Thursday, May 10, 2018

නලීන් ද සිල්වා සහ වාහනය


වරක් මහාචාර්‍ය නලීන් ද සිල්වා සැන්දෑවක මහ පාරේ ඇවිදින්නට ගියේය​. එසේ ඇවිදින විට ඈතින් හෝන් ගහගෙන එන බෙන්ස් රථයක් දුටුවේය​. එම රථය දුටු නලීන් ද සිල්වාට මෙසේ සිතුනේය​

" මා ඉදිරියට වාහනයක් පැමිනෙයි. වාහනය යනු බටහිර විද්‍යාව විසින් නිර්මාණය කරන ලද ප්‍රපංචයකි. බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවකි. බටහිර විද්‍යාවේ  කිසිවක්‌ ඔප්පු කෙරෙන්නේ නැත. එහි දී කෙරෙන්නේ යම් ප්‍රස්‌තුත කිහිපයක්‌ සත්‍ය බව උපකල්පනය කරමින් ඇරිස්‌ටෝටලීය ද්විකෝටික න්‍යායට එකඟ ව තර්ක කර තවත් ප්‍රස්‌තුත ලබාගැනීම පමණ ය.   බටහිර වෛද්‍ය විද්‍යාඥයන් තමන් ගේ ආකෘතියෙහි හිඳ හේතු සොයාගැනීමට උත්සාහ ගනිති. ඒ සඳහා ඊනියා පර්‍යේෂණ ගණනාවක්‌ කළ යුතු ව ඇත. බටහිර විද්‍යාවට හේතුකාරක කවරේ දැයි තීරණය කෙරෙන්නේ ඊනියා නිර්ණායක රාශියක්‌ මත සම්භාවිතා පදනමකිනි. එය බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය වෙයි. බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් හා බටහිර විද්‍යාඥයන් බටහිර විද්‍යාවට ආවේණික වූ ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක්‌ ගැන කතා කරති. බටහිර විද්‍යාවට විශේෂිත වූ ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක්‌ තිබේ.  පංචෙඳ්‍රිය පද්ධතියට හා මනසට සාපේක්‍ෂ ය ඊනියා යථාර්ථයක් තිබිය යුතුයි. ඊනියා මනසෙන් තොර වාස්තවිකත්වයක් ඇති බව පෙන්විය යුත්තේ මනසින් තොරවයි!  බටහිරයන්ගෙ වියුක්තය යනු එකක් නොව දෙකකි. දෙවියන්  සමග සන්නිවේදනයේ දී ප්‍රියන්තා සේනානායක මහත්මිය විසින් මේ බව පෙන්වා දී තිබේ. එම නිසා   නාථ දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීමට විරුද්ධ ව ඊනියා යථාර්ථවාදීන්, ද්‍රව්‍යවාදීන් ආදී එකී නොකී බටහිර අනුකාරකයන් අවි අමෝරා ගෙන ආවද අප බටහිර ස්වාභාවික විද්‍යා පට්ටපල් බොරුවක් බව දනිමු. බටහිර ඥානවිභාගය හා මගේ ඥානවිභාගය අතර ගණු දෙනුවක් නැති නිසාද  සහ බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් නිසාද මම මහා මාර්ගයෙන් අයින් වන්නේ නැත​. වාහනය යනු බටහිර විද්‍යාව විසින් නිර්මාණය කරන ලද මිත්‍යාවකි  "

මෙලෙස කියූ නලීන් ද සිල්වා මහ පාර මැදට වී සිටියේය. වේගයෙන් ආ බෙන්ස් රථය නලීන් ද සිල්වාව හප්පාගෙන ගිය අතර ඔහු විසිවී ගොස් මඞ වලක වැටුනේය​. අසීරුවෙන් මඞ වලෙන් ගොඩ එන ගමන් නලීන් ද සිල්වා මෙසේ මිමිනුවේය " කල යුත්තේ වියුක්තය සංයුක්තය බවට පත් කර ගැනීමයි. උද්ගමනයේ දී සංයුක්තය වියුක්තය බවට පත් කෙරෙනවා.බටහිර විද්‍යාවේ ඊනියා විධික්‍රමයක්‌ නැතැයි අපි කියමු. අප ඒ බව අවුරුදු විසි පහකට අධික කාලයක්‌ තිස්‌සේ ප්‍රකාශ කර ඇත "   

16 comments:

  1. පව් අහිංසක මහාචාර්ය තුමා :)

    ReplyDelete
  2. මෙතන බ්ලොග් එකක් නැත.බ්ලොග් යනු බටහිර විද්‍යාවෙන් ආ තාක්ෂණ ක්‍රම භාවිතා කරන මිත්‍යාවකි.

    ReplyDelete
  3. ඊනියා බටහිර උගතුන් ඔවුන්ගේ ඊනියා විද්‍යාවෙන් ඊනියා කාර් නිපදුවද, ඔවුන් ඊනියා තිරිංග පද්ධතියක් පිළිබඳ නොදැනුවත් බව අප ඊනියා මහාචාර්ය තුමාව හප්පාගෙන යාමෙන් ඔප්පු වේ...

    ReplyDelete
  4. ඒ ෆොටෝ එකේ ඉන්නේ නම් නලින්ද සිල්වා නොවේ, වෙන බූවෙකි!

    ReplyDelete
  5. අපේ ජිනදාස ඉස්කෝලෙ මහත්තයෙනං කාර් එකේ එනගමං මඩවළකට හෝන් ගැහුවා

    ReplyDelete
  6. නලින් ද සිල්වා පිස්සෙක් වුනත් මේ මට්ටමට කෝචෝක් කිරීමෙන් සිදුවන්නේ ඒය සිදුකරන පුද්ගලයා විහිළුවට ලක්කිරීම පමණි -

    ReplyDelete
  7. මහාචාර්ය නලින්ද සිල්වා මහතා කියන ඒවා ඊනියා පඬියන්ට තෙරේ. නමුත් ඔවුන් එලෙස නොපෙන්වන්නේ ඔවුන්ගේ අසත්‍ය( හෙළුව) හෙළිදරව් වන නිසාය.

    ReplyDelete
  8. මේ නලින් ද සිල්වා නෙමෙයි.නොමග යවන ඡායාරූපයක්

    ReplyDelete
  9. Interesting piece. Enjoyed reading it.

    ReplyDelete
  10. නලින්ද සිල්වා භෞතික විද්‍යා මහාචාරියෙක්. ලංකාවේ පදුරකට පයින් ඇන්නාම සිය දාස් ගානක් විසිවෙනවා කලා උපාදි කාරයෝ හෙවත් හංසේ කටපාඩම් කරපු අය. මේ නිසා නලින්ද සිල්වා කියන දේවල් වැඩි පිරිසකට තේරුම් ගන්න බැ කියන කතාව පැහැදිලියි. අඩුතරමින් මේ ජායාරුපයේ ඉන්නේ කවුද කියන ඒකවත් පැහැදිලි නැති කොට භෞතික විද්‍යා මහාචාරියෙක් කියන දේවල් පැහැදිලි වෙයිද? මේ පැගිරෙකුට වැදගෙන ඉන්නේ නලින්ද සිල්වා නොවෙයි මිතුර.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook