Tuesday, January 17, 2017

පී.ජී.අයි.එම් හෙවත් Postgraduate Institute of Medicine අායතනය ගැන වෛද්‍යවරයෙක් කතා කරයි




පී.ජී.අයි.එම් හෙවත්  Postgraduate Institute of Medicine අායතනය ලංකාවේ වෛද්‍යවරුන් ගේ විශේෂඥතාවයන් සාක්‍ෂාත් කර ගැනීම සඳහා විභාග පවත්වන ආයතනය වෙයි.  වෛද්‍ය විශේෂඥයෙකු වීම සඳහා මේ ආයතනය මගින් පවත් වන විභාග වලට මුහුණ දී පසුව එංගලන්තය , ඔස්ට්‍රේලියාව , නවසීලන්තය වැනි විදේශ රටකට ගොස් වැඩිදුර පුහුණුව ලැබිය යුතුය​. ඉන් පසුව ඔහු හෝ ඇය​. අදාල ශාස්ත්‍රාලයේ සාමාජිකයෙකු බවට පත් වෙයි. 

 පී.ජී.අයි.එම්  අායතනය ගෞරව සහිත බහුමානයෙන් සැලකිය යුතු ආයතනයකි. බොහෝ කාලයක් පුරා ලංකාවේ විශේෂඥ වෛද්‍යවරු බිහි කිරීමට ක්‍රියා කල මණ්ඩලයකි. මේ ආයතනයට සුවිශේෂ සම්ප්‍රදායන් චිරාත් කාලයක් පුරා පැවතගෙන එයි. එහි සේවය කරන සාමාජිකයන් අපක්‍ෂපාතීව අවංකව සේවය කිරීමට බැඳී සිටිති. 

 පී.ජී.අයි.එම්  අායතනය ගැන ලිවීම හෝ එහි කටයුතු විවේචනය කිරීම සියතින් ගෙල සිඳ ගැනීමක් ලෙස බොහෝ වෛද්‍යවරු සලකති. එසේම පී.ජී.අයි.එම්  අායතනය සමග නඩු කියූ අතලොස්සක් වූ වෛද්‍යවරු අවසානයේදී කුණු කූඩයට විසිවී ගියහ​. මේ ආයතනය ඉතා ශක්තිමත් ජාලයකි. වෘත්තීමය වශයෙන් සහ දේශපාලනමය වශයෙන් බලපෑම් කල හැකි ආයතනයකි. එම නිසා  පී.ජී.අයි.එම්  අායතනය ගැන විවේචනය කිරීම කළු ගලේ ඔළුව ගසා ගැනීමකි. 

මුදවපු විගස කිරි මිදෙන්නේ නැතුවාක් මෙන් පී.ජී.අයි.එම්  අායතනය විවේචනය කරන වෛද්‍යවරුන්ට බඩු එන්නේ තැපෑලෙන් අනපේක්‍ෂිතවය​. නමුත් පැස්ටර්නාක් කිව්වාක් මෙන් තමන් දන්නා සත්‍ය කතා කරන මුග්ධයෝ සෑම යුගයකම සිටිති. මමද එවැනි මුග්ධයෙක්මි. එම නිසා වසර 16 ආසන්න කාලයක් ලංකාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල කාලයේ  පී.ජී.අයි.එම්  අායතනය ගැන මා විසින් අද්දුටු සිද්ධීන් මෙන්ම මගේ සමහරක් වෛද්‍ය මිතුරන් ලැබූ අත්දැකීම්ද සටහන් කරමි. 

මේ නිසා සමහර වෛද්‍යවරු මා සමග අමනාප වීමටද ඉඩ තිබේ. එසේම සමහරු මාව දඩයම් කිරීමටද ඉඩ තිබේ. මෙහි භයානක කම මම දනිමි. එහෙත් සත්‍ය කවදා හෝ පැවසිය යුතුය​. මම මේ සෙල්ලම් කරන්නේ ගින්නත් සමගය. ඉදිරි කාලයේ මා පිලිස්සී  යාමට ,අපවාද වලට ,කොන් කිරීම් වලට මුහුණ දීමට නියමිතය​. එහෙත් මම පුද්ගලිකව කිසිවෙකු සමග අමනාප නැත​. මම පෙන්වා දෙන්නේ ලංකාවේ උගත් වෘත්තිකයන් සමහරක් අතර පවතින මාෆියා සබඳකම් මෙන්ම ඔවුන් සමහර විසින් කරන අකටයුතුකම් ය​. අනාගත වෛද්‍යවරුන් ගේ අභිවෘද්ධිය මෙන්ම ඔවුනට සාධාරණය ඉටු කිරීම සඳහා මම මේ හෙළි කිරීම් කරමි. 
පී.ජී.අයි.එම්  අායතනය ගැන යම් අදහසක් මට ලැබෙන්නේ 1995 වසරේදීය​. ඒ කාලයේ මාතලේ රෝහලේ පී.එම්. සී හෙවත්  රාගම පුද්ගලික විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඉන්ටර්න්වරියක් සිටියාය​. ඇයගේ ඉංග්‍රීසි භාෂා දැණුම මෙන්ම  වෛද්‍ය විද්‍යා දැණුම විශිෂ්ඨ වූවාය​. ඇය අංකුර විශේෂඥ වෛද්‍යවරියක් බව සියල්ලන්ටම වැටහුණි.

මේ නවක වෛද්‍යවරියට Pediatrics හෙවත් ළමා රෝග පිලිබඳව විශේෂඥතාව ලබා ගැනීමට අවශ්‍යතාව තිබුන නමුදු ඒ කාලයේදී Pediatrics විශය විශේෂඥතා විභාගයට පෙනී සිටීම සඳහා සීමාවාසික නොහොත් ඉන්ටර්න් කාලයේ Pediatrics කර තිබිය යුතු බවට කැකිල්ලේ නීතියක් එකල පනවා තිබුණි. මේ නිසා අපගේ කතා නායිකාවට තමන්ට ප්‍රිය වූ විශය හැදෑරීමට ඉඩ ලැබුනේ නැත​. මින් කලකිරීමට පත් වූ ඇය රජයේ සේවයන් අස්වී ඇමරිකා එක්සත් ජනපදය බලා ගියාය​. අති දක්‍ෂ වෛද්‍යවරියක් අපගේ සෞඛ්‍යය සේවය / පී.ජී.අයි.එම්  අායතනය විසින් පළවා හැරියේ එසේය​. නමුත් ඇය පීඑම්සී එකේ ඉගෙන ගත් සිසුවියක් නිසා කිසිවෙකු සංවේදී වූයේ නැත​. 

 ඉන් වසර කිහිපයකට පසුව මෙම කැකිල්ලේ නීතිය තවමත් තිබේද කියා මම සොයා බැළුවෙමි. එහිදී මට පේරාදෙනිය රෝහලේ වෛද්‍යවරයෙකු අපූරු කතාවක් කීවේය​. පී.ජී.අයි.එම්  අායතනයේ Pediatrics අංශයේ සිටි එක් බලවත් ළමා රෝග පිලිබඳව විශේෂඥ වෛද්‍යවරියකගේ ඥාති දියණියට Pediatrics කිරීමට අවශ්‍යව තිබිණි. එහෙත් ඇය තම සීමාවාසික සමයේ Pediatrics කර නොතිබිණි. නමුත් උභය කුළ පරිශුද්ධතාවය නිසා ඥාති දියණිය වෙනුවෙන් මේ කැකිල්ලේ නීතිය ඉවත් කෙරුණි. 

උභය කුළ පරිශුද්ධතාවය පිලිබඳව මට තවත් නිදසුනක් මතක් වෙයි. මාතලේ රෝහලේ සිටි එක් වෛද්‍යවරයෙකු සීමාවාසික කාලයෙන් පසුව දඹුල්ල රෝහලට ගියේය​. ඔහුගේ බාප්පා  මධ්‍යම ප්‍රදේශයේ ශික්‍ෂණ  රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙකු මෙන්ම පී.ජී.අයි.එම්  අායතනයේ බලවත් පුද්ගලයෙකු වූයේය​. මෙම නවක වෛද්‍යවරයා පශ්චාත් සීමාවාසික පත්වීම ගෙන දඹුල්ල රෝහලට යන විට මගේ මිතුරෙකු වූ පේරාදෙනිය වෛද්‍ය පීඨයේ මොහාන් මට අමුතු කතාවක් කීවේය​. මේ වෛද්‍යවරයා පශ්චාත් සීමාවාසික පත්වීමට දඹුල්ල රෝහලට ගියද ඔහු එහි මාස 6 වඩා නොසිටින බවත්  ඉතා කෙටි කාලයකින් තම බාප්පා සිටින රෝහලේ ඔහුගේ අංශයේ වෛද්‍ය පුරප්පාඩුවකට එන බවත් ඉන් පසු බාප්පා විශේෂඥතාවය දරණ විශය හදාරා පී.ජී.අයි.එම් එකෙන් විභාග පාස් වී ඔහු බාප්පා ගේ තැනට එන බව අණාවැකි කීවේය​. එම අණාවැකිය එලෙසටම ඉටු විය​. එහෙත් උභය කුළ පරිශුද්ධතාවය නොතිබූ වෛද්‍ය මොහාන් සාමාන්‍ය වෛද්‍යවරයෙකු වී කුරුණෑගල ප්‍රදේශයේ තම පුද්ගලික ඩිස්පැන්සරිය දමාගෙන ජීවත් වෙයි. 

1998 කාලයේ පමණ මීගමුව රෝහලේ  විශේෂඥ ළමා වෛද්‍ය වින්සන්ට් පෙරේරා මහතාගේ වාට්ටුවේ තරුණ වෛද්‍යවරියක් වූවාය​. ඇය පවුල් වෛද්‍ය ඩිප්ලෝමාව ( Diploma in family Medicine) හැදෑරීමට උත්සුක වූවාය​. අප තරුණ වෛද්‍යවරු සේවා මුරයෙන් පසු මීගමුව බීච් කලාපයේ රස්තියාදු වෙමින් මුහුදේ පිහිනමින් සිටින විට ඇය වාට්ටුවට වී අධ්‍යනයේ යෙදුනාය​. ඉතා මහන්සිවී වැඩ කලද ඇයට පවුල් වෛද්‍ය ඩිප්ලෝමාව සමත් වීමට නොහැකි විය​. පසු කාලයක පවුල් වෛද්‍ය ඩිප්ලෝමා විභාගය කල සමහර අපේක්‍ෂකයන් ගේ ලකුණු වෙනස් කොට තමන් ගේ හිතවතුන් පාස් කර බවට චෝදනා ප්‍රසිද්ධියේ ආවේය​. එවිට මට මේ වෛද්‍යවරිය මතක් විය​. 

උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය  විශේෂඥ ඩී.ඩබ් වීරසූරිය මහතා යටතේ සිටි ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකු මට මතක් වේ. මම ඔහු සමග වැඩ කොට තිබුණි. ශල්‍ය වෛද්‍ය විද්‍යාවට ඔහු දක්‍ෂයෙකි. හොඳ වැඩකාරයෙකි. සම්භවය පී.එම්.සී හෙවත් රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේය​. ලංකාවේ පී.ජී.අයි.එම්  අායතනයේ කැපිලි කෙටිලි වලට බිය නිසා ඔහු කෙලින්ම එංගලන්තයට ගොස් ශල්‍ය වෛද්‍ය විද්‍යාව එංගලන්තයේ හදාරා ශල්‍ය වෛද්‍ය විභාගය සමත් විය​. 

ඔහු එංගලන්තයේ ශල්‍ය වෛද්‍ය  විභාගය සමත් වී ලංකාවට ආවද පී.ජී.අයි.එම්  අායතනය ඔහුව ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙකු ලෙස පිලි ගත්තේ නැත​. හේතුව ඔහු ලංකාවේ පී.ජී.අයි.එම්  අායතනය පවත්වන  MS  විභාගය කර නොතිබීම නිසාය​. කෝරලේ මහත්තයා මග හැර ඒජන්ත මහත්තයා හමු වූ විට කෝරලේ මහත්තයා කෝප ගනී. එසේම පී.ජී.අයි.එම්  අායතනය මේ වෛද්‍යවරයා සමග උරණ විය​. ඔහු ලංකාවේ MS විභාගය කිහිප වතාවක් කරද ඔහුව අසමත් කරන ලදි. එංගලන්තයේ  ශල්‍ය වෛද්‍ය  විභාගය සමත් වීමට හැකියාව තිබූ මොහුට ලංකාවේ MS විභාගය සමත් වීමට නොහැකි වීම මවිතය ගෙන දුන්නේය​. 

මෙයාකාරයෙන්ම කෝරලේ මහත්තයා මග හැර ඒජන්ත මහත්තයා හමු වූ නොහොත් පී.ජී.අයි.එම්  අායතනය යටතේ MS විභාගය නොකොට කෙලින්ම එංගලන්තයට ගොස් එංගලන්තයේ  ශල්‍ය වෛද්‍ය විද්‍යා විභාගය සමත් වූ වෛද්‍ය රංජන සෙනෙවිරත්න මහතා යලි ලංකාවට පැමිණි විට ඔහුටද මහත් වටයක් යන්නට සිදු විය​. යුද්දය කාලයේ ශල්‍ය වෛද්‍ය අංශයේ පලාලි වැනි රෝහල් වල වැඩ කරමින් ජාතික සේවාවක් කල රණවිරු  සේවා (RSP) පදක්කම්ලාභී  වෛද්‍ය රංජන සෙනෙවිරත්න පී.ජී.අයි.එම් ගිලටීනයෙන් බේරුනේ අනූ නවයෙනි. 

උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේ  සේවය කල කාලයේදී මා මිතුරු වෛද්‍ය පද්මරාජ්  පී.ජී.අයි.එම් විභාගයකට සූදානම් විය​. මේ නිසා මම අතිරේක සේවා මුර කරමින් ඔහුට පාඩම් කිරීමට උදව් කලෙමි. පද්මරාජ් ගේ පී.ජී.අයි.එම් විභාගයට දින දෙකකට පමණ පෙර මම රෝහලේ කන්සල්ටන්ට් ලොවුන්ජ් එකට ගියේ ශල්‍ය වෛද්‍ය  විශේෂඥ රනිල් ප්‍රනාන්දු මහතා හමු වීමටය​. 

මම එම ස්ථානයේ සිටින විට එක්තරා විශේෂඥ වෛද්‍යවරියක් ආවාය​. ඇය පී.ජී.අයි.එම් එකේ බලවත් තැනැත්තියකි. මා එතන සිටි බවට කිසිම තැකීමක් නොකල ඈ තම ජංගම දුරකථනය ක්‍රියාත්මක කොට යම් කෙනෙකුට කතා කලාය​. ඇයගේ කට හඞ ඝෝෂා සහිත විය​. ඇය කතා කලේ පී.ජී.අයි.එම් එකේ වෛද්‍ය පද්මරාජ් වාඩිවීමට නියමිත විභාගය පිලිබඳව බව අවට සිටි සැම දෙනාට ඇසුනි. එහෙත් එහි වගක් ඇයට නොවීය​. 

ඇය වෛද්‍ය පද්මරාජ් සහ තවත් වෛද්‍යවරියක් ( මේ තැනැත්තිය රුහුණ වෛද්‍ය පීඨයේය​. තරමක් ගෝරියට බරය​. ඇය වෙනත් විශේෂඥ වෛද්‍යවරියක් සමග කොක්කක් ද දාගෙන තිබුණි) ගැන කියමින් ඔවුන් ගේ වැඩ අසතුටුදායක බව කීවාය, එසේම  ඇයගේ සිත් ගත් වෙනත් වෙනත් වෛද්‍යවරියක් පාරට්ටු කලාය​. 

මේ විභාගය රෙස්ලිං මෙන් ජය පරාජිතයන් කලින්ම වෙන් කරගෙන තිබෙන බව මට වැටහුණි. වෛද්‍ය පද්මරාජ්ට බඩු බනිස් ය​. (හඳ පෙන්වන විට පූර්ණ චන්ද්‍රයා දෙස නොව ඇඟිල්ල දෙස බලන බම්මන්නන් මම විශේෂඥ වෛද්‍යවරියකගේ දුරකථනයට හොරෙන් සවන් දුන්නා කියා චෝදනා කරනු නිසැකය​. බම්මන්නනි මම දුරකථනයට හොරෙන් සවන් දුන්නේ නැත​. ඇය මා ඉදිරියේ  මාව තැකීමකට නොගෙන​ උස් කටහඞින් කල සංවාදය මගේ සවනට වැටුණා පමණි)  

මම වාට්ටුවට යන විට පද්මරාජ් ඉතා උනන්දුවෙන් පාඩම් කරමින් සිටියි. එහෙත් හෙට අනිද්දා පවත්වන විභාගයෙන් පද්මරාජ් ෆේල්‍ ය​. මම ඔහුට කිසිවක් නොකීවෙමි. මේ සිදුවීම සිදු වී වසර 16 පමණ ගතවී තිබේ. මම තවමත් ඔහුට මේ සිද්ධිය කියා නැත​. 

යාපනය වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ පද්මරජ් විභාගයට ගොස් මහත් සතුටින්  ආවේය​. ඔහු විභාගයට හොඳින්  පිලිතුරු දුන් බව මට කීවේය​. එහෙත් ඔහුගේ ඉරණම මම දැනගෙන සිටියෙමි. සති කීපයකට පසුව  ප්‍රතිඑල  ආවේය​.  අනුමාන කල පරිද්දෙන් පද්මරාජ් සහ විශේෂඥ වෛද්‍යවරියක් සමග කොක්ක  දාගෙන තිබූ වෛද්‍යවරිය අසමත්ව  තිබුණු අතර දුරකථනයෙන්  රෙකමදාරු කල වෛද්‍යවරිය  සමත්ව තිබුනාය​. 

පී.ජී.අයි.එම් විභාගයෙන් අසමත් වීමෙන් පසු පද්මරාජ් යළි විභාග කිරීමට උනන්දු නොවීය​. ඔහු එක්සත් ජනපදයට ගියේය​. පී.ජී.අයි.එම් විභාගයෙන් අසමත් වූ නමුත් ඇමරිකාවේදී ඔහු United States Medical Licensing Examination (USMLE )  හෙවත් ඇමරිකාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීමට කල යුතු විභාගය ඉහලින්ම සමත් විය​. දැන් ඔහු ඇමරිකාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි.  ඉතා අසීරු විභාගයක් වූ USMLE සමත් වීමේ හැකියාව තිබූ වෛද්‍ය පද්මරාජ් ප්‍රාථමික පී.ජී.අයි.එම් විභාගයෙන් අසමත් වූ අයුරු පුදුමාකාරය​. 

විදේශ උපාධිධාරී වෛද්‍යවරු පී.ජී.අයි.එම් ආයතනයට බියය​. ඔවුන් විභාග වලදී තම සම්භවය සැඟවීමට වෙර දරති.  සමහර විට විභාග වලදී සම්භවය එළියට ආවහොත්  එය ධනාත්මක නම් වන්නේ  නැත​. මේ අතිරේක උදළු කඩුළු උඩින් පැන පී.ජී.අයි.එම් විභාග වලින් සමත් වී  විශේෂඥ වෛද්‍යවරු වූ සෝවියට් දේශයේ වෛද්‍ය පීඨයන්හි ඉගෙනුම ලැබූ වෛද්‍ය කීත් චැප්මන් , වෛද්‍ය වික්ටර් මෙන්ඩිස් , වෛද්‍ය අජිත් තෙන්නකෝන් , වෛද්‍ය නිල්මිණි විජේසූරිය එක්තරා ආකාරයකට විරුවන් වෙති. 

මීට වසර කීපයකට පෙර විශේෂඥ  මනෝ වෛද්‍ය වරුන් ගේ හිඟය නිසා මනෝ වෛද්‍ය ඩිප්ලෝමාවක් ආරම්භ කෙරුණි. මෙම මනෝ වෛද්‍ය ඩිප්ලෝමාව කරන ලද සමහර දක්‍ෂයන් අසමත් වූ බවත් අස්පට් ජොකියන් ජයග්‍රහණය කල බවත් වරක් වෛද්‍ය ක්වින්ටස් මට පුත්තලම රෝහලේදී කීවේය​. එවිට මට මතක් වූයේ පවුල් වෛද්‍ය ඩිප්ලෝමා විභාගයේදී සමහර අපේක්‍ෂකයන්ට සිදුවූ අසාධාරණයන්ය​. මේ හැර පී.ජී.අයි.එම් ආයතනය විසින් සමත් කරන ලද එක් වෛද්‍යවරියක් විදේශ පුහුණුව සඳහා නවසීලන්තයට හෝ  ඔස්ට්‍රේලියාවට ගිය මුත් ඇයට විදේශ පුහුණුව සාර්ථකව නිම කිරීමට නොහැකි වූවාය​. ඇය කාලයක් පුත්තලම දිස්තික්කයේ මනෝ වෛද්‍යවරියක ලෙසද සේවය කොට තිබුණාය​. 

පී.ජී.අයි.එම් ආයතනය විසින් සමත් කරන ලද හලාවත රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍යවරයා ලෙස තමන්ව හඳුන්වාගත් පුද්ගලයා පිලිබඳව යමක් මෙහිදී සටහන් කල යුතුය​. ඔහු තුල මනෝ විද්‍යාව , මනෝ චිකිත්සනය ගැන තිබෙන ඌන දැණුම සලකා බැලූ විට ඔහු මෙම පී.ජී.අයි.එම් විභාග සමත් වූයේ කවර ප්‍රාතිහාර්‍යකින් ද කියා මට සිතුණි. මේ මහතා සමග මට කිසිදු පුද්ගලික තරහක් නැත​, ඔහු යහපත් මිනිසෙකු මෙන්ම හොඳ වෛද්‍යවරයෙකු බව ඔහුව දන්නෝ පවසති. එහෙත් ගුණ යහපත්කම සහ විජානනය යනු දෙකකි. එය පටලවා ගත යුතු නොවේ. 

 2002 වසරේදී කොලඹ  ඉන්ටර්කොන් හෝටලයේ වෛද්‍ය  සම්මන්ත්‍රණයක් තිබූ අතර එක් වෛද්‍ය ජ්‍යෙෂ්ඨ රෙජිස්ටාර්වරයෙක් කෙටි දේශනයක් කලේය. ව්‍යාකරණ දෝශ සහිතව ඔහු කතා කල ඉංග්‍රීසි ඇසූ බොහෝ දෙනෙකුට නැගුණු ප්‍රශ්නය වූයේ මෙවැනි ඉංග්‍රීසි ඌණ දැණුමක් සහිතව මොහු පී.ජී.අයි.එම් ආයතනයේ විභාග සමත් වූයේ කෙසේද කියාය​. මේ පුද්ගලයා වෛද්‍ය විද්‍යාව රුසියන් , චීන හෝ ස්පාඤ්ඤ භාෂාවෙන් වෛද්‍ය විද්‍යාව හදාරා තිබුනේ නම් යම් සමාවක් දීමට ඉඩක් තිබුනේය​. නමුත් ඔහු වෛද්‍ය විද්‍යාව දේශීය වෛද්‍ය පීඨයක ඉංගිරිස් භාෂාවෙන්  හදාරා තිබුණු බව පසුව දැන ගන්නට ලැබුනේය​.  

පී.ජී.අයි.එම් ආයතනයේ  නීති ගරුක කිසිදු අසාධාරණ ක්‍රියාවන් නොකරන වෛද්‍ය විශේෂඥවරු සිටිති ඔවුන් සාධාරණ ලෙස විභාග පවත්වමින් දක්‍ෂ වෛද්‍යවරු තෝරාගෙන ඔවුන්ට විශේෂඥ පුහුණුව ලබා දෙති. අප ඔවුන්ට ණය ගැතිය​. එහෙත් නීත්‍යාණුකූල මුදල් අතර හොර සල්ලි තිබෙන්නාක් මෙන් මේ ආයතන වල හොරු අතලොස්සක් සිටිති. මොවුන් නිරාවරණය කිරීම කාලීන අවශ්‍යතාවයකි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

60 comments:

  1. http://bitternight.blogspot.com/2017/01/blog-post.html

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. @ Sarasa මෙහි භයානක කම මම දනිමි. එහෙත් සත්‍ය කවදා හෝ පැවසිය යුතුය​. මම මේ සෙල්ලම් කරන්නේ ගින්නත් සමගය. ඉදිරි කාලයේ මා පිලිස්සී යාමට ,අපවාද වලට ,කොන් කිරීම් වලට මුහුණ දීමට නියමිතය​. එහෙත් මම පුද්ගලිකව කිසිවෙකු සමග අමනාප නැත​. මම පෙන්වා දෙන්නේ ලංකාවේ උගත් වෘත්තිකයන් සමහරක් අතර පවතින මාෆියා සබඳකම් මෙන්ම ඔවුන් සමහර විසින් කරන අකටයුතුකම් ය​. අනාගත වෛද්‍යවරුන් ගේ අභිවෘද්ධිය මෙන්ම ඔවුනට සාධාරණය ඉටු කිරීම සඳහා මම මේ හෙළි කිරීම් කරමි.

      Delete
    3. දැන් කොන්ත්‍රාත්තු වලටද ගහන්නේ හිටන්. ජාතිකවාදී සෙට් එක. මන්තුමා මෙහෙත් ඇවිත් වගේ.

      Delete
    4. ඔහේ ආපුදෙන් අජිත් ; ඒ අයත් සිඟිති ආතල් ගත්තාවේ

      Delete
    5. ශ්‍රීලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මූලාසනධාරියා සායනික පර්යේෂණ ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් උගත් වෘත්තිකයන් සමහරක් අතර පවතින වෙළඳ මාෆියා සබඳකම් ගැන වෙන මොන කතාද ? උගත් වෛද්‍ය මහාචාර්යවරකුට මෙහි ඇති ලබැඳියාව පිළිබධ ගැටුම නොතේරේ යයි කියන්නේ නම් කණිෂ්ටයන් වන අපි තව මොනවා කියන්නද ? :D

      Delete
  2. //ඇය වෛද්‍ය පද්මරාජ් සහ තවත් වෛද්‍යවරියක් ( මේ තැනැත්තිය රුහුණ වෛද්‍ය පීඨයේය​. තරමක් ගෝරියට බරය​. ඇය වෙනත් විශේෂඥ වෛද්‍යවරියක් සමග කොක්කක් ද දාගෙන තිබුණි) ගැන කියමින් ඔවුන් ගේ වැඩ අසතුටුදායක බව කීවාය, එසේම ඇයගේ සිත් ගත් වෙනත් වෙනත් වෛද්‍යවරියක් පාරට්ටු කලාය​. //

    මේ කතන්දරයේ මට හිතෙන පැත්ත මෙහෙමයි; ඇයට උවමනාවූයේ ඔවුන්ට විභාගේ ඇන්නීම පමණක් නොව විභාගයට පෙරම ඔවුන් බිඳ දැමීමයි, බොහෝ විට විය හැකිව තිබුනේ අසා සිටියවුන් කේලම කීවාම චෝදිතයන් දෙදෙනා ඇයගේ දෙපතුලට පැමිණ කන්නලව් කිරීමයි, එවිට සමහර විට පිරිමි වෛද්‍යවරයාට නම් වරයක් ලැබෙන්නත් ඉඩ තිබුනා (ඩිෆරන්ට් සෙක්ස් නිසා). එහෙම උනානම් බිහිවන්නේ ඇම්බැට්ටයෙක්, ඊට හොදයි වෙන රටක හෝ යහපත් වෛද්‍යවරයෙකු වීම, ඒ නිසා ඔබ කේලම නොකීයා සිටීම වඩා හොඳයි.

    ReplyDelete
    Replies
    1. භාගයට පෙරම ඔවුන් බිඳ දැමීමයි, ///////// ඇත්ත මේ වගේ මානසිකව වැට්ටීම නිසා ලංකාවේ විභාග නොකර වෙන රට වල විභාග පාස් වු අය ගොඩක් දෙනෙක් මම දන්නවා

      Delete
  3. //මේ ආයතන වල හොරු අතලොස්සක් සිටිති. මොවුන් නිරාවරණය කිරීම කාලීන අවශ්‍යතාවයකි. //

    දැන් කැනඩාවේ ඉන්න එකේ, දොස්තර මහත්තයාම ඒකත් කොලානම් හොඳ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම ගෙදර තියන කුණු සුද්ද කරගෙන ඉන්න එපැයි

      Delete
  4. PGIM Digital Repository ට ගිය විට PGIM Theses and Dissertations නිරීක්ෂණය කල හැකිය.

    සමහර ඒවා දුටුවිට මට සිහිවන්නේ අපේ රාජ්‍ය විශ්විද්‍යාලයක computational chemistry විශේෂ උපාධියේ ව්‍යාපෘතිය ලෙස ලබාදුන් උසස් පෙළ සිසුන්ගේ රසායනවිද්‍යා ව්‍යාපෘති පලකිරීමට වෙබ් අඩවියක් සැදීමේ පර්යේෂණ ව්‍යාපෘතියකි. computational chemistry වෙනුවෙන් රසායන විද්‍යාව සහ පරිගණක විද්‍යාව සම්බන්ධ කරදී තිබුනේ එලෙසයි. මෙතැනද එවැනි ඒවා නැතිවම නොවේ. මෙහිදී විදේශගතව ලබන වෛද්‍ය පුහුණුවේදී ලබන අත්දැකීම් මත ඔවුනට ඒ පශ්චාත් උපාධි පිරිනමන්නේදැයි මම නොදනිමි. මේ පර්යේෂණ බොහමයක් නම් වෛද්‍යවිද්‍යා පශ්චාත් උපාධියක් පිරිනැමීමේ තත්වයේ පවතීද යන්න ක්ෂේස්ත්‍රයේ සැබෑ උගතුන් නැවත සිතා බැලිය යුතු බව සිතේ.

    ශ්‍රී ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ගැන, එක පර්යේෂකයෙක් විසින් තම උපතින් පසුව පලකල විචාරණය කරන ලද පර්යේෂණ පත්‍රිකාවක් පේනවා මෙන් වෛද්‍ය මහාචර්ය වරයෙකුට අභියෝග කල බව මගේ මතකයේ තිබේ. අදාළ මහාචාර්ය වරයා අදටද වෛද්‍ය කේෂ්ත්‍රයේ තීරණ ගන්න ඉහල වගකිවයුතු තනතුරක් දරන බව මගේ දැනීමයි. එකී වෛද්‍ය මහාචර්යවරයා ලියුවා යයි සදහන් ගීතයක් නම් මම මෑතදී රසවින්දෙමි. එකී සිසුන්ගේ වෛද්‍ය පර්යේෂණ ගැන විවේචනය කිරීමේ කුමන ඵලයක් ද ?


    අපේ අධ්‍යාපන ක්‍රමයට ගැරහීමට මට අවශ්‍ය නොවේ. මට කීමට අවශ්‍ය වන්නේ අපේ උපාධි අධ්‍යාපනය ලෝකයේ ඉහලම එකක්ය යන සිතිවිල්ලෙන් මිදෙන්නේ නැතිව ඉදිරියට යාමෙන් පශ්චාත් උපාධි අධ්‍යාපනය සදහා සිසුන් විදේශගත කිරීමේදී ඉදිරි වසර 10 තුල අපට මුහුණ දීමට සිදුවිහ හැකි ගැහැට ගැන පමණි. අපේ ක්‍රමයේ අඩුපාඩු දැක දැක නොදුටුවාසේ සිටිමින් අපට උසස්ම ක්‍රමය ඇතිබව කියමින් සිටීමෙන් පමණක් අපේ ගුණාත්මක භාවය ඉහල යන බව සිතන විශාල කොටසක් සිටීම කණගාටුවකි.

    ReplyDelete
    Replies
    1. //ශ්‍රී ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ගැන, එක පර්යේෂකයෙක් විසින් තම උපතින් පසුව පලකල විචාරණය කරන ලද පර්යේෂණ පත්‍රිකාවක් පේනවා මෙන් වෛද්‍ය මහාචර්ය වරයෙකුට අභියෝග කල බව මගේ මතකයේ තිබේ.//

      However, one wonders how an academic becomes a Professor and is selected for a higher post such as a Deanship of a Medical Faculty? Obviously, it has to be based on academic work and scientific publications. In that context, I ask Prof. Fonseka to be a sport and enlighten us with the details of his scientific papers published in peer reviewed academic journals (with an IMPACT FACTOR of 0.1 or above), that would have justified his appointment.

      Please do not include the Obituaries, Appreciations, Economics and World Bank bashing letters. We are interested only in Physiology or Biomedical sciences related articles.

      Dr Kumara Kaluarachchi

      http://www.island.lk/2009/07/28/opinion2.html


      http://www.island.lk/2009/07/25/opinion1.html

      Delete
    2. කෙන්,

      මා දන්නා තරමින් වෛද්‍ය විද්‍යා ප්‍රශ්චාත් උපාධි බොහොමයක් අනෙක් ප්‍රශ්චාත් උපාධි වල වගේ රිසර්ච්/ තීසිස් විකල්ප ඇති ඒවා නොවේ. එය සාමාන්‍යයෙන් course based only.
      තමා කරන ක්ෂේත්‍රය අනුව එයට අදාළ විෂය මාලාව සම්පුර්ණ කරලා, අඩු නැතිව ප්‍රායෝගික කරලා අන්තිමේදී සිද්ධාන්ත, ප්‍රායෝගික සහ වාචික විභාග මගින් අවසාන තීරණය දෙනු ලබන්නක්. ලංකාවේ ප්‍රශ්චාත් උපාධියට වෙනත් රටක පිළිගැනිම ඇතිනම් (උදා. මහා බ්‍රිතාන්‍යයේ) එම විභාගය පැවැත්වීම සඳහා එම රටේ අදාළ ආයතනයෙනුත් පරීක්ෂකයන් පැමිණේ. ඒවගේම ලිඛිත ප්‍රශ්න පත්තර සහ ඔවුන් නම් කරන පිළිතුරු පත් ද එම ආයතනය වෙත යැවිය යුතුවේ. නැතිනම් පිළිගැනීම එතැනින්ම නතර වේ.
      මේ කතාව, මා දන්නා තරමින් මහා බ්‍රිතාන්‍යයේ, ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේත් ඔය අයුරින්ම ක්‍රියාත්මක වේ. අවසානයේ ඔවුන් එම රටේ අදාළ විශේෂඥ ආයතනයේ සාමාජිකත්වය ලබාගනී. බොහෝ විට ජපානයේද එය එසේම වන්නට ඇති.
      වෛද්‍ය විද්‍යාවේ ඔරිජිනල් රිසර්ච් යන්නේ වෙනම ආකාරයකටයි.
      ඔබගේ අවසාන ඡේදයටත් ආචාර්ය කළුආරච්චි මැතිතුමාගේ ඉංග්‍රීසියෙන් ලියු දෙයටත් එකහෙලා එකඟ වෙමි.

      Delete
    3. කෙන්කියුෂා ++++++++++

      Delete
    4. AnonymousJanuary 17, 2017 at 12:45 PM,

      //මේ කතාව, මා දන්නා තරමින් මහා බ්‍රිතාන්‍යයේ, ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේත් ඔය අයුරින්ම ක්‍රියාත්මක වේ. අවසානයේ ඔවුන් එම රටේ අදාළ විශේෂඥ ආයතනයේ සාමාජිකත්වය ලබාගනී. බොහෝ විට ජපානයේද එය එසේම වන්නට ඇති. //

      ජපානයේ එසේ නොවේ.

      එය MEXT Rules වල මෙසේ සදහන් වේ.

      A student who majors in medicine, dentistry or welfare science will not be allowed to engage in clinical training such as medical care and operative surgery until he/she obtains a permit from the Minister of Health, Labor and Welfare under applicable Japanese laws.

      ජපානයේදී කිසිදු විදේශිකයෙකුට මේ අවසරය ලබාගැනීම එතරම් ප්‍රායෝගික නොවේ. එවන්නෙකු මට මෙතෙක් හමුවී නැත. කිසිවෙකු එම අවසරය ලබාගෙන ඇතිනම් ඔහු හෝ ඇය ජපන් භාෂාව native level දැනුමක් ඇති අයෙකු පමණකි.

      විදේශීය සිසුන්ගේ වෛද්‍ය වෘත්තික බිරින්දෑ වරුන් model organism සමග විද්‍යාගාර පර්යේෂණ මගින් MD, PhD හදාරනු මම දැක තිබේ. සමහර අය nanomedicine ගැන අපේ මහාචාර්ය තුමා සමග හවුල් වී PhD කල නිසා මම ඔවුන් සමග වැඩ කර තිබේ. ශ්‍රී ලාංකික සිසුන්ගේ වෛද්‍ය වෘත්තික බිරින්දෑ වරුන් බොහෝවිට ජපානයේදී අධ්‍යාපනය හෝ පර්යේෂණ කරන්නේ නැත. මම ඊට හේතුව නොදනිමි.

      Delete
    5. මුලින්ම ලියු වාක්‍යයේ තිබෙන්නේ PGIM Digital Repository ට ගිය විට PGIM Theses and Dissertations නිරීක්ෂණය කල හැකි බවයි. ඔබ ප්‍රතිචාර දක්වා ඇත්තේ පළමු වාක්‍යයවත් හරිහැටි කියවා නැතිව බව පෙනුනද නැවත ඔබට පැහැදිලි කරන්නම්.

      http://pgimrepository.cmb.ac.lk:8180/browse?type=type&sort_by=1&order=ASC&rpp=20&etal=-1&value=Thesis&offset=20

      එය ඉහත සබැඳිය ඔස්සේ ගොස් නිරීක්ෂණය කිරීමන් Community Medicine වැනි MD වලට ඉදිරිපත් කල Theses ඔබටද පරීක්ෂා කල හැකිය. වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි course based only යන ඔබේ වැරදි දැනුම එවිට යාවත්කාලීන වෙනු ඇත.

      ස්වභාවික විද්‍යා සහ ඉංජිනේරු විද්‍යා වැනි අපට අදාළ PhD වලදී නම් Dissertations යනු විකල්පයක් නොව අනිවාර්යයකි.

      Delete
    6. //වෛද්‍ය විද්‍යාවේ ඔරිජිනල් රිසර්ච් යන්නේ වෙනම ආකාරයකටයි.//

      කොයි ආකාරයටද ?

      මම වෛද්‍ය විද්‍යාව යන්තමින් වත් දන්නේ නැත. එහෙත් වෛද්‍ය විද්‍යාව පිලිබන්ධ නොබෙල් ත්‍යාග කමිටුව වෛද්‍ය විද්‍යාව යන්තමින් හෝ නොදැන සිටිය නොහැකිය.

      2016 දී වෛද්‍ය විද්‍යාව හා කායික විද්‍යාව පිලිබන්ධ නොබෙල් ත්‍යාගය ලැබුවේ ටෝකියෝ තාක්ෂණ ආයතනයේ මහාචාර්ය යෝශිනොරි ඔසුමි ය. ඒ discoveries of mechanisms for autophagy වෙනුවෙන්ය. එහි අන්තර්ගත වන්නේ ජාන විද්‍යාත්මක විද්‍යාගාර පර්යේෂණයි.

      ඔබ කියන්නේ 2016 වසරේ වෛද්‍ය විද්‍යාව පිළිබද නොබෙල් ත්‍යාගය පිරිනමා ඇත්තේ වෛද්‍ය විද්‍යාත්මක නොවෙන පර්යේෂණයකට බවද ?

      Delete
    7. කෙන්,

      ඔබ රසායන විද්‍යාව හා ඉංජිනේරු විද්‍යාව ලෙසින් වෛද්‍ය විද්‍යාව දෙසත් බලන බව පෙනේ.
      මා කිව්වේ 'බොහොමයක්' රිසර්ච්/ තීසිස් විකල්ප ඇති ඒවා නොවේ course based කියලායි. එය මම කිව්වේ ඔබ වෙනත් විද්‍යාවන් සමග මෙය පටලවාගෙන ඇති බව පෙනුන නිසයි. PhD නම් අනිවාර්යයෙන්ම original research විය යුතු නමුත් MD කතාව එය නොවේ.
      වෛද්‍ය විද්‍යාවේ පොස්ට් ග්‍රජුවෙට් අධ්‍යාපනය කරන විදිය මම එහි ලියා තිබෙනවා, ඔබ 'ජපානයේ එසේ නොවේ' කිව්වට ඔබ කියන අන්දමට ජපානයේත් කෙරෙන්නේ එලෙසමයි . ඔය ඉංග්‍රීසියෙන් ලියු දෙය නොතේරෙනවානම් පොඩ්ඩක් වෛද්‍ය විද්‍යාවේ පොස්ට් ග්‍රජුවෙට් කරන කෙනෙක්ගෙන් හරියටම අසා දැනගන්න.
      ඔය 'permit' එක ගන්න එක ලෝකේ ඕනෑම රටක තියෙනෙව, ලංකාවෙත් තියෙනවා, SLMC එකේ ලියාපදිංචිය නැත්නම් ලංකාවෙත් ප්‍රතිකාර කරන්න බෑ (ආයුර්වේද වෙනම කතාවක්)

      සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාවේ රිසච් කරන අය බෙහෙත් දෙන්න එන්නේ නැහැ. ප්‍රතිකාර කරන 'permit' තියෙන අය 'studies' නම් කරනවා .
      බෙහෙත් දෙන දොස්තරලයි පර්යේෂණ කරන විද්‍යාඥයෝයි සමාන්‍යයෙන් මාර්ග දෙකක යන අය.
      මහාචාර්ය ඔෂුමි කියන්නේ වෛද්‍ය වරයෙක් නොවේ. එතැනින්ම ඔබට තේරෙනවාද වෛද්‍ය විද්‍යා පර්යේෂණ කරන්නේ කුමන අයද කියල.

      අවසානයේ සරලව කියනවා නම් ලෙඩුන්ට ප්‍රතිකාර කරන වෛද්‍යල පෝස්ට් ග්‍රජුවෙට් කියල කරන දෙයත් ලෙඩුන්ට ප්‍රතිකාර නොකරන කට්ටියගේ පෝස්ට් ග්‍රජුවෙට් එකත් බොහොම වෙනස්. අනිත් විෂයයනවල පෝස්ට් ග්‍රජුවෙට් කියල කරන දෙය ඊටත් වඩා වෙනස්. තමන් කරන පෝස්ට් ග්‍රජුවෙට් එක විදියට ලෝකේ තියෙන හැම පෝස්ට් ග්‍රජුවෙට් එකක්ම කෙරෙන්න ඕනේ කියල හිතනවානම් ඔබ බොහොම වැරදියි.

      Delete
    8. ඔබට සිංහල තේරෙන නිසා මට ඉංග්රී නොතේරීම කතාවට බාදාවක් නොවේ යයි සිතමි. :D :D :D

      Thesis අනිවාර්ය Community Medicine, MD (2014) හි විෂය නිරදේශය මම වෛද්යවරයේකුගෙන්ම ඉල්ලා ගත්තා. මුළු credit ගණන 64 ක් වන අතර එයින් credit 15 දෙන්නේ Thesis එකටයි. එනම් පාඨමාලාවෙන් 23% පමණ ආවරණය වන්නේ Thesis එකෙන්. පශ්චාත් උපාධියක credit 15 සදහා ඉදිරපත් කර ඇති Thesis ඔබ කියවා බලන්න. අන් අයගේ Thesis එකින් එක ගෙන ප්‍රසිද්දියේ විවේචනය කිරීමට තරම් මට සුදුසුකම් නැති බැවින්ද එසේ කිරීම අප්‍රසන්න කටයුත්තක් බැවින් ද මම උදාරහරණ ඉදිරිපත් නොකරමි. ඔබ වෛද්‍යවරයෙකු නම් PGIM library ඔබට මට වඩා පහසුවෙන් විවෘත්ත වේවි.


      ලියු දේ කියවා බලන්න. මම කියන්නේ ප්‍රායෝගිකව එම බලපත්‍රය විදේශිකයන්ට ලැබෙන්නේ නැති බවයි. එසේ ලැබූ එකම ශ්‍රී ලංකික උපාධිදාරී වෛද්යරවයෙකුවත් දැනට සිටීනම් දැනගන්නට බොහොම සතුටුයි. දන්නා තරමින් තවම නැත. පිළිකා රෝග විශේසඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා වැනි ජපන් වෛද්‍ය වරුන් සමග සම්බන්ධතා ඇති අත්දැකීම් බහුල වෛද්‍ය වරයෙකුගෙන් ඇසුවොත් ඊට හේතු ඔබට තහවුරු කර දැනගන්නට පුළුවන්.


      ඔබේ අදහස ලෙස පෙනෙන්නේ වෛද්‍ය විද්‍යා පර්යේෂණ කරන්නේ වෛද්‍ය වරුන් නොවෙන බවත් වෛද්‍ය වරු කරන්නේ රෝගී ප්‍රතිකාර කිරීම බවත්. එය යල් පැනගිය අදහසක්. නොබෙල් ත්‍යාගයට නිර්දේශිත වූ මහාචාර්ය Tasuko Honjo වැනි අය රෝගී ප්‍රතිකාර ද පර්යේෂණද කල මහාචාර්ය වරුන්. එවැනි උදාහරණ ඕනා තරම් තිබෙනවා. දැන් ලෝකයේ ප්‍රමුඛ විශ්විද්‍යාල 8 අවුරුදු Md-PhD joint program ආරම්භ කර තිබෙන්නේ දැනට තිබෙන අභියෝග ජයගැනීමට අවශ්‍ය රෝගී ප්‍රතිකාර සහ වෛද්‍ය විද්‍යා පර්යේෂණ දෙකම කරන වෛද්‍යවරු බිහි කිරීමටයි. දැනට 8 අවුරුදු Md-PhD joint program USA හි ඉතාම ජනප්‍රිය වේගෙන යන බව තමයි දැනගන්නට ලැබෙන්නේ. නමුත්, අපේ රටේ දුර්වල තාවය තමයි පැරණි ක්‍රම වල එල්බ සිටීම.


      මම මතු කරන්නේ, පැරණි ක්‍රම වලට පශ්චාත් උපාධි දෙමින් එය ලෝකයේ උසස්ම ඒවා යයි සිතාගනිමින් අපි එකම තැන සිටිද්දී ලෝකය ඉහල පෙලේ Md-PhD joint වෛද්‍ය උපාධි ලබාදෙමින් ඉදිරියට යන විට අපි ඉබේම පසුපසට තල්ලු වෙන බවයි. ඒ අතින් නම් කොහොමත් අපි වෙනස් තමයි. :D

      Delete
    9. ඔබගේ පිළිතුරට බොහොම ස්තුතියි.
      වරදවා තේරුම්ගන්න එපා, ඔබ 'ජපානයේ එසේ නොවේ' කියා එය තහවුරු කිරීමට තවත් සාක්ෂි වශයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් උපුටා දැක්වූ දෙයින් කියවෙන්නේත් මා මුලින් ලිවූ දෙයමයි. එසේ නැතුව මට ඔබගේ ඉංග්‍රීසි දැනුමේ ප්‍රවීණතාවය ගැන දැනගැනීමට කිසිම ඕනෑ කමක් නැත.

      ඇයි ඔබ community medicine (හෝ medical administration ) ගැන පමණක් කතා කරන්නේ. වෛද්‍ය ක්ෂේත්‍රයේ ඔය දෙක ඉතාම සුළු ප්‍රතිශතයක් දෙනා කරන දෙයක්. අනික ඔය දෙකේ ලංකාවෙන් පිටත, කිසිම වැදගත් රටක කිසිම පිලිගැනීමක් ඇත්තෙත් නැත.
      ලංකාවේ අයට මහා බ්‍රිතාන්‍යයේ, ඇමරිකාවේ, කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ, ඉන්දියාවේ, සින්ගපුරුවේ බලපත්‍ර ලැබෙන්නෙත්, ප්‍රංශයේ, ඉතාලියේ, ජර්මනියේ, ජපානයේ හෝ කොරියාවේ ලබාගන්නට අපහසු ඇයි කියා ඔබට තේරෙනවා ඇති. ඒ වගේම කොච්චර ඉහල සුදුසුකම් ඇති ජපනෙකුටත් , අඩුම ගන්නේ මහාචාර්ය Tasuko Honjo ට වත් ලංකාවේ SLMC ලබාගැනීමට බැරි හේතුවත් උක්ත හේතුවම බව ඔබට නොතෙරෙනවත් නොවේ යයි සිතමි.
      ලෝකයේ කලක පටන්ම MD-PhD, MD-MBA, MD-CI වැනිදේ තිබෙනවා. නමුත් අවශ්‍ය කෙනා MD කරලා ඉන්පසු PhD ත් කරනවා.
      ඔබට ලංකාවෙත් ජපානයේත් අත්දැකීම් තිබෙන නිසා තේරෙනවා ඇති රිසර්ච් කිරීමට කොතරම් පහසුකම් හා මුදලක් (පරීක්ෂණාගාර, උපකරණ, ප්‍රතිපාදන) අවශ්‍යද කියා. සාමාන්‍යයෙන් ඒවා රජයෙන් හෝ විශාල කර්මාන්ත වලින් සැපයෙන අතර, ලංකාවේ සිටි ඔබට ලංකාවේ ආර්ථික තත්වය මෙතරම් ඉක්මනින් අමතක වීම නම් මට ලොකු ප්‍රශ්නයකි.

      කෙසේ නමුත් ඔය කොයි කොයි රටවලත් කවුරුත් නොපිළිගන්නා කිසි වැදගැම්මකට නැති උපාධි, ප්‍රශ්චාත් උපාධි තිබෙන බව ඔබ නොදන්නාව වෙන්නට බැරිය. අනික ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ බොහොම රටවල්වල කියන්නේ තමන්ගේ උපාධිය තරම් ලොකු එකක් තවත් නැත කියලයි. ඔබටත් ඉදිරියේදීවත් එය අත්දකින්නට නොලැබේවායයි පතමි.

      Delete
    10. // වගේම කොච්චර ඉහල සුදුසුකම් ඇති ජපනෙකුටත් , අඩුම ගන්නේ මහාචාර්ය Tasuko Honjo ට වත් ලංකාවේ SLMC ලබාගැනීමට බැරි හේතුවත් උක්ත හේතුවම බව ඔබට නොතෙරෙනවත් නොවේ යයි සිතමි.//

      ඔබ අදහස් කරන්නේ ඉංග්‍රීසි භාෂාව පිලිබද දැනුම නම් එය එසේ නොවේ. උදාහරණයක් ලෙස,

      SLMC සාමාජිකයෙක් නොවෙන Okayama University හි Assoc.Prof. Dr. Oto Takahiro ප්‍රමුඛ ජපන් වෛද්‍ය කණ්ඩායමක් විසින් නවලෝක රෝහලේ දී ශ්‍රී ලංකාවේ පළමු පෙනහළු බද්ධ කිරීමේ සැත්කම දී සාර්ථවක සිදුකරන ලදී. එහි වගකීම දැරුවේ ජපානයෙන් පැමිණි Dr. Oto සහ කණ්ඩායමයි. ඔබ වෛද්‍යවරයෙකු නම් නවලෝක රෝහලෙන් එම විස්තර සහ නීතිමය තත්වයන් පැහැදිලි කරගතහැකි වෙනු ඇත.

      ඒ ගැන පළවූ මාධ්‍ය වාර්තා කිහිපයක් පහල දැක්වේ.

      http://www.japantimes.co.jp/news/2011/12/02/national/team-conducts-sri-lankas-first-lung-transplant/#.WIFrTdJ9670

      http://www.lankadeepa.lk/index.php/top_story/343147

      http://www.divaina.com/2016/01/29/news38.html

      http://soran.cc.okayama-u.ac.jp/view?l=en&u=1f6d232e4d24784a74506e4da22f6611

      Delete
    11. ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි.

      අරමුදල් හිග කම සෑම පර්යේෂනයකටම පාහේ බාධාවකි. ඒ දුෂ්කර තාවයන් අමතක නැත. නමුත්, උවමනාව ඇති අයට එය විසඳ ගත හැකිය.

      http://www.sjp.ac.lk/vacancies/wanted-research-assistants-2/

      ඉහත සබැඳියෙන් දැක්වෙන්නේ ශ්‍රී ජයවර්දනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, Dept. of Anatomy හි Assoc. Prof. Ranil de Silva මහතා විසින් විසින් පර්යේෂණ සහකාරවරුන් සදහා පලකල දැන්වීමකි. එය MBBS උපාධි දාරීනටද විවෘත්ත කර තිබේ.

      ජ්‍යාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ කිරීමට කැමති උවමනාව ඇති රෝගී ප්‍රතිකාරද කළහැකි වෛද්‍ය වරුන් අරමුදල් සොයාගන්න ආකාරය දන්නා බව පෙනේ.

      මගේ උපාධි ගැන මට අධි-විනිශ්චයක් නොමැත. එක සමාන Publication record ඇති USA/Germany PhD holder කෙනෙකු සමග රැකියාවක් සදහා එන ජ්‍යාත්‍යන්තර තරගයකදී බොහෝවිට USA/Germany PhD උපාධිදාරියාට මම පරදිනු ඇති බව මම නොදන්නවා නොවේ. මම ඊට කම්පා නොවෙමි. එය වලක්වා ගැනීමට ජපානයේ සිටින විදේශීය පර්ය්ෂකයන් වන අප සියලුදෙනාම කරන්නේ Publications, Patent සහ Awards එකතු කරගනිමින් Publication record එක ශක්තිමත් කරගැනීමයි. MIT, Harvard, Oxford, Cambridge හෝ එවැනි ඉහළපෙලේ ආයතනයකින් සුපිරි තරගකරුවෙකු පැමිණි විටෙක හැරෙන්නට, අනෙක් බොහෝ අවස්ථා වලදී Publication record එකට අපව බේරා ගැනීමට හැකියාව තිබේ.

      Delete
    12. 8:50pm ta
      // වගේම කොච්චර ඉහල සුදුසුකම් ඇති ජපනෙකුටත් , අඩුම ගන්නේ මහාචාර්ය Tasuko Honjo ට වත් ලංකාවේ SLMC ලබාගැනීමට බැරි හේතුවත් උක්ත හේතුවම බව ඔබට නොතෙරෙනවත් නොවේ යයි සිතමි.//
      මෙයට ඔබගේ පැහැදිලිකිරිම කිසිසේත් ගැලපෙන්නේ නෑ. මම තවමත් කියනවා ඔහුට හෝ එවැනි වෙනත් අයෙකුට එය ඉතා අසීරු බව.

      Dr. Oto Takahiro එය කළේ රටේ ජනාධිපතිගේ ආරාධනාව උඩ වියහැකියි. මන්ද එම රෝගියා රටේ ජනාධිපතිගේ උපදේශකයෙක් බැවින්.
      එවැනි අවසරයකින් තොරව කලොත් බොහෝවිට අඩුම තරමින් ඔහුට රිමාන්ඩ් බන්ධනාගාර ගතවීමට හෝ හැකියාවක් ඇති බව Dr. Oto Takahiro උනත් නොදන්නවා නොවේ.
      ජපානයේ හෝ යුරෝපයේ මෙවැනි දෑ නොවුනත්, ලංකාවේ පසුගිය වකවානුව ගැන ඔබ දන්නවානම් එය සාමාන්‍ය සිදුවීමක් බව පිලිගන්නවා ඇත.

      Delete
    13. //අරමුදල් හිග කම සෑම පර්යේෂනයකටම පාහේ බාධාවකි. ඒ දුෂ්කර තාවයන් අමතක නැත. නමුත්, උවමනාව ඇති අයට එය විසඳ ගත හැකිය.//

      කොතරම් උවමනාව තිබුනත් එවැනි දේ විසඳා ගැනීමට ඔබ කියන තරම් පහසු නැත. කිසිවක් ලැබෙන්නෙත් නැත. නමුත් උවමනාව නැතිනම් කොතරම් උවමනාව තිබෙන සිසුන්ගෙන් කොපමණ ප්‍රමාණයක් විශ්ව විද්‍යාල වලට තේරෙනවාද, වෛද්‍ය විද්‍යාව පැත්තකට දාමු.
      ඔබත් බොහෝවිට ඇමරිකාවේ හෝ යුරෝපයේ අද්යාපන කටයුතු කිරීමට කැමැත්තෙන් සිටිය වෙන්නට ඇති.

      //Assoc. Prof. Ranil de Silva ...//
      ඔබ එක දෙයක් උදාහරණයට රැගෙන එක සියල්ලටම සත්යසේ පෙන්වීම එන මම කම්පා වෙමි. මේ මෙම පොස්ට් එකේම ඔබ එවැන්නක් කල පළමු අවස්තාවද නොවේ.

      //මගේ උපාධි ගැන මට...// චේදය මෙම කතිකාවට අදාළ නොවේ. එය ඔබගේ පුද්ගලික කාරණයක් බව සලකන්න. නමුත් ඔබ ජපානයේ පර්යේෂණ කරන අතරතුරේ ලංකාවේ අයටත්, ලංකාවේදී පර්යේෂණ කිරීමට, ප්‍රතිපාදන සොයාදීමට උපකාරී වෙනවනම් එය ඉතා හොඳ දෙයකි.

      Delete
    14. මම දක්වා තිබෙන්නේ මගේ මතකයේ ඇති සිදුවීම් අතරිනුත් අන්තරජාලයේ ඇති තොරතුරු මගින් තහවුරු කළහැකි ඒවා පමණයි.

      උදාහරණ ලෙස, පහත දැක්වෙන්නේ සාමාන්‍ය කාන්තාවක් වෙනුවෙන් විසින් සුදානම් කල ශල්‍ය කර්මයක් ගැන පුවතකි. එය සිදුකල බවට ආරංචි තිබුනද එය තහවුරු කල හැකි තොරතුරු නැත.


      http://www.divaina.com/2016/01/29/news38.html

      අරමුදල් ගැන නම් උදාහරණ අවශ්‍ය තරම් තිබේ.

      එවැනි තව උදාහරණ දෙකක් දක්වන්නම්.

      මොරටුව විශ්වවිද්‍යාලය උනන්දු වී Ritsumeikan University වෙතින් NEMS/MEMS ලැබ එකක් ලබාගත්තා. වටිනාකම ඩොලර් මිලියන කිහිපයකි.

      http://www.mech.mrt.ac.lk/news/dome-opens-memsnems-mechatronics-laboratory

      පේරාදෙණිය විශ්විද්‍යාලය Chinese Academy of Science වෙතින් Water research lab එකක් ලබාගැනීමට ගිවිසුම් ගත වුණා. වියදම ඩොලර් මිලියන 300 කි.

      උවමනාව තිබේ නම් අරමුදල් ලබාගත හැකි ක්‍රම තිබේ. ඊට උදහරණද ඉහත දක්වා තිබේ. තවත් උදාහරණ ද තිබේ.

      මම ඒවා ඉතා උනන්දුවෙන් සොයා බලන්නේ මෑත අනාගතයේදී මම නැවත අපේ රටට ගොස් වැඩ කිරීමට සිතන බැවින් මගේ ප්‍රයෝජනය සඳහායි. එහිදී ඉන්දියාවේ ආයතන සමග හවුල් වීම ඉතා වැදගත් යයි මගේ විශ්වාසයයි.

      සමාවෙන්න. අදාළ නැති පිළිතුර, // අනික ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ බොහොම රටවල්වල කියන්නේ තමන්ගේ උපාධිය තරම් ලොකු එකක් තවත් නැත කියලයි. ඔබටත් ඉදිරියේදීවත් එය අත්දකින්නට නොලැබේවායයි පතමි.// යන අදාළ නැති ප්‍රකාශය වෙනුවෙනි.





      ඔබ සමග කතාවෙන් නොදන්නා බොහෝ දේවල් දැනගත්තා. පසුව මේවා කියවන අයටත් වැදගත් කරුණු එහි ඇති බව හිතනවා. ඔබේ අදහස් වලටත් ඉඩකඩ දීමට වෛද්‍ය රුවන් ටත් ස්තුතියි.

      Delete
  5. පද්මරාජ් වගේ ලංකාවේ නම් දාල මේක කැනඩාවේ රෝයල් කොලේජ් ඔෆ් ස්ර්ජන්ස් ගැන ලියපු එකක්ද?
    එහෙ ඔහොම උනාට ලංකාවේ නම් ඔයවගේ දේවල් වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ කිව්වේ කැනඩාවේ ඔය වගේ දේවල් වෙන්නේ නෑ කියලද?

      Delete
    2. මොකද නැත්තේ හොර බොරුව හැම තැනම වෙනවා

      Delete
  6. රුවන්,

    යම්කිසි විදියකින් පශ්චාත් උපාධි අපේක්ෂකයෙක් තමන්ගේ ප්‍රතිපල අධිකරණයක් ඉදිරියේ අභියෝගයට ලක් කළොත් මොකද වෙන්නෙ? ඔය කියන විදියට නිවැරදි ලිඛිත පිළිතුරු සඳහා අඩු ලකුණු දී හෝ ලකුණු නොදී තිබ්බොත් පරීක්ෂකයන්ට ලොකු නීතිමය ගැටලුවකට මුහුණ පාන්න වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. මගේ බිරිඳ මීට වසර 8-10 පෙර පී.ජී.අයි.එම් එක විසින් අසාධාරන ලෙස අවසන් විභාගය ෆේල් කරපු ඔෆ්තැල්මලොජි කරපු වෛද්‍යවරියක් වෙනුවෙන් පෙනී සිටියා. මේ වෛද්‍යවරිය නඩුව දින්නා. නමුත් පසුකාලීනව මැයට ගොඩාක් හිරිහැර උනා. පස්සේ ලන්කාවෙන් ගියා , දැන් ඉන්නේ එංගලන්තයේ වෙන්න ඕනේ.

      Delete
  7. සිඟිති ආතල් එකක් අරගෙන , කමක් නෑ කවුද මේ අමාවක බ්ලොග් එක කරන්නේ සාරසද ?

    ReplyDelete
    Replies
    1. නැහැ..
      පුක ගිනිතියාගත්තු කලාමැදිරියෙක්....

      මිනිහා මේ කරන්නේ කොන්තරත්තුවක් කියලා එයාම කියලා තියෙනව නේ....



      Delete
    2. කොන්ත්‍රාත්තුව කරන්නේ කවුරු උනත් දීල තියෙන්නේ සාරස වගේ. ඒකනේ සාරස අමාවකේ ලින්ක් එක දාල පොඩි ප්‍රචාරයක් හෙම දෙන්නෙ. අනේ අපේ සීනියර් ලෙක්චරර් වෙලා හිටියා කියාගන්න දත් දොස්තරලාගේ තරම.

      Delete
    3. //AnonymousJanuary 18, 2017 at 4:42 AM

      කොන්ත්‍රාත්තුව කරන්නේ කවුරු උනත් දීල තියෙන්නේ සාරස වගේ //

      ඇනො තුමෝ...
      ඔබ හරි සාරසයා ම තමයි මේ කොන්ත්‍රත්තුව් දීලා තියෙන්නේ...

      Delete
    4. අන්න එහෙම එන්න සාරස. විහිළුවෙන් විහිළුවෙන් වගේ දොස්තර රුවන්ටත් ඇරලා දාන්න. දැන් රසික, විචාරක, අජිත් වගේ හැමෝටම කෙලලා ඇරලා ඉවරයි. හිට්ස් තියන, කියවන්න පුළුවන් හොඳ කරුණු තියන බ්ලොග් එකක් ලිව්වානම් ඉතින් සාරසයි, පිට කහන්න ඉන්න ඇනෝ බලු රංචුවයි එකතුවෙලා පැන පැන හපාකාලා බ්ලොග් ලෝකයෙන් එළවලාම දාන්න. ඊට පස්සේ අර මල්ලෙ පොල් වගේ ජරාව අපිට කවන්න පුළුවන්නෙ.

      Delete
    5. ඇනෝ බලු රංචුවත් ස රස ගෙම තමයි හිටං.

      Delete
    6. අපි සැලෙයි ඕවට කිව්වලු

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. කැපිලි කෙටිලි නම් වෛද්‍ය කේෂ්ත්‍රයේ පමණක් නොව අපේ ඇකඩිමියාවේ පොදුවේ දකින්නට ඇති ලක්ෂණයකි. කෙසේ නමුත් අපේ කේෂ්ත්‍ර වල නම් උපාධිය ලබාගැනීමට අකුල් හෙලීම එතරම් සිදු නොවන නමුත් ඉන් එහාට විදේශගත වී අධ්‍යාපනය හැදෑරීම වැනි දේට උදව් කරන්නේ ඇකඩිමියාවේ බමුණු කුල වල සිත් ගත් සීමිත පිරිසකට පමණකි.

    අපේ ඇකඩිමියාවේ බමුණු කුල වල ඇති තරම් හීන් නුල් ක්‍රීඩාවන් ජපානයේ, ප්‍රංශයේ හෝ සිංගප්පූරුවේ දී නොදුටුවෙමි. චීනයේ තරමක් දුටුවෙමි. එහෙත් මේ පරිමාණයෙන් නොවේ.

    ගත සවිමත් තරුණ කාලයේදී හිත හොඳ අවංක මිනිසුන් සමග පර්යේෂණක් කරගෙන එය විකුණා ගැනීමෙන් ජීවත් වීම සිතට නිදහසකි.

    ReplyDelete
  10. හැමතැනම මාෆියා.... ඕකට හේතුව සුද්දා කලින් ගිය එක.. මොකෝ උන්ට සියල්ලන්ම ගෝත්‍රිකත්වයෙන් මුදවන්න බැරි උනා.. 56 ගෝත්‍රික නායකයකුට රට යනවා.. ඉන් පස්සෙ උඩ එන්නේ අර ගෝත්‍රිකයෝ.. උන් ආයේ මේක වැඩවසම් යුගයකට ගෙනියනවා.. හැම තැනම ගුරුකුළ හදනවා.. ඒවා නැති කරන්න බෑ ලේසියෙන්. උන් පිටරටක ගියත් තත්වය එසෙමැයි. (ඒ රටෙ ක්‍රමයට අනුගත් වෙන්න උන්ට බෑ. උන් සුද්දන්ට අපේ ශිෂ්ඨාචාරේ දෙන්න යනවා.)

    ReplyDelete
    Replies
    1. අපේ අයියලගේ ගෝත්‍රික ක්‍රියා ගැන පොතක් ලියන්න පුලුවන්

      Delete
  11. බොහොම ලොකු තැනක ඉහලින්ම වැන්ජබෙන දොස්තරවරියක් තමුන්ගේ ආයතනයට ආධාරයක් විදිහට ලැබුණු ජෙනරේටර් එක හොරෙන් ගෙදර ඇදල වැඩේ නෝන්ඩි වෙච්චි නිසා ආපහු ගෙනත් දෙන්න සිද්දවුනා.. ඒ කතාව මේ පොස්ට් එකේ ටොපික් එකට අදාළ නැහැ.. ඒත් මම ඒක ලිව්වේ උගත්කම කියන සළුවෙන් වහගෙන ඉන්න චෞර උදවියට ගැන පොඩි උදාහරණයක් විදිහට. රුවන් මහත්මය මේ මතුකරලා තියන කාරනාව මේ ආයතනයට විතරක් පොදු වෙච්ච දෙයක් නෙවෙයි.. සාමාන්‍ය උපාධියේ සිය ඉහලම උපාධිය දක්වා ඒ ඒ මට්ටමින් මේ දේ ක්‍රියාත්මක වෙනව.

    ReplyDelete
    Replies
    1. සුජාතාවක් ද?

      Delete
    2. අපොයි පිලිකා රෝහලේ වෛද්‍ය කනිෂ්ක කරුණාරත්න රෝහල ලැබුනු ආධාර හොරකම් කලේ ,
      බන්ධනාගාර රෝහලේ සමහර වෛද්‍යවරුන් ගේ ගැහිලි කොහොමද ?

      Delete
    3. Ruwan,

      I have had interactions with Kanishka Karunaratna (as a Gynocologist), and he seemed like a really nice person and a professional to the hilt.

      Do you have proof on your above comment that he robbed the Cancer Hospital during his tenure as the Director there?

      Your clarification is much appreciated.

      Delete
    4. Dr KK's matter was published by the Lanka E news , and an investigation was called. When the investigation about to occur he resigned

      Delete
  12. මෙහෙම උනාම දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගන්නත් බය හිතෙනවානේ.ඉතින් මිනිස්සු විද්‍යාව වෙනුවට අවිද්‍යාව පස්සේ යන එක අඩු වෙන්නෙත් නැහැනේ.

    ReplyDelete
  13. Dr මාරම අසුචි ගොඩක්නෙ ඔබ හාරලා තියෙන්නේ

    ReplyDelete
  14. //කෝරලේ මහත්තයා මග හැර ඒජන්ත මහත්තයා හමු වූ විට කෝරලේ මහත්තයා කෝප ගනී//
    හරියට හරි!

    ReplyDelete
  15. රුවන් මේ කියන පශ්චාත් උපාධි ආයතනය ගැන ඔබ ගේ ම අත්දැකීම් මොනවා ද? පේරාදෙණිය වෛද්‍ය පීඨයේ සිටි පානබොක්කේ මෙහි ලොක්කා වී සිටි බවක් මතකයි.

    ReplyDelete
    Replies
    1. මට නම් පුද්ගලිකව අසාධාරන කොට නැත නමුත් අන් අයට වන අසාධාරන මම දුටුවා

      Delete
  16. PGIM විතරක් නෙමේ. අනෙක් තැන්වලත් ඔයිට දෙවෙනි වෙන්නෙ නෑ. මගෙ අත්දැකීමක් කියන්නම්. මට පශ්චාත් උපාධියකට අයදුම් කරන්න LOR 3ක් ගන්න මහාචාර්යවරු තුන්දෙනෙක් ගාවට ගියාම හැමදාම කියන්නෙ අද දෙන්නම්, හෙට දෙන්නම් කියල. නැත්නම් අද busy කියල. අන්තිමට එපාම වෙලා ගිහිල්ලා අවුරුද්දකට පස්සෙ ලංකාවෙ වි.වි.කින් අවුරුදු 2ක් කියපු උපාධිය අවුරුදු 3ක් තිස්සෙ කරනවා.

    ReplyDelete
    Replies
    1. දේශීය කුහකත්වය

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook