Monday, May 7, 2018

කාල් මාක්ස් ගේ අවජාතක පුත්‍රයා

 


වරක් මහාචාර්‍ය රැල්ෆ් බුල්ජන්ස් අනියම් සම්බන්ධයක් නිසා කාල් මාක්ස්ට දාව ඉපදුනු පුතෙකු පිලිබඳව ලිවීම නිසා ඇත්ත පුවත් පතේ කතුවැකියෙන් මහාචාර්‍ය රැල්ෆ් බුල්ජන්ස්ට පහර දී තිබුනේය​. කාල් මාක්ස් ගේ අවජාතක පුත්‍රයා ගැන කතා කිරීමේදී ලාංකික වාමාංශිකයෝ කුපිත වෙති. 

කාල් මාක්ස් සහ ඔහුගේ බිරිඳ ජෙනී වෙස්පාලන් ආර්ථික අසීරුතා මැද ජීවත් වූහ​. ඔවුන් ගේ දරුවන් කුඩා නිසා තරුණ මෙහෙකාරියක වූ  Helene Demuth ගේ සහාය ලබා ගත් අතර කාල් මාක්ස් මෙම මෙහෙකාරිය සමග අයථා සම්බන්ධයක් ඇති කර ගත්තේය​. කාල් මාක්ස් නිසා ගැබ් ගත්  Helene Demuth1851 දී දරුවෙකු ප්‍රසූත කලාය​. ඔහුට ෆෙඩී යන නම තබන ලදි.  කාල් මාක්ස්ට නිබඳවම මුදලින් උපකාර කල ෆෙඩ්‍රික්ස් එන් ගල්ස් මෙහිදී ඉදිරිපත්වී දරුවාගේ පීතෘත්වය භාර ගත්තද ජෙනී එය විශ්වාස නොකලාය​.  එසේම  ජෙනී මෙම සබඳතාව නිසා කළකිරීමට පත් වූවද ඇය කාල් මාර්ක්ස්ව අත නොහැරියාය​. මාක්ස් ගේ අනියම් දරුවා වූ Freddy Demuth  1929 වසර  දක්වා ජීවත් වූ අතර කාල් මාක්ස් ගේ දරුවන් අතරින්  ඔහුගේ න්‍යාය මත  රටක් ගොඩ නැගීම දුටු එකම සාක්ෂිකරුවා විය​.

5 comments:

  1. https://gadyanohothkavi.blogspot.com/2018/05/blog-post_65.html

    ReplyDelete
  2. මෙය සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් නැත .මමද කලකට පෙර මෙය විශ්වාස කල නමුත් එය අසත්‍යයක් යන්න දැන් මා නිගමනය කර තිබේ.එයට හේතු තුනකි.
    1 තමන්ගේ නිවසේ සිටින තවත් ගැහැණියක් සමග සම්බන්ධයක් තිබේනම් එය බිරිඳකට එය සඟවා තැබිය නොහැක .මාක්ස්ගේ බිරිඳ වූ ජෙනි රැකියාවක් නොකළ බැවින් ඇය නිරන්තරයෙන්ම සිටියේ නිවසේය . (මෙය ජෙනි දැන සිටි බවට ඔබ සඳහන් කළද එවැන්නක් පිළිබඳව සටහනක් මා දැක නැත )

    2 හෙලන් ඩෙමුත් මියගිය පසු තමන් අසලින් භූමදාන කරන ලෙස ජෙනි ඉල්ලා තිබුණි. ඔබ කියන අන්දමේ සම්බන්ධයක් තිබුනේ නම් ජෙනි එවැන්නක් කිසි දවසක කරන්නේ නැත .

    3 එංගල්ස් අවිවාහක ජීවත්වූ , මාක්ස් නිවසේ නිතර ආගිය අයෙකු වූ බැවින් ඩේමුත්ගේ දරුවාගේ පියා එංගල්ස් ලෙස අනුමාන කිරීම වඩාත් සාධාරණය .

    4 මාක්ස් සහ බිරිඳ මියයන තුරම දැඩි ලෙස එකිනෙකට ආදරය කල බව නැවත නැවත ලියවී තිබේ.තවත් ගැහැනියක් ඒ අතරට පැමිණියේ නම් දෙගොල්ලන් අතර ගැටුම් ඇතිවීම වැළක්විය නොහැක එහෙත් එසේ වූ බවට සඳහන් ලියවිල්ලක් මා දැක නැත

    ReplyDelete
    Replies
    1. ඔබ මේ ප්‍රශ්නය දෙස බලන්නේ ශ්‍රී ලාංකික සංස්කෘතික ඇසකින්

      Delete
    2. හෙලන් කැමති නම් මාක්සුත් කැමති නම් ජෙනිත් කැමති නම් කාටවත් අව්ලක් අව්ලක් වෙන්න විදියක් නැහනෙ.1981 කාලෙදි ජවිපෙ හිටපු පූර්නකාලීන සාමාජිකයො ටිකක් අධ්‍යාපන සාකච්චාවක් අතර තුර විවේකයේදී හෙලන් මාකස් සම්බන්ධය ගැන කතාතර තියෙනවා. මේක ඇසුන උපතිස්ස ගමනායක ඔවුන්ට බැනවැදිලා.එහෙම තමයි ලංකාවෙ වම්මු

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook