Thursday, January 26, 2017

තෙල් බැම්මේ විනය


ශිෂ්‍යයන් අත් කොට කමිසයත්, දිග කලිසමත් හැද යටකර සපත්තු දමා පැමිණිය යුතුය. කොණ්ඩය කොටට කපා රැුවුල බෑම අනිවාර්යය. ශිෂ්‍යාවන් කොණ්ඩය කරල් දෙකට බැද විලූඹ තෙක් දිග සායක් සහ ගෙල තෙක් බොත්තම් පියවෙන හැට්ටයක් ඇ`දිය යුතුය. රබර් සෙරප්පු පැළදිය යුතුය. කිසි විටෙක සරසවිය තුළ ජංගම දුරකථන ක‍්‍රියාත්මකව තබාගැනීම තහනම්ය.  ශිෂ්‍ය අත්පොත හා ෆයිල් කවරය සෑම විටෙකම අතෙහි නොතිබීම වරදකි. සරසවි බිමෙහි පනවා ඇති එළිමහන් අසුන්වල හි`දගැනීම තහනම්ය. පුස්තකාලය හැර කිසිදු කියවීම් ශාලාවක් භාවිත කළ නොහැකිය. ආපනශාලා ගණනාවක් අතුරින් ශිෂ්‍ය මධ්‍යස්ථානයේ ආපනශාලාව පමණක් නවකයන්ට නියමිතය. සරසවිය පුරා වන කෙටි මාවත් තහනම් වන අතර තෙල් බැම්ම ඉදිරියෙන් දිවෙන ප‍්‍රධාන මාර්ගය භාවිත කළ යුතුය. තෙල් බැම්ම පුරුෂෝත්තමවාදයේ ප‍්‍රතිමූර්තියකි. ඔවුන් ඉහළ සිට පවුලේ සාමාජිකයන්ගේ තතු විමසන අතර නවකයන් පිළිතුරු දිය යුත්තේ පියාගේ පටන්ය. (මවගෙන් පටන්ගතහොත් කුණුබැනුම්ය)  

9 comments:

  1. නවක වදය කියලා දැන් අලුතෙන් විස්තර කරන්නෙ ගහන අත පය කඩන කාලයක්නෙ. නමණීකරන ක්‍රියාවලිය අමතක වෙලා ගිහින්

    ReplyDelete
  2. ඔව්ව මොනාද, ඩ්‍රයිවින් ටෙස්ට් එකටත් රැවුල බාලා සුදු කමිස/ බ්ලවුස් ඇඳල යන්න ඕන නැත්නම් පේල්.

    ReplyDelete
  3. //ශිෂ්‍යාවන් කොණ්ඩය කරල් දෙකට බැද විලූඹ තෙක් දිග සායක් සහ ගෙල තෙක් බොත්තම් පියවෙන හැට්ටයක් ඇ`දිය යුතුයග රබර් සෙරප්පු පැළදිය යුතුය///
    දැන් කොට කලිසම් ඇදලයි කැම්පස් එන්නේ.

    ReplyDelete
  4. උඹලා වගේ ගොබ්බ හරක් නිසාතමයි මේ රටට කෙල වෙලා තියන්නෙ...
    අනිත් එකාගෙ අදහස් වලට ගරු කරන්න පොඩ්ඩක් ඉවසන්න පුරුදුවෙන්න අනිත් එකාගෙ දුක බෙදා ගන්න උන්ව හඳුන ගන්න ගොන් පාර්ට් වෙන්න බැරිනම් විශ්වවිද්‍යාලෙට ඒ වගේ හාල් කෑලි වලින්නම් තේරුමක් නෑ...අපි 2005 විතර ඔය විශ්වවිද්‍යාලෙම ඉගෙන ගත්තා..අද කොන්දබ්කෙලින් කරගෙන රටට වැඩකුත් කරගෙන ඉන්නෙ ඒ විශ්වවිද්‍යාල ජීවිතයෙන් ලබපු පන්නරය නිසා...සහකම්පනයක් නැති ගොබ්බ හැත්තක් බහුතරයක් විශ්වවිද්‍යාල වලින් බිහිවෙන්නෙ ඔන්න ඔය ආත්මාර්තකාමීකම් නිසා..තෙල් බැම්මෙ අපිත් වාතවෙලා තියනවා ඒත් ඔයවගේ නීතිනම් ඒකලෙ තිබිනෙ නැහැ..සමහර දේ හැරුනම ..අපි භෞතීය විද්‍යා හදාරුවත් අපි ඇතුලෙ හොස්ට්ල් හිටියෙ ආර්ට්ස්,කොමර්ස්,හැමෝම අපිත් එක්ක එකට දුක සැප බෙදාගත්තා..හවසට ක්‍රිස්ටො එක පැත්තෙ ගිහිල්ලා ඩාන්ස් එකක් බලන්න පියානෝ එක ප්ලේකරන්න..රෑට මුලු කැම්පස් එකම අපේ ගෙදර...
    මහින්ද ආණ්ඩුකාලෙ ඇතුලෙ හොස්ටල් ඔක්කොම කොල්ලො එලියට දාලා ඒක කෙල්ලන්ගෙ පාරාදීසයක් කලා...
    ඇතුලෙ ඉන්න ඔක්කොම ජේවීපී කාරයො කියලා හිතාගෙන...
    අද දොස්තරලා ඉස්ට්‍රයික් කරන්නෙ සමසෞඛ්‍ය උපාධියෙ ක්‍රෙඩිට්ස් අඩු කරන්න කියලා...මේ ගොබ්බ ක්‍රමයේ ප්‍රතිඵල....
    අපි මේරටෙ මොන ඔෆිස් එකකට ගියත් මොන පාසලකට ගියත් අපිත් එක්ක එකට දුක සැප බෙදාගත්ත අය ඉන්නවා..බැංකුවකට ගියත්...
    රට ජාතිය ආගම ගැන කැක්කුමක් නැති උගත් පොතේ ගුරු මෝඩයින් බිහිකරන්න හුදකලා කිරීම..තනි වීම ආත්මාර්තකාමීත්වය (දැඩි )ඔය වගේ ක්‍රමයක්ද අවශ්‍ය ...එකදෙයක් පැහැදිලියි එදාට වඩා අදමිනිස්සු අසරණයි ආත්මාර්තකාමියි..හුදකලායි....

    ReplyDelete
  5. මියොක්..
    මොන රැග්ද... හැක්

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook