Monday, December 21, 2015

පුද්ගලික වෛද්‍ය විද්‍යාල ලංකාවට අවශ්‍යද ?





පුද්ගලික වෛද්‍ය විද්‍යාල ලංකාවට අවශ්‍යද ? 

(සංවාදයට විවෘතයි )























87 comments:

  1. ලංකාවෙ උසස්පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලෙට ඇතුලත් වෙන්න 60% ක පමණ සුදුසුකම් ලැබුවත් විශ්වවිද්‍යාලෙට ඇතුලත් වෙන්නෙ එම අයගෙන් 16% ක් පමණ පිරිසක්. ඉතිරි 84% න් සුළු පිරිසක් රජය යටතේ තියන ආයතනවල වෘත්තීය අධ්‍යාපනය වෙතට යොමු වෙනවා. අනිත් අයට වෙන්නෙ රැකියාවක් සොයාගන්න. එහෙම නැත්නම් මුදල් ගෙවා වැඩිදුර ඉගෙනගන්න. අපේ රටේ විෂය මාලාවේ හොඳකම නිසා උසස්පෙළ විතරක් සමත් වෙල කරන්න පුළුවන් රැකියා ඕනතරම් තියනවනෙ..මොකට කියනවද? ඉතින් වැඩි පිරිසකට සිද්ධ වෙන්නෙ මුදල් ගෙවලා අර කෝස්-මේ කෝස් කියල තියන හොර ගුහා වලට සල්ලි පූජ කරල මොනවා හරි සුදුසුකම් ටිකක් අටවගන්න.

    හොඳට සල්ලිය-බාගෙ තියන ඇත්තෝ පිටරට විශ්ව විද්‍යාලයකට යනවා උපාධියක් ගන්න. දෙමව්පියෝ ඉඩකඩම් විකුණලා හරි දරුවන්ට උගන්නන්න වියදම් කරනවා. ඒ අපේ රටේ සල්ලි පිටරට යන හැටි.

    පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමෙන් අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධ ප්‍රශ්න ඔක්කොම විසඳෙන්නෙ නෑ. ඒත් අර විශ්ව විද්‍යාලයට යන්න සුදුසුකම් ලබන, ඒත් රජයේ විශ්ව විද්‍යාලවල සීමිත පහසුකම් තියන නිසා ඒ අවස්ථාව අහිමිවන 84% දෙනාට වැඩිදුර ඉගෙනගන්න කැමතිනම් අවස්ථාවක් ලැබෙනවා. පිටරටක ඉගෙනගන්නකොට යන නවාතැන් කුලී, ගමන් ගාස්තු වගේ දේවල් අඩුවෙන් යන නිසා සාධාරණ මුදලක් වැය කරලා ඉගෙන ගන්න ලැබෙනවා. එතකොට දරුවන්ව පිටරට යවන්න වත්කමක් නැති මධ්‍යම පංතියේ දෙමව්පියන්ටත් තමන්ගෙ දරුවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාදෙන්න පුළුවන් වේවි. ඒත් එක්කම එක එක වර්ගයේ කෝස් වලට සල්ලි පූජ කරන්නෙ නැතිව පිළිගත් උපාධියක් සඳහා ඉගෙන ගන්න රජයේ විශ්ව විද්‍යාලවලට යන්න බැරිවුන සිසුන්ට අවස්ථාව ලැබෙනවා.

    ReplyDelete
  2. පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමෙන් ඇතිවෙන ඊලඟ වාසිය විදියට මම දකින්නෙ රජයේ විශ්ව විද්‍යාලවලට තරඟයක් ඇති වීමයි. එතකොට දැනට නිකං ලැබෙන නිසා කිසි වටිනාකමක් නැතිව ඉගෙනගන්න උපාධිය උනන්දුවෙන් ඉගෙනගෙන, හැකි ඉක්මනින් ඉවර කරන්න රජයේ විශ්ව විද්‍යාලවල සිසුන් උනන්දු වේවි. දේශපාලන පක්ෂ වලට කඩේ යන්නෙ නැතිව, විෂයමාලා අලුත් කිරීම, ඉගෙනගැනීමට පහසුකම් ඉල්ලීම වගේ වගේ ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නට ඔවුන් පෙළඹේවි.

    ReplyDelete
    Replies
    1. මෙහි යම් සත්‍යක් තියනවා

      Delete
    2. Ano is making a sensible comment. I did my bachelors in SL and could see how most students didn't appreciate what they ate getting. All they wanted was a free degree and a govt job.

      Delete

    3. පුද්ගලික විශ්ව විද්‍යාල සැදීමේ ප්‍රධාන ගැටලු කිහිපයක් තියෙනව
      1. දැනට පවතින අනෙක් පෞද්ගලික පාඨමාලා වගේම උපාධි පාඨමාලත් කිසිදු ප්‍රමිතියකින් තොරව ක්‍රියාත්මක වීම.දැනට බොහෝ ආයතන පවත්වාගෙන යනු ලබන පරිඝණක , ඉංග්‍රීසි , කළමණාකරන, හෙද, වෙනත් වෘත්තිය පාඨමාලා කිසිදු ප්‍රමිතියකින් පවත්වාගෙන යන්නේ නැහැ. ඒ වගේම එම පාඨමාලාවන් බොහෝ ආයතන වලින් පිලිගැනීමට ලක් කරන්නෙත් නැහැ. අවසාන වශයෙන් සිදුවෙලා තියෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ මුදල් වියදම් වීම සහ ඒ මගින් පුද්ගලයින් කිහිප දෙනෙක් සල්ලි හම්බ කිරීම.

      2. පෞද්ගලික ආයතනවල පාඨමාලා පවත්වාගෙන යාමට තරම් පුහුණු ශ්‍රමයක් නොමැතිවීම. දැනට බොහෝ පුද්ගලික ආයතන පවත්වාගෙන යන්නේ රජයේ ආයතනවලම සේවය කරනු ලබන පුද්ගලයින්ගේ ශ්‍රමය භාවිතා කරමින් මේ හරහා සිදුවන්නේ ඔවුන්ට තමන්ගේ දැනුම වර්ධනය කර ගැනීමට තියෙන අතිරේක කාලය වෙනත් කාර්යක් සදහා වෙන් කිරීම. අනෙක් අතට පෞද්ගලික ආයතන විසින් දැනට ලංකාවෙ ආයතනවල සිටින වෘත්තිකයින්ගේ ශ්‍රමය ලබා ගැනීම මගින් රාජ්‍ය ආයතනවල පුහුණු ශ්‍රමය අඩුවීමටද ඉඩක් තියෙනව

      3. රජයේ ආයතන වලට වඩා පෞද්ගලික විශ්ව විද්‍යාල ශක්තිමත් විමක් සිදුවුවහොත් හැකියාව වැඩි පුද්ගලයින්ට ලැබෙන අවස්ථාව නැතිවෙලා යනව. අපි හිතමු අනාගතයේදි හොද පුද්ගලික විශ්ව විද්‍යාල ටිකක් හැදිල හොදම ආචාර්යවරු එම ආයතන වලට සේවයට ගන්නව කියල එතකොට රාජ්‍ය විශ්ව විද්‍යාල දුර්වල වෙනව. එතකොට ලංකාවේ විභාගයෙන් ඉහලම ලකුණු ගන්න පිරිසට ඒ ස්ථාන සදහා ඇතුලත්වීමට මුදල් ගෙවිමට සිදුවෙනව.

      4. මම හිතන්නේ දැනට වීෂය මාලා අලුත් කරල විශ්වවිද්‍යාල පද්දතිය දියුණු කිරීමට බාධාවක් වෙලා තියෙන්නේ ශිෂ්‍යයින් නෙමෙයි. ඒ සදහා උසස් අධ්‍යපන අමාත්‍යාංශය අවශ්‍ය මැදිහත්වීම කරන්නේ නැහැ කියල මම හිතන්නේ. ඒකට ප්‍රධාන හේතුවක් වෙන්නේ ඒ සදහාවන වියදම දැරීමට රජයට නොහැකිවීම.

      5. මම හිතන්නේ රජය මැදිහත්වෙලා දැනට තියෙන රාජ්‍ය විශ්ව විද්‍යාල පද්දතිය ශක්තිමත් කරමින් එම ආයතන වලින්ම මුදල් ගෙවා අධ්‍යපන ලැබීමට ඇති අවස්ථාවන් ඇතිකල යුතුයි. ඒ වගේම විවෘත විශ්ව විද්‍යාලය වගේ මුදල් අයකරන උපාධි පාඨමාලා ආරම්භ කිරීම තවත් පියවරක්. එලෙස නොකර රජයට කවදාවත් බැහැ පුද්ගලික ආයතන නියාමනය කරන්න. ඒ මගින් සිදුවන්නේ හොද පුද්ගලික විශ්ව විද්‍යාල 4ක් 5ක් බිහිවෙන ගමන් කිසිදු ප්‍රමිතියකින් තොර ආයතන 100ක් පමණ ඇතිවීම.

      Delete
  3. බලන්න පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වෙන එකම පිරිස කවුද කියලා. රජයේ විශ්ව විද්‍යාල වල 'පිනට' අධ්‍යාපනය ලබන පිරිස්. තමන් ලබන මේ 'පිං අධ්‍යාපනය' කොයි තරම් දුර්වලද කියලා ඔවුන් දන්නවා. තමන්ට පුද්ගලික විශ්ව විද්‍යාලයකින් අධ්‍යාපනයක් ලද බුද්ධිමත් විද්‍යාර්ථින් සමඟ රැකියා වෙළඳ පොළේ තරග කරන්න බැරි බවත් ඔවුන් දන්නවා. ඉතින් නිසැකවම එතැනට 'ඉරිසියාව' කියන සාධකය එකතු වෙනවා. නැත්නම් මොකටද රටේ වෙන කිසිම ගැටළුවක් ගැන ඕනෑකමක් නැති මේ පිරිසට මේ ගැන විතරක් මෙච්චර කැක්කුමක්?

    ඒ වුනාට අප රටක් වශයෙන් මේ පිං ගොන්නුන්ට හැමදාම සවන් දිය යුතුද?

    ReplyDelete
    Replies
    1. 'ඉරිසියාව' කියන සාධකය එකතු වෙනවා //// ඇයි මේ ඉරිසියාව

      Delete
  4. මේක ඉතාම සරල ප්‍රශ්නයක්. කිසිම වාදයක් නෑ.

    උසස් පෙළ සමත් වන හැම දෙනාටම විශ්ව විද්‍යාල පහසුකම් සපයන්න රජයට සල්ලි තියෙනවද? නෑ.

    තමන්ට සල්ලි නැත්නම් ඒ වැඩේ කරන්න වෙන කෙනෙකුට දෙන්න.

    වෙන කෙනෙක් අධ්‍යාපනය ලබනවාට ඉරිසියා කරන්න එපා. මෝඩ තර්ක නඟමින් අනුන්ට අධ්‍යාපනය ලබනා තියෙන අවස්ථා නැති කරන්නත එපා.

    රජයෙන් 'පිනට' අධ්‍යාපනයක් ලබන ගොන්නුන්ට වඩා බුද්ධිමත් පරම්පරාවක් පුද්ගලික විශ්ව විද්‍යාල බිහි කරාවි. ඒකට ඔය තරම් ඉරිසියා කරන්න ඕනෑද?

    ReplyDelete
    Replies
    1. බුද්ධිමත් පරම්පරාවක් පුද්ගලික විශ්ව විද්‍යාල බිහි කරාවි ++++++++++

      Delete
    2. පිනට අධ්‍යාපනය ලබන අය ගොන්නු ?

      Delete
  5. ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කළාය කියා ධනපති පංතියට අමුතුවෙන් වෙන යහපතක් නෑ. යහපත වෙන්නේ රටට විතරයි. එකක් පිට රට ඇදී යන ජාතික ධනය නවතිනවා. දෙක මෙරට ආචාර්ය වරුන්ට හා තවත් විශාල පිරිසකට රැකියා සැපයෙනවා. තුන පිං විශ්ව විද්‍යාල වලට කිට්ටු කරන්න වත් බැරි අන්දමේ ඉහළ මට්ටමේ අධ්‍යාපනයක් ලබා ගන්න සිසුන්ට අවස්ථාව සැලසෙනවා.

    ReplyDelete
    Replies
    1. ගැටලුව තියෙන්නේ ඔබ පිං කියන විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්න පිරිස යම් ක්‍රමවේදයකින් (තොරා ගන්නා ක්‍රමවේදයේ ගැටලු ඇත, එහෙත් සියලු දෙනාටම අවස්ථාවක් යම් ලැබේ) තොරාගත් පිරිසක් වීම සහ දෙවැනි පිරිස ආර්ථික හැකියාව මත පමණක් තොරාගන්නා පිරිසක් වීමය
      පිං විශ්ව විද්‍යාල යනුවෙන් හැදින්වීම තුලින් බලාපොරොත්තු වන්නේ එවා කිසිදු අවශ්‍යතාවයක් නැතුව පවත්වා ගෙන යනවා යන්න එත්තු ගැන්වීමටය. පුද්ගලික විශ්ව විද්‍යාල වලට යන පුද්ගලයින්ටද පිං පාසැල් වලින් ඉගෙන ගන්නට සිදු වනවාය. පිං විභාග වලට මුහුණ දෙන්න වෙනවාය, පිං රෝහල් වලට ඉගෙන ගන්න යන්න වෙනවාය, පිං කනත්තවල්වල මිනිය වලලන්න වෙනවාය, පිං පාරවල් වල තමන්ගේ හෝ අනුන්ගේ වාහනවල හෝ පයින් හෝ යන්න වෙනවාය, පිං ආයතනවලට තමන්ගේ ගෙවල්වල කුණු දෙන්න වෙනවාය............................

      අපි පිං ආයතන ගුණාත්මක සහ ඵලදායි කිරීම වෙනුවෙන් එකතුවිය යුතුය

      Delete
  6. ලංකාවේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය මේ වන විට දරුණු ලෙස පිරිහී තිබේ. ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 1400 අතරට ලංකාවේ කිසිදු විශ්ව විද්‍යාලයක් පත් වී නැත. ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේණි ගතකිරීම් අනුව ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍යන් වන සිම්බාබ්වේ , උගන්ඩා , ඉතියෝපියා වැනි රටවල විශ්ව විද්‍යාල වලට වඩා ගුණාත්මක භාවයෙන් පහලින් සිටිති. මෙය කටුක සත්‍යකි. (බලන්න 2011 ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේණි ගතකිරීම් අනුව ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අප්‍රිකානු රට වලටත් වඩා පහතට වැටී ඇති අයුරු)

    World University Ranking

    Makerere University Uganda 1,177
    University of Khartoum Sudan 1,216
    Kwame Nkrumah University Ghana 1,338
    Addis Ababa University Ethiopia 1,367
    University of Nairobi Kenya. 1,367

    University of Colombo 1,447
    University of Peradeniya 1,909
    University of Moratuwa 2,794
    University of Sri Jayewardenepura 3,078
    University of Kelaniya 4,434

    ReplyDelete
    Replies
    1. Makerere University Uganda 1,177
      University of Khartoum Sudan 1,216
      Kwame Nkrumah University Ghana 1,338
      Addis Ababa University Ethiopia 1,367
      University of Nairobi Kenya. 1,367

      ඒවා අතරිින් පෞද්ගලික විශ්ව විද්‍යාල මොනවාද?

      Delete
    2. //ලංකාවේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය මේ වන විට දරුණු ලෙස පිරිහී තිබේ// මේකට කරන්න ඕන පුද්ගලික විශ්ව විද්‍යාල හදන එකද රජයේ විශ්ව විද්‍යාල ගුණාත්මකව වැඩි දියුණු කරන එකද?

      ශ්‍රේණි ගතකිරීම් අනුව ඉහලින්ම තියෙන පුද්ගලික වීශ්ව විද්‍යාල සහ ඒවා තිබෙන රටවල් පිලිබදව විස්තරයක් දන්න පුලුවන්නම් හොදයි.

      මම හිතන්නේ ප්‍රශ්නය තියෙන්නේ රජයේ විශ්ව විද්‍යාල ගුණාත්මකව සංවර්ධනය නොකිරීම සහ රටට අවශ්‍ය පරිදි පාඨමාල වෙනස් නොවීම. ඒ වගේම රජයේ විශ්ව විද්‍යාල වලින් මුදල් ගෙවා අධ්‍යපනය ලැබීමට අවස්ථාව ලබා නොදීම

      Delete
    3. මෙම Ranking සඳහා අදාළ වන නිර්නායකයන් මොනවාද?

      Delete
  7. දොස්තරල පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධයි. හැබැයි පුද්ගලික රෝහල් වලට විරුද්ධ නෑ. වෛද්‍ය ශිෂ්‍යයො ඔය සටන් කරන්නෙ පන්තිය මාරුකරගන්නයි. එහෙම නැතිව සමාජ හිතකාමීව නොවෙයි.
    ඇත්ත කියන මැශිමකට වෛද්‍ය සිසුවව සම්බන්ධ කලොත් මෙහෙම කියාවි.

    " මම දුප්පත් පවුලකින් එන කෙනෙක්. මට ඕන පන්තිය මාරුකරල බමුනු වෘත්තිකයෙක් වෙන්න. රදලයෙක් වෙන්න බැරිවුන ,ධනපතියෙක් වෙන්න බැරිවුන මට සමාජ පීඩකයෙක් වෙන්න තියෙන එකම ක්‍රමය නිදහස් අධ්‍යාපනය. ඉතින් ඒකටත් මුන් කෙලින්න හදනව. ඉගෙන ගන්න කාලෙ මම පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධයි. ඩොක්ට කෙනෙක් වුනාට පස්සෙ පෞද්ගලික රෝහල් වලටත් පක්ෂයි. ඊට පස්සෙ මට සල්ලි තියනවනෙ. මම ඊට පස්සෙ පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලටත් පක්ෂයි. මගෙ ළමයින්ට ඒක පහසුවක්."

    ඔන්න ඔහොමයි. වාසනාවට ඇත්ත කියන මැශින් හදල නෑ.

    ReplyDelete
    Replies
    1. කියන්න අවශ්‍ය ටික මධ්‍යස්ථ කියලා තියනවා වෙඩි වගේ

      Delete
  8. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් යහපතක්‌ සිදුවන්නේ මෙරට සෞඛ්‍ය ක්‌ෂේත්‍රයට පමණක්‌ නොවේ. පැහැදිලිවම එය ශ්‍රී ලංකාවේ ආර්ථීකයට ද රුකුළකි. එක්‌ පසකින් අප රටේ දරුවන් විදේශගත අධ්‍යාපනය සඳහා යෑවීමේදී වැය වන විශාල මුදල රට තුළ ඉතිරි වේ. අනෙක්‌ පසින් මෙය විදේශීය සිසුන් වෛද්‍ය අධ්‍යාපනය සඳහා මෙරටට ගෙන්වා ගැනීමට මහඟු අවස්‌ථාවක්‌ නිර්මාණය කර දෙයි. එA තුළින් මෙරටට ගෙන්වා ගත හැකි මුදල සුළුපටු නොවේ. අද වන විට බංගලාදේශය ද එම ක්‍රියාවලිය තුළින් විශාල ධනයක්‌ තම රටට උපයා ගනී. එA අතින් බලන කළ ආකල්ප අතින් අප සිටිනුයේ බංගලාදේශයට ද පසු පසිනි.

    ReplyDelete
    Replies
    1. ආකල්ප අතින් අප සිටිනුයේ බංගලාදේශයට ද පසු පසිනි//////////////// මට හිතෙන්නේ ඉතියෝපියාටද පසු පසින්

      Delete
  9. පුද්ගලික වෛද්‍ය විද්‍යාල ලංකාවට අවශ්‍යයි!

    ReplyDelete
  10. සල්ලි තියන මිනිස්සු පිටරට ගිහින් ඩොක්ට කෙනෙක්වෙලා එනවා,(සමහරු කියන්නේ S -3ටත් උපාදිය ගන්ඩ පුළුවන් කියල.).
    පිටරටට යන අපේ සල්ලි මෙහෙම නවත්වා ගන්ඩ පුද්ගලික වෙද විදුහල පිටුවහලක් වෙනවා.

    ReplyDelete
  11. ලංකාෙව් ජාත්‍යන්තර පාසල් සිංහල ෙබෟද්ධයන් අතර එතරම් ජනප්‍රිය වුෙන් නෑ එම නිසාම ජාත්‍යන්තර පාසල්වල පාලක මණ්ඩල වලට සිංහල බෙ ෟද්ධයන් ආකර්ෂණය කරගන්න එම පාසල් වලට සිංහල බෞද්ධ ලක්ෂණ ඇතුලත් කරන්න සිදුවුනා.
    නමුත් පෞද්ගලික විශ්ුව විද්‍යාල එහෙම නෙමෙයි එයට සිංහල බෞද්ධයන් අතර ජනප්‍රිය විය හැකියි.
    මෙය වැඩි වශයෙන් ජනප්‍රිය වන්නේ මධ්‍යම ආදායම් ලබන අය අතරයි. ධනවතුන් කොහොමත් තම දරුවන් පිටරට යවනවා. නමුත් මධ්‍යම ආදායම් ලබන්නන් අතර බොහෝ දෙනෙකුට එක දරුවකුට වඩාපෞද්ගලික වෛද්‍ය පීඨයකට යැවීමට අපහසුයි. එමනිසා සිදුවන්නේ මධ්‍යම ආදායම් ලබ න්නන් අතර එක් දරු ප්‍ර‍තිපත්තියක් ඇතිවී ජාතියේ වර්ධනය අඩුවීමයි.
    අනිත් අතට peer presure තත්වයක් ඇතිවී ඉගෙනීමට අදක්ෂ දරුවන්ද නයවී හෝ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට අතුලත් කිරීමේ තත්වයක් ඇතිවිය හැකියි. අනෙක් අතට ව්‍යාපාරිකයන්ද තම ධනය නිශ්පාදන ක්‍රියාවලියකට ආයෝජනය නොකර අධ්‍යාපන සේවා වලට යෙදවීමෙන් ආර්ථික අර්බුධ ඇතිවිය හැකියි.
    මෙම සියලු ගැටලු වලට හේතුව අධ්‍යාපනයේ අරමුන දැනුම ලබා ගැනීම වෙනුවට මුදල් ඉපයීම බවට පත්වීමයි.
    පෞද්ගලික විශ්ව විද්‍යාල වල වාසිත් තියෙනවා. විධිමත් සමීක්ෂණයකින් තොරව මතයක් කියන්න බෑ

    ReplyDelete
    Replies
    1. හැම රටම කරන්නේ රජයේ දැඩි නියාමනයක් යටතේ පෞද්ගලික අංශයට විශ්ව විද්‍යාල ආරම්භ කිරීමෙට ඉඩදී, දුප්පත් අයටත් යන්න පුලුවන් වෙන්න ජාතික සිසු ණය ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම. සමීක්ශණ තියමින් රෝදය අළුතින් හොයා නොගෙන අනෙක් රටවල ක්‍රියාත්මක වන ක්‍රමයම කරාම හොඳටම ඇති.

      Delete
    2. පෞද්ගලික විශ්ව විද්‍යාල වල වාසිත් තියෙනවා. විධිමත් සමීක්ෂණයකින් තොරව මතයක් කියන්න බෑ +++++++

      Delete
  12. වෛද්‍යවරයෙක් ලෙස ඔබේ අදහස් මුලින්ම දැන ගන්න කැමතියි...

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් ජනතාවගේ අචාරය කෘතහස්ත ලේඛක මාතලංට

      Delete
    2. වෛද්‍යවරයෙක් ලෙස මගේ අදහස : පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවේ ඇති කල යුතුයි උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්‍ෂනය සහිතව​. එසේම මේ පෞද්ගලික විශ්ව විද්‍යාල විදේශ සිසුවන් ආකර්ශනය කර ගන්නා මට්ටමට පත් කොට විදේශ විනිමය රටට ගලාගෙන ඒම කල යුතුයි.

      Delete
  13. අධ්‍යාපනය කියන්නේ දෙතුන් දෙනෙකුගෙ දැනීම වැඩි දෙනෙකුට දීල ඒඅයව ආර්ථික හැකියාවේ ඉහලට ගේන එක. රටක් කරන දේවල් ගත්තොත් වටිනාකම වැඩියෙන්ම එකතුවෙන දේ තමයි අධ්‍යාපනය. අපිට රොකට් හදන්න බැරිව ඇති. ලෝකෙටම බෙදන්න වාහන හදන්න බැරිව ඇති. රටේ තෙල් නැතිව ඇති. අධික වියදම් සංචාරකයෝ එන්නේ නැතිව ඇති. ඒ උනාට රටේම පුද්ගලයො අතර තියෙන දැනුම තව කීප දෙනෙකුට දීලා ඒගොල්ලො දුප්පත් කමින් ඉහලට ගෙන, රටේ හොඳ රස්සා හෝ පිටරට යවා වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන්න ගන්න පුලුවන්. එච්චර ලේසියෙන් කරන්න පුලුවන් හැම රටම කරන ඒ දේ අපේ රටට විතරක් හොඳ නෑ. වසරකට අධ්‍යාපනයට එකතුවෙන 350,000 න් 25,000 ක් උසස් අධ්‍යාපනය ලැබුවම සියයට 50 ට වඩා දුප්පතුන් ඉන්න රටේ එයින් 46% ඊලඟ පරම්පාරාවත් දුප්පත්කමේ. අනික් රටවලුත් අපි පහුකරගෙන යනකොට ටටා කියමු.

    ReplyDelete
  14. මාදන්න දැක ඇති විදිහට පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වන්නේ පිනට ඉගෙන ගන්නා හෝ ඉගෙන ගත් අයගෙන් කොටසක් පමණයි. දුප්පතුන්, මුදල් ගෙවා ඉගෙන ගත් මුදල් ඇති අයගේ දරුවන්, උගතුන්ට රැකියා දෙන ව්‍යාපාරිකයින් කවුරුවත් ඒකට විරුද්ධ නැහැ. සුළු කොටසක ආත්මාර්ථකාමය වෙනුවෙන් දශක ගනණවක් කරන මේ රට විනාස කරන බොරුව ජනමත විචාරණයකින් වින්න්සදිය යුතුයි. උතුරේ තරුණයන්ට උසස් අධ්‍යාපනය ලැබ රැකියා ලැබී තිබුණානම් යුද්ධයකට මිනිස්සු හොයාගන්න කොටියන්ට බැරිවෙනවා. දකුණෙත් ඒවගේ. තරුණ අසහනයට මුල හොඳ රැකියා නොලැබීම. ඒකට හේතුව අධ්‍යාපන අවස්ථා නැතිවීම.

    ReplyDelete
    Replies
    1. ඉයන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධවන අය පිටුපස්සෙන් සපොටිං බැටැලියන් එකක්ම ඉන්නවා, ඒ අයගෙන් බහුතරය තමුන්ගේ දරුවන් වෛද්‍ය වරුන් කරලා ඒ පිහිටෙන් ලොව් තුරා නිවන් දකින්න සිහින දකින අය, රජයේ සේවයේ ඉන්න පහල මධ්‍යම පංතියේ අති බහුතරය ඒ සිහිනය දකින අය, එයාලා තමන්ගේ මුළු ජීවිතයම කැප කරලා තියෙන්නේ ඒ වෙනුවෙන්, කොමන් සෙන්ස් තියන මිනිස්සු නොවන නිසා පෞද්ගලික වෛද්‍යාල කතන්දර එයාලට වහ කඳුරු.

      Delete
    2. උතුරේ තරුණයන්ට උසස් අධ්‍යාපනය ලැබ රැකියා ලැබී තිබුණානම් යුද්ධයකට මිනිස්සු හොයාගන්න කොටියන්ට බැරිවෙනවා. ++++++++++++

      Delete
  15. මොන විදිහකට හරි මිනිස්සුන්ට අධ්‍යාපනය අවශ්‍යයි.රජයෙන් ඒ සඳහා ලබලා දෙන 'අවස්ථා' ඉල්ලුමට සරිලන්නෙ නැති නිසා 'අවස්ථා 'සුලභ කරන්න ඕනෙ.නමුත් මුදල් සාධකය ඉදිරියේ ගුණාත්මක බව කියන දේ සේදිලා යන්න දෙන්න බැහැ.
    පුදනකොටම කාපි යකා කියලා මාලබේ සයිටම් එක අනාගෙන තියෙනවා.ඊට එහෙහිවන්නන් ඉදිරිපත් කරන ලිඛිත සාක්ශි සයිටම් විසින් ප්‍රතික්ශේප කරන්නෙ නෑ.
    පුද්ගලික වයිද්‍ය විද්‍යාලයක් නම් රජයේ සහ GMOA දැඩි සුපරීක්ශනය යටතේ ක්‍රියාත්මක වෙලා මහජන විශ්වාසය දිනාගත යුතුමයි.අමාරුයි.හැබැයි බැරි නෑ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. පුද්ගලික වයිද්‍ය විද්‍යාලයක් නම් රජයේ සහ GMOA දැඩි සුපරීක්ශනය යටතේ ක්‍රියාත්මක වෙලා මහජන විශ්වාසය දිනාගත යුතුමයි ++++++++++

      Delete
  16. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට අමතරව රජයේ වෛද්‍ය විද්‍යාල වලත් මුදල් ගෙවන සිසුන්ටත් ඉගෙන ගැ‍නිමට අවශ්ථාව තියෙනවනම් වඩා හොඳයි,

    විශ්ව විද්‍යාල වල මුදල් ගෙවා ඉගෙන ගන්න සිසුන් ඉන්න කොට අචාර්ය මහාචාර්ය වරුන් ගේ අවිචාරවත් බව අඩුවෙයි,

    මම අවුරුද්දක් විතර ඇඹිලිපිටියේ සිට පේරා ආවා පොස්ට් ගැජුවේට් එකකට, උදේ පාන්දර 230 බස් එකේ ඇවිත් ලෙක්චර් රූම් එකෙත් පැය භාගයක් විතර රස්තියාදු වුනාට පස්සෙයි ෆැකල්ටියේ කවුරු හරි කියන්නේ අය්යෝ දන්නැද්ද අද මැච් එකනේ අද ප්‍රොපෙසර් එන්නෑ කියල. හැබැයි ඉතින් මං අතින් සල්ලි ගෙවලත් නං තමයි ඔයි කට්ට කෑවෙත්.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම..ස්යිටම් එකේ දැනටම වෙනවා.මහා රැස් වළල්ලක් තියෙන ලොකු දොස්තර කෙනෙක් ළමයෙකුගෙ වැරැද්දක් පෙන්නලා අහගත්තා අහගැනිල්ලක් දොස්තර කොන්දොස්තර වෙන්න වාට්ටුවක් මැද්දෙදිම.ලොකු කං,ගුරුකම්,විචාර,අවිචාර මුකුත් නෑ.. ෆ්ලැට් උනා.හැබැයි 'පිනට' ඉගෙනගන්න කෙනෙක් එහෙම ඒ විදිහට කතා කරා නම්...???

      Delete
  17. කෙටි පිලිතුරක් ලබාදෙනවා නම් ඔව්.

    ReplyDelete
  18. අපේ දේශපාලකයෝ හරිම මෝඩයි, ඕවා අරින්න ඉස්සෙල්ලම සල්ලි ගෙවලා ඉගෙන ගන්න අයට ප්‍ර‍පැ (pp) කරන්න බෑ කියල තිබ්බනම්, GMO එකෙන් කිසිම වලියක් එන්නේ නෑ, පස්සෙං පහු PMO එකෙන් සටන් කරල ඒක හරිගස්ස ගනීවිනේ.

    ReplyDelete
    Replies
    1. අපේ දේශපාලකයෝ හරිම මෝඩයි,+++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. // ඕවා අරින්න ඉස්සෙල්ලම සල්ලි ගෙවලා ඉගෙන ගන්න අයට ප්‍ර‍පැ (pp) කරන්න බෑ කියල තිබ්බනම්, GMO එකෙන් කිසිම වලියක් එන්නේ නෑ// ඒ ටොක්ක නම් ඇනල තියෙනවා GMO එකේ උන්දලාගේ ඔලුව හිල් වෙන්න.

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. මෙන්න මේවට උත්තර හොයගන්ට පුළුවන්නං ප්‍රශ්ණෙට උත්තරේ කිව්වැකි.

    දැනට ලංකාවේ සක්‍රිය සේවයේ ඉන්න වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරු ගණන
    ඒ අතුරින් ලංකාවේ විශ්ව විද්‍යාල වලින් වෛද්‍ය උපාධි ලබාගත් ගනන සහ විදේශීය උපාධි තියෙන වෛද්‍යවරුන්ගේ ගණන
    එයිනුත් බටහිර / සංවර්ධනය වූ රටවලින් හැර අනිකුත් රටවල් වලින් වෛද්‍ය උපාධි ලබාගත් ගණන (රජයේ ශිෂ්‍යත්ව සහ පෞද්ගලික වෙන් වෙන්ව )
    එක් එක් රටවල් වෛද්‍ය උපාධි සඳහා අය කරන මුදල (සාමාන්‍ය වශයෙන්)

    ReplyDelete
    Replies
    1. එය අමාත්‍යංශයෙන් ලබා ගත හැකියි

      Delete
  21. දැනටමත් අනෙකුත් සෑම ක්ෂෙත්‍ර වල, ඒ කියන්නේ ඉංජිනේරු, ගෘහනිර්මාන ශිල්පය, ගණකාධිකාරී ආදීයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයන් කිසිම අනතුරක් නැතුව පවත්වාගෙන යනවා...පෞද්ගලික ගෘහනිර්මාන ශිල්පීය ආයතනය පටන්ගත්තේ මීට වසර පහලොවකට විස්සකට කලින්...අදත් මොරටුව සහ පෞද්ගලික ආයතනෙයෙන් බිහිකරන ගෘහනිර්මාන ශිල්පීන් එකම ආකාරයට තම රැකියාවන්හී නිරත වෙනවා....වෛද්‍යවරුන් ට විතරක් වෙනසක් වෙන්න බැහැ....
    පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයන් අප රටට ඉතාම අවශ්‍ය බව මගේ පිලිගැනීමයි...

    ReplyDelete
  22. අද පෙර පාසැලේ ඉඳලා ප්‍රාථමික ද්විතීය සහ උසස් අධ්‍යාපනය දක්වා වාණිජකරනය වෙලා තියෙද්දී වෛද්‍ය උපාධියට විතරක් ඇයි කෙනෙහිලි?
    අනික සයිට්ම් එකේ උගන්නන්නෙත් රජයේ සේවය කරන වෛද්‍යවරු. ෂුවර් එකටම ලංකාවේ අය යන බන්ග්ලාදේශයේ නේපාලයේ චීනයේ මෙඩිකල් කොලේජස් වල ලංකවේ ඒජන්ට්ස් ලා ජීඑමෝඒ එකේ පස්සේ ඇති.

    ReplyDelete
  23. අද පෙර පාසැලේ ඉඳලා ප්‍රාථමික ද්විතීය සහ උසස් අධ්‍යාපනය දක්වා වාණිජකරනය වෙලා තියෙද්දී වෛද්‍ය උපාධියට විතරක් ඇයි කෙනෙහිලි? /////////////
    රෝගීන් කෙරෙහි තියන අති මානුශික දයාව නිසා

    ReplyDelete


  24. ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි වුනු දොස්තරලා බහුතරය උසස් පෙළ කොට ඇත්තේ පුත්තම් දිස්ත්‍රික්කයෙන් බව පෙනී යයි. දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා අඩු ලකුණු ප්‍රමාණයක් ලබාගෙන විශ්ව විද්‍යාලයට ඇතුළු වීමට පුත්තම් දිස්ත්‍රික්කයේ සිසුන්ට හැකිවී තිබේ. පුත්තම් දිස්ත්‍රික්කයේ පහසුකම් අඩු නවගත්තේගම , නීල බැම්ම , කරුවලගස්වැව වැනි ප්‍රදේශ වල පාසල් වල සිසුන් සඳහා මෙහි යම්කිසි සාධාරන බවක් තිබුනද කොළඹට නොදෙවෙනි පහසුකම් තිබෙන වෙන්නපුව ,මාරවිල වැනි ප්‍රදේශ වල සිසුන්ට විශ්ව විද්‍යාල වලට සහ වෛද්‍ය පීඨ වලට යාම සඳහා අඩු දිස්ත්‍රික් ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම ප්‍රමාණවත් වේ. මේ නිසා සාමාන්‍ය පෙළ විභාගය කිට්ටුවෙත්ම කොළඹ පාසල් වලට ගිය සිසුන් බොහෝ දෙනෙකු වෙන්නපුව ,මාරවිල වැනි ප්‍රදේශ වල පාසල් වලට ඇතුලත් වෙති. නැතොත් නාමිකව ඇතුලත් වී කොළඹ ප්‍රදේශයේ අධ්‍යාපන කටයුතු කරගෙන යති.

    අප විසින් කරන ලද විමර්ශන වලදී සමහර පාසල් සහ මෙන්ම ඇතැම් කන්‍යාරාම වල නාමික වශයෙන් පවත්වාගෙන ගිය උසස් පෙළ සිසු නාම ලැයිස්තු දක්නට ලැබුණි. මෙහි අරුත නම් තෝරාගත් පිරිසකට කොළඹ පුද්ගලික පාසල් වල සිට අධ්‍යාපනය හදාරා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පුත්තම් දිස්ත්‍රික්කය නියෝජනය කිරීමෙන් විභාගයට ලිවීමට ලැබෙන හැකියාවයි. මෙය බොහෝ කාලයක් පුරා කරගෙන එන අක්‍රමිකතාවයකි. මෙවැනි විෂමතා ඇති වීම මගින් අනෙකුත් දිස්ත්‍රික් වල සිසු සිසුවියන්ට විශාල අසාධාරණයක් වේ.

    ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අනුව පළමු වසර ට ඇතුළත් කරගන්නා ළමයින් අතරින් අවසානයේ උසස් පෙළින් විශ්ව විද්‍යාල වරම් ලබන්නේ 2%ක් පමණ ප්‍රතිශතයකි. දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා රාජ්‍ය විශ්ව විද්‍යාල වලට සුදුසුකම් ලබන්නේ අධ්‍යාපනයට දක්ෂතම සිසුන් නොවෙති. සමහර විට දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා උසස් පෙලට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගත් කොළඹ , ගාල්ල , මහනුවර වැනි නගරබද දක්ෂ සිසුන් ට වඩා රාජ්‍ය විශ්ව විද්‍යාල වලට යන්නේ අඩු පහසුකම් ඇති දිස්ත්‍රික්වල උසස් පෙලට අඩු ලකුණු ලබාගත් සිසුන් වෙති. අධ්‍යාපන දෙපාර්තමේන්තුව කල යුත්තේ අඩු පහසුකම් ඇති දිස්ත්‍රික්වල අධ්‍යාපනික පහසුකම් නැග්වීම මිසක වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගත් සිසුවා කපා දැමීම නොවේ. මෙය චිරාත් කාලයක් පුරා පවත්වාගෙන එන මහදැන මුත්තා ක්‍රමයේ ප්‍රශ්න විසඳීමේ කලාවකි.

    මේ අතර වාරයේ හොර පාරේ පුත්තලං දොස්තරලා බිහි වෙති , වෘතීමය වශයෙන් මේ පිරිස් තුල කිසිම ගුණාත්මකභාවයක් නැත.

    ReplyDelete
    Replies
    1. දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා අඩු ලකුණු ප්‍රමාණයක් ලබාගෙන විශ්ව විද්‍යාලයට ඇතුළු වීම/////මෙය නිසා කොලඹ ඇතුළු නගරබද සිසුන් අසාධාරනයට ලක් වෙනවා

      Delete
  25. ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට මුලිකවම විරුද්ධ වී ඇත්තේ ජවිපෙ බව පෙනී යයි. එහෙත් ජවිපෙ නායකයන් තරම් පුද්ගලික විශ්ව විද්‍යාල වන්දනා කරන පිරිසක් නැති තරම්ය. ජවිපෙ පහළ ස්ථර වල සිටින සාමාජිකයන් නොදන්නා නමුත් ජවිපෙ නායක සෝමවංස අමරසිංහගේ පුත්‍රයා ඉගෙනුම ලබන්නේ එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය. ජවිපෙ පුර්ණකාලිකයෙකු වෙමින් තම උසස් පෙළ අධ්‍යාපනය ලැබීම මෙන්ම සිගිරි ගලේ නැගීම අත් හැර දමා පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට විරුද්ධව දිවි හිමියෙන් සටන් වැදුණු විමලසිරි ගම්ලත් නොහොත් විමල් වීරවංස තමන්ගේ පුත්‍ර රත්නය යවන්නේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකටය. ජවිපෙ හිටපු සන්නද්ධ නායක කුමාර් ගුණරත්නම් මහත්තයා ගේ ළමුන් ලබන වසරේ ඕස්ට්‍රේලියාවේ පුද්ගලික විශ්ව විද්‍යාලයකට යනු ඇත. නමුත් ලංකාවේ රාජ්‍ය සරසවි වලට පිවිසීමට වරම් නොලබන එහෙත් උසස් අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ඇති දරුවන්ට පිට රටකට නොගොස් මෙරට සිට පෞද්ගලික විශ්ව විද්‍යාලයක සහනදායක මිලකට අධ්‍යාපනය ලැබීමට මොවුන් විරුද්ධ වෙති. ඔවුන්ගේ ළමුන්ට ඇති අයිතිය අනෙකුත් දරුවන්ටද තිබිය යුතුය.

    ReplyDelete
    Replies
    1. ඔවුන්ගේ ළමුන්ට ඇති අයිතිය අනෙකුත් දරුවන්ටද තිබිය යුතුය.////// agree

      Delete
  26. රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව පැවැති උද්ඝෝෂණ වලට පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධව සටන් කල සිසු නායකයන් අද වෛද්‍ය , ඉංජිනේරු , ගණකාධිකාරී වැනි වෘත්තින් වල මෙන්ම රාජ්‍ය අංශයේ විධායකයන් ලෙසටද සේවයේ නියැලී සිටිති. ඔවුන්ගේ අරමුණු එදා මෙන් නොවේ. ඔවුන්ගෙන් බහුතරය මුදල් ඉපයීමට පමණක් අද මුල් තැන දී තිබීම පහසුවෙන්ම දැකිය හැකි කරුණකි. එසේම එදා නිදහස් අධ්‍යාපනය සුරැකීම සඳහා කියමින් මිනි පෙට්ටි කර ගසාගෙන ගිය අය සමහරු අද ආණ්ඩුවට ගොට්ට අල්ලා ජීවිතය සරු කර ගෙන ජිවත් වෙති. රැඩිකල් මාර්ග වල ගිය සමහරෙක් එන් ජී ඕ වලට හේත්තු වී මුදල් හොරාකමින් සිටිති.

    එදා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කල වෛද්‍යවරුන් ගෙන් 99 % පාහේ අද කිසිම කැතක් නැතිව රෝගීන්ව හුරාගෙන කති. එදා රෝගීන් ගේ අයිතිවාසිකම් ගැන කියූ කථා ඔවුන්ගේ වර්තමාන භාවිතයේ නැත. මෙහිදී සුවිසේෂි චරිත දෙකක් ගැන මතකයට නැගේ. රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව පැවැති විරෝධතාවයේදී ජිවිතය ද අහිමි වූ එක සිසු නායකයෙකුගේ සොහොයුරා අද සුප්‍රකට ශල්‍ය වෛද්‍යවරයෙකි. මෙම සොහොයුරන් දෙදෙනාම ලංකාවේ දුෂ්කර පළාතකින් දිස්ත්‍රික් කොට ක්‍රමයට කොළඹ වෛද්‍ය පීඨයට පැමිණි අතර නිදහස් අධ්‍යාපනය නිසා උසස් අධ්‍යාපනයේ දීමට වරම් ලැබුණු අය වුහ. සොහොයුරන් දෙදෙනාගෙන් එක් අයකු ත්‍රිමා විතාන මරා දැමු කාලයේදීම ඝාතකයන්ට බිළි විය. ජීවිතය බේරාගත් සහෝදරයා අද පෞද්ගලික රෝහල් වල වැඩිපුරම ගැවසෙන අතර සාමාන්‍ය ශල්‍යකර්මයකට රෝගියෙකුගෙන් රුපියල් 80,000 සිට 150, 000 දක්වා මුදලක් අය කරයි.

    ReplyDelete
  27. ලංකාවේ ළමුන් ගොස් වෛද්‍ය උපාධිය සඳහා අධ්‍යාපනය ලබන ඔය කියන පෞද්ගලික විශ්ව විද්‍යාල කිහිපයක් නම් කරන්න හැකිද? මට ආසයි දැන ගන්න.

    ඒ නැතිනම්, අඩු තරමේ වෙනත් උපාධියක් සඳහා හෝ අධ්‍යාපනය ලබන ලංකාවේ විශ්ව විද්‍ය්ලයකට වඩා ඉහලින් ශ්‍රේණිගත පෞද්ගලික විශ්ව විද්‍යාල කිහිපයක් නම් කරන්න.

    මා දන්නා තරමින් ලෝකයේ ඉහල ශ්‍රේණිගත කිසිදු විශ්ව විද්‍යාලයක් පෞද්ගලික විශ්ව විද්‍යාල නොවේ.

    ලංකාවට පෞද්ගලික ව්‍යවසායකයින් මෙහෙයවන විශ්ව විද්‍යාල "කඩ" නොගැලපෙන බව මගේ අදහසයි.

    මා වසර විස්සක් ඉන්නා ඕස්ටේ‍ර්ලියාවේ පුද්ගලික යැයි වරගීකරණය කළ විශ්ව විද්‍යාල ඇත්තේ දෙකක් පමණි. ඒවායේ වෛද්‍ය උපාධිය සඳහා ඉගෙනුම ලබන ලාංකික සිසුන් ඇතැයි මා අසා නැත. ඒවායේ නම්වත් ලංකාවේ ප්‍රචලිත නැතිබව නම් දනිමි.

    ReplyDelete
    Replies
    1. Harvard Medical School ප්‍රයිවෙට් නේද ?

      Delete
    2. මම හිතන්නේ මෙතන අවුල 'ප්‍රයිවට්' කියන තත්වය නෙමෙයි. ඕස්ට්‍රේලියාවේ පබ්ලික් යුනිවසිටි හැම එකකම වගේ මුදල් ගෙවලා ඉගෙනගන්න පුළුවන්. ලංකාවේ එහෙම බැහැනේ.

      Delete
    3. හාවර්ඩ් විශ්ව විද්‍යාලය ඇරඹුවේ ජෝන් හාවර්ඩ් කියන ටියුෂන්කාරයා තම බිස්නස් එක ප්‍රසාරණය කිරීමක් විදියට කියා යමෙකු හිතනවා නම් එය මුලාවකි.

      මා දන්නා තරමින් ලෝකයේ ඇති ලංකාවේ භාෂාවෙන් ප්‍රයිවෙට් යුනිව්සිටි යැයි කිව හැකි සියළුම ආයතන ඇරඹී ඇත්තේ සහ පවත්වාඝෙන යන්නේ රජයේ හෝ දානපතියන් ගේ අරමුදල්වලිනි. ඒ එකකවත් ලාභ ඉපයීම යනු අරමුණක් නොවේ!

      Harvard is the oldest institution of higher education in the United States, established in 1636 by vote of the Great and General Court of the Massachusetts Bay Colony. It was named after the College’s first benefactor, the young minister John Harvard of Charlestown, who upon his death in 1638 left his library and half his estate to the institution. A statue of John Harvard stands today in front of University Hall in Harvard Yard, and is perhaps the University’s best known landmark.

      Delete
    4. ලාභ ඉපයීම පාපයක් නොවේ ; ලාභ ඉපයීම පාපයක් කියා කිව්වේ මාක්ස් සීයා විසින් එය තවමත් දේව භාශිතයක් ලෙස පිලිගන්න එපා

      Delete
  28. අනිවාර්යෙන්ම පුද්ගලික විශ්වවිද්‍යාල තිබිය යුතුයි. ඒ වගේම එම අද්යාපන ආයතනවල ප්‍රමිතිය පොදුවේ අනෙකුත් විශ්වවිද්‍යාල හා සමාන වියයුතුයි. උසස්පෙළින් රාජ්‍ය විශ්වවිද්‍යාල වරම් අහිමිවෙන දරුවන්ට පුද්ගලික විශ්වවිද්‍යාලයකින් උපාධියක් හදාරන්න ලැබෙන අවස්තාව අහුරන කුහක මානසිකත්වය තියෙන පරපුරක් නම් අපේ රටේ උගත් පිරිස වෙන්නේ අපිට රටක් විදිහට කවදාවත් නැගී හිටින්නනම් බැරි වෙයි. එක පන්තියේ ඉගෙනගත්තු එක පත බෙදාගෙන කාපු එකා පුද්ගලික විශ්වවිද්යාලෙකින් උපාධිය ගන්නවට කැමති නැති, එක පන්තියේ ඉගෙනගත්තු එක පත බෙදාගෙන කාපු එකා වාහනයක් අරගෙන ගෙයක් දොරක් හදාගෙන ලස්සනට ජීවත් වෙනවට කැමති නැති , හිඟන්නෙකුට රුපියලක් දෙන්නේ නැති, අඳුරන එකෙක් බස් හෝල්ට් එකේ ඉන්නකොට නොදැක්ක වගේ වාහනේ එලවාගෙන යන මිනිස්සු කියන්නේ නම් අපි සිංහ ලේ කියලයි.. හැක් ..හැක් ..

    මේ සියල්ලටම මුල කුහක කම...

    ReplyDelete
    Replies
    1. ඉරිසියාව සුව කල නොහැකි රෝගයකි කියා ත්‍රී වීල් වල ලියා තිබේ

      Delete
  29. (ඉතා සුළු අවස්ථා ගණනකදී හැර) ලංකාවේ අධ්‍යාපනයේ අරමුන මුදල් ඉපයීම වෙලා.
    උසස් පෙලේදී ගණිත අංශයෙන් ඉහල ලකුණු ගන්නා සිසුවා ගණිතය හැදෑරීමටත්, ජීව විද්‍යා අංශයෙන් ඉහලම ලකුණු ගන්නා කෙනා ජීව විද්‍යාවත් හැදෑරීමට යොමු නොවෙන්නේ මේ නිසයි.
    නිදහස් අධ්‍යාපනය ඇතිකිරීම වරදක්ද කියා වෙලාවකට හිතෙනවා. එය නිසා වාසි වුනා වගේම අනෙක් අතින් සමාජය තුල අධ්‍යාපන ඇබ්බැහියක් ඇතිවුනා. මේ නිසා කුඩා පරිමාන ව්‍යාපාරිකයෙක් තම ව්‍යාපාරය බාර දෙන්නේ ඉගෙන ගන්න බැරි දරුවාට. එය ආර්ථිකයට හානි කරයි.
    ඉස්සර මිනිස්සු ඉගෙනීමට අදක්ෂ දරුවන්ට කිව්වා "මූට උගන්වනවට වඩා හරක් පට්ටියක් දැම්මනම් ලාබයි කියා" ඒකෙ ඇත්තකුත් තියෙනවා ඉනෙ ගන්නෙත් සල්ලි හොයන්න නම් හරක් පට්ටියකින් එම මුදලම හොයන්න පුලුවන්නම් හරක් හදන එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. උසස් පෙලේදී ගණිත අංශයෙන් ඉහල ලකුණු ගන්නා සිසුවා ගණිතය හැදෑරීමටත්, ජීව විද්‍යා අංශයෙන් ඉහලම ලකුණු ගන්නා කෙනා ජීව විද්‍යාවත් හැදෑරීමට යොමු නොවෙන්නේ මේ නිසයි.///////උසස් පෙල යනු ජීවිතයේ තීරනාත්මක කඩයිම නොවේ. උසස් පෙල විභාගය මගින් නිර්මානශීලතාව වැනි වැදගත් සාධක මිණිතයකට ලක් කරන්නේ නැත​. බොහෝ දියුණු රටවල ගණිත අංශයෙන් ඉහල ලකුණු ගන්නා සිසුවා සංගීතය හදාරයි . එහි වරදක් නැත​.

      2) ලංකාවේ අධ්‍යාපනයේ අරමුන මුදල් ඉපයීම වෙලා // ලෝකයේ දියුණු රටවල උදා Aus , UK US Canada අධ්‍යාපනය මුදල් ඉපයීමේ මාර්ගයකි. අප තවමත් සේරි වානිජ හණමිටි යුගයේ සිටින නිසා අධ්‍යාපනය මුදල් ඉපයීමේ මාර්ගයක් කර ගැනීමට නොහැකි වෙලා.

      Delete
  30. අනිවාර්යයෙන් ඔව්...

    ReplyDelete
  31. පෞද්ගලික ව්‍යවසායකයින්ගේ අධ්‍යාපන කඩ ලංකාවට සුදුසු නැත. නමුත් රජයේ නිසි අධීක්ෂණය යටතේ නියමිත ප්‍රමිතියට ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල තව දුරටත් ඇති කර මුදල් ගෙවා ඉගෙනීමට ඉඩ ලබා දිය යුතු බව මගේ අදහසයි. උසස් පෙළින් ඉහළම ලකුණු ලබන සිසුන්ට වර්තමාන ක්‍රමය යටතේ නිදහස් අධ්‍යාපනය (Tution fee free) ලබා දිය හැකි අතර අනෙකුත් සිසුන්ට මුදල් ගෙවා එම අධ්‍යාපනයම ලැබිය හැකිය. සිසුන් තෝරා ගැනීමද ඔවුන්ගේ ශක්‍යතා මත පදනම්ව පිළිගත් ක්‍රමවේදයක් ඔස්සේ සිදු කළ යුතුය. උසස් පෙළ ප්‍රතිපල අනුව තෝරා ගැනීමේ වරදක් නැත. මෙලෙස බිහි කරන වෘත්තිකයන් විදේශ රැකියා වෙළඳපොළට උචිත අයුරින් තැනිය යුතු අතර ඔවුන් රටට විදේශ විනිමය ගෙන එනු ඇත. රට තුළ රැඳෙන වෘත්තිකයන් ලංකාවේ ආර්ථිකය සවිමත් කරනු ඇත. ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය දැනුදු ඉතා ඉහළ ගුණාත්මක භාවයකින් යුතුය. මේ නිසා අපට කලාපයේ අනෙකුත් රටවල් වලින් (උදා මාලදිවයින, භූතානය වැනි) විදේශ සිසුන් ද පහසුවෙන් ආකර්ෂණය කර ගත හැකි අතර එමගින් රටට විදේශ විනිමය ද ලැබෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. කලාපයේ අනෙකුත් රටවල් වලින් (උදා මාලදිවයින, භූතානය වැනි) විදේශ සිසුන් ද පහසුවෙන් ආකර්ෂණය කර ගත හැකි අතර එමගින් රටට විදේශ විනිමය ද ලැබෙනු ඇත. +++++++

      Delete
  32. පෞදගලික වි.වි.වලින් වෛද්‍ය උපාධියක් ලබා දෙන එක අනිත් විෂය ක්ෂේත්‍ර වලට උපාධියක් දෙනවා ට වඩා වැඩි වගකීමක් තිබිය යුතුයි..ඒක මිනිස් ජීවිතවල පැවත්මට සෘජුව බලපාන නිසා.
    මම දන්න විදියට චීනයේ වි.වි. ක වෛද්‍ය උපාධිය හෑදෑරීමට පහුගිය අවුරුදු 2,3ක සිට සිසු සිසුවියන් අතිවිශාල සංඛාවක් පිටව ගියා.එක් අධ්‍යන වසරක් සඳහා 350ක් වගේ ගානක්..
    ජාත්‍යන්තර පාසල් වල ඉගන ගන්න දරුවන් වගේම රජයේ පාසල් වල දරුවොත් මෙතන ඉන්නවා. නමුත් මේ අයගේ උසස් පෙළ ප්‍රථිපලය සී සාමාර්ථ 3 දක්වාම පැතිරිලා තියනවා..සමහරුන්ට එස් සාමාර්ථත් තියන බව මට දැන ගන්න ලැබුනා.
    මාළබේ වි.වි.ට සී සාමාර්ථ 2කක් වගේ ප්‍රතිපලවලත් සිසුන් බඳවාගෙන ඇති බවට ආරංචිත් තියනවා .ඔවුන්ගේ වෙබ් අඩවියේ කිසිම තැනක බඳවා ගැනීමට අවශ්‍ය අවම සුදුසු කම සඳහන් නොවී තිබීමෙන් මේ කතා ඇත්තයි කියලා හිතන්නත් පුලුවන්.ඒක එහෙනම් එය සුදුසුද?

    කොහොම උනත් මෙවර උ.පෙ. විභාගයෙන් ජාත්‍යන්තර පාසල් වල ඉගනුම ලබා වි.වි. වල වෛද්‍ය උපාධිය හෑරීමට පිටත් ව යාමට පෙරම වෛද්‍ය සභාවේ යම් ලියාපදිංචියක් අවශ්‍ය ව ඇති බවත් ඒ සඳහා උ.පෙ.ප්‍රතිපලය ලෙස අඩු සාමාර්ත ලබා ගත් සිසුන්ට ජනවාරි මාසයේ විභාගයට නැවත මුහුන දී සුදුසුකම් සැපිරිය යුතු බවට නිරදේශ වී ඇති බවත් දැන ගන්න තියනවා. ඒකත් හොද ප්‍රවනතාවයක්.
    වෛද්‍ය වි සඳහා නම් අත්‍යාවශ්‍යන්ම රජයේ නියාමනයක් තිබිය යුතුයි..
    දැනට මාළබේ ඉන්න සිසුන්ගේ ඇතුලත්වීමේ සුදුසුකම් පරීක්ශා කරලා බලන එකත් කලයුතුයි කියලා මමහිතනවා.
    .
    රට තුල ධනය කෝටි ගනනින් පිටරටවලට ඇදිලා යනවා කියන කතාව ඇත්ත.චීනයේදී රුපියල් කෝටි දෙකක් පමණ වැයවෙනවා එක් සිසුවෙකු වෙනුවෙ..එවන් සිසුන් 300ක් ගැන හිතුවොත් වසරකට දෙවරක්.. වන විට 600ක්
    මැලේශියාවත් දැන් අපේ රටේ අයගේ එක වි.වි .පහසුකම් ලබා ගන්නා තැනක්..
    මේ මුදල් රට තුල ඉතුරු කර ගන්න මැදිහත් විය යුත්තේ රජය.


    ReplyDelete
  33. පෞද්ගලික විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලද අයගෙන් සිදුවී ඇති හානිය පිළිබඳව යම් තක්සේරුවක් හෝ අධ්‍යයන කර ලබාගත් වාර්තා තිබෙනවද? ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් තියනවා නේද ඒ අයට සායනික පුහුණුව රජයේ රෝහල්වල දෙන්න කියලා? GMOA එකට ඊටත් ඉහලින් යන බලයක් තියනවද?

    ReplyDelete
    Replies
    1. MOA එකට ඊටත් ඉහලින් යන බලයක් තියනවද?///////// no comments ( I was a GMOA member too )

      Delete
  34. කොතලාවල හමුදා [විශ්ව] විද්‍යාල යේ වෛද්‍ය උපාධිය සඳහා පාඨමාලාවක් තියනවද එය රජයේ සහ GMOA දැඩි සුපරීක්ශනය යටතේ ද පාලනය වෙන්නේ. ඔවුන් ප්‍රයෝගික පුහුණුව ලබන්නේ රජයේ රෝහල් වලමද? ඔවුනට මේ සියලු දේම ලැබේනම් ඔවුන් තෝරාගන්නේ
    දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා අඩු ලකුණු ප්‍රමාණයක් ලබාගෙන විශ්ව විද්‍යාලයට ඇතුළු වීමට වෛද්‍ය පීඨ වලට යාමට වරම් නැති අයවමද

    ReplyDelete
    Replies
    1. කොතලාවල හමුදා [විශ්ව] විද්‍යාල යේ වෛද්‍ය උපාධිය සඳහා පාඨමාලාවක් තියනවද///// yes

      Delete
    2. කොතලාවල හමුදා [විශ්ව] විද්‍යාල යේ වෛද්‍ය උපාධිය සඳහා පාඨමාලාවක් තියනවද///// yes

      එකොට එකට මේ ප්‍රශ්නේ බලපාන්නේ නැතිද එය රජයේ වෛද්‍ය උපාධියට සමානද

      Delete
    3. එකොට එකට මේ ප්‍රශ්නේ බලපාන්නේ නැතිද එය රජයේ වෛද්‍ය උපාධියට සමානද - yes

      Delete
  35. 1.පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කල යුතුය කියන බොහෝ දෙනෙකු එලෙස පවසන්නේ දැනට පවතින අධ්‍යපන ක්‍රමයේ ඇති දුර්වලතා හේතුවෙන් බවයි මගේ අදහස.
    ඔවුන් බොහෝ දෙනෙකුගේ අදහස ලංකාවේ විශ්ව විද්‍යාලවලට තොරාගනු ලබන ක්‍රමයේ ගැටලු ඇති බවයි. ඒ වගේම මේ හරහා කැමැත්ත තිබෙන යම් පිරිසකට අවස්ථාවක් නොලැබි යන බවයි. උදාහරණයක් ලෙස විභාගය දවසේදි ලැබෙන ප්‍රශ්න වලට විවිධ කරුණු නිසා උත්තර දීමට බැරිවන විභාගය සමත්වන පුද්ගලයින්ට වඩා දක්ෂ අයට අවස්ථාව නොලැබි යාම. විශ්ව විද්‍යාලයට බදවා ගන්න පිරිසට වඩා ලකුණු කිහිපයක් අඩුවන පුද්ගලයින්ට අවස්ථාව නොලැබි යාම දක්වන්න පුලුවන්.
    තවත් ගැටලුවක් වන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල ගුණාත්මකව වර්ධනය නොවිම සහ පාඨමාලා කාලානුරූපිව වෙනස් නොවීමයි. ඒ වගේම රජය විසින් සෑම ප්‍රදේශයකම විශ්ව විද්‍යාල ආරම්භ කලත් එවාට අවශ්‍ය ගුණාත්මක ශ්‍රමය (ආචාර්යවරුන්/තාක්ෂණික ශිල්පින්)ලබා ගැනීමට නොහැකි වීමයි උදාහරණයක් ලෙස කොළඔ පිහිටි විශ්ව විද්‍යාල වල සහ පේරාදේණිය යාපනයේ හැර අනෙත් බොහෝ විශ්ව විද්‍යාලවල දැඩි ආචාර්ය හිගයක් ඇත.
    තවද විශ්ව විද්‍යාලවල හොදටම අධ්‍යපනය ලබන සහ ඉගැන්වීමට හැකියාවක් සහිත පුද්ගලයින් විශ්වවිද්‍යාල පද්දතියේ ඉතිරි නොවේ. මේ සදහා බලපාන ප්‍රධාන ගැටලුව වන්නේ ඔවුන්ට පෞද්ගලික අංශයේ වැඩි වැටුප් සහිත රැකියාවක් වෙනත් ක්ෂේත්‍රයකින් හෝ සොයා ගැනීමට හැකි වීමයි.

    2. අප විසින් රජයක් සකස් කර තිබෙන්නේ අපගේ අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම වෙනුවෙන්ය. එමෙන්ම රටේ ජිවත්වන සියලුම දෙනාට අධ්‍යපනය ලබාදීම අප සියලු දෙනාගේම සාමුහික වගකීමක්ය. එබැවින් රටට අවශ්‍ය පරිදි ගුණාත්මක වැඩි වටිනාකමක් නිර්මාණය කල හැකි දැනුමක් සියලු දෙනාටම ලබා දිය යුතුය. අප අධ්‍යපනය අලෙවි කිරීමට ඇති අයිතිය පිලිබදව සාකච්ජා කිරීමට පෙර රටේ ගුණාත්මක අධ්‍යාපනයක් ඇති කිරීම පිලිබදව කතා කල යුතුයි යන්න මාගේ අදහසය

    3. මා සිතන්නේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඇති කරන ආකාරය පිලිබදව පළමුව කතා කල යුතුයි. අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදන්නේ නැතුව පුද්ගලික අංශයට අවශ්‍ය ආකාරයට අධ්‍යාපනය විකිණිමට අවස්ථාව ලබා දීම තුලින් නැවත වටයකින් අපහසුතාවයකට ලක් වන්නේ රටේ ජනතාවමයි. දැනටමත් බොහෝ පුද්ගලයන් සහ පුද්ගලික ආයතන සගින් පවත්වා ගෙන යනු ලබන වෘත්තිය හා අධ්‍යන පාඨමාලා පිලිබදව කිසිවෙක් අදීක්ෂණය කරන්නේ නැත. නිසි අධ්‍යාපන ප්‍රතිපත්තියක් නොමැතිව අධික්ෂණය කිරීම තුලින්ද ඇති වැඩක් නැතිය එවිට සිදු වනුයේ විවිධ පුද්ගලයින්ගේ අවශ්‍යතාවය අනුව කටයුතු කිරීම පමණක්මය.

    4. අධ්‍යපනය අලෙවි කිරීමට පක්ෂවීම තාර්කිකය, එය සාධාරණය කිරීමට ඕනැවටත් වැඩිය කරුණු ඇත. එමෙන්ම එය වෙනුවෙන් පෙනි සිටිම කිසිදු මහන්සියක් වීමට අවශ්‍ය නැත. එහෙත් සියලුම දෙනාට ආර්ථික හැකියා බධාවක් වීමෙන් තොරව අධ්‍යාපනයට ඇතුලත්වීම වෙනුවෙන් ප්‍රතිපත්තියක් සකස් කිරීම අමාරුය. ඒ වෙනුවෙන් කවුරුවත් සාකච්ජා කරන්නේ නැත. සාකච්ජා කල විට අසන්නේ කවුද ඔහෝම ප්‍රතිපත්ති හදන්නේ යන්නය. ඊට වඩා මුදලට අධ්‍යාපනය විකිණිම පහසු බවය.

    දැනට පවතින අධ්‍යාපනය තුලද යමක් කමක් ඇති මිනිසකුට හැර වෙනත් අයකුට ඉදිරියට ඒමට තියෙන හැකියාව අඩුය. ගොවියකුගේ පුතකු හවසට කුඹුරේ ගොස් හරක් බැද වල්නෙලා අධ්‍යාපනය ලබද්දී තවත් ළමයකුට අන්තර්ජාලයද, අමතර පන්ති සහ පාඩම් කිරීමට අවශ්‍ය තරම් කාලය ඇත. ඔවුන් දෙදෙනාම මුහුණ දිය යුත්තේ එකම තරගයකටය.

    අධ්‍යාපනය සදහා සියල්ලන්ට ප්‍රෙව්ශවිය හැකි ජාතික ප්‍රතිපත්තියක් සැදීමෙන් තොරව ඇති කරන සියලුම ක්‍රියා මගින් තව තවත් ගැටලු ඇතිවීම පමණක් සිදුවනු ඇත.

    ReplyDelete
  36. ගොවියකුගේ පුතකු හවසට කුඹුරේ ගොස් හරක් බැද වල්නෙලා අධ්‍යාපනය ලබද්දී තවත් ළමයකුට අන්තර්ජාලයද, අමතර පන්ති සහ පාඩම් කිරීමට අවශ්‍ය තරම් කාලය ඇත. ඔවුන් දෙදෙනාම මුහුණ දිය යුත්තේ එකම තරගයකටය.////// ආදායම් විශමතාවය මම ධනවාදී රටවල මෙන්ම සමාජවාදී රටවලද දැක තිබේ.

    ReplyDelete
  37. සාමාන්‍ය පිළිවෙත යටතේ වෛද්‍ය විද්‍යාව හැදෑරීමට අවශ්‍ය කුසලතා ලකුණු මට්ටමට බොහොම පහලින් සිටින අය (උසස් පෙළ සාමාන්‍ය සාමාර්ථය සහිත) මුදල් නොමසුරුව ගෙවන නිසා, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට ඇතුලත් කරගන්නවාද? එසේ කරනවානම්, ඔවුන්ගේ අධ්‍යයන සහ පුහුණු කටයුතු වලදී හොඳ වෛද්‍යවරයකු බිහිවෙයි කියා සිතිය හැකිද? උසස් පෙළ ඉහලින් සමත් වුනත් ලකුණු දශම ගණනකින් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ඉඩ නොලැබෙන දුප්පත් සිසුවකුට එයින් අසාධාරණයක් සිදුවෙනවාද?

    ReplyDelete
  38. මගේ අදහස අනුව වෛද්‍ය විද්‍යාව හැදෑරීමට A/L වලට වඩා නිර්මානශීලීත්වය , සහකම්පනීය අවබෝධය​, කැපවීම වගේ දේවල් අවශ්‍යයි. ඒ වගේම භාෂා දැණුමත් වැදගත්

    ReplyDelete
  39. පෞද්ගලික වී.වී. අවශ්‍යයි. බන්දවාගනීමේ සිට උපාධි ප්‍රද්නය දක්වා ඒවා නියාමනය කල යුතුයි.

    එහෙත් රාජ්‍ය සහ පුද්ගලික සියලු විශ්වවිද්‍යාල වල පාඨමාලා වල අන්තරගතය අනුමතක කිරීම UGC වැනි එකම ස්වාධීන ආයතනයකින් සිදී විය යුතුයි. සමාන්තර පාඨමාලා වල සමගාමී විෂය නිර්දේශයක් තිබිය යුතුයි.

    රාජ්‍ය වී. වී. වල ලෙස පුද්ගලික වී. වී. ද පුද්ගලික වී වී වල ලෙස රාජ්‍ය වී වී. ද කටයුතුකළ යුතුයි.
    සෑම පුද්ගලික වී. වී. කම ශුද්ද ලාබයෙන් 10% ක් වත් පූර්ණ දේශීය සිසුන්ට පූර්ණ ශිෂ්යත්ව සදහා වෙන් කල යුතුයි. ඒ ශිෂ්‍යත්ව තරගය සදහා අදාල විභාග සහ ප්‍රයෝගික පරීක්ෂණ විනිවිද විය යුතුයි.

    සියලු පුද්ගලික වී වී වල සෑම අද්යන වර්ෂයකම වැඩිම ලකුණු ලබාගන්න 5% දෙනාට පූර්ණ ශිෂ්‍යත්ව ද, ඊලග 5% දෙනාට අර්ධ ශිෂ්‍යත්ව ද ලබාදිය යුතුයි.

    රජයේ විදේශ ප්‍රතිපත්තිය මත රැදෙමින් පුද්ගලික වී වී වල ශුද්ද ලාබයෙන් 2% විදේශ සිසුන් සදහා ශිෂ්‍යත්ව පිරිනැමීමට වෙන් කල යුතුයි.

    ශුද්ද ලාබයෙන් 8% ක් වත් පශ්චාත්/ආචාර්ය උපාධි සිසුන් සදහා යැපීම් දීමනා ලෙස වෙනක යුතුයි.

    රාජ්‍ය සහ පුද්ගලික සියලු වී වී සෑම වසරකම අවසානයේ UGC මගින් ශ්‍රේණිගත කල යුතුයි. ඒ ශ්‍රේණිගත කිරීම් impact points, H index සහ වැනි සාදෘශ්‍ය සාධක මත පදනම් විය යුතුයි.

    පර්යේෂණ සදහා දේශීය මෙන්ම විදේශීය අරමුදල් ලබාගැනීම පුද්ගලික වී වී වලට ඉඩ දිය යුතුයි.

    ReplyDelete
  40. sorry !!! රාජ්‍ය වී. වී. වල ලෙස external examiner ලෙස පුද්ගලික වී. වී. ද පුද්ගලික වී වී වල external examiner ලෙස රාජ්‍ය වී වී. ද කටයුතුකළ යුතුයි.

    ReplyDelete
  41. පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවේ ඇති කල යුතුයි උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්‍ෂනය සහිතව. එසේම මේ පෞද්ගලික විශ්ව විද්‍යාල විදේශ සිසුවන් ආකර්ශනය කර ගන්නා මට්ටමට පත් කොට විදේශ විනිමය රටට ගලාගෙන ඒම කල යුතුයි.
    පුද්ගලික විශ්ව විද්‍යාල, වෛද්‍ය විද්‍යාල ප්‍රමිතියකින් යුතුව පවත්වා ගැනීම සඳහා සියළු ආධාර හා අනුබල රජයෙන් ලැබිය යුතුමය. එමඟින් රජයේ විශ්ව විද්‍යාල තුලින් අවස්ථාව නොලැබුණු සුදූසුකම් ලත් යම් ශිෂ්‍ය ප්‍රමාණයකට විසඳුමක් ලබා ගැනීමට අවකාශ ලැබෙනු ඇත.
    පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් යහපතක්‌ සිදුවන්නේ මෙරට සෞඛ්‍ය ක්‌ෂේත්‍රයට පමණක්‌ නොවේ. පැහැදිලිවම එය ශ්‍රී ලංකාවේ ආර්ථීකයට ද රුකුළකි.
    එක්‌ පසකින් අප රටේ දරුවන් විදේශගත අධ්‍යාපනය සඳහා යෑවීමේදී වැය වන විශාල මුදල රට තුළ ඉතිරි වේ. අනෙක්‌ පසින් මෙය විදේශීය සිසුන් වෛද්‍ය අධ්‍යාපනය සඳහා මෙරටට ගෙන්වා ගැනීමට මහඟු අවස්‌ථාවක්‌ නිර්මාණය කර දෙයි. එ තුළින් මෙරටට ගෙන්වා ගත හැකි මුදල සුළුපටු නොවේ.
    අද වන විට බංගලාදේශය ද එම ක්‍රියාවලිය තුළින් විශාල ධනයක්‌ තම රටට උපයා ගනී. එඅතින් බලන කළ ආකල්ප අතින් අප සිටිනුයේ බංගලාදේශයට ද පසු පසිනි.
    පුද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ ප්‍රශ්නය රජයේ වෛද්‍ය වරුන්ගේ සංගමයේ අදහස් පසෙකලා සළකා බැලිය යුතුව ඇත’ අපට අද එක් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පමණක් නොව පුද්ගලික වෛද්‍ය විද්‍යාල ගණනාවක් අවශ්‍යව ඇත. එමගින් විදේශික සහ පිටරට යන දේශීය සිසුන්නගේ විදේශ විනිමය රටතුල පවථ්වා ගත හැක. ඉරිසියාව පසෙකලා මෙම පුද්ගලික සරසවි ලන්කාවේ ස්තාපිත කල යුතුමය. එය ජාතික අවශ්‍යතාවයකි.
    වඩා උගත් ජනතාවක් බිහි කිරීමෙන් ලාභ ශ්‍රමය පිටරට යවනවා වෙනුවට පුහුණ ශ්‍රමිකයන් පිටරට යැවීමට ඉඩක් සාදා ගැනීම රටටත් එම ජනයාටත් යහපතක් උදා නොකරනු ඇත් ද? ගෘහ සේවිකාවන් වෙනුවට උපාධී ලත් හෙද හෙදියන් පිටරට යැවීමට ඉඩක් හදා ගැනීම යහපත් නෙවේ ද? ඒ සඳහා පුද්ගලික අධ්‍යාපන ආයතන යොදා ගැනීම පාපයක් ද?
    පොලු අමෝරා පාරට බැසිය යුත්තේ අපට සාධාරණීකරණය කළ හැකි අරමුණක් වෙනුවෙන් පමණකි. ඒ සාධාරණ අරමුණට ඉඩක් පාලකයන් නොසළසන්නේ නම් පමණකි. ඉරිසියාව පසෙකලා මෙම පුද්ගලික සරසවි ලන්කාවේ ස්තාපිත කල යුතුමය. එය ජාතික අවශ්‍යතාවයකි. ❤

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook