එකදාස් නමසිය බර ගනන් වල ලංකාවේ ප්‍රධාන රෝහලක වාට්ටුවක්. ඒ කාලේ ඒවා පිරිසිදුය.
යූක්‍රයීනයේ රෝහල් පිරිසිදුය. නමුත් බටහිර ලෝකයේ රටවල රෝහල් මෙන් තරු පහේ දිලිසෙන ගතියක් නම් නොමැත. අප විනිට්සා නගරයේ පිරගෝව් රෝහල් සංකීර්ණයේ සායනික පුහුණුව ලැබුවෙමු.
පිරගෝව් යනු ක්‍රිමියන් යුද්දය කාලයේ සිටි සුප්‍රකට ශල්‍ය වෛද්‍යවරයෙකි. ඔහුගේ සිරුරද බෙහෙත් ගල්වා විනිට්සා නගරයේ ඔහුට අයත් වූ විලාවක ප්‍රදර්ශනයට තබා තිබේ. මෙම විලාව හෙවත් සුවිසල් ගෘහය දැන් කෞතුකාගාරයකි.
පිරගෝව් රෝහල් සංකීර්ණයේ ප්‍රධාන වෛද්‍යවරුන්ට වඩා සැනිතාරිකාවන් හෙවත් රෝහල පිරිසිදුකරන්නියන් සැරය. අප වෛද්‍ය මහාචාර්‍යවරුන්ටත් වඩා සැනිතාරිකාවන් ට බිය වූයෙමු. ඔවුන් ගේ කටවල් සැරය. පාවහන් දමාගෙන හෝ හිස් වැසුම් සුදු වෛද්‍ය ඔවර්කෝට් නොමැතිව වාට්ටුවකට අඩිය තැබුවොත් සුනේසුන් ය. මේ රෝහල් වල පාවන් ගලවා තාපච්කි නමින් හඳුන්වන සෙරෙප්පු විශේශයක් දමාගෙන යා යුතුය. මේ නීතිය කාටත් පොදුය. සැනිතාරිකාවන් දිනකට තුන් වරක් පමණ රෝහල් වාට්ටු සෝදා පවිත්‍ර කරති.
වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබමින් සිටියදී නිවාඩු සමයක වරක් මම එංගලන්තයේ විටිංටන් රෝහලට ගියෙමි. විටිංටන් රෝහල සුපිරි හෝටලයක් මෙන් දිස් විය. රෝහල් උපකරණ, ඇඳන් දිස්නය ගෙන දෙයි.
මට ඇමරිකා එක්සත් ජනපදයේ කැන්සාස් හි කොල්මරි ඔනීල් රෝහල මතක් වේ. වරක් විශේසඥ මනෝ වෛද්‍ය මහසෙන් ද සිල්වා සමගින් මම රෝහලේ චාරිකාවක නිරත වූයෙමි. වෛද්‍ය මහසෙන් ද සිල්වා මා දන්නා තරමට වියට්නාම් යුධ වෙතරානුවන්ට ප්‍රතිකාර කරන එකම ලාංකික මනෝ වෛද්‍යවරයා විය යුතුය. දහවල් ආහාරය සඳහා වෛද්‍ය මහසෙන් මාද රැගෙන කොල්මරි ඔනීල් රෝහලේ වෛද්‍යවරුන් ගේ කැෆටේරියාවට ගියේය. එය ගලධාරී හෝටලයේ බෆේ එක මෙන් විය. විවිධ ආහාර වර්ග රෝහල් කැෆටේරියාවේ තිබුණි. මම ඉතා ආශාවෙන් කැන්සාස් රිබ්ස් සහ මැකරෝනි අනුභව කලෙමි.
ෆිලඩෙල්ෆියාවේ කෝට්ස්විල් රෝහලේ කැෆටේරියාවද මේ හා සමාන විය. එකල මාගේ බොස් වූ මනෝ විද්‍යාඥ සුසන් රොජස් දිවා ආහාරය ගැනීම සඳහා මා කැටුව කැෆටේරියාවට යන්නීය. ඇය දිවා ආහාරය ලෙස තක්කාලි සුප් සමග එළවළු බොහෝ ගණනකින් සමන්විත සැලඩ් එකක් පමණක් ගන්නා අතර මම පෙන්සිල්වේනියාවට ආවේනික ආහාර වර්ග වල රස බලමි.
වරක් මම ලොස් ඇන්ජලීස් වල ඔරේන්ජ් කවුන්ටිහි කුඩා රෝහලකට ගියෙමි. එහි පිරිසිදු සහ ක්‍රමවත් බව මගේ නෙත ගැටුණි.
ඕස්ටේරලියාවේ බ්‍රිස්බර්න් හි Princess Alexandra රෝහල ද යුරොපියානු සහ උතුරු ඇමරිකානු රෝහල් වලට නොදෙවෙනි වේ. පිරිසුදුකම මින් මුල් තැනක් ගනියි. රෝහලට එන මිනිසුන්ද එම පවිත්‍රතාව එලෙස තබා ගැනීමට උපකාරී වෙති.
ලංකාවේ රජයේ රෝහල් වල මට තිබූ මූලික ප්‍රශ්නය මැස්සන් ය. වරක් මාතලේ මූලික රෝහලේ මෝචරියේ එකල ඩී.එම්.ඕ වූ වෛද්‍ය සිරිමල් ජයසිංහ මිනියක් කපමින් සිටියේය. රෝගියා අපේ වාට්ටුවේ නිසා මටද පශ්චාත් මරණයට සහභාගි වන ලෙසට නියෝග ලැබුණි. මමද වෛද්‍ය සිරිමල් ජයසිංහට මිනිය කැපීමට සහය වූයෙමි. රෝගියාගේ වකුගඩු වල සැරව පිරී තිබුණි. මැස්සෝ තොග ගනනේ අප වටා පියාසර කරමින් සිටියහ. මාගේ විශාලතම බිය සහ පිළිකුල වූයේ ශීතකරණ නොමැති නිසා අඩක් කුණුවූ ඕජස් ගලන මෘත ශරීරයේ වසන මැස්සන් යළිත් මගේ කටේ හෝ තොල් මත වසයි ද යන්නයි.
රෝහල් වාට්ටුවල මැස්සන්ට ක්‍රමක් ක්‍රමයෙන් මම පුරුදු වූයෙමි. කළුබෝවිල රෝහලේ රෝහල් බිම ගිනි වතුර දමා සෝදන නිසා උදේ කාලයට මැස්සන් මඳක් අඩු විය. නමුත් දහවල් වන විට මැස්සෝ වාට්ටු ආක්‍රමණය කරති. කළුබෝවිල රෝහලේ ශල්‍යාගාරයේ මැස්සන් සිටීම ශල්‍ය වෛද්‍ය රාජන් නයිල්ස් මහතාට පෙනෙන්නට බැරිය. ශල්‍යාගාරයේ මැස්සන් පියාඹන විට වෛද්‍ය නයිල්ස් ශල්‍යකර්මය අතරමග නවතා මැස්සන් අල්ලයි. මෙය අපට විනෝද ජනක විය. වෛද්‍ය නයිල්ස් මැස්සන් ඇල්ලීමේ රුසියෙකි. ඔහු සමහර විට උඩ පැන මැස්සන් ඇල්ලීය.
කළුබෝවිල රෝහලේ ඒ කාලයේ (1993) බල්ලන් ගෙන් අඩුවක් ද නොවීය. සමහර බල්ලන් වාට්ටුවලද ලැග සිටියහ. එක් දිනක් මා රෝහලට යන විට බල්ලන් රෝහල තුල සෙම හලාගෙන වැටී සිටියහ. මේ ගැන මම නේවාසික වෛද්‍ය අඹවත්ත ගෙන් ඇසුවෙමි. ඔහු මට කරුණු පැහැදිළි කලේය. බල්ලන් මර්ධනයට බල්ලන්ට වස දමා තිබේ. බල්ලෝ උග්‍ර දුක් විඳ මිය ගියහ. එය වේදනාකාරී දසුනක් විය.
වරක් වැසි දිනයක මාතලේ රෝහලේ ශල්‍ය වෛද්‍ය වාට්ටුවට යන විට වාට්ටුවට යන මග අසුරාගෙන එළදෙනක් ලැග සිටියාය. ඇය වටා ගොම තළි දක්නට ලැබුණි. මම ජහ ජහ කීවද එළදෙන යන්න්තම් මා දෙස බලා නිසලව වැතිර සිටියාය. ඌ මාව ගනනකටවත් ගත්තේ නැත. එම නිසා මා වෙනත් මගකින් තෙමීගෙන වාට්ටුවට ගියෙමි.
මීගමුව රෝහලේ වෛද්‍ය නිල නිවාසයේ සිට ශල්‍යාගාරයට යන කෙටිම මග තිබුනේ ළමා වාට්ටුවේ කොරිඩෝව හරහාය. වැසිකිළියද ඒ ලඟ තිබුනි. මව්වරු සමහරක් විට ළමුන්ට මළපහ කෙරෙව්වේ වැසිකිලියේ නොව මේ කොරොඩෝවේය. උදෑසනම ශල්‍යාගාරයට යන අපට කක්කා බෙටි පෑගේ. ඒ මන් ද යත් කොරොඩෝවේ විදුළි බුබුළ යම් අයෙකු විසින් ගලවාගෙන තිබීම නිසාය.
ළමා රෝග විශේෂඥ වෛද්‍ය වින්සන්ට් පෙරේරා මහතගේ කාරුණික අනුග්‍රහයෙන් කොරොඩෝවේ විදුළි බුබුළ යළි සවි කෙරුනද දවස් දෙක තුනකින් එය යළි අතුරුදහන් වේ. රාත්‍රියට රෝගින් බැලීමට යන අපිට චිරි චිරි හඞින් කක්කා පෑගේ. පාවහන් වලට පෑගුනු අසූචි ඉවත් කිරීමට අප රෝහලේ මැද මිදුලේ තිබෙන තණකොළ ගොල්ලට ගොස් තණකොළ වල පාවහන් අතුල්ලමු.
වරක් එක් වෛද්‍යවරයෙක් අසූචි පෑගී ලෙස්සා වැටුණි. කරුමයට මෙන් ඔහු වැටී තිබුනේ දියරමය කක්කා ගොඩක් උඩටය. අසූචි නෑවී සිටි ඔහු වාට්ටුවට යාම පසෙක තබා ත්‍රී රෝද රථයකින් ගෙදර ගියේය. ත්‍රී රෝද රියැදුරා රථය පදවන ලද්දේ එක අතකින් හැඞ්ල් එකද අනෙක් අතින් නාස් කුහර වසාගෙන බව පසුව අපට ආරංචි විය.
ලංකාවේ රජයේ රෝහල් වල වැසිකිළි අපාය සිහි ගන්වයි. රාගම රෝහලේ නිර්වින්දනයට නියමිත රෝගීන් ශල්‍යකර්මයට පෙර හමුවී රෝග විස්තර ලබා ගන්නා ලෙස එකල මගේ බොසිය වූ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රියංගනී ආරියරත්න මැඩම් නීතියක් දමා තිබූ නිසා මම වාට්ටු වලට ගොස් රෝගීන් හමු වූයෙමි. වාට්ටු වල අවසාන ඇඳන් පේලියේ බොහෝ විට සිටින්නේ කන්ටැක්ස් නැති රෝගීන් ය. (කන්ටැක්ස් ඇති රෝගීන් වාට්ටුවේ රෝගින් බලන මේසයට ලංව ඇති ඇඳන් වල සිටිති.ඔවුන් බොහෝ විට වෛද්‍යවරුන් ගේ හෙදියන් ගේ රෝහල් වල නිලධාරීන් ගේ ඥාතී හෝ දැන ඇඳුනුම්කම ඇති අය වෙති. )
වාට්ටු වල අවසාන ඇඳන් පේලියේ සිටින කන්ටැක්ස් නැති රෝගීන් බොහෝ විට දුප්පත් ය. එසේත් නැතහොත් ඇවිද ගැනීමට අපහසු ඇඳිවතේ මළ මුත්‍ර පහ කර ගන්නා රෝගීන් වෙති. ඔවුන් අසලට වෙද හෙද කාර්‍ය මණ්ඩලය යන්නේ බොහෝ විට වෝඩ් රවුන්ඩ්ස් වලදී පමණි.
වාට්ටු වල අවසාන ඇඳන් පේලිය වැසිකිලියට ආසන්න නිසා ඉතා හොඳින් මුත්‍රා අසූචී ගඳ දැනේ. එක් දිනක් හෙදියක් අවසාන ඇඳන් පේලියේ සිටි මහළු ලෙඩෙකුට බැන වැදුනාය. ඒ පෙරදා රාතියේ ඔහු වැසිකිලියට නොගොස් ඇඳ උඩ සිට බිමට මුත්‍රා කිරීම නිසාය. ලංකාවේ රජයේ වල මේ ආවේනික ගන්ධය ඇස් වසාගෙන මට දැන් වූවද මතකයට ගෙන ආ හැක. එය බෙහෙත් , කාර්බෝලික් , මුත්‍රා , අසූචි ගන්ධයන් ගේ සම්මිශ්‍රණයකි.
කැනඩාවේ නෝත් යෝක් ජෙනරල් , සෙන්ට් මයික්, සනි බෘක් , මවුන්ට් සයනයි යන රෝහල් වලට මා ගොස් තිබේ. එම රෝහල් වල වැසිකිලි ඉතා පිරිසිදුය. නියමිත කාල සටහනක් අනුව ඒවා පිරිසිදු කෙරේ. වැසිකිලි පිරිසිදු කරන්නන්ද ඉතා පිරිසිදුය.
යම් දිනක ලංකාවේ රජයේ රෝහල් මේ මට්ටමට එනු ඇතැයි මා උදෙක් ම බලාපොරොත්තු වෙමි. මේ සඳහා හොඳ නායකත්වයක් සෞඛ්‍යය අංශ වලින් මෙන්ම රෝගීන් ගේ පාර්ශවයෙන් ද කැපවීමක් තිබිය යුතුය. මෙය මුදල් හෝ සම්පත් පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. ආකල්ප පිළිබඳ ප්‍රශ්නයකි.
මම එක් උදාහරණයක් පෙන්වා දෙමි. මම පුත්තලම් දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය සම්බන්ධීකරන නිලධාරී ලෙස සේවය කල කාලයේ නිතරම මාදම්පේ රෝහලට ගියෙමි. එවකට මාදම්පේ රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයා වූයේ වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතාය. වෛද්‍ය ජයනාත් බුත්පිටිය එස් - 5 ක්‍රමය යොදාගෙන කුණු පිරී තිබූ මාදම්පේ රෝහල පිරිසිදු අලංකාර රෝහලක් බවට හැරවීය. එම රෝහලේ කුණු තැනින් තැන දැමිය නොහැක. වැසිකිළි පිරිසිදුය. රෝහලට එන රෝගීන්ට රෝහල පිරිසිදුව තබා ගැනීමට නිබඳවම උපදෙස් දේ. මේ ක්‍රමය මගින් මාදම්පේ රෝහල ලංකාවේ රජයේ රෝහල් වල සාමාන්‍ය තත්වයෙන් මුදවාගෙන ලස්සන රෝහලක් කිරීමට වෛද්‍ය ජයනාත් බුත්පිටිය සමත් විය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
//කළුබෝවිල රෝහලේ රෝහල් බිම ගිනි වතුර දමා සෝදන නිසා උදේ කාලයට මැස්සන් මඳක් අඩු විය.//
ReplyDeleteමේ ලයිසොල් දියරයද ? මතක් වෙනකොටත් සැර දැනෙනවා..
වසර 2000 අග භාගයේ 5s වලින් පළමු තැනට ආවේත් රෝහලක්.කොහෙද කියල අමතකයි.
මේ ලයිසොල් දියරය
Deleteවටිනා තොරොතුරු ටිකක්, අප රටේ රෝහල් පිරිසුදුභව පවත්වා ගන්න, යමක් කරන්නම ඕනේ......
ReplyDeleteඅනිවා
Deleteවෛද්‍ය ජයනාත් බුත්පිටියව සෞඛ්‍ය ඇමති කරානම් !!
ReplyDeleteනියමට කරයි
Delete/* ඕස්ටේරලියාවේ බ්‍රිස්බර්න් හි Princess Alexandra රෝහල ද යුරොපියානු සහ උතුරු ඇමරිකානු රෝහල් වලට නොදෙවෙනි වේ. පිරිසුදුකම මින් මුල් තැනක් ගනියි. රෝහලට එන මිනිසුන්ද එම පවිත්‍රතාව එලෙස තබා ගැනීමට උපකාරී වෙති. */
ReplyDeleteකෑම ගැන නම් එසේ නොකියන බව සිකුරුයි.
ඒ මොකද ?
Deleteඅම්පාර රෝහල ලංකාවේ තියෙන ක්‍රමවත් වගේම පිරිසිදුම රෝහල කියලා අහලා තියෙනවා.
ReplyDeletehttp://www.ghampara.gov.lk/
ඔව්
Deleteමම මාස කිපයකට පෙර අම්පාරේ ඉස්පිරිතාලෙට ගියා නෑදෑයකු බලන්න, වාට්ටුව මොකද්ද කියා දැන සිටියේ නෑ. නමේ කෑල්ලයි දැන සිටියේ, රිසෙප්සන් එකට නමේ කෑල්ලත්, රෝගයත්, ගමත් කීවාම ක්ෂකිනවම වාට්වුවත්, ඇද අංකයත්, වාට්ටුවට යන පාරත් කීවා, විහිළුවට වගේ ලෙඩාගේ සම්පූර්ණ නම මොකද්ද කියලත් කීවා. මම ෂොටකුත් ටීෂර්ට් එකකුත් ඇදලා හිටියත් රැව්වේ නෑ, හිනාවෙලා කතා කරා.
Deleteරෝහල් පිරිසිදු කිරීම් පුද්ගලික ආයතන සඳහා ලබා දී ඇති තැන් වල යම් කිසි පිරිසිදුකමක් ඇත.වාට්ටු දිනකට දෙවරක් මොප් කරන අතර සතියකට වරක් වත් සෝදා දමයි.නමුත් වැසිකිලි නම් කුණුමාළු හොද්දක ගඳින් ඔබ්බට යැවීම දුශ්කර ය.රෝගීන් ද මේ සඳහා වගකිව යුතු ය.
ReplyDeleteකෙසේ වුවත් ඇඳන් යට රාත්‍රිය ගත කරන රෝගීන් උදෑසන තම සිරුරේ ඇලී සිටිනා කිනිතුල්ලන් ගැලවීමද තවමත් සිදු වේ.
රොහල් පරිපාලනය රෝහලේ පිරිසිදුකමට වගකිව යුතු බවට එකඟ වෙමි.
ජයවේවා..!!
ඇඳන් යට රාත්‍රිය ගත කරන රෝගීන් උදෑසන තම සිරුරේ ඇලී සිටිනා කිනිතුල්ලන් ගැලවීමද තවමත් සිදු වේ.
Deleteඝර්ම කලාපීය රටවල තිබෙන දේශගුණික තත්වය මැස්සන් මදුරුවන් බෝවීමට වඩාත් හිතකරයි, සීත රටවලට සාපේක්ෂව. එමෙන්ම ඒ රටවල අපද්‍රව්‍ය කළමනාකරණය ඉතා අසතුටුදායක වීමත්, මැස්සන් බෝවීමට ප්‍රබල හේතුවක්. අපේ රටේ රෝහල් වලට දරන්න බැරිතරම් රෝගීන් සංඛ්‍යාවකට ප්‍රතිකාර ලබාදීමේදී, පිරිසිදුකම පහළ යනවා.
ReplyDeleteඑකඟයි
Deleteප්‍රධානම ප්‍රශ්නය සම්පත් ප්‍රශ්නය තමයි. අධ්‍යාපනය හා සෞඛ්‍යය යන අංශ දෙකේම ජනගහණ වර්ධනයට සාපේක්ෂව සම්පත් වැඩි වී නැහැ. වැඩි කිරීමේ හැකියාවකුත් නැහැ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනයට අදාළව මේ අසමතුලිතතාව සමතුලිත වන්නේ අවස්ථා සීමා වීම මඟින්. ගුණාත්මක භාවය අඩු වුණත් ඒ අඩුවෙන්. සෞඛ්‍ය අංශයේ අවස්ථා සීමා කිරීම කිරීම අපහසු නිසා සිදුවන්නේ ගුණාත්මක භාවය අඩුවීම. මෙතැනදී ප්‍රධාන කාර්යයයේ ගුණාත්මක භාවය ලොකුවට අඩුකළ නොහැකි නිසා අවශේෂ කාර්යයන් නොසලකා හැරෙනවා. හැබැයි ආකල්ප ප්‍රශ්නයකුත් තියෙනවා තමයි. අතරින් පතර ඇතැම් රෝහල් වාට්ටු ඉතා හොඳ මට්ටමින් නඩත්තු වෙන අවස්ථා තිබෙනවා. උදාහරණයක් වශයෙන් අනූව දශකයේදී කොළඹ මහ රෝහලේ ස්නායු වෛද්‍ය අංශය ඉතා හොඳින් නඩත්තු වෙමින් තිබුණා.
ReplyDeleteකියන මගුලක් කෙලින් කියපන්කො බන්.
Deleteසෞඛ්‍ය සේවයේ සහ අධ්‍යාපනයේ අසමතුලිතතාවය කියන්නේ මොකක්ද?????
සල්ලි වලට විකුණන ඵකද?
රටේ ඔක්කොම හොදට තිබිලා මේක විතරක් අවුල් නම් උබ කියන කතාව පිලිගන්න තිබුනා...............
මේ රටේ කොයි ඵකත් අවුල් බන්............
ඔක හෑමදාම අපිව ගොනාට අන්දන දේසපාලුවන්ගේ සහ උන්ට චන්දේ දෙන බත්කන හරකුන්ගේ ප්‍රශ්නයක්...........
ලoකාවේ ගොන්නුන්ට මොලේ පෑදෙනකම් මේ කොයි ඵකත් ඔහොමතමයි ඉතින් !
නූව දශකයේදී කොළඹ මහ රෝහලේ ස්නායු වෛද්‍ය අංශය ඉතා හොඳින් නඩත්තු වෙමින් තිබුණා.//////එය ආකල්පමය දෙයක් නේද ?
Deleteඔබගේ ලිපි වල සටහන් කොට ඇති රුසියානු කලාපයේ සහ නැගෙනහිර යුරෝපීය රටවල් වල තොරතුරු ඉතා ආශාවෙන් කියවන බව ස්තුති පුර්වකව දන්වා සිටිනු කැමත්තෙමි.
ReplyDeleteඔන්න මෙහි සදහන් "පිරගෝව්" ශල්‍ය වෛද්‍යවරය පිළිබඳවත් කියවන්න ගත්තා. :)
http://www.russia-ic.com/people/education_science/p/371/
ඉතා සතුටුයි ඒ ගැන
Deleteකැන්සාස් රිබ්ස් සහ මැකරෝනි අනුභව කලෙමි. අනේ අනේ එහෙනම් පානුයි පරිප්පුයි තිබුනෙම නැද්ද ? කීරමින් කරවල කෑල්ලක් ,බැදපු මිරිස් කරලක් පපඩමක් එකක බත් පොඩ්ඩක් නැති විවිධ ආහාර වර්ග රෝහල් කැෆටේරියා එකක්නේ එක .
ReplyDeleteකීරමින් කරවල කෑල්ලක් ,බැදපු මිරිස් කරලක් පපඩමක් එකක බත් පොඩ්ඩක් /////මතක් වෙන කොටත් කටට කෙල එයි
Delete//මෙය මුදල් හෝ සම්පත් පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. ආකල්ප පිළිබඳ ප්‍රශ්නයකි.// සහතික ඇත්ත. මම ලංකාවේ දුටු හොඳම රජයේ රෝහල තමා අම්පාර රෝහල. කොළඹ තිබෙන බොහෝ පෞද්ගලික රෝහල් වලටත් වඩා පිරිසිදුයි සහ ක්‍රමවත්. මෙහෙ තියෙන්නෙත් එස්-5 ක්‍රමය. ස්ථාන භාර වෛද්‍යතුමා ඉතා මැනවින් කාලානුරූපව රෝහල් සේවකයන් සහ රෝගීන්ගේ ආකල්ප වෙනස් කර තිබෙනවා. රෝහල් සේවකයන් තමන් අම්පාර රෝහලේ සේවය කරන බව පවසන්නේ මහත් අභිමානයෙන්. අම්පාරේ ජනතාවත් තමන්ගේ වටිනා සම්පතක් විදියට රෝහල ආරක්ෂා කරනවා.
ReplyDeleteඅම්පාර රෝහල හොඳ රෝහලක් බව කියවෙනවා
Deleteරජයේ රෝහල්වල ඉස්සර තිබුණු තරම් අපිරිසිඳුකමක් නැහැ කියලයි මට හිතෙන්නේ. ඉස්සර වගේ සැර බෙහෙත් ගඳ එන්නේ නැති බවයි මගේ මිට වසර හය හතක මතකය නම්. ගොඩක්ම අපිරිසිඳු කරන්නේ ඒ සේවා අවශ්‍යතාවය වැඩිපුරම තිබෙන අය .
ReplyDeleteමට පෙනෙන්නට බැරි තවත් පුරුද්දක් තමයි කෙල ගැහිල්ල. මම දැකල තියෙනවා සමහර පිරිසිඳුකම ගැන කටමැත දොඩවන ගැහැනුන් ඔවුන්ගේ පිරිසිඳුකම විදහා දක්වන්න ඒ ඒ ස්ථාන ගහනවා. කොටිම්ම කොරිඩෝ වල පවා.
රෝහල්වල තියෙන ඒ සැර මට ඉවසන්න බැහැ. ගියොත් ජබර කලන්තේ අල්ලනවා
කෙල ගැහිල්ල ගැන ලියන්න අමතක උනා , සමහර රෝගීන් වාට්ටු බිමේ ගහන්නේ සෙම කැහි.
Deleteහොඳ පාලනයක් තියනවා නම් රෝහල් හොඳට ගෙනියන්න පුළුවන් නේද? රුසියාවේ රෝහල් හොඳයි. පිරිසිදුයි. බීල වැඩි වෙලා එක පාරක් හිටිය බෙලරුස්කය වල රෝහලක.. නර්ස් ල දැක්කම ලෙඩෙත් හොඳ වුණා.
ReplyDeleteha ha ha ha
DeleteI sent this link to my kids. They need to read this.
ReplyDeleteDude...why aren't you writing your blog these days? It's been one of my favorite over the years. Though I started very recently to comment on the blog world, I've been reading your writings for a long time. We are more than happy to see you back on the track. I bet many would second my thought.
DeleteDoc, sorry for this irrelevant (to your post) comment. Couldn't stop myself after seeing Dude's comment here :-)
its ok , yes Dude you need to write
DeleteThanks Udaya, and Thanks Trasilvania, I want to resume that again.
DeleteAmpara Hospital
ReplyDeleteI visited it just to meet my niece in 2003, clean and better than many a lankan hospital for two reasons.
1. Requirements provided by the Ministry, without delay as.Mr. P Dayaratna was minister of health
2. MS.(Dr. Jayasinha? ) a russian qualified gentleman .
Although I was DDG(admin) under health secretaty Dr.Reggie Perera then, I never said who I was at the hospital and just walked in to see my niece Dr. Rubasingha on my way to Kumana the following day. It was Dr.J who was responsible for the change I guess.
සනීපාරක්ෂක කම්කරුවන් දේශපාලන පත්වීම් ලබා පඩිය පමණක් ගෙන වැඩක් නොකර සිටිති.පරිපාලනයද මර නින්දෙය. ලංකාව නම් මේ කපේදී ගොඩ නොයන රටකි.පාසල් අධ්‍යාපනයේදී ආකල්ප වර්ධනයට කිසිදු අවධානයක් යොමු කරනු නොලැබේ. ඉතින් මීට වඩා වෙන කතා කුමටද?
ReplyDeleteප්‍රධාන සාධකය රෝහල් සේවකයන් හා මහජනතාව ආකල්ප අතින් දිළිඳු වීමයි.සනීපාරක්ෂක කම්කරුවන් දේශපාලන පත්වීම් ලබා , සේවයක් නොකොට වැටුප් ලබාගනී.පරිපාලනයද මර නින්දේය.
ReplyDeleteපාසල් අධ්‍යාපන විෂය මාලාවට ආකල්ප සංවර්ධනය ගෑවිලාවත් නැත.ලංකාව ගොඩයන රටක් නොවේ.