Thursday, January 12, 2017

සෝවියට් දේශයේ සංස්කෘතික ජීවිතය

 

සෝවියට් දේශය සංස්කෘතික වශයෙන් ඉතා ඉහල දර්ශකයක් අත් පත් කරගෙන තිබූ දේශයක් විය. සෝවියට් දේශයේ සාහිත් , නාට් , ගීත , ඔපෙරා , චිත්රපට අන්තර් ජාතික කීර්තිය අත්පත් කරගෙන තිබුණි. ලෝකයේ කුඩා දිවයිනක කුඩා ජන  සමාජයක් නියෝජනය කල අපද මෙම සෝවියට් සංස්කෘතියෙන් පෝෂණය වූයෙමු

ලෝ ප්රකට බල්ශෝයි තියාතරය අසලින් මම කිහිප විටක් මේ අත ගොස් තිබුනද බල්ශෝයි රඟහලට ගොඩවී නාට්යක් ඔපෙරාවක් නැරඹීමේ වාසනාව නොලද්දෙමි. එහෙත් බල්ශෝයි තියාතරයේ රඟ දක්වන ලද ස්වෝන් ලේක් සහ නට්ක්රැකර් යන බැලේ නාට් කියෙව් නගරයේදී මම නැරඹුවෙමි

ඔපෙරා වලට ආලය කළ සෝවියට් ජනතාව ඇමොඩේයස් මෝසාට් ගේ ජීවිත කතාව අඩංගු වූ ඇමොඩේයස් නම් ඇමරිකානු චිත්රපටය බැලීමට පොදි ගැසුනහ​. ඇමොඩේයස් චිත්රපටය මම නැරඹුවේ සෝවියට් දේශයේදීය​. මේ හැර ඉතලියානු සහ ජර්මානු ඔපෙරා එකල සෝවියට් දේශයේ පෙන්වන ලදිසෝවියට් සහ නැගෙනහිර යුරෝපීය ඔපෙරා රූබල් තුනක් වැනි සුළු මුදලක් ගෙවා මම නැරඹුවෙමි. මෙවැනි උත්කෘෂ්ට ඔපෙරාවක් බැලීමට ප්රවේශ පත්රයක් බටහිර ලෝකයේ අවම වශයෙන් ඩොලර් සියයක්වත් වේ

සෝවියට්වරු සතුව උසස් සිනමාවක් තිබුනේය​. ඔවුන් ගේ බැට්ල්ශිප් පතොම්කින් නම් අන්තර්ජාතික කීර්තියට ලක් වූ චිත්රපටය සෝවියට් රූපාවාහිනියෙන් මම කිහිප වතාවක්ම නරඹා තිබේ. එසේම මෑන් විත් මූවි කැමරා, සර්ජි බන්ඩර්චුක් රඟපෑ ; වෝ ඇන්ඩ් පීස්, මොස්කව් ඩස් නොට් බිලීව් ඉන් ටියර්ස් , ඩයමන්ඩ් ආර්ම්,  තිහි දොන් ( දොන් නදිය ගලා බසී ) යන ලෝක පූජිත චිත්රපට නැරඹුවෙමි. සිනමාව අධ්යනය කරන ඕනෑම ආධුනිකයෙකු  මේ චිත්රපට නැරඹීම අනිවාර් බව මම කියමි. මේ හැර හැට , හැත්තෑව සහ අසූව දශකයේ සෝවියට් චිත්රපටද මම ආශාවෙන් නැරඹුවෙමි. අද වූවද ඉඳ හිට යූ ටියුබ් ගොස් සෝවියට් චිත්රපට නැරඹීම මම කරමි

මේ චිත්රපට අතර පිදිසත් ත්රීතය හොලද ලීතිය​, අෆෝන්යා, මාලිංකය වේරා යන චිත්රපට තිබේ. මේ චිත්රපට සිනමාව වින්දනය කරන රසිකයන් නැරඹිය යුතුය​. එසේම ලෝකයේ හොඳම යුද චිත්රපට සෝවියට් යුද චිත්රපට බව මම කියමි. මෙසේ කියන්නේ ලෝංගස්ට් ඩේ , ගන්ස් ඔෆ් නැවරොන් , ඇපකොලිප්ස් නව් , ප්ලැටූන්, බ්රිජ් ටූ ෆාර් , තින් රෙඩ් ලයින් ,සේවිං ප්රයිවෙට් රයන් යන බටහිර චිත්රපටද නරඹා තිබෙන රසිකයෙකු වශයෙනි. එසේම ලිබරේශන් නම් සෝවියට් යුද චිත්රපටය නොබැලුව දෑස් මක්කටද ? කියා මම අසමි.  

සෝවියට් නාට් පිළිබඳවද කතා කල යුතුය​. සෝවියට් නාට් ගැන ඉගෙන ගැනීමට බටහිර නාට්යකරුවන් බොහෝ දෙනකු සෝවියට් දේශයට ආහ​. එසේම සොලමන් ෆොන්සේකා, හෙන්රි  ජයසේන සෝවියට් නාට් අධ්යනය කළහ​. නාට් අධ්යනයට බ්රෝඩ්වේ යාමට හැකියාව තිබුනද හෙන්රි ජයසේන සෝවියට් දේශයට බව ඔහුගේ මිනිසුන් වූ දරුවන් ස්වයං චරිතාපදානයේ සඳහන් වේ

සෝවියට් දේශයේ ජීවත් වූ කාලයේ මම ඉරාන , චෙකස්ලෝවේකියානු , රුමේනියානු, හංගේරියානු, පෝලන්ත​, නැගෙනහිර ජර්මානු, බල්ගේරියානු චිත්රපට නැරඹුවෙමි. ලංකාවේදී හෝ බටහිරදී මෙම චිත්රපට නැරඹීම දැන් සිහිනයක් පමණි. මේ හැර පාස්පෝර්ට් නම් ගුරුසියානු කවට චිත්රපටයද මගේ සිත් ගත්තේය​. ගුරුසියානු  චිත්රපටයක් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නරඹා තිබේද කියා සැකය​. 

සුප්රකට වොල්ගා වොල්ගා චිත්රපටය වරක් මම කැනඩාවේ රුසියන් ප්රජාව සිටි ප්රදේශයකදී නැරඹුවෙමි.  වොල්ගා වොල්ගා චිත්රපටය ස්ටාලින් ගේ ප්රියතම චිත්රපටය විය​. 

සෝවියට් ගීත වලට අප ප්රිය කලෙමු. ආලා පුගචෝවා, ව්ලැදිමීර් විසෝස්කි, වික්තර් සෝයි ,  වැලේරි ලියොන්තීයෙව් , ලයිමා වයිකූලෙ ( ලයිමා ලැත්වියානු ජාතික කාන්තාවකි ) මෝල්දෝවා ජාතිකාවක වූ සොෆියා රතාරෝ යනාදීන් ගේ ගීත මෙන්ම මෂ්ශිනා ව්රේම්නි , කිනෝ,  යන සංගීත කණ්ඩායම්ද , අරියා වැනි රොක් මෙට්ල් සංගීත කණ්ඩායම්ද ගීත වලටද අපි සවන් දුන්නෙමු.  

වරක් මම  ව්ලැදිමීර් විසෝස්කි ගේ ගීත ප්රිය කරන බව ඇසූ ක්රොඒශියානු කැනේඩියානු වෛද්යවරයෙකු වූ වෛද් අයිවන් පෙරුස්කෝ විමතියට පත්වී  " ඔබ ජාත්යන්තර සංස්කෘතික ලෝකයකට නිරාවරණය වී තිබෙන බව කීවේය​.   ඊට පිළිතුරු ලෙස මා කීවේ මේ සඳහා මම සෝවියට් දේශයේ සංස්කෘතික ජීවිතයට නය ගැති බවයි

ව්ලැදිමීර් විසෝස්කි ගේ ගීත බටහිර ලෝකයටද ලඟා වී තිබූ අතර බටහිර චිත්රපටයක් වූ වයිට් නයිට්ස් චිත්රපටයේ තේමා ගීත සඳහා ලයනල් රිචී සහ ව්ලැදිමීර් විසෝස්කි ගේ ගීත තෝරා ගන්නා ලදි. තවද මම  ව්ලැදිමීර් විසෝස්කි ගේ ගීතයක් සිංහලටද පරිවර්තනය කලෙමි. මර්ලේනා සීම්නා විසින් විසෝස්කිගේ ගීත භාෂා 59 පරිවර්තනය කොට පොතක් ලෙස පළ කොට තිබේ. මේ පොතේ මා විසින් පරිවර්තනය කල Koni Priveredlivye”  ගීතයේ සිංහල අනුවාදය අන්තර්ගතය​. 

සෝවියට් දේශයේ රූපාවාහිනී සේවයද විශිෂ්ඨ සේවාවක් විය​. පහත් රුචිකත්වයෙන් යුත් අවර ගනයේ වැඩසටහන් වෙනුවට ඔවුන් නිතරම සම්භාව් චිත්රපට පෙන්වූ අතර උසස් ගනයේ බටහිර චිත්රපට ටෙලි නාට් හඞ කවා විකාශනය කරන ලදි. මේ සම්භාව් ටෙලි නාට් අතර ප්රන්ස , ආර්ජෙන්ටීන, බ්රසීල සහ ඇමරිකානු , බ්රිතාන් නිර්මාණ වූහ​.  

සෝවියට් අර්ථ ක්රමයේ යම් යම් අඩුපාඩු මෙන්ම පුද්ගලික නිදහසේ සීමාවන් තිබුණු බව සැබෑය​. එහෙත් සංස්කෘතික මිනිසෙකු නිර්මාණය කිරීමේලා ඔවුන් බටහිර රටවල් වලට ඉදිරියෙන් සිටි බව මට සිතේ. ඔබට සෝවියට් මිනිසෙකු සමග රුඩොල්ෆ් වැලැන්ටීනෝ , ඕසෝන් වේල්ස්, අතර් මිලර් , වෝල්ටර් ස්කොට්, අගතා ක්රිස්ටි, ඉයන් ගිලන් , ඩේවිඩ් බෝවි , ඩාර්ලි , හෙමිං වේ,   බොරිස් කාලෝෆ් , වැග්නර් යනාදීන්  ගැන කතා කල හැකිය​. සෝවියට්  මිනිසා ඔබව තේරුම් ගනු ඇත​. එසේම ඔහු ඩොස්ටයෙව්ස්කිගේ, පුෂ්කින්ගේ , ශේක්ස්පියර්ගේ,   රොමේන් රොලාන්ඩ් ගේ, හර්මන් මෙල්විල් ගේ , ජෙෆ්රි චෝසර් ගේ පොත් කියවා ඇති මිනිසෙකි

සෝවියට් විශ්ව විද්යාල වලද මේ  සංස්කෘතික දියුණුව තිබුනේය​. බොහෝ යුරෝපීය විශ්ව විද්යාල වල මෙන් ලිංගික නිදහසද තිබූ නිසා ඔවුන් අතර පර පීඩක චර්යා, අන්යන් කෙරෙහි කායික , වාචික හෝ ලිංගික හිංසනයන් ප්රචණ්ඩ හැසිරීම් රටා දක්නට තිබුනේ නැත​. මෙතැන මම ලිංගික නිදහස කියන්නේ බල්ලන් බලලුන් මෙන් පාරේ සංසර්ගයේ යෙදීමේ නිදහස කියන අර්ථයෙන් නොවේ.  කාන්තාවකට අතවරයකට ලක් නොවී පොදු ප්‍රවාහන සේවාවක යා නොහැකි ලංකාව වැනි ලිංගික පීඩනය සහ ලිංගික කුහකකම උඩුදුවා තිබෙන සමාජයක් ලිංගික නිදහස කියූ විගස එය අර්ථ කථනය කරන්නේ පාර දිගේ සංසර්ගයේ යෙදීමේ නිදහස කියාය​.  එවැනි සමාජයක්  ගැහැනියෙක් කොට ගවුමක් ඇඳගෙන ගිය විට සලිත වෙති. එසේම තරුණ තරුණියන් අතර තිබෙන ආදරය තේරුම් නොගෙන ලිංගික ඉරිසියාව මත ඔවුනට අවහිර සීමා දමති. උගන්වන්නේ අනෙකාට ආදරය කිරීම නොව ද්වේශ කිරීමටය​.   

මෙවැනි ලිංගික පීඩන තත්වයක් සෝවියට් සමාජය තුල තිබ්බේ නැත. සෝවියට් විශ්ව විද්යාල සිසුන් බැලේ වැනි නර්තනයන් හැදෑරූහ​. බෝල් රූම් ඩාන්සිං පන්ති ගියහ​. එසේම පරිසර ආශ්රිත වැඩසටහන් බොහෝ තිබුණිසති අන්තයේ ඔවුන්  ඩිස්කොතේක්  ගියහ​. 

සංස්කෘතික මිනිසෙකු නිර්මාණය කිරීමේලා සෝවියට් පද්ධතිය භාවිතා කළ ක්රියා මාර්ගයන් අධ්යනයට ලක් කිරීම සුදුසුය​. සෝවියට් දේශයේ සිට උතුරු ඇමරිකා විශ්ව විද්යාල වලට පැමිණි සිසු සිසුවියන් මගේ නිරීක්ෂණයට ලක්වී තිබේ. ඔවුන් උතුරු ඇමරිකානු සිසු සිසුවියන්ට වඩා ලෝකය පිලිබඳ ප්රතිවේධයකින් යුක්තය​. 


මෙලෙස පැරණි සෝවියට් දේශයේ සිට පැමිණි මරීනා යෝක් විශ්ව විද්යාලයේ උපාධිධාරිනියකි. මරීනා සමග දේශපාලනය , කලාව , සාහිත් ගැන කතා කිරීමට මම ප්රිය කරමි. ඇය ඩන්ටේ අලගියෙරි, වුල්ෆ්ගැං වොන් ගර්ටර් (ගතේ) , ඔස්කා වයිල්ඩ් , එමලි බ්රොන්ටේ , ජෙෆ්රරි ආචර් මෙන්ම අයිසෙක් ඇසිමෝව් කියවා තිබේ. එහෙත් ඛේදජනක ලෙස වර්තමාන රුසියානු නව පරම්පරාව කියවීමෙන් ඈත් වෙමින් සිටිති. ඔවුන් බොහෝ සෙයින් නරඹන්නේ Vin Diesel රඟන ඇක්ශන් වර්ගයේ චිත්රපටය​. ඔවුන් ගේ රසාඥතාව බොහෝ සෙයින් පිරිහී තිබේපැරණි සෝවියට් සංස්කෘතික මිනිසා මරාගෙන නව මිනිසෙකු පැමිණ තිබේ. එහෙත් ඔහු සංස්කෘතික වශයෙන් හිස් මිනිසෙකි. සංස්කෘතික වශයෙන් දුගී  මිනිසෙකි

 වෛද්‍ය රුවන් එම් ජයතුංග 

26 comments:

  1. රුසියාවේ ගිය අය ඉතරක් නෙමෙයි... ඒ කාළේ අපි උනත් හිතුවේ මේ ළෝකයේ තියෙන්නේ රුසියාවයි, චීනෙයි, නැගෙනහිර ජර්මනියයි ඉතරෙයි කියලා.. අපි පොඩි කාළේ රටේ උන්ගේ චින්තනයට ඒක විශාල බලපෑමක් කළා... විශේෂයෙන් "සෝවියට් දේශය" වගේ සඟරාවලින්.. සිංහළ පොත් පවා මුද්‍රණය කරලා තිබුනේ රුසියාවේ නේ.. මට මතකයි මට ඉස්කෝලේ තෑගිවලට හම්බ උන් පොත් බොහෝමයක් ඒ වගේ ඒවා. නමුත් මොන හේතුවක්ද මන්දා මට උන්ව දිරෙව්වෙම නෑ..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. සෝවියට් දේශයේ යම් යම් කේස් තිබ්බ බව ඇත්ත​. අතිශයෝක්තියත් සෝවියට් දේශය සඟරා වල තිබ්බා

      Delete
    3. මාතලන් ට එහම් වුනේ මාතලන් නිදහසේ හිතන මිනිසෙක් නිසා. සෝවියට් දේශයේ ඔන්න ඔය පැත්තෙන් පොඩි ප්‍රශ්නයක් තිබුන කියල මමත් හිතනවා. අද වුනත් මට එස්ටබ්ලිෂ්මන්ට් කියන එකත් එක්ක ප්‍රශ්න තියනවා. ඔන්න ඕක තම සෝවියට් ජන ජීවිතය හිර කලේ බොටුවෙන්ම.

      Delete
  2. ඇනටොලි රයිබකොෆ් ගේ චිල්ඩ්රන් ඔෆ් අර්බාට් (Дети Арбата) ත්‍රිත්ව නවකතාවේ ඩී.බී. කුරුප්පු කළ සිංහල පරිවර්තනය කියවා මට නම් රුසියාව පාලනය ගැන ඉතා දැඩි කලකිරීමක් ඇති වුණා. ඒ ස්ටාලීන් ගේ කාලයේ කෘරකම් නිසායි.

    මිනිසුන් දේශපාලනිකව නිර්වින්දනය කර තිබුණු නිසා, සංස්කෘතික කටයුතු ඳහා උද්යෝගයෙන් සහභාගී වෙන්න ඇති?

    ReplyDelete
    Replies
    1. සෝවියට් අර්ථ ක්‍රමයේ යම් යම් අඩුපාඩු මෙන්ම පුද්ගලික නිදහසේ සීමාවන් තිබුණු බව සැබෑය​. එය සුරපුරක් කියලා මම කියන්නේ නෑ. නමුත් සෝවියට් දේශයේ සංස්කෘතික ජීවිතය අපගේ රටවල සංස්කෘතික ජීවිතයට වඩා උස් තැනක තිබ්බා

      Delete
    2. අපි යනකොට ඒ ස්ටලින්වද්යන් සෑහෙන්න ඇත්වෙලා තිබුනේ.

      Delete
  3. ඔබේ ලිපියේ ඇති කරුණු බොහොමයක් සමග එකගයි.

    කුඩා දිවයිනක කුඩා ජන සමාජයකින් පැමිණි මටද ඉන් පිටත ලෝකය දැකීමට හැකි වුනේ ජපානයේදී. අපිට සමාජය මෙන්ම මාධ්‍යද කියාදී තිබුන කරුණක් වුනේ ශ්‍රී ලංකාව ලෝකයේ ඇති උතුම්ම රට බව. මම අදටත් හිතන්නේ ශ්‍රී ලංකාව ලොකු උතුම් ම රට බව වුනත්, මට ශ්‍රී ලංකාව ලෝකේ උතුම් ම රට වන්නේ ඒ මගේ රට නිසා ම බව අවබෝධකරගෙන තිබෙන්නේ.

    ප්‍රභල සංස්කෘතියක් ඇති ජපානයේ ඉතිහාසය අධ්‍යනය කිරීම මගින් මගේ දැනුමත් බොහොම වැඩි වුනා. ඔබ කියන සංස්කෘතික මිනිසාගේ පරිහානිය ජපානයේත් යම් තරමකින් දකින්න පුළුවන්. සංස්කෘතික ජපන් මිනිසා පරදාගෙන ඇමෙරිකානු උන්මාදයක් ඇති තරුණ තරුණියන් යම් ප්‍රමාණයක් බිහිවීම පෙනෙන්නට තිබෙනවා.

    රුසියාවට ගිහින් නැති වුනත් රුසියානු සිසුන් කිහිපදෙනෙක් සහ වියට්නාම-රුසියා සය අවුරුදු විශේෂ උපාධියක් හදාරා මොස්කවූ ස්ටේට් යුනිවර්සිටියෙන් පැමිණි සගයෙක් සමග වැඩ කිරීමෙන් ලැබූ මගේ අත්දැකීම නම් රුසියානු ඉංජිනේරු උපාධිධාරීන්ගේ තාක්ෂණික හැකියාවන් මෙන්ම පුද්ගල සම්බන්දතාවයන් පවත්වාගැනීමේ හැකියාව ඉතා ඉහල බවයි.

    ReplyDelete
    Replies
    1. අපි ලෝකයට නිරාවරනය විය යුතුයි

      Delete
  4. හෙන්රි ජයසේන ලියපු පොත් තුනෙන් එකක සෝවියට් සංචාරය ගැනත් තියෙනවා. ඒකේ තියෙන විදිහට නමි නාටයයේ අධ්‍යක්ෂකටවත් නළුවා වෙන්ස් කරන්න බැහැලු මිනිහට රාජ්‍ය සම්මානයක් ලැබිච්ච හින්දා. එක්සත් සෝවියට් උනාට යුක්රේන රුසියන් වාදයක් හෝ ප්‍රදේශ වාදයක් තිබ්බ බවත් එ් පොතේ තියෙන්වා හෙනරි ජයසේනට ලැබිච්ච ලේඩි ගයිඩ්ය අතරවරයකට ලක්කරපු විස්කරත් තියෙනවා. ඒක හින්දා ඔබ කයන තරම් සුදු බවක් මට නම්පෙනේනනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. හැම සමාජයකම හොරු ලිංගික අතවරකාරයෝ ඉන්නවා. මම මේ කියන්නේ පොදු ජෙනරල් පික්චර් එක​. ප්‍රාදේශීයවාදයන් හමදම සෝවියට් දේශයේ තිබා. එක්ක මිනිස් ගතියක්

      Delete
  5. ලයිමා වයිකුලිගේ සිංදු වල පෙරදිග හඩක් තියනවා පිරුනු හැඟිමක් දනවනවා,

    //පිදිසත් ත්‍රීතය හොලද ලීතිය// මේ චිත්‍රපට දෙක මතක් කරගන්න බෑ, ටයිප්කරන කොට පැටලිලාද?

    ReplyDelete
    Replies
    1. Холодное лето 53 года / Cold Summer Of 1953

      Delete
  6. අනිත් එක ගීත ගයන්නාට වඩා පිළිගැනීමක් ගීත රචකයට තිබුන කියල මම හිතනව. බොහෝවිට එක ගීත රචකයාගේ ගීය ගායකයින් කීප දෙනෙක් ගයනවා . අනිත් එකේ ගීයක් ප්‍රචරයවීමෙදී පළමුව කියන්නේ කවුරු විසින් රචනය කල ගීයක්ද කියන එක. ලංකාවේ එය වනවා බොහෝ අඩුයි.

    ReplyDelete
  7. USSR was made up of countries ending in -an and -ia except Belarus.

    ReplyDelete
  8. මට කුඩා කල තිබු එකම සිහිනය සෝවියට් දේශයේ සංචාරයේ යෙදීමය. ලුමුම්බා මිත්‍රත්ව සරසවියේ අධ්‍යාපනය හැදෑරීම. ශිත ඍතුවේ දුම්රියෙන් ගමනක් යාම, මොස්කව් රතු චතුරශයේ ඇවිදීම් , ක්‍රෙම්ලින් නැරබීම. සෝවියට් සහිතය තරම් අග්‍රගණයේ සාහිත්‍යක් ලොව කොතනකවත් නැත. එකල අප කියවූ වැඩ බැරි දාසකගේ කතා යුසිකේ ගේ මිතුරෝ සත් දෙනා සහ තවත් රුසියන් ඉංග්‍රීසි පරිවර්තන කිහිපයක් තවමත් මාගේ මනසේ සුන්දරත්වයක් මවා පායි. පසු කාලීනව කියවූ දෙවන ලෝක යුධ සමයේ අබාධිත ගුවන් නියමුවකුගේ කතාවද විශිෂ්ටය. එහි සිංහල පරිවර්තනය කියවුයෙමි. දැදිගම රොද්‍රිගෝ ද බොහොමයක් සෝවියට් කතා අපුරුවට සිංහලයට පරිවර්තනය කළේය.

    අනුව දශකයේ සෝවියට් දේශය බිඳ වැටුණු විට මා කුඩා දරුවෙකු උවත් මා ඉතා කම්පා උනෙමි. නමුත් එදා නොතේරුන යම් දෙයක් දැන් වැටහේ. එය සමස්ත සොවියත් පාලන ක්‍රමයේම වරදක් නොවේ. එයට පිළිතුර රුවන් ලිපිහිම ලබා දී ඇත.

    සෝවියට් අර්ථ ක්‍රමයේ යම් යම් අඩුපාඩු මෙන්ම පුද්ගලික නිදහසේ සීමාවන් තිබුණු බව සැබෑය​. එහෙත් සංස්කෘතික මිනිසෙකු නිර්මාණය කිරීමේලා ඔවුන් බටහිර රටවල් වලට ඉදිරියෙන් සිටි බව මට සිතේ.

    ReplyDelete
  9. මොස්කව් ඩස් නොට් බිලීව් ඉන් ටියර්ස් මෙහෙට ගෙනල්ලම බැලුව. තව බෙරෙග් (beach ) සහ ඉදි ස්මත්‍රී (come and see ) විශිෂ්ට චිතපට. බෝල්ශෝයි එකේ දෙපාරක් බැලුව. ගිය අවුරුද්දේ ළමයි හා බිරිඳ එක්ක සෙන්ට් පිටර්ස්බෙර්ග් ගිය වෙලේ සුප්‍රසිද්ධ මලින්ස්කි එකේ ස්වෝන් ලේක් ආයි බැලුව. කොච්ච්චර් බැලුවත් එපා වෙන්නේ නැහැ. හැබැයි රුවන් තව දෙයක් තියනවා =. ශ්‍රී ලංකාව කියන්නේ සංස්කෘතිය අතින් ඉතා පොහොසත් රටක්. ලංකාවේ අපට සෝවියට් දේශය රහ වැටෙන්නේ ඒ අනුව. එය තව මුවහත් වුණා කිවොත් නිවැරදියි.

    ReplyDelete
    Replies
    1. තව දෙයක් තියනවා =. ශ්‍රී ලංකාව කියන්නේ සංස්කෘතිය අතින් ඉතා පොහොසත් රටක්///////////////// අජිත් මම මේ කියන එකට අපේ දේශප්‍රේමියෝ කුලප්පු වෙයි. අයිවෝ ජෙනිග්ස් කිව්ව නේද ලංකාව සංස්කෘතික කාන්තාරයක් කියලා ?

      Delete
  10. ගුරුසියානු...ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න...

    ReplyDelete
  11. මේ ආර්ටිකල් එකේ font ප්‍රශ්නයක් තියෙනවා. MS-Word වලින් ටයිප් කරලා copy-paste කලානේද? එතකොට හල් කිරීම වලත් ප්‍රශ්න එනවා.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook