Saturday, May 19, 2018

ඊලාම් යුද්ධයේදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ දායකත්වය

ප්‍රභාකරන් ගේ එල්. ටී.ටී.ඊ සංවිධනය ලෝකයා භයානකම ත්‍රස්තවාදී සංවිධානය ලෙසින් වර්ධනය වෙමින් තිබුණි. බොහෝ හමුදා නිලධාරීන් , යුද විශ්ලේශකයන් , මෙන්ම දේශපාලකයන් ද එල්. ටී.ටී.ඊ සංවිධනය කිසි දිනෙක යුදමය වශයෙන් පරාජය කල නොහැකි සංවිධානයක් බව කීහ​. එහෙත්   ත්‍රිවිධ හමුදාව විසින් ප්‍රභාකරන් නසා දමා එල්. ටී.ටී.ඊ සංවිධනය මිලිටරිමය වශයෙන් පරාජය කරන ලදි. මෙම සටනේදී සරත් ෆොන්සේකාගේ භූමිකාව පෙන්වා දිය හැක්කේ කෙසේද ? 

යුද හමුදාපතිවරයා වශයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ යුදමය නායකත්වයද ප්‍රභාකරන් යුදමය වශයෙන් පරාජය කිරීම සඳහා අනවතරයෙන් බලපාන ලදී. ඊලාම් යුද්දය ජය ගැනීමට ඔහු දුන් දායකත්වය අති විශාලය. ජෙනරාල් සරත් ෆොන්සේකා සම කළ හැක්කේ ජෙනරාල් ජෝජ් පැටන් වැනි කඪෝර නමුත් යුද්දයේ දක්ෂ සේනා හසුරුවීමෙහි සමර්ථ සෙන්පතියෙකුට ය. ඔහු උතුරේ යුද මෙහෙයුම් මනාව දැන සිටියේය. කනිෂ්ට නිලධාරින්ට මෙහෙයුම් වලදී ඔහුට බොරු කිරීමට නොහැකි විය. ඔහු ප්‍රභාකරන්ගේ මර්මස්ථාන බිඳ දමන ක්‍රමය දැන සිටියේය. ඔහුගේ යුද උපක්‍රම ප්‍රභාකරන්ට විනාශය ගෙන ආවේය. 

එහෙත් සරත් ෆොන්සේකා යනු දීර්ඝ කාලයක් යුද අත්දැකීම් වලට නිරාවරණය වීම නිසා යුද අාතතියේ ලක්‍ෂණ පෙන්වන්නෙකි. ඔහු තුල පවත්නා හදිසි කෝපය​, චිතාවේගී අසමබරතාව, නිර්දය බව ,යුද්ධයේ දී  අනුකම්පා විරහිත වීම,  පලි ගැනීමේ යොමුව සියල්ලම සඳහා හේතුව ලෙස මෙම පශ්චාත් වියසන ක්ලමථ (PTSD) ලක්‍ෂණ බව පෙන්වා දිය හැකිය​. 

එක් අතකින් මෙම පශ්චාත් වියසන ක්ලමථ ලක්‍ෂණ නිසා සරත් ෆොන්සේකාට තම ඉලක්කය කරා යාම පහසු විය. සරත් ෆොන්සේකාට  ජෙනරාල් කොබ්බෑකඩුවට මෙන් සෞම්‍ය චරිත ලක්‍ෂණ තිබුනේ නම් ජන ඝාතකයෙකු වූ ප්‍රභාකරන් සහ  එල්. ටී.ටී.ඊ සංවිධනය විනාශ කිරීමට නොහැකි  වනු ඇති බව මගේ තක්සේරුවයි. අවසානයේදී ප්‍රභාකරන් හට තම අනූරූපිකයා මුණ ගැසුනේය​. ඉන් ප්‍රභාකරන් ගේ  ගේ අවසානය ලඟා විය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

12 comments:

  1. // අවසානයේදී ප්‍රභාකරන් හට තම අනූරූපිකයා මුණ ගැසුනේය​. ඉන් ප්‍රභාකරන් ගේ ගේ අවසානය ලඟා විය​.//
    ඇත්ත. හැබැයි ඔහු අනුරෑපිකයා කියන්න බෑ. ඊටත් එහා ගිය අයෙක් බවයි මේ හැගිම.

    ReplyDelete
  2. //සරත් ෆොන්සේකාට ජෙනරාල් කොබ්බෑකඩුවට මෙන් සෞම්‍ය චරිත ලක්‍ෂණ තිබුනේ නම් ජන ඝාතකයෙකු වූ ප්‍රභාකරන් සහ එල්. ටී.ටී.ඊ සංවිධනය විනාශ කිරීමට නොහැකි වනු ඇති බව මගේ තක්සේරුවයි.// 100% agreed

    ReplyDelete
  3. ඔහු සැබෑ වීරයෙක්. ඔහුට දේශපාලනය නොකරානම් මේ රටේ මිනිසුන්ගේ ගරුත්වය ඉහල යාවි. ඔහු ගත තීරණ ථීඋ නිසාවෙන්ම මේ යුද්ධය නිමා වූ බව පරම සත්ත්‍යයකි.
    විචාරක දියණිය

    ReplyDelete
  4. මම හිතන්නේ මෙතන කොටස් දෙකක් තියෙනවා.
    යුද්ධය කරන ප්‍රායෝගික සැලසුම නිවැරදිව ඔහුට තියෙන්න ඇති.ලෝක දේශපාලනය තුලින් එන බාධා නවත්වාගන්න කොන්දක් ඇති,බය නැති දේශපාලන නායකත්වයත් ඕනෑ.ඔය දෙකම හරියට නැත්නම් යුද්ධයෙන් දිනන්න බෑ.යුද්ධයක් කරන්නනම් පුලුවන් !

    ReplyDelete
    Replies
    1. මහින්ද සහ ගෝටාගේ දායකත්වයත් අගය කල යුතුයි

      Delete
    2. ලෝක දේශපාලනය තුලින් එන බාධා නවත්වාගන්න ඔහුට සහය වුනේ බැසිල්.... මහින්දවත් ගොටාවත් නෙවෙයි. බැසිල් ගේ ඩීල් නිසා තමා ජාත්‍යයන්තර වේදිකාවේ යුද්ධයට විරුද්ධව ආපු ඒවා නවත්ත ගන්න පුළුවන් වුනේ

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook