Wednesday, January 4, 2017

සෝවියට් දේශයේදී අපේ ජීවිත ගලා ගිය හැටි




සෝවියට් දේශයේ ඉගෙන ගැනීමට එරට ජනතාව විසින් ශ්‍රී ලංකා ජනතාව වෙත ප්‍රදානය කල ශිෂ්‍යත්ව පිලිබඳ ලෙනින් වත් ස්ටාලින්වත් දැන සිටියේ නැත​. මේ ශිෂ්‍යත්ව ආරම්භ වන්නේ කෘශෙප් සමය අග බ්‍රෙශ්නේව් යුගයේ මුලදීය​. 

මම සෝවියට් දේශයට යන්නේ 1986 වසරේදීය​. මා නිරීක්‍ෂණය කල පරිදි ඒ  කාලේ සෝවියට් දේශයට වැඩි වශයෙන්ම ආවේ ලංකාවේ මධ්‍යම පාන්තික සහ ඉහල මධ්‍යම පාන්තික පවුල් වල ළමුන් ය​. ඉතා දිළිඳු පවුල් වල සිසුන් කිහිප දෙනෙකු සිටි බවද මතකය​. 

ඒ කාලයේ සෝවියට් දේශයේ සිටි සිසුන් ගෙන් යම් කොටසක් දැන් එංගලන්තය , ඔස්ට්‍රේලියාව , ඇමරිකාව කැනඩාව වැනි බටහිර රට වල සිටිති.  බටහිර රටවල සිටින මා දන්නා  සෝවියට් උපාධිධාරීන් කිසිවෙකු සෝවියට් දේශය හෙලා දකින්නේ නැත​. නමුත් සමහරු සෝවියට් සමාජවාදී ක්‍රමය තුල තිබූ නිලධාරීවාදය​, පුද්ගලික නිදහසේ සීමාවන් , සමාජවාදී වෙළඳ පොළ තුල තිබූ භාණ්ඩ හිඟය​, පෝලිම් ගැන ලියා තිබේ. එය වරදක් ලෙස මම නොදකිමි. එය සත්‍ය තත්වයන් පෙන්වා දීමකි. එසේම සෝවියට් සමාජවාදී ක්‍රමය තුල තිබූ සැමට සෙවනක්, සෑම දෙනාටම රැකියාවක් , නිදහස් සෞඛ්‍යය , අධ්‍යාපන සේවා වැනි ධනාත්මක සේවා ගැනද ඔවුන් පෙන්වා දෙති. 

ඒ කාලයේදී සිසුන්ට මසකට රූබල් 90 ලැබුණි. කණිෂ්ඨ වෛද්‍යවරයෙකුගේ ආරම්භක වැටුප රූබල් 120 පමණ වූයේය​. හරක් මස් කිලෝ එකක් රූබල් දෙකක් ද පාන් රාත්තලක් කොපෙක් 15 ක් ද කිරි පයින්ට් එකක් කොපෙක් 25 ද වොඩ්කා බෝතලයක් රූබල් 10 ද වයින් බෝතලයක් රූබල් 3 ද යනාදී වශයෙන් මිළ සටහන් විය​. බිත්තරයක් කොපෙක් 7 කි. ( කොපෙක් 100 රූබල් 1 කි ) 

සිසුන්ට මසකට රූබල් 90 ලැබුනද මේ මුදල් ලංකාවට යැවිය නොහැකි විය​. ඒ මන් ද යත් එකල කොපෙක් 65 ක් ඇමරිකන් ඩොලර් එකක් වූවත් ඒ මිලට කිසිම බැංකුවක ඩොලර් තිබුනේ නැත​. එසේම පිටින් ඩොලර් මිලදී ගැනීම ක්‍රිමිනල් වර්ගයේ අපරාධයක් විය​. මේ නිසා සෝවියට් දේශයේ සිට සිසුන් රූබල් ලංකාවට එව්වා කියා මම නොසිතමි. නමුත් වූයේ එහි අනෙක් පැත්තය​. සිසුන් ග්‍රීෂ්ම නිවාඩුවට එංගලන්තයට හෝ බටහිර ජර්මනියට යන විට ලංකාවේ තම ගෙවල් වලින් ඔවුන් මුදල් ගෙන්වා ගත්හ. මම භාෂා වසර අවසන් කොට ග්‍රීෂ්ම  සමයේ එංගලන්තයේ වෙසෙන මගේ ඟාතීන් ගේ නිවෙසට යන විට මගේ මව මට මුදල් ස්ටර්ලිං පවුම් වලින් එවා තිබුනාය​. මේ මුදල් සෝවියට් බැංකු හරහා එව්වේ නම් ඒ මුදල් මට ලැබෙනුයේ කොල තොගයක් පුරවා ඉතා දීර්ඝ කාලයකට පසුවය​. මේ සෝවියට් බැංකු ක්‍රම වල තිබූ එක් ප්‍රධාන දුර්වලතාවකි. 

සිසුන් ගේ අධ්‍යාපනය සඳහා එක් සෝවියට් වැසියෙක් කොපෙක් එක බැගින් ගෙව්වෝය​. මේ හැර වාර්ශිකව එක්සත් ජාතීන් ගේ අරමුදලට සෑම රටක්ම යම් ගෙවීමක් කල යුතුය​. සෝවියට් දේශය ලෝකයේ බොහෝ රට වල සිසුන්ට නොමිලේ ඉගැන්වීම නිසා එක්සත් ජාතීන් ගේ අරමුදලට වාර්ශිකව ගෙවන ලද මුදලෙන් අධ්‍යාපන වියදම් කපා ඉතිරිය පමණක් ගෙව්වේය​.  

සමාජවාදී ක්‍රමය යටපත් කරගෙන  ධනවාදය සෝවියට් දේශයේ නැගී ආ  කාලයේ ආහාර හිඟයන් තිබුනද 1986 සිට 1990 දක්වා සෝවියට් දේශයේ ආහාර ඉතා සුලබ විය​. එසේම අප බිත්තර ගත්තේ කේස් වශයෙනි. ඇපල් කිලෝ ගනනිනි. චීස් විශාල බෝල වශයෙනි. ඒ කාලයේ මස් වර්ග කිරි අපගේ ආහාර වේල් වල නොවරදවා අඩංගු විය​. 

උදය කෑම අප කන්නේ වෛද්‍ය පීඨයේ කැන්ටිමෙනි. එයට පිටි අඩුවන් සහ මස් වැඩියෙන් දැමූ රසවත් කුකුල් මස් කට්ලට් දෙක තුනක්, පිරිමියෙකුගේ පර්ස් එකකින් අඩක් පමණ විශාල චීස් කැබැල්ලක් , බැදපු බිත්තර දෙකක්, බූලච්කි නමින් හැඳින් වූ බනිස් එකක් සහ තේ එකක් අඩංගු විය​. දහවල් ආහාරය ගන්නේ ස්තලෝවයා හෙවත් වෛද්‍ය පීඨයේ අවන්හලෙනි. එයට සුප් පිඟානක් , බැදපු හරක් මස් හෝ කුකුල් මස් සමග අර්තාපල් ,තම්බපු බිත්තර  ( හෝ සොසේජස් /  මාළු ) සලාදයක් , ස්මෙතානා නම් ක්‍ෂීර ආහාරයක් සමග ඇපල් ජූස් අඩංගු විය​. රාත්‍රියට අප උයා ගත්තෙමු. රාත්‍රී ආහාරයට බත් සමග හරක් මස් හෝ කුකුල් මස් සමග පරිප්පු හොද්දක් හෝ සලාදයක්  ආහාරයට ගත්තෙමු. (මාංශ භක්‍ෂණයට විරෝධය දක්වන්නෝ මා විවේචනය නොකරත්වා. සෝවියට් දේශයේ තිබුන තරමක් කෑම  මාංශමය ඒවා විය​) 

ලංකාවට පැමිනි පසු 1998 පමණ කාලයේ වරක් මම   මගේ පාසල් මිතුරු වෛද්‍ය සිසුවෙකු වූ ජනක් චන්දිම සිරිතුංග  හමු වීමට කින්සි පාරේ බ්ලොම් එකට ගියෙමි. එහිදී බංකර ඇඳක සිටි  වෛද්‍ය සිසුවෙක් ප්ලේන් ටී එකක් සමග  වඩේ එකක් කනවා දුටු විට අප  කුකුල් මස් ගාත් පිටින් කෑ අයුරු මතක් විය 

සමාජවාදී ක්‍රමය යටපත් කරගෙන පෙරෙස්ත්‍රොයිකාව හරහා ධනවාදය සෝවියට් දේශයේ නැගී ආ   1990-91 කාලයේදී වැඩවර්ජන , ගසා කෑම් , කඩාකප්පල් කාරී ක්‍රියා, භාණ්ඩ සැඟවීම් ආදිය නිසා භාණ්ඩ මිල සීග්‍රව ඉහල ගියේය​. ඒ නිසා ඒ කාලයේ රූබල් අනූවකින් සතියක් වත් ජීවත් වනු නොහැකි විය​. බොහෝ සිසුන් විවිධ ක්‍රම වලින් ලංකාවේ සිට මුදල් ගෙන්වා ගෙන ජීවිත ගැට ගහ ගත්හ​. සමහර සිසුන් කම්පියුටර් ගෙනැවිත් අධි මිලට විකුණා ආර්ථික අර්බුධ  බොර දියේ මාළු බෑහ​.  මේ කාලයේ කුකුලෙක් ඩොලර් 5 - 10 අතර වූ බව මතකය​. මේ කාලයේදී මගේ පියා මොස්කව් හි ලංකාවේ තානාපති කාර්‍යාලයේ සේවය කල නිලධාරියෙකු හරහා මට ඩොලර් අට සීයයක් පමණ එවා තිබූ අතර ඒ මුදල් මගින් යන්තම් සිමෙස්ටරයක් ජීවත් වූයෙමි. 

මේ කාලයේ ඉහල යන ජීවන මිල නිසා ලංකාවෙන් පැමිණි එක් දිලිඳු සිසුවියක් අධ්‍යාපනය අත හැර ගියාය​. එසේම කීප දෙනෙක් එංගලන්තයට ගොස් එහි ගල් වූයේය​. එහෙත් 1992 අග වන විට ආහාර බෙදා හැරීම මඳක් ක්‍රමවත් විය 1993 වසරේදී අධ්‍යාපනය අවසන් කොට මම ලංකාවට පැමිණි බැවින් ඉන් පසුව කුමක් වූයේද යන්න නොදනිමි. 

සෝවියට් දේශයේ අඩු ලුහුඞුකම් තිබුනද   පැරණි සෝවියට් සිසුන් බොහෝ දෙනෙකු සෝවියට් දේශයට ආදරය කරති. මා විසින් ලියන ලද ඉවාන් ගේ ලෝකය (විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය ) නවකතාව මා ලියන්නේ 1998-99 කාලයේ සෝවියට් නොස්ටැල්ජියාව නිසාය​. සෝවියට් දේශයේ අධ්‍යාපනය මට  බොහෝ දේවල් දුන්නේය​.  පසුකාලීනව මම එංගලන්තයේ බාන්ස්ලි විද්‍යාලය  කැනඩාවේ හම්බර් විද්‍යාලය,    ඇමරිකාවේ EMDR  ආයතනය,  Washburn University (USA)  ටොරොන්ටෝ විශ්ව විද්‍යාලය,   කැනඩාවේ යෝර්ක් විශ්ව විද්‍යාලය  යනාදී අධ්‍යාපනික ආයතන ගනනාවක සාර්ථකව ඉගෙනුම ලැබුවෙමි.  ඒ බටහිර අධ්‍යාපනය සඳහා මට අන්තිවාරම සකස් කර දුන්නේ සෝවියට් අධ්‍යාපනයයි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

82 comments:

  1. බොහොම ස්තුතියි රුවන් මේ දවස් වල හෙන මද පාරක් යනව සෝවියට් ශිෂත්ව ලාභීන්ටත්

    ReplyDelete
  2. Ajith එතන පොඩි ජෙල පාරකුත් යනවා , සෝවියට් දේශයෙන් ඉගන ගෙන සෝවියට් දේශයට ගරහපු කිසිම කෙනෙක් මෙතෙක් මට හමු වී නෑ . නමුත් කන්ස්ට්‍රක්ටිව් විවේචන තියනවා. මමත් සෝවියට් ක්‍රමයේ තිබූ ඇතැම්අඩුපාඩු ලියා තිබෙනවා.

    ReplyDelete
  3. කතා දෙකක් විතර මතකයට ආවා. කාලය ලැබුණු විගස ලියන්නම්!

    ReplyDelete
  4. මොකද්ද බං සාරසය සෝවියට් උපාධි කාරයොත් එක්ක කොක්ක ඔයහැටි

    ReplyDelete
  5. වෛද්‍යය සාරස මහතා සමග ඔබතුමාගේ ඇති අරෝව මොකක්ද? එතුමාගේ දේශපාලනයට අකැමති නිසා නේද ඔහුට මඩ ගහන්නේ ඔබලා?

    ReplyDelete
    Replies
    1. වෛද්‍ය රුවන් එම් ජයතුංග ,ආදරණීය සෝවියට් දේශය පිළිබද,අලුත් බ්ලොග් සටහනක් තබන්නට ඔබට කාළය වෙන් කරන්න පෙරැත්ත කලේ මගේ ජෙල නිසා බව , මම මෙසේ පොර ටෝක් එකක් දෙන්නෙමි .ඉදිරියේ අජිත් ධර්මකීර්ති වඩාත් ආදරයෙන් සෝවියට් දේශය දෙස ආපසු හැරී බලතැයි ,පොරත්වයෙන් සිතමි .චෙස්ලේවා

      Delete
    2. වජිර මා කිව්වේ ඔබ ගැන නොවේ සමහර වෛද්‍යවරු අප සෝවියට් වෛද්‍යවරු නිසා කැපිල්ල දමති. නමුත් මෙහි මූලය ජෙලකි.

      Delete
    3. වෛද්‍යය සාරස මහතා සමග ඔබතුමාගේ ඇති අරෝව මොකක්ද? එතුමාගේ දේශපාලනයට අකැමති නිසා නේද ඔහුට මඩ ගහන්නේ ඔබලා? ///////////////// වෛද්‍යය සාරස මහතා සමග මගේ කිසි ආරෝවක් නැත​. මම නිර්පාක්‍ෂිකයෙක්මි. ලංකාවේ පක්‍ෂ මට අරහංය

      Delete
    4. //ඉදිරියේ අජිත් ධර්මකීර්ති වඩාත් ආදරයෙන් සෝවියට් දේශය දෙස ආපසු හැරී බලතැ// වජිර මම සෝවියට් දේශය ගැන ලියු ලිපි පෙළක්ම ඔබට පෙන්වූයෙමි. ඒවායේ සාධාරණ විවේචන හැර වෙනත් දෙයක් තිබේද යන්න දැන ගැනීමට කැමැත්තෙමි. ඔබ මට පහර ගැසුවේ ජවිපෙ විවේචනය කළ නිසා යයි සිතමි. ජවිපෙ හා සෝවියට් දේශය ගැන එකක් නොව දෙකක්ය. මගේ කොමෙන්ටුවේ සෝවියට් දේශය ගැන කිසිවක් කියා නැත. ඒ කොමෙන්ටුව සමග ෆේස්බුක් පිළිතුරු වලට අමතරව මෙහි ලියා ඇත. නැවතත් කියමි. සෝවියට් දේශය ගැන මා ලියන්නේ තර්කානුකුලව සහ ඇත්ත ඇති සටියේය. හංගන්නේ නැතිවය. මිනිසුන්ට බොරු කීමට අවශ්‍යතාවයක් නැත.

      වජිර යාපා ගේ කොමෙන්ටුවට "මං තුමා" ඇවිස්සෙයි

      Delete
    5. "සෝවියට් සිර මැදිරියේ සිට" ලියු ඔරුවල බන්දුත් කොපමණ නසරානියෙක්ද බලාගෙන ගියහම .

      Delete
  6. සරල කෙටි සටහනක් උනත් යම්තාක් දුරකට ඒ දවස්වල සෝවියට් දේශයේ විදේශ ශිෂ්‍යයෙක් ජිවත් වූ හැටි ආර්ථික සමාජයීය වශයෙන් දැනගත්ත ඩොක්ට.

    ඒ වගේම එංගලන්තෙත් ටික කලකට කලියෙන් ශිෂ්‍යයෙකුට තිබ්බේ බොහොම අමාරු කාලයක්. මොකට ලංකාවෙන් ලක්ෂයක් ගෙන්නුවොත් පවුම් 450/- වගේ. රෙන්ට් එක ගෙවල බස් පාස් එක දැම්මහම බඩු බනිස්.

    දැන් නම් පොඩි ආඩම්බරයකුත් තියෙනවා. මිලියනයක් ණයට අරං ඇවිත් ඒකත් ගෙවල අවුරුදු 4ක් යුනි සල්ලිත් කොහොමහරි හම්බ කරල ම ගෙව්ව. ගෙවල් අස් කලා. වාහන හේදුව. තණකොළ කැපුවා. නාට්ටාමිගේ රස්සාවත් කලා.

    හැබැයි ෆේස් බුක් එක බදාගෙන එංගලන්තේ ජිවත් උන ලංකාවේ සමහරක් ශිෂ්‍යයොන්ගේ අවසාන කාලයත් අවසාන වෙනකං ඉවසගෙන බලාගෙන හිටිය.

    මටත් යන්ට ආසාවක් තිබ්බ රුසියන් විශ්වවිද්‍යාලයකට. කොහොමහරි වැඩේ කෙල උනා. ඒ වගේම පුටින් මහත්තයටත් මම ගොඩක් කැමතියි.

    ReplyDelete
    Replies
    1. ////දැන් නම් පොඩි ආඩම්බරයකුත් තියෙනවා. මිලියනයක් ණයට අරං ඇවිත් ඒකත් ගෙවල අවුරුදු 4ක් යුනි සල්ලිත් කොහොමහරි හම්බ කරල ම ගෙව්ව. ගෙවල් අස් කලා. වාහන හේදුව. තණකොළ කැපුවා. නාට්ටාමිගේ රස්සාවත් කලා./////////

      ටිලාන්....උඹට ජයෙන් ජයම වේවා!!! සියලු ශක්තිය ලැබේවා!!

      Delete
    2. තැන්ක්යූ වේවා. ඔබතුමාටත් සාර්ථක සුභ වසරක් හැමදාටම සුභ වේවා.. 🙏 චියර්ස් වොඩ්කා 🍻

      Delete
    3. Tilan ඔබලා වැනි සිසුන් ආඩම්බරයකි. මහපොල අරගෙන නවක වද කරමින් පාරවල් බ්ලොක් කරන සරසවි සිසුන්ට ඔබලාගෙන් බොහෝ දේ ඉගෙන ගැනීමට තිබේ

      Delete
    4. ඩොක්ට. ඔබලාත් ඔය වැනි තනතුරු වලට පැමිණීමට කාල ඇත්තේ සුළු පටු කට්ටක් නොවන බව අත්දැකීමෙන්ම දනිමි. ඉදිරියටත් සුභ පැතුම්. 🙏..

      Delete
    5. ටිලාන් එල කොල්ලෙක් නෙ...
      මෙහෙ වැඩේ තියෙන්නෙ කැම්පස් යන ගමන් කීයක් හරි හොයාගන්න ටියුශන් එකක් කලත් ඒකත් බුකියෙ දාලා කිණ්ඩි දාන එකනෙ සිද්ධ වෙන්නෙ.

      Delete
    6. ගස්ලබ්ස්.....මෙහේ කතාවල ඔය වගේ ටිලාන්ලා ඉන්නවා. ඒක ලංකාවේ අයට විතරක් නෙමේ, ඕනම කෙනෙකුට සාමාන්‍ය දෙයක්. ඒකයි ටිලාන්ලගේ තියෙන වටිනාකම. අතට පයට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. ලොකු කට්ටක්. සමහරු මේවා පුම්බලා පෙන්න්නනෙ. ටිලාන් පෙන්නන්නේ රියල් ලන්ඩන් ලෝකය. ටිලාන්ලා ඇත්ත කතාකරන එක ගැන සතුටුයි. හැමෝම වැඩ මල්ලි..හැමෝම වැඩ. හිමෙත් වැඩ. වැස්සෙත් වැඩ. ගෑනුත් වැඩ...පිරිමිත් වැඩ.

      Delete
    7. නෝ වර්ක්- නෝ මනි
      නෝ මනි- නෝ හනි.......නෝ හනි විතරක් නෙමේ බඩට පාන් පෙත්තක් හොයාගන්න නැහැ..මේ ඇත්ත කතාව වෙලාවක ලියන්න ඕන. මගෙ වයිෆ් වැඩ කරන තැනට කිරි ඩිලිවරි එක අරන් එන සුද්දාගේ වයස අවුරුදු 77යි. හස්බන්ඩ් ඩ්‍රයිවින්ග්. වයිෆ් බඩු බාන්න උදව් වෙනවා. වයස 72යි. ඔය දන්න උදාහරනයක්. වැඩ...වැඩ. මම වැඩ කරපු තැනක ජෙනරල් ක්ලීනිං වලට ආවා සුද්දෙක් ජෝන් කියලා. ගමේ බෑන්ක් එකේ හිටිය මැනේජර්. රිටයර් වුනාට පස්සේ අපේ තැන ක්ලීනර්. සල්ලි නැත්නම් මේ රටවල හුලං විතරයි ගස් ලබ්බෝ. මම කතා කරන්නේ සාමන්‍ය මිනිස්සු ගැන.

      Delete
    8. ඔව් අරූ අයියෙ.. ගස්ලබ්බගෙ අක්කත් දැන් කාලයක් විදේසෙ.මෙහෙ ඩිග්‍රියට කොරන්න පුළුවන් බක්කක් නැති නිසා එහෙ ඉගෙනගන්න ගමන් වැඩ.අයියා කාරයා පිට්සා ඩිලිවරියෙ ඉඳන් කෝටියක් වැඩ.
      එකම දේ මහන්සියට සරිලන ගානක් එන සිස්ටම් එකක් රජයෙන්ම හදලා තියනවා.
      ලංකාවෙ ලේබර් ෆෝස් එක අඩුයි කියල මැරෙන්නැතුව ෆැක්ටරි වල පුළු පුළුවන් සෙක්ශන් පාර්ට් ටයිමර්ස් ලට දෙන්න සෙට් කලා නම් ෆුල් ටයිම් ඕන ජොබ් වලට කට්ටිය නිකන්ම යැවෙනවා.පාර්ට් ටයිම් අය නඩත්තු කරන කොම්පැණි ධයිර්යමත් කරන බදු සහන වගේ දීල නග්ගලා ගන්න පුළුවන්.

      Delete
    9. ටිලාන් සභා පැතුම්. මගේ දෙවෙනි ඩිග්රි එක කරන කොට ඔය වගේ කට්ටක් මාත් කෑව. වැඩ කරන ගමන් ඉගෙන ගත්තේ. පුදුම කට්ට.

      Delete
    10. ගස් ලබ්බෝ. අරූ අයිය, ඩොක්ට රුවන් සහ අජිත් අයිය. උදේ හිතුව මේකට දාන රිප්ලයි එකක්.

      මම ලංඩන් ඇවිත් මුල් මාස 7ටම ජොබ් එකක් තිබ්බේ නැහැ. අතේ තිබ්බේ පවුම් 400/-.

      ඒක ඉවරවේගෙන එනකොට හැන්ඩි මෑන් කියල ලේබල් ඩිසයින් කරල ප්‍රින්ට් කරන් කින්ස්බරි පාරක් පාරක් ගානේ ගෙවල් වලට බේද බෙද ගිහිං පවුම් 3ට වැඩ කළා.

      පස්සේ පාට් ටයිම් ජොබ් එකක් හම්බවෙලා එතනට යනකොට එතන ලංකාවේ ශිෂ්‍යයෝ 11ක් හිටිය.

      මම කොහේ ගියත් ගිය වැඩේ කරගෙන සද්ද වහල එතන දිග පළල හොයන්නෙ නැති මනුස්සයෙක්.

      හැබැයි ඔය කියන ලංකාවේ සෙට් එක හිටියෙ ගැන්සියක් වගේ. කොහොමත් මම මගේ පාඩුවෙ වැඩ කරගෙන ඉන්න නිසා "සුද්දන්ට *ක දෙන" වගේ අතින් පයින් නොගහ මානසික ඇතින් බිමටම දාන්න හැදුව. ඒත් සද්ද වහල හිටිය.

      ටිකෙන් ටික ඔය ලංකාවේ ගැන්සියේ එකා දෙන්න අදාල ආයතනයේ හොරකං වලට අහුවෙලා රස්සාවෙන් අයින් කලත් අන්තිම එක්කෙනත් එක්කත් මම ජයග්‍රාහී 5 වෙනි අවුරුද්දත් සේවය කළා.

      බඩු හොරකං කරල දුන්නොත් 60% ගෙවනව කියල ප්‍රොපෝසල් ආවත් ස්ථිරවම ප්‍රතික්ෂේප කල නිසා වූ කරදරත් සුළුපටු උනේ නැහැ.

      මම ඔහු එක්ක කතා නොකරත් මම වැඩ කරනව කියල දන්නවනම් ඔහු හැම පැයකට සැරයක්ම මගෙ ලඟට ඇවිත් නෙගටිව් දේවල් වලින් මගේ ඔළුව පුරවන්ට මාරාන්තික සටනක් දුන්න. ඒත් මම මම උනා මිසක් ඔහු උනේ නැහැ.

      එච්චරට සැලකිලිමත්වූ මටත් කිහිප වතාවකදී කිහිපදෙනෙකුගෙන් පවුම් 6000/- විතර අලාබත් උනා.

      ලංකාවේ මෙහේ ගොඩක් තරුණ උදවිය මෙහේ ඇවිත් නන්නත්තාර උන හැටිත් හොඳට දැක්ක. දෙමව්පියන් ගේ සල්ලි නයිට් ක්ලබ් අරක්කු සිගරට් මත්ද්‍රව්‍ය වලට වියදං කරල හිස් අතින් ගිය අය, ලංකාවේ ගෑනි ළමයි ඉද්දි මෙහේ ලිවින්ටු ගෙදර් ඉඳල අවුරුදු 12කින් හිස් ඇතින් ගිය අය තමන්ට පිළිකාවක් තියෙනව කියල බොරුවට දුක විකුණපු අය...අම්මෝ නන්දන වින්දන.

      දැනුත් ෆුල් ටයිම් ජොබ් එක කරන ගමන් පාට් ටයිම් සතියකට දවස් තුනක් කුණු එකතු කරල විසි කරන ජොබ් එකක් කරනව.

      Delete
    11. දවසක් කොහොමහරි අම්මට ඕක ආරංචි වෙලා අඬ අඬ මට කෝල් කරනකොට මම කිව්වෙ "අම්මේ, ඔහෙල ඔහොම හිතන පතන විදිහ මට වෙනස් කොරන්ට බැහැ" කියල.

      පසුව මගේ දෙමව්පියන් ඇමෙරිකාවේ ජීවත් උනත් අත්දැකීම් ලැබුවත් තවමත් මට කියන්නෙ "අනේ පුතේ, සල්ලි නැත්නම් මම එවන්නම්. ඔන්න ඔය රස්සාවෙන් අයින් වෙයං" කියල.

      මෙව්වා සංවර්දිත රටවල් බං. ඒත් මේවයෙත් සාමාන්‍ය ජනතාව කළු සුදු ගැහැණු පිරිමි වයස බේදයක් නැතිව කුණු ඇදීමේ සිට බස් එළවීම දක්වාම කරනව.

      ඒත් ලබ්බෝ, උබට හෙට ලක්ෂයක් දෙන්නම්. කුණු එකතු කරපං මහපාරේ, කිව්වොත් උබේ කැමැත්ත තිබ්බත් පවුල් පසුබිම පරම්පරාවේ ගෞරවය කියන බැරියර් නිසා උබට කරන්න බැහැ. එකයි අපේ රටවල් වලට කෙලවෙලා තියෙන්නේ. අනික අපේ උද්දච්ච කම.

      මෙහේ මගේ නන්දා කෙනෙකුගේ දුවෙකුත් ආව ඉගෙනගන්න. හැම මාසෙම ලංකාවෙන් මෙහෙට සල්ලි එවනකොට මගේ අම්ම තාත්ත පුදුමෙන් ඇහුවේ ඔහේ කොහොමද ජීවත් වෙන්නේ කියල.

      මොකද මට නැති උනත් මම දන්නව එයාල නය වෙලා හරි එවනව කියල. ඒත් අද වෙනකං මම සත පහක් ගෙන්නාගෙන නැහැ.

      මම මුලින්ම වැඩකලේ ලන්ඩන් වල රිටේල් ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රසිද්ද සමාගමක වෙයා හවුස් එකක. ඒකෙ ඒ දවස්වල උස්සපු කරගහපු වොෂින් මැෂින් බයිසිකල් මයික්‍රෝවේව් වල ආනිසංස වල පිහිටෙන් 1015 ඔක්තෝම්බර් මාසෙදි දරුණු කොන්දේ අමාරුවක් ආව. මාස 4ක් 5ක් රස්සාව කොරන්ට බැරුව පිසියෝ තෙරපි ගිහින් බොහොම අමාරුවෙන් හොඳටම හොඳ කරගත්ත. හැබැයි ඒ කිසිම දෙයක් ලංකාවේ අම්ම තාත්ත දන්නෙත් නැහැ. මොකද කිව්ව කියල ඒ මිනිස්සු කලබල වෙනව මිසක් මෙහෙට ඇවිත් මගේ වැඩ කොරල දෙන්න බැහැනේ. ඕක යථාර්තය බං. හැම කට්ටම ආතල් විදිහට හිතල කන මම, මේ කට්ටත් ෆුල් ආතල් එකට අරං තනියම කෑවා.

      Delete
    12. අනික මම ගියෙත් බොහොම හොඳ ජනප්‍රිය පාසලකට. එන්න කලින් නං මෙහෙ හිටිය ඇවුන් කිව්වේ වරෙන් ටික්කා. අපි ඉන්නවා. රස්සා එකක් නෙමෙයි දෙකක් සෙට් කොරන්නම් කියල.

      ඒත් ඇවිල්ල රස්සා ඉල්ලන්නත් කලින් කොහොමද මචං මම මේ ටික්කා කතා කරන්නෙ කියල අහල පලවෙනි කෝල් එක දුන්න විතරයි එදා ඉඳල ෆෝන් එකට ආන්සර් කරන්නේ නැහැ. එතකොට පට්ට ආතල් නේ..

      පස්සේ ඔක්කොම කොරගත්තට පස්සේ අහනව අඩෝ ටික්ක වරෙන් අපේ ගෙවල් පැත්තෙ කියල. එතකොටත් පට්ට ආතල් නේ..

      මෙහෙ එන්න උදව් කරන්ට කියල ඉල්ලපු යහළුවො දෙතුන් දෙනෙකුත් තරහ උනා.

      මොකද මම හොඳටම දන්නව යාළුවො උනත් ඕන කට්ටක් වින්දින්නම් කියල ආවට මේ මම කාපු කට්ටෙන් බාගයක් කන්නෙත් නැහැ. අනික අන්තිමට අතින් දීල හරක් බලපු කේස් එකක් වෙන්නෙ කියල. මොකද දැනටමත් එහෙම පෝරියල් එකක් කෑවා.

      හොඳම යාලුවගෙ පුංචි කෙනෙක්ගේ දුවක් එනව කියල තැනක් හොයල දෙන්න කිව්ව. ඔක්කොම සෙට් කොරල දුන්නට පස්සේ තෑන්ක් යු කියන්නෙත් නැතිව සතියක් දෙකක් ගියා. මෙන්න දවසක් උදේ යාළුවගේ පුංචි ගෙන් මට කෝල් එකක්. "තෝ කොහෙද මගේ දුවත් එක්ක ඊයේ රෑ ගියේ??" කියල. එතකොට නම් මට මළ හොඳම එකෙන්. මටනං කියවුනේ "ඇන්ටි මේ, තමුසෙ මගෙන් කුණුහබ්බ දෙකක් අහගන්ට එපා. තොගෙ දුව ඉන්නෙ මැන්චෙස්ටර්. මම ඉන්නේ ලන්ඩන්. ඒක දුවටම කෝල් කොරල අහගනින් කියල.

      අනික මේ දවස්වල රුසියන් අද්‍යාපනය ගැන ලොකු කතාවක් යනව.

      මට රුසියාව ගැන දැනීමක් නැති උනත් වෙනමම භාෂාවක් කතා කරන රටකට ගිහින් ඒ භාෂාවත් හරියටම ඉගෙන ගෙන ඒ භාෂාවෙන්න ඉගෙන ගෙන විභාග පාස් වෙන එක කෙසේ වෙතත් -20 වගේ වින්ටර් එකක් තියෙන රටක ඉගෙන ගැනීම වගේම ජිවත් වීම ගැනත් ඒ උගතුන්ට ගෞරව කොරන්ට ඕන, දැන් මෙහෙ -1.

      නිමි.

      Delete
    13. මේ අත්දැකීම් පොතක් ලෙස ලිවිය යුතු ඒවා වෙයි. මම වෛද්‍ය සිසුවෙකු කාලයේ ලන්ඩන් වල විම්පි රෙස්ටුරන්ට් එකේ වැඩකරලා ඒකෙන් හමුවූ මුදල් වලින් ඩිලන්ස් පොත් සාප්පුවෙන් මුලු වෛද්‍ය කෝස් එකට අවශ්‍ය ඉංග්‍ර්‍රිසි පොත් මිලදී ගත්තා.

      Delete
    14. මම ගුගල් සර්ච් කලා. ඩොක්ට පොත් ගත්ත ෂොප් එක 1999 දී වහල.

      https://en.m.wikipedia.org/wiki/Dillons_Booksellers

      ඒත් වෙන කෙනෙක් රන් කරනව වගෙ වොටර්ස්ටෝන්ස් කියල.

      මිනිස්සු ස්ථාන ගැන ගුගල් කිරීම මට පුරුද්දක් වෙලා.

      ඒත් හැම සෙනසුරාදාම මම වැඩ කරන්නෙ ඩොක්ට ලෝකේ පොහොසත් සුප්‍රසිද්ද මිනිස්සුන්ට. ගායකයෝ, නිලියෝ, උන් අපිටත් වැඩිය සරළයි.

      දැක්කනේ. එක දොරක් වැහෙද්දී තව දොරවල් 100ක් ඇරෙනව ..

      Delete
    15. ඒක ඇත්ත ටිලාන් මලේ. ඕක මටත් වෙලා තියනවා. අර ලංකේ සෙට් ගැන කතා ඇත්ත. මම කාලයක් හොටෙල් එකක මැනේජර් කමක් කලා. ලංකාවේ උන්දැලා ගොඩක් දාගත්ත. ප්ලැබ් කරන්න අපු දොස්තරවරුන්ගේ ඉඳන් රුසියාවට ඇවිත් වීසා අරන් පැනපු ගෙඹි රජවරු ඇතුළු බොහොමයක්. හැබැයි කස්ටිය දුන්නේ නැතෑ මට ගේම. හොටෙල් ජාලය අයිති ගෑනිට කේලම් කියනව. ඊටපස්සේ රාවය අරිනවා මම කිව්වා කියල. ඒ දවස් වලත් අදේවවාදිය වුනාට මොකද දෙයියන්ගේ පිහිටෙන් ගැහැණු දරුවන් ගෙන් වේලිල්ලක් තිබුනේ නැහැ කියහන්කෝ. ලිතුවේනියන් කෑල්ලක් හිටිය. මෙන්න මුන් මම ඒකි කාමරේ තියාගෙන ඉන්නව කියල ගැනිට කියල ගෑණි මහා රෑ කඩා පනින හමුදාවක් එව්වා කියහන්කෝ. අන්තිමට ඒකත් මගේ වාසියටම හරවා ගත්තා. මෙන්න අයිතිකාරි මට කියනවා ඒ ගෑනිගේ පුතාට රුසියන් බ්‍රයිඩ් කෙනෙක් හොයල දෙන්නලු. කොහොම හරි අන්තිමට මම දමල ගහල යන්න ගියා. ඔලුව ගහගෙන ඉන්න දුන්නෙම නැහැ. ඕව ඔහොම තමා. අන්තිමට කාගෙන ගියහම හරි. මේ රටවල් වල හොඳේ ඒක. ධෛර්ය වන්තයට චාන්ස් එක තියනවා.

      Delete
    16. දැන් එතකොට අජිත් අයියේ ඔයාටම හිතෙනවද තවත් මිනිස්සුන්ට උදව් කරන්ට? අඩුමතරමේ කථාබහ වත් කොරන්ට.

      මගේ නං ඒ ජාතියේ සෙන්සර් ගැලවිලා (ගලවගෙන) සෑ....හෙන කල්.

      එක දෙයක් තේරුම් ගත්ත. මට මිනිස්සුන්ව කියන ජාතිය තේරුම් ගන්ට බැරි බව.

      ඒක නිසාම (වරදවා තේරුම් ගන්ට එපා. හොඳ මිනිස්සුත් ඉන්නව) මිනිස්සුන්ව ආශ්‍රය කරන එක ටිකක් නෙමෙයි 100% ම අඩු කළා. රැවටිලා ලණු කාල ඇතිම උනා.

      Delete
  7. ඇයි ඉතා ලාබ මුදලකට අපි මුද්‍රා නාට්‍ය සහ චිත්රපටි බලපු හැටි. මම හිතන්නෙ නැහැ ලෝකේ කොහෙවත් එවැනි \සහනදායක මිලකට එම ආශ්වාදය ලබන්න පුළුවන් කියල.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි මට ඒ කොටස එක් කරන්න බැරි උනා . මම ජර්මන් චෙක් , යුගොස්ලෝවියා චිත්‍රපට බැලුවේ එහෙදී

      Delete
    2. ඇත්ත නිමල්. මේ දේවල් හැම එකක් ගැනම මම ලියාගෙන යන නවකතාවේ තියනවා.

      Delete
  8. මාත් ගිය ආත්මේ රුසියන්කාරයෙක්ද කොහෙද

    ReplyDelete
    Replies
    1. ඇයි වොඩ්කා බොන්න ගායක් තියන නිසාද ?

      Delete
  9. ඔය චෝදනාවන් කරණ හැම ඒකාමත් මෙහෙ නොමිළේ අජ්ජාපනේ ලබාපු උන්මනේ... ඒකයි හොඳම විහිළුව...

    ReplyDelete
  10. සියල්ල අඩුවෙන් හෝ නොමිලේ දීමත් තවත් රටවල් නඩත්තු කරන්නට යාමත් සෝවියට් දේශය කඩ වැටීමට බලපෑ එක් අතුරු හේතුවක් විය හැකියි.

    ReplyDelete
  11. ස රසා හා අජිත් දෙන්නම මගේ හිතවතුන්...

    උන් දෙන්නම එක වගේ කියලත් මම දන්නවා..

    හොඳම දේ උඹලා දෙන්නා වෙලාවක හම්බ වෙන එක..

    මේවා අනවශ්‍ය දේවල්.. දෙන්නම් බ්ලොග් ලියහල්ලා..

    තමන්ගේ මට්ටම් තට්ටමේ එල්ල ගනිල්ලා...

    දන් බොහෝ දෙනෙක් ඉයන් දෙයියා ළඟ පොරොන්දු උනා නේද පෞද්ගලික මඩ ගැසීම වලට යන්නේ නෑ කියලා..

    මේක අපේ ගෝත්‍රික ගතියේ ලක්ෂනයක්..

    අපි කොහොමද බං උඹලට උගත්තු කියන්නේ...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. මට කෙලින්න එන ඕන එකෙකුට මම කෙලිනවා.. ඒත් මට කෙලියයින් පස්සෙ..

      මම කාටවත් කෙලින්න ගිහින් නෑ කවදාවත්.. මම එහෙම දෙයක් මුලින් කරලා තියෙනවා නම් පෙන්වන්න.. බ්ලොග් ලිවිල්ල නවත්තනවා..

      දැන් ප්‍රශ්ණේ වෙලා තියෙන්නේ අපිට අවවාද කොරපු අය ඒවයේ පැටලෙන එක..

      ඕකට තමයි කියන්නේ කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල කියලා..

      හැමෝටම එළෝ පොල් පෙන්නේ තමන්ට කෙල උනාම..

      Delete
    4. ලංකාවේ ගයිඩ්ලට ඩිග්‍රි තියෙනවද දන්නේ නම් නෑ

      ඒත් බ්ලොග් ලෝකේ "හතර දෙනාම පොන්නයෝ" ට නම් ඒවා තියෙනවා...

      Delete
    5. හතර දෙනාම පොන්නයෝ

      කතන්දර
      පොන්න සිරා
      රාජ්
      ඉකොනොමැට්ටා

      Delete
    6. මාතා....මරාගන්න එවුන්ට මරාගන්න දීලා උඹ පැත්තකට වෙලා ඉඳපන් මචං. මේ ජෝකර්ලා ඔක්කොටම තියෙන්නේ මහන්තත්තේ සහ උඩඟුකම. මොන උගත්තු උනත් මුන්ට මොලේ නැහැ. මේවට බෙහෙතුත් නැහැ. කටින් බතල උගත්තු. ලැජ්ජයි.

      Delete
    7. //මට කෙලින්න එන ඕන එකෙකුට මම කෙලිනවා.. ඒත් මට කෙලියයින් පස්සෙ.. // මාතා මට ෆ්ස් බුක් එකේ විරාජ් යාපා විසින් කල බොරු චෝදනාවකට සහ මඩ ගැසීමකට ම පිළිතුරු දුනිමි. එහි පලවූ ඇතැම් මඩ සරසගේ බ්ලොගයේ දම තිබුණි. මම එයට පිළිතුරක් දුන්නේ නැත. නමුත් සරසා වෙනම බ්ලොග් ලිපියක් ලිවූ පසු මම විරාජ්ට හා සරසට පිළිතුරක් ලියුවෙමි. එහි කාටවත් කුණුහරපෙන් අතර කියා ඇත්තේ සත්‍යයයි. වජිර 1994 මුදල් දී කීව් නගරයට ගිය අයෙකි. ඔහු සෝවියට් දේශය ගැන දන්නේ නැත. ජවිපෙ හිතවතෙකි. ඔහු ෆේස්බුක් හි ම සෝවියට් දේශයට බන වැදී ඇති පොර ටෝක් දී ඇති කීවත් ම කීවේ ඇත්තක් පමණි. ඔහුගේ සහෝදරයන් ගෙන් ලලිත් ජරමිනයට් ගිය අතර නාරද යාපා ලන්ඩනයට පැමිණියේය.

      Delete
    8. අනුර පෙරේරා අපට මොලේ නැතිවෙන්න පුළුවන්. ඔයා ට මොලේ තියනවනේ. ඒක තියාගෙන හොඳින් ඉන්න. මට කවුරුහරි අභූත චෝදනාවක් කළොත් එයට පිළිතුරු දීමට මට අයිතියක් තියනවා. මා භාවිතා කලේ එයයි. අපේ තිබු සොඳුරු මිත්‍රත්වය තවමත් මතක හෙයින් වැඩිදුර කිසිවක් ඔබට කියන්නට යන්නේ නැහැ.

      මාතා රසික ඔබට අපහාස කරන කොමෙන්ට් ඉවත් නොකිරීම වැරදි බවට ඔබ හා එකඟ වුනා සේම ඒ බව රසිකට ද කියුවෙමි. මා ඔබට කිවේ තවත් දිග දුර ගෙනියන්න එපා කියා පමණකි. ඒ බව රසික ටද කියුවෙමි. එතනින් එහාට ඒ ගැන මා කිසිම ඇඟිල්ලක් ගැසුවේ නැත. ඔබලා දෙදෙනාම මට වඩා මෙහි "සීනියර් " ලා බැවිනි.

      Delete
    9. ට්‍රීං..ට්‍රීං.......මාගේ යෝජනාව මාතා හෙවත් මාතලන්ට පමනි. එයත් යෝජනාවක් පමනි. ට්‍රීං..ට්‍රීං.

      වලිගෙ ඉතුරුවෙන්න කාගත්තත් අපට මොකෝ. ලාබයි...ලබයි..අලුත් අවුරුදු ඉස්පැශල්..

      Delete
    10. වැඩේ කියන්නේ අපොස සමත්ද , ඩිග්රි තියනවද නැත්ද කියල හොයල නෙමේනේ අපි යහළුවෝ ආශ්‍රය කරන්නේ. අපි ආශ්‍රය කරන්නේ මිනිසුන්ව. නමුත් ඉරිසියා ව කියන එක කොතරම්ද කියල තේරෙන්නේ මේ වගේ අවස්ත්වල තමයි. වජිර යාපා ට වුනෙත් ඒකයි. මෙතන වෙන්නෙත් ඒකයි. සරසා කරන්නේ වෙන ප්‍රශ්නයකින් ප්‍රයෝජනයක් ගණන් එක. එපමණයි.

      Delete
    11. උඹ මට දෙයක් කිව්වා වගේ මමත් උඹට යමක් කිව්වා එච්චරයි..

      උඹලා කියනවා වගේම මේවා මහා ගූ වැඩ.. මම කළත් මොකා කළත්..

      Delete
    12. This comment has been removed by a blog administrator.

      Delete
    13. This comment has been removed by a blog administrator.

      Delete
  12. අපේ රටෙත් නිදහස් අධ්‍යාපනේ පිහිටෙන් ගොඩ ගිය උන්මනේ ඒක නැති කරන්න ඕන කියන්නේ.

    ReplyDelete
  13. නිලධාරිවාදය හා ඒකාධිපති පාලන ක්‍රමය නැත්නම් ධනවාදයට වඩා සමාජවාදය හොද බව පැහැදිලියි. ධනවාදය මගින් මිනිසා දූෂනය කරන සැටි ගැන පෙරෙස්ත්‍රොයිකාවෙන් පසු සිදුවුන දේ සාක්ෂියි.

    ReplyDelete
    Replies
    1. මානුෂික වාදයක් අවශ්‍යයි

      Delete
  14. ///ලංකාවට පැමිනි පසු 1998 පමණ කාලයේ වරක් මම මගේ පාසල් මිතුරු වෛද්‍ය සිසුවෙකු වූ ජනක් චන්දිම සිරිතුංග හමු වීමට කින්සි පාරේ බ්ලොම් එකට ගියෙමි. එහිදී බංකර ඇඳක සිටි වෛද්‍ය සිසුවෙක් ප්ලේන් ටී එකක් සමග වඩේ එකක් කනවා දුටු විට අප කුකුල් මස් ගාත් පිටින් කෑ අයුරු මතක් විය ///
    What are you trying to prove by comparing what you ate and what this medical student ate?

    ReplyDelete
    Replies
    1. SL meds are shitheads...

      Delete
    2. No that is not true ; its all about nutrition

      Delete
  15. මේ මචන්, වෙලාවක සෝවීයට් දේශයේ බඩු ගහපු හැටි ගැනත් ලියනවද?

    ReplyDelete
    Replies
    1. වැල පත්තරයක් බලන්න....

      Delete
    2. ඔය ගැන මම ලියලා තියනවා. ( බලන්න සුද්දියෙකුට පෙම් කලෙමි පෝස්ට් එක​) මම දකින අකාරයට ලංකාවේ විවි සිසුවා තුල ලිංගික අසහනකරී තත්වය්ක් තියනවා ඒකයි බොහෝ විට ඔවුන් නවක වදයට ප්‍රචන්ඩත්වයට බර​. නමුත් යුරොපියානු වි වි වල ලිංගික නිදහස තියනවා එම නිසා ඔවුන් තුල ප්‍රේමය වැනි මානව හැඟීම් වර්ධනය වෙනවා

      Delete
  16. අපි සෝවියට් දේශයට යන්නේ අපේ භද්‍ර යෞවනයේයි.යෞවනයෙක් ලැබිය යුතු සියළුම අත්දැකීම් අපි ලැබුවා. ලොකු කතාවත් මම ඉතාම කෙටියෙන් කිව්වා. විශේෂයෙන් ලියන්න ඕන ලොකු කතාවක්.

    ReplyDelete
  17. සිංහලයාටත් බෞද්ධයාටත් අවමන් කරන, ශ්‍රී ලංකාවට තවමත් "තුන් වැනි ලෝකයේ" රටක් යැයි පවසන (තුන් වැනි ලෝක කතා අවසාන වී බොහෝ කාලයක් ගොස් බව මේ ප්‍රාග් අඥයෝ නොදනිති), තැන තැන ඇති බ්ලොග්වලට රිංගා ගෙන තමන්ගේ දෙකයි පනහේ සුදුසුකම් ගූ බෙටි රෙන හීනමානයෝ තුන් හතර දෙනෙක් මතු වී සිටිති. මේ වර්ගයේ අයගේ පොදු ලක්ෂණයක් වන්නේ අපේ රටට, ජාතියට, ආගමට ගැරහීමය. මේ අයගෙන් එක් අයෙක් යන යන තැන තමන්ගේ පෝස්ට්වල ලින්ක් දමමින් ගියේය. දැන් ඒ වර්ගයේ අලුත් අයෙක් යන යන තැන තමන්ගේ පැටිකිරිය දමමින් යයි. ඔය කියනා පැටිකිරියේ ගත යුතු දෙයක් ද නැත. තමා අර විශ්වවිද්‍යාලයේ උගත් බවත්, තමා මේ විශ්වවිද්‍යාලයේ උගත් බවත් ඉදිරියේදී අයිස්ලන්ත විශ්වවිද්‍යාලයේ අහවල් එක කොරන්නට සිතා සිටින බවත් කියමින් තමන්ගේ හිතට වද දෙන හීනමාන හැඟීම් පිටකරන මේ අය ලංකාවේදී තමන්ට සැලකීමක් නොලැබීම ගැන මහා කනස්සල්ලකින් සිටිති. ඒ කනස්සල්ල මේ අය වෛරයක් ලෙස පිටකරති. දිස්ත්‍රික් පදනමේ ගැටලු තිබෙන බව ඇත්තය. එසේ වූ පමණින් ඒ පදනමින් විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූ අයට නින්දා කළ යුතු නැත. බොහෝ විට එසේ නින්දා කරන්නේ මොන පදනමකින්වත් මෙරට විශ්වවිද්‍යාලයකට යා ගන්නට නොහැකි වුණු අයය.

    බ්ලොගයකට පැමිණ අදහසක් දක්වා, සංවාදයකට දායක වන්නට තමන්ගේ පැටිකිරිය ලියා දක්වන්නට ඕනෑ නැත. වෘත්තීය හෝ ශාස්ත්‍රීය කටයුත්තකදී නම් එසේ කිරීම පිළිගත් සම්ප්‍රදායකි. අපේ ජාතියට ආගමට නින්දා කරන ඇතැම් අය බ්ලොගයක අදහසක් පළ කරන්නට පැමිණ අදහසට වඩා වැඩි වචන ගණනක් පාවිච්චි කර තමන්ගේ දෙකයි පනහේ සුදුසුකම් ලියති. හිනා යන කාරණය නම් මේ අය තමන්ගේ සුදුසුකම් ලෙස ඉතා මූලික ඉංග්‍රීසි ප්‍රවීණතා විභාග ද සඳහන් කිරීමය. තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කීවාලු! එහෙත් ඩී.පිල්. උපාධියක් ලද අය තමන්ගේ මූලින උපාධි ගැන වැල්වටාරම් ලිය ලිය යන්නේ නැත; එෆ්.ආර්.සී.පී. ලද අය තමන්ගේ එම්.ආර්.සී.පී. ගැන වැල්වටාරම් ලිය ලිය යන්නේ නැත. ඒවා එසේ වුණත් කිසිවෙකු අයි.ඊ.එල්.ටී.එස්. හෝ ටෝෆල් ගැන නම් ලිය ලිය යන්නේ නැතිමය. හතර විළිලැජ්ජාවේ බැරිය කියන්නේ ඇතැමෙකු පහුගිය කාලයේ තමන්ගේ අයි.ඊ.එල්.ටී.එස්. සහතිකේ පොටෝ ගසා ප්‍රදර්ශනයද කළ බවය. ලංකාවේ විශ්වවිද්‍යාලයකින් වර්තමානයේ උපාධියක් ලබන අයෙකු තමා සාමාන්‍ය පෙළ හෝ එයට සමාන විභාගයක් සමත් වූ බව ලිය ලිය යන්නේ නැත.

    බ්ලොග්වල අදහස් දක්වන්නට තමන්ගේ පැටිකිරිය ලියන්නට අවශ්‍ය නැත. ඇතැමෙක් දැන් ඇනොනිමස් අදහස් දක්වන්නට පහසුකම් සැපයීම ගැන බ්ලොගර්, වර්ඩ්ප්‍රෙස් වැනි ආයතනවලට ද දොස්දෙස් තියති. මේ බ්ලොගය ලියන සරසතුමා රාජකීය විද්‍යාලයෙන් ඉගෙනගෙන ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත්වී පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන් දන්ත වෛද්‍ය විද්‍යාව පිළිබඳව මූලික උපාධිය ලබා හොංකොං විශ්වවිද්‍යාලයෙන් ජෛවරසායනික විද්‍යාව පිළිබඳ පර්යේෂණ ආචාර්ය උපාධියක් ලැබුවෙකි. එහෙත් සරසතුමා තමන් ලියන ලියන දෙය යටින් ඩොක්ටර් කෑල්ලක් ඇමිණූ නම දාගන්නට දඟලන්නේ නැත. සරසතුමා "ඩොක්ටර්" යනුවෙන් කටපුරා හිතේ කහටක් නැතිව ඇමතිය හැකි තරම් සුදුසුකම් ලද උගතෙකි. සරසතුමාගේ සුදුසුකම් එතුමා ලියන දෙයින් පෙනේ. එනිසා තමා උගත් විශ්වවිද්‍යාලවල නම් ලැයිස්තු ලියා දක්වන්නට හෝ තමන්ගේ අයි.ඊ.එල්.ටී.එස්. සහතිකේ පොටෝ ගසා බ්ලොගයේ ප්‍රදර්ශනය කරන්න පමණක් නොව තමන්ගේ මංගල ඡායාරූපය බ්ලොගයේ දමා ගන්නට හෝ සරසතුමාට අවශ්‍ය නැත.

    බ්ලොග්වල ඉතා හරවත් අදහස් පළ කරන මයුරවිල මහත්මා ද රාජකීය විද්‍යාලයෙන් ඉගෙනගෙන, නීතිය හදාරා, කළමනාකරණය හා සම්බන්ධ පශ්චාත් උපාධි ලද තැනෙත්තෙකි. මයුරවිල මහත්මා බොහෝ විෂයන් ගැන ඇසූපිරූ දැනුමක් ඇති බුද්ධිමත් විචාරකයෙකි. ඒ මහත්මා දිස්ත්‍රික් පදනමට සාප කරමින් බලා සිටියේ නැත; ඉතා ඉහළ උගත්කමක් ලැබුවේ ය. මයුරවිල මහත්මා ලියන දේවලින් ඒ මහත්මාගේ සුදුසුකම් පෙනේ.

    එනිසා ප්‍රශ්නයක් අසන අයට පිළිතුරු ලෙස මම මේ විශ්වවිද්‍යාලවල උගත්තා, මම අහවලා එක්ක ඉඳන් පොටෝ ගත්තා, මම අහවලාගේ පොතේ ක්ලැරිකල් වැඩේ කරා, මම අහවල් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය කරනවා ළඟදිම (වයසට ගිහින් හෝ එසේ කරන එක හොඳය), මට අර වර්ඩ් විශ්වවිද්‍යාලයෙන් කතාවක් කරන්න එන්න කිව්වා (හියු හෙෆ්නටත් ඉංග්‍රීසි කතාකරන ලෝකයේ පැරණිම විශ්වවිද්‍යාලයෙන් කතා පවත්වන්නට ආරාධනා ලැබී ඇති බව මේ ප්‍රාග් අඥයෝ නොදනිති) වැනි කයිවාරු පැවසීමෙන් වැඩක් නැත; මොකද ඒවා "අදාළ නැහැනේ"!

    ReplyDelete
    Replies
    1. contd.

      ඔය කයිවාරු ගසන වෙන්ඩ-ආචාර්යලා නොදන්නවා වුවත් ලංකාවේ පැරණිම විශ්වවිද්‍යාලයෙන් සහ කිසියම් විෂයක් පිළිබඳ දකුණු ආසියාවේ දෙවැනි පැරණිම විද්‍යාලයෙන් පමණක් නොව ඉංග්‍රීසි කතා කරන ලෝකයේ පැරණිම විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය (ඩී.පිල්.) උපාධිය ලැබූ පශ්චාත්-ආචාර්ය උපාධි පර්යේෂණ ද අදාළ විෂයේ ලොව ප්‍රමුඛතම විද්වතුන් යටතේ සිදු කළ අය ද තමන්ගේ පැටිකිරිය නොලියා බ්ලොග්වල අදහස් දක්වා යති. දෙස් විදෙස් කීර්තිය ලද ඉංජිනේරුවෝද නිර්මාණවේදියෝද තමන්ගේ පැටිකිරිය නොලියා බ්ලොග්වල අදහස් දක්වා යති. ඉතා උගත් නීති විශාරදයෝද තමන්ගේ පැටිකිරිය නොලියා බ්ලොග්වල අදහස් දක්වා යති. ලංකාවේ ද යුරෝපයේ ද විශේෂඥ වෛද්‍යවරු (ලංකාවේ විශේෂඥ වී යුරෝපයේ තාවකාලික ව ලේඛකාධිකාරී වූ අය නොව නියම ආකාරයට එස්. ටී. පාඨමාලාව සම්පූර්ණ කර එන්.එච්.එස් එකේ විශේෂඥ) ලෙස වැඩ කළ, වැඩ කරන අය ද බ්ලොග්වලට පැමිණ තමන්ගේ පැටිකිරිය නොලියා බ්ලොග්වල අදහස් දක්වා යති. කලකට ඉස්සර මතුව පැමිණි සිංහල සිංදුවල සමලිංගිකකම් සෙවීමේ වසංගතය මයුරවිල මහත්මා මැදිහත් වී නැති කර දැම්මා වගේම බ්ලොග්වල තුට්ටු දෙකේ පැටිකිරි ලියමින් සිංහල ජාතියට නින්දා කිරීම ද නැති කර දමන්නට කාලය පැමිණ තිබේ.

      ලංකාවේ උපාධිධාරීන් බටහිර විශ්වවිද්‍යාලවල ගණන් ගන්නේ නැති බව ඇතමෙක් ලියති. මේ ලංකාවේ ශිෂ්‍ය පරම්පරා අධෛර්යවන්ත කිරීම සඳහා ලංකාවේ දී සුදුසුකම් ලබන්නට බැරි වූ අය පවසන චේතිය බොරුවකි. ලංකාවේ සුදුසුකම් ලත් දක්ෂ වෛද්‍යවරුන්ගේ හා අනෙකුත් වෘත්තිකයන්ගේ දැනුමද කුසලතාද ඉතා ඉහළ මටිටමක පවතී. ඒ පිළිබඳ හොඳ ඇගයීමක් බටහිර ඇත. ඒ බව පවසන්නේ ඊයේ පෙරේදා යුරෝපයට, ඇමෙරිකාවට පය තැබූ අය නොවේ; දීර්ඝ කාලයක් දෙස්විදෙස්වල ඉගෙනගත්, ඉගැන්වූ සහ වෘත්තියේ යෙදුණු අයය. එනිසා අපේ දරුවන් හීනමානකාරයන්ගේ කුහක කතාවලින් අධෛර්යවන්ත නොවී හොඳින් ඉගෙනගත යුතුය.

      රුසියාවේ අධ්‍යාපනය හොඳය. එය හොඳ වන්නේ රුසියාවෙන් හඳට රොකට් යැව්ව නිසා නම් නොවේ. එවැනි හඳ ගමන් මෝඩ කතා නිසා හෑල්ලුවට පත්වෙන්නේ රුසියාවේ ගොස් උපාධි ලබා එන දරුවන්ය. හෙක්ටර් වීරසිංහලා, ජයන්ත ලාල් රත්නසේකරලා වැනි රුසියාවේ උගත් දක්ෂ, වැදගත් මහත්වරුන් මේ විකාර හඳ ගමන් කතා ඇසුවොත් කම්පාවනු ඇත. රුසියානු වෛද්‍ය උපාධිය ලබා එන උපාධිධාරීන්ගේ ගැටලුවක් වන්නේ ඔවුන්ගේ දැනුම ලංකාවේ වෛද්‍ය වෘත්තියේ යෙදීමට ප්‍රමාණවත් ව හැඩ ගැසී නොතිබීමය. එහෙත් ඒ ගැටලුවලට පිළියම් ලෙස විභාගයක් අරමුණු කර අධ්‍යයනය කරවීම ද සීමාවාසික පුහුණුවක් දීම ද සිදු වේ. අවශ්‍ය අයට විශේෂ උපකාරක පන්ති ද අපේ ම විශේෂඥයන් විසින් පවා පැවැත්වේ. විදෙස් උපාධිධාරීන් සදහා මේ ආකාර විභාග සහ පුහුණු වෙනත් රටවල ද තිබේ. මොන තරම් සුදුසුකම් තිබෙන විදෙස් වෛද්‍ය උපාධිධාරීන් වුණත් (සීමිත ව්‍යතිරේක සහිතය) එංගලන්තයේ සේවය කරන්නට නම් ප්ලැබ් ද ඔස්ට්‍රෙලියාවේදී සේවය කරන්නට නම් ඒ.එම්.සී. ද ඇමෙරිකාවේ සේවය කරන්නට නම් යූ.එස්.එම්.එල්.ඊ. ද සමත් විය යුතුය. දන්ත වෛද්‍යවරු සඳහාද එවැනි සුදුසුකම් ලැබිය යුතුය (සරසතුමා ඒ පිළිබඳ මට වඩා දනී). පශු වෛද්‍යවරු සඳහාද එසේමය. පැරාමෙඩික්වරු සම්බන්ධයෙන් තත්ත්වය මම නොදනිමි.

      අද ලංකාවේ මූලික ප්‍රශ්නය වී ඇත්තේ අපේකමට සහ අපේ රටට නින්දා කරන්නට සැදී පැහැදී සිටින අපේ රටෙන්ම හැදී වෙන රටවලට පැනගත් බොරු සෝබනකාරයන් පිරිසක් බිහි වී සිටීමයි. වෙන රටවල සිටින පැරාමෙඩික්වරු ලංකාවේ විශේෂඥ මනෝ වෛද්‍යවරුන්ට බ්ලොග් හරහා මනෝ වෛද්‍ය විද්‍යාව උගන්වන්ට යෑම යනු ගඟෙන් දිය බී මුහුදට ආ වැඩීම නමැති එම මූලික ප්‍රශ්නයේ එක කොටසක් පමණි.

      අනොනිමස් විසින් ලියන ලදී.
      (ඇනොනිමස් වීම ගැන දැවෙන ප්‍රශ්න ඇති අය කරුණාකර ගූගල් සමාගමට පැමිණිලි කරන්න!)

      Delete
    2. මොකද අප්පේ මේච්ර වෛරයක්?

      Delete
    3. 2002 වසරේදී කොලඹ ඉන්ටර්කොන් හෝටලයේ වෛද්‍ය සම්මන්ත්‍රණයක් තිබූ අතර එක් වෛද්‍ය ජ්‍යෙෂ්ඨ රෙජිස්ටාර්වරයෙක් කෙටි දේශනයක් කලේය. ව්‍යාකරණ දෝශ සහිතව ඔහු කතා කල ඉංග්‍රීසි ඇසූ බොහෝ දෙනෙකුට නැගුණු ප්‍රශ්නය වූයේ මෙවැනි ඉංග්‍රීසි ඌණ දැණුමක් සහිතව මොහු පී.ජී.අයි.එම් ආයතනයේ විභාග සමත් වූයේ කෙසේද කියාය​. මේ පුද්ගලයා වෛද්‍ය විද්‍යාව රුසියන් , චීන හෝ ස්පාඤ්ඤ භාෂාවෙන් වෛද්‍ය විද්‍යාව හදාරා තිබුනේ නම් යම් සමාවක් දීමට ඉඩක් තිබුනේය​. නමුත් ඔහු වෛද්‍ය විද්‍යාව දේශීය වෛද්‍ය පීඨයක ඉංගිරිස් භාෂාවෙන් හදාරා තිබුණු බව පසුව දැන ගන්නට ලැබුනේය​.

      Delete
  18. I was Proud to be a Doctor from the Colombo Medical Faculty


    Dr Lalith Perera

    This is neither a confession nor redemption. But at least telling the truth that was suppressed in my mind for a long time might put me at ease. I don’t know how to begin this article. Anyhow, I try to follow my memory lane. By writing this letter, I know my colleagues would hate me and denounce me as a traitor. I will be subjected to a long witch hunt. But I hope one day they would understand me and realize the point that I tried to highlight in here.

    I was astonished when I came to know that I was selected to the Faculty of Medicine Colombo and the day I came to the Medical Faculty I felt like a king. We lookdown upon the Medical Graduates from Peradeniya , Ruhuna and Jaffna because we were the best. We were the cream. We were very much proud of ourselves.

    I still remember when the Private Medical Collage issue came in mid Eighties we openly protested. I recall one incident when some students from the PMC came for a practical session at the Colombo Faculty; we ragged them and humiliated them. We organized meetings to educate our fellow students. Along with some of our Medical students ( Balasooriya , A.M Jayasiri , Prasanna Gunasena etc) we launched a poster campaigning against the PMC.

    Link :


    http://gmoaguardian.blogspot.ca/2010/04/i-was-proud-to-be-doctor-from-colombo.html

    ReplyDelete
    Replies
    1. මචං ඇනෝ ( AnonymousJanuary 5, 2017 at 11:12 AM ) උඹේ කතාවේ ඇත්තක් තියනවා. ඒත් දැන් ලංකාවේ විවි සහ වෛද්‍ය ෆැකල්ටි වල කොලිටිය අන්තිමයි. ඒ නිසා බටහිර ලෝකය තුල එතරම් ගරුත්වයක් නෑ. මේකට හේතුව දිස්ත්‍රික් පදනමින් එන ගම් බයීයෝ උන් තමයි මේ විශ්ව විද්‍යාල අල කලේ. ඉතුරු ටිකට අන්තරය කෙලිනවා. මේ ලිපි බලපං


      ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගරා වැටීම​

      ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අන්තර් ජාතික මට්‌ටමින් පහලට වැටීම පිලිබඳව ඉතා හොඳ විග්‍රහයක් එච්. එම්. නවරත්න බණ්‌ඩා මහතා (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ) ඉදිරිපත් කරයි. මේ වන විට ලංකාවේ කිසිදු විශ්ව විද්‍යාලයක් ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 2000 අතර නොමැත​. පහත වගුව දෙස බලන්න. ලංකාවේ හොඳම විශ්ව විද්‍යාල ලෙස සැලකෙන කොලඹ සහ මොරටුව විශ්ව විද්‍යාල අන්තර් ජාතික මට්‌ටම අනුව 2125 දර්ශකයටත් පහල ගොසිනි. අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍යන් වන උගන්ඩාවේ , ඉතියෝපියාවේ සහ සිම් බාබ්වේ රටවල විශ්ව විද්‍යාලද ලංකාවේ හොඳම විශ්ව විද්‍යාල ලෙස සැලකෙන කොලඹ සහ මොරටුව විශ්ව විද්‍යාල වලට වඩා ඉදිරියෙන් සිටිති.

      http://www.slguardian.org/si/archives/768


      මෙන්න ඉංග්‍රීසි ලිපියක්

      The Poor State of Sri Lankan Medical Faculties

      One time Sri Lankan medical schools produced knowledgeable doctors who had international recognition. Unfortunately this trend has changed over the past few decades. According to a prominent Sri Lankan medical doctor who is workings as an associate professor in an American university, the quality of Sri Lankan medical faculties has come down. Majority of the Sri Lankan doctors who graduated in the past few decades have very poor English knowledge and they are unable to communicate effectively and professionally. He further says that Sri Lankan doctors lack attitudinal training, medical ethics and accountability towards their patients. According to the international ranking of medical schools many medical schools of the 3rd world countries such as Nigeria, Nepal, India, and Tanzania have beaten the Sri Lankan medical faculties. (

      Sri Lankan universities falling apart)


      http://srilankanspuwath.co.uk/web/2013/12/16/sri-lankan-universities-falling-apart/

      Delete
  19. ශ්‍රී ලංකාවේ දොස්තර මාෆියාව සහ අශිෂ්ට ගෝත්‍රික දොස්තර වලත්තයෝ

    https://dostharahoru.wordpress.com/2014/01/

    ReplyDelete
  20. ශ්‍රී ලංකාවේ උපාධි ගැන කියවෙන සමහර දේ වලට; ශ්‍රී ලංකාවේ තිබෙන ඉහලම ශේණිගත කිරීම හිමි විශ්විද්‍යාලයෙන් මුලක උපාධි සහ පශ්චාත් උපාධි ලබාගත්තෙකු මේ අදහස ලියා තබන්න කැමතියි. මම දන්නේ විදේශ උසස් අධ්‍යපනයට අපේ උපාධි වලට ලැබෙන තැන පමණක් බැවින් මගේ අදහස විදේශ වල රැකියා ලබාගැනීමේ දී ලැබෙන තැන ගැන වලංගු නොවේ. මම දන්නේ ස්වභාවික විද්‍යාවන් සහ ඉංජිනේරු විද්‍යාවන් වල තත්වය පමණක් බැවින් අනෙක් කේෂ්ත්‍ර වලටද මගේ අදහස වලංගු නැත.


    උසස්ධ්‍යපනය සඳහා විදේශයන්හි අපට තිබෙන ඉල්ලුම වැඩි විශ්වවිද්‍යාල තිබෙනවා. ඒ තිබෙන්නේ එතන කලින් සිටි අයගේ වැඩ, මානව සම්බන්ධතාවන් හෝ නිර්දේශ කරන්නන්ගේ සුදුසුකම් වැනි යම් යම් හේතු මත. එක්සත් ජනපදයේ wayne state university-chemistry එක හොඳ උදාහරණයකි. ලංකාවේ සිසුන් ගන්න ලැබ් වගේම ලංකාවේ නම් නොගන්න ලැබ් එහෙමත් ඉතා කුඩා ප්‍රමාණයක් මම දන්නවා. ඒ නොගන්න හේතුව කලින් සිටි අය මිසක් ලංකාවේ සිසුන්ගේ ගුණාත්මක භාවයේ වරදක් නොවේ. තායිලන්තයේ චුලලෝන්ග්කොර්න් වලින් විතරක් ළමයි ගන්න ලැබ් කීපයක් මට ජපානයේදී හමුවී තිබෙනවා. මෙය සංකීර්ණ හේතු ගොඩක් නිසා බව ක්ෂේස්ත්රයේ බොහෝ දෙනෙක් දන්නවා ඇති.

    ලංකාවේ ළමයි ගන්න ලෝකයේ බොහෝරටවල විශ්වවිද්‍යාල වල බොහෝ ලැබ් වලින් විශේෂ අකමැත්තක් නෑ කියන එක තමයි මට ස්ථීරව කියන්න පුළුවන් මතය. ලංකාවට එහෙම විශේෂ ඉල්ලුමක් නැතෙයි කියල කියන්නේ රට සමග තරහකට හෝ වාඩුවක් පිරිමසා ගන්න නොවෙයි. දැන් දැන් චීනය කොරියාව තායිවානය මැලේසියාව ඉන්දියාව බ්‍රසීලය, රුසියාව, දකුනු අප්‍රිකාව වැනි රටවලින් එන බොහෝ සිසුන්ට අඩුම වශයෙන් ජ්‍යාත්‍යන්තර මට්ටමේ පත්‍රිකාවල දෙවැනි කතෘත්වයක් සහ ජ්‍යාත්‍යන්තර සම්මන්ත්‍රනයක ප්‍රකාශනයක් බොහෝ විට තිබෙනවා. එක්සත්ජනපදය වැනි Teaching Assistant වලට ළමයි ගන්න රටවල් අපේ ඉංග්‍රීසි තරමක් හොද නිසා තවම ගත්තත්, එන්න එන්නම අපිට තරග කරන්න අමරුවෙන බවයි මට නම් පෙන්නේ. යුරෝපය යුරෝපා සංගමයටත්, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඔවුන්ගේ රටවල් දෙකටත් තමයි බොහොමයක් අවස්ථා විවෘත කරන්නේ.

    දැනට අපට ලොකු ඉඩක් විවෘත්තව තිබෙන ඉහල තාක්ෂණික දියුණුව සහිත රටවල්/ආයතන තිබෙන්නේ එකසත් ජනපදය, ජපානය, කොරියාව, තායිවානය වැනි රටවල් සහ චීනයේ චීන විද්‍යා ඇකඩමිය. සිංගප්පුරුව වැනි රටවල් අපට විවෘත්ත වුනාට අවස්ථා ගණන අඩුයි. ඒ නිසා ලංකාවේ අපිට විශේෂ සැලකිල්ලක් තිබෙනවය කියන සම්ප්‍රදායික තැනින් එලියට ඇවිත් එක ළමයෙකුට පත්‍රිකාවක් එක පලකරවන තැනට නොගියොත් තව අවුරුදු 10කට අඩු කලෙකදී විදේශයන්හි පශ්චාත් උපාධි වලට සිසුන් යැවීමේදී අපි ලොකු හිරවිල්ලක් හිරවෙන බවයි මගේ දළ පුරෝකථනය.

    ---------------------------------
    මගේ ජීවිකාව සරිකර කර ගැනීමට ද අපේ ටික පර්යේෂණ කරගැනීමටද මුදල් සොයාගැනීම ගිය වසරට වඩා මේ වසරේදී බෙහෙවින් වෙහෙසීමට සිදුවී ඇති බැවින් සූර්ය කෝෂ සහ මෙලමයින් - ඩී.සී,ඩී-කිරි ගැන ලිවීමට පොරොන්දු වූ ලිපි දෙක හැකියාවක් නැතිවීම ගැන අදාළ මිතුරන්ට කණගාටුව පලකිරීමටද ඉඩ දෙන්න.

    ReplyDelete
    Replies
    1. මෙතන අපි ලනක්වේ විශ්ව විද්‍යාල වලට වුනත් ගරහන්න හොඳ නැහැ. හැමෝම එහෙම සෝවියට් උපාධි වලට බනින්නේ නැහැ. කෙන්කියුෂ කියන එකේ සත්‍යයක් තිබෙනවා. මෙහෙ ඉන්න ලංකාවේ මහාචාර්ය වරු හෙම ලනක්වේ සිසුන්ට චාන්ස් එක දෙනවයි මම දැකලා තියෙන්නේ.

      Delete
  21. මචං ඇනෝ ( AnonymousJanuary 5, 2017 at 11:12 AM ) උඹේ කතාවේ ඇත්තක් තියනවා. ඒත් දැන් ලංකාවේ විවි සහ වෛද්‍ය ෆැකල්ටි වල කොලිටිය අන්තිමයි. ඒ නිසා බටහිර ලෝකය තුල එතරම් ගරුත්වයක් නෑ. මේකට හේතුව දිස්ත්‍රික් පදනමින් එන ගම් බයීයෝ උන් තමයි මේ විශ්ව විද්‍යාල අල කලේ. ඉතුරු ටිකට අන්තරය කෙලිනවා. මේ ලිපි බලපං


    ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගරා වැටීම​

    ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අන්තර් ජාතික මට්‌ටමින් පහලට වැටීම පිලිබඳව ඉතා හොඳ විග්‍රහයක් එච්. එම්. නවරත්න බණ්‌ඩා මහතා (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ) ඉදිරිපත් කරයි. මේ වන විට ලංකාවේ කිසිදු විශ්ව විද්‍යාලයක් ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 2000 අතර නොමැත​. පහත වගුව දෙස බලන්න. ලංකාවේ හොඳම විශ්ව විද්‍යාල ලෙස සැලකෙන කොලඹ සහ මොරටුව විශ්ව විද්‍යාල අන්තර් ජාතික මට්‌ටම අනුව 2125 දර්ශකයටත් පහල ගොසිනි. අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍යන් වන උගන්ඩාවේ , ඉතියෝපියාවේ සහ සිම් බාබ්වේ රටවල විශ්ව විද්‍යාලද ලංකාවේ හොඳම විශ්ව විද්‍යාල ලෙස සැලකෙන කොලඹ සහ මොරටුව විශ්ව විද්‍යාල වලට වඩා ඉදිරියෙන් සිටිති.




    මෙන්න ඉංග්‍රීසි ලිපියක්

    The Poor State of Sri Lankan Medical Faculties

    One time Sri Lankan medical schools produced knowledgeable doctors who had international recognition. Unfortunately this trend has changed over the past few decades. According to a prominent Sri Lankan medical doctor who is workings as an associate professor in an American university, the quality of Sri Lankan medical faculties has come down. Majority of the Sri Lankan doctors who graduated in the past few decades have very poor English knowledge and they are unable to communicate effectively and professionally. He further says that Sri Lankan doctors lack attitudinal training, medical ethics and accountability towards their patients. According to the international ranking of medical schools many medical schools of the 3rd world countries such as Nigeria, Nepal, India, and Tanzania have beaten the Sri Lankan medical faculties. (

    Sri Lankan universities falling apart)

    ReplyDelete
  22. කොමෙන්ටු දමා ඇති ගොඩක් අය මෙන් මම උගතෙක් නොවෙමි.සෝවියට් දේශයට තබා මාලදිවයිනට වත් ගොස් නැත.මම උපදින විටත් සෝවියට් දේශය ඉතිහාසයට ගොස් අවසන්ය.නමුත් මට සෝවියට් දේශය පිළිබදව ඇත්තේ දැඩි ආදරයකි.5 වසරේදී පමන සිට සෝවියට් දේශය පිළිබදව කියවමි

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook