Friday, May 6, 2016

ලංකාවේ සරසවි වල තාරුණ්‍යය




කැලණි සරසවියේ නවක සිසුවියකට දිග කලිසම ඇඳීම තහනම් කරමින් නවක වදය දුන් බව කියන සිසුහු 07 දෙනා මහර ප්‍රධාන මහේස්ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණසිංහ මහතා විසින් ලබන 17 දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ. මෙම පිරිස අතර සිසුවියෝ සිව් දෙනෙක්ද සිටිති. ( ලංකාදීප ).එම සිසු සිසුවියන් 07 දෙනා රාගම රෝහලේ මානසික වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙසට ද බන්ධනාගාර නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කෙරිණි. වන්නිආරච්චිගේ තුෂාර සම්පත්, ළහිරු අතුල ප්‍රියදර්ශන, රසාංජලී ෙµdන්සේකා, රංගිකා නදීශානි දිල්රුක්‍ෂි, තිළිණි දනුෂිකා දිල්රුක්‍ෂි, ඩී. එම්. ලසන්ති සුභාෂිණී, ඒ. බී. ඉෂාන් ලක්‍ෂිත යන විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 07 දෙනා මෙසේ රිමාන්ඩ් භාරයට පත්වූහ. 



මේ චායාරූපය දෙස බලන විට ලංකාවේ සරසවි වල තාරුණ්‍යය නන්නත්තාර වී සිටින බව වැටහේ. බුද්ධිමත් පිරිස ලෙස හඳුන්වන ලබන මොවුන් වනචාරී සේඩිස්ටික මානසිකත්වයට යොමු වීම සහ පාරිලිමේන්තුවේ නූගතුන් ගහ මරා ගැනීම අතර වෙනස කුමක්ද ? 

මේ පිරිස දෙස බලන විට පෙනී යන්නේ ඔවුන් දිස්ත්‍රික් කෝටාවෙන් සරසවියට විත් ජීවිත කාලයක්ම ඔවුන්ව පෙලන ලද ග්‍රාමීය පසුගාමීත්වය, දරිද්‍රතාව සමාජ විශමතාව   නිසා ඇතිවූ වයිරය අනෙකා කෙරෙහි ආදේශ කරන බවයි. මොවුන් ඉගෙනගෙන ඉහල රැකියාවක් ලබා ගෙන පන්තිය මාරු කලද බොහෝ දෙනෙකු තමන් ගේ මූල පන්තියට අයත් වූ මිනිසුන් කෙරෙහි අනුකපාවක් නොදක්වති. ඔවුන් සේවය කරන්නේ නරුමවාදයටය​. 































67 comments:

  1. රැග් එකෙන් කරන්නෙ කෙල්ලන්ගෙ විළි බිය එහෙම් පිටින්ම නැති කරන එක. ගම් වල හැදුනු කෙල්ලො කැම්පස් ඇවිල්ල කරන දේවල් දැක්කම හරිම ලැජ්ජයි. අපේ සිංහල සංස්කෘතිය මුලුමනින්ම නැති කරනව.

    ReplyDelete
    Replies
    1. ගම් වල හැදුනු කෙල්ලො කැම්පස් ඇවිල්ල කරන දේවල් දැක්කම හරිම ලැජ්ජයි.//// ඔබ කියන්නේ අලුත් අයට රැග් කරන එක ගැනද ?

      Delete
  2. යාපනේ කැම්පස් එකේ ආචාර්ය මණ්ඩලයට අවශ්‍ය වුනා ශිෂ්‍යාවන්ට සතියකට දවසක් සාරි අන්දන්න.

    ReplyDelete
    Replies
    1. ඕවා තලිබාන් පන්නයේ ක්‍රියා

      Delete
  3. "නවක වදය මාර හොඳයි, ඒකෙන් අපිට එව්වා ලැබෙනවා, මෙව්වා ලැබෙනවා, අපේ නායකත්ව කුසලතා වැඩිදියුණු වෙනවා." කියා පාරම් බාන බුජ්ජිමතුන්ට නවක වදය දරාගත නොහැකිව සියදිවි නසාගත් හෝ සදාකාලික මානසික රෝගීන් බවට පත්වූ අහිංසකයින් එයින් ලබාගත් කුසලතා ගැන කියන්නට දෙයක් ඇත්දැයි නොදනිමි. තමන්ගේ නායකත්ව කුසලතා වැඩිදියුණු කරගැනීමට නුපුරුදු තැනක, නුපුරුදු අය අතින් ශාරීරික හෝ මානසික වධහිංසාවලට භාජනය විය යුතු යැයි සිතන එවුන් සිටිය යුත්තේ විශ්වවිද්‍යාලවල නොව හරක් පට්ටිවල ය.

    ReplyDelete
    Replies
    1. නවක වදය දරාගත නොහැකිව සියදිවි නසාගත් හෝ සදාකාලික මානසික රෝගීන් බවට පත්වූ අහිංසකයින් ///// so sad

      Delete
  4. ඔබ ප්‍රජාතන්ත්‍රවාදියෙක් හෝ වාමාංශික කණ්ඩායමක් හෝ පක්ෂයක් නම් ඔබ දේශපාලනයේ යෙදී සිටින්නේ යැයි කියවෙන අවකාශය තුළ හා ඒ සම්බන්ධව නවකවදය සිදුවන විට ඔබ නොවළහා සහමුලින් එය හෙළා නොදකින්නේ නම්, ඉන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් ඔබ නැගී නොසිටින්නේ නම් ඔබට ප්‍රජාතන්ත්‍රවාදියෙකු හා වාමාංශිකයෙකු ලෙස පෙනී සිටිය නොහැකි බව මගේ අදහසයි.

    ReplyDelete
  5. මේ තත්වය නිසා කැම්පස් ගැන දැන් හොඳ ආකල්පයක් සමාජයේ නෑ.. සමහරක් අය කැම්පස් එන්නත් අකමැති මේ නිසා..

    ReplyDelete
  6. මුන්ගේ නම් වල ශ ෂ අකුරු වැඩියි.

    ReplyDelete
  7. // මේ පිරිස දෙස බලන විට පෙනී යන්නේ ඔවුන් දිස්ත්‍රික් කෝටාවෙන් සරසවියට විත් ජීවිත කාලයක්ම ඔවුන්ව පෙලන ලද ග්‍රාමීය පසුගාමීත්වය, දරිද්‍රතාව සමාජ විශමතාව නිසා ඇතිවූ වයිරය අනෙකා කෙරෙහි ආදේශ කරන බවයි. //

    වර්තමාන ජනාදිපති ත් ඔයි කියනා ග්‍රාමීය පසුගාමීත්වය, දරිද්‍රතාව සමාජ විශමතාව තුලින් ඉහලට ආ කෙනෙක් නේද?

    එසේනම් ඔහු ඉහල තනතුරු ලබා ගෙන පන්තිය මාරු කලද තමන් ගේ මූල පන්තියට අයත් වූ මිනිසුන් කෙරෙහි අනුකපාවක් නොදක්වයි ද? ඔහුත් සේවය කරන්නේත් නරුමවාදයටය ද?

    ReplyDelete
    Replies
    1. දැන් ඔය බ්ලොග් ලියන උපාදිදාරීන් බහුතරයත් ගම්වලින් දිස්ත්‍රික් පදනමෙන් ආපු අය නේද

      Delete
    2. වර්තමාන ජනාධිපති ගේ පියා යුද හමුදාවෙන් ඉවත් වූ පසු පොළොන්නරුවේ ඉඩම් ලබා එහි පදිංචියට ගිය කෙනෙක්. මව ගුරුවරියක්. ඔවුන් එවැනි දරිද්‍රතාවෙන් පෙළුණු අය නොවෙයි. එම පවුල ග්‍රාමීය මැද පන්තියට අයත් බව කිවහැකියි.

      Delete
    3. බොහෝ වි.වි. සිසුන් මෙන් මේ කියන සිසුනුත් මේ කියන ග්‍රාමීය මැද පන්තියෙම වෙන්න ඉඩ කඩ වැඩියි. ඉතා දරීද්‍රතාවයෙන් පෙලෙන් පවුල්වල දරුවන් වි.වි. සිටින්නේ ඉතා අඩුවෙන්.

      සිරිසේන පවුලේ බොහෝ දරුවන් සිටිනවා. ඒ වගේම පවුල් හොඳ තත්වයක සිටියානම් ඔය කියන කාලෙ පොලොන්නරුවට ඉඩම් වලට යන්නේ නෑනෙ.

      Delete
    4. ඔයි කියනා බොහෝ ග්‍රාමිය විස්ස විජ්ජාල සිසුන් ගේ ආර්තික හා සමාජ මට්ටම සිරිසේනගේ තුබුනු මට්ටම ට වඩා බොහෝ වැඩි ය!


      Delete
    5. Important !!!!! වයිරය අනෙකා කෙරෙහි ආදේශ කරන බව

      Delete
  8. මේ ළඟදි යසෝධා විමලධර්‍ම මේ නවක වදය ගැන බොහෝම හැඟීම් බර ප්‍රකාෂයක් කරලා තිබුනා.. එනම් ඇය තම මුළු අධ්‍යයන් කාළය තුලම නවක වදයට පත් වූ බවත්, ඒ හේතුවෙන්ම එම විශ්ව විද්‍යාලයේම ගුරුවරයෙකු වූ තම පියා සිත්තැවුල් හේතුවෙන්ම එක්තැන්වී මාන්සික පීඩා විදිමින් සිට මිය ගිය බවත්...

    ඇත්තටම මොවුන් අර නායකත්ව පුහුණුව වගේ වඩ සටහනකට යොමු කල යුතුමයි... අති බහුතරය මානසික රෝගීන්...

    ReplyDelete
    Replies
    1. //.. අති බහුතරය මානසික රෝගීන්...//

      ලබන අවුරුද්දේ සිට සියලු සරසවි සිසුන්ව, පළමු මාස තුන අංගොඩ රෝහලේ ගතකිරීමට සලස්වන මෙන් මා යෝජනා කරනවා!

      (මාස තුන ඇති වෙයිද නම් මන්දා!)

      Delete
    2. ලංකාව කියන්නේ නොම්බර එකේ මෝඩයන්ගේ රටක් බව මේ ආර්ටිකල් එකයි කමෙන්ට් ටිකයි දැක්කාම ඕන ගොනෙකුට තේරෙනව.
      ඔම්බර එකේ කපටියෝ රෙදිට්ක ලගින් තිබ්බහාම කපලා මහල ඇදගන්න මෝඩ පාටකයෝ තමා ඉතින් ලංකාවේ ඉන්නේ.
      කෙනෙක් තව කෙනෙක්ව රැග් කරන එක අමුම අමු අමන වැදැක කියලා අමුතුවෙන් කියන්න ඕන නැ නේ.........
      ඒ උනාට ඔතන ඔහොම සිද්දියක් ඇත්තටම උනාද කියලා , මෙතන ඒ ශිෂ්යකන්ට ගල් ගහන්න හදන කාටවත් සහතිකයක් දෙන්න පුලුවන්ද?
      අපි දන්නා දේ තම නිල කොළ පක්ෂ 2න්ම පත්වෙන පාලකයෝ විශ්ව විද්යා ල සිසුන් එක්ක ජම්මාන්තර වයිරයි කියන එක.එකට හේතුව රටේ බහුතරයක් සාමාන්යය මිනිස්සුන්ව පාට පාට ජන්ද පොරොන්දු වලට ගල් බෝතලේට සිල් රෙද්දට ගොනාට අන්දන්න පුළුවන් උනාට ,වී,විද්යාපල සිසුන් බහුතරයක්ව එහෙම නමන්න බැරි වීම සහ එම සිසුන් පිරිහුනු ආණ්ඩු වලට විරුද්දව හැමදාම පළමු ප්රිහාරය එල්ලකිරීමේ ප්රහවනතාවයක් තිබීම.....ඒ කියන්නේ ඕනෑම ආණ්ඩුවක අමන කම් වලට විරුද්දව ඉස්සල්ලම පාරට බහින්නේ එ අය.
      ඒ නිසා වී. විද්යාහල සිසුන් සහ සාමාන්යව ජනතාව කොටවන එක හැම ආණ්ඩුවක්ම කරපු දෙයක්.මට නම් හිතෙන්නේ මෙතන කොන්ඩයාගේ සීන් එකක වගේ අපි නොදන්නා කතාවක් තියෙන්න පුළුවන්.මාධ්යු පොලිසිය දේශපාලුවෝ හැමෝම වැරදිකාරයෙක් කරලා තිබ්බ කොන්ඩයාව අන්තිමට නිදහස් උනා.ඒ නිසා එකෙක හීනමාන ලියන ඒවා එහෙමම බ්ලොග් පිටුවල පුනරුච්චාරණය කිරීමෙන් වෙන්නේ ලොකු වැරැද්දක් කියන එක මේම ලේඛකයාට මතක්කරල දෙන්න සතුටුයි.
      අනික ඔහු රැග් එක පැවතීම ගැනැ ඔප්පු කරන්න අරගෙන තියෙන්නේ මරු උදාහරණයක්.තනි තනි පුද්ගලයින් ගැනැ කතාකරලා අපි ඔවුන්ගේ ගානට වැටේන්න යන්න ඕන නැ.නමුත් ලෝකෙන්ම ලනු කාල ජිවිතේ 4වන දශකයත් හුදකලාව ගුප්තව ගතකරන, දෑන් ප්රේාක්ෂකයන්ට පවා අමතක වූනු එම නිසාම සමාජ වයිරයෙන් පසුවන චරිත කියන කතා උඩ හිටගෙන ඩෙගා නැටිමෙන් තමන්ගේ චින්තනයේ තියන දුප්පත්කම හෙළිවන බව නම් කියන්න ඕන. අනික සමහර නිලියන් ගේ දෙමවුපියන්ට දුකහිතිලා ලය පැලෙන්න වැඩිම හේතුව වෙන්නේ ඔවුන් රැග් වීම දෑකීම නිසා නොව තමුන්ගේ තාත්තටත් වැඩිය වයසක පප්පලා සමග නිදිවැද දෙමුපියන්ට අවනම්බු කිරීම වන බව රටේ තොටේ ඇහැ කන ඇරැගෙන ඉන්න මිනිසුන් වශයෙන් අපට කියන්න පුළුවන්. අපිට මේ නිළිය මෙහෙමයි මේ නිළිය මෙහෙමයි කියලා කියන්න බැරි උනත් ගොඩක් නිළියන්ගේ කතාව ඕකයි.යශෝදා අනෝමා ජිනාදරී ජිවිතේ නාගත්ත වගේ චරිත කැම්පස් ගැනැ කියන ඒවා.......අර ධර්මන් වික්ර.මරත්න කාරය 88/89 ගැනැ කියන ඒවාට වැඩිවෙනසක් නැති බවනම් සහතිකයි.ඒවා ගෙඩි පිටින් කොපි පේස්ට් කරන අය ඊටත් අන්තයි කියන එකත් සහතිකයි.
      එ නිසා ආණ්ඩුවේ පච මාධ්යතත්, නාගත්තා නිළියොත් කියන ඒවා ඇගැට ගැනිම පොන් කෝල් එකටත් කෙලවී සිටින සාමාන්යේ මහජනතාව වන අපිට අගුනයි කියන එකනම් මතක්කරලා දෙන්න ඕන.
      සුදු වැන් වලින් මිනි මරපු මහජන මුදල් හොරාකාපු එක්ක එකගෙයි කන පාලකයෝ මේ සිසුන්ව හිරේ විලංගුවේ දාලා දෙතිස වැඩේම දෙන්නේ බත් කන හරක් මහජනතාවට නොතේරුනාට ඇයි කියල අපිට තේරෙනවා.
      නිතිය සමාන නම් කාටත් සමාන වෙන්න ඕන.මහින්ද නාමල් බැසිල් එළියේ ඉගෙන මේ ළමයිව හිරගත කරනකොට යහපාලනයේ හෙලුවත් ටිකටික පේන්න ගන්නවා කියල යහපාලනයට කඩේ ගිය එකෙක් වශයෙන් මම කියනවා..

      Delete
    3. // මහින්ද නාමල් බැසිල් එළියේ ඉගෙන මේ ළමයිව හිරගත කරනකොට යහපාලනයේ හෙලුවත් ටිකටික පේන්න ගන්නවා කියල යහපාලනයට කඩේ ගිය එකෙක් වශයෙන් මම කියනවා.. //

      George Orwell — 'All animals are equal, but some animals are more equal than others.'

      හෆොයි.... කඩෙත් ගිහින්!

      Delete
    4. @ AnonymousMay 7, 2016 at 10:34 AMනවක වදය දරාගත නොහැකිව සියදිවි නසාගත් හෝ සදාකාලික මානසික රෝගීන් බවට පත්වූ අහිංසකයින් ගේ පවුල් වල උදවියට ඕක කියන්න

      Delete
  9. ඔය දැන් රැග් කරපු 7 දෙනාගේ දෙමව්පියන් විදින වේදනාව උන්ට දැනෙනවානම්උන් ඕවා කරයිද

    හැබැයි දැන් රිමාන්ඩ් එකෙන් එලියට එයි නිකම් නෙල්සන් මැන්ඩේලා ආවා වගේ වීර ක්‍රියාවක් කරලා වගේ ආකාරයට

    ReplyDelete
  10. මොවුන්ට හිරගෙදරදී හොදට සැලකිය යුතුයි නේද, වැලිකඩ නම් මට කියන්න..

    ReplyDelete
  11. මම මේ කල්පනා කරන්නේ පොලිසියට පැමිනිලි කරපු ඒ ලමයාගේ යුනිවසිටි ජීවිතයේ ඉදිරිය කුමක් වේ දයි කියා. එය තවත් ඛේදවාචකයක් වෙන්නට ඉඩ ඇතැයි සිතෙන්නේ මේ සිද්ධියට සිසු සංගම් යයි කියාගන්නා අය දක්වපු ප්‍රතිචාරය දැක්කාම.

    ReplyDelete
    Replies
    1. මටත් ඕකම හිතුන අරූ අයියෙ..

      Delete
    2. මරාගෙන කයි පව්

      Delete
  12. මේ සිසුන් කණිෂ්ඨයනවා රැග් කළා නම් එය වැරදිය.නමුත් වැරදිකරුද නිවැරදිකරුද යැයි ස්ධිකරණය තින්දුකරන්නටත් පෙර ඔවුන්ගේ නම් ගැන ප්රරසිද්දකරමින් සිසුන් ගර්හාවට ලක්කරන නින්දිත ව්යාිපෘතිතියක් ඇරාබි තිබේ.
    බොහෝ විට බද කට පිරෙන්න වැට්බදු සංග්රකහ ලබා සිටින ඔබලා වැනි මෝඩ චන්දදායකයන්ට ඒ ප්රාශ්නය අමතකකරන්නට පෙන්නන තවත් මැජික් ෂෝ එකක් වීමට බැරි නැත. උසාවිය වරදකරු කරන්නට පෙර ඔවුන්ගේ නම් ගම් ප්රකකාශකරන්නේ කුමන සදාචාරයකින්ද?මෙය කොන්ඩයා සින් එක මෙන් වෙන්නට බැරීද?
    එසේ වුවහොත් සිසුන්ට උන අපහාසයට මෙම නපුන්සකයන් වග කියනවාද?
    මෙය දේශපාලන පලි ගැනිමක් විය නොහැකිද?
    චෝදනා ලබා ඇති සිසුන්ගේ නම් හෙලිකරනවාක් නම් ....චෝදනා කරන්නාවූ ශිෂ්ය න්ගේ නම් හෙළි කලයුතුය.දෙපැතටම සාධාරණ වන්නේ එවිටය.එසේ නොකළේ මන්ද?මෙය දේශපාලන ගැටයක් බව සිතෙන්නේ ඒ නිසාය.
    තාජුදින් මරපු උන් නිදැල්ලේය...........දිග කලිසම් එපා යැයි කි පමණින් 7ක් ඇතුළේය.........මේවා දේසපාලන පළිගැනීමේ බවත් මේවා කරන උන් සීතාම්බර පටසළු ඇදී රජුන්ගේ තත්වයට පත්ව ඇතිබව සන්තෝසයෙන් කිව හැකිය.මෙය නොදැනසිටින්නට ඇත(පසුව පත්තරෙන් දෑනගනිවී...).නමුත් මෙවැනි වැඩවලින් ඔහුත් මහින්දගේ තත්වයට පත්වනබව ඔහු තෙරුම්ගතයුතුය.
    අනික මේ ලේඛකයා ලියන පරිදි සිසුන්ගේ වැදගත්කම මනිනේ කොන්ඩයෙන් සහ රැවුලෙනි.මුන්නැහෙට අනුව ජේසු තුමාත් ඌරෙක් විය හැකිය.......
    මොකද එතුමාද කොණ්ඩය රැවුල වවා නොවටිනා ඇදුම් ඇද සිටී නිසාය.
    දුප්පත් පවුල් වල උන්ට අසනීප දෙමවුපියන්ට සලකන්නට නංගිලා මල්ලිලා ඉස්කොලයේ අරින්නට ........ මෙන්ම තමුන්ට කලින් සුට් ගසා පොෂ් එකේ සිටින්නටද අමාරු බව මේ කුහකයා දන්නේ නැත.(අනික තමුන් කැමතිනම් කොණ්ඩය රැවුල වවන්නට කාටත් හැකියා.අතීත සිංහලයෝ සැවොම කොණ්ඩය රැවුල් වැවූ පිරිසකි.මෙතුමාට අනුව උන් වනචාරින් වන අතර මහා වැවූ බැන්ඳේ,දාගැබැ බැන්ඳේ ඇමරිකන් කොම්පැනියකිනි. ) මොකද මොවුන් දෑන් මහපොළවේ නොසිටින අඩි හතඅටක් උඩින් සිටින උතුමන්ලා නිසාය.ලංකාවේ ඉගනගන්නා උන්ට කරන්න පාටි ටයිම් ජොබ් නැත(ඉගන ගන්න උන්ට තබා ඉගන ගත්ත උන්ටවත් ජොබ් නැත )කෙල්ලන්ට නම් ඇටමිරිකන්න ක්ලබ් වලද කොල්ලන්ට නම් පිසා හට එකේ ඩිලිවරි කර බෙල්ල කඩාගන්නටද පමණක් හැකිය.මහ පොළ ගැනැ නොකිවමනාය.
    දුප්පත් උනත් වැදගත් ළමයි ඇට මිරිකන්න නොයන නිසා “ කල්ගිය රෙදි වැරලි හැද දැලි කුණෙන් වකා’’ ගන්නට සිදුවන බව දශක 2කත පමණ පෙර පන්ති අතික්රාමණය කල නිසා මෙමෙ කුහක මහතාට අමතක වී ඇති බව පෙනේ.
    ඒ එක පැත්තක් පමණය.වැදගත්කම කොන්ඩේන් රැවුලෙන් මනින පඩ ෂෝ කාරයන් සිටින මෙවැනි රටක් හැමදා කාලකන්නිකමේ ගිලි සිටීම ගැනැ පුදුමයක් නැත.
    මේ මහත්තයාලගේ පොෂ් බයිලා ඇතුලෙ වැහෙන නරුමවාදත් තමුන් අමාරුවෙන් අතික්රකමණය කල පන්තිය තමුන්ටත් තම දරුනටත් පමණය යන බඩේ අමාරුවත් තෙරුම නොයන්න තරම් අපි බත්කන හරකුන් නොවේ.

    ReplyDelete
    Replies
    1. මා දුටුවේ කොණ්ඩයා නොව
      ශුද්ධවන්තයන් ගේ ගල් කැට මුගුරු
      පහරින් මුහුණ තැලී තොල් පැලී
      අනේක විධ දුක් වේදනා විඳි
      යේසුස් ක්‍රිස්තුන්ය

      Delete
    2. කොණ්ඩය රැවුල් වවාගත් හැමෝම වනචාරින් නොවන බවත් ජේසු මෙන් යුක්තිය වෙනුවෙන් පන නසාගත්තවුන් සිටින බවත්, සිසුන් කොණ්ඩය රැවුල වවාගත් නිසාම වනචාරින්ට සමානකල ඔබ, පිළිගැනිම සතුටට කරුණකි.ඔබ ඔය වනචාරින් යැයි හංවඩු ගැසුවන් අතර ජේසු ලාද,අනාගාරික ධ්ර් මපාලලාද සිටිය හැකැ.
      අනුව විනිශ්චය කරන්නට ඔබල අයිතියක් නැත.එ විනිශ්චය කොණ්ඩය රැවුල ඇසුරින් සිදුකරයි නම් එය ලෑවජ්ජාවට කරුණක්.
      ජුදයින් කිව්වේ ජේසු ඇනගසනු.
      බරබ්බාස් ( හොරා ) නිදහස් කරනු.
      යුක්තිය වෙනුවෙන් ජේසු මෙන්ම හැමදා ඔලු පලාගත් සරසවි ප්රසජාවත නිහින චෝදනා කරන්නවුන්........බරබ්බාස්ට ගැතිකම්කර ජේසුස් මරණ ලෙස ඉල්ලා සිටී නිහින යුදෙව්වන් අතර වෙනසක් නැත.
      ලෝකෙට පෙන්න ජේසු පවු කීවාට පලක් නැත.ක්රිසයාව නුබලාගේ නිරුවත හෙළිකරන මගයි !

      Delete
    3. ලංකාවෙ සරසවියක උගත් විදෙස් සිසුවෙකුගෙ වාර්තාවක් මා කියවා තිබෙනාව. එම සිදුවීම් බොහොමයක් සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙක් සිරගත කිරීමටත් ප්‍රමානවත් බව ඔහු කියා තිබෙනවා. බරපතල ලිංගික හිංසනයන් මුන් කරනවා.

      Delete
    4. // ලංකාවෙ සරසවියක උගත් විදෙස් සිසුවෙකුගෙ වාර්තාවක් මා කියවා තිබෙනාව. එම සිදුවීම් බොහොමයක් සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙක් සිරගත කිරීමටත් ප්‍රමානවත් බව ඔහු කියා තිබෙනවා. බරපතල ලිංගික හිංසනයන් මුන් කරනවා. //

      sakshi ko......ae warthawa idiripath karanna puluwanda?

      Delete
  13. අනේ මෝඩ යකුනේ වැට බද්දෙන් පු_ ඇරලා හොල්මන් ද පොල වෙලා ඉන්න මෝඩ චන්ද දායකයනට සිද්දිය අමතක කරනන දුන්න ලොලිපොප් එකක් ඕක.
    අනේ තොපි වගේ මෝඩයෝ...........රනිල් මහින්දගේ මර්වින් සිල්වාගේ ළමයි කරපු එක කුප්ප වැදකට වත් ඇක්ෂ්න් ගත්තද? මේවට නිතිය එශ්ශට ෆාස්ට් නම් මිනි මැරම් චෝදනා තියන උන් එළියේ ඉන්නේ කොහොමද?
    එ උනාට අපේ පන්තියේ ළමයි 7ක් දිග කලිසම් අදින්න එපා කිව්වා පලියට මහා උළු ගෙදර දක්කනවා. උබලා උබලගේම පන්තියේ ළමයි හිරේ දානකොට හුරේ දානවා.
    සමාජය කුහක කමින් වැහිලා බන්.මෝඩකමත් ඒ තරමටමයි.
    රටේ ප්රුශ්න අමතක කරන්න තමුන්ගේ පන්තියේ උන් හිරේට දක්කනකොට ඒකට වහ වැටිලා හුරේ දාන, මොනතරම් මෝඩ සමාජයක්ද මේක කියලා උබලම හිතලා බලපල්ලා.ගොන් හැත්ත.

    ReplyDelete
    Replies
    1. අපේ පන්තියේ ළමයි 7ක් දිග කලිසම් අදින්න එපා කිව්වා පලියට මහා උළු ගෙදර දක්කනවා.//// එපා කියලා තියෙන්නේ මෙහෙමද ? අනේ නංගිලා මීට පස්සේ දිග කලිසන් ඇඳන් කැම්පස් එන්න එපා හොඳේ // එහෙම කියලා තිබිලා ෆ්‍රෙරෙෂා පොලිසියට පැමිනිලි කරානම් අන්තිම වැරදියි.

      Delete
    2. තත්වය අන්තිම කනගාටුදායක යි.
      ෆ්රෙනෂා මේ ප්ලෑන් එකේම කොටසක් වෙන්න පුළුවන්.
      කවුරුහරි දේසපාලන ගේම්කාරයෙක් ගේ බලල අතක් .
      මෙතන යන්නේ ගේම් එකක්.වැට බදු මගොඩිය අමතක කරන්නත් එක්ක.ඔයාලා හැමෝම ඇගෙන දගලනවා....!

      Delete
  14. නවක වද‍ය හා අනෙකුත් තගරි අතර වෙනසක් නැත.
    සාමාන්‍ය අපරාධකරුවන්ට දෙන දඬුවම්ම නවක වධකයන්ටද දිය යුතුය.

    ReplyDelete
    Replies
    1. කොහොමද ඕක තීරණය කරන්නේ?කවුද තීරණය කරන්නේ?
      අනික ලංකාවේ තගරින් පාර්ලිමේන්තුවේ සිටින නමුත් නවක වද යැයි චෝදනාකර ඕනෑම සිසුවෙක් හිරේ දාන්නත් පුළුවන්නේ......
      නවක වදය දෙන අයටත් තගරින්ට දෙන දඩුවම දෙන්න ඕනනම්........ මෙයාල අද ඉන්න ඕන පාර්ලිමේන්තුවේ හලෝ............

      Delete
    2. තීරණය කරන්නේ උසාවියෙන්.
      සරසවියක වුනා කියල වෙනසක් නෑ, ගමක නගරයක පාරක හෝටලයක කාටහරි හිංසා කලොත් දඬුවම් විඳින්න වෙනවා, සරසවිවලත් එහෙම වෙන්න ඕනෙ.
      තග්ස්ලා සමහරු (බලගතු ) බේරෙනවා සමහරු පාර්ලිමේන්තු යනවා කියන එක අහුවෙන එවුන්ට දඬුවම් නොදී ඉන්න හේතුවක් නෙමෙයි

      Delete
    3. // තීරණය කරන්නේ උසාවියෙන්. //

      මෙතැනදී උසාවියෙන් තීරණය කරලද තියෙන්නේ?උසාවියෙන් තීරණය කරලා නැතිව නම්ගම් පත්තරේ දාන්න තියන සදාචාරාත්මක අයිතිය මොකක්ද?චුදිත පක්ෂයේ නම් හෙලිකලානම් ඇයි චෝදනා කරන පක්ෂයේ නම් හෙළි නොකරන්නේ........එයාලා ලොකු ද?
      මෙතන සාදරනයක් නැ කියන්නේ එකයි.


      // සරසවියක වුනා කියල වෙනසක් නෑ, ගමක නගරයක පාරක හෝටලයක කාටහරි හිංසා කලොත් දඬුවම් විඳින්න වෙනවා, සරසවිවලත් එහෙම වෙන්න ඕනෙ. //

      ඔයා කියන විදියට ගමේ නගරේ හෝටල්වල වැරැදී කරපු අයට දඩුවම් හම්බවුනේ......අර ආසන සංවිදායක පට්ටම් වලින් එහෙනම්......නේද හලෝ......


      // තග්ස්ලා සමහරු (බලගතු ) බේරෙනවා සමහරු පාර්ලිමේන්තු යනවා කියන එක අහුවෙන එවුන්ට දඬුවම් නොදී ඉන්න හේතුවක් නෙමෙයි //

      හාල්මැස්සෝ උලතියා තෝරු මෝරු රජකරවීම අපේ නිවට ජාතියේ ගතිය.

      ඔයාගේ තර්කය කියවනකොට මට පරණ ජන කතාවක් මතක් උනා.අහිංසක හොරෙක් ගෙට යටවී මැරුණ නිසා ,ඒකට දඩුවමක් විදියට අහිංසක මහත් මුදලාලි ඇතුන් ලවා පාගවා මැරීම.ඔය තින්ධුව දුන්න කින්ග් කැකිල්ලේ කියන්නේ මෝඩ කමේ ප්රයති මුර්තිය.
      තගරි හොරුන් පාර්ලිමේන්තු ගියා උනත් පුංච් හාල්මැස්සන් උලතබා මරන්න ඕන කියන උන්නැහෙලාගේත් , කැකිල්ලේ ලාගේත් වෙනස මොකක්ද?
      පාලකයෝ මාධ්යේ අල්ලාගෙන එදිනෙදා ප්රහශ්න අමතක කරන්න අපේ පන්තිය උන්ව හිරේට දක්කනවා.අපේ පන්තියේ සමහරු ඔතන ලොජික් එක තේරුම්ගන්න බැරිව, ළමයින්ගේ පලූ අරිනවා.පහේම කලාම එයාලා පොෂ් වෙනවා කියලයි හිතන් ඉන්නේ.......................

      Delete
    4. ගමක නගරයක පාරක හෝටලයක කාටහරි හිංසා කලොත් දඬුවම් විඳින්න වෙනවා, සරසවිවලත් එහෙම වෙන්න ඕනෙ. +++++++++

      Delete
    5. නීතිය හැමෝටට හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත. එය අසාධාරණය. එහෙත් ඒ හේතුව මත වැරදිකරන හාල්මැස්සන් නිවැරදි වන්නේ නැත.තෝරු මෝරු බේරෙන නිසා හාල්මැස්සන් හා සාලයනුත් බේරීයායුතුය යන තර්කය ගෙන එන අයට තේරෙයි කොහොමද කියල කිසිවෙකුට නීතිය ක්‍රියාත්මක නොකර හිටියොත්. පාර්ලිමේන්තුවේ ලොකු හොරු සිටින නිසා ගෙවල් බිඳින එකාටත් එසේ කිරීමට නිදහස දුන්නොත් තේරෙයි හොඳට.

      මොන පන්තියේ මොන කාලකණ්නියාටවත් දිග කලිසමක් ඇඳගෙන කැම්පස් ආව කෙනෙකුට හිංසා කිරීමට අයිතියක් නැත.

      අපරාධ නඩුවක උසාවියේත් කැඳවන්නේ අදාල පොලීසියේ නම හා චුදිතයන්ගේ නම් කැඳවාය. පොලීසියට පැමිණිල්ල කල හානියට පත්වූ පාර්ශ්වයේ නම් කියන්නේ සාක්ෂි දෙන විට පමණි. හුඟක් මීඩියාවල චුදිතයන්ගේ නම් පමණක් කියවේ. බාලාපරාධ ස්ත්‍රී දූෂණ වගේ නඩුවල හුඟක් අවස්තාවල හානියට පත්වූ අයගේ මාධ්‍යවල නොකියා සිටීමට සමහරු කටයුතු කරති. මෙහිදී කාගේ නම් කිව්වත් නොකිව්වත් අපරාධයකට චුදිත (දැනට චුදිත මිස වැරදිකරුවන් නොවේ ) අයගේ නම් කීම වරදක් නොවේ. නිදහස් වුනොත් එයද පල කෙරේ

      Delete
    6. //මොන පන්තියේ මොන කාලකණ්නියාටවත් දිග කලිසමක් ඇඳගෙන කැම්පස් ආව කෙනෙකුට හිංසා කිරීමට අයිතියක් නැත.//

      කාටවත් කාවවත් රැග කරන්න අයිතියක් නැත.මෙතන චෝදනා ලබපු සිසුන් කාටවත් රැග්කරපු බවට ඔප්පු වී නැත.වැරැදී කලයි ඔප්පු වී නැති උන් වැරදිකරුවන් යැහි හංවඩු ගසන්නටද මොන කාලකන්නියාටවත් අයිතියක් නැත.

      // අපරාධ නඩුවක උසාවියේත් කැඳවන්නේ අදාල පොලීසියේ නම හා චුදිතයන්ගේ නම් කැඳවාය. පොලීසියට පැමිණිල්ල කල හානියට පත්වූ පාර්ශ්වයේ නම් කියන්නේ සාක්ෂි දෙන විට පමණි. හුඟක් මීඩියාවල චුදිතයන්ගේ නම් පමණක් කියවේ. බාලාපරාධ ස්ත්‍රී දූෂණ වගේ නඩුවල හුඟක් අවස්තාවල හානියට පත්වූ අයගේ මාධ්‍යවල නොකියා සිටීමට සමහරු කටයුතු කරති. මෙහිදී කාගේ නම් කිව්වත් නොකිව්වත් අපරාධයකට චුදිත (දැනට චුදිත මිස වැරදිකරුවන් නොවේ ) අයගේ නම් කීම වරදක් නොවේ. නිදහස් වුනොත් එයද පල කෙරේ //

      සාමාන්ය වැසියන් වන අප ලොකු නීති සංකල්ප දන්නේ නැත.නමුත් මාගේ සාමාන්යන දැනුමෙන් මා මේ ටික හොදින් දනී........
      එහෙම කරන්නේ ගරු අදිකරණය තුලදීය.
      එහෙම කරන්නට ගරු අධිකරණයට අයිතියක් ඇත.
      ගරු අධිකරණය එසේ කරන්නේ ඇයි කියා ඔබ දන්නවා ඇත.එයට හේතුව යුක්තිය ඉටුකිරීම සදහා චුදිතයන් ට තමන්ගේ පාර්ශවයේ කතාව කියා, වරදක් නොකළ බව පෙන්වා දී නිදහස් වීමට අවස්තාව දීමටය.
      උසාවිය චුදිතයන්ගේ නම් කියන්නේ , ඔවුන්ගේ නිර්ධෝෂි භාවය ඔප්පු කිරීමට ඉඩ ලබාදීම පිණිසය.
      ලංකාදීපය මෙතන චුදිතයන්ගේ නම් ලියන්නේ කුමන පදනමකින්ද? මෙතන චුදිතයන් කැදවා නඩු අහන්නේ ලංකාදිපයද?
      ලංකාදීප කැලෑ පත්තරේ කියන්නේ ගරු අධිකරණය කියලද තමුන්නැහේ හිතාගෙන ඉන්නේ..........උතුම් අධිකරණය කරන දේවල් කරන්න දිනපතා පත්තරයකට පුලුවන්ද ?එම බලය දුන්නේ කවුද?ආණ්ඩුක්රඋම ව්ය්රවස්තාවෙන්ද?නැත්නම් ඔයාද?
      අදිකරණයේ විනිසුරු තුමාට මිස තමා මෙවරද කරා ද යැයි අහන්නට පොලිස් නිලදාරියකු ට වත් බලය නැති බව මා අසා ඇත.නිතිය එය නම් මාධ්යය පොලිසියටත් ඇති බලය ඉක්මවා ගොස් විත්තිකරුවන්ගේ නම් අඩගසන්නේ කෙසේද?ලංකාදීපයේ ඉන්නේ නඩුකාර උතුන්මන්ලාද?

      මේ ළමුන් නිවැරදිකරුවන් වූ පසු පෙර මෙන් ප්රාසිද්දියක් ලබා දී ලංකාදීපය වැරැදී නිවැරැදී කරයිද?කොන්ඩයාගේ සිද්දියේදී එහෙම කලාද?හෙද ලයින් වලින් මද ගහලා......ඔවුන් නිවැරදිකරුවන් වූ පසුව මුද්දර සයිස් කොටුවෙඅක් දාලා ශේප් උනහාම ළමයින්ට උන අපහාසයට වන්දි ගෙවන්නේ ඔයාද?
      අනේ හලෝ මේ ලංකාදීප පත්තරෙයි ගරු අධිකරනයෙයි වෙනස නොදන්නා තමුන්නැහේලනේ මේ පොරවල් වෙන්න හදන්නේ................හතර හිනා.............ලන්කාදිපයෙයි අදිකරනයෙයි වෙනස නොදන්නා උගත්තු............

      // නීතිය හැමෝටට හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත. එය අසාධාරණය. //

      මම කියන එක ඔයා පිලි අරන්නේ.....කතාව එච්චරයි.
      තෝරා යවා හාල්මැස්සා මැරීම කොහොමත් සිදුවන දෙයයි. කැලේ නීතියයි.එය කරන්නට නීතියක් අවශ්යී නැත.එවැනි එකකට නීතියක් කියන්නේද නැත.එය නීතියක් නැති තත්වයකි.

      Delete
    7. // නීතිය හැමෝටට හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත. එය අසාධාරණය. එහෙත් ඒ හේතුව මත වැරදිකරන හාල්මැස්සන් නිවැරදි වන්නේ නැත.තෝරු මෝරු බේරෙන නිසා හාල්මැස්සන් හා සාලයනුත් බේරීයායුතුය යන තර්කය ගෙන එන අයට තේරෙයි කොහොමද කියල කිසිවෙකුට නීතිය ක්‍රියාත්මක නොකර හිටියොත්. පාර්ලිමේන්තුවේ ලොකු හොරු සිටින නිසා ගෙවල් බිඳින එකාටත් එසේ කිරීමට නිදහස දුන්නොත් තේරෙයි හොඳට. //

      මෙතන වෙලා තියෙන්නේ මුවා මගඇරැ මුව හැමට තලන නීති රහිත තත්වයක් යියි පිළිගත් ඔබට මගේ ප්රනණාමය.

      Delete
    8. උසාවියේ නම් කැදවන්නේ වරදක් කල බවට අයුතු ප්ර.චාරයක් කරන්නට නොවේ.
      තමන්ට යම් චෝදනාවක් එල්ලවී ඇති බවත් තමන්ගේ කතාව කියා නිදහස් වීමට අවස්තාව ඇතිබවටත් විත්තිකරුවන් දැනුවත් කර එ සදහා අවස්තාව ලබාදීමටයි නම් ඇදගසන්නේ.............
      එ කියන්නේ ගරු අදිකරණයේ නම් කියන්නේ චුදිතයන්ට නිදහස් වෙන්න අවස්තාව දීමේ අරමුනුන්.........
      ලංකාදීප පත්තරේ චුදිතයන්ගේ නම් පළකරන්නේ ඇයි?
      උතුම් උසාවියේ නම් කියූ පසුව විත්තිකරුවන්ට තමන්ගේ කතාව කියා නිදහස් විය හැක.ලංකාදීප කැලෑ පත්තරේ ඔවුන්ගේ නම් ගම පලකල පමණින් චුදිතයන්ට ලෑබෙන නීතිමය අයිතිවාසිකම කුමක්ද අපහාසය හැර.එවිට උසාවියේ මෙන් එකෙනෙහිම තම නිර්දෝශිබාවය කියා සිටිය හැකිද?
      උසාවියේ තමාගේ නඩුව පැවැසීම සදහා නම් චොදනා කියවීමත්.......දිනපතා පත්තරයක් එක පාක්ෂිකව කරන මඩ ප්රේචාරයත් සමාන කරන්නට තරම් Pra Jay බුද්දි හින ද?
      ලංකාදීපය යනු ගරු අධිකරණය?

      දේසපාලන බලවතුන්ගේ දරුවන් මිනි මැරු විට ඇමැති පුතෙක් ලෙසද.....දුප්පත් කොල්ලෙකුට චෝදනාවක් එල්ල වූ විට ඔවුන්ගේ නම් ගමද හෙළිකරන මෙවැනි ජඩ මාධ්යල වල කුණු කාර්යපටිපාටිය අධිකරණ ක්රියා පටිපාටියට සමාන කරන්න තරම් Pra Jay ඔබ අනුවන නොවේ යැයි සිතමි.ස්තුතියි.

      Delete
  15. කොහොමද ඕක තීරණය කරන්නේ?කවුද තීරණය කරන්නේ?
    අනික ලංකාවේ තගරින් පාර්ලිමේන්තුවේ සිටින නමුත් නවක වද යැයි චෝදනාකර ඕනෑම සිසුවෙක් හිරේ දාන්නත් පුළුවන්නේ......
    නවක වදය දෙන අයටත් තගරින්ට දෙන දඩුවම දෙන්න ඕනනම්........ මෙයාල අද ඉන්න ඕන පාර්ලිමේන්තුවේ හලෝ............

    ReplyDelete
    Replies
    1. නවක වදය දෙන අයටත් තගරින්ට දෙන දඩුවම දෙන්න ඕනනම්........ මෙයාල අද ඉන්න ඕන පාර්ලිමේන්තුවේ හලෝ...////// agree දෙගොල්ලොම මානසික රෝගීන්

      Delete
  16. මම දැක්කා ශිෂ්‍ය සංගමයක තරුණ මහත්තයෙක් රූපවාහිනියේ කියනවා, නවක වධයත් එපා, නවක වධ පනතත් එපා, හැබැයි අපිව මර්දනය කරන්න ආවොත් බලාගමු කියලා. ඒ මහත්තයලා, තමන්ගේ දේශපාලනයට අකමැති, නවක විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට, තමන් කැමති මතයක් දරන්න, තමන් කැමති ඇඳුමක් අඳින්න, ඉඩදීලා, තමන්ගේ දේශපාලන ව්‍යාපාරයේ කටයුතු, රටේ නීතියට එකඟව, ප්‍රගතිශීලී සහ ආදර්ශවත් ලෙස කරගෙන ගියානම්, ප්‍රශ්න ඇතිවන්නේවත්, රැග් දෙන්න වෙන්නෙවත්, වධක පනත ක්‍රියාත්මක කරන්න වෙන්නෙවත් නැහැ.

    ReplyDelete
  17. ඇත්තටම මේකට යම් තරමකින් හෝ, පීඩනයට පත්වෙන ළමයින් සහ උන්ගේ දෙමව්පියොත් වගකිවයුතුයි.මේවාට එරෙහිව කිසිම පියවරක් නොගැනීම පිළිබඳව. ඔය කාලකන්නි දෙතුන් දෙනෙක් අල්ලා හොඳට ඇඟ තැලෙන්න සැලකුවානම් මාසයක් හමාරක් රෝහල්ගතවෙන්න , ඕක නිකම්ම නවතියි.මගේ දරුවෙකුට ඔය දේ උනොත් නම් අනිවාර්යෙන් මම ඒ දේ කරනවා මහ එවුන්ගේ ඉස්සරහම.දැන් මේක කිව්වම මෙතන අදහස් දක්වන සමහරෙක් එයි වල්ගේ උස්සගෙන,උනුත් ඒ විදියටම අනුන්ට වධ දීපු නරුම කාලකන්නි පිරිසක්.

    ReplyDelete
    Replies
    1. නවක වදයට විරුද්දව කතාකරන මහත්තුරු...... අනුන්ගේ ඇගැ තලන්න කතාව.
      රටේ නිතිය මෙයාලගේ බුදලයක් කියලද හිතාගෙන ඉන්නේ.
      ඔය වගේම උබලගේ සල්ලි කෝටිගනන් හොරකම්කරපු, උබලගේ ළමයින්වත් ණයකාරයෝ කරන,උබලගේ ළමයින්ගේ කිරි පිටි වලටත් බදු ගහන, දේශපාලුවන්ගේ ඇගැ තලපන්කෝ ගිහින් බන්.
      අනේ පලයන් බන් යන්න.........දෙසපාලුවන්ට පු_ දික්කරගෙන හිටන් අහිංසක ළමයින්ගේ ඇග තලන්න එන කාඩ්බෝඩ වීර පොන්සියා............

      අපි කියන්නේ කවුරුවත් කාටවත් වද දෙන්න ඕන නැ.ළමයින් ළමයින්ට වද දීම වගේම දේසපාලන සේප්පඩ විජ්ජා වලට දේසපාලුවෝ ළමයින්ට වැඩ දෙන එකත් වැරදියි.
      මේ බොරු සෝබන වලට විරුද්දව කතාකරන අය වදකයෝ, වශයෙන් දෑකීම ඉතින් දුප්පත් මානසිකත්වය සහ අපේ අදහස් වලට එරෙහිව තර්කයක් නැතිකම තමා ඉතින්.

      Delete
    2. සභ්‍ය වචනයෙන් තර්ක කිරීමේ අපහසුවෙන් පෙලෙනවාද ?

      Delete
    3. ඇය අවුල්ද?කාඩ්බෝඩ් චන්ඩි අයියාට , කාඩ්බෝඩ් චන්ඩි කතාකරන බාසාවෙන්නේ මමත් කතාකලේ.............

      වචනයෙන් පමණක් සබ්යප වීම තම අසබ්ය්ය ක්රිරයාවන් වසාගැනීමේ කදිම පිරුවටයකි.අපිට එහෙම වීමට අවශ්යව නැත.කරුනාකරැ ප්රති තර්කය ඉදිරිපත් කරන්න..

      Delete
    4. awul thamaa. thopi wage ponnayinge aga newei ata thalanna oni

      Delete
    5. mahapola pin deemanaawai, maha ewun dukwidala thopita wiyadam karana thuttu dekai nathnam thope badata bath atayak watenne naha.mahaloku jeshta uththma ponnayo. anik unta wada deela hadanna kalin thopi hadila hitapiyaw ponnayo.harinam thopi inna oni ekko angoda maanasika rohale ,nathnam hire.thopi wage satan karapu dahas gaanak ponnayo dan aanduwe rassawala innawa.ko unge satan dan?
      balaapiya thope dakshakam ahinsakainta karana aparaada. https://www.youtube.com/watch?v=6InPXTJXA30.

      Delete
  18. දියුණු රටක වෙන කෙනෙකුට ඇඳුමක් ගැන මෙහෙම බලපෑමක් කළා නම් අද ඉන්නේ හිරේ.

    ReplyDelete
  19. මේ අය විශ්ව විද්‍යාලයේ හැසිරෙන්නේ කොහොමද කියලා අපි දන්නවා. හරියට යක්ෂණියෝ වගේ. ශිෂයෝ විදියට නොවේ. සමාජවාදය කියලා රැග් කරන්නේ ඉතාම අසභ්‍ය වචන වලින්. ඕනෑම ශිෂ්‍යයකුට කෙනෙකුගේ තාඩනයෙන් සහ පීඩනයෙන් තොරව ඉගෙනගන්න අවස්ථාව තිබෙනවා කියලා එම සමාජවාදයේ ලියවිලා නැහැ. අායෙත් මේ වගේ වැරදි නොකරන්නම දඬුවම් කරන්න. එතකොට අනික් අයවත් හැදේවි

    ReplyDelete
  20. සමාජවාදය කියලා රැග් කරන්නේ ඉතාම අසභ්‍ය වචන වලින්.//// වධකයන් සමාජගතවී නොමැත

    ReplyDelete
    Replies
    1. සමාජවාදය හා රැග එක අතර සම්බනදයක් ඇත්නම් බංකු, හමුදා,පාසල්,කාර්මාන්තශාලා සියල්ල සමාජවාදීන්ගෙන් සමන්විත ඒවා වියයුතුය.

      Delete
  21. ලංකාවෙ සරසවියක උගත් විදෙස් සිසුවෙකුගෙ වාර්තාවක් මා කියවා තිබෙනාව. එම සිදුවීම් බොහොමයක් සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙක් සිරගත කිරීමටත් ප්‍රමානවත් බව ඔහු කියා තිබෙනවා. බරපතල ලිංගික හිංසනයන් මුන් කරනවා.

    ReplyDelete
  22. කොළඹ සරසවියේම බොහෝ පීඨ හා වෙනත් ලාංකීය සරසවි සැලකූ විට අසූව මැද භාගයේ පවා විද්‍යා පිඨයේ තිබුණේ එතරම් දරුණු නවක වදයක් නොවේ. එදා විද්‍යා පීඨයේ පැවති ප්‍රමාණයෙන්, දරුණුම නවක වදයට ලක්වූ දෙතුන් දෙනාගෙන් මමත් එක් අයෙක්මි. ශාස්ත්‍ර පීඨයේ පැවති අමානුෂික මෙන්ම පිළිකුල් සහගත වද හිංසා විදීමට තරම් මා අවාසනාවන්ත නොවුනත් අප අතර සිටි රඹුක්කන සහෝදරයාට එම වාසනාව හිමි නොවීය. මා එම පීඨයේ තිබූ සැබෑ තත්වය දැනගත්තේ ඔහුගෙනි. ඒ අවාසනාවන්ත සහෝදරයා ඉන් මාස කිහිපයකට පසු පිළිකාව හේතුවෙන් අප අතරින් වියෝ විය.

    ඉන් පසු එළඹී දශක තුනේදී මම යුරෝපයේ සහ කැනඩාවේ ඉහළම සරසවි වල සිට අප්‍රිකාවේ සහ බංග්ලාදේශයේ ඇති දුප්පත්ම සරසවි දක්වා ගමන් කලෙමි. ඒ කිසිවකවත් ලංකාවේ පවතින මේ අසාමාන්‍ය පරපීඩක මානසිකත්වය මා දුටුවේ නැත. මට හැඟෙන ආකාරයට ලංකාවේ සරසවි වල සිදුවන මේ නවක වදයේ පසුබිම හා එයට ඇබ්බැහිවූවන් ගේ මානසික විකෘතිතාවයන් අධ්‍යනය කිරීම අඩුම ගන්නේ සමාජ විද්‍යා හා මනෝ විද්‍යා පර්යේෂණ පත්‍රිකා හතරකට අවශ්‍ය කළමනා සපයයි.

    නවක වදය තුලින් මා ලැබූ හරයන් කිසිවක් නැත. ඉතිරි වුයේ තවමත් මට නවක වදය දුන් පිරිස පිළිබඳව නොසතුටක් පමණි. එමගින් කිසිවෙකුටත් ධනාත්මක යමක් ලැබෙතැයි මම නොසිතමි. ලැබුණත්, නවක වදය නිසා මේවන විට අපට අහිමි වූ ජිවිත සහ අංගවිකල මෙන්ම දීර්ග කාලින මානසික ආබාධයන්ට ලක්වූ සොහොයුරු සොහොයුරියන් ගැන සිතන විට, ඒ ලැබෙන කිසිවක් මේ අහිමි වීම් වලට අලගු වත් තැබිය හැකියැයි මම නොසිතමි.

    නවක වදය මුවාවෙන් රජය (පවතින හා පැවති) සිසු අයිතීන් දඩයම් කරන බව ඔබ පවසනවා නම් එයටද වග කිව යුත්තේ නවක වදය දෙන පරපීඩකයන්මය. ඔවුන් තමා දඩයම් කර ගැනීමට තමාම උගුල අටවාගෙන රජයට එය ක්‍රියාත්මක කරන ලෙස ආරාධනා කරයි.

    නවක වදය දෙන්නන්ට නිතිය මගින් දඬුවම් ලබාදීම පමණක් මෙම පැනයට විසඳුම නොවේ. මෙම තත්වය දරුණු මානසික ව්‍යාකුලතාවයක් බව අප වටහා ගත යුතුය. එබැවින්, නවක වදය ලබා දෙන්නන් මෙන්ම ඒ සඳහා උත්සහ දරන්නන්ද සුදුසු මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර කෙරේ යොමු කිරීම සරසවි පාලකයන් සතු වගකීමකි.


    - චන්දිම ගෝමස්

    ReplyDelete
  23. නවක වධකයන් නිසා නවකයන් 20 ක් මරුට..! 27000 ක් සරසවි හැර ගිහින්..!!

    ReplyDelete
  24. එකෙක් හෙළුවෙන් හිටගෙන ඉන්නව. තව එකෙක් ඌ ළඟ බිම ඇණ තියල වාඩිවෙලා උගේ අහවල් එකට අතින් ගහනව ඒක පැද්දිල ගිහින් "චටස්" ගාල බඩේ වදින්න. මේ බෝංචි කැඩීම.

    එකෙක් හෙළුවෙන් බිම ඉඳගෙන ඉන්නව. තව එකෙක් නැවිල උගේ පුකට පිඹිනව. මේ කෙහෙල් කැන් ඉදවීම.

    කට්ටියක් හෙළුවෙන් රවුමට බිම වාඩි වෙලා ඉන්නවා. හැම එකාම තමාගේ දකුණු පැත්තෙ ඉඳගෙන ඉන්න එකාගෙ අහවල් එක අතින් අල්ලල ස්වයං වින්දනය කරනවා. මේ සමූපාකාර ක්‍රමයට අතේ ගැසීම.

    එකෙක් හෙළුවෙන් හිටගෙන ඉන්නව. තව එකෙක් ඌ ළඟ බිම ඇණ තියල වාඩි වෙලා උගේ අහවල් එකේ පෙර සම පස්සට ඇදල ටොපාව නිරික්‍ෂනය කරන ගමන් උගේ ලිංගික ඉතිහාසය කියනවා. මේ පේන බැලීම.

    අවුරුදු ගාණකින් දූවිලි අස් නොකරපු පරණ ඇඳක් තියෙනවා. එකෙක් හෙළුවෙන් මේ ඇඳ අස්සෙ රිංගල ඉන්නව. තව එවුන් සෙට් එකක් ඇඳ උඩ නැගල උඩ පනිනවා. ඇඳ අස්සෙ ඉන්න එකා වැලි දූවිලි නානවා. මේ මැද පෙරදිග යාම.

    මේ කරන දේ වලින් මනුස්සයෙක් ගෙ පෞර්‍ෂය, සුහද කම, සමානාත්මතාවය වර්ධනය වෙන හැටි මට පොඩ්ඩක් කියල දෙන්න පුළුවන් ද?

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook