඩ්‍රේක් හට අපහාස කලා කියාය​. 

1540 උපන් ෆ්‍රැන්සිස් ඩ්‍රේක් දක්‍ෂ යාත්‍රිකයෙකු විය​. ඔහු මුහුදු කොල්ලකරුවෙකු මෙන්ම වහල් වෙළඳාමේ යෙදුනු අයෙකි.  ඔහු ලෝකය වටා ගිය ප්‍රථම ඉංග්‍රීසි ජාතිකයාය​. ඔහු ලෝකය වටා ගියේ නැව් කොල්ලකමිනි. 1577–1580 අතර කාලය තුල ඔහු ලොව වටා යාත්‍රා කලේය​. තමා ලෝකය වටා ගිය බව ෆ්‍රැන්සිස් ඩ්‍රේක් දැන සිටියේ නැත​. ඒ බව ඔහු දැනගත්තේ පසුවය​. මේ නිසා  ෆ්‍රැන්සිස් ඩ්‍රේක් සැලසුම් කොට ලෝකය වටා ගිය නාවිකයෙකු නොවේ. නමුත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පසුකාලයකදී මෙම ගරු කටයුතු මුහුදු මංකොල්ලකාරයා මෙන්ම වහල් වෙලෙන් දාට නයිට් නාමයක් ප්‍රධානය කලේය​.  පසුව ඔහු ඩෙවොන්හි ප්ලේමවුත් නගරයේ   නගරාධිපතිවරයාද විය​. කෙසේ නමුත් මෙම ගරු කටයුතු පුද්ගලයාට මම මුහුදු මංකොල්ලකාරයෙකු කීම ඉංග්‍රීසි ජාතිකයාට කෝපය උපදවන්නක් විය​. 

ඉතිහාසය ලිවූ සුද්දෝ ෆ්‍රැන්සිස් ඩ්‍රේක් ලෝකය වටා ගියේ අහම්බයෙන් මෙන්ම ඔහු මුහුදු කොල්ලකරුවෙකු වූ බව කියන කරුණු වසන් කලෝය​. එහෙත් සත්‍ය ඉතිහාසය යනු හිරු මෙන් අත්ලෙන් වසන් කල නොහැකි දෙයකි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

13 comments:

  1. there is a novel by Wilbour Smith on this charcter. "Monsoon"

    ReplyDelete
  2. උන් ඔක්කොම පල් හොරු තමා.. රටවල් කොල්ල කාලා තමා ඕකුන් දියුණු වුනේ...

    ReplyDelete
  3. තව දිගට ලියන්න තිබ්බ. ඇමෙරිකාව හොයාගත්ත කියන කොලොම්බස්ගේ තෝම්බුව කාරිය

    ReplyDelete
  4. ඉංග්‍රීසිකාරයෝ හිතන්නේ උන්තමා සියල්ල දත් කියලා.ඉතාලි,ප්‍රංස,ජර්මන් කාරයන්ට හිත යටින් ඉංග්‍රීසි එවුන් පේන්න බෑ.යටිකූට්ටු වැඩ,කොටවන වැඩවලට කප් ගහපු එවුන්..ඉංග්‍රීසි.බලන්න ඉතිහාසය.වරක් මා සේවය කරපු ඉංග්‍රීසි රටේ, කෑම වෙලාවේ මම මගෙ සුදු සඟයට කීවා ලංකාවේ මුහුද ශීතල නෑ කියා.මූට විශ්වාස නෑ.අපේ කතාව අහන් හිටපු ලොක්කා,කොම්පැණිය අයිතිකාරයා කීව මං කියන්නේ ඇත්ත කියලා.එතකොට හරි.ලොක්කත් අපි සමගමයි කෑම කන්නේ.රොබෝ තාක්ශනය දැන උන්නත් අනික් පැත්ත දන්නේ නෑ මගේ සුදු සඟයා.අනෙක ඉතිහාසය අපි හදාරන එංගලන්තේ සුද්දා ලියපු එකනේ.(විශේෂයෙන් ලෝක ඉතිහාසය)
    රුවන් අපි ගැන ලියන සමහර දෑ සමහරුනට රිදෙන දේ වෙන්න හැකි.නමුත් ඇත්ත බොහෝවිට තිත්තයි.ඉංග්‍රීසි ජාතිකයෙකු සමග ඔය අයුරින් අපේ එවුන් කතා කරනවා අඩුයි.නමුත් රුවන් ගැන මා දන්න නිසා හිතට ආඩම්බර සතුටක් දැනුනා !

    ReplyDelete
  5. Francis Drake was nick named as The Sea Dog due to his brutal deeds in the sea. The reason Englishmen respect him is he filled the treasury of the Queen with stolen properties. he is not the respectable guy. he is a thief, murderer and destroyer of many first nation cultures in Southern America. According to Sir Stanly Robinson the famous historian, he disappeared in the ship wreck in Atlantic ocean (Robinson.S "The Historic evolution in England" pg.643).

    ReplyDelete
  6. පුදුමයි ඉන්ග්‍රීසිකාරයෙකුට ඒකට තරහ ගිය එක. මං හිතන්නෙ ඒ ඔබ භාවිතා කල Buccaneer කියන වචනය. ඩ්‍රේක්, හෙන්රි මෝර්ගන්, විලියම් ඩැම්පියර් ( මං හිතන්නෙ වෝල්ටර් රැලේත් අයිතියි, හරියටම මතක නෑ මට ) වගේ අයට කිව්වෙ privateers කියලයි. රාජ්‍ය නාවික හමුදාව නොවන පුද්ගලිකව අයිතිවුන සමහර නැව් වලට රජු/රැජින දුන්නා බලපත්‍රයක් commission of war සතුරු රටවල්වලට අයත් නැව් කොල්ලකන්න. ලාබයෙන් ප්‍රතිශතයක් රජයටත් ලැබුනා. අවභාවිතාත් වුනා. ඇත්තෙන්ම නීතිගත කල මුහුදු මංකොල්ලකාර ක්‍රමයක්. ඒ බලපත්‍ර ලැබුනේ ප්‍රභූ, වෙලඳ, ජේෂ්ඨ නාවික වගේ උසස් අයටත් ලැබුනා.
    බුකැනියර්ස් ලා ඊට වඩා පහල ලෙස සැලකුන මුහුදු මංකොල්ලකාරයො. පයිරට්ස් ලා හඳුන්වන (කැරිබියන්ස් පැත්තෙන් පටන් ගත්ත )තවත් නමක්. Real full time professional pirates. හැබැයි යුද කාලයේ සමහර ඇත්ත ෆුල් ටයිම් පයිරට්ස්ලටත් බලපත්‍ර ලැබුනා සතුරු රටවල වෙලඳ නැව් කොල්ල කන්න Letter of marque යටතේ.

    I don't have the time to write much Ruwan but it was a fascinating practice in such a "happening" time, - a particular interest of mine. There were partners to privateering ventures. Sometimes king/queen too was also a partner. The dividends (from the loot) had to be distributed according to the shareholding.

    Btw, thanks for writing this post.

    ReplyDelete
    Replies
    1. පාරාවළල්ලක් වගේ, මේ හා සමානම ඉරනමකට රාජකීය නාවික හමුදාවට මුහුණ දෙන්ට වුනා නේද අමෙරිකානු නිදහස් සටන් සමයේදී.. ෂාන් ලාෆයට් වගේ මුහුදු කොල්ලකාරයින්ගෙ නැවු හමුදාවල සහයෝගයත් එක්කයි අමෙරිකානු නාවික හමුදාව බ්‍රිතාඤ්ඤයට විරුද්ධව සටනට බැස්සෙ..

      ප්‍රා කියෝලා තියේද රිචඩ් බොලිතෝ පොත්? ඒවයෙත් බොහොම හොඳට විස්තර වෙනවා privateers ලා ගැන..

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook