හිරු උදා වෙද්දී
මම දකිමි ඔබේ වත
ඔබගේ දෙනෙත් වල
කාන්තියෙන් ලබන්නෙමි
නව ජීවනය
ඔබ කෙරෙහි මා තුල ඇති
දයාව ආදරය කරුණාව
යම් දිනක මම අහසේ ලියමි
කඳු මුදුනකට නැගගත් පසු
ඔබට එය කියවනු හැකි වෙනු ඇත
ඔබ ගීතයක් වෙන්න
මම එහි තනුව වෙන්නම්
ඔබ ගීතයක් වී සවන් පිනවන විට
මම දෑස් පියා ඔබට කන් දෙන්නම්
ඔබ චිත්‍රයක් වන්න
මම එහි එක් වර්ණයක් වෙන්නම්
සියළුම වර්ණ එක් කොට
ඔබව විචිත්‍ර කරන්නම්
ඔබ ගංගාවක් වන්න
මම ඉවුර වෙන්නම්
දෙගොඩතලා නොයනසේ
මා ඔබ රැකගන්නම්
සෞදර්යාත්මක සුන්දරත්වයක් තියනවා...
ReplyDeleteඅපූරුයි..
ප්‍රේමය උතුරා යයි. එය විනීතව, හෘදයාංගමව, ප්‍රකාශ කිරීම, ඉතා ඉහලින් අගය කරනවා.
ReplyDelete++++++++
Deleteඅපූරුව හැඟීමක්
ReplyDeleteලස්සනයි