වෛද්‍ය සන්දිරසේකරන් මට හමු වූයේ 2008 වසරේදීය. ඒ කාලයේ ඔහු කල්පිටිය රෝහලේ ඩී.එම්.ඕ ලෙස සේවය කලේය. මම පුත්තලම දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය සම්බන්ධිකරණ නිලධාරී (Focal Point Mental Health) ලෙස සේවය කලෙමි.
වරක් මුස්ලිම් අනාතයන් ජීවත් වන ආලන්කුඩා ප්‍රදේශයේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩ සටහනක් කල යුත් බව බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක මහතා මට දැණුම් දුන් හෙයින් එම වැඩසටහනේ සාධ්‍යතාව සොයා බැලීමට මම ආලන්කුඩා වෙත ගියෙමි. ආලන්කුඩා ප්‍රදේශයේ අනාත කඳවුරු වල ජීවත් වූයේ එල්. ටී.ටී.ඊ සංවිධානය විසින් උතුරු ප්‍රදේශයෙන් පලවා හරින ලද මුස්ලිම් ජනතාවය. ඔවුන් ඉතා අසීරුකම් මැද ජීවත් වූවෝය. ආලන්කුඩා වෙත යාමේදී දෙමල දන්නා භාෂා පරිවර්තකයෙකු මට අවශ්‍ය විය. එම නිසා මම කල්පිටිය රෝහලට ගියේ දෙමල සහ සිංහල භාෂා දන්නා කම්කරුවෙකු ආයතන භාර නිලධාරියාගෙන් ඉල්ලා ගැනීම සඳහාය.
මම කල්පිටිය රෝහලට යන විට රෝහලේ ඩී.එම්.ඕ වෛද්‍ය සන්දිරසේකරන් හෙදියන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට රැස්වීමක් පවත්වමින් සිටියේය. එම නිසා මම ඔවුනට බාධා නොකර පසුපස අසුනක වාඩිවී සිටියෙමි. වෛද්‍ය සන්දිරසේකරන් රැස්වීම පැවැත්වූයේ තල් අත්තට බොරළු ගසන්නක් මෙනි. දෙමල උරුවට ඔහු සිංහල කථා කල අතර ඔහු තම කාර්‍ය මණ්ඩලයට බනිනවාද කියා මට වටහා ගැනීමට නොහැකි විය. රැස්වීම අවසානයේදී මා ඔහු වෙත ගොස් මා කවරෙක් ද කියා හඳුන්වා මගේ අවශ්‍යතාවය ගැන කීවෙමි. වෛද්‍ය සන්දිරසේකරන් වහාම මගේ ඉල්ලීම ඉටු කරමින් ද්වී භාෂා හැකියාව ඇති කම්කරුවෙකු මගේ සහයට එවීය. එය අපගේ පළමු හමු වීමයි. ඉන් පසු මා හා වෛද්‍ය සන්දිරසේකරන් අතර මිත්‍රත්වයක් වර්ධනය වූ අතර ඔහු මා විසින් සංවිධානය කරන ලද මානසික සෞඛ්‍ය වැඩසටහන් වලටද ආවේය.
වෛද්‍ය සන්දිරසේකරන් බොහෝ පත පොත කියවන්නෙකි. රාජකාරී වෙලාවෙන් පසු පුද්ගලික සේවයේ යෙදීම වෙනුවට ඔහු බොහෝ විට කලේ පොත් පත්තර කියවීමයි. මධ්‍යම රාත්‍රිය වන තෙක් පොත් පත්තර කියවීම ඔහු නිති පතා කලේය. එසේම ඒඩ්ස් රෝගය පිලිබඳව ඉංග්‍රීසි භාෂාවෙන් ඔහු පොතක් ලියුවේය. එම පොතෙන් එක් පිටපතක් වෛද්‍ය සන්දිරසේකරන් මටද පරිත්‍යාග කලේය.
බොහෝ පොතපත කියවන වෛද්‍ය සන්දිරසේකරන් පොත් මිලදී ගැනීම සඳහා බොහෝ මුදල් වැය කලේය. එසේම වසරකට වරක් පරණ පොත් ඉවතලෑම ඔහු විසින් කරන ලදි. වරක් ඔහු තම නිල නිවාසයෙන් ඉවතලන ලද පරණ පොත් තොගයක් කල්පිටිය රෝහලේ බෙහෙත් ශාලාවේ ඖෂධවේදියා ඉල්ලා ගත්තේය. ඔහු එසේ පරණ පොත් ඉල්ලා ගත්තේ රෝගීන්ට බෙහෙත් දෙන කවර අවසන් වී තිබීම නිසා පරණ පොත් වලින් ඉරාගත් පිටු වලින් ඖෂධ ඔතා රෝගීන්ට දීමටය.
දිනක් මෙසේ පරණ පොතකින් ඉරාගත් පිටුවක එතූ ඖෂධ ලබා ගත් රෝගියෙකු උරණ වී ඖෂධවේදියාට බැණ වැදුනේය. පසුව බලන විට ඖෂධවේදියා ඖෂධ ඔතා තිබුනේ කුරානයෙන් කඩා ගන්නා ලද පිටුවකය. පැය කීපයක් යන විට තත්වය තවත් නරක් විය. ආගම්වාදී ගැටුමක් යන්නට තරමට තත්වය ආතතිජනක වූයේය. කුරානයට අපහාස කලා යන්න ඔවුන් ගේ චෝදනාව වූ අතර ගැටුම්කාරී පිරිස් කල්පිටිය රෝහල වට කොට ඖෂධවේදියා ඔවුගේ අතට පත් කරන ලෙසට බල කළහ. තැතිගත් ඖෂධවේදියා ඩී.එම්.ඕ නිල නිවසේ සැඟවිනි.
තත්වය පාළනය කිරීම සඳහා පොලිසිය පැමිණි අතර යාබද නාවික කඳවුරේ නැවියන් රෝහල ආරක්‍ෂා කලහ. ඒ අතරවාරයේ පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක මහතා සහ වෛද්‍ය සන්දිරසේකරන් ප්‍රදේශවාසීන් හමුවී කරුණු පැහැදිලි කොට තත්වය සමනය කරන ලදි.
තත්වය පාළනය කිරීම සඳහා පොලිසිය පැමිණි අතර යාබද නාවික කඳවුරේ නැවියන් රෝහල ආරක්‍ෂා කලහ. ඒ අතරවාරයේ පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක මහතා සහ වෛද්‍ය සන්දිරසේකරන් ප්‍රදේශවාසීන් හමුවී කරුණු පැහැදිලි කොට තත්වය සමනය කරන ලදි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
අකුරට වැඩ කළා නම්, ඒ කියන්නේ කවර නැතුව බේත් නොදුන්නා නම්, ඔය කලබගෑණිය වෙන්නේ නෑ!
ReplyDelete-)
ඔය කුරානය දෙමල එකක් ද , අරාබි අකුරෙන් ලියවුණු එකක් ද?
ඉස්සර හොස්පිටිතාලෙට, පොල්කඩවලට බේත් ගන්න යන කොට බෝතල්, කුප්පි අරං යන්න ඕනෑ නේද? ඒ දවස්වල මං දැකලා තියෙනවා අපි ගිය කඩවත ගුණතිලක දොස්තර ගේ ඩිස්පැන්සරියේ බේත් පොති කුඩු කර, කරල් ගලවා වතුරේ දියකර බොන බේත් හදනවා. අපිට කියන්නේ බෝතලය හොඳින් සොලවා බොන්න කියලායි!
ටෙට්රසයික්ලීන් කරල් වල කුඩ වතුරේ දිය කළාම දිව්‍ය ලෝක රහයි!
ඇයි බේත් පෙති කුඩු කර කුඩු මුල් හැඳීම!
කවර නැතුව බේත් නොදුන්නා නම්////// ඖෂධවේදියා රෝගීන්ට උදව් කරන්න ගිහිල්ලා
Deleteඔය කුරානය දෙමල එකක් ද , අරාබි අකුරෙන් ලියවුණු එකක් ද? //// ඒක නම් මම කියන්න දන්නේ නැහැ; කුරානයේ පිටු වල බේත් එතුවා කියලා තමයි කේස් එක ආවේ
2006 - 2007 වර්ෂ වලදී මා පුත්තලමේ බලසේනා මූලස්ථානයේ සේවය කල කාලයේ ඔය සරණාගත කඳවුරුවල සුබසාධනය ගැන නිතර කරුණු සොයා බැලුවා. අද විල්පත්තුව ආශ්‍රිත ඉඩම් ගැටලුව ඇතිවී තිබෙන්නේ ඔය සරණාගතයන් පදනම් කරගනිමින්.
ReplyDelete2008 දී මා වවුනියාවේ සේවය කරද්දී පුත්තලම කඳවුරෙන් මට කිව්වා පුත්තලම රෝහලේ ගැටුම පිළිබඳව. මා යෝජනා කලේ පුත්තලම ප්‍රධාන මුස්ලිම් පල්ලියේ පූජකවරුන් සමග සාකච්ඡා කොට ප්‍රශනය විසඳීමට උත්සාහ ගන්නා ලෙසයි. එමෙන්ම එවකට සිටි පුත්තලම දිසාපති හේරත් මහතාද විශාල මැදිහත්වීමක් කළා.
පුත්තලම රෝහලේ ගැටුම නොව කල්පිටිය රෝහලේ ගැටුම යනුවෙන් නිවැරදි විය යුතුයි.
Deleteඅද විල්පත්තුව ආශ්‍රිත ඉඩම් ගැටලුව ඇතිවී තිබෙන්නේ ඔය සරණාගතයන් පදනම් කරගනිමින්.
Deleteබුදුසර්ණ පත්තරේ මස් ඔතලා දුන්නා වගේ තමයි...
ReplyDeleteඕක මොකද්ද මීගමුව මාලු මාකට් එකේ බෞද්ධ කොඩිය උඩ තියාගෙන මාළු විකුණන්නෙ..
Deleteඒක එතරම් කලබල කරන කේස් වෙන්නේ නැහැ නේද ?
Deleteමිරිදිය මාළු නම් තමයි කේස්. කරදිය නම් අවුලක් නෑ!
Deleteපහු ගිය දවසක රජයේ රෝහලක නේවාසිකව ඉඳලා දැකපු දේවල් නිසා මම එක හිතවත් ඩොකෙක් ගෙන් ඇහුවා 'ඇයි ඕගොල්ලො තමුන්ට තියෙන ඌණ සම්පත් වලින් වැඩ කරන හැටි ගැන දැනුවත් නොකර ලොකු සීන් දාලා බැනුම් විතරක් අහන්නෙ' කියලා.
ReplyDeleteඑයා කිව්වෙ 'ඔව්වා ඔහොම තමා.. බනින හැමෝටම මම ප්‍රාර්ථනා කරන්නෙ ලංකාවෙ දොස්තර කෙනෙක් වෙලා ඉපදේවා..' කියලා.
හෙහ් හෙහ්...
ජයවේවා..!!
ඌණ සම්පත් වලින් වැඩ කරන හැටි /// ඒක නම් ඇත්ත
Deleteබොහෝ මුස්ලිම් අයට ආගම උමතුවක්නේ
ReplyDeleteආගමික උමතුව මනුශ්‍යත්වය පාවා දෙයි
Deleteහොයා බලන්නේ නැතුව කෑ ගහන කට්ටියක් තමා ඔය.
ReplyDeleteවිචාර බුද්ධියේ අඩුකම
Deleteයන්තං හරි ෂේප් කරගත්ත එක ලොකු වීරකමක්.. දන්නැද්ද මේ දේවවාදියෝ පුදුම ගැත්තෝ
ReplyDelete.
.
ඔව් යන්තං ෂේප් කරගත්ත
DeleteDr. Chandrasekaran passed away while on duty few years back. It was a MI. He just finished ANC clinic while he was working as MOH kalpitiya. I didn't know he was known to you. Anyway a nice guy.
ReplyDelete