ශ්රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනයන් හී බොහෝ විට කනිෂ්ඨ සිසුන් වෙත වාචිකව, ලිඛිතව සිදුකරනු ලබන සරදමක්, ශාරීරිකව සිදු කරනු ලබන පරුෂ සැලකීමක් හෝ ඔවුන් තුල මානසික අස්ථාවරත්වය, බිය හා චකිතය ඇතිකරවන සුලු, සාමාන්‍ය අවස්ථාවේදී පුද්ගලයෙකු විසින් සිදුනොකරන්නාවූ ක්‍රියාවන් කිරීමටයැයි සිදු කරනු ලබන බලකිරීමක් නවක වදය අර්ථ දැක්වෙයි. අනෙකුත් රටවල් සමග සැළකීමේදී, ශ්‍රී ලංකාවද ලෝකයේ නවක වදය දරුණු ලෙස මුල් බැසගත් රටක් ලෙස සැළකෙයි. (රැගිං: හිස්ට්‍රි ඇන්ඩි ඉවොලූෂන්).
ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල වල නවකයන් නිරුවත් කරවීම, අසභ්‍ය ඉරියව් අනුකරණයට බල කිරීම, සිසුවියන්ට කුණුහර්ප කීමට බල කිරීම , අසභ්‍ය කතා සහ සින්දු ලියා දී ඒවා සමුහය ඉදිරියේදී කියවීමට බල කිරීම, සිසු සිසුවියන් තනි තනිවම ගෙන ඉතා අසභ්‍ය වචන වලින් බැන තර්ජනය කිරීම, බලහත්කාරයෙන් වියායාම කරවීම , කුණු වතුර බකට් කිරීම , පහර දීම , බලහත්කාරයෙන් (සිසුන්ට) සාමූහික ස්වයංවින්දනය කරවීම , ලිංගික අපයෝජනය , පිළුණු වූ බත් වැලි සහ පරවූ මල් සමග අනුභව කිරීමට බල කිරීම , වැසිකිලි වතුර පෙවීම, හිස අසූචි පිරවූ කොමොඩයක එබ්බවීම වැනි හිංසක ක්‍රියා වාර්තාවී තිබේ.
ලාංකික විශ්වවිද්‍යාල වල සෑම වසරකම නවක වදය ලෙසින් ලෙස මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම බරපතල ප්‍රශ්නයක් වෙමින් පවතියි. මේ හැර ජගත් විශ්වවිද්‍යාල ශ්‍රේනිගත කිරීම අනුව ශ්‍රී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍යන් ලෙස සැලකෙන උගන්ඩාවේ, , සුඩානයේ සහ ඉතියෝපියාවේ ජාතික විශ්වවිද්‍යාල වලට වඩා පහත් දර්ශකයක් දරණ අතර අධ්‍යාපන ගුණාත්මක භාවය අවම වීමට නවක වදය ද එක් හේතු කාරනාවක් වේ. නවක වදය ලාංකික විශ්වවිද්‍යාල වල කළු පැල්ලමකි.
2011 වර්‍ෂයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව එහිදී අති අමානුෂික ලෙස නවක වදයට බඳුන් වූ ශිෂ්‍යයකු වෙනුවෙන් ගොනු කරන ලද නඩු වාර්තාවක කොටසක මෙසේ දැක්වේ : "මෙම අපරාධය සිදුකර ඇත්තේ නූගත්, බුද්ධි මට්‌ටමින් පහත් තලයක සිටින අය නොවේ. පළමු ශ්‍රේණියේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ දක්‌වාම මහජනයාගේ මුදලින් අධ්‍යාපනය ලබා තව දුරටත් මහජන මුදලින් අධ්‍යාපනය ලබන උගත් බුද්ධිමත් යෑයි සලකනු ලබන, ඉහළ සමාජ ස්‌ථරයකට ඔසවා තබන ලද පුද්ගලයන් පිරිසක් බව අනාවරණය වෙයි."
රූපා රත්නසීලී, වරප්‍රකාශ් , දික්‌ඕවිට කංකානම්ගේ නිශාන්ත , එස්.එස්. අමාලි චතුරිකා නවක වදය විසින් මරා දමන ලද ප්‍රකට සිසු සිසුවියන් වෙති. උසස් අධ්‍යාපන අමාත්යාංශය පෙන්වා දෙන පරිදි මේ වන විට නවක වධය නිසා නවකයන් 20 ක් මරු දැක 27000 ක් සරසවි හැර ගොසිනි.
නවක වදය විශ්වවිද්‍යාල උපසංස්කෘතියට හෝ සාමූහික බව වෙනුවෙන් පවත්නා දෙයක් ලෙස සමහරක් විසින් පැවසූවද එහි පරපීඩක කාමුකත්වය , ගෝත්‍රිකවාදී මානසිකත්වය, කාන්තා හිංසනය , ග්‍රාමීය පසුගාමීත්වය වැනි අගතීන් දක්නට තිබේ. තවද නවක වදය යනු සාපරාධි අපරාධයක් බව ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ගෙන් වැඩි ප්‍රතිශතයක් පවා විශ්වාස නොකරති. එවැනි පසුබිමක නවක වදය විශ්ව විද්‍යාලයෙන් තුරන් කිරීම අපහසු කරුණකි.
සිසුන් නවක වදයට යොමු වන්නේ මන්ද ? මේ සඳහා බහුවිධ කාරනා තිබේ. මූලික වශයෙන් නවක වද වධකයන් සතු පොදු ලක්‍ෂණ කීපයක් තිබේ. මේ හේතූන් නිසා නිරායාසයෙන්ම ඔවුන් අන්‍යන්ට වධ දීමෙත් තෘප්තියක් ලබා ගැනීමට පෙලඹෙති.
1) හීනමානය (හීනමානය මතුවන්නේ කුල පීඩනය / දරිද්‍රතාව / සමාජ අවස්ථා අඩු බව / ශරීරගේ අඩුපාඩු නිසා මතු වන ඩිස්මෝර්ෆික් තත්වය Body dysmorphic conditions)
2) පෞරුෂ අක්‍රමතා (anti social personality / borderline personality)
3) ළමා කාලයේ කාංසාමය තත්වයන්ට යොමු වී තිබීම. මාතෘ / පීතෘ දුර්ස්ථකරණයට ලක් වීම (maternal or paternal deprivation) , අපයෝජනයන්ට ලක්වී තිබීම
4) බාහිර ක්‍රියාකාරකම් නිර්මානශීලීතාව වැනි දක්‍ෂතා අඩු බව, අව ආත්ම සම්මානය ( poor self-esteem)
5) කන්ඩායම් තත්ව වලදී ඉස්මතුවීම සඳහා දරන ප්‍රයත්නය කැපී පෙනීමට අන් අයගේ අවධානයට ලක් වීම සඳහා ඕනෑම අවධානමක් කර ගැසීම. කැපී පෙනීම සඳහා ඇති අත්‍යන්ත යොමුව
6) තමන් කෙරෙහි (self loathing) මෙන්ම සමාජය කෙරෙහි ඇති වෛරය
7) සාමාජීය හුදකලභාවය සහ එය වසන් කිරීමට දරන අධි ප්‍රයත්නය
8) අන්තවාදීබව සහ ධ්‍රැවගත චින්තනය ( සියල්ල කලු සුදු ලෙස දැකීම) (polarized thinking)
9) අඩු සහනුභූතිය (lack of empathy)
10) පරපීඩා කාමුකත්වය (sadism)
නවක වදය සංකීර්ණ ක්‍රියාවලියකි. වින්දිතයා නවක වදයට පත් කිරීමෙන් බලය සහ ආධ්‍යපත්‍ය පැතිරවීම, වින් දිතයාගේ පූර්ණ එකඟතාව අපේක්‍ෂාව , වින්දිතයාඅවමන් සහගත පත් කිරීම සිදු කෙරෙන අතර මෙයින් වධකයා තම හීනමානතා සංකීර්ණය සන්තර්පන කර ගැනීමත් බිඳී තිබෙන තමන් ගේ අහංභාවය (Ego ) ප්‍රතිසමාධානය කර ගැනීමටත් උත්සුක වෙයි. මේ හැර මූලික වශයෙන් වින්දිතයා නවක වදයට පත් කිරීමෙන් වධකයෝ අවිඥානික මෙන්ම බොහෝ විට සවිඥානිකව ලිංගික තෘප්තිය ලබති. නවක වදයට ලක් වීමෙන් පසු වින් දිතයා තුල කෝපය , අපේක්‍ෂා භංගත්වය , ආකූලතාව , බිය , ආත්ම ගෞරවය කෙලසීගිය ස්වභාවය , යටත් වීමේ මානසිකත්වය , වධකයා සමග ක්‍රෝධය මෙන්ම අවනත බවද පහළ විය හැක.
සමහර විට නවක වදයට ලක්වූ වින්දිතයන් නවක වදය කෙරෙහි මෙන් ම තමන්ව වධයට පත් කල වධකයන් කෙරෙහි ආශක්තවීම මෙන්ම නවක වදය සොඳුරු අත්දැකීමක් ලෙසට අර්ථ කතනය කිරීමත් දක්නට ලැබේ. මෙම සංසිද්ධිය ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය ලෙස හැඳින් වේ. (Stockholm syndrome (also known as "terror bonding" and "traumatic bonding") is a psychological tendency of a hostage to bond with, identify with, or sympathize with his or her captor. This syndrome can be seen as a form of traumatic bonding). සංක්‍ෂිප්තව දැක්වීමේදී ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය යනු පීඩිතයා විසින් පීඩකයා කෙරෙහි ඇති කර ගන්නා අසාමාන්‍ය බැඳීමයි. ස්වයං වධ බන්ධන ලැදියාව මෙන්ම තම වධකයන් කෙරෙහි ඇතිවන අවිඥානික ලිංගිකව ඇල්මද මේ සඳහා හේතු කාරක වේ.
නවක වදය නීරෝගී චරියාවක් නොවේ. නවක වදය කායික මානසික රෝග ඇති කරවයි. නවක වදය නිසා විශාදය (Depression) , භීතිකාවන් (phobias) , පශ්චාත් ක්ලමථ ව්‍යසන අක්‍රමතාව (PTSD) , සමායෝගී ආබාධ (Adjustment Disorder) වැනි මානසික ආබාධ ඇති විය හැකිය. එසේම අතුරු ආබාධ බොහෝ කාලයක් පවතියි. මේ හැර භංගුර (vulnerable) පුද්ගලයන් අතර මනෝ ව්‍යාධික (psychotic) තත්ව එනම් භින්නෝන්මාදය (Schizophrenia) , අධි තීව්‍ර මනෝ ව්‍යාධි (Acute Transient Psychotic Disorders) වැනි මානසික රෝග වලට ලක්වීමේ ප්‍රවනතාවන් ද නිරීක්‍ෂණය කොට තිබේ.
නවක වදය ශ‍්‍රී ලංකාවේ නීතිය යටතේ අපරාධ වරදක් වන අතර නවක වදය ලබාදීම සම්බන්ධයෙන් වරදකරුවෙක් වන්නකුට වසර 10ක් දක්වා සිර දඩුවමක් වුවද නියම කළ හැක. නමුත් නීතිය මගින් පමණක් නවක වදයට තිත තැබීම අසීරු කරුණකි. ඒ සඳහා සිසුන් මෙන්ම සරසවි ආචාර්‍යවරුන් තුල ආකල්පමය වෙනසක් ඇති කල යුතුය. නවක වදයව්‍යාධිජනක සංසිද්ධියක් බව සහ වින් දිතයන්ට මෙන්ම වධකයන්ටද මනෝ ප්‍රතිකාර අවශ්‍ය බව සමාජය විසින් තේරුම් ගත යුතුය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
ඔබ ඔය කියනා නවකවදයක් ලංකාවේ විශ්ව විද්යාලය වල නැත.
ReplyDeleteඒවා ඇත්තේ ආණ්ඩුවේ පත්තර සහ TV වලය...........ඒකට හේතුව වැට් බදු සෙල්ලම අමතකරවීමට තාජුදින්ව හැමදාම වලෙන් ගොඩගත නොහැකි වීමය..........ගංවතුර නිසා වැට බදුද නවකවදයද ගසාගෙන ගියේය............
ඔය පෙන්නන වීඩියෝව ඉතා පරණ එකකි.පසුගිය දශකයේ මුල හෝ 1990 දශකයේ අග එකකි...........
රැග් ඇතැයි ඔප්පුකරන්න පෙන්නන ඉදියෝව අවුරුදු 15කට වඩා පැරණ වීමෙන්ම රැග එක දැන් තියනවා කියලා ඔප්පුකරන්න කිසිම ශාක්ෂියක් නැති බව ඔප්පු වේ.............
අනික මෙය කොලබ විශ්වවිධ්යෂලයේ එකකි.කොලබ යනු රැග නැහැයි කියන, රැග එක දෙනවා යයි චෝදනා ලබන අන්තරේ නැති කැම්පස් එකකි.
එසේනම් රැග එක පිටුපස තියෙන්නේ ආණ්ඩුව කියන කතාව නොවේ............මේ කතන්දර අහන්නන් මුලාවේ දැමිමකි...........
ඔය කියන අඩුපාඩු 10 හැමොටම තිබේ.......වැඩියෙන්ම තියෙන්නේ දොස්තරලාටය...........ඒ නිසා වැඩි තැනින බෙහෙත් දීම පටන්ගමු............................
නවක වදය හා සම්බන්ධ කතිකාවේදී අන්තරය පිලිතුරු බඳින්නට උනන්දුවන්නේ ඇයි? නවක වදය නැවත්වීම සඳහා අන්තරය එකඟද?
DeleteAnonymousMay 19, 2016 at 10:51 AM @
Deleteරූපා රත්නසීලිගෙන් ආරම්භ වී සමන්ත වරප්‍රගාශ් ,අම්පාර හාඩි එකේ මැරුන ලමය ,මේ වගෙ සිසුන් මිය ගිය ඒවගෙ වගකීම බාර ගන්නෙ කවුද
නවක වධය නැති කිරීමෙන් උබලගෙ ශිෂ්‍ය ව්‍යාපාරයට වෙන හානිය මොකක්ද
තව දිගුවක් කලොත් ලෝක නිර්ධන පන්තියට වෙන හානිය මොකක්ද'
අද නවක වධය නැති කලොත් හෙට නිදහස් අධ්‍යාපනය නැති වෙනවද
මොකක්ද නවක වධයයි නිදහස් අධ්‍යාපනයයි අතර තියන සම්බන්ධෙ.
කරුනාකර මේ රටේ මිනිස්සු පංති පහේ මෝඩයො කියල හිතන්න එපා.
Delete71 කැරැල්ලට වචන උඩප්පරන් ගැහුවෙ " මේ වනවිට ඉන්දුනීසියාවෙත් මර්ධනය පටන් අරන් තිබුනෙ රත්නවේල් කිව්ව හඹාගොස් මර්ධනය කරන්න ඕන අපි කලේ ප්‍රතිප්‍රහාරයක් විතරයි" ඔය වගෙ කිව්වට ඩඩ්ලිගෙ ආන්ඩුව පෙරලන්නනෙ හිටියෙ. 89 දිත් ඉන්දියන් කෙහෙල්මලට නෙමෙයි 86 ඉදන්ම ආයුධ එකතුකලාලුනෙ ,යුධ පුහුනු කදවුරු කලාලුනෙ.( ධර්මන් විකරමරත්න රිවිර ලිපි කියවන්න )
රැග් එක ගැනත් බයිල කියන්න එපා.
බස් එකකට නැග්ග පිස්සු සංගමයක කෙනෙක්. බොරු අහිංසක කමකුත් ආරෝපනය කරගෙන කතාව පටන් ගත්ත.
අම්මෙ තාත්තෙ අයියෙ අක්කෙ මේ මොහොත වනවිටත් නිදහස් අධ්‍යාපනය අහෝසි කරන්න ලෝක බැංකුව පිඹුරුපත් සාදමින් ඉන්නෙ අරක මේක කියල. මුලු බස් එකම මුන්ට බැන්න. මුන් තමා රටම පිස්සු වට්ටන්නෙ කියල.
" මුන් තමා රටම පිස්සු වට්ටන්නෙ කියල හයියෙන් කෑ ගහල කීව වැඩිහිටිය මට මතකයි.'ඔහු ගැන ගෞරවයක් ඇති වුනා.මහජන විරෝධයත් එක්ක හෝ බස් එක අද්දන නිසා හෝ මුන් බැහැල ගියා.
නිදහස් අධ්‍යාපනය කියන කඩතුරාවට මුවාවෙලා කැම්පස් එක සයිබීරියාවක් කරගෙන පිස්සු කෙලින්නයි වෙලා ජීවිතවල අවුරුදු 4 ම මුන්ගෙ කලින් එවුන් කාල දැම්ම. මුන්ට ඕන මුන්ගෙ දේශපාලනය කරන්න ඉගෙන ගන්න නෙමෙයි..එක කාලයක් සිසුන්ගෙ නවක වධය තියන ලංකාවෙ කැම්පස් වල ශ්‍රේනිගත කිරීම් මේ තරම් පහල යන්නෙ අයි.
ඔබ ඔය කියනා නවකවදයක් ලංකාවේ විශ්ව විද්යාලය වල නැත/////// මෙයා කියන්නෙම සියඹලා ගෙනල්ලම නැහැ කියලා
Delete"ඔබ ඔය කියනා නවකවදයක් ලංකාවේ විශ්ව විද්යාලය වල නැත". සාධු සාධු සා....ධු
Delete//ඔය කියන අඩුපාඩු 10 හැමොටම තිබේ.......වැඩියෙන්ම තියෙන්නේ දොස්තරලාටය...........ඒ නිසා වැඩි තැනින බෙහෙත් දීම පටන්ගමු............................//
Deleteඋඩ ඇනෝගෙ නවකවදයට පක්ෂපාති සියළු ප්‍රලාප වලට විරුද්ධ වන නමුත් මෙන්න මේ ප්‍රකාශයට නම් සෑහෙන්න එකඟයි. රුවන් මහත්මයාත් තරමකට හරි ඒ කතාවට එකඟයි වගේ.
ඔය කියන අඩුපාඩු 10 හැමොටම තිබේ.......වැඩියෙන්ම තියෙන්නේ දොස්තරලාටය..////// දොස්තරලා කරන වැරදිත් මා විවේචනය කොට තිබේ. බ්ලොගයේ තිබෙන ලිපි බලන්න
Deleteඔබ ඉගෙනගත් යුක්‍රේන විශ්වවිද්යාලය ලෝක ශේනිගත කිරීම්වල ඇත්තේ කොතැනද.ඒකට හේතු මොනවාද
ReplyDeleteමා ඉගෙනගත් යූක්‍රයීනයේ විනිට්සා වෛද්‍ය පීඨය අපගේ කාලයේ මොස්කව් ස්ටේට් විශ්වවිද්‍යාල පද්දතියට අයත්. මොස්කව් ස්ටේට් විශ්වවිද්‍යාල ලෝක වර්ගීකරණය (2015) අනුව ලෝකයේ 108 ස්ථානයේය. http://www.topuniversities.com/node/4187/ranking-details/world-university-rankings/2014
Deleteදැන් මේ ඔයා ලින්ක් එක දීල තියෙන එකයි ඔයා ඉගෙන ගත්ත විශ්ව විද්යාලයයි අතර තියෙන සම්බන්දය මොකද්ද.මොස්කව් තියෙන්නේ යුක්‍රේන් වලද.
Deletehttp://www.4icu.org/reviews/4659.htm
Deleteවර්ල්ඩ් රෑන්ක් එක නමදාස් ගානක් වෙච්ච විශ්වවිද්යාලයක ඉගෙන ගෙන බොරු කියන එකට අදාල මොකුත් මානසික රෝගයක් එහෙම නැත්ද.
Deleteඔබගේ නූගත්භාවය ගැන දුකයි. මා අධ්‍යපනය ලැබුවේ 1986 -1993 සෝවියට් පාලන කාලයේය. එකල මා ඉගෙනගත් යූක්‍රයීනයේ විනිට්සා වෛද්‍ය පීඨය අපගේ කාලයේ මොස්කව් ස්ටේට් විශ්වවිද්‍යාල පද්දතියට අයත්. විය. ඔබ ඉතිහාසය නොදත් පුද්ගලයෙකු බව පෙනේ. වර්තමානයේ යූක්‍රයීනය වෙනම රටකි
Deleteමොස්කව් තියෙන්නේ යුක්‍රේන් වලද ??????? ඔබගේ නූගත්භාවය ගැන දුකයි. ඉතිහාසය හදාරන්න
Deleteඔබ කියන ඔබේ විනිට්ස්යා විශ්ව විද්යාලය ලොමොනොසොව් මොස්කව් විශ්ව විද්යාලය සමග කිසිම සම්බන්දයක් නැත.ඔබේ විනිට්ස්යා විශ්ව විද්යාලය ලෝක ශ්රේනිගත කිරීම් වල ඇත්තේ ඉතා පහලිනි.අටදහස් ගනන්පමන.ලන්කාවේ ඒවා එපමන පහල නැත. හැකිනම් මේ විශ්වවිද්යාල දෙක සම්භන්ද බව පෙන්නන්න.
Deleteසෝවියට් සමයේ එම විශ්ව විද්යාල ශ්රේනිගත කෙරුනේ නැත.
දැන් ඔබ කියන පරිදි මේ විශ්ව විද්යාල දෙක සෝවියට් සමයේ එකක් බවත් එය ලෝකයේ 108 බවත් සිතමු.එය 2016 වනවිට හත්දහස් ගනනක් පහලට වැටුනේ කෙසේද ? ඔවුනුත් රැග් කල නිසාද?
සෝවියට් දේශයේ තිබුණු ක්‍රමය මදක් වෙනස්ය. සෝවියට් දේශය තිබුණු සමයේ විශ්ව විද්‍යාල වර්ගීකරණයට එම විශ්ව විද්‍යාල ඉදිරිපත් කලේ නැත. නමුත් සමහර බටහිර රටවල ආයතන එම විශ්ව විද්‍යාල එකතු කල බව දනිමි. රුවන් මෙහිදී කියන්නේ ඇත්තකි. සෝවියට් දේශයේ තිබුනේ මධ්‍යගත ක්‍රමයකි. මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය වනාහි එක විශ්ව විද්‍යාලයක් නොව විශ්ව විද්‍යාල මණ්ඩප ගොන්නකි. මොස්කව් රාජ්‍ය විෂව විද්‍යාලයේ ලොමොනොසොව් මණ්ඩපය තිබුනේ මොස්කව් වලය. මා උගත් මොස්කව් විදුලිබල හා බලශක්ති විශ්ව විද්‍යාලයද මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ එකකි. එය මොස්කව් හි ඉතා උසස් තත්වයෙන් පිළිගත් විද්‍යාලයකි. එම පද්ධතියට නොයෙකුත් නගරවල සමාන රාජ්‍ය විශ්ව විද්‍යාල ගොඩ නැගු අතර ඒවා සියලල් පාලනය හා ඇකඩමික් පර්යේෂණ අතින් එකම තත්වයේ ලා සැලකුණි. විනිට්සා වෛද්‍ය විද්‍යාලයද එසේමය. මේ මෝඩ තර්කය ලංකාවේ වෛද්‍ය සංගමයද 1980 ගණන්වල ගෙනා අතර අප එයට විරුධ්ද්ව ඉදිරිපත් කල කරුණු ඔවුහු පිලි ගත්හ. මා 1987 රාජ්‍ය විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් වරයා වූ අතර මට කලින් සිටියේ ආචාර්ය කමල් තෙන්නකෝන්, ඉන්පසු සිවිල් ඉංජිනේරු උපාලි හේවගේය. මට පසුව සිටියේ ඉංජිනේරු අජිත් පියරත්න, ආචාර්ය ජගත් හඳුන්ගේ හා අවසන් වශයෙන් ආචාර්ය ටියුඩර් විරසින්හය. අප සියල්ල රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ සියලු ශ්‍රී ලංකික සිසුන්ගේ ප්‍රධාන ලේකම්වරුන්ය.
Deleteඋදාහරණයක් වශයෙන් මෙය බලන්න. අජටාකාශ ගාමින් පවා උගත් බෞමන් විශ්ව විද්‍යාලය ම උගත් විශ්ව විද්‍යාලය අසල පිහිටි එකකි. එයට කියන්නේ බෞමන් මොස්කව් ස්ටේට් ටෙක්නිකල් විශ්ව විද්‍යාලය කියාය.
http://www.msmu.ru/index.php/en/about-msmu/rankings-of-russian-universities
විනිට්සා හා අනිකුත් විශ්ව විද්‍යාල දැන් පහල වැටී ඇත්තේ යුක්රේන් වල තත්වය මතය. එය දුෂණයෙන් පිරි සිවිල් යුද්ධයක් පවතින රටකි. අධ්‍යාපනය හා පර්යේෂණව වලට මුදල් වෙන් කිරීම අවමය. බොහොමයක් පරණ සෝවියට් රටවල තත්වයද මෙයයි. පෝලන්තය , ලැට්වියාව , ලිතුවේනියාව , ලිත්වා යන රටවල් පමණක තත්වය සැහෙන්න උසස්ය. ලැට්වියාව , ලිතුවේනියාව , ලිත්වා රටවල් තුනේ විශ්ව විද්‍යාලද රාජ්‍ය විශ්ව විද්යලපද්ධතියට සම්බන්ධය.
Deleteනියමයි අජිත් නූගත් ඇනෝ ගේ මෝඩ තර්කයට ඔබ නිසි පිලිතුරක් දී තිබේ. ඒ නිසා මට මෙහිදී ලියන්නට කිසිවක් නැත. මොහු පාරවල් වල වේලෙමින් කැට හොල්ලමින් , නවක වද කරමින් කිසිම ස්කිල් ඩිවලප්මන්ට් එකක් නොමැතිව යන්න්තම් උපාධියක් ගහගත් අයෙක් බව පෙනේ. සෝවියට් දේශය පිලිබඳ ඉතිහාසය නොදත් මෙවැනි මුග්ධයන් ගැන දුකයි. මොහුට මම වර්තමානයේ අධ්‍යාපනය ලබන කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයට ගෙන්වාගෙන විශ්ව විද්යාල යනු කුමක්ද කියා පෙන්වා දිය හැකිනම් ?
Deleteවිශ්ව විද්යාල යනු ස්වාදීන ආයතනයි.ඒවා එකිනෙකට සම්බන්ද කරන්නේ සම්පත් මදිවූ විටය.BSC (Moratuwa),BSc (Kelaniya)ලෙස ඒවා නම් කරන්නේ වෙන වෙනමය.BSc (Sri Lanka) කියන්නේ නැත. එවිට අදාල විශ්ව විද්යාලයේ තත්වය නිවැරදිව ගනනය කලහැකිවිය
Deleteමෙහිදී සෝවියට් දේශය කලේ විවිද විශ්ව විද්යාල එකට එකතු කිරීමය. එය මගඩි වැඩකි.එවිට එම විශ්ව විද්යාලවල තත්වය සොයා ගැනීමට නොහැකි විය.මෙහිදී ඈත යුක්රේනයේ ඉගෙනගත් සිසුන්ටත් තමන් මොස්කව් වල ඉගෙන ගත්තා කියා ස්වයන් වින්දනයක් ලබාගත හැකිවුවත් නියම තත්වය එය නොවීය.
සෝවියට් දේශය බිද වැටුන පසු නියම තත්වය හෙලි විය.මව් විශ්ව විද්යාලය යම් තත්වයක තිබුනත් අනෙක්වා වැදගැම්මකට නැති බොරුය.විනිට්ස්යා විශ්වවිද්යාලයේ නියම තත්වය දැන් හෙලිවී තිබේ. එහි නියම වර්ගීකරනය 7000ටත් වැඩිය. කැලනිය 3000 ගනනකි.
ඔබ කල යුත්තේ මේ කටුක සත්ය පිලිගෙන ලන්කාවේ සිසුන්ට අපහාස කිරීම නැවැත්වීමය.
ඔබ ස්කිල් ඩිවලොප්මන්ට් ගැන කතාකල බැවින් එයටද පිලිතුරක් දියයුතුය.ලන්කාවේ දොස්තර කෙනෙකු ස්කිල් ඩිවලොප් කරගන්නවා යනු කන්සල්ටන්ට් කෙනෙකු බවට පත්වීමයි. ඔබ එවැන්නකු නොවේ.
Deleteලංකා විශ්ව විද්‍යාලය කියා පටන් ගත් විශ්ව විද්‍යාලයේ කොළඹ මණ්ඩපය හා පේරාදෙණිය මණ්ඩපය කියා දෙකක් තිබුණු අතර එකම විශ්ව විද්‍යාලය විය. ඒවා වෙන් කරන ලද්දේ පසුවය. ලනක්වේ ආණ්ඩුවට පාලනය කිරීමට පහසු වීම සඳහාය. සෝවියට් දේශය කල විශ්ව විද්‍යාල එකතු කිරීමක් නැත. ඔවුන් කලේ නව විශ්ව විද්‍යාල ඇති කිරීමය. ඔවුන් විශාල අති විශාල මුදල් ප්‍රමාණයක් අධ්‍යාපනයට හා පර්යේෂණ වලට වෙන් කර තිබුණි. බොහෝ සෝවියට් උපාධිධරයන් බටහිර මෙන්ම ලංකාවේද හොඳ රැකියා වල නිරතව සිටිති.
Deleteනාමිකව මෙන්ම නිර්නාමිකව ද දක්වා ඇති විවිධ අදහස් වලටද ගරුකරමින් පහත මගේ අදහස දක්වමි.
Deleteවෛද්‍ය රුවන් යනු ලංකාවේ ක්‍රමයට ම කොටුවූ කොන්සල්ටන්ට් කෙනෙකු වීමේ අවසාන අරමුණ හඹා ගිය අයෙකු යයි අයෙකු යයි මම නොසිතමි. ඔහු ඊට එහා ගිය වෛද්‍ය පර්යේෂකයෙකි. මම ඔහු ගැන පුද්ගලිකව නොදන්නා නමුත් වෛද්‍ය ක්ෂේස්ත්‍රය තුල පර්යේෂණවල දී අපේ රටේ නම අන්තරජාතික තලයට ගෙනයාමට ඔහු කටයුතු කර ඇති බව ඔහුගේ ප්‍රකාශන අධ්‍යනයෙන් පෙනේ.
ලංකාවේ දොස්තර කෙනෙකුගේ කැරියර් ඩිවලොප් කරගැනීම යනු දිගු චැනල් පෝලිමක රෝගීන් ගෙන්නා ගෙන මුදල් උපයා ගැනීම යයි කෙනෙකු තර්ක කලද මම පුදුම නොවෙමි. ඒ ඔවුන්ගේ දැක්මේ දිග පළලයි.
මගේ දැනුමේ තරමින් අදටද චීන විද්‍යා ඇකඩමියට සහ ජර්මනියේ මැක්ස් ප්ලාන්ක් සංගමයට අයත් ආයතන වල උපාධි සහ පශ්චාත්උපාධි ප්‍රදානය කරන්නේ ද එම මවු ඇකඩමිය හෝ සංගමයේ නමින් මිස ආයතනය අයත් විශ්වවිද්‍යාලයේ නමින් නොවේ. එම ඇකඩමි/සංගම් වලට එසේ උපාධි ප්‍රදානය කිරීමේ බලය නීත්‍යනුකුලව පවරා ඇත. උපාධි ප්‍රධානයේදී කියවන වාක්‍ය අනුව නම් එම ආයතන වලින් උපාධිය ලැබුවෙක් ලෙස පෙනීසිටීමේ සියලු හිමිකම් සහ වගකීම් උපාධි ප්‍රධානයෙදී අදාළ විද්යාර්ථයාට පිරිනමයි.
අනෙක් අතට ගත්කල, විශ්විද්‍යාල ප්‍රවේශය සමතුන්ගෙන් අපි 5 වසර ශිෂ්‍යත්වය සමත් දැයි නොඅසමු. වෛද්‍ය රුවන් ඔහුගේ මුලික උපාධිය පසු කර වෛද්‍ය ක්ෂේස්ත්රයේ ඉහලම උපාධිය ද ලබාගෙන අවසන්ය. ඔහුගේ මුලික උපාධිය ලැබූ විශ්වවිද්‍යාලයේ ව්‍යුහය ගැන තර්ක කරමින් සිටිනවා හැරෙන්නට වර්තමානයේ ඔහු සේවය කරමින් සිටින කැනඩාවේ යෝක් විශ්විද්‍යාලයේ ශ්‍රේණිගත කිරීම ගැන ඔබලා ඔහුගෙන් නොඅසන්නේ ඇයි ?
මා සිතන්නේ මේ වරද ශ්‍රීලංකාවේ බොහෝ විශ්වවිද්‍යාල ද කරන බවයි. ඉහල ජර්නල වල පත්‍රිකා ප්‍රසිද්ධ කර ඇති පේටන්ට් බලපත්‍ර ද ඇති පර්යේෂකයන් ලංකාවේ විශ්විද්‍යාල වල දරුවන්ට ඔවුන්ගේ දැනුම දීමට එන විට ලංකාවේ දී සොයන්නේ මුලික උපාධියේ ප්‍රථම පෙළ සමාර්ථය මිස ඔවුන්ගේ පශ්චාත් උපාධි පත්‍රිකා හෝ පේටන්ට් නොවේ. අධ්‍යාපනය යනු ප්‍රශ්නපත්‍ර වලට උත්තර ලිවීම පමණක් නොව පර්යේෂණ තාක්ෂණය හා දර්ශනය ද ඇතුලත් විෂයක් බව අමතක නොකරන මෙන් සුහදව මතක් කරමි.
පේරාදෙනි කොලඹ කතාව අයිති අතීතයටය.ඒ කාලයේ විශ්ව විද්යාල වලට ප්රමිතිගත ශ්රේනිගත කිරීමක් නොවීය.ඒ කාලයේ විශ්ව විද්යාල යනුම ප්රමිතිගත ආයතනම වූ නිසා එවැනිශ්රේනිගත කිරීමක් අවශ්ය නොවීය. පසුව නොයෙක් අඩු ප්රමිතියකින් යුතු ආයතන බිහිවීම නිසා එවැනි නිර්නායක අවශ්ය විය. සෝවියට් දේශයේ අලුතෙන් බිහිකල ගනනාවක් විශ්ව විද්යාල එවැනි අඩු ප්රමිතිගත ඒවාය. චීනයද සමහර අවස්තාවල සෝවියට් ක්රමය අනුගමනය කර ඇති අතර ජර්මනිය ගැන මම නොදනිමි.
Deleteසෝවියට් උපාදිදාරීන් ලන්කාවේ මෙන්ම නොයෙක් රටවල සේවය කරන බව ඇත්තකි.නමුත් ඔබ ඇත්ත තත්වය කිව යුතුය.ලන්කාවේ රෝහල් සේවකයන් පොදුවේ පිලිගන්නා දෙයක් නම් ඔවුන්ගේ උපාදිය කොලිටි නැති බවය.ඔවුන්ව හදුන්වන්නේ ෆොරිනන් යනුවෙනි..
රුවන් ලබාගත් ඉහලම උපාදියක් නැත.ඩිප්ලෝමා හෝ සටිෆිකේට් යනු උපාදිනොවේ.
ඔහු කැනඩාවේ සේවය කරනවාද ඉගෙන ගන්නවාද යන්න මම නොදනිමි.නමුත් ඔහු කැනඩාවේ දොස්තර කෙනෙකු නොවේ.
රුවන් ට කන්සල්ටන්ට් කෙනෙක් වීමට නොහැකිවීම මට ප්රශ්නයක් නොවේ.ඔහු ස්කිල් ඩිවලොප්මන්ට් කතා කියමින් මට අපහාසකලබැවින් ඔහුට ඔහුගේ තරම මතක් කලා පමනි
AnonymousMay 20, 2016 at 9:28 AM ලන්කාවේ දොස්තර කෙනෙකු ස්කිල් ඩිවලොප් කරගන්නවා යනු කන්සල්ටන්ට් කෙනෙකු බවට පත්වීමයි. ඔබ එවැන්නකු නොවේ./////////////////////// කන්සල්ටන්ට් කෙනෙක් යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? වසරක් දෙකක් පමණ එංලන්තයේ හෝ ඔසී ගොස් පිටරට රෝහලක සේවය කොට විශේසඥ යන නාමය සෞඛ්‍යය අමාත්‍යංශයෙන් ලැබ ටයි එකක් පැලඳ තඩි අලුත් කාර් එකකින් ආසිරි රෝහලට ගොස් ලෙඩුන් බැලීමද ? එය ඔබගේ හීනමාන සිහිනය මෙන්ම ඔබගේ අන්තර්ජාතික ලෝකය ගැන කිසිවක් නොදත් ලිං මැඩි මානසිකත්වය පෙන්වයි. අන්තර්ජාතික ලෝකයේ කන්සල්ටන්ට් යනු කවරෙක්ද ? මට කන්සල්ටන්ට් වීමට අවශ්‍ය නැත. මම සෝවියට් දේශයේ මෙන්ම උතුරු ඇමරිකාවේ විශ්ව විද්‍යාල දෙකක මෙන්ම එංගලන්තයේ බාන්ස්ලි විද්‍යාලයේ ද අධ්‍යාපනය ලැබ තිබේ. සෝවියට් දේශයේ ලැබූ අධ්‍යාපනය විසින් නවක වද පරපීඩා වද වලින් තොරව මාව නිර්මානය කරන ලදි. එම නිසා ඔබට සෝවියට් දේශයේ අධ්‍යාපනයට අපහාස කල නොහැක. එය කක්කුස්සිකාරයෙකු හඳේ ගොම ගෑමට තැත් කිරීම වැනි ක්‍රියාවකි. මම ලෝකයේ ප්‍රධාන පෙලේ මහාචාර්‍යවරුන් සමග පරියේෂන පත්‍රිකා පල කොට තිබේ. ඔවුන් අතරින් මහාචාර්‍ය දයා සෝමසුන්ඳරම් (ලංකාව) මහාචාර්‍ය. Laurent Karila (ප්‍රංශය) මහාචාර්‍ය Amy Wachholtz, (ඇමරිකාව) අාචාර්‍ය Monday Igwe..(නයිජීරියාව ) ප්‍රධානය. එසේම 2015 වසරේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය විසින් පල කල Global Mental Health පොතේ එක් පරිච්චේදයක් ලියන ලද්දේ ලංකාවේ වෛද්‍යවරු දෙදෙනෙකි. ඉන් එක් අයෙක් මාය. මගේ පරියේෂන පත්‍රිකා කෙන්ටකි විශ්ව විද්‍යාලයේ , ඉශ්‍රායල් විවි වෙබ් අඩවි වල ඔබට (භාෂා හැකියාව තිබේ නම් ) කියවිය හැක. එසේම ඇමරිකානු යුද හමුදාව විසින් PTSD පිලිබඳ මගේ පත්‍රිකාවක් පල කොට තිබේ. මා විසින් ලියන ලද ඉංග්‍රීසි පොත් 3 කට පෙරවදන් ලියා ඇත්තේ ලෝකයේ ප්‍රමුක පෙලේ මනෝ විද්වතුන් වෙති. {Shell Shock – Professor Richard Lalonde (York University Canada) / Psychological Aspects of Jathaka Stories Dr. Rolf Gainer, PhD, ABDA CEO, Brookhaven Hospital (USA) / Between Literature and Psychology- Professor Mary Seeman (University of Toronto) . ඔබ වැනි ලිං මැඩි මානසිකත්ව හාල් කෑල්ලක් ඉදිරියේ මම නිකමෙක් වීම ගැන මම පුදුම නොවෙමි. නිවටයෙකුගේ ලෝකයේ වීරයන් නැත. ඔහුට අනුව සෑම මිනිසෙකුම නිවටයෙකි. ඒ මන්ද යත් ඔහු නිවටයෙකු නිසාය
Deleteඔබට හෝ ඔබගේ රුසියානු ඉගෙනීමට අපහාස කිරීමට මට අවශ්ය නැත.ලන්කාවේ සරසවි සිසුන්ට නොයෙක් ලෙඩ ආදේශ කරමින් අපහාස කලේ ඔබය.මා කැට සෙලවූ නිකමෙකු කියා අපහාස කලේ ඔබය.මා කලේ ලන්කාවේ සරසවි පහල මට්ටමේ පවතින බව කියන ඔබ ඉගෙන ගත් විශ්ව විද්යාලය ලන්කාවේ ඒවාටත් වඩා පහල මට්ටමේ පවතින බව පෙන්නා දීමය.
Deleteස්කිල් ඩිවලොප්මෙන්ට් ගැන කීවේ මම නොවේ ඔබය.මා කීවේ ඔබ ඇකඩමික් ආකාරයට ස්කිල් ඩිවලොප්මන්ට් කරගෙන නැති බවය.කන්සල්ටන්ට් යනු ඔබ කියන ආකාරයට රට ගිහින් ඒම නොවේ.මා දන්නා ආකාරයට ලන්කාවේ විභාග කිහිපයක් කල යුතුය.
ඔබෙ සී වී එක හෝ දොස්තර වරු ලැයිස්තුවක් පල කිරීමෙන් මූලික ප්රශ්නය මගහැරිය නොහැක.මූලික ප්රශ්නය වූයේ ඔබ ඉගෙන ගත් විශ්ව විද්යාලය ලන්කාවටත් වඩා පහල මට්ටමේ තිබියදී ඔබ ලන්කාවේ ඒවාට අපහාස කරන්නේ ඇයි කියායි.
මානසික රෝග නිශ්චය සන්කීර්න භාරදූර වගකීම් සහිත කටයුත්තකි.නැතුව ඔබ කරනවා වැනි රැග් කරනවා කියපු ගමන් මූට පරපීඩා කාමුකත්වය කියා ස්පොට් ඩයග්නෝසීස් දීම නොවේ.රැග් කිරීම ඊට අමතරව මෙඩිකල් සෝසියොලොජි යටතටද ගැනේ.
රැග් පරපීඩා ගැන කතා කරන ඔබ භාවිතා කරන වචන බලන්න
//නූගත් ඇනෝ ගේ මෝඩ තර්කයට//මොහු පාරවල් වල වේලෙමින් කැට හොල්ලමින්//යන්න්තම් උපාධියක් ගහගත් අයෙක්//මෙවැනි මුග්ධයන්// ඔබගේ හීනමාන සිහිනය//ඔබ වැනි ලිං මැඩි මානසිකත්ව හාල් කෑල්ලක්//නිවටයෙකුගේ//
පරපීඩා යනු මේවාය. මම ඔබ ට එලෙස අමතා නැත.
පිලිතුරු කොමෙන්ට් මැකීමට එක හේතුවක් ලෙස දූපත් මානසිකත්වය නිසා ඇතිවන ඉන්සෙකියුරිටි බව ගත හැක
ලංකාවේ රැග් කරන්නේ අන්තරය හෝ එයට සම්බන්ධ සිසුන් යැයි කීමට සාක්ෂි නැතැයි සිතමි. අන්තරය කිසියම් ප්‍රමාණයකට රැග් කිරීම ඉවසා සිටිනවා යයි මා සිතමි. එයට හේතුව සමහර විට වැඩිහිටි සිසුන් අතර ජනපියත්වය පවත්වා ගැනීම විය හැක. බොහෝවිට ඔවුන් රග කිරීමට ප්‍රසිද්ධියේ විරුද්ධ වුණා නම් හොඳය. කවියක් සින්දුවක් කීමට බල කිරීම ලොකු රැගක් නොවේ.
ReplyDeleteසම්පූර්න වැරදි මතයක්. නවක වධයට විරුද්ධපනත ශිෂ්‍ය මර්ධනයක් කියල ඔය කඩප්පුලියො පෝස්ටර් ව්‍යාපාරයක් කලා.
Deleteනවක වධය නිසා සිසුවෙක් මලා කියමු. ඒකට වරදකාර ජේෂ්ට උත්තමයො අත් අඩංගුවට ගත්ත කියමු. කවුද පාරට බහින්නෙ. මෙන්න ලෝක බැංකුව නිදහස් අධ්‍යාපනය නැති කරන්න කුමන්ත්‍රනය කරනෝ කියල.
ඒ වගේම නවක සිසුන් ඔක්කොම පාරට බස්සනව අපි රැග් එකට කැමතියි කියල.
මුන් වචන උඩප්පරන් ගහනව හැමදාම .
මෙන්නෝ ලාංකීය පිස්සු ව්‍යාපාරය මර්ධනය කරනෝ කියල. ආන්ඩුව ලෝක බැංකුව එක්ක එකතුවෙලා පිස්සු සංගම් මර්ධනය කරනවය කියල.
සිසුන් මොන වරද කලත් සමාවක් තියනවය කියන උපකල්පනයයි හේතුව.
නවක වධය නිසා සිසුවෙක් මලා කියමු. ඒකට වරදකාර ජේෂ්ට උත්තමයො අත් අඩංගුවට ගත්ත කියමු. කවුද පාරට බහින්නෙ////// a good argument
Deleteනවක වදය ගැන මගේ අදහස් මදක් වෙනස් ය. අන්තරයයේ නායකයන් එයට අනුබල නොදුන්නත් විශ්ව විද්‍යාල වල සමගිය රැකීමට ඔවුන් නිහඬව සිටින බවක් මට සිතේ.
DeleteThanks Doctor for bringing up this subject again. As I commented elsewhere - in Yaka's blog- we need to put in place a concrete program to make sure this issue is effectively addressed and those who are eager to profit from this unacceptable practice such as the two ano commenters above possibly- are kept under control. Otherwise these discussions just remain discussions and those who are doing and enjoy this happily watch it fade away so that the stage is left in shade for them to come back and engage in illegal activities. One would be to strengthen the new comers to campuses to disobey the orders such as not wearing denim trousers and jeans and to encourage them to wear them. And also to make them aware that they do not need and have no obligation to be molested by anyone and to stand up against it. Unfortunately I have not seen the emergence of any such concrete measures or a trend in the cyber space other than the criticisms from every one. Reminds me of the ice bucket challenge which picked on a lot of support and was an effective campaign. We should create some sort of a campaign of the sort in view of strengthening all in their concsiousness of their own rights which is having some endurance. Looking at the tremendous support we had against this practice in the cyberspace- and which is true in the common society as well- this should have the ability of success. Someone should just kick it go.
ReplyDeleteSir I agree with you
DeleteThis is because despite all criticisms and legal procedures against this practice at ground level it is still very much active. Still how many first graders are not wearing trousers and in the campuses due to fear of these practices? All of them. So what's the point of all the discussions if the target group is still molested? This is the problem.
ReplyDelete+++++++++
Deleteඔන්න ඔහෙ නවක වදය දී ගන්න කියන්න ඔයතරම් වැදගත් සම්භාව්‍ය ප්‍රගතිශීලී ප්‍රතිබාවපූර්ණ අත්‍යවශ්‍ය එකක්නම් ඒ ගොල්ලන්න්ට. හැබැයි ඒකට කැමති නැති කෙනෙක් පැමිණිලි කලාම උසාවි යන්න ලෑස්තිවෙලා කෙඳිරි ගල අඬල සමාඅජය වැරදියි ආණ්ඩුව වැරදියි පරිපාලනය වැරදියි පොලව ඇදයි අරක මේක නොකියා. නිර්භීතව සීනියර්ස්ලා විදිහට ජූනියර්ස්ලා වධයට ලක් කරනවා නම් නිර්භීත්ව රිමාන්ඩ් එකටත් ගියෑකිනෙ
ReplyDelete++++++ exactly right.
Delete+++++
Deleteමේක කියවන කාටත් අධ්‍යාපනික වැදගත් කමක් සහිත ලිපියක්.
ReplyDeleteලංකාවේ රැග නැහැයි කියන්න තැත් දරන රැග් වාදීන් හිතන් ඉන්නේ විශ්ව විද්යාල තුල කරක් නොගහන අපි ලංකාවේ විශ්ව විද්යාල තුල සිදු වන්නේ මොකක්දැයි නොදන්නා බවයි. ඒකෙන්ම එවන් මත දක්වන උන්ගේ අඳ බාල කම වැටහෙනවා.
කෙසේ වෙතත් වෛද්‍ය රුවන් ජයතුංග මහතා මේ ප්‍රශ්ණය ගැන දිගින් දිගටම කතා කරමින් එය සාකච්චාවට භාජනය කිරීම ඉතාම වැදගත්. මෙය රටේ සමස්ත උගතුන් බුද්ධිමතුන් විසින් කල යුත්තක්. බරපතල ලෙස සමාජ කතිකාවට භාජනය කර රැග් කරන්නන් උන්මත්තකයන් බව සමාජ තහවුරුවක් ඇතිවන තුරු කල යුත්තක්.
කලකට පෙර පොර වීමට දුම් බිව් එකා අද වනවිට ගහක් පිටුපස හැංගී එය කරන තැනට සමාජය පත් වූයේ මෙවන් වූ සමාජ කතිකාවතක් හරහාමයි. එය කල හැක්කක්. ඒ වෙනුවෙන් ඔබේ උත්සහය අගය කල යුතු කර්තව්‍යයක්.
රුවන් ජයතුංග මහතා කතා කරනව කියන්නෙ අපි කතා කරනව වගෙ නෙමෙයි. ඒ වචන වලට බලයක් තියනව.වධකයන්ගෙ හෙලුව සමාජයට අවබෝධ වෙනව. වධකයො විතරක් නෙමෙයි වධක යන්ගෙ ආරක්ෂකයන් වන ලාංකීය පිස්සු ව්‍යාපාරයත් සලිත වෙනව.
Deleteමට තියෙන ප්‍රශ්නෙ ඇයි මේ වධකයන්ට දඩුවම් නොදෙන්නෙ කියනෙක. අම්පාර හාඩි එකේ සිසුව මැරුන, වරප්‍රගාෂ් මැරුන, කලකට පෙර රූපා රත්නසීලි ආබාධිත වෙලා රෝද පුටුවට ම වුනා.ඒ යෝනියට ඉටිපන්දම් ගහන්න ගිහින්. දහසක් බලාපොරොත්තු තියාගෙන් කැම්පස් ඇවිත් ආබාධිත වෙලා මෑතකදි සිය දිවිනසාගත්ත. මේවට ඇයි නීතිය ක්‍රියාත්මක නොවුනෙ. මේවට විරුද්ධ වෙනකොට ශිෂ්‍ය මර්ධනය කියල පාරට බහිනව මේකයි අවුල.
ReplyDeleteමුන්ට ඉතාම දැඩි දඩුවම් දුන්නනම් ප්‍රශ්නෙ ඉවරයි. මෙවරත් ඩෙනිමක් ඇදගත්තට ඊට වඩා දරුනු සිද්ධියක් වෙලා තියනව නේද අර සබරගමුවෙ කේස් එක.
ඇයි මේ අයට විරුද්ධව මිනීමැරුම් චෝදනා එල්ල නොකරන්නෙ.
මානසික රෝගීන්ට මහා විප්ලවවාදීන් කියල මල් පූජ කරනවට වඩා ඔවුන්ගෙ මනෝ විශ්ලේශනයක් කරන එක වටිනව. මුන් සමාජයෙ යම් ප්‍රතිශතයක් පිස්සු වට්ටන්න හැකියාවත් අධ්‍යනය කල යුතුයි.
Deleteලංකාවේ විශ්ව විද්‍යාල වල රෑන්ක් පහල යාම රැග් නිසා වෙනවා යයි කීම අතිශෝක්තියකි. ඊටත් වඩා නොමඟ යැවීමකි.
ReplyDeleteලෝකයේ භාවිතයේ තිබෙන ප්‍රධාන indexing system වල ලංකාවේ වි.වි. index නොවේ. index වීම සඳහා අවශ්‍ය මූලික පර්යේශන ප්‍රමානය වත් සිදු නොවේ.
අනිත් අතට පර්යේශන හා සංවර්ධන (R & D) වැඩ සඳහා (ඇත්තෙන්ම වි.වි. වල රැන්ක් අඩු වැඩි වීම පිනිස බලපාන්නේ ඒවායේ වන පර්යේශන ප්‍රමානයයි. රැග් තිබෙනවාද නැද්ද යන්න ප්‍රධාන නිර්නායකයක් නොවේ. ) දල ජාතික නිශ්පාධිතයෙන් 0.02% වඩා අඩුවෙන් වියදම් කරන රටක විශ්ව විද්‍යාල රෑන්ක් ඉහල යවන්නට කතා කිරීම විහිලුවකි. මෙසේ කීමෙන් ආචාර්ය මන්ඩලයට ශේප් විය හැකි බව නොකියවේ. නිසි එකක් නැතිවීමේ වගකීමෙන් වැඩි කොටසක් අචාර්ය මන්ඩලය සතුය. නමුත් මේ දැන් සෙමෙන් වෙනස් වෙමින් පවතී.
පර්යේශන ගැන කියද්දී අතුරු කතාවක්. මාලින්ද සෙනෙවිරත්න කියන පරිදි එක් වතාවක් ආචාර්ය කුමාර කලුආරච්චි විසින් මහාචාර්ය කාලෝ ෆොන්සේකාට අභියෝග කලේ 1967 න් පසු මහාචාර්යතුමා විසින් පිලිගත් ඉහල පිලිගැනීමක් සහිත academic journalක පලකල එක් පර්යේශන පත්‍රිකාවක් නම් කරන ලෙස ඉල්ලමිනි.
රැග් ගැන් කියන්නේ ඇත්තේ මේ වන විට රැග් විද්‍යා, වෛද්‍ය, ඉංජිනේරු යන පීඨ වලින් ඉවත්ව යන බවයි.
අනිත් බොහෝ තැනක තිබුනත් එය ශාරීරික වධ තත්වයට නැත.
එය තුරන් කරන්න මම දකින ප්‍රධාන බාධකයක් නම් රැග් බහුල උපාධි පාඨමාලා බොහෝ ප්‍රමානයක් සිසුන්ට දීප්තිමත් රැකියා අවස්ථා ලබා නොදෙන උපාධි පාඨමාලා වීමය. අනාගතය ගැන බලාපොරොත්තු අඩු අය පාඩම් ගැන උද්‍යෝගීමත් කිරීම අසීරුය.
වි.වි. නොවන ඩිප්ලෝමා පාඨමාලා තිබෙන තැන වල රැග් බොහෝ දරුනු බව නම් මම අසා ඇත.
මම රැග් යම් තරමකට විඳ ඇත. මම රැග් කර නැත.
correction
Deleteනිසි research culture එකක් නැතිවීමේ වගකීමෙන් වැඩි කොටසක් අචාර්ය මන්ඩලය සතුය.
ඇයි ඉතින් ඔය rag දෙන අය්යල බැරිද ආචාර්ය මණ්ඩලයටත් rag එකක් දීල ඒගොල්ලන්ව හදා ගන්න.
Deletethis is reality.
Delete@Anonymous
Deleteආචාර්ය මන්ඩලය තබා තමන්වත් හදා ගන්න රැග් වලින් නොහැක.
ලංකාවේ විශ්ව විද්‍යාල වල රෑන්ක් පහල යාම රැග් නිසා වෙනවා යයි කීම අතිශෝක්තියකි. ඊටත් වඩා නොමඟ යැවීමකි.///////// නවක වදයේ එක් අංගයක් නම් පුස්ථකාල භාවිත නොකරවීම, ආචාර්‍ය මණ්ඩලය සමග අධ්‍යාපන ගනුදෙනු තබා නොගැනීමයි . මේ දේවල් මගින් අධ්‍යාපන කොලිටි එක වර්ධනය වෙනවද ?
ReplyDeleteරැග් නිසා කිසිසේත් කොලිටිය ඉහල නොයයි. නමුත් ශ්‍රී ලංකාවේ වි.වි. ලෝක ශේනිගතකිරීම වල බොහෝ පහලින් සිටින්නේ හෝ ඒවායේ නැත්තේ රැග් හේතුවෙන්ය කීම අතිශෝක්තියකි.
Deleteමම හිතන විදිහට ඔබ සියල රෝගවලට මුල රැග් යයි සිතයි. මටනම් රැග් යනු තිබෙන රෝග නිසා හටගත් තවත් රෝගයකි.
රුවන් ජයතුන්ග මූලික උපාදිය ලබාගෙන ඇති යුක්‍රේනයේ විනිට්ස්යා විශ්ව විද්යාලය ලෝක ශ්‍රේනිගත කිරීම්වල පවතින්නේ ලන්කාවට වඩා ඉතා පහලිනි.
Deleteඔබගේ නූගත්භාවය ගැන දුකයි. මා අධ්‍යපනය ලැබුවේ 1986 -1993 සෝවියට් පාලන කාලයේය. එකල මා ඉගෙනගත් යූක්‍රයීනයේ විනිට්සා වෛද්‍ය පීඨය අපගේ කාලයේ මොස්කව් ස්ටේට් විශ්වවිද්‍යාල පද්දතියට අයත්. විය. ඔබ ඉතිහාසය නොදත් පුද්ගලයෙකු බව පෙනේ. වර්තමානයේ යූක්‍රයීනය වෙනම රටකි . මා ඉගෙනගත් යූක්‍රයීනයේ විනිට්සා වෛද්‍ය පීඨය අපගේ කාලයේ මොස්කව් ස්ටේට් විශ්වවිද්‍යාල පද්දතියට අයත්. මොස්කව් ස්ටේට් විශ්වවිද්‍යාල ලෝක වර්ගීකරණය (2015) අනුව ලෝකයේ 108 ස්ථානයේය. http://www.topuniversities.com/node/4187/ranking-details/world-university-rankings/2014
Deleteඔබ කියන ඔබේ විනිට්ස්යා විශ්ව විද්යාලය ලොමොනොසොව් මොස්කව් විශ්ව විද්යාලය සමග කිසිම සම්බන්දයක් නැත.ඔබේ විනිට්ස්යා විශ්ව විද්යාලය ලෝක ශ්රේනිගත කිරීම් වල ඇත්තේ ඉතා පහලිනි.අටදහස් ගනන්පමන.ලන්කාවේ ඒවා එපමන පහල නැත. හැකිනම් මේ විශ්වවිද්යාල දෙක සම්භන්ද බව පෙන්නන්න.
Deleteසෝවියට් සමයේ එම විශ්ව විද්යාල ශ්රේනිගත කෙරුනේ නැත.
දැන් ඔබ කියන පරිදි මේ විශ්ව විද්යාල දෙක සෝවියට් සමයේ එකක් බවත් එය ලෝකයේ 108 බවත් සිතමු.එය 2016 වනවිට හත්දහස් ගනනක් පහලට වැටුනේ කෙසේද ? ඔවුනුත් රැග් කල නිසාද?
හඳ පෙන්නුවහම ඇඟිල්ලේ ඇදේ ගැන කථා කිරීම.
Deleteමම සෝවියට් දේශයේ මෙන්ම උතුරු ඇමරිකාවේ විශ්ව විද්‍යාල දෙකක මෙන්ම එංගලන්තයේ බාන්ස්ලි විද්‍යාලයේ ද අධ්‍යාපනය ලැබ තිබේ. සෝවියට් දේශයේ ලැබූ අධ්‍යාපනය විසින් නවක වද පරපීඩා වද වලින් තොරව මාව නිර්මානය කරන ලදි. එම නිසා ඔබට සෝවියට් දේශයේ අධ්‍යාපනයට අපහාස කල නොහැක. එය කක්කුස්සිකාරයෙකු හඳේ ගොම ගෑමට තැත් කිරීම වැනි ක්‍රියාවකි. මම ලෝකයේ ප්‍රධාන පෙලේ මහාචාර්‍යවරුන් සමග පරියේෂන පත්‍රිකා පල කොට තිබේ. ඔවුන් අතරින් මහාචාර්‍ය දයා සෝමසුන්ඳරම් (ලංකාව) මහාචාර්‍ය. Laurent Karila (ප්‍රංශය) මහාචාර්‍ය Amy Wachholtz, (ඇමරිකාව) අාචාර්‍ය Monday Igwe..(නයිජීරියාව ) ප්‍රධානය. එසේම 2015 වසරේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය විසින් පල කල Global Mental Health පොතේ එක් පරිච්චේදයක් ලියන ලද්දේ ලංකාවේ වෛද්‍යවරු දෙදෙනෙකි. ඉන් එක් අයෙක් මාය. මගේ පරියේෂන පත්‍රිකා කෙන්ටකි විශ්ව විද්‍යාලයේ , ඉශ්‍රායල් විවි වෙබ් අඩවි වල ඔබට (භාෂා හැකියාව තිබේ නම් ) කියවිය හැක. එසේම ඇමරිකානු යුද හමුදාව විසින් PTSD පිලිබඳ මගේ පත්‍රිකාවක් පල කොට තිබේ. මා විසින් ලියන ලද ඉංග්‍රීසි පොත් 3 කට පෙරවදන් ලියා ඇත්තේ ලෝකයේ ප්‍රමුක පෙලේ මනෝ විද්වතුන් වෙති. {Shell Shock – Professor Richard Lalonde (York University Canada) / Psychological Aspects of Jathaka Stories Dr. Rolf Gainer, PhD, ABDA CEO, Brookhaven Hospital (USA) / Between Literature and Psychology- Professor Mary Seeman (University of Toronto) . ඔබ වැනි ලිං මැඩි මානසිකත්ව හාල් කෑල්ලක් ඉදිරියේ මම නිකමෙක් වීම ගැන මම පුදුම නොවෙමි. නිවටයෙකුගේ ලෝකයේ වීරයන් නැත. ඔහුට අනුව සෑම මිනිසෙකුම නිවටයෙකි. ඒ මන්ද යත් ඔහු නිවටයෙකු නිසාය
Deleteතවත් දෙයක් තමයි freshersලට ඉංග්‍රීසියෙන් කතා කිරීමත්, lecture එකේදී ප්‍රශ්න ඇසීම හා lecturersල එක්ක ඉංග්‍රීසියෙන් කතා කිරීම තහනම් කරන එක. එහෙම කරන අය note කරලා seniorsලට කේලම් කියන්න batch එකේ සමහර කොල්ලන්ව ලෑස්ති කරගන්නවා. ඊට පස්සේ batch එකේ ඉන්න හීන මානෙ තියෙන උන් එකතු වෙලා ඒක continue කරනවා ඉතුරු අවුරුදු 3-4 පුරාම. ඉතින් කොහොමද research කිරීම කෙසේ වෙතත් කරලා තියෙන research එකක් හරි කියවල critical thinking and analysis දියුණු කරගන්නේ.
ReplyDeleteRuwan මේක ගැන දිගටම කතා කරන එක හොඳයි. තාමත් මෝඩයෝ ඉන්නවා මේ රැග මහා ලොකු beneficial දෙයක් කියල පෙන්නන්න දඟලන.
athha
Deleteරැග් නිසා කිසිසේත් කොලිටිය ඉහල නොයයි. නමුත් ශ්‍රී ලංකාවේ වි.වි. ලෝක ශේනිගතකිරීම වල බොහෝ පහලින් සිටින්නේ හෝ ඒවායේ නැත්තේ රැග් හේතුවෙන්ය කීම විහිලුවකි.
Deleteඋදාහරනයක් ලෙස ඉහල ශ්‍රේනිගත කිරීම් සහිත බොහෝ වි.වි. research university කොට්ඨාශයට වැටෙන ඒවා වන අතර පර්යේෂන ලෙස ප්‍රධාන වශයෙන් ගැනෙන්නේ ආචාර්ය උපාධි මට්ටමේ පර්යේෂන මිස මූලික් උපාධි මට්ටමේ පර්යේෂන නොවේ.
කලින් කියූ පරිදි ලංකාවේ බොහෝ තැන් වල research culture නැත. තිබෙන ප්‍රතිපත්ති අනුව එය හැදීමට ආණ්ඩුවට හෝ UGC හෝ වෙනත් පරිපාලනයකට ලොකු උනන්දුවක් තිබෙන පාටක්ද නැත. තිබෙන උනන්දුවද නිසි ඉලක්කයකට යන එකද සැක සහිතය.
එසේම අනාගතය ගැන ලොකු බලාපොරොත්තු නැති එලියට ගිය පසු විශ්‍රාම වැටුප් සහිත රජයේ පොඩි පඩි සහිත රැකියාවක් ලොකුම බලාපොරොත්තුව වන ශිෂ්‍ය පිරිසක් කිසිම දෙයක් ගැන උද්‍යොගීමත් වීමත් එක අතකට විහිලුවක්.
රැග් කරන එවුන්ට කලින් බෙහෙත් දෙන්ට වෙලා තියෙන්නෙ මට පේන්නෙ රැග් එකෙන් අරක වර්දනය වෙනවා මේක ශක්තිමත් වෙනවයි කියල රැග් එක උඩ දමන එවුන්ට...
ReplyDeleteරැග් එක උඩ දමන එවුංගෙ ජනප්‍රිය තර්කයක්නෙ ඉතිං මොකක්ද රැග් එකට විසඳුම කියල අහන එක...බොහොම සරල විසඳුමක් තියෙන්නෙ. රැග් කරන එවුං ඔක්කොම නඩු අහල හිරේ දාන එක..වෙන මොකක්ද?
ට පේන්නෙ රැග් එකෙන් අරක වර්දනය වෙනවා මේක ශක්තිමත් වෙනවයි කියල රැග් එක උඩ දමන එවුන්ට...////////// මෙම සංසිද්ධිය ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය ලෙස හැඳින් වේ.
Deleteනියමයි අජිත් නූගත් ඇනෝ ගේ මෝඩ තර්කයට ඔබ නිසි පිලිතුරක් දී තිබේ. ඒ නිසා මට මෙහිදී ලියන්නට කිසිවක් නැත. මොහු පාරවල් වල වේලෙමින් කැට හොල්ලමින් , නවක වද කරමින් කිසිම ස්කිල් ඩිවලප්මන්ට් එකක් නොමැතිව යන්න්තම් උපාධියක් ගහගත් අයෙක් බව පෙනේ. සෝවියට් දේශය පිලිබඳ ඉතිහාසය නොදත් මෙවැනි මුග්ධයන් ගැන දුකයි. මොහුට මම වර්තමානයේ අධ්‍යාපනය ලබන කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයට ගෙන්වාගෙන විශ්ව විද්යාල යනු කුමක්ද කියා පෙන්වා දිය හැකිනම් ?
ReplyDeleteAnonymousMay 20, 2016 at 9:28 AM ලන්කාවේ දොස්තර කෙනෙකු ස්කිල් ඩිවලොප් කරගන්නවා යනු කන්සල්ටන්ට් කෙනෙකු බවට පත්වීමයි. ඔබ එවැන්නකු නොවේ./////////////////////// කන්සල්ටන්ට් කෙනෙක් යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? වසරක් දෙකක් පමණ එංලන්තයේ හෝ ඔසී ගොස් පිටරට රෝහලක සේවය කොට විශේසඥ යන නාමය සෞඛ්‍යය අමාත්‍යංශයෙන් ලැබ ටයි එකක් පැලඳ තඩි අලුත් කාර් එකකින් ආසිරි රෝහලට ගොස් ලෙඩුන් බැලීමද ? එය ඔබගේ හීනමාන සිහිනය මෙන්ම ඔබගේ අන්තර්ජාතික ලෝකය ගැන කිසිවක් නොදත් ලිං මැඩි මානසිකත්වය පෙන්වයි. අන්තර්ජාතික ලෝකයේ කන්සල්ටන්ට් යනු කවරෙක්ද ? මට කන්සල්ටන්ට් වීමට අවශ්‍ය නැත. මම සෝවියට් දේශයේ මෙන්ම උතුරු ඇමරිකාවේ විශ්ව විද්‍යාල දෙකක මෙන්ම එංගලන්තයේ බාන්ස්ලි විද්‍යාලයේ ද අධ්‍යාපනය ලැබ තිබේ. සෝවියට් දේශයේ ලැබූ අධ්‍යාපනය විසින් නවක වද පරපීඩා වද වලින් තොරව මාව නිර්මානය කරන ලදි. එම නිසා ඔබට සෝවියට් දේශයේ අධ්‍යාපනයට අපහාස කල නොහැක. එය කක්කුස්සිකාරයෙකු හඳේ ගොම ගෑමට තැත් කිරීම වැනි ක්‍රියාවකි. මම ලෝකයේ ප්‍රධාන පෙලේ මහාචාර්‍යවරුන් සමග පරියේෂන පත්‍රිකා පල කොට තිබේ. ඔවුන් අතරින් මහාචාර්‍ය දයා සෝමසුන්ඳරම් (ලංකාව) මහාචාර්‍ය. Laurent Karila (ප්‍රංශය) මහාචාර්‍ය Amy Wachholtz, (ඇමරිකාව) අාචාර්‍ය Monday Igwe..(නයිජීරියාව ) ප්‍රධානය. එසේම 2015 වසරේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය විසින් පල කල Global Mental Health පොතේ එක් පරිච්චේදයක් ලියන ලද්දේ ලංකාවේ වෛද්‍යවරු දෙදෙනෙකි. ඉන් එක් අයෙක් මාය. මගේ පරියේෂන පත්‍රිකා කෙන්ටකි විශ්ව විද්‍යාලයේ , ඉශ්‍රායල් විවි වෙබ් අඩවි වල ඔබට (භාෂා හැකියාව තිබේ නම් ) කියවිය හැක. එසේම ඇමරිකානු යුද හමුදාව විසින් PTSD පිලිබඳ මගේ පත්‍රිකාවක් පල කොට තිබේ. මා විසින් ලියන ලද ඉංග්‍රීසි පොත් 3 කට පෙරවදන් ලියා ඇත්තේ ලෝකයේ ප්‍රමුක පෙලේ මනෝ විද්වතුන් වෙති. {Shell Shock – Professor Richard Lalonde (York University Canada) / Psychological Aspects of Jathaka Stories Dr. Rolf Gainer, PhD, ABDA CEO, Brookhaven Hospital (USA) / Between Literature and Psychology- Professor Mary Seeman (University of Toronto) . ඔබ වැනි ලිං මැඩි මානසිකත්ව හාල් කෑල්ලක් ඉදිරියේ මම නිකමෙක් වීම ගැන මම පුදුම නොවෙමි. නිවටයෙකුගේ ලෝකයේ වීරයන් නැත. ඔහුට අනුව සෑම මිනිසෙකුම නිවටයෙකි. ඒ මන්ද යත් ඔහු නිවටයෙකු නිසාය
ReplyDeleteසෝවියට් සමයේ යූක්‍රයිනයේ විනිට්සා වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබා ලෝකයේ විවිධ රෝහල් වල සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරු සමහරක්
ReplyDeleteවෛද්‍ය අසේල වික්‍රමසිංහ - ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි රෝහලක සේවය කරයි
වෛද්‍ය කේතිසන් නක්කුනම් -ඕස්ටේරලියාවේ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි
වෛද්‍ය මන්සූර් - නවසීලන්තයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි
වෛද්‍ය ප්‍රසානී ජයමහ -ඕස්ටේරලියාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන්නීය
වෛද්‍ය යමුනා අලස් -ඕස්ටේරලියාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන්නීය
වෛද්‍ය අනුජා ගුනවර්ධන -ඕස්ටේරලියාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන්නීය
වෛද්‍ය ධම්මික රත්නායක -දකුණු අප්‍රිකාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි
වෛද්‍ය සී ලබේරත්න -කැනඩාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි
වෛද්‍ය වික්ටර් මෙන්ඩිස්- එංගලන්තයේ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි
යූක්‍රයිනයේ විනිට්සා වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබා ලංකාවේ රෝහල් වල සේවය කරන විශේෂඥ වෛද්‍යවරු සමහරක්
අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් - කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී (රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණ පවත්වන ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවේ)
ශල්‍ය වෛද්‍ය විශේෂඥ කීත් චැප්මන් - හලාවත රෝහලේ හිටපු ශල්‍ය වෛද්‍ය විශේෂඥ
විශේෂඥ නිර්වින්දන වෛද්‍ය නිල්මිනී වීජේසූරිය - කොලඹ ජාතික රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය
විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ධනංජය වෛද්‍යරත්න - මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය
ඕක මොකක්ද ? මෙන්න අපේ ලංකාවේ දොස්තරලගෙ වැඩ
Deleteශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් දොස්තර යක්‍ෂයන් බිහි කිරීම
ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කෙරෙන බොහෝ වෛද්‍යවරු තුල රොගීන් පිලිබඳ ගරුත්වය , රෝගීන්ට මානුශිකව සැලකීම ,රොගීන් පිලිබඳ වගකීමකින් ක්‍රියා කිරීම සහ වෛද්‍ය ආචාර ධර්ම ඉතා පහල මට්ටමක තිබෙන බව ග්ලස්ගෝ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිල්බඳ මහාචාර්‍යවරයෙකු පෙන්වා දී තිබේ. එසේම අධ්‍යාපනික ගුණාත්මක භාවය අතින් නේපාලයේ , කෙන්‍යාවේ , ටැන්සානියාවේ වෛද්‍ය පීඨ ලංකාවේ වෛද්‍ය පීඨ පරාජය කොට ඇත.
දියුණු ශිෂ්ටසම්පන්න රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් ඒ රටවල වෛද්‍යවරු රෝගීන් කෙරෙහි දක්වන ගෞරව සහිත ආකල්ප රෝගීන් කෙරෙහි වගවීම සහ ලංකාවේ වෛද්‍යවරුන් බහුතරය ගේ ක්‍රියා කලාප පිලිබඳ නිබඳවම පවසන්නේ අහසට පොළව මෙන් විශාල වෙනසක් තිබෙන බවයි. සුලු පිරිසක් හැරුනු විට ලංකාවේ දොස්තරලා යනු පන්ති අතික්‍රමණය නිසා හටගත් හීනමානය අධි මානයකින් වසාගත් අමුතුම ජීවීන් පිරිසකි. මොවුන් ටයි ඇඳ දොස්තර නලාව කරේ එල්ලාගෙන අලුත් වාහන වල ගියද යටින් සිටින්නේ අමු නොදියුණු අශිෂ්ට ගෝත්‍රිකයෙකි. පොතේ දැණුම මිස මොවුන් ගෙන් බොහෝ දෙනෙකුට ජීවන දැනුම නොමැත. ඒ නිසා පොඩ්ඩ බැරි වන විට වර්ජනයට බසිති.
මාධ්‍යවේදී සුගත් රාජපක්‍ෂ පවසන පරිදි ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කල ඇතැම් වෛද්‍යවරුන් සිතාගත නොහැකි අන්දමේ අපරාධ කොට තිබේ. උදාහරණයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ සුදර්ශන බාලගේ නම් සීමාවාසික වෛද්‍යවරයා මීගමුව රෝහලේ දී තමාගෙන් බෙහෙත් ගැනීමට පැමිණි චමිලා නමැති වෙළඳ කලාපයේ තරුණිය දුෂණය කොට රෝහලේ 6 වෙනි මහලින් බිමට ඇද දමා මරා දමන ලදී , කරාපිටිය වෛද්‍ය පිඨයේ දොස්තර ජී.පී.එම් චන්දන සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය චාමින්ද විතාරණ සහ ඔහුගේ දරුපවුල මරා දැමීමේ අදහසින් නිල නිවසේ වතුර ටැංකියට වස (එම්.සී.පී.ඒ නම් වල් නාශකය ) රෝහල් සේවකයෙකු ලවා දැමුවේය. කොළඹ වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ පොළොන්නරුව රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ ජේෂ්ඨ වෛද්‍ය සංජය චමින්ද සෙනෙවිරත්න ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ මෑතකදී රක්‍ෂිත බන්ධනාගාරගත විය, කෑගල්ල හෙම්මාතගම රෝහලේ උපුල් හැන්දලගේ නම් වෛද්‍යවරයා (පේරාදෙණිය වෛද්‍ය පීඨය ) බෙහෙත් ගැනීමට පැමිණි තරුණ රෝගී කාන්තාවන්ගේ නිරුවත් පින්තුර ගන්නා ලදී. කොලඹ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ වෛද්‍ය විශාන් ජය ශාන්ත පරණමාන ජයවර්ධනපුර රෝහලේදී ගැබිණියක් දුෂණය කලේය.
මෙම පුද්ගලයන් නිරෝගී මානසිකත්වයකින් ක්‍රියා නොකළ අය බව ඔවුන් විසින් කරන ලද අපරාධ වලින් පෙනී යයි. මෙවැනි දොස්තර මානසික රෝගීන් බිහි කිරීම පිලිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටද ,ශ්‍රී ලංකා වෛද්‍ය පීඨ වල සිසුන් පුහුණු කරන මහා චාර්‍යවරුන්ටද චෝදනා නිතැතින්ම එල්ලවේ.
ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කල මිනිස්කම ඇති වෛද්‍යවරුන් මට හමුවී තිබේ. එහෙත් ඔබ කියන ඔය පිරිස හීනමානතා සංකීර්ණයෙන් පෙලුනු පවුරුශ අක්‍රමතා ගහන පුද්ගලයන් පිරිසකි
Deleteසංවාද කලයුතු දේ පැත්තක තබා, වෙනත් දේ කතාකරන ඇනෝලා ගැන දුක්වෙමි. ඔබේ මේ ලිපිය, දේශනයක් වශයෙන්, සියලුම විශ්ව විද්‍යාල සිසුන්ට ලබාදිය හැකිනම්, ඉතා අගෙයි.
ReplyDeletetrue
Deleteමන් හිතන්නේ රුවන් ඔබේ ලිපියටත් වඩා, මෙහි පළ වී තියන සමහර කොමෙන්ටු කෙනෙක් ලබන අධ්‍යාපනය මොන වගේ එකක්ද? එම අධ්‍යාපනයෙන් බිහි කරන මිනිසුන් මොන වගේද කියල පෙන්වා දෙනවා. මෙයට විසඳුම් තියෙන්නේ කොහෙද, කා අතද කියල නම් කරන්න අමාරුයි. :)
ReplyDeleteRigam පසුගාමී චින්තනයෙන් යුත් වධකයො ඇවිස්සිලා ; ඒකත් එක අතකට හොඳයි
Deleteලන්කාවෙ ඉගෙනගත්තු mbbs කාරයන්ගෙ තියෙන්නෙ කුහක කමයි ඉරිසියාවයි. බහුතරයක් උන් ඇවිල්ල ගමෙන් ආපු අම්බරුවො, කොහොමහරි බලන්නෙ කොලබින් බට්ටරමුල්ලෙන් ඉඩම් කෑල්ලක් අරන් බින්න බහින්න. ඊටෙ පස්සෙ කොලබ මිනිස්සු වෙනවා.
ReplyDeleteසෝවියට් දේශය ඩිග්රි වලට ඩිප්ලෝමා කීවේ පරණ ප්‍රංශ ක්‍රමයටය. (සාර් රජුගේ කාලයේ සිට) සොවියට ක්‍රමයට ඔවුන් ප්‍රංශ භාෂාවෙන් ඩිප්ලෝමා කියා එය රුසියන් භාෂාවට එලෙසම පරිවර්තනය කරන ලදී. වසර 5 ක ඉගෙනීමට ඉන්ග්ර්සියට පරිවර්තනය කරන ලද්දේ Master of Science (MSc) කියාය. මෙය ලෝකයේ හැම රටකම එසේ පිලි ගනිතත් ලංකාවේ ඉංජිනේරු සංගමය හා වෛද්‍ය සංගමය කියුවේ මෙය ප්‍රථම උපාධිය කියා එය BSc එකට සම කලෝය. මෙය තනිකරම කලේ ලංකාවට ආවේනික කුහක කමටය. MSC තිබෙන අයට ලංකාවේ පඩි ස්කේල් එක වැඩි නිසා එය වැළැක්වීමටය. ඩිප්ලෝමා තර්කයද ඔවුන් ගෙන ආ මුත් සෝවියට් විදේශ අමාත්යංශය, සොවියට අධ්‍යාපන අමාත්යංශය දෙකෙහි ආධාර ඇතුව අපේ උපාධි ලංකාවේ ඇති ඩිප්ලෝමා නොව degrees බව පෙන්වා දුන්නෙමු. එසේම වරක් අපේ විදුලි බල විශ්ව විද්‍යාලයේ සිලබස් එක රැගෙන මොරටුව විශ්ව විද්‍යාලයේ එක සමග සංසන්දනය කිරීමට ඔවුන් සැරසුණි. අපි අපේ එක පෙන්වූ පසු ඔවුන් හිමින් සීරුවේ තමන්ගේ එක අකුලා ගත්හ. එයට හේතුව ඇතැම් විෂයන් අප මොරටුවට වඩා උගන්නා අතර සෝවියට් දේශයේ ඇති සමහර ප්‍රයෝගික පරීක්ෂණ හා විෂයන් කිරීමට එදා මොරටුවට නොහැකි බවද ඔවුන් දැන ගැනීමයි. මා මෙය ලියන්නේ මොරටුව පහත දැමීමට නොවේ. එහි ශිෂ්‍යයන් ඉතා හොඳින් ඉගෙන ගන්න දක්ෂයන් වෙති. මේ ලඟකදී ද ඔවුන් කිසියම් ජාත්‍යන්තර තරඟයක් ජය ගත්හ. නමුත් ලංකාවේ ඇතැම් අයගේ කුහක ගතිය අපි දනිමු. ඒ අමානුෂික අසාධාරනකම් පරදවා අපේ කාලයේ උගත් බොහෝ අය රැකියා කරති.
ReplyDeleteඅජිත් මගේ සෝවියට් MD එකට කැනඩාවේ PR දෙන විට ලකුණු 12 දුන් අතර මගේ ඥාතී සොහොයුරාගේ ලංකාවේ MBBS එකට ලකුණු 10 දුන්නෝය. මම යෝක් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා ප්ශ්චාත් උපාධි අධ්‍යන ආරම්භ කරන විට මට කෙලින්ම ක්‍රෙඩිට් 120 න් 60 ක් මගේ සෝවියට් MD එකට ක්‍රෙඩිට් ට්‍රාන්සර් ලෙස ලැබුණි. ලංකාව තරම් කුහක අධ්‍යාපන ලැබූ වෘත්තිකයන් සිටින දේශයක් මම දැක නැත. ඒකට හේතුව ලෙස මම දකින්නේ දිවයින් මානසිකත්වය නිසා ඇතිවන insecurity භාවයයි . ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනිකව කඩා වැටීමටත් මේ කුහක භාවය එක් හේතුවක්
Delete