Sunday, January 15, 2017

පාසල් නාමකරණය



ලංකාවේ පාසල් වලට නම් තබන්නේ ආදි සිසුන් තුල හීනමානය වැඩෙන ආකාරයටය​. මේ තත්වය බොහෝ ග්‍රාමීය පාසල් වල දක්නට ලැබේ. එම පාසල් වල නම් පොල්පිති මූකාලාන විදුහළ , ජාපාල විදුහළ , යනාදී වශයෙන් නාම කරණය කොට තිබේ. මේ පාසල් වල ඉගෙනුම ලබා දිස්ත්‍රික් කෝටාවට විශ්ව විද්‍යාලයට එන සිසුන් බොහෝ දෙනෙකු කොලඹ ආදී ප්‍රධාන නගර වල ඉගෙන ගත් සිසුන් කෙරෙහි ඉරිසියාවද , වෛරයද  අනුගත කිරීම දක්නට ලැබේ. එසේම මේ ඉරිසියාවද , වෛරය සහ හීනමානය මත කොලඹ ආදී ප්‍රධාන නගර වල ඉගෙන ගත් සිසුන්ව නවක වධයට ලක් කරති. මේ මේ ඉරිසියාවද , වෛරය සහ හීනමානය අඩු කිරීම වෙනුවට ඒවා තීව්‍ර කරවමින් සමහර අන්තවාදී දේශපාලන පක්‍ෂ මේ ග්‍රාමීය පසුගාමීත්වයෙන් පෙලෙන සිසුන් තම දේශපාලන වේල් කරත්තය තල්ලු කර ගැනීම සඳහා උපයෝගී කර ගනිති.මේ තත්වය වෙනස් කිරීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව මූලික පියවරවල්  ගන්නේ කවදාද ? 



14 comments:

  1. එහෙම හීනමානයට පත් වෙච්චි ආදි ශිශ්යයෝ එයාලගේ ලමයින් ව කොලඹ රාජකීය විද්යාලයට දමන්න නොකරනා දෙයක් නැත!

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත ; තමා කාපු විඳවපු කට්ට ළමයාට නොදීම​ට

      Delete
  2. ජල තර පිහිටි ගමේ නම් ජල්තර කරන්න ඇත්තේත් කවුරුහරි ජල්තරස් පොරක් වෙන්නැති. ලෙෂර්වර්ඩ් එහෙම ලඟතියන නිසා ඉස්කෝලේ නම “ජලතර“ කරානම් ලස්සනයි.

    ඔය වගේ හරිම ජල්තරස් නම් තියන ගම් වල ජීවත්වන මිනිස්සු හිමීට ඒ නම් වෙනස් කරගත්තත් ඇතැම් වගකිව යුතු කුහකයෝ ඊට හරස් කපනවා. පය්යාගල, තුම්පනේ, හරක්ගම, මැටිකෑව වගේ නම් බොහෝ රජයේ ආයතන පවා අතහැර දමා තිබුනත් දෙපාර්තමේන්තු කාරයෝ ඒ නම් කරතියාගෙන ඉන්නවා, නැගෙනහිර පලාතේ එක ළඟ පිහිටි රජයේ ආයතන දෙකක් තමා වාහරෙයි ප්‍රාදේශීය සභාව සහ වාකරෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය.

    ReplyDelete
    Replies
    1. ඔව් තාම මේ වැඩවසම් තත්වය පවත්වාගෙන යන්න අව්ශ්‍ය අය ඉන්නවා

      Delete
  3. This is not correct, I am a Medical Doctor come from rural area in Southern Province. My school had my village name,I have no problems to say the name of my school (in fact I am proud). My experience at Peradeniya was, there was jealousy all around for medical and engineering students from other faculties. That has nothing to do with names of your village/school. Above condition exists with few students, not in general.

    ReplyDelete
    Replies
    1. What is the name of your village school ?

      Delete
    2. Kahaduwa Maha Vidyalaya

      Delete
    3. This name is ok ; imagine Jalthara maha vidyalaya

      Delete
    4. Jalthara is just a name of the place, if you are from this place its no big deal(I guess) There is a area in our hometown called Wata-thane believe it or not, people use the name without any problems.

      Delete
  4. මේක ටිකක් දිගට ලියන්ට තිබ්බ පොස්ට් එකක් ඩොක්ට. ඒත් ඉතිං ලියන අයට තවුසන්ඩ් ටෝක් දෙන්ට තරම් නොලියන අපිට බැහැනේ 🤓.

    ඕකෙම අනිත් පැත්තත් මම දැකල තියෙනව. සමහරක් ඉස්කෝල මාරු කරපු අයගෙන් ඉස්කෝලේ ඇහුවහමනම් කියන්නෙ අන්තිම අවුරුද්දෙ ගියපු ඉස්කෝලේ.

    මම නම් ඉස්කෝලේ අදි ශිෂ්‍යයෙක් වෙලත් නැහැ. මෙහේ ඉන්න අපේ ආදීශිෂ්‍යයන්ට අනිත් ඇවුන් මතක් වෙන්නෙ ටිකට් එකක් විකුණගන්න එහෙම නැතිනම් මෙහේ ආපු වෙලාවක ෆ්‍රී ලංඩන් රවුමක් ගහල අපේ වියදමෙන් උන්ගෙ පිහිටෙන් ජිවත් වෙන්න.

    පට්ට ස්ටොරියක් කියන්නම් ඩොක්ට.

    2014 දි ආණ්ඩු පක්ෂෙ පසුපෙළ මන්ත්‍රී කෙනෙක් (මගේ ක්ලාස් මේට්) ලන්ඩන් ආව මොකක්ද ට්‍රේනින් එකකට.

    මු මට කෝල් එකක් දීල සෙට් වෙන්න අහල අන්තිමටම ඇහුව "මචං ටික්ක. ලංකාවේ බඩු ගහල එපා වෙලා බං. සෙට් කරහන්කෝ බ්‍රිටිෂ් කෑල්ලක් එංගලන්තේ ආව වෙලේ ගහල යන්න " කියල.

    මම එක සැරේ කිව්ව "තෝ හිතුවද යකෝ මම බඩු බිස්නස් කරනව කියල. තොට බඩු ගහන්න නේ? හිටපං මේ කෝල් එකත් රෙකෝඩ් වෙනව. හෙටම දෙනව මීඩියා එකට තොගේ කැරැට්ටුව පෙන්නන්න" කියල.

    මම ඕක කිව්වෙත් විහිළුවට. මු එදා ඉඳල මට කෝල් කරන්නෙත් නැහැ. එදා හවස ඉඳල මගේ ෆෝන් එකට ආන්සර් කරන්නෙත් නැහැ මාව ෆේස් බුක් එකෙත් බ්ලොක් කරල.

    මේ සුද්දියට මට මැරෙන්න හිනා.

    මේ ලඟදි ඉන්ස්ටග්‍රෑම් එකේ දැක්ක ඒ මන්ත්‍රී තුමා මල් වට්ටියක් උස්සගෙන සුදු ෂර්ට් එකක් සරමක් ගහන් ඉන්නව.

    මට වාවගන්ට බැරි උනා දුක ඩොක්ට. 😂😂😂😂😂😂😂

    ReplyDelete
  5. සමහරක් ඉස්කෝල මාරු කරපු අයගෙන් ඉස්කෝලේ ඇහුවහමනම් කියන්නෙ අන්තිම අවුරුද්දෙ ගියපු ඉස්කෝලේ./////// true

    ඒ මන්ත්‍රී තුමා මල් වට්ටියක් උස්සගෙන සුදු ෂර්ට් එකක් සරමක් ගහන් ඉන්නව///// ඔන්න බුවාලා

    ReplyDelete
  6. දන්න විදිහට දැන් ටික කාලෙක ඉඳලා පාසල් වලට අභිමානවත් නම් දීගන දීගන යනවා.එකම කේස් එක ඒ නම් කියාගන්නවත් අමාරු තරම් සංස්කෘත වීම.ඒත් චාටර් නෑ.ඉස්සරහට වෙනසක් වෙයි.
    ජයවේවා..!!

    ReplyDelete
  7. මගේ බැචෙක් හිටියා ජොලි පොරක්. රැග් එකේදි වෙන ෆැකල්ට්යක එකෙක් අහපුවම උඹ මොන ඉස්කෝළෙන්ද කියල, ඌ කියනව තලවකැලේ සෙන්ට් බැචූන්ස් එකෙන් කියල. සෙන්ට් ඉස්කෝළ ගොඩක් තියන නිසා හුඟක් උන් හිතුවා ඇත්ත කියල.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook