වර්ගවාදීන් නොවූ ඇතැම් සිංහල නවතකාකරුවන්ගේ ප්‍රසිද්ධ නවකතාවලින් දුවිඩ මිනිසුන් කෙරෙහි සිංහල මිනිසුන් තුළ තිබූ නුරුස්සනාභාවය ප්‍රකට වී ඇත. නමුත් ඒවා වැඩි සැලකිල්ලට යොමු වී නැත. ඩබ්ලියු. ඒ සිල්වාගේ “කැලෑහඳ” හා ගුණදාස ලියනගේ ලියූ “දෝන කමලාවතී” නවකතාවලින් මෙසේ සිංහල මිනිසුන්ගේ සාමූහික අවිඥානය නිරූපණය වී ඇති ආකාරය විචාරකයින්ගේ අවධානයට යොමු නොවූයේ එය එදවස ඒ හැටි අපූරුවක් නොවූ නිසාද?
ජනවාර්ගික ගැටුම තුළ සිංහල හා ද්‍රවිඩ ජාතීන් තුල පවත්නා සාමූහික අවිඥානයේ බලපෑම අධ්‍යනය කොට ඇත්තේ අඩුවෙන් බව පෙනේ. මෙම ජාතීන් දෙක අතර අවිඥානිකව පවත්නා සතුරු බව හා ගුටුම්කාරී බව ඇතැම් විට වර්තෙමාන ජනවාර්ගික අර්බුධයට තලුලුවක් වන්නට ඇත. එම නිසා ගැටුම් නිරාකරණයේදී සහ ජාතීන් දෙක අතර සාමය හා සහජිවනය ගොඩනැගීමේදී මෙවැනි අවිඥානික සාධක කෙරෙහි සැලකිලිමත් වීමද එවැනි සාධකයන් නිශේධනය කිරීමට ඉවහල් වෙයි. මේ ශත වර්ෂයේ මුල් භාගයේ හෝ ඊට පෙර සිට සිංහල අවිඥානය තුළ දුවිඩයන් කෙරෙහි තිබුණේ සතුරු බවක් මෙන්ම පිළිකුලකි. එය දුටුගැමුණු එළාර යුද්ධය පිළිබඳව සියවස් ගණනාවක් පුරා ඇසූ සොලීන් පිළිබඳ විරෝධය අපගේ සාමූහික අවිඥානය තුළ තැන්පත් වී තිබේ. ඔවුන් තුලද සිංහලයන් පිළිබඳ ඇත්තේ එවැනිම චිත්‍රයකි. ඔවුන් සිංහලයන් අභිබවා ගොස් අපව යටත් කරගනු ඇතැයි අහේතුක බියක් අප තුළ තිබේ. මහජාතිය වන සිංහලයන් සුළුතරය වූ තමන් ගිලගනු ඇතැයි ඔවුන් තුළද එවැනි අහේතුක බියක් තිබේ. නිදහසින් පසු මෙම ජාතීන් දෙක අතර ජාතිවාදී කෝලාහල ඇති විය. ජාතීන් දෙකටම අයත් පුද්ගලයන් කුරිරුකම්වල යෙදුනහ. එම නිසා වඩාත් කුරිරු වූයේ කුමන ජාතියද යන්න එතරම් වැගත් නොවේ.
මෙම හැසිරීම හැඳින්විය යුත්තේ සාමූහික අවිඥානයෙන් මෙහෙයවන්නක් හැටියටය. මේ සාමූහික අවිඥානය collective unconscious පිළිබඳ අප මෙහි අධ්‍යනය කර ඇත්තේ නැති තරම්ය. මේ පිළිබඳ ලෝකයා මුලින්ම දැනුවත් කළේ කාල් ගුස්ටාව් යුංය. හේ පුද්ගල අවිඥානය හා සාමූහික අවිඥානය වශයෙන් ස්ථර දෙකකට අවිඥානය බෙදුවේය. සාමූහික අවිඥානයේ අනාදිමත් කාලයක් පුරා ජනවාර්ගික වශයෙන් හා සංස්කෘතිකමය වශයෙන් මෙන්ම පොදුවේ මානව වර්ගයා ලුළ පැවැති ස්මරණයන්ද එක් රැස්ව පවතින බව ඔහු පෙන්වා දුන්නේය. අපි දැන් ඩබ්ලියු. ඒ සිල්වාගේ “කැලෑහඳ” නවකතාවේ මුල්පිටු කිපය පෙරළා මේ ගැන හොයමු.
“මාලිනී ද සීයාගේ නියමයට අනුව නිතරම තම කනකර ගැන සෝදිසියෙන් සිටියාය. ඇයට තම ගමේ උත්සවයන් හා රුස්වීම්වලදී මහ සෙනග අතර හැසිරුණු පළපුරුදුකම් ඇතිවත්, ඒ පළපුරුදුකමක වග මෙහිදී නොදැනේ. මේ දකුණු කොළඹ මෙන්ම හින්දු දේවස්ථානයද වෙයි. බොහෝ සේ හැසිරෙන දෙමළ ජනයාද ඇයට අපූර්ව දර්ශෙනයකි. ඈ සිංහල පිරිසකට නම් කැමතිය. සිංහල පිරිසක් අතර තෙරපෙන්නෙකුට ලැබෙන්නේ තෙරපීමේ පීඩාව පමණකි. දෙමළ සෙනඟක් අතර තෙරපෙන්නෙකුට තෙරපීමේ පීඩාව සමඟ වැස්මක් නැති ඇඟෙන් නික්මෙන දෙමළ දහදිය ගඳද ඉවසන්නට සිදුවේ.”
ඩබ්ලියු. ඒ. සිල්වා මහතාගේ විස්තර වර්ණනාව අනුව දෙමළ ගඳ පතුරුවන මිනිසුන් එක්තරා ආකාරයක මනුෂ්‍ය කොටසකි. ඔවුන් අප මෙන් පිරිසිඳු නැත. අපිරිසිදු ජන කොටසකි. ඩබ්ලියු. ඒ. සිල්වා මහතා පිළිබඳව නොදත් පුද්ගලයෙකු ඔහු ඉතා වර්ගවාදියකු ලෙස හෙළාදකිනු නිසැකය. එහෙත් ඔහු කුරිරු ගතිවලින් තොර යහපත් මිනිසෙක් විය. ඔහුගේ පෑන් තුඩින් ලියැවෙන්නේ සිංහල මධ්‍යම පන්තියක ආකල්ප විය හැක. ඔවුන් දමිළයන් කෙරෙහි වෛරයක් නැති වුවද යම් ආකාරයෙක පිළිකුලක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් පෙන්වූහ. මෙම මානසික ශේෂයන් අද දක්වාම සිංහල සාමූහික විඥානයේ රැඳී තිබෙයි. එම නවකතාවේ තවත් තැනෙක දැක්වෙන විස්තරයක් මෙසේය.
“ඔන්න….. ඔන්න….. වේල් එනෝ….. වේල් එනෝ….. සිංහලෙන් මාලිනියට ශ්‍රවණය වූ එකම ජනරාවය මෙපමණයි. එයින් මේ වේල් පෙරහැර එන කලබලය බව ඈ තේරුම් ගත්තාය. ඇය කෙරේ ද වේ ල් පෙරහැර දකින ආශාව බලවත් විය. එහෙත් ඇයට එය තවමත් නොපෙනේ. ඇයට වරින්වර පෙනෙන්නේ සෙනඟ සැඩපහර මැදින් පෙම් කෙළින මත්ස්‍යයන් මෙන් උඩ නැගෙන වේවැල් පහරවල් හා බැටන් පොලු පමණකි. කෙළිලොලින් මත්ව විගඩ වෙසින් නටන දෙමළ ජනයා සංසිඳුවන පොලිස් භටයන්ගේ හා පෙරහර නායකයන්ගේ මේ බැටන් පොලු හා වේවැල් සරඹය අන් කාහට කෙසේ වුවත් මාලනියට නම් සිත් පිනවන දර්ශනයක් නොවීය.”
මෙම විස්තරයෙන් ගම්‍ය වන්නේ වේල් පෙරහර නිාස කලබලයට පත් වූ ද්‍රවිඩ සෙනගට පොලිස් භටයන් විසින් පහරදීමය. එකල එවැනි පහරදීම් නිබඳවම සිදු වූ බව පැරණි පොලිස් නිලධාරීන් අවංකවම පිළිගනියි. එය ඩබ්ලියු. ඒ. සිල්වා මහතගේ විස්තර වර්ණනාවටද එක්විය. මෙම විසත්රය බෙහෙවින්ම කිට්ටුවන්නේ බර්මිංහැම් හි 60 දශකයේ මාටිං ලුතර් කිංගේ සාමකාමී පෙළපාළියට පොලිස් භටයින් විසින් පහරදීමය. දශක ගණනාවක් පුරා කැලෑ හඳ කියවන පාඨකයන් මේ වන තෙක් එවැනි පහරදීමක් හෙළාදැක නැත. කිසිඳු ප්‍රශ්න කිරීමකින් තොරව අපි දශක ගණනාවක් කියවූයෙමු. එසේම චිත්‍රපටයට ද නැගුණි. කිසිවකු මෙම ඡේදය පිළිබඳ කිසිදු ප්‍රශ්න කිරීමක් නොකළහ. එ මන්දයත් අපගේ ලෝකයේ මෙය සුළු සිද්ධියකි. කිසිසේත්ම ගණන් ගත යුතු නොවන්නකි. අපගේ සංස්කෘතිය කේන්ද්‍ර කොට සිතීමේදී අප එය පිටස්තර අහඹු සිද්ධියක් ලෙස සලකමු. එහෙත් 1915 බෞද්ධ පෙරහරකට යෝනකයන් ගල් ගැසූ විට අපි සසල වූයෙමු. ආගමික පෙරහරකට අවහිරතා ඇති කළ හැක්කේ කෙසේද? යන්න අපි ප්‍රශ්න කෙළෙමු. එහෙත් කැලෑ හඳ නවකතාවේ පොලිස් භටයන් ද්රවිඩ බැතිමතුන්ට බැටන් පහරදීම අපගේ චින්තනය අනුව සුළු සිදුවීමකි.
එවැනි පහර දීමක් ඔවුන්ගේ කෝණයෙන් බලමු. ‘දුප්පත් ද්‍රවිඩ බැතිමතුන් පිරිසක් වන අප වේල් පෙරහැර නැරඹීම සඳහා පැමිණියෙමු. අපගේ උනන්දුව තීව්‍රර වීමෙන් පාර මදක් අවහිර විය. එහි රාජකාරියේ නිරතව සිටින සිංහල පොලිස් භටයන් අපට නිර්දෙය ලෙස පහර දුන්හ. අප දුප්පත් නිසාත්, අසරණ නිසාත්, කළ හැක්කක් නොවීය. බැටන් පොලු පහර වැදීම නිසා තඩිස්සි වී ගිය අත් පාවල අපි තෙල් ආලේප කළෙමු.’ මෙවැනි සිද්ධියක් දැන් දුටු පුද්ගලයෙකුට ඇතිවන හැඟීම කුමක්ද? එසේම තමාගේ පියා එලෙස නිර්දය ප්‍රහාරයකට ලක්වනු දැකීම තුළින් දෙමළ ළමයා තුළ ඇතිවන හැඟීම කෙබඳු වේද? අපි අපගේ සදාචාරයෙන් ප්‍රශ්න කිරීමේ කාලයට එළැඹී සිටිමු. මෙයට ප්‍රතිඋත්තර ලෙස දෙමළුන් ගෝමරන්කඩවලදී හෝ ගෝනාගලදී සිංහල දරුවන් පෙති ගැසූ බව කිවහැක. එක වරදක් තවත් වරදක් මකා නොදමයි. කුඩා වතුර බින්දු බිඳු එක්වීමෙන් මහා ජලාශයක් සෑදෙන අයුරු අපි පාසලේදී උගත්තෙමු. සිංහල, දෙමළ, වාර්ගික අර්බුධය එලෙස කුඩා ජලබිඳු එක්වීමෙන් සැදුනු මහා ජලාශයකි.
අපි යලිත් කැලහඳ කෘතියට පිවිසෙමු. මාලිනියට කැලෑ හඳේ දෙමළ ගඳ ඉවසිය නොහැකි විට හටගන්නා තත්වයයි මේ ‘සෙනඟ මැදද නොයෙක් ගැටුම් ගැටෙන බව ඇයට දැනේ. එහෙත් ඒ කිසිවක් ඇයට නොපෙනේ. ඇය ඉදිරියේ තාර ගා කළු කළ තාප්පයක් වැනි උරයෙන් උර පැහැර සිට එකම දෙමළ සරණියක් හැකිතාක් උස් වෙමින් ඒ දෙමළ පෙළට උඩින් කරනගා ඈ මේ නැටුම් බලන්නට වෑයම් නළාය. ඇයගේ වෑයම සඵල නොවීය. ඇය වැනි බොළඳ වියේ සිටි මිටි තරුණියකට තබා උස පිරිමියකුටවත් මේ සෙනග සරණිය ඉක්මවා කිසිවක් දෙස බැලිය නොහැකියි. ඈ සුසුම් හෙලුවාය. සුසුම් හෙලීමට විනා ගැනීමටවත් ඇයට අවකාශයක් නැති දෙමළ ඇඟවලින් නික්මෙන දුගඳ එතරම්ම පිළිකුල් විය.’
ඩබ්ලියු. ඒ. සිල්වා මහතා දමිළයන් ගැන වර්ගවාදී පිළිකුල් කෝපයකින් බැලූ පුද්ගලයකු නොවීය. ඔහු සඳහන් කරන්නේ එකල සිංහලයකු දෙමළ ජනකායක් ග්‍රහණය කරගන්නා ආකාරයයි. හැබැවින්ම ජාතීන් දෙක අතර තදබල හිඩැස් තිබූ බව මේ අනුව පෙනීයයි. කැලෑ හඳ නවකාතාවේ සිංහල සාධූ නාදය සහ හින්දු හරෝ හරා නාදය සන්සන්දනය කරයි. අපි ආගම්වලිනුත් දුරස්ව සිටියෙමු. අපගේ ආගම ශ්‍රේෂ්ඨ බවත්, අන්‍යන්ගේ ආගම මිත්‍යා දෘෂ්ටික බවත් උපකල්පන කරන්නේ තත්ත්වය උග්‍ර වූ විටදීය. රත්තරන් සොයා දකුණු ඇමරිකාවට ගිය ස්පාඤ්ඤ ජාතික පිසාරෝ ස්වදේශික ජනයා මරා දැමුවේ ඉතා කෲරත්වයක් පෙන්වමිනි. එහෙත් එම ඝාතන පිළිබඳව ඔහුට කිසිඳු වරදකාරී බවක් නොවීය. ඒ මන්දයත් ස්වදේශිකයන් ක්‍රිස්තු භක්තික නොවූ මිත්‍යා දෘෂ්ටිකයන් වූ නිසාය. දොන් ජෙරනිමෝද අසවේදු ඇතුළු පෘතුගීසී සෙන්පතියන් සිංහල ගම් විනාශ කළේත්, මිනිසුන් කිඹුලන්ට ආහාර පිණිස දැමූවේත්, බිළිඳුන් උඩ දමා කඩු තුඩින් අල්ලා කඩුගෑවේත්, ඔවුන් මිත්‍යා දෘෂ්ටිකයන් වූ නිසාය. ඔවුන්ගේ කෝණයෙන් බලනවිට ඔවුන් ඝාතකයන් නොවේය යන නිගමනයට පහසුවෙන් එළැඹිය හැකිව තිබුණි.
කැළෑ හඳ කෘතියට බොහෝ කලකට පසුව 1971 වසරේ පළකරන ලද ගුණදාස ලියනගේ මහතාගේ දෝන කමලාවතී නවකතාවේ දෙමළ වතු කම්කරුවන් ගැන මෙසේ කියයි. “කඩයට ආගිය අයගෙන් මා වඩාත් පිළිකුල් කළේ හල්වතුර වත්තේ දෙමළ මිනිසුන් සහ ගැහැනුන්ය. දෙමළ මිනිසකු හෝ ගැහැනියක කඩයට එන විට මා ඇස් පියාගෙන සිටියත් ඔවුන් ගඳින් ඇඳින ගැනීමට මට ශක්තියක් තිබුණි. ඔවුන් ළඟ තිබුණේ පුදුම හඬු ගඳක්, හඬු ගඳගසන වේට්ටිවල, සාරිවල ගැටගසා ඇති සල්ලි දිග හැර මා අතට දුන් විට මා ඒවා ගත්තේ අදං ආතාගේ සල්ලි ගන්නවාටත් වඩා පිළිකුලෙනි.”
ගුණදාස ලියන්ගේ මහතා බොහෝ ඇසූ පිරූ තැන් ඇති වියත් ලේඛකයකු විය. ඔහු ජාතිවාදියකු නොවීය. මෙම නවකතාවෙන් ප්‍රකාශ වන්නේ ද්‍රවිඩ වතු කම්කරුවන් පිළිබඳව ගැමියන් තුළ තිබූ චිත්‍රයයි. ඔවුන් අසරණ නමුත් පිළිකුල් සහගත කොටසක් බව ගැමියෝ විශ්වාස කළහ. ඩබ්ලියු. ඒ. සිල්වා මහතාත්, ගුණදාස ලියනගේ මහතාත් පෙන්වාදෙනුයේ දමිළයන් පිළිබඳ සාමාන්‍ය ජනතාව තුළ තිබූ හැඟීම්ය. ඔවුන් පිටස්තරයන් බව සිංහල අවිඥානයේ තිබුණි. එම නිසා ජනවාර්ගික ගැටුම්වලදී සහකම්පණීය අවබෝධකයින් තොරව ඔවුනට පහරදීමට ගැමියන්ට හැකි වූහ. වාර්ගික වශයෙන් එකිනෙකා ප්‍රතික්ෂේල කරන හෝ සතුරු බව පෙන්වන අවිඥානික ශේෂයන් සිංහල හා ද්‍රවිඩ මනැස්වල රැඳී පවතියි. එම නිසා එවැනි අවිඥානික ශේෂයන් පිළිබඳ දැනුවත් විම හා විශ්ලේශනය මඟින් මෙම ජාතීන් දෙක අතර පවත්නා දුරස්ථ බව අවම කළ හැක. එබැවින් ගැටුම් නිරාකෙරණයේදී මෙකී අවිඥානික ස්කීමාවන් (Schema) කෙරෙහි අවධානය යොමු විය යුතුය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග

මට නම් දමිළ හෝ වෙනත් කිසිම ආගමක මිනිස්සු හෝ ආගමක් අදහන්නේ නැති මිනිස්සු ගැන කිසිම කහටක් නෑ. දමිළ යුවතියක් විවහා කරගැනීමට මං ඉන්නෙත්. මේ රටේ ද්‍රවිඩ ජනාධිපතිවරයෙක් බිහි වෙනවා නං මං කැමතියි. වෙනත් ජාතිකයන් ගැනත් මට කිසිම ප්‍රශ්නයක් නෑ, එක කොට්ඨාශයක් ඇරෙන්න.
ReplyDeleteඒ කියන්නේ මුස්ලිම්වරුන්. මුස්ලිම්වරුන් ගැන නං මගේ හිතට එන්නෙම ලොකු අප්‍රසන්න බවක්. මං දන්නේ නෑ ඒ ඇයි කියලා.
මං වැඩ කරන්නේ ගුවන් සමාගමක. ඉතිං විවිද රටවල් වලට යන්න වෙනවා. මැදපෙරදිග රටවලට යන ෆ්ලයිට් වල වැඩ කරන්න තියෙනකොටත් අප්‍රසන්න බවක් එන්නේ.පෞද්ගලිකව මට කිසිම හානියක් මේ අය කරලා නෑ. ඒත් මේ පිළිකුල් බවක් එන්නේ ඇයි කියලා මං දන්නෙත් නෑ. අප්‍රසන්න බවක් එන නිසා මං ඒ උදවිය මගඇරලා ඉන්න තමයි බලන්නේ.
ඔබ ඉන්නේ මුස්ලිම් මිනිසුන්ට එරෙහිව හිත කන්ඩිෂන් කරගෙන. ඒ පුර්ව කොන්දේසිය පවතින තුරුම ඔබ මුස්ලිම් ජාතියට විරුද්ධයි. ඔබ දෙමළ යුවතියක් විවාහ කරගන්නට සිතාගන සිටියත් මුස්ලිම් යුවතියක් සිපගන්න අවස්තාව ලැබුනොත් එය මග හරින්න එපා. තොල් පටලා ගන්න තරමට දුරදිග ගියොත් ඊට ඉඩදෙන්න. ඔබේ මුස්ලිම් විරෝධයට හේතුව හොයාගන්නත් කලින් විරෝධාකල්පය නැතිවේවි. ඔබට ජය!
Deleteහේතුව එයාලගේ ලෝගුව, ලොගුව ඔවුන්ට සාපේක්ෂව වාසි දායකයි, ඉස්සර ලංකාවේ මුස්ලිම් කාන්තාවෝ බොහොමයක් ලෝගුව ඇන්දේ නෑ, සාරිය ඇදලා වෙල්එකවගේ දාගෙන හිටියා. ඔවුන් අව්වේ කර්කෂ වැඩ තළ නිසා සම වියලී කළු ගැසී තිබුනා, මැදපෙරදිග රැකියා සුලබවීම නිසා ඔවුන් ලෝගුවට හුරුවූවා, එය දරා සිටීම අපහසුවුනත් අව්වෙන් සහ දූවිල්ලේන් ඔවුන්ගේ සම දුර්වර්ණවීම වලක්වනවා
Deleteදෙමළ සමාජයේ බෙදීම් රාශියක් ඇති නිසා එකමුතුකම අඩුයි, නමුත් මුස්ලිම් සමාජයේ කුලබේද නෑ, පොහොසත් දුප්පත් බේදය සහ නොසැලකිය හැකි ගම්පොළ /අකුරණ වැනි නුරුස්සුම් පමණයි, ඒ නිසා ඔවුනතර එකමුතු කම ඉහලයි, බාහිර සමාජයේ රැකවරණ ඔවුනට අවශ්‍ය නෑ, එනිසා ලොගුව දරා සිටීමේ ප්‍රතිලාභවැඩී.
හොඳ මුස්ලිම් ජාතිකයන් මට හමුවී තිබෙනවා. මට මුස්ලිම් ජාතික මිතුරෝ බොහෝ වෙති.
DeleteVery nice article. People who blame only on the government for what happened in 1983 should read this.
ReplyDeletethanks
Deleteමනුෂ්‍යයන්ගේ මේ චින්තන රටාව විද්‍යාත්මකව තේරුම් කරන්න තරම් දැනීමක් මට නෑ. අපතුල ජීවත්වන තිරිසනා පාලනය කරගැනීමට ඇති නොහැකියාව මිට හේතුව කියලයි මට හිතෙන්නේ. කවුරු හරි කමක් නෑ අපට පහලින් තබාගන්න පුලුවන්නම්. ජර්මානුවන් තවමත් ප්‍රංස ජාතිකයන්ට එතරම් හිතවත් කමක් නෑ. පෝලන්ත ජාතිකයන් ජර්මානුවන්ට තවමත් කැමති නෑ. ඇමරිකානුවන් මෙක්සිකෝ ජාතිකයන්ට කැමති නැහැ. මේ වගේ ලෝකේ පුරාම ජිවත් වෙන ජාතීන් තවත් ජාතියකට අකමැති බවක් පෙනෙනවා. මෙක්සිකෝ ජාතිකයන් මේ ඇමරිකානු චින්තනය දිහා උපහාසයෙන් බලන්නේ මෙහෙම කියලයි.
ReplyDelete"උඹලට අපේ කෑම හොඳයි. අපේ සංගීතය හොඳයි. අපේ ගෑනුත් හොඳයි. අපි විතරක් නරකයි."
athha
Deleteහැබෑටම අපිත් කියනවා නේද ඉස්සර සිංහල දෙමල දෙගොල්ල බොහොම සමගියෙන් හිටියා කියලා. මම හිතන්නේ ඇත්ත තත්වය මීට කලින් මේ විදිහට විශ්ලේෂණය කරලා නැහැ කවුරුවත්ම. ඩොක්ටර් කරලා තියෙන්නේ ඉතාම වැදගත් දෙයක්.
ReplyDelete// දොන් ජෙරනිමෝද අසවේදු ඇතුළු පෘතුගීසී සෙන්පතියන් සිංහල ගම් විනාශ කළේත්, මිනිසුන් කිඹුලන්ට ආහාර පිණිස දැමූවේත්, බිළිඳුන් උඩ දමා කඩු තුඩින් අල්ලා කඩුගෑවේත්, ඔවුන් මිත්‍යා දෘෂ්ටිකයන් වූ නිසාය.//
මෙන්න මේ කොටස ඇත්තද කියලා මට සැකයක් තියනවා අපේ නූතන ඉතිහාස පොත් වල ලියවී තිබුනත්. පෘතුගීසීන් අපේ වෙහෙර විහාර විනාශ කළා. හාමුදුරුවරුන් ඔවුන්ගේ ප්‍රදේශ වලින් එළවා දැමූ මුත් මැරුවේ නැහැ. බුද්ධාගම ඇදහීම තහනම් නොකර, කතෝලික ආගමට හරවා ගැනීමට බදු සහන යනාදිය දුන්නා (උදාහරණ - කතෝලිකයින් මල බද්දෙන් නිදහස් කිරීම). සාමාන්‍ය මිනිසුන් කෲර ලෙස ඝාතනය කල බව, ඒ කාලයේ ලියවුන පොතක තියනවාද?
ඇනෝ ඒ කතා ඇත්ත. පහතරට ප්‍රදේශවල බුදුදහම ඇදහුවෙ හොරෙන්. අහුවුනොත් මරනවා. අසවේදු පමනක් නොවෙයි මේ අපරාධ කලේ. අසවේදු යටතේ සිටි සීමන් කොරයා වැන්නන් කල අපරාධ මෙහි කැපී පෙනෙනවා. කිරි දරුවන් වංගෙඩි වලට දමා මවුවරුන් ලවා කෙටවීම සීමන් කොරයා විසින් හදුන්වාදුන්නක්. අසවේදු යටතේ සිටි දොමින්ගු කොරයා ,සීමන් කොරයා, සමරකෝන් මුදලි යන අයගේ නායකත්වයෙන් යුත් ලස්කිරිඤ්ඤ හමුදාව මේ අපරාධ වල මූලිකත්වය ගත්තා.
Deleteපෘතුගීසීන් කිසිදාක ආගමික නිදහසක් දුන්නෙ නෑ. වඩාත්ම සහනශීලී පෘතුගීසි කපිතන් ජෙනරල් වූ කොන්ස්තන්තීනුද සා නොරොඤ්ඤා පවා මිත්‍යා දෘෂ්ටිකයන් විනාශකිරීම අනුමත කලා.
@මධ්‍යස්ථ මතධාරියාJanuary 6, 2017 at 2:45 PM
Delete//ඇනෝ ඒ කතා ඇත්ත.//
ඔබට මේ පිලිබඳව පිළිගත හැකි මුලාශ්‍ර තියනවද? මම කියන්නේ කට කතා නැතුව, ඒ කාලයේ ලියවුනු පොත් හා ලියවිලි? ඒ කාලයේ ලියවුනු පෘතුගීසි පොත් කියවීමේදී නම් අහිංසක මිනිසුන් මරා දැමීම් ගැන සඳහන් වෙලා නැහැ. හැබැයි, යුද්ධයේදී අසුවුණු සතුරු භටයන් නම් ඝාතනය කළා. එය ඒ කාලයේ යුද්ධ වලදී සාමාන්‍ය දෙයක්ව තිබුනා.
පෘතුගීසීන් සාමාන්‍ය මිනිසුන් මරා නොදැමූ බවට ඔබ කරන ප්‍රකාශය හාස්‍යජනකයි. මට මේ මොහොතෙනම් මූලාශ්‍ර හොයන්න කාලවේලාවක් නෑ.
Deleteපිලිප්ද ඔලිවේරා යාපනය අාක්‍රමනය කරනවිට පරංගි සෙබලුන් මන්නාරමෙ ගෑනුන්ගෙ තන් කපමින් ගිය හැටි ලියා අැත්තෙ පූජකයෙක්.
පෘතුගීසීන් මෙවැනි දේ හෙලා දැකල ගෝවට හා ලිස්බනයට ලියා යැවූ ලේඛනත් තිබෙනවා.
මේේ මූලාශ්‍ර ලියා අැත්තෙ පෘතුගීසීන්ම වීම වැදගත්. මිත්‍යාදෘෂ්ටිකයන්ට කල හිරිහැර නිසා දෙවියන් ඔවුන් ගැන පැහැදීමක් අැතිවනු අඅතැයි යන මානසිකත්වයක් ඔවුන්ටතිබුන.
මම අැතැම් මූලාශ්‍ර කියවා තියනව. වෙනඅය ඒවා කියවා ලියූ ලිපිත් අාධාර කර ගත්තා.
ඔබ කියනවනම් මූලාශ්‍ර සහිතව පෝස්ට් එකක් දාන්නම්
අසේවෙදු ගේ කෘරත්වය ගැන ලියවෙච්ච පත පොත තියෙනවා. මම උසස් පෙළ ව්‍යාපෘතිය විදියට කලේ මල්වානේ තිබුනා යයි කියන අසවේදුගේ බලකොටුව ගැන හොයපු එක. මම එකේ විස්තර හොයන්න ඒ දවස් වල කොළොඹ කෞතුකාගාරේ පවා ගිහින් තොරතුරු හෙව්වා. ඒ කතා කට කතා කියල බැහැර කරන්න බෑ.
Deleteපෘතුගීසීන් මිනී මැරුවා
Deleteයුරෝපයේ එකම ක්‍රිස්තියානි ඇදහීමේ විවිධ නිකායන් අතර සිදුවී ඇති මරාගැනීම් ගැන සළකන විට, කතෝලිකයින් ලංකාවේ වෙනත් ආගමක් අදහන අයට කළ අපරාධ ගැන කිසිම සැකයක් ඇති වෙන්නේ නෑ.
Deleteයුරෝපයේ වෙනත් නිකායන්වල අයව සමූල ඝාතනය හෝ මරා දැමීම් කර තිබෙනවා ප්‍රංශය, ජර්මනිය, සුවිට්සර්ලන්තය ආදී රටවල. සමහර ඝාතනවලට හේතුව වී ඇත්තේ ඉරිදා වැඩ කරනවා ද, නිවාඩු ගන්නවාද වැනි සරල කාරණා!
ඔතන වෙන පැත්තකුත් තියෙනවා.
ReplyDeleteලාංකික දෙමල ජාතිවාදය ලන්දේසීන් විසින් වින්නඹුකම්කර බිරිතානීන් විසින් බෞතීස්ම කෙරුණු එකක්.
බිරිතානීන්ගේ උපක්‍රමයක් වූයේ තම ආධිපත්‍යයට දිව්‍යමය බවක් ආරෝපනයකර යටත් ජාතීන් හීනමානයක් ඇතිකිරීමයි.
එමනිසාම බිරිතානි අධිරාජ්‍යට සේවයකල දිසාපතිවරුන්, ගම්මුලාදෑනීන්, නඩුකාරයින් හැඳින්වීමට
දිසාපති හාමුදුරුවෝ, ආරච්චි හාමුදුරුවෝ, නඩුකාර හාමුදුරුවෝ වැනි වචන පාවිච්චියට සිංහලයන් පුරුදු කෙරෙව්වා.
මන්ත්‍රී හාමුදුරුවෝ, ඇමති හාමුදුරුවෝ, අගමැති හාමුදුරුවෝ වැනි යෙදුම් සිංහල බාශාවේ නැතිබව සිහිකරන්රගන්න.
එසේම බිරිතානි අධිරාජ්‍යයට සේවයකල දෙමල වෙල්ලාලයන් කෙරෙහිත් ඒ ආකාරයේම අනවශ්‍ය භක්තියක් ඇතිකරවීමටත් බිරිතානීන් කටයුතුකලා.
https://vibheeshana2.blogspot.com/2015/03/fucking-sinhala-extremists.html
මෙම බ්ලොග් ලිපියේ මෙම කොමෙන්ටුව කියවා බලන්න.
දෙමල කතා කරන මනුස්සයා කොච්චර දුක් කම්කටොලු තිබ්බත් මහන්සි වෙලා ඉගෙන ගනිද්දී , ඉගෙන ගෙන ලෝකය දිනද්දී අපේ සිංහලු ළිං ගෙම්බෝ වගේ රෙද්දේ දේශප්‍රේමයක් අලල්ගෙන බෙරිහන් දෙන එකෙන්ම කතාව ඔප්පු වෙනවා.
මෙයින් විභීෂණයා තැත්කරන්නේ දෙමළුන් (වෙල්ලාලයන්) යනු සූර වීර කඩිසර බුද්ධිමත් ................. මාර ශ්‍රේෂ්ඨ ජාතියක් බවත්,
සිංහලයන් ඉතා පහත් මිනිසුන් වර්ගයක් බවත් එමනිසා සිංහලයන් නිවට නියාළු ලෙස දෙමළු ඉදිරියේ දනගසා වැඳිය යුතු බවත් නොවේද??? මෙවැනි අදහස්වලින් කෙරෙනුයේ සිංහල බෞද්ධයන්ගේ කොන්ද කඩාදැමීම නොවේද?
මෙය විභීශණයාගේ වරදක් නොව උගේ ආගමේ වරදක් බව ප්‍රකාශ කරමි. සිංහල බෞද්ධයන් වන අප සිංහල කිතුනුවන් ඇසුරු කිරීමේදී ඉතා ප්‍රවේසම් විය යුතුය. නැතිනම් අප නොමඟ යා හැක.
එසේම සිංහල කිතුනුවන්ද දේශපාලන වශයෙන් සිංහල බෞද්ධයන්ගේ තත්වයට හැරවීමටද උත්සාහ කලයුතුයි.
//ඔතන වෙන පැත්තකුත් තියෙනවා.
Deleteලාංකික දෙමල ජාතිවාදය ලන්දේසීන් විසින් වින්නඹුකම්කර බිරිතානීන් විසින් බෞතීස්ම කෙරුණු එකක්.//
ඔන්න අපි පිළිගත්තා හොඳේ.
@ jagath pathirana
Deleteඅනේද බන් ජගත් කියන්නේ...............
ක්‍රිස්තියානියි අරුන්ටයි මුන්ටයි වෙන වැඩක් නෑ නේ.................
උබේ සින්හල බවුද්ද මෙව්වා ඵකට කෙලින්න ප්ලෑන් කොර කොර ඉන්නවා අරෙන්න..................
අනේ බන් තොපි වගේ පිස්සු සින්හල බවුද්ද නම විකුනන් කන හීනමාන කාරයොයි, උබ වගේම පිස්සු කතෝලිකයොයි, පිස්සු හම්බයොයි,පොන්ගු තමිල් කාරයොයි ඉන්නකන් මේ රටට හරියයිද බන්,???
අනේ අපේ සින්හල බවුජ්ජ පුරන් අප්පුලා ටික චෑන්ස් ඵකක් ආපු හටියෙ බෝට්ටුවෙන් හරි, කිරිස්තියානි ඉතාලියට හරි.......ඔස්ට්‍රේලියාවට හරි පනින්නේ අයි බන්???
ඵහෙම බැරි ඵකා තම්බි අරාබියට හරි............දැන් ක්‍රිස්තියානි පිස්සන් බහුතරය වී අති දකුනු කොරියාවට හරි පනිනවා................
හින්ගල බවුජ්ජ ගෑනු ටික තම්බිලාගේ රටවල් වලට හලාල් කොරලා නේ බන් මේ රට මෙහෙම හරි දුවාගන්නේ???ඇයි බන් ඵ් ???
ක්‍රිස්තියානි පිස්සොයි...........තම්බි පිස්සොයි.................උනුත් ඵ් වගේමයි ඉතින්..................
අනේ උබලා වගේ ගෝත්තරේයි............ගෝත්තරේ ඇදහිල්ලයි බදාගෙන ඉන්න නියැන්ඩර්තාල් ලා ඉන්නකම් කවදා මේ රට හදන්නද බන්???
ලැජ්ජයි යකෝ........තොඉ විබීශනයයි වගේ නියැන්ඩර්තාල්ලා ඉපදුන රටේ අපිත් ඉපදුනානේ.....................
දැන් එතකොට කොහොම කෙරුවොත්ද හරි?
Deleteශුද්ධ බයිබලයේ තියෙනවා "දිළින්දෝ සැමදා ඔබ සමඟ සිටියි" කියලා
Deleteඒ නිසා ඔය දුප්පත්කම කියන එක කෝකටත් තෛලය කරගන්න එපා.
මිස්ටර් ජගත් පතිරණ,
Deleteසේරටම කලින් හොඳ සිංහල පන්තියක් හොයාගෙන "සිංහල භාෂාව" නිවැරදිව ලියන්න, ලියාපු දේ කියෝගන්න කියෝ ගත්තු දේ හරියට තේරුම් ගන්න ඉගෙන ගන්න.
තමුසේ හිතන තරම් බක්කක් මං ඔය පොස්ට් එකේ ලියලා නෑ හලෝ..
තමුසෙලා වගේ එවුන් ට තියෙන අවාසනාවන්ත රෝග ලක්ෂණ ගැන තමයි ඩොක්ටර් මේ ලියලා තියෙන්නේ.
@විභීෂණ II
Deleteමේ සටහන කියවා තියෙනවා නේද?
http://rasikalogy.blogspot.com.au/2014/12/story-of-evil-mind.html
"ගුණදාස ලියන්ගේ මහතා බොහෝ ඇසූ පිරූ තැන් ඇති වියත් ලේඛකයකු විය. ඔහු ජාතිවාදියකු නොවීය"
ReplyDeleteAre you sure Ruwan?
yes why ?
Delete"එහෙත් 1915 බෞද්ධ පෙරහරකට යෝනකයන් ගල් ගැසූ විට අපි සසල වූයෙමු. ආගමික පෙරහරකට අවහිරතා ඇති කළ හැක්කේ කෙසේද? යන්න අපි ප්‍රශ්න කෙළෙමු. එහෙත් කැලෑ හඳ නවකතාවේ පොලිස් භටයන් ද්රවිඩ බැතිමතුන්ට බැටන් පහරදීම අපගේ චින්තනය අනුව සුළු සිදුවීමකි."
ReplyDeleteතම්බියන් බෞද්ධ පෙරහැරට ගල් ගැසීම සහ පොතක තියෙන "ආණ්ඩුවේ පොලිසිය" දෙමළුන්ගේ වේල් පෙරහැරකට ගැසීම සමාන වන්නේ කෙලෙසද. පොතේ ඇත්තේ හිතළුවක්, තම්බි ගල් ගැසුවේ සැබෑ පෙරහැරකට. ආණ්ඩුවේ පොලිසිය යනු සිංහලයාගේ නියෝජනය පමණක්ද.
මින් ඔබ අදහස් කරන්නේ කුමක්ද, මම යෝජනා කරනවා සිංහල බෞද්ධ ජනයා කෙරේ ඔබ යම් මානසික වෛරයකින් පසුවන බවට.
1) පොලිස් භටයන් ද්රවිඩ බැතිමතුන්ට බැටන් පහරදීම කරලම නැද්ද ? පොලිස් භටයන් සියඹලා ගෙනල්ලම නෑ ?
Delete2) මම යෝජනා කරනවා සිංහල බෞද්ධ ජනයා කෙරේ ඔබ යම් මානසික වෛරයකින් පසුවන බවට ////////// // ඒ ඔබ තුල තිබෙන ජාතිවාදී හැඟීම් නිසා මතුවූ වැරදි උපකල්පනයක්
සිංහල ගඳ හා දෙමළ ගඳ
ReplyDeleteඅපි පුංචිකාලයේ දෙමළ කියන වචනය ඇසෙනවිට අපුල ගඳක් වගේ නහයට දැණුනා, දැන් ඒ ගඳ මොකක්ද කියා විස්තර කරන්න බෑ. අපට දෙමළ අය හමුවුනේ කළාතුරකින්, නමුත් වතු ආශ්‍රිතව හැදුණු වැඩුනු අම්මා සහ සීයා ආච්චිලා දෙමළු ගඳයි කියා කීවා, නඟරයේ කැළි කසළ ඉවත් කලේ දේමළ ජනයා. තරුණ වයසේදී දෙමළ තරුණ තරුණියන් බොහොමයක් ඉතා ළඟින් ආශ්‍රය කළා අපුල ගඳ මතකයට ආවේ නෑ, දෙමළ කෙල්ලන්ට ක්‍රශ් දෙකක් සහ බොහොම කෙටි කාලීන ලව් එකකකුත් තිබ්බා.වැදගත්ම කාරණය නම් අම්මාට දෙමළ මිනිසුන්ගේ ගඳ දැණුනේ කෙසේද කියා, මන්දයත් ඇය කියා තියනවා පුංචි කාලයේ ඔවුනතර (ඇය සහ සහෝදර සහෝදරියන් 11) හොරි කසානා බහුලව තිබූ බව, කොහොඹ කොළ තැම්බූ වතුරෙන් ප්‍රතිකාර කළ බව එසේ ප්‍රතිකාර කර ඇත්තේ ස්කේබිස් වැළඳුන අයටයි, අපි පුංචි කාළයේ ස්කේබිස් වැළඳුන අසල්වාසීන් හිටියා, ඒ ගෙවල් හඩු ගඳයි. අම්මා ඇයගේ පුංචි කාලේ සිංහල හඩුගඳ සහ දෙමළ ගඳ කෙසේ වෙන් කර හඳුනා ගන්නට ඇතිද? පිළිතුර; හඬුගඳ සහ එළඟිතෙල් ගඳ (තොසේවලට දැම්මාම සුවඳ)එකිනෙකට වෙනස් ගඳවල්.
+++++++++++++++++++
Deleteආතර් සී ක්ලාක් ගේ පොත්වලින් ඔයිට වඩා වෙනස් කතාවක් කියවෙනවා.
ReplyDeleteඑයාගේ පොත්වල පෙන්වා ඇති ලංකාවේ ඉන්නේ දෙමළ, බර්ගර් සහ යුරෝපීයයන්.
ආතර් සී ක්ලාක් සිංහල ජාතිය වඳ කරලා!!
අනාගත ලංකාවෙ ?
Deleteලිපියෙ බොහොමයක් සමග එකගයි.
ReplyDeleteනමුත් ඒකාලෙ ජාතිභේදය ක් නැතුවම පොලිස් මර්ධනය තිබුන. සිංහල අය පාර බ්ලොක් කලත් පොලීසියෙන් හතර හංදි කඩනව.
ප්‍රශ්න කිරීම්වලදි සිදුවන පොලිස්මිනී මැරුම් ගැන තවමත් හරි නීතිමය තත්වයක් නෑ.
පසුගිය රජය කාලෙ පොලිස්මිනෟමැරුම් ලීගලයිස් වෙලා යගෙ තිබුන.
අැමරිකාව ගත්තත් වසරකට කලුජාතිකයන් 400 පොලීසියෙන් මරනවලු.
ලංකාවෙනම් දෙමල ජනයාට විශේෂ වූ පොලිස් මර්ධනයක් නෙමෙයි ඔය දේවල්.
ලිපියෙ සදහන් ග්‍රන්ථවලින් පෙන්නුම් කරන සිංහල මධ්‍යම හා පහල පංතිවල ජනයාගේ දෙමල විරෝධය ගැනනම් එකගයි.ඩබ් සිල්වගෙ හා ගුනදාසගෙ පොත්වල ලස්සනට ඒක පෙන්වල තියනව.
true
Deleteහොඳ ලිපියක්. අපිට අපි ගැනම වෙනස් විදියට හිතන්න හිතෙනවා. සමහර විට චීන වගේ ජාතියක් අපිත් එක්ක මිශ්‍ර වුනොත් ඔය සාමූහික අවිඥානය වෙනස් වෙන්න හේතු වෙයි ද?
ReplyDeletemay be
Delete//සාමූහික අවිඥානය collective unconscious පිළිබඳ අප මෙහි අධ්‍යනය කර ඇත්තේ නැති තරම්ය//
ReplyDelete-අපි නම් කරලා නැති වෙන්න පුළුවන් . එත් සමහර ජාතික නායකයොයි කියලා කියා ගන්න ලෙඩ්ඩු නම් ඕක හොඳට අධ්‍යනය කරලා තියෙනවා..
ov
Deleteලංකාවේ සියලුම ජාතීන් අතර හොඳ නරක අඩු වැඩි වශයෙන් තිබ්බද, සමස්තයක් ලෙස මට හිතට එකඟව මුස්ලිම් මිනිහටවත් දෙමල මිනිහාටවත් වෛර කල නොහැක.
ReplyDeleteෆව්සාන් මොහොමඩ් වගේම විජේ සෙන්තිල්නාදන් යනු මගේ අවුරුදු 10ක 15ක පමණ මිතුදම් තියෙන මිතුරන් වේ. සත්තකින්ම කියනවනම් සහෝදරයන් වැනිය.
එහෙම එකේ උන්ගෙ බාප්පල සීයල මුත්තල ගෙ ඇරියස් මුන්ගේ පිටිං යවන එකනම් හිතට එකඟව කරන්න බැහැ.
අවුල වෙලා තියෙන්නෙ මේ සමාජයේ යම් යම් කණ්ඩායම් විසින් ඔවුන්ගේ අවශ්‍යතාවය මත අපිට ඕන කරන කන්නාඩි ලබාදී ඔවුන්ට ඕන දේ බැලීමට යොමු කිරීමයි.
salute
Delete