Tuesday, May 17, 2016

පොඩි සේකර




පොඩි සේකර කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලේ සේවය කල උපස්ථායකවරයෙකි. ඔහුගේ පුතුන් දෙදෙනා හමුදාවේ සේවය කලහ​. 1996 දී රිවිරැස ක්‍රියාන්විතයේදී ඔහුගේ පුතෙක් ජීවිතක්‍ෂයට පත් වූයෙන් අප මළගමට ගියෙමු. පොඩි සේකරගේ පුතා ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාන්‍ය සෙබලෙකු වූ අතර මරණින් පසු ලාන්ස් කෝප්‍රල් තනතුරට උසස් කොට තිබුනි. 

ඔහුගේ දේහය මිනී පෙට්ටියක බහා පොඩි සේකරගේ කුඩා නිවසේ සාලයේ තැන්පත් කොට තිබුනේය. ඔහුගේ මුහුණ අසාමාන්‍ය ලෙස කළු පැහැතිය​. එය ලාභ එම්බාම් වර්ගයක් නිසා මතු වන්නකි. කොළ පැහැති නිල අැඳුමේ එක් උර පටියකි. කළුවී ගිය දෑත්  පිටත​ට පෙනීම වැලැක්වීම සඳහා මිනියට අත්වැසුම් පළඳා තිබුණි. හිස ප්‍රදේශය වෙළුම් පටියකින් වෙලා තිබූ නිසා අර්ටිලරි පහරකින් හෝ වෙඩි පහරකින් මස්තිෂ්කය තුවාල වීම නිසා මරණය සිදු වන්නට ඇතැයි මම සිතුවෙමි.

එදින සවස මිනිය ඔසවන බව අප සමග ගිය රෝහලේ ඩිස්පැන්සරිය භාර රන්ජිත් මට කීවේය​. අප පොඩි සේකර හමුවී අපගේ කණගාටුව ප්‍රකාශ කලෙමු. ඒ අතරවාරයේ පොඩි සේකර ගේ බිරිඳ අඞනවා අපට ඇසුනි. " අනේ මගේ දෙයියා තව පැය කීයද ඔය මූණ බලන්ට තියෙන්නෙ කියා ඇය කීවාය​. දරුවෙකු මිය ගිය පසු දේහයද මවකට වටී. තවත් පැය කීපයකින් පසුව මිනිය ඔසවනු ලැබේ. මිනී පෙට්ටිය වැසීමෙන් පසුව ඇයට පුතාගේ මුහුණ මතකයක් පමණි. 

සර් කොල්ලා ආබාධිත වෙලා ආව නම් ඒත් කමක් නැහැ, මට පුලුවන් කොල්ලගේ වැඩ කරන්ට​. ඒත් බලන්ට සර් කොල්ලා අවේ පෙට්ටියේනේ මෙසේ කියමින් පොඩි සේකරද ඇඞුවේය​. අප ගොළු වූයෙමු. 

ඊලාම් යුද්දය විසින් බිලිගත් තරුණ ජීවිත කොතෙක් ද ? මේ මරණයන් නිසා උතුරේ හා දකුනේ කඳුලු සැලූ දෙමාපියන්ට කිසි දින ශාන්තිය ලඟා නොවනු ඇත​. ඔවුන්  ළමුන් ගේ සැමරුම් මත ජීවත් වෙනු නිසැකය​.  

පොඩි සේකර ගේ පුතාගේ මරණයෙන් වසර ගනනාවකට පසුව මම මයි බෝයි ජැක් නම් චිත්‍රපටය දුටුවෙමි. එය සත්‍ය සිද්ධියක් මත පාදක වූ චිත්‍රපටයකි. පළවන ලෝක යුද්ධයේදී ලේඛක රැඩ්ය​ඩ් කිප්ලිං  තම පුතා වූ ජැක් බ්‍රිතාන්‍ය යුද හමුදාවට බැඳී ජර්මානුන්ට එදිරිව සටන් කිරීමට පොලඹවයි. බටහිර පෙරමුනේදී ජැක් වෙඩි වැදී මිය යයි. නමුත් ඔහු ක්‍රියාන්විතයේදී අතුරුදහන්වූ අයෙකු බවට හමුදාව විසින්  රැඩ්ය​ඩ් කිප්ලිංට දැණුම් දේ. එහෙත් ලුතිනන් ජැක් මිය ගිය අයුරු දුටු  ඔහුගේ පුතාගේ ඒකකයේ සිටි සෙබලෙක්  පසුව ඔවුන්ට සත්‍ය පවසයි. 

පුතාගේ මරණින් පසු රැඩ්ය​ඩ් කිප්ලිං සහ බිරිඳ විශාදියකට ලක් වෙති. ඔවුන් සැමදා ජීවත් වන්නේ යුද්දයෙන් මළ පුතාගේ අතීත සැමරුම් වලිනි. පොඩි සේකර කිසිදා රැඩ්ය​ඩ් කිප්ලිං හෝ  ලුතිනන් ජැක් ගැන අසා නැතුවාට සහතිකය​. එහෙත් රැඩ්ය​ඩ් කිප්ලිං සහ  පොඩි සේකර අතර මම යම් සමානත්වයක් දකිමි. ඔවුන් දෙදෙනාම  යුද්දයෙන් මළ තම දරුවන් නිසා ශෝකයට පත් වූවෝ වෙති. ඔවුන් දෙදෙනාම ජීවිතයේ ඉතිරි කාලය ගත කලේ මේ අතීත සැමරුම් සමගය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග

19 comments:

  1. සරලව කිව්වට ලොකු කතාවක්..

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. //පුතාගේ මරණින් පසු රැඩ්ය​ඩ් කිප්ලිං සහ බිරිඳ විශාදියකට ලක් වෙති// තමා ආදරයෙන් හැදු වැඩු දරුවෙකු යුද්ධයෙන් /සටනකින් මියගිය පසු පාර්ශව දෙකේම අයගේ දෙමව්පියන්ට මේ තත්වය ඇතිවෙනවා..

    ReplyDelete
  4. ////Older men declare war. But it is the youth that must fight and die./////
    Herbert Clark Hoover (President of the United States 1929–33)

    ReplyDelete
  5. Kipling had been quite jingoistic they say. It is a fine line between that and patriotism anyway.
    Btw, I'm a huge fan of Jungle Book and some of his other books.

    ReplyDelete
  6. යුද්ධය කියන්නේ විනාශයක් විතරයි .........

    ReplyDelete
  7. මේ නිසයි සාකච්ඡාවෙන් හා සම්මන්ත්‍රනයෙන් ප්‍රශ්න විසදීමේ ප්‍රවේශයන් වර්ධනය කල යුත්තේ. උතුරේ දෙමල තරුනයන් මෙන්ම දකුනේ සිංහල තරුනයන්ද මියගියේ නිස්කාරනේ.
    උතුරේ දැවැන්ත විනාශයක් වුනත් ඔවුන් ලබාගත දෙයක් නෑ. බලය බෙදීම සිදුවුනේ ඉන්දියානු බලපෑමට .
    දකුනේ 71 කැරැල්ල නිසා ඉඩම් ප්‍රතිසංස්කරන පනත බිහිවීමත් 89 කැරැල්ල නිසා රැකියා වලට තරග විභාග ක්‍රමය ඇතිවූ බව කීවත් මේව අලියෙක් වදන්න විලිලා මීපැටවුන් වදීමක්. ඔයිට වඩා ජයග්‍රහන සාමකාමී සට්‍රන් තුලින් ලබා ගෙන තිබෙනවා.
    උතුරේත් දකුනේත් තරුනයන් ප්‍රචන්ඩත්වයට පොලබවන කපටින් පරාජය කලා නම් මේ සෙබල ජීවිතත් ඉතිරියි.

    ReplyDelete
    Replies
    1. දෙමල දේශපාලකයන් , උගතුන් , ජනමාධ්‍යකරුවන් ආදී බහුතරයක් ප්‍රභාකරන් හරහා දෙමල ජාතිවාදයක් ඇති කොට ඔවුන් ගේ ජනතාව යුද්දයකට ඇද දැම්මා . මේ දේ සිංහලයන් ගේ පැත්තෙනුත් උනා. නමුත් කවි කෙටිකතා ලියවෙන්නේ සිංහල ජාතිවාදේ ගැන පමනයි

      Delete
  8. කීපදෙනෙකුගෙ මුදල්/බල තන්හාවට බිලිවන අහිංසක අපි.
    ජයවේවා..!!

    ReplyDelete
  9. "Those who close their eyes to the past are blind to the future."

    ඉහත කියමන, නෙදර්ලන්තයේ National Committee for 4 and 5 May, 2015 වාර්ෂික තේමාව ලෙස භාවිත කල බව මා උගත්තෙමි.

    මා සිතන්නේ අපේ රටේද සමහර කපටි දේශපාලකයන් දෙකොටසක් විසින් මිනිසුන්ගේ දෑස් ජාතිවාදී වෛරයෙන් වසා දමා ඔවුන්ගේ අනාගත දැක්ම අන්ධ භාවයට පත්කර ඇති බවයි.

    ReplyDelete
  10. එක නිසා තමයි රජය ප්‍රභාගේ මුළු පවුලම මැරුවේ... අද හාන්දුරුවරු හා මාද්දියවේදියෝ දෙමළු ඔක්කෝම මරමු කියන්නේ... දෙමළුත් එහෙමම නේ...

    ReplyDelete
  11. අතුරුදන් වෙනවයි කියන එක මිනිය ලැබෙනවට වැඩිය දුක්ඛජනකයි.

    ReplyDelete
  12. පොඩි නැති පොඩිසේකර ගේ කතාව..

    ReplyDelete
  13. අපේ රටේද සමහර කපටි දේශපාලකයන් දෙකොටසක් විසින් මිනිසුන්ගේ දෑස් ජාතිවාදී වෛරයෙන් වසා දමා ඔවුන්ගේ අනාගත දැක්ම අන්ධ භාවයට පත්කර ඇති බවයි.//// ++++++

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook