Friday, May 20, 2016

වොෂ්බර්න් විශ්ව විද්‍යාලයේදී





With Professor David Provose - Washburn University Kansas



2006 වසරේදී කැන්සාස් හි තිබෙන සුප්‍රකට විශ්ව විද්‍යාලයක් වන වොෂ්බර්න් විශ්ව විද්‍යාලය විසින් මට පශ්චාත් වියසන ක්ලමථ අක්‍රමතාවය ගැන දේශනයක් පැවැත්වීමට ආරාධනා කරන ලදි. මේ අනුව මම වොෂ්බර්න් විශ්ව විද්‍යාලයට ගියෙමි. එහිදී එම විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්‍ය ඩේවිඩ් ප්‍රවෝස් විසින් මාව පිලිගෙන මා පිලිබඳව කෙටි හැඳින්වීමක් කරන ලදි. විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම  විශ්ව විද්‍යාලයේ ආචාරියවරුන්  සහභාගි වූ එම දේශනය පුරා පැයක් මා විසින් පැවැත්වූයෙමි. 

එම දේශනයේදී පශ්චාත් වියසන ක්ලමථ අක්‍රමතාවය බටහිර ලෝකය විසින් සොයාගත් කාංසාමය රෝගී තත්වයක් නොව එය බෞද්ධ ජාතක කතා වලද සඳහන් වූ රෝගී තත්වයක් බවත් තවද ශ්‍රී ලංකාවේ රජ කෙනෙකු වූ පළවන රාජසිංහ රජු පශ්චාත් වියසන ක්ලමථ අක්‍රමතා රෝගී ලක්‍ෂණ පෙන්වන ලද බවත් සාධක සහිතව පෙන්වා දුන්නෙමි. 

දේශනයෙන් පසු විශ්ව විද්‍යාලයේ සිසුන් මෙන්ම මහාචාර්‍යවරුද මගෙන් ප්‍රශ්න ඇසුවෝය​. එක් මහාචාර්‍යවරයෙක් විශේෂඥ මනෝ වෛද්‍ය දයා සෝමසුන්දරම් විසින් රචිත ස්කාඩ්ස් මයින්ඩ්ස් පොතේ දැක්වෙන පරිදි  ප්‍රභාකරන් යනු ශ්‍රී ලංකාවේ මිලිටරිවාදයේ නිශ්පාදනයක්දැයි අැසීය​. එහෙත් මගේ පිළිතුර වූයේ ප්‍රභාකරන් යනු ශ්‍රී ලංකාවේ මිලිටරිවාදයේ පමණක් නොව දෙමළ ජාතිවාදයේත් දෙමළ ස්වෝත්තමවාදයේත් අවස්ථාවාදී දේශපාලනයේත් නිෂ්පාදනයක් බවත් ය. එම  පිළිතුරට උක්ත මහාචාර්‍යවරයා ප්‍රසාදය පළ කලේය​. 

මගේ දේශනයෙන් පසු එම විශ්ව විද්‍යාලයේ ආචාර්‍යවරයෙකු වූ බාලී චෑං මාව විශ්ව විද්‍යාලය පුරා ගෙන ගොස් සිසුන් අධ්‍යාපනය ලබන අයුරු පෙන්වීය​. වොෂ්බර්න් විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් නිතරම වාද විවාද කර ගනිති එහෙත් අපගේ විශ්ව විද්‍යාල වල දක්නට තිබන අන්දමේ ප්‍රාථමික වානරයන් මෙන් අතින් පයින් පොලු මුගුරු වලින් කරන වාද මේ විශ්ව විද්‍යාලයේ නොමැත​. එසේම සිසු සිසුවියන් අනෙකාගේ අයිතියට ගරු කරති. අපගේ විශ්ව විද්‍යාල වල මෙන් නවක වද , මානසික කායික පීඩාවන් කිරීම් මේ භූමියේ මම නොදුටුවෙමි. අධ්‍යාපනික වශයෙන් මේවා සුගති භූමීන්‍ වෙති. 

යම් දිනෙක අපගේ විශ්ව විද්‍යාල පද්දතිය ආකල්පමය වශයෙන් පොහොසත් කැන්සාස් හි වොෂ්බර්න් විශ්ව විද්‍යාලය වැනි මට්ටමකට  එනු ඇතැයි මම ඉත සිතින් ප්‍රාර්ථනය කරමි.එහෙත් ඒ යුගය උදා වන විට මා ජීවතුන් අතර සිටීද කියා මට සැකය​. 

 වෛද්‍ය රුවන් එම් ජයතුංග 

60 comments:

  1. මීට වසර 2 පමණ පෙර ඔසී වල සිඩ්නි විශ්ව විද්‍යාලේ ඉගන ගන්න ශ්‍රී ලාංකික සිසු සිසුවියන් වගයක් එක්ක අපි පේරාදෙණි විශ්වවිද්‍යාලය බලන්න ගියා. එක ස්ටුඩන්ට් කෙනෙක් ගේ අන්කල් පේරා වල ප්‍රොෆෙසර් කෙනෙක් ඒ නිසා එයාවත් හම්බු වෙන්න ගියේ. එතන කෙල්ලෝ කීප දෙනෙකුත් හිටියා ලස්සනට ඩෙනිම් ජීන්ස් ඇඳලා , අපි යන කාලේ රැග් කාලේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ නවකයන් සෙරෙප්පු දාන්න ඕනේ නවක කෙල්ලෝ චීත්ත ගවුම් අඳින්න ඕනේ කියලා බලහත්කාරයක් තිබුනා. ඔසී වල සිඩ්නි විශ්ව විද්‍යාලේ ඉගන ගන්න ලංකාවේ කෙල්ලෝ මේ විකාර අසහන වැඩ ගැන දැනගෙන හිටියේ නැහැ, උන් ඔස්ට්‍රේලියා වල වගේ නිදහසේ පේරාදෙණි විශ්වවිද්‍යාලය ඇතුලේ ඉංග්‍රීසියෙන් කතා කර කර හිටියා. එතකොට කාලකන්නි පෙනුම තියන , මුණ මරුමුස් , කිලුටුවට ඇඳගෙන හිගන්නෝ වගේ සෙට් එකක් ලං වෙලා …ස් ස් ස් ගෑවා , සමහරු අර ඔසී කෙල්ලන්ට ඇහෙන්න සිංහල කුණුහරප කිව්වා , පස්සේ බලනකොට මේ අසහන සෙට් එක අන්තරේ පොරවල් වගයක්. ලංකාවේ විශ්ව විද්‍යාලයක මේ විදියේ පහත් කල්චර් එකක් තියෙන්නේ කියලා ඔසී සෙට් එක දැනගත්තේ එදා, උන් බය උනා, උන්ට හිතාගන්න බැරී උනා විශ්ව විද්‍යාලයක මේවගේ දෙයක් වෙයි කියලා. කට්ටිය ඉක්මනටම පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන් අවා , එදා තමයි තේරුනේ ලංකාවේ විශ්වවිද්‍යාල වල ඉන්නේ කිසිම ශිෂ්ඨ බවක් නැති රීළා මොටයි කියලා. මේවගේ දේවල් කවදාවත් බටහිර විශ්ව විද්‍යාල වල වෙන්නේ නැහැ. උන් මාර කල්චඩ් , ලංකාවේ යුනිවල වගේ අපිරිසිදු කැන්ටින් , කෑ ගහන රන්ඩුවෙන කුණුහරප කියන බයියෝ නැහැ, එහෙ තියෙන්නේ පිරිසිදු කැෆටෙරියා ඒවා වල ළමයි කෙනෙක් තව කෙනෙක්ට ඇනයක් , වාතයක් නොවෙන විදියට කනවා, සාමිචියේ යෙදෙනවා , ලැප්ටොප් ගෙනල්ල වැඩ කරගන්නවා. ලංකාවේ විශ්ව විද්‍යාල වල එවුන්ට නායකත්ව පුහුණුව නෙවෙයි කරන්න ඕනේ, මැගිල් , සයිමන් ෆ්රේසර් , මොනෑෂ් , යුනි ඔෆ් ක්වින් , යුනි ඔෆ් සරේ වගේ විශ්ව විද්‍යාල වල ශිෂ්‍ය ජීවිතය වීඩියෝ කරලා පලවන දවසේ පෙන්නනන ඕනේ බලාගනියව් දියුණු කල්චඩ් පිටරට විශ්ව විද්‍යාල වල ස්ටුඩන්ට්ලා හැසිරෙන , කන බොන විදිය කියලා , ඒ වගේම ඔය දියුණු විශ්ව විද්‍යාල වල ඉගන ගන්න ශ්‍රී ලාංකික ස්ටුඩන්ට්ලා එහෙම වරින් වර ගෙන්වලා මේ ඉන්න බයියන්ට පොඩි ප්‍රසන්ටේෂන් කරන්න ඕනේ ලෝකේ ගැන දැනගන්න. , මම එස් බි නම් කරන්නේ මේකයි. නැතුව මේ ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉන්න රීළා මොටයි නවීන ලෝකයට අනුරුපිව හදාගන්න මේ කපේදිවත් බැහැ .

    ReplyDelete
    Replies
    1. Yes. Kumar Gunaratnam's children will study in Monash, Melbourne, UNSW etc. I think they can help with the videos and may even give some lectures on good student behaviour to their Sri Lankan counterparts, led by none other than their dearly beloved dad.

      Delete
    2. /* පස්සේ බලනකොට මේ අසහන සෙට් එක අන්තරේ පොරවල් වගයක්. */

      ඒ කියන්නේ මේ අය තමන් කවුද කියා හඳුන්වා දුන්නාද? නැතිනම් වශේෂ යුනිෆෝම් එකක් ටී=ෂර්ට් එකක ඇඳ සිටියා ද, නැතිනම් වෙනත් සිසුන් ඔවුන් අන්තර් ඬිශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරන සිසුන්ය කියා ඔබට හඳුන්වා දුන්නා ද?

      එසේත් නැතිනම් මෙය ඔබ ගේ උපකල්පනයක් ද නැතිනම් හිතලුවක් පමණක් ද?

      මා මේ අසන්නේ මේ ගැන පැහැදිළිකර ගැනීමට මට ඉතා දැඩි අවශ්‍යතාවක් ඇති නිසයි. ශිෂ්‍ය නායකයෙකු හෝ ශිෂ්‍ය සංවිධානයක නියෝජිතයෙකු හෝ මේ ඔබ කියන ආකාරයට හැසිරේවියැයි මා නම් හිතන්නේ නෑ.

      නමුත් මා නිවැරදි නොවෙන්න ඉඩ තියෙනවා!

      Delete
    3. අන්තරේ ඉන්නේ බයියො නෙවෙයි ඕයි..

      Delete
    4. රසික ඔබගේ ප්‍රශ්නය හරි

      Delete
    5. රසික වගේ ලංකාවේ විශ්ව විද්‍යාලයක තම ප්‍රථම උපාධිය නිම කල උගත්, අන්තර් ජාතික අධ්‍යාපනයක් ලැබූ විදේශීය වර්ක් එක්ස්පෝෂ තිබෙන , සමාජය යහපත් තත්වයකට ගෙන ඒමට මිනිසුන් දැණුවත් කරන , මානුශිකවාදී විශන් එකක් ඇති පුද්ගලයෙක් මේ නවක වද වලට එරෙහිව මුල් තැන ගන්නවා නම් එය ඉතා එලදායක බව මම සිතමි. රසික මෙය ඔබගේ යුතුකමක් බවත් කියමි.

      Delete
    6. රසිකෝලොජිස්ට් මතු කරන පැනය ඉතාම අවස්තානුචිතයි.

      මටනම් හිතෙන හැටියට මේ ප්‍රථිචාරය පල කරලා තියෙන ඇනෝ ධනාත්මකව වෛද්‍ය රුවන්ගේ මතය ගැන එකඟව දැමූ කොමෙන්ටුවක් නොවෙයි මෙය.
      ඔහු මෙතැනදී මෙවන් වූ අභූත ප්‍රකාශනයක් ඉදිරිපත් කරමින් එයට ලංකාවේ විශ්ව විද්යාල පද්ධතියේ ඇති විප්‍රකාර විවේචනය කරමින් මෙහි අදහස් දක්වන උන් ලවා පක්ශපාතීත්වය ප්‍රකාශ කරවා ගැනීමෙන්, එසේ විවේචනය කරන්නන් කොළඹ සුපිරි සමාජයක පවතින ගමේ උන් පිළිකුල් කරන සිනිබෝල මිනිසුන්ගේ තත්වයට ඇද දැමීමේ උත්හසයක් දරා ඇති බවයි පෙනෙන්නේ.
      මෙත්නදී ඔහු ඉතා නිර්දය ලෙස අන් කිසිවෙක් නොකල ආකාරයෙන් ලංකාවේ වි වි සිසුන් රිළා මොටින් ලෙස හඳුන්වමින් විදෙස් වි වි සිසුන් "කල්චෙර්ඩ්" ලෙස හැඳින්වීම මම දකින් හොඳම තැනයි.
      ඔහුගේ අරමුණ පැහැදිලියි.
      ඇත්තෙන්ම ලංකාවේ විවි සිසුන් රිලා මොටෙයියන් ලෙස දකින්නේ කවුද? උන් රිලා මොටෙයියන් නම් උන්ගේ වැඩිහිටියන් වන අපත් රිලා මොටෙයියන්ම වියයුතුයි.

      Delete
    7. පේරාදෙනිය විවි නවක වධ සහ වැරදි තිබේ. නමුත් පේරාදෙනිය විවි අපහාස කිරීම අනුමත නොකරමි. මා ගරු කරන මනෝ විද්‍යාඥයෙකු වන පද්මාල් ද සිල්වා ද පේරාදෙනියේ නිෂ්පාදනයකි. අප එදිරි විය යුත්තේ පසුගාමී පරපීඩක මානසිකත්වයක් ඇති කුහකයන්ට මිස වි වි වලට නොවේ.

      Delete
    8. මෙතන මට පොඩි ප්‍රශ්නයක් තියනවා. දැන් ලනක්වේ ගොඉදක් දිළිඳු ළමයි එනවා ඉගෙන ගන්න. ඒ අය ඔතනට ආවහම හුඟක් කුලෑටි ගතියෙන් ඉන්නේ. ඕස්ටේලියාවේ වගේ ඉන්න සල්ලිකාර අය නෙමෙයි. අපි අනුකම්පා කරන්න ඕනේ නැහැ. නමුත් වටහා ගනන්වනම් හොඳයි ඒක . ලංකාව තවම දියුණු වෙමින් පවතින රටක්. ඔස්ට්‍රේලියාව නෙමෙයි. ඒකෙ විශ්ව විද්‍යාල වලට තවම ඉගෙන ගන්න එන්නේ දුප්පත් මිනිසුන්ගේ ළමයි.

      Delete
    9. මම කිසිදවසක මේ බ්ලොග් එකේ මේ වගේ කමෙන්ට් එකක් ලියන්න හිතාගෙන හිටියේ නෑ. ඒත් අද මෙතනට මාව පොළඹවල තියනවා. ඒ පේරාදෙනිය විශ්ව විද්‍යාලේ අන්තරේ කට්ටියක්(පිරිමි වෙන්න බෑ ගෑනු වෙන්න ඕන) හන්තාන චාරිකාවක ගිහිපු අපේ පොඩි batch එකේ නංගිලා මල්ලිලා පිරිසකට පේරාදෙනිය කැම්පස් එකේදි අන්තරේ අය සලකලා තියන විදිහ නිසා. මේ ගොල්ලො තමයි විශ්වවිද්‍යාලවල නම කැත කරන්නේ. කැම්පස් ඇතුලේ ගහගෙන මරාගෙන රැග් කරල කොල්ලො මරල විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් කිව්වහම මිනිස්සු සැකෙන බලන තැනට ආකල්පයක් හදල තියෙන්නේ මේ වගේ මානසික අසහන කාරයෝ තමයි.

      ලංකාවෙ විශ්ව විද්‍යාල ගොඩක් ඒව පළමු වසර කණ්ඩායම් චාරිකාව යන්නෙ හන්තානෙ. හන්තාන අයිති වෙන්නෙ පේරාදෙනිය විශ්ව විද්‍යාලයට නිසා ඒකෙන් අවසර අරගෙන ඒකෙ ශිෂ්‍ය සංගම් වලටත් දන්වලා තමයි මේ ගමන යන්නෙ. සාමාන්‍යයෙන් ගමන පටන් ගන්න උදේ පේරෙ කැම්පස් එකට ගියාම ඒ ශිෂ්‍ය සංගම් නායකයෙක් ආපු සහෝදර ශිෂ්‍ය පිරිසට කතා කරනව. එච්චරයි. ඒත් අපේ පොඩි බැච් එකේ නංගිලා මල්ලිලා හන්තානෙ යන්න ගියාම. ඔවුනට ඒ අය කතා කරල තියනව. අපේ පොඩි අයට කතා කරන එක ගැන අපේ ගිහිපු සර්ලා දෙන්නා කැමති වෙලා නෑ. මොකද ඒ අය කතා කරන්නේ දේශපාලනේ. අන්තිමට උන්ට කතා කරන්න දීල. පස්සෙ අන්තරේ අය කියල තියනව අපේ අය යන්න නියම කරගත්තු පාරෙ යන්න බැරි බව ඒ වෙනුවට ඔවුන් නියම කරන පාරක යන්න වෙන බවත් කියල තියනවා.යන්න ඕන උනේගෙ කට්ටියක් එක්ක. අපේ පොඩි එවුන් ගමන නවත්තන්නත් හදල පස්සෙ ඔවුන් දීපු 6 දෙනෙක් එක්ක කන්ද නැගල තියනව. බොහොම කෙටි පාරකින් අපේ අයව එක්කගෙන ගිහින් මේ අය උත්සාහ කරල තියෙන්නෙ ඉක්මනටම ආයෙ කට්ටියම කැම්පස් එකටම එන පාරකින් එක්කගෙන එන්න. අපේ අයට ආයෙ කතා කරන්න ඕන කියල කියල තියනව. අපේ පොඩි එවුන් මේක ප්‍රතික්ෂේප කරල. බස් වලින් එන්න පිටත් වෙලා. අපේ බස් 3ක් ගිහන් තියනව. මේකෙන් 2ක් ආපහු ඇවිත් තියෙන්නෙ පේරෙ කැම්පස් එක ඉස්සහර පාරෙන් අනිත් බස් එක වට පාරකින් එන්න පිටත් වෙලා තියනව. ඒ බස් එක මගදි සංවිධානය වෙලා ඉඳපු පිරිසක් නවත්ගෙන ඔව්න්ට පේරෙ විශ්ව විද්‍යාලෙ "වල" කියන තැනට අරගෙන ගිහින් බොහොම කැත විදිහට සලකල තියනවා. කීප දෙනෙක්ට පහර දීලත් තියනව. කෙල්ලොන්ට කුණුහර්ප කියන එක මහ වීර කමක් කියල ජෙප්පො හිතන් ඇති. අපි එහෙම අයට කියන්නෙ පො*** කියල. අනිත් බස් දෙකත් ආපහු ගේන්න කියලයි උන් කියල තියෙන්නෙ. ඒ බස් දෙක පොලිසියට ගිහින්. පස්සෙ පොලිසිට මැදිහත් වෙලා පැය ගණනකට පස්සෙ තමයි බස් එක නිදහස් කරල තියෙන්නෙ.

      මෙතන උන්ට අවුල වෙලා තියෙන්නෙ අපේ පොඩි එවුනට අන්තරේ තෙලක් ගහන්න බැරි වෙච්ච එකද කොහෙද. UCSC එකේ අපි කවදාවත් කැම්පස් එකේ දේශපාලනේ කරලත් නෑ. කරන්නෙත් නෑ. අපේ අයියල අපිට කිව්වෙත් අපි අපේ පොඩි එවුනට කිව්වෙත් යමක් කරනවනම් ඒක එක්කෝ UCSC එක වෙනුවෙන් නැත්තම් රට වෙනුවෙන් කරපන් කියල. අපේ ශිෂ්‍ය සංගම් නායකයො මාසෙට ගානක් හම්බෙනවට නැත්තම් මෝටර් බයිසිකලේකට ශිෂ්‍යයො පාව දෙන්නෙ නෑ. රට ගැන බඩ බැඳගෙන කෑගහන ජෙප්පන්ගේ නිරුවත මේකයි. මේවගෙන් වෙන්නෙ විශ්වවිද්‍යාල වල නම කැත වෙන එක විතරයි. තමන්ගෙ මතයට යට නොවෙන අය බලෙන් යට කරන්නයි උන් හදන්නෙ. අපිට දේශපාලන හයිය නෑ ඒත් ජාති ආගම් කුල මල බේද නැති සහෝදර කමේ හයිය UCSC එකේ අපිට තියනවා. ඒ එකමුතුකම අපිට හැමදාම විශ්වාසයි. ඒ නිසා ජෙප්පනි ප්‍රවේසමෙන්!!!.

      Delete
    10. පොල්පොට් මානසිකත්වය

      Delete
    11. ලංකාවේ විශ්ව විද්‍යාලවල ඉන්නේ අඟගහරු ලොවෙන් ආ අය නොවේ. විවිධ සමාජමය හේතු නිසා මේ නවක වදය තවමත් දරුණු ලෙස විශ්ව විද්‍යාල තුළ ද පවතින බව පෙනේ. නමුත්, සාමාන්‍ය පිළිගැනීඟ අනුව විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් යනු උගත්තු හෝ වෙන්ඩ උගත්තු නිසා ඔවුන් මෙලෙස හැසිරෙන්නේ ඇයි දැයි බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වී ඇත.

      මේ පිළිබඳව, කොළඹ වෛද්‍ය පීඨයේ උගත්, කැලණියේ වෛද්‍ය පීඨයේ සේවය කළ ප්‍ර්‍රියන්ජිත් පෙරේරා ගේ අදහස් මෙසේය.
      http://rasikalogy.blogspot.com/2016/05/priyanjith-perera-on-ragging.html

      අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නම් සංවිධානය හෝ පෙරටුගාමී සමජාවාදී පක්‍ෂයට සම්බන්ධ ශිෂ්‍ය සංවිධානයක් හෝ වෙනත් වාමාංශික පක්‍ෂයකට සම්බන්ධ ශිෂ්‍ය සංවිධානයක් හෝ සංවිධානාත්මකව නවකවදය ක්‍රියාත්මක කරනවා යැයි මම නොසිතමි. ඒ එයට සාක්‍ෂි නොමැති නිසාය.

      මට ඇති ප්‍රශ්නය නම් ඔවුන් නවකවදය විශ්ව විද්‍යාලවලින් මුලිනුපුටා දමන්ට කටයුතු නොකරන්නේ ඇයි ද කියාය.
      http://rasikalogy.blogspot.com/2016/05/challange-to-premakumar-gunaratnam.html

      මට සිතෙන්නේ එයට හේතුව ඔවුන් ගේ බල හීනතාවය හෙළිවේයැයි ඇති බිය නිසා බවයි!

      Delete
    12. @රුවන්

      මෙය සමාජ ප්‍රශ්නයක් නිසා, සමාන ප්‍රශ්න ඇති සමාජවල බලාපොරොත්තු විය යුතු තත්වයකි.

      ලංකාවේ මුවහමට ම තලා පළක් නැත. උතුරු ඇමරිකාවේ ඇතැම් විශ්ව විද්‍යාලවල ද තවමත් නෂ්ඨාවශේෂව හෝ පවතින හේසින් (Hazing) ගැන සොයා බලන්න.

      Delete
    13. During the last year, an undergraduate of Peradeniya University has been mentally traumatized after being subjected to inhumane forms of ragging, doctors say. The 20 year old student of the engineering faculty had been admitted to the Peradeniya hospital after being inhumanly harassed during the rag.

      He has been undergoing treatments in a ward reserved for mentally ill patients. The Peradeniya police who were conducting inquiries into the incident said that the student was under psychiatric treatment and not mentally sound to make a statement. The student refused to continue his studies at the same University due to the risk of being excessive revenge by the seniours and if you can, just help him to transfer to another university. As far as I know, this student is still at home. If Dr. Ruwan or anybody else whom has connections with the officials, might help this poor student whom suffering from poverty as well residing a remote village.

      Delete
    14. Rasika අපේ සිසුන් බහුතරයකට ඇත්තේ අඩුවෙන් දියුණු වූ පෞරුෂයකි. එය ඔවුන් ගේ වරදකින් සිදුවන්නක් නොව, අපේ අධ්‍යාපන ක්‍රමය, සමාජ-සංස්කෘතික කාරණා යනාදිය නිසා වෙන්නකි. ////// agree with this

      Delete
  2. කොළඹ විශ්වවිද්‍යාලයේ නවකයන්ට මිනිස් අසුචි සහ කුණු මස් දියර බකට් කල අයුරු


    කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යනය ලැබූ සිසුවෙකු හෙළි කල පරිදි නවකයන්ට බකට් කිරීම සඳහා ජේෂ්ඨ සිසුන් විසින් කොළඹ රීඩ් මාවතේ පිහිටි රහිමා හෝටලයේ කුස්සියට ගොස් ඉවත් කරන ලද කුකුල් මස් හම් කෑලි ඉවත ලූ බත් ගෙන ආවේය. මේවා විශාල බැරල් එකකට දමා වතුරද එකතු කොට පල් කරන ලදී. දින දෙකකට පමණ පසු මෙම බැරල් එකේ වතුර වලින් දුර්ගන්දයක් හමන්නට විය. එක් ජේෂ්ඨ සිසුවෙකු එයට මළපහ කළේය. ඉන්පසු එය කිව නොහැකි තරම් දුගඳ විය. පසුව මේ කුණු දියරය ප්ලාස්ටික් භාජන වලට දමා නවක සිසු සිසුවියන් බකට් කරන ලදී. දුර්ගන්දය සහිත දියර ශරීරයට වැදීම නිසා ඔවුන්ගේ ඇඳුම පවා යලි භාවිතා කල නොහැකි තත්වයට පත් විය. එක සිසුවියක් සැරසී සිටියේ ඇයගේ බෝඩිමේ අයිතිකරියගෙන් ඉල්ලාගත් සාරියකිනි. එම සාරිය කුණුවී ගිය මස් කැබලි සහ අසූචි වැදී කළු වර්ණ විය. එම සිසුවිය බොහොවෙලාවක් යනතුරු කඳුළු සැලුවාය. මෙම සිද්දිය හෙළි කල සිසුවා වර්තමානයේදී ඇමරිකා එක්සත් ජනපදයේ තම ආචාර්ය උපාධියට ඉගෙනුම ලබයි. ඔහු පවසන පරිදි මෙවැනි සිදුවීමක් ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක සිදු වුයේ නම් එවැනි අමානුෂික ක්‍රියාවක් සිදු කල සිසුන් නවතින්නේ හිර ගෙදරය. (වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල | ඩී. සුගත් රාජපක්ෂ)

    ReplyDelete
    Replies
    1. ඔය මලපහ කල සිසුවගෙ උප්පැන්නෙ ඇති ඔහුගෙ පිලිකුල් හැසිරීමට හේතුව.
      ජරා සත්තු.

      Delete
    2. මෙවැනි දේවල් තව කෙනෙකුට කල හැක්කේ කෙසේද ? මොවුන් මානසික රෝගීන් කීමත් මානසික රෝගීන්ට අපහාසයකි

      Delete
    3. පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ සිසුවියන් අතර පවතින කාන්තා සමලිංගික හිංසනය පිළිබඳව මුලින්ම මෑත කාලයේදී මාධ්‍යට කරුණු වාර්තා වන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පළමු වසරේ සිසුවියන් දස දෙනෙකු නිරුවත් කොට නවක වදය ලබා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

      http://www.lankaguardian.com/2012/01/blog-post_6236.html

      පේරාදෙණිය විශ්ව විද්යාලයේ සිදුවන නවක වදය.

      කියන්න ලැජ්ජයි මමත් පේරාදෙණියෙ. මේ කතාව සත්‍යයි කියල මම විශ්වාස කරනව. මගේ අවසාන වසර තමයි මේ යන්නෙ. art එකේ චාටර් වැඩ තියෙනව කියල අහල තිබුනට ඊයේ පෙරේද උන සිද්ධිය වෙන කන් අපි කවුරුවත් දැනගෙන හිටියෙ නෑ ඔය වගේ චාටර් වැඩ වෙනව කියල. art එකේ ඇරෙන්න අනිත් faculties වල ඔය වගේ වැඩ වෙන්න නැති බව වගකීමෙන් කියන්න පුලුවන්. art එකේ ඔය ක්‍රියා වලට අනිත් faculties වලින් පැහැදිලි විරෝධයක් දැනටමත් එල්ල වී තියෙනව. ඔබ හරි ඔය කියන දේවල් හරිම රහසිගත විදිහට තමයි සිද්ධ වෙලා තියෙන්නෙ. මොකද අපි ඕව ගැන හරියට දැන ගන්න අවුරුදු 4ක් ම ගියා. ඇත්ත art එකේ girls ලා මේවා ගැන ප්රකාශ කරන්න හරිම බයයි. ඔවුන් ව බය කරගෙන ඉන්නෙ. campus එකක් වුනහම නවකයින් අඳුර ගන්න මොකක් හරි වැඩ පිලිවෙලක් තියෙන්න ඕන. මම කියන්නෙ නෑ එක rag එකක් විය යුතුයි කියල. නමුත් අද වෙන මේ දේවල් දැක්කහම සසර කල කිරෙනව.


      පේරාදෙණියේ සමලිංගික හිරිහැර , දරුණු නවක වදය තියනවා නමුත් පරිපාලනය පැමිණිලි යට ගහන නිසාත් , ළමයි පැමිණිලි කරන එක පරිපාලකයෝ අදහිරියමත් කරන නිසාත් , නවක වද කරන ජේෂ්ඨයෝ තර්ජනය කරන නිසාත් අතවරයට ලක් වන ගැහැණු සහ , පිරිමි ළමයි පැමිණිලි කරන්නේ නැහැ. මේ රටේ ස්ත්‍රී දුෂණයට ලක් වන කාන්තාවන් කීයෙන් කීදෙනාද පොලිසියකට යන්නේ ?පේරාදෙණියේ ලිංගික හිරිහැර වල තත්වයත් ඕකයි. නවක වදයට ලක් උන ළමයෙක්ට විශ්ව විද්යාල පරිපාලනයෙන්වත් සහනයක් නැහැ. ඒ අයත් කියන්නේ මේවා තව ටික කාලයයි නේ තියෙන්නේ ඕවා ඉවසලා ඉන්න කියලා. මේ නිසා අතවරයට ලක් වූ ළමයා කොන් වෙනවා , ඒ නිසා මේවා පැමිණිලි කරන්න කවුරුවත් ඉදිරියට එන්නේ නැහැ. පැමිණිලි කල කෙනාට ඉන් පස්සේ විශ්ව විද්යාලේ ඉන්න බැහැ. සීනියර්ස්ලා එයාට රවනවා, ගොරවනවා, සීනියස්ලාගේ උදහසට ලක් වෙයි කියලා එයාගෙම බැච් එකේ නවකයන් එයා එක්ක කතා කරන්නේ නැහැ , අලයෙක් කියයි , නොයෙකුත් අපහාස කරයි. පරිපාලකයෝ වැනෙනවා, ළමයට ආරක්ෂාවක් දෙන්නේ නැහැ, ලංකාවේ හැම විශ්ව විද්‍යාලයකම තත්වය ඕකයි. ඒ නිසා සෑම වසරකම ළමයි මේ නවක වදය කියන දරුණු හිරිහැරය නිහඬව විඳ දරා ගන්නවා. මේ නිසා හිරිහැරයට ලක් වන 99.9% කාටවත් පැමිණිලි කරන්නේ නැහැ. ඉතින් බලධාරීන් කියනවා නවක වදයක් තියනවනම් පැමිණිලි කෝ කියලා.

      http://www.lankaguardian.com/2012/03/blog-post_3533.html

      Delete
    4. පේරාදෙණි සරසවියම එපාවී අධ්‍යාපනයත් හැර ගිය නවක වදයට හසු වූ තවත් සිසුවෙක් වද දුන් අයියලා 8ක් හඳුනා ගනී

      අමානුෂික ලෙස නවක වදයට ලක්ව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මානසික රෝග ප්‍රතිකාර වාට්ටුවේ ප්‍රතිකාර ලබන සිසුවා සමඟ නවක වදයට ලක්වූ තවත් සිසුවෙකු තමන්ට නවක වදය ලබාදුන් බව කියන සිසුන් අට දෙනකු ඡායාරූප මඟින් හඳුනා ගෙන තිබේ.

      නවක වදයට ලක්වීමෙන් පසු විශ්ව විද්‍යාල ජීවිතය පිළිබඳ කලකිරී අදාළ සිසුවා විශ්වවිද්‍යාලය හැර ගොස් ඇත. පේරාදෙණිය රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබන සිසුවා සමඟ නේවාසිකාගාරයේ එකම කාමරයේ සිට ඇති මේ සිසුවා අගුණකොළපැලැස්සේ පදිංචිකරුවෙකි.

      පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන බෙලිඅත්තේ පදිංචි සිසුවා තමන්ට නවක වදය දුන් සිසුන් ලෙස ඡායාරූප මඟින් 14 දෙනකු මෙයට පෙර හඳුනාගෙන තිබිණි.

      මේ සිසුන් දෙදෙනා විසින්ම හඳුනා ගත් සිසුන් හය දෙනෙකු සිටින අතර, අධිකරණ වෛද්‍ය වාර්තාව ලැබෙන තෙක් ඔවුන් අත්අඩංගුවට ගැනීම පොලිසිය විසින් ප්‍රමාද කරනු ලැබ ඇත.

      Delete
    5. දැනට පේරාදෙණිය රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන විශ්ව විද්‍යාල සිසුවා මානසික රෝගියෙකු වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් විසික් ලබාදුන් අමානුෂික නවක වදය නිසාම බව වෛද්‍ය වාර්තාවකින් සනාථ කර ඇත.

      මානසික වෛද්‍ය විශේෂඥයෙකු විසින් මෙම වෛද්‍ය පරීක්‍ෂණය සිදුකර ඒ පිළිබඳ වෛද්‍ය වාර්තාව විශ්ව විද්‍යාල පරීක්‍ෂණ කමිටුවට බාර දී තිබේ. එම මානසික වෛද්‍ය වාර්තාවත්, සිසුවාගේ ප‍්‍රකශා සහ අධිකරණ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගෙන ඉදිරි පරීක්‍ෂණ සිදු කිරීමට නියත බව පේරාදෙණිය පොලීසිය කියයි.

      Delete
    6. මමත් ඔය රැග් එකනම් කෑවා, මමත් පේරාදෙණියෙ ඉංජිනේරු පීටයේ.
      එච්චර අව්ලක් උනේ නැහැ යද්දී 66 kg එද්දී 53 kg Very Happy
      ඔන්න රැග් එකේ තරම

      Anonymous බයවෙන්න එපා මල්ලිට ඔලුව පාවිච්චි කරලා ඉන්න පුළුවන් සම්ලිංගිකත්වයට තියෙන අපුල ඉවත්කරගත යුතුයි. මොකද පේරා ගියොත් අනිවා සින්නො ජුන්නොන්න්ට අරිනවා, විශේශයෙන් සුදු පෙනුමට ඉන්න උන්ට.ටිකක් දරා ගැනීමේ හැකියවකුය් අර ගැල විජ්ජවය් තියෙනවනම් බේරෙන්න පුළුවන්.

      එත් හැමෝටම එහෙම නැහැනේ. එයාලට තමා කරදර.ඔය රැග් කිරිල්ල නවත්තන්න නම ඕන.කාගෙ උනත් ජිවිතනේ. ආසාවට පිස්සු හදාගන්නවද ?. කරපු එඋන් අල්ලලා හොද දඩුවමක් දෙන්න ඕන කරන අපරාද වලට

      Delete
    7. මේවා පොලිසියට පැමිණිලි කල යුතුයි

      Delete
  3. "ඔහු පවසන පරිදි මෙවැනි සිදුවීමක් ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක සිදු වුයේ නම් එවැනි අමානුෂික ක්‍රියාවක් සිදු කල සිසුන් නවතින්නේ හිර ගෙදරය"

    Absolutely correct. That's why these things continue to happen in SL. Some of these rag leaders (past and now) should be in jail. Sri Lankans have minimal protection from law.

    ReplyDelete
  4. විශ්ව විද්‍යාලයක අරමුන දැනුම සොයා යාම හා බුද්ධි කලම්බනයයි. මෙහිදී අන්‍ය මත ඉවසීම අනිවාර්ය වේ. එහෙත් ලංකාවේ සිසුන් ප්‍රාථමික වානරයන් ලෙස හැසිරෙන්නේ ඇයි.
    මට හිතෙන්නේ මෙයට කරුනු කිහිපයක් බලපාන බවයි.
    එකක් නම් මෙම සිසුන් අධිමානයකින් සිටිති. එනම් තමන් සෙසු සමාජයට වඩා උසස් යැයි සිතති.
    එසේම විශ්ව විද්‍යාලයේ අරමුන නොදනිති. ඔවුන් සිතන්නේ මෙය දේශපාලනය කිරීමට සහ රට හදන්නට තියන තැනක් කියාය. ඉගෙන ගන්න තැනක් නොවේ.

    සිසුන් මොනවා කලත් සමාවක් ඇත යන ආකල්පය ඇත.

    මෙම ක්‍රියාවලට පෙලබෙන බහුතරය කුල ප්‍රශ්න වැනි හේතු නිසා සමාජයෙන් කොන් වූ සිසුන්ය. මම කුලවාදියෙක් නොවුනත් බොහෝ පිළිකුල් සහගත ජරාවැඩ කරන්නෙ කුලහීන යැයි සම්මත පුද්ගලයන් ය කියා මා නිරීක්ෂනය කර ඇත.

    ලංකාවෙ විශ්ව විද්‍යාල යනු මුදා නොගත් ප්‍රදේශයි. මහා සංස්කෘතිය නිහඩව සිටින තුරු උන්මත්තකයන්ගේ උප සංස්කෘතිය වැජඹෙයි. 88 දී මුලුරටම මොවුන්ගේ උප සංස්කෘතියට යට වූ හැටි අප දනිමු. එකලද නවක වදය වැනි දේවල් උදා හරන ලෙස කට කපීම ,පාර මැද දනගසා සිටීම වැනි දේ මුන් කලහ. ආරක්ෂක අංශ සහ සමාජය මුන්ට එරෙහිව නැගී සිටිවිට මුන් වධක භූමිකාවෙන් බිල්ලාගේ භූමිකාවට මාරු විය.

    සිසුන් අඩුකුලේ උන්මත්තකයන් කීප දෙනෙකුගේ අත් අඩංගුවට පත් වීම නතර කල හැක්කේ මහා සමාජයේ ප්‍රතික්‍රියාවකිනි. නීච බලු වැඩ කරන අය සෙසු සිසුන්ගෙන් වෙන්කරගැනීමට සිසුන් දෙමාපියන් හා ජනතාව සංවිධානය විය යුතුය.

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ථ ඔබගේ නිරීක්‍ෂණය නිවැරදියි

      Delete
  5. ඔය විශ්ව විද්‍යාලවල රැග් කාලා, අලුතින් එන අයට රැගදීලා, ෆස්ට් ක්ලාස් අරන් ස්ටාෆ් ජොයින් වෙලා, පිටරට විශ්ව විද්‍යාලවල මාස්ටර්ස් ඩිග්‍රීස්, පීඑච්ඩී අරන් අලුත් දේවල් දැකලා ඉගෙනගෙන එන කථිකාර්ය මහාචාර්ය වරුන්ටවත් ඔය යුනිවර්සිටි විනාස කරන උන් හරි පාරට ගන්ට ඵලදායී යමක් කරන්ට බැරිද?

    ReplyDelete
    Replies
    1. ඔවුන් අසරණයි. නවක වදයට එදිරිව කතා කල මේ වගේ ආචාරියවරුන් කීප දෙනෙකුගේ වාහන ඩැමේජ් කලා

      Delete
  6. ඔබ වාසනාවන්තයෙක්. ලොව පුරා බුද්ධිමත් සුන්දර මිනිසුන් ඇසුරු කර තිබෙනවා. මෑතකදි මෙරට විශ්ව විද්‍යාලයක් නැරබීමට ආ ඉන්ටනැෂනල් පාසලක පිරිසක් ඉංග්‍රීසියෙන් කතා කරමින් සිටියදී ප්‍රාථමික වානරයන් පිරිසක් එක් වරම පොලු කඩාග්ගෙන ඇවිත් ඔවුන්ට එක දිගට පහර දෙන්න පටන් ගත්තා.
    ඉංග්‍රීසියෙන් කතා කිරීමට විරුද්ධ වෙන මොනවත් නිසා නෙමෙයි මුන්ට ඉංග්‍රීසි බැරි නිසා. මේක තනිකරම හීනමානය මත පදනම් වූවක්. කැම්පස් ආපු හැටියෙ වක්කඩ කැඩුව වගෙ හීනමාන ටික පිටකරගන්නව.
    කලා විශයන් සදහා හැකි තරම් අඩුවෙන් සිසුන් බදවා ගැනීමත් විශ්ව විද්‍යාලවල ප්‍රචන්ඩත්වය අඩු කිරීමට ඉවහල් වේවි. මොකද ඔවුන්ට වෙන කරන්න දෙයක් නැති නිසා කැට හොල්ලනව රැග් කරනව අන්තිමට ගිරව දාල ඩිග්‍රිය ගන්නව.
    මුන් විභාගවලටත් විරුද්ධයි ඒ විභාග නිසා සිසුන්ගෙ නිර්මානාත්මක කාර්ය සදහා තියන කාලය අඩුවෙනවලු. නිර්මානාත්මක කාර්ය කියන්නෙ පාරවල් වල වේලි වේලි කැට හොල්ලන එක ,රෑට පෝස්ටර් ගහන එක.

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ථ මට අවශ්‍ය ආකල්පමය වෙනසක් ලංකාවේ වි වි ඇති කරන්න

      Delete
  7. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල වල විවුර්ත සංවාද නෑ, බලන්න මේ පොස්ට් එක ට කොමෙන්ට් කරන්න ක්රුටුගෑ ගී පවුර වැනි නවකවද පක්ෂ උදවිය පලාතෙවත් එන්නේ නෑ. ශ්‍රී ලංකාවේ තියන්නේ තමන්ගේ අදහස් අනුන් මත බලෙන් පටවන සංස්කෘතියක් එහෙම නැතුව සියලුදෙනා සාකච්චා කර වඩා නිවැරදි තීරණයට එළබෙන ක්‍රමයක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලංකාවේ තියන්නේ තමන්ගේ අදහස් අනුන් මත බලෙන් පටවන සංස්කෘතියක් /// ++++++

      Delete
  8. රුවන් ඔබ වොෂ්බර්න් විශ්ව විද්‍යාලයට ගියාට වොෂ් බ්රේන් නමැති විශ්ව විද්‍යාලයට ගිහින් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් මම අහල නෑ මහත්තයෝ

      Delete
  9. ඒ ප්‍රාර්ථනාව ඉක්මනින් ඉෂ්ඨ වෙනවනම් අනාගත පරපුර නියම උගත් බුද්ධිමත් පිරිසක් කර ගන්න පුලුවන් වේවී....

    ReplyDelete
    Replies
    1. පිටරට මේ විවි දකින කොට ඉතා දුකක් ඇතිවෙනවා ඇයි අපගේ රට තාරුන්‍ය වල්මත් උනේ කියලා

      Delete
  10. //ප්‍රභාකරන් යනු ශ්‍රී ලංකාවේ මිලිටරිවාදයේ පමණක් නොව දෙමළ ජාතිවාදයේත් දෙමළ ස්වෝත්තමවාදයේත් අවස්ථාවාදී දේශපාලනයේත් නිෂ්පාදනයක් //
    සිංහල ජාති වාදය හේතුවක් උනේ නැද්ද? සිංහල බාෂාව රාජ්‍ය භාෂාව වීම නිසා උතුරේ මිනිස්සු ගොඩක් කරදරවලට මුහුණ පෑවා ...

    ReplyDelete
    Replies
    1. ලලිත් ඔබ හරි ඒකත් හේතුවක් ඒ වගේම ප්‍රමිතිකරණයත් හේතු කාරකයක් උනා

      Delete
    2. මේ ලලිත් මහත්තයා ඔයා ක්‍රිස්තියානි කාරයෙක්ද?
      සිංහල රාජ්‍ය බාෂාව වීම නිසා උතුරේ මිනිස්සු මුහුනදීපු කරදර වලට උදාහරණ මොනවද?
      රටක ජාතිකත්වයක් ඇතිවෙන්න නම් රටේ මිනිස්සු හැම දෙනාම එක බාෂාවක් කතා කිරීම වැදගත්. ඇමරිකාව සහ සෝවියට් සංගමය යන රටවල් දෙකේම ජනවර්ග කීයක් හිටියත් එක බාශාවක් පොදු බසක් හැටියට යොදා ගන්නවා.

      Delete
    3. ජගත් මෙතන ලලිත් කියන්නේ දෙමල බසට (සිංහල රාජ්‍ය භාෂාව කිරීමෙන් පසු) සාධාරන ස්ථානයක් දීමට බණ්ඩාරනායක කල උත්සහය ජාතිවාදීන් වියවර්ථ කලා. ඒ කරුණ

      Delete
    4. //ලලිත් ඔබ හරි ඒකත් හේතුවක් ඒ වගේම ප්‍රමිතිකරණයත් හේතු කාරකයක් උනා//
      ඉතින් මොකද ඒවා ගැන කිව්වේ නැත්තේ. ලැජ්ජ හිතුනද?

      Delete
  11. මීට අවුරුදු ගණනාවකට ඉස්සර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී ජෙය්ස්ත උත්තමයෝ අපිට කරන්න කියපු එක දෙයක් තමයි මේසයක් උඩ නැගලා 'අද රෑට මම අම්මට හු... වා' කියල මහා හය්යෙන් කෑගහන එක. ඒ වෙලාවේ මම හිතා ගත්ත මම මගේ අම්මා ගැන ඒ වගේ වචනයක් කීයටවත් කියන්නේ නැහැ කියල. මාව rag කර කර හිටපු උත්තමයා කෑ ගැහුවා 'උඹ මගෙන් මැරුම් කන්නද හදන්නේ කියපන් කියපන්' කියලා. ඕනෙනම් මාව මරපන් කියල හිතාගෙන මම කට වහගෙනම හිටිය. අන්තිමට අරුට එපා වෙලා යන්න ගියා. (උගේ යාලුවෝ ටික ඒ වෙලාවේ අලුත් ගැණු ළමයෙකුට බැල්ම දාගෙන හිටිය නිසාද කොහෙද මිනිහට පිරිස් බලය නැති වුන).

    ඉතින් එහෙම අලුත් ළමයින්ට කියලා අම්මව ගාවලා කුණුහරුප කියවන අය විශ්ව විද්‍යාලය ඇතුලේ නන්දා මාලිනි, සනත් නන්දසිරි වගේ කෙනෙක් ඇවිල්ල අම්මා ගැන සින්දුවක් කිව්වහම අම්මෝ හොටු පෙරාගෙන සංවේදී වෙනවා. ඔන්න ඔහොමයි ඔවුන්ගේ වැඩ. මහා සංවේදී කම.

    ReplyDelete
    Replies
    1. සිසුන් ලවා අම්ම ගැන කියන අතරෙ සිසුවියන් ලවා තාත්ත ගැන කියනවලු මේක කරන්නෙ ලැජ්ජ බය අරින්නලු.

      Delete
    2. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලයිසන් දීම නම් තවත් පුදුමාකාර වධයක් ඇත. එයනම් නවක සිසුවාව වැසිකිලියට දක්කාගෙන ගොස් යට කලිසම ගලවා සාක්කුවේ දමාගෙන එන ලෙස අණ කිරීමයි. එය එතනින් නොනවතී.එම නවක සිසුවා සිසුවියක් ලඟ හිඳුවයි.සිසුවියටනවක සිසුවාගේ(යට කලිසම නැති ) අත අතගාන මෙන අණ කරයි. පසුව ඔහුගේ ශිෂ්ණය ප්‍රාණවත් වේද නැද්ද යන්න ජ්‍යෙෂ්ඨයා එසවි බලයි(ප්‍රාණවත් වීනම් බාහිරින් එය දැකගත හැක ).ප්‍රාණවත් වී තිබුණහොත් නවක සිසුවාට සිසුවියන් ඉදිරිපිරදීම කුණුහරුපයෙන් බනී."තොට බැජී අතගාද්දිත් ආතල්ද යකෝ" යනුවෙන් බහුලව අසන සාම්ප්‍රදායික ක්‍රමයයි.එහෙත් ප්‍රාණවත් වී නොතිබුනහොත් සිසුවියටද බැනවදී."තෝ කොහොමද මිනිහත් එක්ක පවුල් කන්නේ "යයි අසයි.මෙය මනෝ විකෘතික වධයක් බව බැලූ බැල්මටම පෙනේ.

      එයට අනුබල දෙන කාර්ය මණ්ඩල සේවකයින් නැත්තේම නොවේ. ඉංජිනේරු පීඨයේනම් නොසෑහෙන්න එවැන්නන් සිටී. විශේෂයෙන්ම වෝර්ඩන්ලා යැයි පවසාගන්නා පිරිස කරන්නේ බෝතලයට දෙකට නැමී සින්නන් හට රාත්‍රී කාලයේ නේවාසිකාගාරයට ඇතුල් වීමට ඉඩ දීමයි. කානතා නේවාස්කාගාර වල ආරක්ෂාව යොදා ඇත්තේ මෑතක සිටයි. ඒ රජයෙන් එන පීඩනය නිසාය. නත්තම් පෙර මෙන් මෙකලද සිසුවියන්ගේ යෝනියට ඉටිපන්දම් ගසා යාමට ඉඩ තිබිණි.වාසනාවට මෙම රජය නවක වධයට විරුද්ධව දැඩිව සිටී. එහෙත් පස්දුන් රට ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ ගුරු පුහුණු විද්‍යාලයේ නේවාසික සිසුවියන් සිකුරාදා රාත්‍රී කාලයේ ලිංගිකවව පවා අපයෝජනයට ලක් වන බව මට එහි නේවාසික සිසුවියකගෙන් දැනගන්නට ලබුණි. එය සත්‍යක්ද අසත්‍යක්දැයි සොයා බලා සත්‍යක්නම් නිසි ක්‍රියාමාර්ග ගැනීම රජයේ වගකීමකි. එහිදීද වොර්ඩන් නම් පිරිස තමාගේ වාසියට එහි නේවාසික සිසුවියන් බිලිදීම සිදු වේ.කොන්ද පණ ඇති වොර්ඩන්ලා පිරිසක් සිටියේනම් මෙම වාතය නියත ලෙසම අඩු වනු ඇත. එහිදීද සිදුවන්නේ අඩු වීම පමණි. නැති වීමක් නොවේ. කිමද ය 100% දේශපාලනික ක්‍රියාවලියකි. ජන අරගල ව්‍යාපාරය නම් පිරිස එහි බර දරන්නේ කැරලි ඇති කිරීමට පිරිස විශ්වවිද්‍යාල තුලින් සොයාගැනීම පහසු වන බැවිනි. වාත වූවන් කතාකරන්නේ සමාජවාදීන් ලෙසයි. ජන අරගල ව්‍යාපාරයේ අදිසි හස්තයන් විශ්වවිද්‍යාල යූනියන් හරහා කරලියට පැමිණෙන්නේ වාතය මුවාවෙනි. එය වාත ක්‍රියාත්මක කරන දෙවන වසර සිසුන් පවා නොදනී. ඔවුන්ද එම ශිෂ්‍ය සංගම් නායකයින් විසින් ගොනාට අන්දා ඇත. එහෙත් අවසානයේ වාතය ක්‍රියාත්මක කරන්නන් සාමාන්‍ය උපාදියක් ලබා හෝ උපාදිය හැර යන අතර යූනියන් ලොක්කන් පෙරකී දේශපාලන පක්ශ වල සුර සැප විඳී. දැන් උදුල පේමරත්න සිටින්නේ කොහෙදැයි කවිරිත් දනී. ඔහුද ජන අරගල ව්‍යාපාරයේ ප්‍රධාන සාමාජිකයෙකි.

      Delete
    3. මනෝ විකෘතික වධයක් /// athha

      Delete
  12. http://ranrandil.blogspot.com/2016/05/415.html

    ReplyDelete
  13. විශ්ව විද්‍යාල අාකෘතිය කතෝලික චින්තනය මත ගොඩනැගුණු එකක් විශ්ව විද්‍යාලයක එක් එක් පීඨවල හැදෑරෙන දැනුම් අතර පොදු බවක් පැවතිය යුතුයි. එයතුල එම විශ්ව විද්‍යාලයේ ලකුණ සඳහන්විය යුතුයි. එනම් විශ්ව විද්‍යාලයක් යනු වෙනම ගුරුකුලයක්. කතෝලික චින්තනය පරාජය වී යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ව්‍යාප්තවීම නිසා සාමූහිකත්වය වෙනුවට පුද්ගලවාදය, සංස්ලේශණය වෙනුවට විශ්ලේශණය පැතිරීම නිසා අදවනවිට ලොව කිසිම විශ්ව විද්‍යාලයක මෙම තත්වය දක්නට නෑ. අදවනවිට විශ්ව විද්‍යාල යනු අභාවයට පත්වන අධ්‍යාපන සම්ප්‍රදායක්. විශ්ව විද්‍යාලය ගුරුකුලයක් ලෙස පවතින විට එයට ඇතුලත් වන්නන්ට නවක වදය වැනි උපනයන වතක් සිදුකිරීමේ සාධාරණත්වයක් තිබෙන නමුත්, අද පවතින විශ්ව විද්‍යාල ලෙස හඳුන්වන උසස් අධ්‍යාපන ආයතන වල එවැන්නන් කිරීමට කිසිම සාධාරණ හේතුවක් නෑ.

    ReplyDelete
  14. වෛද්‍ය රුවන් මහතානෙනි ඔබතුමා විදෙස් විශ්ව විද්‍යාල ඇසුරින් අපේ සිසුන්ගේ චර්‍යාවන් ගැන කථා කරනවා සේම විදෙස් වි වි සිසුන් හට එවැනි වූ ආයතන තුල ඇති පහසුකම් හා අපේ සිසුන් ලබන අවම පහසුකම් ගැන දක්වන මතය කුමක්ද?
    අපේ විශ්ව විද්‍යාල පද්ධතියට එසේ වී ඇත්තේ මන්ද? අපිරිසිඳු හොරිකඩ බල්ලන් ගැවසෙන ආපන ශාලා, ගරා වැටුනු ගොඩනැගිලි, භූත බංගලා වැනි පරවි අසූචිවලින් දුගඳ හමන මුලුමනින්ම අපිරිසිඳු වූ කොරිඩෝවන්. ඇයි මේ තත්වය වෙනස් කල නොහැක්කේ?

    ReplyDelete
    Replies
    1. නයනේ මෙය මුල්‍යම ප්‍රශනයක් නොවේ , මගේ අදහස අනුව ආකල්පමය ප්‍රශ්නයකි. රජයේ රෝහල් අපවිත්‍රය , ගඳය ; එහෙත් මාදම්පේ රෝහල , අම්පාර රෝහල වැනි රෝහල් වල ස්ථාන භාර නිලධාරීන් එම රෝහල් ඉතා ලස්සන , පිරිසුදු තත්වයට ගෙනාවෝය​. ඒ සඳහා වැය කලේ මුදල් නොවේ , ආකල්පමය වෙනසයි. අපගේ විවි සිසුන් අවට ලෝකය ගැන දන්නේ නැත​. ඉගන ගැනීමට තිබෙන වටිනා කාලය ඔවුන් පාරවල් දිගේ උද්ගෝෂණ කරමින් , විරෝධතා පවත්වමින් නාස්ති කර දමති. ඔවුන් ඉංග්‍රීසි ඉගෙන ගැනීම​, පරිගනක සාක්‍ෂරතාව , නිර්මාණශීලීත්වය ඉගෙන නොගනිති. අප සෝවියට් දේශයේ ඉගෙන ගත් කාලයේ සෙනසුරාදා දින වලද අපට දේශන තිබුනි. අපට නිවාඩු තිබුනේ ඉරිදා පමණී. ඉනා තද ශීත , වතුර මිදී තිබුනද අප පන්ති ගියෙමු. මේ නිසා අප අද අන්තර්ජාතික ලෝකයේ කේශේත්‍ර වල කිසිවෙකුටත් නොදෙවෙනි ලෙස ඔවුන් ගේ ගරුත්වය ලබා ගෙන සිටිමු. බටහිර ලෝකයේ විවි වල සමහර මනෝ විද්‍යා පරියේශකයන් ඔවුන් ගේ පරියේෂන වල දත්ත මා වෙත ලබා දී මගේ ඔපීනියන් අසති. ඔවුන්ට මගේ දුඹුරු හම වැදගත් නැත​. අපගේ වි වි වලට වැරදුනේ කුහක බවත් , අකල්පමය දුගී බවත් නිසාය​. මේ වැරදි සදා ගන්නේ නම් මීලඟ පරම්පරාව නිසි මාර්ගයට යනු ඇත​.

      Delete
    2. ඔව් වෛද්‍ය තුමනි දියුණු යුරෝපාකරයේ නොවෙයි, අතර මැදි තත්වයේ පවතින පෙරදිග ආසියානු රටවල විශ්ව විද්‍යාල වල තත්වයත් ඔබ කියන බටහීර තත්වයට දෙවැනි වන්නේ නැහැ මා සිතන හැටියට. (මට පෞද්ගලිකව යුරෝපයේ අත්දැකීම නැහැ )
      එහෙත් අපේ කොළඹ විශ්ව විද්‍යාලයේ, නාවල විවෘත්ත විශ්ව විද්‍යාලයේ සැරිසරන විට සිතෙන්නේ ඇයි අපේ දරුවන් මෙතරම්ම වූ පහත් තත්වයකට ඇද වැටී ඇත්තේ කියායි.
      මෙය ඉතා පැහැදිලිවම ආකල්ප ඌනතාවයක් බවනම් බොහෝම පැහැදිලියි.

      විශ්ව විද්‍යාලයට ඇතුළුවූ ගමන්ම අසූචි වලින් හෝ කොළඹ විශ්ව විද්‍යාලයේ තාප්පයට එපිටින් ඇති තර්ස්ටන් විද්‍යාලයේ දරුවන් මුත්‍රා කරන (වසර 30කට පමණ පෙර තිබූ තත්වය අද ගැන දන්නේ නැහැ ) මඩ වලේ වතුරෙන් බකට් කර පිළිගත විට එම නවකයින්ට විශ්ව විද්‍යාලය යනු අපිරිසිඳු ගඳ ගසන අපුල දනවන තැනක් ලෙස සංකල්පයක් මැවෙනවා ඇති. ඔවුන්හට එයින් එහා විශ්ව විද්‍යාලයේ පරිසරය ගැන වූ තැකීම ගිලිහෙනවා ඇති.

      Delete
    3. 1) ඉන් දියාවෙත් , තමිල්නාඩුවේ අන්නාමලෙයි විවි නවක වදය තිබෙනවා. නමුත් ලංකාවේ තරම් දරුණු නැහැ.

      2) එහෙත් අපේ කොළඹ විශ්ව විද්‍යාලයේ, නාවල විවෘත්ත විශ්ව විද්‍යාලයේ සැරිසරන විට සිතෙන්නේ ඇයි අපේ දරුවන් මෙතරම්ම වූ පහත් තත්වයකට ඇද වැටී ඇත්තේ කියායි.
      මෙය ඉතා පැහැදිලිවම ආකල්ප ඌනතාවයක් බවනම් බොහෝම පැහැදිලියි.//////// +++++++

      Delete
  15. අද ලංකාවේ වි.වි වල කිරි එරෙන්නේ ඇඬුවොත් පමණයි.අඬන්න විලාප තියන්න පුරුදු කරන්න රැග් එක පාවිච්චි කරනවා.ඔබ කියනා ආකල්ප වෙනස සැබැවින්ම අවශ්‍යයි.උඩ ඉඳන් පහලට ගලා යා යුතුයි වගේම යම් බලයක් මුලදී යොදන්නත් වෙයි.නමුත් වෙනස් වෙන්න පුළුවන්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ආකල්ප වෙනස සැබැවින්ම අවශ්‍යයි.++++++++

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook