In Palali Hospital with Dr Major S.L.S Kumarage
උතුරේ යුද කඳවුරු වල සේවය කරන සොල්දාදුවන් ගේ මානසික සෞඛ්‍යය වර්ධනය කරනු පිණිස වැඩසටහනක් සම්පාදනය කරන ලෙස බ්‍රිගේඩියර් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා වෛද්‍ය නීල් ප්‍රනාන්දු ගෙන් සහ මගෙන් ඉල්ලීමක් කලේය. ඒ අනුව උතුරේ යුද කඳවුරු වෙත ගොස් තත්වය සමාලෝචනය කිරීමට අප ඉටා ගතිමු. මේ සමයේ දීර්ඝ කාලයක් උතුරේ සේවය කල සොල්දාදුවන් අතර යුද ආතතිය රාජකාරී වෙහෙස හටගෙන තිබුණි. මේ නිසා සොල්දාදුවන් කිහිප දෙනෙකු බංකර වලදී දිවි නසාගෙන තිබුණි.
අප දෙදෙනා රත්මලාන ගුවන් තොටුපළින් පරණ ඇන්ටනෝව් යානාවක නැගී පලාලි වෙත පියාසර කලෙමු. අප සමග නිවාඩු ඉවරවී යළි කඳවුරු කරා යන සොල්දාදුවන් සහ නිලධාරීන් පිරිසක් ද වූහ. මේ මගේ ප්‍රථම උතුරු චාරිකාව නොවේ. මීට ඉහතදී කිහිප වතාවක් මම ගුවනින් උතුරට ගියෙමි. එසේම වරක් කපිතාන් වෛද්‍ය උපාලි විජේරත්න සමග වාසවිලාන්හි හමුදාව විසින් අත්පත් කරගත් නිවසක නැවතී ඉඳිමින් පලාලි රෝහලේ සෙබළුන් ගේ මානසික ප්‍රතිකාර වලට සහාය වීමටත් සෙබළුන්ට යුද ආතතිය පිළිබඳ දැණුවත් කිරීමේ දේශන පැවැත්වීමත් කලෙමි.
උතුරට ගුවනින් යන සෑම අවස්ථාවකම ගුවන් මගීන් තුල යම් බියක් චකිතයක් තිබේ. ඒ වන විට එල්.ටී.ටී.ඊ සංවිධානය ගුවන් නාශක මිසයිල ගසා ගුවන් යානා කීපයක් විනාශ කොට තිබුණි. 1995 දී පමණ මෙලෙස විනාශ කල ගුවන් යානයක ගමන් ගත් යුද හමුදා නිලධාරියෙකුගේ අවමංගල උත්සවයකට මම සහභාගී වූයෙමි. ඒ වන විට ඔහු ගමන් ගත් ගුවන් යානාවා කොටින් විසින් විනාශ කොට තිබෙන බව තහවුරු කොට තිබුණු නමුදු ඔහුගේ මිනිය ඥාතීන්ට භාර දී තිබුනේ නැත. එය මෘතදේහයක් , මිනී පෙට්ටියක් නොතිබූ මළගමකි. මියගිය නිලධාරියාගේ මව සහ පියා ශෝකය , විමතිය , ආකූලතාව හිස දරාගෙන මරණ ගෙදර පැමිණි අමුත්තෝ පිළිගත්හ. ඉන් සුමානයකට පමණ පසු ඔවුන්ට මිය ගිය පුතාගේ අළු යැයි මුට්ටියක් ලැබුන අතර එය කාගේ අළුදැයි නොදත් නමුත් අවශ්‍ය ආගමික වතාවත් කොට මළගම නිම කලහ.
මේ ලංකාවේ එක්තරා භීම යුගයක කතාවකි. මේ නිසා ගුවනින් ගිය සොල්දාදුවන් නිලධාරීන් අවිනිශ්චිතතාව හිස දරාගෙන රත්මලානේ සිට පලාලි වෙත ගියහ. කිසිවෙකු මේ ගුවන් ගමන් වලදී කතා කලේ නොමැති තරම් ය. එසේම ඔවුනොවුන් එකිනෙකාගේ දෙනෙත් මග හැරිය අයුරු මම නිරීක්ශනය කලෙමි. සමහර නිලධාරීන් ගමන ආරම්භයේදීම පිරිටන් පෙති දෙක තුනක් බී නිදාගෙන ගමන් කලහ. එහෙත් කිසිවෙකු ශාන්තව නිදාගත්තේ නැත. වන්නි ප්‍රදේශය ඉහලින් පියාසර කරන විට ගුවන් නියමුවා ගිනියම් වූ යකඩ වලලු තුවක්කුවකින් මෙන් ගුවන් යානාවේ තිබෙන බටයකින් පහතට විදී. එය හීට් සීකිං ගුවන් යානා නාශක මිසයිල වල්මත් කිරීම සඳහාය.
මෙම ගුවන් යානා බොහොමයක්ම පරණ අබලන් වූ ඒවාය. සිමෙන්ති කොට්ටයෙන් ද කොමිස් ගැසූවන් ගුවන් යානා මිලදී ගැනීමේදී හතරවරම් ගැසූහ. මේ නිසා කාර්මික දෝෂ මේ ගුවන් යානා වල නිතරම හට ගත්තේය. කාර්මික දෝෂ නිසාද සෙබළුන් සහිත ගුවන් යානා ඇද වැටුනහ. කොමිස් ගසා යූක්‍රයීනයේ කියෙව් නගරයේ සිට ගෙන එන පරණ ඇන්ටනෝව් යානා වල මලකඩ හූරා අලුතින් තීන්ත ආලේප කොට නව ඒවා මෙන් පෙන්වූවද මේවා රීකන්ඩිෂන් බව සොල්දාදුවෝ දැන සිටියේ නැත. වරක් රත්මලාන ගුවන් තොටුපලෙන් උතුර බලා යන ගුවන් යානාවකට නැගීමේදී මම එම ගුවන් යානය දොරටුව අසල සිටි රුසියානු උප නියමුවාගෙන් මේ ගුවන් යානය නද්යෝෂ්නය (බලාපොරොත්තු තැබිය හැකි) ගුවන් යානාවක් ද කියා රුසියන් බසින් ඇසුවෙමි. එම ප්‍රශ්නයට ඔහුට කේන්ති ගොස් ඔව් මේ ගුවන් යානය බලාපොරොත්තු තැබිය හැකි එකක් කියා තදින් කීවේය.
කෙසේ නමුත් රුසියානු නියමුවන් කෑලි හැලෙන ගුවන් යානා වූවද පියාසර කිරීමට දක්‍ෂයන් වෙති. රුසියානු නියමුවන් ගැන බොහෝ කතා මා මිතුරු ගුවන් නියමු මෙල්වින් කුරුකුලසූරිය මා සමග කියා තිබේ. යුද්දයේ දී ඔවුන් ද දිවි පරදුවට තබා පියාසර කලහ.
අපගේ ගුවන් යානය පලාලි ගුවන් තොටුපළ වෙත ආවේය. අප අනෙකුත් සොල්දාදුවන් සමග මගී පර්‍යන්තය වෙත ගියෙමු. ඒ අතරවාරයේදී ගුවන් යානය මගින් ගෙන එන ලද එලවලු සහ අනෙකුත් ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා කොලඹින් ගොස් සිටි නාට්ටාමිලා ගුවන් යානය වෙත දිව ආහ.
විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු සහ මා පිලිගැනීමට කපිතන් වෛද්‍ය මනෝජ් වීරසේකර පැමිණ සිටියේය. ඔහු ජෙනරාල් ආනන්ද වීරසේකරගේ පුත්‍රයාය. වෛද්‍ය මනෝජ් අප දෙදෙනාව ඔහුගේ නිල නිවාසයට ගෙන ගොස් දහවල් ආහාරයෙන් සංග්‍රහ කලේය.
කෙටි විවේකයකින් පසු අප වැඩ ඇරඹුවෙමු. ගජබා ඒකකයේ කර්නල් උදය පෙරේරා ගේ (වර්තමානයේ ජෙනරාල්වරයෙකි) සංවිධානයෙන් අප සොල්දාදුවන්ට දේශන මාලවක් පැවැත්වූයෙමු. යුද ආතතිය හඳුනා ගැනීමටත් ඒ සඳහා ගතයුතු ක්‍රියා මාර්ග ගැනත් අප ඒකක වල නිලධාරීන් දැණුවත් කලෙමු. එසේම විශේෂ කාර්‍ය බලකායේ සෙබළුන් සඳහාද වැඩ සටහනක් කලෙමු.
මෙසේ දින කීපයක් පුරා අප දෙදෙනා පලාලි, වාසවිලාන් , නාගර්කෝවිල් , එළුතුමඩුවාල් යන ප්‍රදේශ වල කඳවුරු වෙත ගියෙමු. මෙම දැණුවත් කිරීම් වලින් පසු තම තම ඛණ්ඩ වල යුද ආතතියේ ලක්‍ෂණ පෙන්වන සොල්දාදුවන් හඳුනා ගැනීමටත් ඔවුන්ව උපදේශන ප්‍රතිකාර සඳහා යොමු කිරීමටත් නිලධාරීන්ට හැකි විය. මේ නිසා බොහෝ විනාශ වැලැක්වීම සඳහා දායක්ත්වයක් දීමට මටත් විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාටත් හැකි විය.
මෙම වැඩසටහන සියයට සියයක් ක්‍රියාකාරී නොවූ බව සැබෑය. සමහර ඒකක වල නිලධාරීන් සොල්දාදුවන් ගේ ප්‍රශ්න උපදේශනයෙන් නොව පරණ ක්‍රමයට කැත්තෙන් පොල්ලෙන් විසඳීමට ගොස් කඳවුරු වල වෙඩි තබා ගැනීම් , දිවි නසා ගැනීම් , හමුදාවෙන් ආයුද සහිතව පලා යාම් සිදු වූහ. නමුත් බහුතරයක් නිලධාරීන් තුල ආකල්පමය වෙනසක් ඇති කිරීමට අපගේ වැඩසටහන් උපකාරී විය. මෑතකදී මා සමග මුහුණු පොතෙන් කතා කල පාබල හමුදාවේ විශ්‍රාමික කර්නල් එස්. ටී.ඩී.පී රණසිංහ යුද සමය තුල සොල්දාදුවන් ගේ මානසිකත්වය ප්‍රශස්ථ මට්ටමකට තබා ගැනීමට ඔහුට අපගේ දේශන සහ පොත් උපකාරී වූ බව කීවේය. ඒ පිළිබඳව මම අද සතුටු වෙමි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
hari hari oyaa pora.
ReplyDeleteමෙතුමාගෙන් වෙලාවක් වෙන්කරවාගෙන උපදේශන සැසියකට ඔබත් යන්න
Delete//මෙතුමාගෙන් වෙලාවක් වෙන්කරවාගෙන උපදේශන සැසියකට ඔබත් යන්න// * 2
Deleteමට වඩා අඩු බුද්ධි මට්ටමක් තියෙන කෙනෙකුගෙන් මම උපදෙස් ගත යුත්තේ ඇයි?
Deleteමිනිසාට බුද්ධි මීටරය නම් අවයවයක් ඇති බවත්, එහි සෑමවිටෙකම දාරකයාගේ බුද්ධි පාඨන්කය දැක්වෙන බවත් දැනගත්තේ අදයි! ඔබතුමාට ඉස්තුතියි
Deleteබුද්ධිය මනින්න අවයවයක් තියෙන්න ඕනා කියලත් අදයි දැනගත්තේ.
Delete@
DeleteAnonymousMay 9, 2016 at 11:05 PM
hari hari oyaa pora. ////////ඔබ මෙත්තා භාවනාව වඩන්න ඔබ තුල ක්‍රෝධය තමා කෙරෙහි ඇති හීනවූ ආත්ම සම්මානය තිබෙන බව පෙනේ . මෙත්තා භාවනාව ඔබව සුවපත් කරයි. ඔබ සුවපත් වේවා
මම දන්නා තරමින් නම් වෛද්‍ය රුවන් යනු ඔහුගේ ක්ෂේස්ත්රයට අපේ රටින් බිහිවූ අය අතර සැබෑ "පොරකි". ඔහුගේ වෘතීයමය අත්දැකීම් සහ ආකල්ප මෙසේ බෙදා හදාගැනීම ක්ෂේස්ත්රයේ ඉහලට යාමට උත්සහ කිරීමට අපව දිරිමත් කිරීමකි.
Deletethanks
Deleteපිස්සෝ කලබල වුනාට දොස්තරලා කලබල වෙන්නේ නැත කියලා කතාවක් තියෙනවා නේද?
Deletesureda my3 bhawanawen suwapath wenawa kiyala? ane mehemath agam pisso. munne ithin ape rate dostarala wenne.
Delete///// යුද සමය තුල සොල්දාදුවන් ගේ මානසිකත්වය ප්‍රශස්ථ මට්ටමකට තබා ගැනීමට ඔහුට අපගේ දේශන සහ පොත් උපකාරී වූ බව කීවේය. ///
ReplyDeleteඑහෙම අහන්න ලැබෙන එකත් කොයතරම් දෙයක්ද??
ඒක ලොකු සේවයක්..
thanks
Deleteඉතා වැදගත් සේවයකි!
ReplyDeleteමානසික ආබාධ නිකම් අයට සැඳුණු වදටත් දරුණු විය හැකි විට, තුවක්කු, අත් බෝම්බ ඇති අයට හැදුණු විට ඇතිවෙන තත්වය අති විනාශකාරී විය හැක.
yes U r correct
Deleteවටිනා ලිපියක්!
ReplyDeleteමේ ලඟදි දවසක කිසියම් ආයතනයක ආරක්ෂක නිලදාරියෙකුගේ (සික්කෙක්) නොමනා හැසිරීමක් නිසා මටද තරහා ගියා. ඒ පිළිබඳව අදාළ තැන්වලට පැමිණිලි කිරීමෙන් සෑහීමකට පත්වන්න මට සිද්ද උනා. කෝපය නිවී ගොස් සික්කාගේ තත්වයට මාද පත්වීම ගැන මට මා ගැනම ලැජ්ජාවක් ඇති උනා (සාමන්යෙන් අධික කෝපය නිවීගිය පසු හැමවිටකම වාගේ මට මේ හැඟීම ඇති වෙනවා) පසුව කල්පනා කරන විට අර කෝපයට පත්වූ අවස්ථාවේ මට යම්කිසි බලයක් තිබුනා නම් මම ඊටත් වඩා නරක විදියට හැසිරෙන්න ඉඩ තිබුණු බව මටම තේරුණා.
හමුදා නිලදාරියෙකුට හදිසි ආවේගයක් ඇතිවූ විට හැසිරීම හිතා ගන්න පුළුවන්. මැති ඇමති වරුන්ට, ඇමති බිරියන්ට,ඇමති පුත්තුනටත් එසේමැයි
පාර්ලිමේන්තුවෙත් මානසික ප්‍රතිකාර සැසියක්?
Deleteමට මේ ලඟකදි කවුද මන්ද කිව්ව පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් ( PSTD ) පෙලෙන්නන් ප්‍රතිශතයක් විදිහට ගත්තොත් වැඩිම ඉන්නෙ සන්නද්ධ හමුදාවලින් පස්සෙ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයෙ කියල. විශේෂයෙන්ම පාර්ලිමේන්තු සභා ගර්භයෙ දිනපතා සේවය කරන අය අතරෙ....:)
Deleteneed to do a study
Deleteඔය සිකියුරිටි මහත්වරුන් සහ පොලිස් නිලදාරීන් තරම් තමන්ගේ ඉහල තනතුරු දරන්නන්ගෙන් පීඩනයට පත්වෙන වෙනත් පිරිසක් නැතුව ඇති මේ ලංකාවේ. උස්තැනේ සිට පහත් නිලය දක්වා ගමන්කරන මේ පීඩනය ඔවුන් පිටකරන්නේ සාමාන්‍ය ජනතාවගෙන්.ඒනිසා සමස්ත සේවාවම ජනතාවගෙන් ඈත්වෙලා.
Deleteඕක ලංකාවේ සාමාන්‍ය තත්වයක්නේ නිල ඇඳුම් අඳින බොහෝ දෙනා තමන් සතු අධිකාරි බලය යොදා ගන්නවා සිවිල් වැසියන්ව පිඩාවට පත් කරන්න.සමහරවිට ඔවුන් පිට කරන්නේ ඔවුන්ට ඉහළින් තියෙන අධිකාරී වලින් එන පිඩනය වෙන්න පුළුවන්.
Deleteගුවන් හමුදාවේ ඇන්ටනෝව් ගුවන් යානා නම් පරණ ඒවා නොවෙයි. මිලදී ගත්දී අලුත්. ඒවා කිහිපයක් කඩා වැටුනත්, හේතුව කාර්මික දෝෂ නොවෙයි. ඒත් කොමිස් ගැනීම වෙනම කතාවක්!
ReplyDeleteඇත්තද ?
Deleteඔනෑම වෙලාවක වෙඩි තියන්න,වෙඩි කන්න සූදානමින් ඉන්නවා කියන්නෙ කෙතරම් ආතතියක්ද?ඔය සමහරු කියනවා වගේ සල්ලි වලට උනත් මැරෙන්න රෙඩිපිට ඉන්නවා කියන්නෙ සෙල්ලමක් ද? ශාපලත් යුද්ධය නැවත නොයේවා..!!
ReplyDeleteජයවේවා..!!
+++++++++
DeleteI am sure you have done good work. (I left Air force in 95) However pl don't repeat unfounded accusations. At the time west did not sell us anything to fight LTTE, even west blocked buying anything directly from Russia, most of those planes and other armaments were bought in black market in Israel (not from govt to govt sale) I am glade that someone had the spine to do that, we had to abandon 20 SF men in enemy trrotory in east due to a problems in old B212. Aren't we all happy that 'Beema Samaya' is over?
ReplyDeleteWe are happy that Beema Samaya' is over , however I know what happened in mega deals. If you come with ur identity I can tell u some unbreakable stories.
DeleteThere is some truth in what Anno says - many Western countries had embargoes on arms sales to us. Russia and Israel made a 'killing' as a result. Many equipment came from Israel, but not from black market, but the prices were certainly black market! That was thanks to the 'local agents' who were in top positions of the Air Force. They were ready to buy anything from Israel and Russia/Ukraine.
DeleteOnly Government to Government purchase that took place was the two C 130's which came around the year 2000. Before that and after, all the purchases were from companies at exorbitant prices.
There was no need to have a spine for those purchases - an open pocket to collect commissions will do just fine!
I wish you can tell us what you know about the mega-deals, Doc. Unfortunately, I cannot come in my name, as I have inside contacts in the Air Force.
ඇන්ටනොව් යානාවල යම් යම් දෝෂ තිබුනා. මට එකම දෝෂයට දෙවරක් මුහුණ දෙන්න සිදුවුනා රත්මලානේදී සහ පලාලි වල දී. එනම් යානය ගුවන්ගත කිරීමේදී ගුවනට නැග මඳකින් ආපසු හරවා ඒමට සිදුවීමයි. යානය දිගටම ගමන් කරන්න අවශ්‍ය තරම් යාන්ත්‍රික ප්‍රවේගය ඇන්ජිමෙන් නොලැබෙන බවයි නියමුවන් කිව්වේ.
ReplyDeleteY8 යානා ලැබීමෙන් පසු මේ තත්වය සම්පූර්ණයෙන්ම පාහේ මගහැරුනා.ආරක්ෂිතවවෙගයෙන් යන්න හැකියාව ලැබුනා. ඇන්ටනොව් එකේ යද්දී සීතල වාෂ්ප දහරාවක් අප සැමට වදින ලෙස නිකුත් කලත් එයින් ගතේ දාහය මිදුනාට බොහෝ දෙනෙකුගේ සිතේ දාහය මිදුනේ නැහැ.
remember stress and anxiety ?
Delete//Y8 යානා ලැබීමෙන් පසු....//
Deleteවැරදීමක් වත්ද? Y8 යානා ගුවන් හමුදාවට ලැබුනේ ඇන්ටනොව් යානා වලට පෙරයි. ඒවායේ යුද සෙබළුන් ගෙන ගියේ බිම වාඩි කරවා ගෙනයි. ඔවුන්ට සවිකර ගැනීමට පටි වත් තිබුනේ නැහැ. ඒ නිසා සුළු අනතුරකදී උනත් තුවාල වීමේ ප්‍රවනතාවය අධිකයි. එහෙත්, ඇන්ටනොව් යානා වල දෙපස පටි සහිත ආසන තිබුනා. ඒවා සැපපහසු නොවුනත්, වඩාත් ආරක්ෂිතයි.
ගුවන් හමුදාවට කුලී පදනමින් ලබාගෙන තිබු ඇන්ටනොව් 26 යානා වල නම් මගී ගුවන් යානා වල බඳු ආසන තිබුනා. ඒවා වඩාත් සැප පහසුයි. එහෙත්, මිසයිල වලින් ආරක්ෂා වීමේ පද්ධති නම් තිබුනේ නැහැ. LTTE එකෙන් මිසයිලයක් එව්වා නම් ඒවාට දෙයියන්ගේම පිහිටයි.
කලින් ලැබුනේ ඇන්ටනොව් ද Y8 කියා ඇත්තටම නොදනිමි. ඔය වර්ග දෙකේම ඇති තරම් ගියෙමි. නමුත් Y8 එකේ මම ගිය කාලේ ආසන සවිකර තිබුණි. වේගය අතින්ද එය වඩාත් හොඳය. වාසනාව තිබුන දිනවල Y 12 එකේ ගියෙමි. වාසනාව කිව්වේ එහි ගෙනයන්නේ ඉතා සීමිත පිරිසක් නිසාය. නමුත් සැප පහසුව සහ වේගය අතින් හොඳයි. ඇන්ටනොව් එකේ මම ගියේ බඩු ගෝනි මත ඉඳගෙනය. මිසයිල් වැදුන ඇන්ටනොව් අපේ ඒවාද කුලියට ගත් ඒවාද? හොඳ විස්තරයක් ලියන්න අවශ්‍ය දැනුම ඔබට තිබෙන බව පෙනෙනවා. සංක්ෂිප්ත වශයෙන් හෝ එම තොරතුරු මෙහි ලියනවානම් හොඳයි.
Deletey- 8 ආවේ 87 නොවැම්බර් දෙසැම්බර් වගේ.කටුනායක ලෑන්ඩ් කරලා අපේ හෙලිකොප්ටර් බලඝණයේ පාකින් ඒප්‍රන් එකට ගෙනත් තමයි කස්ටම් ක්ලියර් කරෙත්.එදා මමත් ඩියුටි නිසා හොඳට මතකයි.AN 32 ආවෙ 92 නුත් පස්සේ වගේ තමයි මතක. කොහොම උනත් බොහොමයක් යානා කඩා වැටුනේ කාර්මික දෝෂ හෝ කාර්මිකයින්ගේ දෝෂ නිසානම් නෙවෙයි.කොටි මිසෛල් වලින්.කොටි බිම දැම්ම කිව්වම නම්බුවට කෙළවෙන නිසා කිව්වේ කාර්මික දෝෂ කියල.ඇත්තටම අපට පැසෙන්ජර් ප්ලේන් තිබුනේ ඇව්රෝ සහ Y -12විතරයි. Y-8 සහ ඇන්ටනොව් කාගෝ ප්ලේන්. පස්සේ C 130 ත් ආව. ඇන්ටනොව් වල දෙපැත්තේ "ඔබයි මමයි" සීටුත්, Y-8 එකේ ඉදිරි කොටසට වෙන්න සාමාන්‍ය සීට් තිබුන. නමුත් එදිනෙදා අවශ්‍ය තාවය අනුව ගලවනවා, හයි කරනවා,බොහෝවිට ගලවලා. .ඕව හයි කරන ගලවන එකත් මහා කට්ටක්.ඩියුටි ඉන්න ටෙක්නිකල් කෘ එකට. බොහෝවිට නයිට් ඩියුටි ඉන්නේ 10 ක් වගේ උපරිම.ඔය හැම aircraft එකම සර්විස් ශෙඩුල් එකකට අනුව හවසට A F එක (After Flight service එක)කරන්න ඕනි.උදේට B F එක (Before Flight Service )කරල පියාසැරියට සුදුසු බවට ලොග් බුක් එකේ එන්ටර් කරලා අදාළ ටෙක්නිෂියන්ලා අත්සන් කරන්න ඕනි.ඔය සීමිත අහස්යාත්රා ටිකෙන් කොටින්ට බෝම්බ වල සිට ගූ ගහන එක දක්වාම කළා. අප්පච්චියේ ...කට කට. ඔය මගුල් කියවලා කටුනායකින් බැහැල අවුරුද්දකට වරක් දෙකක් ගෙදර යන එකත් නැතිවෙයි වගේ. ඔය ඇති අප්පා.ඔය කාලේ දේවල් මේ විචාරක ල කියන කොට අපෙත් කට පු_ කහනවනේ.
Deleteමම වරක් පලාලි ගියා 2002 විතර (ඇන්ටනොව් එකකින් නොවේ) ඒකේ ඩබල් සීට් තිබ්බා , පහසුකම් හොඳයි , ඒ ගුවන් යානාවේ වර්ගය මතක නැහැ
Deleteහැබෑවට ම ඔය හිරවුණ ජීවිත වලට මානසික සහනය කියන දේ නං අතිශය වැදගත් තමයි.......
ReplyDeleteමීයෝ කැරපොත්තෝ එහෙ මෙහෙ දුවන ඔය ගුවන් යානා ගමන් ගැන අසා තිබෙනවා. යාලුවෙක් එක වතාවක් කිව්ව ගොඩ බස්සනකොට ලෑන්දින ගියර් හරියට වැඩ නැතුව ගිහිං දෙතුන් වතාව කරකැවී කරකැවී එක රෝද සෙට් එකක් රනර්වේ එකේ වද්ද වැද්දා අනික දීගඇරගෙන ලෑන්ඩ් කළා කියල. ඒ වැඩේ ඉවරවෙනකොට කලිසමේ චූ ගිය නැති එක විතරයිලු.
ReplyDeleteවෛද්‍ය තුමා, යුද්ධයේ පශ්චාත් යුධ ආතතිය නැති කරන්න ඔය වගේ වැඩසටහන් තියල නැද්ද? මම දන්නා විදියට හරි ආකාරව ඒක වෙලා නැති නිසා තමයි "ආමි සම්පත්ල" "නෙවි අසංක'ලා , "නෙවි රුවන්"ලා බිහිවෙන්නේ..
ආකාරව ඒක වෙලා නැති නිසා තමයි "ආමි සම්පත්ල" "නෙවි අසංක'ලා , "නෙවි රුවන්"ලා බිහිවෙන්නේ..///// true
Deleteආඩම්බරයි. එහෙනම් ඔබත් ජයග්‍රහණයේ හිමිකරුවෙක්.
ReplyDelete+++
Deleteඉන් පසුත් සිය දිවි නසා ගැනීම් තැත් කිරීම් නැති වුනාම නොවේ... ඔබ අවසන් ජේදයේ පැවසූ අයුරින්ම.. යුද්ධය හමාර වුනායින් පසු....ගඩොල් කපන්න, පාරවල් හදන්න, ගොඩනැගිලි හදන්න සිදුවුනා කියා ආතතියට පත් වූ සොල්දාදුවන් සියදිවි නසාගන්නට තැත් කර වෛද්‍ය උපකාර වලින් දිවි බේරාගෙන මනෝවෛද්‍ය අංශයේ උපදේශනයට යොමු කළ විට පැමිණියා.... හේතුව වෙනස් වුනත් ආතතියේ වෙනසක් නැතිවිය.
ReplyDelete2009 පසු මම ලංකාවේ නැති නිසා ඒ ගැන දන්නේ නැහැ
Deleteහමුදා සෙබළා යනු වහලෙකු බවත් ඕනෙම වැඩක් ගත හැකි බවත් මිතුරෙකු කිව්වා..
Deleteඑය වැරදි මතයක්
DeleteRespect doc! I know Dr. Kumarage and his wife Upeksha personally and couldn't remember him mentioning of you when we were taking about the war and his role in the army. Will definitely ask about you when I meet them next time.
ReplyDeleteCheers,
Udaya
Thanks Udaya , pl give my regards to him , he is a great Dr / nice officer / and a gentleman
Delete//ගුවන් යානය මගින් ගෙන එන ලද එලවලු සහ අනෙකුත් ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා කොලඹින් ගොස් සිටි නාට්ටාමිලා ගුවන් යානය වෙත දිව ආහ. //
ReplyDeleteMy guess is this is newly recruit solders …
no ; Nattamis ; pl verify this from Wicharaka
Deleteඔය කතාව වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා අප සමග පවසා තිබෙනවා. රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය නැංවීම සදහා ඔබ කණ්ඩායම කල කැපකිරීම් විශිෂ්ඨයි. බ්ලොග් එකට පැමිණි පළමු අවස්ථාව මේ. ඔබතුමාගේ අත්දැකීම් මෙළෙස සටහන් කිරීම ඉතා වටිනා ක්‍රියාවක්.
ReplyDeleteThank you Sir
Deleteu done good job. I salute u dear friend.
ReplyDeleteThanks
DeleteThanks for making the opportunity for us to know many unknown "secrets"
ReplyDeleteyou are most welcome
DeleteThank you for sharing these stories with us!
ReplyDelete++++++++++++++
Deleteඉස්සර ජනාධිපතිනිය එක්ක තිබ්බ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම් වලට හමුදා ප්‍රධානියෝ කිව්වේ සි්ලලර කඩේ යනවා කියලා ලු. ඒ මොකද කවදාවත් ආරක්ෂක රැස්වීමක අවසානය වෙනකම් ඉන්න ජනාධිපතිනියට වුවමනාවක් තිබිලා නැ. කවදාවත් සොල්දාදුවන්ගේ අවශ්‍යතා වෙනුවේන වැඩ කරලා නැ...එහෙමයි ඒ යුගයේ යුද්ධය කළේ
ReplyDeletewow
Delete++++
ReplyDeletesalute
Deleteවෛද්‍යවරයකු ලෙසැ ඔබ කැරැ ඇත්තේ අමිල සේවයෙකි. සියල්ලට මැ මනස පෙරට වනු ලොවෙකැ යුද සෙබළා ගේ නිරවුල් මනස යුද ජයට නිසැකයෙන් මැ හේතු වේ. කඩා වැටුණු මනස් සොබායෙන් සිටි සෙබළුන් ගේ මනස් සුවපත් කළ ඔබට ජයෙන් ජය මැ පතමි.
ReplyDeleteතුති ඔබට
Delete