අධිෂ්ඨානය - එල්. ටී. ටී. ඊ. පරාජය නාවික හමුදාවේ භූමිකාව - Adhishtanaya - Role of the Navy in LTTE's defeat - කර්තෘ: අද්මිරාල් වසන්ත කරන්නාගොඩ පොත කියවමි , දන්නා අඳුනන නමක් ඇස ගැටුණි. ඒ සහකාර වෛද්‍ය නිලධාරී සරත් විමලසූරිය ගේ නමය.
සරත් විමලසූරිය නාවික හමුදාවේ පණිවුඩ හුවමාරු පද්ධතීන් දියුණු කලේය. අද්මිරාල් වසන්ත කරන්නාගොඩ වෛද්‍ය සරත් විමලසූරිය ගේ සේවය පසසයි . මෙය අපගේ සෞඛ්‍යය අංශයට ආඩම්බර විය හැකි කරුණකි. නමුත් සෞඛ්‍යය අංශය නිහඞය. 2009 යුද ජයග්‍රහනයේදී තම තාක්‍ෂණික දැණුමෙන් දායකත්වයක් දුන් මේ සහකාර වෛද්‍ය නිලධාරියා හෙවත් AMO මහතාව අපගේ වෛද්‍යවරු මෙන්ම සෞඛ්‍යය අමාත්‍යංශ නිලධාරීන් ඇගයීමකට ලක් නොකරන්නේ ලාංකික වෛද්‍යවරු බොහොමයක් තුල සහජයෙන් පවතින කුහක බව ඉරිසියාව කුඩුකේඩු බව නිසාද ?
සරත් ඔබ සෝවියට් දේශයේ, ඇමරිකාවේ, කැනඩාවේ ,ඊශ්‍රායලයේ හෝ එක්සත් රාජධානියේ මේ කාර්‍යය කලේ නම් ඔබ නිසි ඇගයීමට ලක් වී හමාරය. කුමක් කරන්නද මේ ලංකාවය. අප සුළුතරය හෝ ඔබ විසින් කරන ලද කාර්‍යට උපහාර පුද කරමු.
Sarath We Salute You
සරත්ට අවුරුදු 100ක් පේන්නෙ නෑන අප්ප.
ReplyDelete100 ක් නෑ 87
Deleteඅනිවාර්යයෙන්ම Respect
ReplyDelete++++++++
Deleteඇමරිකාවේ, ඊශ්‍රායලයේ හෝ එක්සත් රාජධානියේ කෙසේ වෙතත් කැනඩාවේ නම් නිසි කෙසේවතත් අඩුම ගන්නේ ඇගයිමකටවත් ලක්වීමට ඇති චෑන්ස් එක නම් හරිම අඩුය. රුවන් කාලයක් තිස්සේ කැනඩාවේ ඉන්න නිසා මට වඩා ඒක ගැන දන්නවා ඇති.
ReplyDeleteඑහෙම නෑ කැනඩාවේ හමුදාව වෙනුවෙන් සේවය කල සුනඛයන්ටත් ගරු සත්කාර දෙනවා
Deleteඔව්, සුනඛයන්ට නං ගරු සත්කාර දෙනවා ඇති. මිනිස්සුන්ට නම් ගරු සත්කාර කොහොම වෙතත් ලදිය යුතු දේවත් ලැබෙන්නේ නැහැලු.
Deleteමම මේ ලඟදී දවසක CNN එකේ ඇහුවා කැනඩාවේ යුද්දෙට ගිහිල්ලා PTSD හැදිලා හමුදාවෙන් අස්වෙන අයට සලකන විදිය.
හැට්ටර් ඒකට හේතුව සමහර අයියලා බොරු රෝග ලක්‍ෂණ පෙන්වලා මිලියන ගනන් වන්දි ගැනීම. මේ ගැන කතා කල යුතුයි.
DeleteHector
DeleteBloody Canadian government/ Army cheats a lot. They never pay even the due compensations for the veterans. Whenever they are being questioned, crazy & stupidest answers are given. So much shameful state. They just send their servicemen to unnecessary war zones on behalf of USA & the affected people are cheated so badly. Even SL is much better than Canada in these kind of aspects.
සමහරු හොර කරන ව ඇති. නමුත් මට මතක තියෙන විදියට CNN එකේ කිව්වේ එම සෙබළියට හමුදාවෙදීම PTSD තිබේ කියා හඳුනාගෙන ඉන් පසුව තමා අස් වෙලා තියෙන්නේ. කොල දාල මාස 6 කට පස්සේ අස් වුනහම නැවතත් හමුදාවෙන්ම දුවන වෙට් ලගේ ක්ලිනික් එකට ගිහින් නැවත රෝග නිශ්චයක් කරන්ඩ වේටින් ලයිස්තුවේ ඉන්නවා. හොරුත් ඇති නමුත් නිවැරදි අයටත් 'නියම' සුනඛයන්ට වැඩිය සැලකිලි.
Deleteවැඩිය ඕනේ නැහැ ඔය 'බ්ලැක්බෙරි' හදන්නේ කැනඩාවේ නේ. දැන් උන් බොහොම අමාරුවෙන් බංකොලොත් නොවී දුවන එකට මොකක්ද රටේ තියෙන සැලකිල්ල. ඉතින් සරත් ඔහේ හිටියත් එයාටත් ඔය සෙතේම තමයි. ලංකාවට වැඩිය වෙනසක් තියෙන එකක් නෑ. හීතල ඇරුණුකොට.
කැනඩා ඔත්තු සේවා රොබට් බ්ලැක් ව මරා දමන ලදී.
Deleteමරු ෆොටෝ එක අප්පා. මාත් 100දි ඔහොම එකක් ගන්නවා.
ReplyDeleteexcellent
Deleteෂහ් නියම ෆොටෝ එකක්. ආතල් බුවෙක් වගේ.
ReplyDeleteඑල බුවෙක්
Deleteඅනෙක් රටවල් ගැන නම මම දන්නේ නෑ.. ඒත් ඊශ්‍රායලයේ උන්නා නම් සරත් කියන්නේ ප්‍රකෝටිපතියෙක්...
ReplyDeleteමාතලන් සහ රුවන්,
Deleteසරත් යනු නිර්මාණශීලී රැඩිකල් අදහස් ඇති දක්ෂයෙක්, ඔහු කුඩා ප්‍රමාණයේ ඉනොවේටර් (තනි ක්ෂුද්‍ර නව නිර්මාණකරුවෙක්) කෙනෙක්. මේ අය කරන්නේ සාමාන්‍ය ජීවන තත්වය උසස් කිරීමට කටයුතු කිරීමයි. ඔහු නාවික හමුදාවේත් උපකරණ වැඩිදියුණු කිරීමට කටයුතු කළ අතර ඔහුගේ වැඩ ඉතා අතිශයෝක්තියෙන් මාධ්‍ය/ බ්ලොග් තුළ වර්ණනා කර තිබෙනවා. නමුත් ඔහු ලංකාවේ නැතුව වෙන රටක හිටියනම් ඔය කියන තරම් සුපිරි තැනකට ඒමට හැකිවේ යයි කීම විහිලුවකි. ඇතැම්විට නව නිර්මාණ වලට සහය දක්වන ආයතන සමග එක්ව ඔහුට මීට වඩා තරමක් හොඳ ජීවන තත්වයක් එම රටවල ලැබෙනු ඇත.
නමුත් යුරෝපය උතුරු ඇමෙරිකාව ඊශ්‍රායෙල් ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක මෙවැනි අමුතු අදහස් ඇති කුඩා ප්‍රමාණයේ නව නිර්මාණකරුවන් සිටියත් ඔවුන්ගේ ජීවිතද මොහුගේ මෙන්ම බොහොමයක් ඉතා අප්‍රකට අතර ඒවා ප්‍රායෝගිකව විශාල සමාගම් විසින් මේම නිර්මාණවලින් ඇතැම් ඒවා මාකට් කර ලාභ ලබාගන්න අතර ඇතැම් විට විශාල ලාභද ලබනු පෙනේ.
ලෝකය තුල මේය අතිශය සාමාන්‍ය තත්වයකි. මීට වඩා ඉතා විශිෂ්ට නිරමානකරුවෙක් මෙන්ම විද්‍යාඥයෙකුද වූ නිකොලා ටෙස්ලා ගැන ලෝකය මනාව දැන ගත්තේ සෑහෙන පසුවය. එකල තෝමස් අල්වා එඩිසන් නමැත්ත කල දෙය දැන් කරන්නේ දැවැන්ත සමාගම්ය.
නමුත් සරත්ලං ඔහු ලංකාවේ නැතුව වෙන රටක හිටියනම් දැන් ඉන්න තත්වයට වඩා ඉහල තත්වයකට යනවා
Deleteඒකනම් ඇත්ත මාතේ සරත් අර ඩිවලප් කල සර්කිට් වලට පේටන්ට් එකක් අරගෙන සල්ලි හොයන්න තිබ්බා. අඩුම ගානේ මේ මිනිසාට සෞඛ්‍යය අමාත්‍යංශයවත් ප්‍රසාද ලිපියක්වත් නොදුන් එක හිතට දුකයි.
ReplyDeleteඔහුගේ සේවයට ගරු කරනවා, මේ ලඟදි ඔහුව මුණ ගැහෙන්න සහ සෙට් වෙන්න තිබ්බ අවස්ථාවක් මිස් උනා කාල වෙලාව මදි වීම නිසා...
ReplyDeleteඑව්වනං මන්දා ආතල් ඩයල් එක
Deleteමට ෆේස් ටු ෆේස් හමුවී නැත නමුත් එල බොක්කක් බව සුවඳින් කිව හැක
Deleteකුහක වෙන්න ඕන හේතුව අර උඩ පින්තුරෙම තියේ.. අපායට දෙපාරක් ගිහින් ආපු පොරක් නෙව.. හැක්..
ReplyDeleteසරත් සිගරට් බොන්නේ නෑ ඒක ආතල් එකට අරගෙන තියෙන්නේ
Deleteසරත් විමලසූරියව මට හමුවෙන්නේ මුහුණු පොතෙන්. අග්‍රගණ්‍යය චරිතයක්
ReplyDelete++++++++++++++++++
Deleteඑ්ක සහතික අැත්තග මමත් ඔබ සමග එකගයි.
Deleteඑතුමාණෝ මේ අවුරුද්දට බ්ලොග් එකේ වැඩ අල්ලා ඇත..
ReplyDeleteනොදන්නා අයට බලන්න
http://4s7sw.blogspot.my/2017/01/blog-post.html
ඒ බ්ලොග් එක නියමයි. නියම වැඩ කාරයෙක්.
Deleteකලාතුරකින් මතුවෙන අමුතු 'පොරක්'.
ReplyDeleteජයවේවා..!!
ඇත්ත
Deleteඅප්පට සිරි, හිටංගේ ඇන්ටි සිගරැට් ඇන්ටි ඇල්කොහොල් කැම්පෙන් එකට කියපු දොස්තර මහත්තයෙකුගේ පින්තූරයක්.
ReplyDeleteසැලියුට් සරත් විමලසූරිය දොස්තර ඉංජිනේරු මහත්තයෝ,
සරත් විමලසූරිය දොස්තර ඉංජිනේරු //////////////+++++++++++++++
Deleteආ මේ අපේ විරෝධාර රණවිරු අයිඩියානන්ද දොස්තර මහත්තයානේ. එළ කොල්ලෙක් තමයි. මාරම පොරක් රටක් වටිනවා උනාට රටට වටින්නේ නෑ.
ReplyDeleteඒක දුකයි
Deleteඑල කියන්නෙ ඉතිං ආයෙ කියල වැඩක් නෑ.
ReplyDeleteඑලද බ්‍රා
Deleteමේ යෝදයා අර සිංගල් මොල්ට් ග්ලෙන්ෆිඩිච් එකට කෝක් දාල ද? හරිම අඳුරු පාටයි.
ReplyDeleteඑහෙම නම්, අයියෝ සල්ලි!