Sunday, May 8, 2016

හිරු උදා වෙද්දී



හිරු උදා වෙද්දී 
මම දකිමි ඔබේ වත 
ඔබගේ දෙනෙත් වල 
කාන්තියෙන් ලබන්නෙමි
නව ජීවනය 

ඔබ කෙරෙහි මා තුල ඇති
දයාව ආදරය කරුණාව​
යම් දිනක මම අහසේ ලියමි
කඳු මුදුනකට නැගගත් පසු
ඔබට එය කියවනු හැකි වෙනු ඇත​

ඔබ ගීතයක් වෙන්න 
මම එහි තනුව වෙන්නම්
ඔබ ගීතයක් වී සවන් පිනවන විට
මම දෑස් පියා ඔබට කන් දෙන්නම් 

ඔබ චිත්‍රයක් වන්න 
මම එහි එක්  වර්ණයක්  වෙන්නම්
සියළුම වර්ණ එක් කොට
ඔබව විචිත්‍ර කරන්නම් 

ඔබ ගංගාවක් වන්න 
මම ඉවුර වෙන්නම් 
දෙගොඩතලා නොයනසේ
මා ඔබ රැකගන්නම්

4 comments:

  1. සෞදර්යාත්මක සුන්දරත්වයක් තියනවා...
    අපූරුයි..

    ReplyDelete
  2. ප්‍රේමය උතුරා යයි. එය විනීතව, හෘදයාංගමව, ප්‍රකාශ කිරීම, ඉතා ඉහලින් අගය කරනවා.

    ReplyDelete
  3. අපූරුව හැඟීමක්
    ලස්සනයි

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook