දරු උපත් වලදී ෆෝර්සෙප්ස් හෙවත් ඩැහි අඬු සමහරක් විට භාවිතා කරති. මෙලෙස ඩැහි අඬු භාවිතා කරන්නේ දරුවාගේ හිස උපත් මාර්ගයේ සිරවී ඇති අවස්ථා වලදීය. සමහර විට දරුවාගේ තට්ටම් ද උපත් මාර්ගයේ සිරවී ඇති අවස්ථා තිබේ. එවැනි අවස්ථා වලදී ද ඩැහි අඬු භාවිතා කරති.
ෆෝර්සෙප්ස් හෙවත් ඩැහි අඬු භාවිතය සියවස් තුන හතරක් ඈත අතීතයට යයි. මධ්‍යකාලීන යුරෝපයේ ඩැහි අඬු භාවිතා කොට ප්‍රසව වේදනා අඩු කොට දරු උපතකට උදව් කල වින්නඹුවක් පල්ලිය විසින් පණ පිටින් පුලුස්සා මරා දමන ලදි. ඊට හේතුව වූයේ දෙවියන් විසින් ගැහැණියට ආරෝපණය කර තිබූ ප්‍රසව වේදනාව කෘතිම ලෙස ඩැහි අඬු භාවිතයෙන් වින්නඹුව අඩු කරන ලද නිසාය.
ෆෝර්සෙප්ස් ඩිලිවරි වල සංකූලතා තිබිය හැකිය. ළදරු හිස හෝ තට්ටම් උපත් මාර්ගයේ සිරවී ඇති අවස්ථා වලදී අඞු භාවිතා කල යුත්තේ ඉතා ප්‍රවේශමිනි. අනිසි ලෙස අඞු භාවිතා කල හොත් මවගේ යෝනි මාර්ගය ඉරී යාම , ළදරු හිස තුවාලවී පසුකාලීනව වලිප්පු වැනි තත්වයන් , අධ්‍යාපන දුබලතා ඇතිවීමේ සම්භාවිතාවන් තිබේ.
වරක් මාතලේ මූලික රෝහලේදී එක් නවක වෛද්‍යවරියක් වැරදි ලෙස අඞු දමා ළමයා එලියට ගැනීමට තැත් කල අතර ළදරු හිස ගෙලෙන් වෙන් වී අතට ආවේය. ළදරු හිස චක් හඞ නගමින් සූතිකාගාරයේ පොළවට වැටුනි. මෙය දුටු සූතිකාගාරයේ හෙදියක් ක්ලාන්ත වූවාය. ළදරු සිරුර කවන්ධ රූපයක් සේ ප්‍රසව මාර්ගයේ හිරවී තිබූ අතර පසුව එය ඉවතට ඇද ගන්නා ලදි.
අද මෙන් නොව ඒ කාලයේ (1994) සෝෂල් මීඩියා නොතිබූ නිසා මේ සිද්ධිය යට ගියේය. එසේම නවක සීමාවාසික වෛද්‍යවරියක වූ නිසා මේ සඳහා ඇයට චෝදනා ගොනු නොකරන ලදි. සිතා මතා නොවූවද මේ සිදු වූ අභාග්‍ය සම්පන්න සිදුවීම එකී වෛද්‍යවරියට බලපෑ අතර ඇය නිහඞව තැවුනා කියා මම සිතමි.
මාගේ වෘත්තීය ජිවිතයේදී මම ෆෝර්සෙප්ස් ඩිලිවරි විසි පහක් තිහක් පමණ කොට තිබේ. දෙවියන්ට ස්තූති වන්නට මේ ෆෝර්සෙප්ස් ඩිලිවරි වලදී සංකූලතා මතු වූයේ නැත. මෙලෙස නිවැරදි අන්දමින් මට ෆෝර්සෙප්ස් නොහොත් අඞු භාවිතා කිරීම උගන්වන ලද්දේ ආනන්ද රණතුංග , නීල් සෙනෙවිරත්න , අජිත් සේමගේ යන නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරු විසිනි. ඒ නිසා මම ඔවුන් විසින් දුන් දැණුමට නය ගැති වෙමි.
මීගමුව රෝහලේදී මා විසින් කරන ලද ෆෝර්සෙප්ස් ඩිලිවරියක් මට තවමත් මතකය.
උදෑසන දහයට පමණ ලේබර් රූම් එකේ සිටි මාතාවක් තවමත් දරුවා ප්‍රසූත කර නැති බව සීමාවාසික වෛද්‍ය බාස්කරන් මට දැණුම් දුන්නේය. මම මේ කාන්තාව පරික්‍ෂා කොට බැලුවෙමි. ළදරු හිස ප්‍රසව මාර්ගය අවහිර කොට ඇත. අඞු දමා දරු උපත සිදු කල යුතුය. ඒ සඳහා මම නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යතුමාව දුරකතනයෙන් අමතා ඔහුගේ අනුමැතිය ගත්තෙමි.
ගුණපාල මිස් මට කොළ පැහැති රෙද්දක ඔතා තිබූ ෆෝර්සෙප්ස් දෙක දුන්නාය. මම අඞු දෙක ප්‍රසව මාර්ගයට දමා ළදරු හිස දෙපසට තබා ස්ථායි කර ගත්තෙමි. වෛද්‍ය බාස්කරන් මගේ දකුණු පසින් ද මිඩ් වයිෆ් තිසේරා වම් පසින් ද සිටි අතර ගුණපාල මිස් මඳක් පසුපසට වී සිටියාය.
මම සෙමෙන් සෙමෙන් අඞු දෙක ඇද්දෙමි. උපත් මාර්ගයේ සිරවී තිබූ ළදරු හිස ක්‍රමක් ක්‍රමයෙන් එලියට එන්නට විය. ඒ අතර පවුල් සෞඛ්‍ය නිලධාරිනිය වූ තිසේරා ගැබිණි මවට " තටමන්න තටමන්න "කියා නියෝග කලාය. ගතවූයේ මොහොතකි. ගැබිණි මවට මළපහ පිට වූවාය. ලේබර් රූම් එකට ඒමට පෙර මව්වරුන්ට වස්ති දෙන ලෙස පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්ට දන්වා තිබුනද මේ වස්ති දීම නිසි ලෙස සිදු නොවන බව මට තේරී තිබුනි. එය මම දැන් අත් විඳිමි.
ගැබිණි මව තැටමීමත් සමගම දියර ලෙස හෝස් ගා කක්කා පිටවූ අතර මගේ අත් වල සහ කමිසයේ කලිසමේ අසූචි තැවරිනි. බාස්කරන් සහ තිසේරා ඇසිපිය හෙලන මොහොතකදී පසෙකට දිව් අතර ළදරුවා අතරමග හිරවී සිටින නිසා මම අසූචි ස්ප්‍රේ එකද නොතකා අඞු දෙක සෙමෙන් සෙමෙන් ඇද්දෙමි.
ගුණපාල මිස් " අනේ ඩොක්ටර් කක්කා නෑවුනා නේද? කියා අනුකම්පිත ස්වරයකින් කීවාය. එය ඇසූ මා මඳක් කෝපව " ඒකට කමක් නෑ පී.එච්.ඕ ට එන්න කියන්න කියා උස් හඞින් කීවෙමි. ගුණපාල මිස් දුරකථනය වෙත දිව්වාය. ඒ අතරවාරයේ මම ළමයාව එලියට ගත්තෙමි.
ළදරුවා හුස්ම ගන්නේ නැත. මම ළදරුවාව කකුල් දෙකෙන් ඔසවා පිටට තට්ටු කලෙමි. තවද සකර් එක ක්‍රියාත්මක කොට ළදරුවාගේ නාස් මාර්ගය මුඛය සුද්ද කලෙමි. ඒ අතර වාරයේ පී.එච්.ඕ හෙවත් ළදරු වෛද්‍යවරිය ආවාය. ඇය නාසය වසාගෙන මඳක් ඈතින් සිට ළමයා මවගේ ඇඳ මත තබන ලෙස කීවාය. මම ඇයට කීකරු වූයෙමි.
පී.එච්.ඕ ළදරුවා අරගෙන අවශ්‍ය කටයුතු කළාය. මම මව වෙත ගොස් ඇයගේ එපිස් එක මසා රුධිර වහනය නවතා දැමුවෙමි.
එදින ක්ලිනික් දිනයක් නිසා මා ඇඳ සිටියේ අත් දිග කමිසයකි. ටයි එකක්ද දමා සිටියෙමි. නමුත් දැන් මා කක්කා වලින් නෑවී තිබේ. සමහරු මා වසූරිය රෝගියෙකු මෙන් සලකා ඈත් වූවද ගුණපාල මිස් ග්ලවුස් දෙකක් දමාගෙන මගේ කමිසයේ තැවරී තිබූ අසූචි ගෝස් කැබැල්ලකින් සුද්ද කලාය.
ඒ අතරවාරයේ ක්ලිනික් එකට එන්නට කියා මට නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා ගෙන් ඇමතුමක්ද ආවේය. එය මගේ ඛණ්ඩන සීමාව විය. " ගුණපාල මිස් මම ක්වාටස් එකට යනවා " කියා මම නිල නිවස වෙත ගියෙමි. අතර මගදී මාව හමුවූ වෛද්‍යවරු , හෙදියෝ රෝගීහු වහ වහා ඈත් වූහ.
නිල නිවසට ගිය මම ඇඳුම් සියල්ල කුණු ගොඩට දමා පැයක් පමණ ස්නානය කලෙමි. ඉන් පසු අළුත් ඇඳුමක් ඇඳ සෙන්ට් පවුඩර් දමාගෙන වාට්ටුවට ගියෙමි. ඒ යන අතරමගදී වෛද්‍ය සිරිවර්ධන මට හමු විය.
වෛද්‍ය සිරිවර්ධන ශල්‍ය වෛද්‍ය ජ්‍යෙෂ්ඨ නිලධාරීය. ඔහු ශල්‍ය වෛද්‍ය විශේෂඥ බදුර්දීන් මහතා යටතේ වැඩ කලේය. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි සිසුවෙකි. එසේම ක්‍රිකට් ක්‍රීඩකයෙකි. වෛද්‍ය සිරිවර්ධන විහිළුවට බරය. මා දුටු විගසම ඔහු මට කතා කලේය.
" රුවන් කොහොමද ? ජී - සෙවන් ( ගූ හතයි) කියලා ආරංචියි මොකද උනේ ?
" කක්කා වේලෙන්නත් ඉස්සර උඹලට නිවුස් එක ගියානේද ? කියා මම සිරාගෙන් ඇසුවෙමි.
වෛද්‍ය සිරිවර්ධන කිසිවක් කීවේ නැත. ඔහු සිනාසුනේය. මමට සිරාට සිනහවකින් සංග්‍රහ කොට ලේබර් රූම් එකට ගියෙමි.
අඞු දැමූ මව දරුවාට කිරි පොවමින් සිටියාය. සංකූලතාවයකින් තොරව අඞු උපත සිදුවී තිබේ. මවත් ළදරුවාත් සුවෙනි. මම සුසුමක් හෙළුවෙමි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
G-7! :-)
ReplyDelete//අතර මගදී මාව හමුවූ වෛද්‍යවරු , හෙදියෝ රෝගීහු වහ වහා ඈත් වූහ//
ඒක නං ටිකක් අසාමාන්‍යයි වගේ.
කක්කා වලටත් අන්තයිලු ඇඟේ තියන සැරව ගෙඩි ඇතුලෙ තියන දේවල්.
අසූචි වැදුනම ඔහොම තමයි
Deleteකියවීමේදී මට ඇතිවූ අදහස නම් මෙහි කියවෙන ළදරු වෛද්‍යවරිය, සීමාවාසික වෛද්‍යවරුන්, සහ සමහර හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් රෝහල් සේවයට එක්වී ඇත්තේ මිනිසුන් යනු ශරීරයෙන් දුර්ගන්ධවත් අපිරිසිදු අපද්‍රවය පිට කරනා සත්වයන් බව නොදැන විය හැකි බවයි. මෙයින් අදහස් කරන්නේ සනීපාරක්ෂාව රැකගැනීම කල නොයුතු බවක් නොවේ.
ReplyDeleteජපානයේ සෞඛ්‍ය සේවයේ රෝහල් බහුතරය පුද්ගලීකරණය කර ජාතික සෞඛ්‍ය රක්ෂණයක් හදුන්වාදී තිබීමෙන් පසුගිය වසර කිහිපය තුල අපි අත්දුටු ලාභය සහ සුවපහසුව ගැන ඉඩක් ලැබුන විටෙක ලියන්නට ඔබේ ලිපිය මට උනන්දුවක් ඇතිකළා.
කෙන්කියුෂා 研究者January 15, 2017 at 9:47 PM
Deleteඅනේ ඒක කොහොමහරි ලියන්න. ලංකාවේ ලෙඩ වෙලා තියන සෞඛ්‍ය සේවයට ඇති විකල්ප අපි දැනගතයුතුමයි.
++++++++
Deleteහොඳටම කෙල උනාම පිහිටක් ලැබෙන්නෙ වයිද්‍යවරයෙක් ගෙන් නිසා ඔවුන්ගේ රැකියාවට උසස් තත්වයක් හිමිවෙලා කියන එකට හොඳ නිදර්ශනයක්.
ReplyDeleteපව්..
අර නවක වයිද්‍යවරිය දිහාත් දෙවියො බැලුවා නම් දරුවා ජීවතුන් අතර නෙව..හෙහ් හෙහ්
ජයවේවා..!!
නාත දෙයියො?
Deleteඇය ඊට පස්සේ රට ගියා
Deleteවෛද්‍යවරු යනු ජාතියේ නිහඬ වීරයෝ වෙති. රුවන් අපරාදේ අර ඇඳුම කුනුගොඩට දැම්මේ. සෝදලා ගන්න තිබ්බා. ජෝක්.
ReplyDeleteඅපොයි ඒක හෝදන්න අමාරුයි
Deleteඅනතුරු ඇඟවීමයි !!
ReplyDeleteබ්ලොග් ලෝකෙත් මෑතක පටන් සංවිධානාත්මක ව්‍යාපාරයක් යනවා ඇතැම් බ්ලොග් කරුවන්ට එරෙහිව.
මුලින්ම රශික. රශිකගෙත් වැරදි ඇති. ඒත් ඔය කියන තරම්ම මිනිහව කපලම දාන්න අවශ්‍ය පුද්ගලයෙක්නම් නෙවෙයි.
දැන් ඊළඟට නෙලුම් අජිත්. ඌටත් වටවෙලා ගහනවා. වැඩේ තියෙන්නෙ සාරස විතරයි ප්‍රොෆයිල් එකෙන් එන්නෙ. අනිත් ඔකොම ඇනෝල.
අංක 3 බොහෝවිට මගේ අනුමානය ඩොක්ටර් රුවන් වෙන්න පුලුවනි.
බි කෙයාෆුල්
**
මම මේ කොමෙන්ට් එක ඊයෙ ලියලත් ඩැම්මෙ නෑ.
මෙන්න බඩු එනවා රුවන්ටත්
http://bitternight.blogspot.jp/2017/01/blog-post.html
සිඟිති ආතල් එකක් අරගෙන , කමක් නෑ කවුද මේ අමාවක බ්ලොග් එක කරන්නේ සාරසද ?
Deleteමොනවාද ඇනෝ මා කළ වැරදි?
Deleteරුවන්,
Deleteබයියන් විසින් බයි විරෝධී බ්ලොගර්ස්ලාට විරුද්ධව මඩ ව්‍යාපාරයක් ඇත. එයට සමහරක් බයි විරෝධීන් ද නොදැනුවත්කම සම්බන්ධ වී ඇත.
මේ අමාවක ලිපිය මා කියවූවා. එය පෙර කී සංවිධානාත්මක ව්‍යාපාරයේ කොටසක් යැයි මට සිතුණේ නෑ. ඔබේ වෙනත් මතවාදයන්ට එරෙහිව ලියවුණු හොඳ විවේචනයක් පමණයි.
ඔය මඩ කතා මට පදම් රසික
Deleteකක්කා කතාවක් නිසා මේක ලියන්න හිතුනේ.
ReplyDeleteමම මාස දහයක් විතර කාලයක් මෙහේ පාර්කින්සන්ස්, ග්ලොව්කෝමා, තියෙන ලංකාවේ උගත්, බුද්දිමත් දොස්තර කෙනෙක්ව බලාගත්තා. ඔහු අවුරුදු අසූ ගනනක්. මම ඔහුගෙන් ජීවිතයේ තව බොහෝ දේ ඉගෙනගත්තා. මම වැටුපක් ලබාගත්තත්, මම ඔහුව පියෙක් සේ බලාගත්තා. ඔහු මේ රටේ ශ්‍රීලාංකික වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෙලත් හිටියා. එයාට කක්කා පිට කරගන්න අමාරුයි. ඒ සියලු දේ වලින් පස්සෙත්, සියලු ප්‍රතිකර්මවලින් පස්සෙත් එක අවස්තාවක් එනවා, මැනුවලි ඇදලා ගන්න. මම ඒ අත්දැකීම වින්දා. ඒක අමිහිරියි. ඒත් කවුරු හරි කරවන්න එපැයි.නැත්නම් මැරෙයි.
කක්කා පිටකිරීම තරම් සුවයක් තිබේද....
ඒක විතරක් නෙමේ රුවන්. ඒ ඩොක්ටර් පස්සේ පස්සේ හිතන්න පටන් ගත්තා, මම එයාගෙන් ඉගෙනගන්න එන ට්‍රේනි ජීපි කෙනෙක් කියලා.එයා ජීපී ට්‍රේනර් කෙනෙක්. ඩිමෙන්ශියා පටන් ගත්තා. මට හැම මොහොතකම මෙඩිකල් ට්‍රේනිං. මමත් අහගෙන හිටියා. යමක් ජීවිතයට එකතුකර ගත්තා. මැනුවල් ඩිස්චාර්ජ් එකක් කරනකොට, ඇඟිල්ල දාන හැටි එහෙම කොමෝඩ් එකේ ඉඳගෙන කියලා දෙනවා. මරු පොරක්. මෑතක්දි මියගියා.
Deleteරුවන්...මාත් පොඩි අඩියක් ගහලා ආතල් එකේ ඉන්න වෙලාවේ මේ ටිකත් ලියන්න ඕන කියලා හිතුනා. සමාවෙන්න.
Deleteඔය ඩොක්ටර් මට පස්සේ පස්සේ මයිකල් කියලා තමයි කතා කරේ. මම මයිකල් වුනා. ඇත්ත මයිකල් තමයි මෙයා ඩිමෙන්ශියා ෆස්ට් ස්ටේජස් වලට එන්න ඉස්සෙල්ලා හිටිය මෙයාගේ පර්සනල් කෙයාරර්. මයිකල් කලු කොල්ලෙක්. ඒ කලේඅ මූ එංගලන්තෙට ඇවිත් සයන්ස් සබ්ජෙක්ට් එකක් කොලෙජ් එකක ඉගෙනගන්නවා. දැන් මේ කොල්ලා, යුනි එකක මෙඩිසින් කරනවා. ඒ අර ඩොක්ටර් ඇතිකරපු උනනදුව.
මටත් හිතෙනවා මට ඒ ඩොක්ටර්ව මීට හුඟ කාලෙකට ඉස්සෙල්ලා හම්බවුනා නම් කොහොමද කියලා. මේ ඩොක්ටර්ගේ චරිතය ඇතුලේ හරි රසවත්කතා තියෙනවා. පස්සේ ලියන්නම්.
Thanks Aruna ; thanks for sharing this story
Delete/* මාගේ වෘත්තීය ජිවිතයේදී මම ෆෝර්සෙප්ස් ඩිලිවරි විසි පහක් තිහක් පමණ කොට තිබේ. දෙවියන්ට ස්තූති වන්නට මේ ෆෝර්සෙප්ස් ඩිලිවරි වලදී සංකූලතා මතු වූයේ නැත. මෙලෙස නිවැරදි අන්දමින් මට ෆෝර්සෙප්ස් නොහොත් අඞු භාවිතා කිරීම උගන්වන ලද්දේ ආනන්ද රණතුංග , නීල් සෙනෙවිරත්න , අජිත් සේමගේ යන නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරු විසිනි. ඒ නිසා මම ඔවුන් විසින් දුන් දැණුමට නය ගැති වෙමි. */
ReplyDeleteමනුස්සයෝ, ඔහේ ස්තුතිවන්ත විය යුත්තේ ඒ නම් සඳහන් මනුස්සයින්ට මිස ලොවෙත් නැති දෙයියෙකුට නොවේ.
මෙහි ක්‍රෙඩිට් එක දෙවියන්ට බැර කලේ මම පොර නොවේ කියන්න සහ සාහිත්‍යමය අරුතක් දීමට
Delete