Tuesday, May 8, 2018

මහානාමලා

 

නිදහස ලබා ගන්න වකවානුවේ හොඳ සමාජ ආර්ථික වර්ධනයක පෙර නිමිති පෙන්නන ලද ශ්‍රී ලංකාව වසර 70 තුලදී තුන්වන ලෝකයේ හිඟන රටක් බවට පත් කලේ මංකොල්ලකාරී දේශපාලකයන් පමණක් නොව ඒ සඳහා දූෂිත නිලධාරීන් ද හවුල් වූහ​.  මෑතකදී අල්ලස් ගැනීමට ගොස් හසුවූ ජනාධිපති කාර්‍ය මණ්ඩල ප‍්‍රධානී අයි.එච්.කේ මහානාම වැනි නිලධාරීන් මේ සඳහා උදාහරණ වෙති. 

අයි.එච්.කේ මහානාම යනු තනි පුද්ගල සාධයක් නොවේ. මහානාමලා අපගේ සමාජයේ හතර කොනේ සිටිති. අයි.එච්.කේ මහානාම නියෝජනය කරන්නේ මේ දූෂිත නිලධාරී තන්ත්‍රයයි. අයි.එච්.කේ මහානාම චරිතය ආශ්‍රයෙන් මෙම අනෙකුත් මහානාමලා පිලිබඳ යම් තක්සේරුවක් ලබා ගත හැකිය​. 

මාතර කිතලගම නොදියුණු ගමක දුප්පත් පවුලක උපත ලබන මහානාම ගේ නියම නම ඉඳිකටිය හේවා කුසුමදාසය​. දරිද්‍රතාවය නිසා මොහුව දෙමාපියන් විසින් පන්සලට භාර දෙන්නේ දෙවේලක් හෝ කුස පුරවා ගැනීමට ඉන් හැකි වන නිසාය​. කිතලගම මහානාම නමින් මහණ වන කුසුමදාස පිරිවෙනක ඉගෙනුම ලබා  කැළණිය විශ්ව විද්‍යාලයට ඇතුළු වන්නේ   ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක් හැදෑරීමටය​. 

විශ්ව විද්‍යාලයේදී කිතලගම මහානාම උග්‍ර ජවිපෙ ක්‍රියාකරුවෙකි. ධනපතියන් මෙන්ම ධනපති ක්‍රමය නැති භංගස්ථාන කිරීම සඳහා රතු කොඩි ඔසවාගෙන පෙලපාලි වල ගියේය​. කෙසේ නමුත් උපාධිය ලබා ගැනීමෙන් පසුව හෙතෙම සිවුරු ඇරියේය​. 

රාජ්‍ය පරිපාලන සේවා විභාගයට පෙනී සිටි ඉඳිකටිය හේවා කුසුමදාස  ඉන් සමත් වී  පරිපාලන නිලධාරියෙකු ලෙස පත්වීම් ලැබීය​. ඔහු  අගලවත්ත ප්‍රාදේශීය ලේකම් ලෙසට පත්වීම් ලබා ගනී. ඉන් පසු විවිධ පරිපාලන තනතුරු වලට පත් වෙයි.  ඔහු ඉඩම් අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් වරයාද විය​. 

පරිපාලන සේවාවට අවතීර්ණ වන කාලය වන විට ධනපතියන් සහ ධනපති ක්‍රමය භංග කිරීම් ගැන කතා නොකරන ඔහු ධනය උපයා ගැනීමට කටයුතු කරයි. මේ සඳහා ඔහු නොයෙකුත් දූෂණ වල යෙදේ. මෙලෙස හොර වංචා මගින් උපයා ගන්නා මුදලින් ඔහු කැලණියේ පරණ නුවර පාරෙන් ඉඩමක් මිලදී ගෙන සුවිසල් නිවසක් ඉදි කරයි. එසේම ඉන්දියාවට ගොස් පෙට්ටි කඩයකින් පී.එච්.ඩී සහතිකයක් මිලදී ගෙන ආචාර්‍ය මහානාම වෙයි. තවද තම නම අයි.එච්.කේ. මහානාම ලෙසට වෙනස් කර ගනී.  ඔහු තම පුතාව ඕස්ට්‍රේලියාවේ සරසවියකට යවා පුද්ගලික උසස් අධ්‍යාපනය ලබා දෙන්නේ  තම සරසවි කාලයේදී තමා  නිදහස් අධ්‍යාපනය සඳහා කියමින් පාරවල් දිගේ කරන ලද උද්ඝෝණද අමතක කරමිනි. 

ජනාධිපති කාර්‍ය මණ්ඩල ප‍්‍රධානී තනතුර හොබවන විට අයි.එච්.කේ මහානාම කන්තලේ සීනි සමාගම ඉන්දියානු සමාගමකට දීම සඳහා රුපියල් කෝටි 54 ක අල්ලසක් ඉල්ලා සිටියේය​. එම මුදලින් කෝටි 2 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගනිමින් සිටියදී ඔහු අත් අඩංගුවට පත් විය​. 

මේ එක් පුද්ගලයෙකුගේ චරිත කතාවක් නොවේ. දුගී බව , ග්‍රාමීය පසුගාමීත්වය ,  ජවිපෙ අන්තවාදී දේශපාලනය යන ධාරාවන්ට මුසු වෙමින් තම තම අනන්‍යතාව වෙනස් කරන ලද සහ අතීතය සඟවන ලද මිනිසුන් ගේ කතාවකි. මේ 1956 දරුවෝය​. 

ගම්තුලාවේ උඩුකය නිරුවත්ව සරං කොටයක් ඇඳ සිටි ඔවුන් රාජ්‍ය පරිපාලනයට පත්වී සම්බොඩීස්ලා බව​ට රූපාන්තරණය වන්නේ  නිදහස් අධ්‍යාපනය ලබා දුන් සී.ඩබ් කන්නංගර සහ සිංහල රාජ්‍ය භාෂාව කල බණ්ඩාරනායක යන මිනිසුන් ගේ සරණිනි. එහෙත් ඔවුන් ඒ සඳහා කෘතඥ නැත​. මොවුන් අතිශයින්ම කුහකය​. එසේම වංචාව දූෂණය කෙරෙහි අති මහත් ලොල් බවක් දක්වති. මොවුන් ආගමික භක්තිය පෙන්වති. එහෙත් ඇතුලාන්තය පාපයෙන් වැසී තිබේ. ආගම මොවුන්ව ශික්‍ෂණයට පත් කිරීමට වඩා කරන ලද්දේ මොවුන්ව දෙබිඩ්ඩන් බවට පත් කිරීමය​. මොවුන් ගේ චින්තනය පසුගාමීය​. නවතාවට බියක් දක්වති. එහෙත් හොරකමට වංචාවට බිය නැත​. වැඩවසම් බව නිසා යම් කාලයකදී පීඩිතයන්ව සිටි ඔවුන් වැඩවසම් බවට ආශක්ත වෙති.  ඔවුන්ට රටක් ගොඩ නැගීම සඳහා දර්ශනයක් නැත​. තිබෙන්නේ පුද්ගලික ඇජෙන්ඩාය​. මේ පරිපාලන සේවයේ ඉන්නා මහානාමලාගේ මූලික ස්වභාවයයි. 

අල්ලස් ගැනීම නිසා අයි.එච්.කේ මහානාමව දඞු කඳේ ගැසීමට පෙර මහානාමලා විසින් රටට කරන හාණිය පිලිබඳව ජනතාව වටහා ගත යුතුය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

7 comments:

  1. https://gadyanohothkavi.blogspot.com/2018/05/blog-post_8.html

    ReplyDelete
  2. ඔය එකෙක් විතරය.. මුලු රාජ්‍ය යාන්ත්‍රණයම අල්ලස් ගන්නා, ජරා පගා කාරයන්ගෙන් පිරිලා තියෙන්නේ.. එහෙම නැති එකෙක් හරි හොයා ගන්න ලැබුනොත් ඒක ලොකු ජයග්‍රහණයක්.. මේ විධිහට ගියොත්නම් මේ රට ලෝකයේ තියන අසාර්තකම, දිළිදුම රාජ්‍යය වෙනවා බොහොම ඉක්මනට...දැනටම ඒ දිසාවට වේගයෙන් ගමන් කරණ බවක් තමා පේන්න තියෙන්නේ.. වැඩෙ කියන්නේ මේ ජරා යක්කුන්ට ඒ ගැන ගානක්වත් නැති එකනේ.. තමන්ගේ මඩිය තර කරගන්න හම්බෙනවනම් උන් ගෑනිවත් වෙන මිනිහෙකුට විකුණන ජාතියේ අමන පිම්පියෝ...

    පිට රට මිනිස්සු මුන්ට ඇගිල්ල දික් කරලා බලපල්ලා තොපේ රටේ මිනිස්සුන්ගෙ වැඩ වල හැටි කියලා කියනකොට දැනෙන ලැජ්ජාව... ශිහ්...අම්මපා ඒ වෙලාවට ලාංකික වීම ගැන මාර දුකක් හිතෙනවා...

    ReplyDelete
  3. දුෂණයට රටේ බාගයක්ම සම්බන්ධය .දුශිතයන්ම පාලකයන් ලෙස තෝරා ගැනීමෙන්ම එය සනාථ වේ

    ReplyDelete
  4. මිනිහගෙ සැබෑම තොරතුරු දැනගත්තෙ අදනෙ.මුන් වගේ එවුන් තමයි දේශපාලකයො එක්ක එකටතුවෙලා රට කන්නෙ.

    ReplyDelete
  5. මේ මිනිහා කාර්‍ය මන්ඩල ප්‍රධානියා බවට පත් කර ගත් සිරිසේන වැනි ගෝතයන්ට හරි යන්නෙ මේ වගෙ මිනිස්සු කියල සනාත වෙනව​

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook