Saturday, May 14, 2016

නවක වධය වෙනුවෙන් පෙනී සිටින මෙම සිසුවියගේ ශරීර භාෂාව අධ්‍යයනය කර බලන්න.




මෙම ඡේදය උපුටා ගත්තේ W3Lanka බ්ලොගයෙනි.  එය ඉතා වැදගත් නිරීක්‍ෂණයකි. මේ සිසුවිය තුලින් විසාකා, ලේඩීස් කොලේජ්  වැනි පාසල් වලට ගිය යුවතියන් ගේ පොෂ් ගතිය නැති විය හැක​. එසේම ඇය කෙරෙන් ගම්බද යුවතියන් ගේ අහිංසක බවද නොපෙනේ.  මේ සා  වයිරයක් ඇය තුලින් දිස් වන්නේ මන් ද ? 

මීට වසර බොහෝ ගනනකට පෙර විශේසඥ ළමා වෛද්‍ය මහාහාචාර්‍ය හරේන්ද්‍ර ද සිල්වා මහතා ලංකාවේ ළමා ජනගහනයෙන් 10% අධි ප්‍රමානයක් කායික / මානසික / ලිංගික වාර්ශිකව අපයෝජනයට ලක් වන බවත් එය අනාගතයේ මානසික තුවාල සහිත පරපුරක් ඇති කල හැකි බවත් පෙන්වා දුන්නේය​. නමුත් අපගේ බිහිරි සමාජය මහාහාචාර්‍ය හරේන්ද්‍ර ද සිල්වා   විසින් පෙන්වා දුන් අවදානම  පිලි ගත්තේ නැත​. නමුත් එහි ප්‍රති විපාක දැන් දැන් පෙනේ. 

මෙම සිසුවියගේ ශරීර භාෂාව අධ්‍යයනය කර බලන විට ඇය තුලින් සමාජය කෙරෙහි වෛරය , ආයතන කෙරෙහි ඇති නොරිස්සුම් ගතිය , නීතිය කෙරෙහි ඇති අව සංවේදිතාව , අන්තවාදය කෙරෙහි ඇති යොමුව පෙන්වයි. මෙවැනි චරිත 1988 -89 කාලයේ කපටීන්ට රැව​ටී කැරලි ගසන්නට ගොස් තම පන්තියට අයත් වූ අඩු අධ්‍යාපනයක් සහිත සොල්දාදුවන් අතින් සමූහ දූෂණයන්ට ලක්වී වධ විඳ මිය ගියහ​. යම් ලෙසකින් මෙවැනි චරිත ගුරු වෘත්තිය , රාජ්‍ය සේවය වැනි අංශ වලට ගියහොත් ඔවුන් ළමුන් කෙරහි /මිනිසුන් කෙරෙහි දයාවන්ත වෙයිද ? ඇය තුල ඇති වෛරය සමාජය කෙරෙහි අනුගත නොකරයිද ? 

මෙය ඇයගේ පුද්ගලික ගැටලුවක් ලෙස නොව සමාජ ගැටලුවක් ලෙස දකින්න​. අප සියලුදෙනාම පර පීඩක සමාජයක් නිර්මාණය කිරීම සඳහා දායක වී තිබේ. 



56 comments:

  1. This is mantal sik talk. This kind seniyer rag mantal people must drive away. Then campes cleen to new students. This fool idiyet seniyer students do all derty things to campes and make campes name derty too. High education minister seeriosly must take big action to stop rag in campes.

    ReplyDelete
    Replies
    1. This is mental sick talk ++++++++++++++++++++++++

      Delete
  2. අධ්‍යාපනය නොමිලේ දීමේ ඵල විපාක..!

    ReplyDelete
    Replies
    1. අධ්‍යාපනය නොමිලේ දීලා ඒකේ වගවීමක් ගත යුතුයි

      Delete
  3. You can nullify her claims by adding this
    https://m.youtube.com/watch?time_continue=6&v=0OIu5aGyjNA

    ReplyDelete
  4. මේ සිසුවියගේ කුරිරු ප්‍රකාශන විලාශය උපුටා දක්වමින් එය සාකච්චාවට භාජනය කිරීම ඇත්තෙන්ම වැදගත් කොට සලකමි.
    ඇය එලෙස හැසිරෙන්නේ ඇයි කියන ප්‍රශ්නය මුලු මහත් වූ සමාජයම පිළිතුරු සැපයිය යුතු ප්‍රශ්නයක් බව දකිමි. ඊට පෙර මේ වීඩියෝව තුල හඬා වැලපෙන මෑණියන් අහෝ ඇය ඇගේ දියනිය අතින් හින්සනයට ලක් වූ දැරියන්ගේ මව් වරුන් හඬනා හැටි දුටුවානම්. මා එසේ කීමෙන් ඇගේ දියනිය අන් මව් වරුන් හැඬවූ නිසා ඇයටත් හොඳ වැඩේ කියනා වර්ගයේ අදහසක් නොපවසමි. එහෙත් තවත් මවකට දුකක් නොදෙන මට්ටමේ සංවේදී දියනියක් ඇය සැදුවානම්, අද ඇයටත් හඬන්නට නොවනා වගයි මා කීවේ.

    කෙසේ වෙතත් විශ්ව විද්‍යාල මට්ටමින් මා මේ පිළිබඳ දකිනා වූ එකම පිළියම නම්, මේ ශිෂ්‍යත්ව පදනමින් උපාධි හදාරණ සියළු සිසු සිසුවියන් බඳවා ගැනීමේදීම ඔවුන් ලබන ශිෂ්‍යත්වයේහි මූල්‍ය වටිනාකම සඳහන් ප්‍රකාශනයකට ශිෂ්‍යත්ව කොන්දේසි සහිතව අත්සන් ලබා ගත යුතුය. එසේම එවන් සෑම සිසු සිසුවියක්ම වාර්ශිකව අගැයීම් මගින් ශිෂ්‍යත්වය අළුත් කල යුතුය. එවිට සිසුන්ගේ අධ්‍යාපනය කෙරෙහි වූ බැඳීම හා වගකීම වැඩිවීම තුලින් අනුන් හැදීම පසෙක ලා තමන් හැදෙන්නට තැත් දරාවි.
    විශ්ව විද්‍යාල තුලින් සැබෑ ශිල්ප දැනුමක් සහිත උපාධිදාරීන් බිහි වේවි.

    කෙසේ වෙතත් නවක වදය යන්න කොන්දේසි විරහිතව සමාජයෙන් තුරන් කොට දැමිය යුතු පිළිකාවකි.

    ReplyDelete
    Replies
    1. ....මුල්‍ය වටිනාකම සඳහන් ප්‍රකාශනයකට ශිෂ්‍යත්ව කොන්දේසි සහිතව අත්සන් ලබා ගත යුතුය ....කලොත් අගනා වැඩක් !!!!! මේ ශිෂ්‍යත්ව පදනමින් උපාධි හදාරණ සියළු සිසු සිසුවියන් නොවෙයි සියලුම ඉහල අධ්‍යාපනය නොමිලයේ ලබන සියලු දෙනාටම අනිවාර්ය කලයුතු දෙයක් .!

      Delete
    2. "එසේම එවන් සෑම සිසු සිසුවියක්ම වාර්ශිකව අගැයීම් මගින් ශිෂ්‍යත්වය අළුත් කල යුතුය". Absolutely correct. This is what should happen.

      Delete
    3. මේ වගෙ සිසුන් හදුනාගෙන මනෝ උපදේශනයට ලක් කිරීමේ ක්‍රමයක් නැද්ද.

      Delete
    4. ඔව් අනෝ සහෝදරයා, මේවා අපි අපි දිගින් දිගටම කථා කලොත් යම් පමණකට එවන් වූ අදහස් සමාජ ගත විය හැකියි. යම් කිසිවෙක් මෙවන් වූ අදහස් පාර්ලිමේන්තුවේදී පවා යෝජනා කිරීමට එඩිතර වේවී.

      මධ්‍යස්ත, යුනියේ ත්මන්ට ලැබෙන ශිෂ්‍යත්ව පැකේජයේ මූල්‍ය වටිනාකම සිසුන් දන්නවානම්, ඔවුන්ට එය ඉදිරි වසර සඳහා පවත්වා ගැනීමට මේ වසරේ GPA එක යම් කිසි මට්ටමකට උඩින් පවත්වා ගැනීමේ අනිවාර්ය අවශ්‍යතාවයක් වෙත්නම්, බහුතරයක් සිසු සිසුවියන් මෙවන් වූ උන්මත්තක මනෝ ව්‍යාධි වලින් පෙලෙන සහෝදර සිසුන් අනුගමනය නොකරාවි.
      ඉබේම මේ Aggressive Characters විශ්ව විද්‍යාල පද්ධතිය තුල දැන් ලබන නායකත්වය වෙනුවට කොන්වීම ලබාවි.
      එවිට ඔවුනට උදව් හා ප්‍රතිකාර කල හැකි වේවි.
      එහෙම නේද?

      Delete
    5. කෙසේ වෙතත් විශ්ව විද්‍යාල මට්ටමින් මා මේ පිළිබඳ දකිනා වූ එකම පිළියම නම්, මේ ශිෂ්‍යත්ව පදනමින් උපාධි හදාරණ සියළු සිසු සිසුවියන් බඳවා ගැනීමේදීම ඔවුන් ලබන ශිෂ්‍යත්වයේහි මූල්‍ය වටිනාකම සඳහන් ප්‍රකාශනයකට ශිෂ්‍යත්ව කොන්දේසි සහිතව අත්සන් ලබා ගත යුතුය. එසේම එවන් සෑම සිසු සිසුවියක්ම වාර්ශිකව අගැයීම් මගින් ශිෂ්‍යත්වය අළුත් කල යුතුය. එවිට සිසුන්ගේ අධ්‍යාපනය කෙරෙහි වූ බැඳීම හා වගකීම වැඩිවීම තුලින් අනුන් හැදීම පසෙක ලා තමන් හැදෙන්නට තැත් දරාවි.///////////// ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  5. "මාතර දුවෙක් නේද? දැඩි සිත් ඇති , හොස්ස ළගින් මැස්ස යන්න බැරි ජාතියේ මිනිසුන් අතර හැදුන දියණියක්... ඔය හරේන්ද්‍ර මහත්තයට බැරි වුනා එයා වැඩ කරපු දෙපාර්තමේන්තුවේ ම හිටපු @#ව ....සේන නම් මානසික වදකයෙක් අනාගත දොස්තර වරුන් රාශියක් අධික මානසික අපයෝජනයට ලක් කරන එක නවත්වන්න... හැබයි හරේන්ද්‍ර මහත්තයා නම් හොඳ මනුස්සයා....

    ReplyDelete
    Replies
    1. බුදුන්ටත් දේවදත්ත නිවන් දක්වන්න බැරි උනා නේද ?

      දෙපාර්තමේන්තුවේ ම හිටපු @#ව ....සේන නම් මානසික වදකයෙක්///////////// ඔහුට හැදෙන්න ඔහුගේ නම ලියන්න

      Delete
  6. ඩොක්ටර් මම මිට පෙර කුරුටු ගෑ ගිපවුරේ කරපු මගේ කොමෙන්ටුවක් දමනවා.

    ශ්‍රී ලාංකිකයෝ විදියට අපට නොමිලේ ලැබෙන බොහෝ දේවල් අපට ලැබියයුතු දේ විදියට අපි සිතනවා නමුත් අපෙන් රටට ලබියයුත්තේ මොනවද කියන දේ ගැන අපි එතරම් සැලකිලි මත් වෙන්නේ නෑ.

    දැන් අපි බලමු මුලින්ම අපි ඉන්නේ කොහෙද කියල
    Sri Lanka ranking World rank University
    1 2135 University of Colombo
    2 2466 University of Peradeniya
    3 2608 University of Moratuwa
    4 3087 University of Kelaniya

    මේක බැලුවහම පේනවා නවක වාදයෙන් පන්නරය ලබපු ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති තැන.

    ලෝකයේ විවිද විෂයන් ඉගැන්වීම අතින් නම්දරා තියන ආයතනයක් තමයි https://www.lynda.com/ කියන්නේ

    ලෝකයේ ඉහලම විස්වවිද්‍යාල මේ ආයතනයෙන් පහසුකම් ලබාගන්නවා

    මෙන්න බලන්න

    https://courses.it.ox.ac.uk/lynda (university of oxford)

    http://www.training.cam.ac.uk/event/746907 (university of cambridge)

    https://ist.mit.edu/training-web (Massachusetts Institute of Technology)


    http://lynda.harvard.edu/ (university of harvard)

    අද වෙනවිට ශ්‍රී ලංකාව ලෝකයේ වේගවත්ම අන්තර්ජාල සම්බන්දය ඇති රටක් වී අවසන් ඔවුන් ට 100MBPS 100MBPS කෙසේ වෙතත් 90MBPS සම්බන්දයක් ලබාදෙනවා.
    හරිනම් විශ්වවිද්‍යාල සිසුන් එකාවන්ව සටන්කළ යුත්තේ මෙවැනි පහසු කමක් ලබාගැනීමටයි එක එකා ට රැග දෙන වෙලේ ඉංග්‍රීසි ටිකක් අර දුප්පත් ළමයෙකුට උගන්වා තමනුත් අතිරේක ඉගන ගැනිමක් කලානම් නරකද?

    ReplyDelete
    Replies
    1. Sri Lanka ranking World rank University
      1 2135 University of Colombo
      2 2466 University of Peradeniya
      3 2608 University of Moratuwa
      4 3087 University of Kelaniya

      SO SAD

      Delete
  7. "මේක බැලුවහම පේනවා නවක වාදයෙන් පන්නරය ලබපු ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති තැන". ++++++
    ලංකාවේ phd හෝ masters වත් සත පහකට අනිත් රටවල් වල ගණන් ගන්නේ නැහැ දැන් (except Uganda and MR friendly African countries....)

    ReplyDelete
  8. පේන විදිහට පාර්ලිමේන්තුවේ වගේම සරසවියේත් ඉන්නවා හරිනම් හිරේ ඉන්න ඕනෙ උන්. උන් දෙගොල්ලම උන්ගේ ආයතන හා උන් සාමාන්‍ය නීතියට යටත් නෑ කියලා හිතන් ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. සරසවිවල පමණක් නෙමෙයි හුඟක් තැන්වල නවකයන්ට හා බලයෙන් අඩු අයට වද දෙන එක තියනවා. හුඟක් තැන්වල අහුවුනාම දඬුවම් විඳිනවා. සරසවිවල ඒක මහා ලොකු අවශ්‍ය දෙයක් එයට එරෙහිව කතා කිරීම මහා කුමණ්ත්‍රනයක් කියන එක තේරුම් ගන්න අමාරුයි. ඔයතරම් ඕනෙ නම් නවක වදය දෙන්න. හැබැයි අහුවුනාම ලොකු තියරීස් නොදා දඬුවම් විඳින්න ලෑස්තිවෙලා

      Delete
  9. කුරුටු සැට් එක පැමින කියවන්න.... ඉන්පසු මානසික වෛද්යවරයෙකු ගෙන් බෙහෙත් ගන්න!

    ReplyDelete
  10. විශ්ව විද්යාල වල සිටි බොහෝ අය (70% - 80%) නවක වදය අනුමත කරනවා. හේතුව ඔව්නුත් අතීතයේ සහබාගී වී ඇති නිසා.

    මෙය පටන් ගත යුත්තේ 5 - 6 පන්ති වල සිසුන්ගෙන්. ඔවුන් ව දැනූවත් කල යුතුය් විශ්ව විද්යලයට ගියොත් නවක වඩයට සම්බන්ද නොවන බවට ඔව්න්ගෙන් ප්‍රතිඤ්ඤාවක් ලබගත යුතුය්.

    එවිට මෙ ප්‍රශ්නය තව අව් රුදු 5 කින් වත් නැති වෙය්.

    ReplyDelete
    Replies
    1. විශ්ව විද්යාල වල සිටි බොහෝ අය (70% - 80%) නවක වදය අනුමත කරනවා. හේතුව ඔව්නුත් අතීතයේ සහබාගී වී ඇති නිසා.//////////// yes

      Delete
  11. ඒ කියපු දේ වගේම වුරුදු තිහක් තිස්සේ ඇදී ගිය දරුණු සහ මිලේඡ්ච යුද්ධයත්, දන ගසා වැඳ වැටෙන අධිපති පාළණ ක්‍රමයත්, මොවුන්ගේ පක්ෂ තුල ඇති ගෝත්‍රිකවාදී මානසිකත්වය හා තවත් බොහෝ දේවල ප්‍රකාශණයක් තමයි මොවුන්ගෙන් එලියට එන්නේ... ඒ දෙවල් හදන්න කිසිම එකෙක් උත්සාහ ගන්නේ නෑ... හැම එකාම ට්‍රයි කරන්නේ මිලෙඡ්චත්වයට ගමන් කරන්න... ගස් ගල් වඳින නායකයන් ඉන්න රටක මේ දේවල් මහා පුදුම දේවල් නෙමෙයි....

    ReplyDelete
  12. මමත් නවක වදයට භාජනය වුන කෙනෛක්. මම ගිය විශ්ව විද්‍යාලය පිළිබඳ හොද අවබොධයක් තිබුන නිසා හුඟක් වොලාවට නවක වදයෙන් බේරී සිටියා. නමුත් සැහෙන්න වැදුනේ නැත්තෙත් නෑ. මම ඔය වදයට කොහෙමත් එදත් අදත් අකමැතියි. ඕකෙන් මට වෙච්ච සෙතක් නෑ. මට කියන්න තියෙන්නේ . නවක වදයෙන් පස්සේ මානසිකව දුර්වල අත්දැකීම් අඩු සමහර ශිෂ්‍යයන් මානසික අබාද වලට ලක්වුනා. බොහෝ සිසුන් ඔව්න් බයිට් එකට ගත්තා මිසක් එම තත්වයෙන් ගොඩ ගන්න උත්සාහ කරේ නෑ.

    ReplyDelete
    Replies
    1. මේක මානසික රෝගයක්

      Delete
  13. කවුරු මොනවා කිව්වත් නොයෙකුත් තර්ක විතර්ක ගෙනාවත් නවක වදය යනු අශික්ෂිත මානව අයිතිවාසිකම් වලට පටහැනි, රටේ පොදු නීතියට පටහැනි තනිකරම 'වධයකි'. එය තුරන් කල යුතුමයි.

    සැ:යු: මෙය ලියන මම නවක ව්ධය විඳ ඇත්තෙමි. මෙරට එක් සහ පිටරට විශ්වවිද්‍යාල 4ක අධ්‍යන කාර්ය මණඩල වල සේවය කර ඇත්තෙමි. පිටරට අධ්‍යාපනය ලැබූ සහ සේවය කල කිසිම විශ්ව විද්‍යාලයක මෙවන් රැග් වධ නොදැක්කෙමි.

    ReplyDelete
    Replies
    1. . පිටරට අධ්‍යාපනය ලැබූ සහ සේවය කල කිසිම විශ්ව විද්‍යාලයක මෙවන් රැග් වධ නොදැක්කෙමි.+++++++++++++

      Delete
  14. //මෙය ඇයගේ පුද්ගලික ගැටලුවක් ලෙස නොව සමාජ ගැටලුවක් ලෙස දකින්න​. අප සියලුදෙනාම පර පීඩක සමාජයක් නිර්මාණය කිරීම සඳහා දායක වී තිබේ.//
    අවසානයේ මේ මාතෘකාව සම්බන්ධයෙන් මාදුටු වැදගත්ම කියවීම. මඩුවලිග ප්‍රතිකාරයෙන් වෙන්නෙ ගැටළුව වෙනත් හැඩයකින් දරුණුව මතුවීම පමණයි.
    ජයවේවා..!!

    ReplyDelete
  15. මෙය අධ්‍යනයට ලක් විය යුතු ක්ශේත්‍රයකි. මෙවැනි සිසු සිසුවියන් තුල දැඩි වෛරයක් ඇතිකරන බලවේග ගැන විමසිය යුතුය.මෙම බලවේගවලට ඇදී යන්නේ දැනටමත් මානසික තුවාල ඇති අයයි.මෙම බලවේගවලින් කරන්නේ පොඩි පෝර පාරක් ගැසීම විය හැක. නමුත් මෙසේ බ්‍රේන් වොෂ් කර ත්‍රස්තවාදීන් බිහිකිරීම නතර කල යුතුය. මෙය මොවුන්ගේ ශරීර සෞඛ්‍යයටද හොද නැත. මෙසේ වෛරයෙන් පුපුරන අය ඉතා දරුණු වධකයෝය. මුළු සමාජයම පරපීඩක සමාජයක් වීම ඉවසා සිටිමුද.
    අවශ්‍ය වන්නේ නවක වධය තුලින් මොවුන් ත්‍රස්තවාදීන්ගේ තුරුලට යැවීම නොවේ. වෙනත් සමාජ ක්‍රියාකාරකම් හරහා සමාජයට බද්ධ කිරීමය.
    ඇල්ජීරියාවේ ත්‍රස්තවාදය පැවති සමයේ එරට

    ReplyDelete
    Replies
    1. මෙසේ වෛරයෙන් පුපුරන අය ඉතා දරුණු වධකයෝය. ////////// ++++++++++++++

      Delete
  16. මේවා මෙහෙම නෙවේ මව්කිරිත් එක්ක දිය කරලා පෙව්වත් අපේ සමාජය පිළිගන්නේ නෑ. පිළිගත්තත් මේක වෙනස් කරන්න කිසිම දෙයක් කරන්නේ නෑ. ඒ ගැන දුකයි.

    ReplyDelete
    Replies
    1. මෙහෙම හරි කතිකාවක් ගොඩ නැගෙන එක වැදගත්

      Delete
  17. මේ සිසුවිය නවක වදයට පක්‍ෂයැයි තම කතාවේදී නොකියන නිසා ඇයට එලෙස චෝදනා කිරීමට මම නම් නොපෙළඹෙමි.

    ඇය කියන්නේ නීතිය අනුව ඇප දිනය නොහැකි වරදක් කර නැති තම විශ්ව විද්‍යාලයේ සිසුවියන් කිහිප දෙනෙකුව පැමිණිල්ලක් පමණක් මත අත් අඩංගුවට ගෙන ඇප නොදී තබා ගැනීම ගැන ඔවුන් විරෝධය පාන බවයි.

    එහි ඇති වරද කුමක් ද?

    මට නම් පේනෙන්නේ ඇය ඉතා එඩිතරව කතා කරන බවයි.

    මේ විඩියෝව අහම්බෙන් දුටුූ, ලංකාවේ විශ්ව විද්‍යාලයක උගත්, ලංකාවේ වත්මන් දේශපාලනය ගැන තොරතුරු වැඩිපුර නොදන්නා කාන්තාවක් ද කීවේ, ඒ සිසුවියට අන් අය බණින්නේ ඇයිදැයි යන්න ඇයට සිතා ගත නොහැකි බවයි.

    මා මගේ ලිපියක ලියූ පරිදි අද විශ්ව විද්‍යාලවල බලය ඇතැයි කියන ඵෙරටුගාමී සමාජවාදී පක්‍ෂයට අනුබද්ධ ශිෂ්‍ය සංගම්වලින් වහාම කළ යුත්තේ, තමන් නවක වදයට විරුද්ධද නැද්ද යන බව ඛෙලින් ම ප්‍රකාශ කර, විරුද්ධ නම්, නවකවදය මුලිනුපුටා දැමීමට වහාම පියවර ගැනීමයි.

    ReplyDelete
    Replies
    1. මෙම සිසුවියගේ ශරීර භාෂාව අධ්‍යයනය කර බලන්න.

      Delete
    2. විවාදයක් නැහැ නවක වදය මුලිනුපුටා දැමිය යුතුයි. මේ නවක වදය ගැන නොවෙයි..

      "ශරීර භාශාව" අධ්‍යයනය කොට දැන ගත හැක්කේ කුමක්ද? මට නම් මේකත් අර ධනාත්මක චින්තනය වගේ තොරොම්බල් කරන දෙයක්.

      තරහ ගිය කෙනෙක්ගේ ශරීර භාශාවේ තියෙන්නෙත් තරහවක්, වෛරයක් කියන එක හොයාගැනීම මහ ලොකු හොයා ගැනීමක්ද?

      අනික, කතා කරන භාශාව වගේම ශරීර භාශාවත් කෙනෙක් (දැනුවත්ව හෝ නොදැනුවත්ව) භාවිතා කිරීමේ ඇති වැරැද්ද මොකක්ද? එක වෙනසක් නම් ශරීර භාශාවෙන් කුනු හරුප කියන්න බැහැ. ;-)

      ඇත්ත කතා කරමු. කෙනෙකුගේ ශරීර භාශාව කියවනවා යැයි කියමින් අප කරන්නේ අප ඇය හෝ ඔහු ගැන සිතන ආකාරය ඇයට හෝ ඔහුට ප්‍රක්ශේපනය කිරීම නොවේද? මේ සිසුවියගේ "ශරීර භාශාව" හරහා "මෙවැනි සිසු සිසුවියන්" සහ "ළමා ජනගහනයෙන් 10% අධි ප්‍රමානයක් කායික / මානසික / ලිංගික වාර්ශිකව අපයෝජනයට ලක් වන බව" අතර සම්බන්ධයක් දැකීම එවැන්නක් නොවේද? මේකෙ අනික් පැත්ත ගනිමු... මේ නම් කියන්නේ තේරුම් ගැනීමේ පහසුව පිනිස මිස අපහාසයකට නොවේ. ඔවුන් ගැන නොදන්නා කෙනෙකුට සරත් එන් ද සිල්වා, අත්තනායක එම් හේරත් ... සහ සමහර කපටි හාමුදුරුවරු (උඩුවේ නොවේ ! ;-) ), සමහර සරසවි ඇදුරන් වැනි කෙනෙකුගේ ගේ ශරීර භාශාව අධ්‍යයනය කොට ඔවුන්ගේ චරිතයේ අබ මල් රේනුවක් වත් අනුමාන කල හැකිද? මෙවන් උදාහරන තව ඕනෑ තරම් දිය හැකියි.

      ඉතින්..., ඇගේ ශරීර භාශාව අධ්‍යයනය කොට ඔබ ලබාගන්නා / දැනගන්නා දේ කුමක්ද?

      - Dimithri

      Delete
    3. 1) Body Language Assessment in Clinical Practiceකියා පිලිගත් විශයක් තිබේ.
      2) මට නම් මේකත් අර ධනාත්මක චින්තනය වගේ තොරොම්බල් කරන දෙයක්/// මේ විශය ගැන ඔබට අවබෝධයක් නොමැති නිසා ඇතිවූ අදහසකි. ශරීර භාෂාව මගින් කල සන්නිවේදන දියුණු රටවල උසාවි වල සාක්‍ෂි ලෙස පිලිගැනේ.

      Delete
    4. 1. මම හිතන්නේ නැහැ ඔබේ මේ ලිපිය කියවන කිසි කෙනෙක් (නැත්නම් අඩු ගානේ 99% වත් ) ඒ මට්ටමට (විශයක් ලෙස ) ශරීර භාශාව ගැන හදාරා ඇති කියලා. ඒකයි මම කියන්නේ මේක තොරොම්බල් වන වචනයක් විතරයි කියලා. තමන් අන් කෙනෙක් ගැන දන්නා තරම ප්‍රක්ශේපනය කිරීම. ආපහු අහන්නේ, සරත් එන් ද සිල්වා ගේ ශරීර භාශාව ඔහු ගැන දන්නා සහ නොදන්නා දෙන්නෙක් කොහොම කියවයි ද?

      2. //ශරීර භාෂාව මගින් කල සන්නිවේදන දියුණු රටවල උසාවි වල සාක්‍ෂි ලෙස පිලිගැනේ// කියන එක මෙතනදි අවුට් ඔෆ් කොන්ටෙක්ස්ට් නේද? කවුද ඒක නොපිලිගන්නේ සහ මෙතෙන්ට අදාල වෙන්නේ කොහොමද?

      - Dimithri

      Delete
    5. Read more about this subject

      Delete
    6. The problem here is not her body language or the way she talks. The problem is, it happened to be a "SHE" who speaks like this. If this statement was given by a male student, you would not post it here. Because that is a common thing happening in day to day life including in mainstream media.

      Kal

      Delete
  18. මේ දැරිවිව මේ ආකාරයේ මොළ සේදීමකට ලක් කල අය තමයි වගකියන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. මොල සේදුවේ කව්ද ? සමාජය විසින් නේද ?

      Delete
  19. ළමයා එඩිතරය​. ඒත් ළමයාට පොඩි කාලේ මොකක් හරි වෙලා ඇති බව පෙනේ.

    ReplyDelete
  20. 1980 ganan wala NCMC samana thathwayak thamai dan thibenne. Malabe mul karagena yam kandayamak lamayin wa nannaththara karanwa. Meka idiriyata loku awulak wenna puluwan.

    ReplyDelete
  21. මේ ළමයා ප්‍රකාශ කරන්නේ තිබෙන චෝදනා වලට නීතිය ඉක්මවා ක්‍රියා කර ඇති බවය​. මීට එරෙහිව ඔවුන් මහා ව්‍යාපාරයක් ගෙන යන බවය​. 'බොඩි ලැංවේජ්' නොසැලකුවද ඇය 'එඩිතරව' පෙනී සිටින්නේ නවක වද කන්ඩායම වෙනුවෙන් බව එයින් පැහැදිලි වේ.

    ReplyDelete
    Replies
    1. ඇය 'එඩිතරව' පෙනී සිටින්නේ නවක වද කන්ඩායම වෙනුවෙන් ////// True

      Delete
  22. විසි එක්වැනි සියවසේදීත් ගලවා දමන්නට බැරි වූ කඩමාළු රෙද්දකි. මෙහෙම ගියහම සිසුන්ගේ සැබෑ ගැටළුවකදී වත් ජනතාව ඔවුන්ගේ පැත්ත ගන්නේ නැති වෙයි.

    ReplyDelete
  23. වර්ථමානයේ ඉතාමත් ශිෂ්ට ලෙස දේශපාලනය කරන ආකාරයක් දක්වන පක්ෂකයකට සම්බන්ධ සිසුන් පිරිසක් විසින් මෙම නවක වදය දුන්නේ යැයි ද, පැමිණිල්ල පිටුපස වෙනත් දේශපාලන හස්තයක් පවතින බව ද කතා පවතී. ‍යට අැදුම ගලවා අතට දෙන බවට හෝ අතට දී ගෙදර යවන බව පවසා ඇතැයි ද සැලකේ. සාමාන්‍යයෙන් උඩගු ලක්ෂණ දක්වන නවකයින්ට එසේ සැර කිරීම එදාද දක්නට ලැබිණ. කෙසේ වෙතත් දරා ගැනීමේ හැකියාව වැඩීම සදහා යයි නවක වදය ලබා දී ම පෞද්ගලිකව මම බැහැර කරමි. සමාජ ‍වෛරී, දේශපාන වෛරී හා පාලක/පාලන වෛරී අදහස් සිත් තුළ ජනිත කිරීමට මෙම වයසේ දී ඉතාමත් පහසු ය. (ආදරණීය හැගුම් මෙන්ම). ඉතාමත් තරගකාරී ලිඛිත අධ්‍යාපනික පරිසරයකින් ජය ලබා එන මේ දරුවන්ට සමාජානුයෝජනය, පරිසරය, සමාර ස්ථරායනය පිළිබදව ඇත්තේ අඩු අත්දැකීම් ය. ඉතින් ඕනෑම කෙනෙකුට "තෙල්" බෙදා තමන් වෙත, තම කල්ලිය වෙත මොවුන්ව අද්දවා ගත හැකි ය. මෙවැනි ආකාරයට කතා කළ සිසුවියන් අපේ කාළයේ ද සිටිය හ. ඹවන් දැන් ඉතා සාර්ථක ලෙස ජීවිතය ගෙවති - එනම් වයසින් මුහුකුරා යන විට හා සත්‍ය සමාජ අත්දැකීම් මත පරිනත තත්වයට පත් වීමයි. මෙවැන්නෝ ඉතාමත් කැප වීමෙන්,වග වි මෙන් තම කාර්යය කරති. (පැමිණිල්ල අස් කර ගන්නා ඉල්ලීම් කළ ප්‍රතම වසරේ දෙදෙනෙකු ද අත් අඩංගුවට ගෙන පසුව ඇප දෙන/මුදා හරින ලදී) විලාසිතා සංකීර්ණ වී ඇති, සන්නිවේදනය දියුණු යැයි සලකනු ලබන කාලයක දී තාමත් නවක වදය හිංසන මට්ටමින් තිබීම කණගාටුවට කරුණකි. නවක වදය දෙනු ලබන්නේ ඒ ඒ පුද්ගලයා හෝ කණ්ඩායමේ සිතැගි, අභිලාශ, මනෝභාවන් අනුව ය. මේ අනුව මෙම දැරිය පෙනී සිටි‍න්නේ කුමන කණ්ඩාමකට දැ යි අත්දැකීම් ලද්දන්ට නම් පහසු කරුණකි. මෙය නැති කිරීමට නම් නිදහස් අධ්‍යාපනය යථාර්තයක් වී ම ට නම් සැමට සමාජ සාධාරණය තිබිය යුතු ය.

    ReplyDelete
    Replies
    1. සැමට සමාජ සාධාරණය තිබිය යුතු ය./// agree

      Delete
  24. // මෙවැනි චරිත 1988 -89 කාලයේ කපටීන්ට රැව​ටී කැරලි ගසන්නට ගොස් තම පන්තියට අයත් වූ අඩු අධ්‍යාපනයක් සහිත සොල්දාදුවන් අතින් සමූහ දූෂණයන්ට ලක්වී වධ විඳ මිය ගියහ​. //
    ඩොක්ටර් මම ඔඛේ ලිපි ඛෙහෙවින් කියවා අගය කරන කෙනෙක්. නමුත් මේ ලිපියේ ඇතැම් අදහස් සමග මට එකග වනේන බෑ. ශිෂ්‍ය ව්‍යාපාර බිහිවෙන්නේ පාලකයන්ගේ මර්දනයත් සමගයි. මේ ප්‍රකාශයම ගැැහැනු ළමයෙක් නෙවෙයි පිරිමි ළමෙක් කළා නම් ඔහුගේ ශරීර භාෂාවෙනුත් මේ කරුණුම ප්‍රකාශයට පත්වෙනවාද? ඇයි ගැහැනු අය අසාධාරණයට විරුද්ධව කතාකරනකොට කැත නිසාද? මම ඔඛෙන් ලොකු ගතානුගතික දෙයක් දකිනවා මේ සිද්ධියේදි. කෙනෙක් සමාජය සමග වෛරයෙන් පසුවෙනවා නම් එයට හේතු සොයාබැලිය යුතු වනවා මිස මනෝ විශ්ලේෂකයන් කළ යුත්තේ ඒ කෙනා ගැන පුද්ගිලක චරිත සහතික දීම නෙවෙයි. විශේධෂයෙන්ම මෙවැනි චරිත ජවිපෙ කාලෙ සමූහ දූෂනයට ලක්වුණා කියන ප්‍රකාශය හරිම සාහසිකයි. ඔබ වැනි උගත් කෙනෙක් අතින් මෙවැනි අදහස් පළවීම ගැන.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook