Wednesday, January 27, 2016

යූක්‍රයින ගැමි නිවසකට ගියෙමි



මගිලෝ පදෝල්ස්කි නගරය යූක්‍රයිනයේ තිබෙන අලංකාර නගරයන් ගෙන් එකකි. එම නගරය බේසමක් වැන්න​. නගරයේ සිට ඉහල බැලූ විට වටෙට කඳු වලල්ලක් පෙනේ. ස්වභාවධර්මයාගේ දායාද ලැබූ  මගිලෝ පදෝල්ස්කි නගරයට වරක් මා ගියෙමි. 

වෛද්‍ය පීඨයේ මා සමග ඉගෙනුම ලැබූ ඉවනාශ්කා ගේ උපන් ගම වූයේ මගිලෝ පදෝල්ස්කි නගරයයි. ඔහු ඒ වන විට විවහා වී සිටි අතර ඔහුගේ කුළුදුල් බිළිඳු දියණිය බෞතීස්ම කිරීමේ උත්සවයට ඉවනාශ්කා මටද ආරාධනා කලේය​. මට ඉවනාශ්කාගේ දියණියට ඥාණ පියා වන්නට වේ දැයි කුකුසක් මා තුල විය . ඒ මම බෞද්ධයෙකු වන නිසාය​. නමුත් ස්ටෙපාන් ඥාණ පියා වන බව ඉවනාශ්කා කීවෙන් මගේ සැකය දුරු විය​. 

මේ කාලය ගර්බචොව් ගේ පෙරෙස්ත්‍රොයිකා ක්‍රියාදාමය දියත් කල සමයයි. කොමියුනිස්ට් පාලන කාලයේ බෞතීස්මය වැනි ක්‍රිස්තියානි ආගමික උත්සව සිදු කලේ අප්‍රසිද්ධවය​. පෙරෙස්ත්‍රොයිකා සමයේ ආගමික නිදහස මතුවූ නිසාදෝ ක්‍රිස්තියානි ආගමික උත්සව බහුලව සිදු විය​. 

මගිලෝ පදෝල්ස්කි නගරය එවකට මා ජීවත් වූ විනිට්සා නගරයේ සිට කිලෝ මීටර් 118 පමණ දුරකින් පිහිටා තිබේ. ඉවනාශ්කා ජීවත් වූයේ නගරයටත් එපිට ග්‍රාමීය ප්‍රදේශයක නිසා මම සෙනසුරාදා දිනෙක උදේ රැයින් බස් රථයක නැගී මගිලෝ පදෝල්ස්කි වෙත ගියෙමි. 

දෙවන ලෝක යුද කාලයේ මගිලෝ පදෝල්ස්කි නගරය ජර්මානුන් ගෙන් පිරී තිබුනි. මෙම නගරයේ වාසය කරන ලද යුදෙව්වන් සියළුදෙනාම පාහේ නට්සීන් විසින් මරා දමන ලදි. නගරයේ අයිතිහාසික ස්ථාන තිබුණද ඒවා වෙත යාමට කාලවේලාවක් නොවීය​. බෞතීස්මය  ඉරිදා නිසා මම සෙනසුරාදා දහවල් වන විට ඉවනාශ්කා ගේ නිවසට ලඟා වූයෙමි. 

ඉවනාශ්කාගේ ගැමි ගෙදර ආකෘතික යූක්‍රයීන ගැමි නිවසකි.   ස්ටාලින් විසින් බලහත්කාරයෙන් දියත් කරන ලද සමූහ ගොවිපළවල් ක්‍රමය මේ වන විට අසාර්ථක වෙමින් තිබුණි. සමහර සමූහ ගොවිපළවල්  සභාපතිවරු 1970 -1977 කාලයේ ලංකාවේ සමුපකාර මැනේජර්ලා මෙන් ලෝක හොරු වූහ​. සැමටම එක වේතනයක් ලැබීම නිසා අභිප්‍රේරණය අඩුවීම ,  අයිස් ගැසීමට , වංචා කිරීමට හැකිවීම වැනි කරුණු නිසා සමූහ ගොවිපළවල් ක්‍රමය කඩාවැටුණි. සමහර ප්‍රදේශ වල ආහාර බෙදා හැරීම අක්‍රමවත් විය​. මේ නිසා පෙරෙස්ත්‍රොයිකාව විසින් කුඩා පුද්ගලික ගොවිපොලවල් දිරිමත් කරන ලදි. සමහර පෞද්ගලික ගොවිපලවල් අක්කරයක තරම් විය​. නමුත් ඉවනාෂ්කාගේ ගොවිපළ තරමක් විශාලය​. එහි කැරට්,  ගෝවා අර්තාපල් , තක්කාලි වවා තිබුණි. ගොවිපලේ වැඩ කලේ පවුලේ සාමාජිකයන් පමණි.   ඔවුන් ස්වයංපෝෂිතය​. පාන් සහ චීස් පවා ඔවුන් නිවසේ සදා ගත්හ. 

රුසියන්වරු සහ යූක්‍රයීනයන් ආගන්තුක සත්කාරයේ නියමුවෝ වෙති. මා ඔවුන් ගේ නිවසට පැමිණි වහාම කෑම මේසය සූදානම් කෙරිනි. කෑම මේසය මගුල් මේසයක් මෙන් විය​. අළුත් පළතුරු වර්ග , මස් මාළු , සුප් වර්ග ක්‍ෂීරමය ආහාර යනාදී දහසකුත් දේවල් මේසය මත විය​. එසේම වොඩ්කා සහ වයින් ද විය​. මම ඉතා රසැති ස්වභාවික වයින් පානය කලෙමි. ඉවනාශ්කා ගේ මව ඉතා කරුණාවන්ත කාන්තාවකි. ඇය වඩාත් සමීප ලංකාවේ ගම්බද කරුණාවන්ත දයාවන්ත කාන්තාවකටය​. හමේ සුද ඇරෙන්නට ඇය තුල ලංකාවේ ගැමි ලියන්ගේ සියළු  යහ ගුණ තිබේ. එහෙත් එක් දෙයකින් ඇය අපගේ ගම්බද වනිතාවන්ට වඩා වෙනස් වූවාය​. 

ඔවුනට ලස්සන පුෂ්ටිමත් සයිබීරියන් හස්කි වර්ගයේ බැල්ලක වූවාය​. ඇය පසුගිය ශීත සමයේ පැටවන් බිහි කල බවත් එම පැටවුන් අසල්වැසියන්ට බෙදා ඉතිරි වූ පැටවුන් දෙදෙනෙක් දියේ ගිල්වා මරා දැමූ බව ඇය කීවේ කිසිදු  වෙනස්කමකින් තොරවය​. එය අසා මගේ ගත හිරි වැටුණි. ඒ අපගේ බෞද්ධ ශික්‍ෂණය නිසා බව මම සිතමි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග

46 comments:

  1. ඔවුන් අර පැටව් දෙදෙනා කියේ ගිල්වා මැරීමට හේතු මොනවාදැයි ඔබ සොයා ගත්ත ද?

    ReplyDelete
    Replies
    1. චීනයේ දී නම් එහෙම මරන එකක් නෑ, ලංකාවේ දී නම් අයාලේ යන බල්ලන්ට කෑම දුන්නාම අපට දිවියලෝකේ යන්න ලකුණු එකතු වෙනවා.

      Delete
    2. මේ බල්ලන් ඉබේ හැදෙන උන් නොවෙයි, හදා ගන්නා වුන්. ඉතිං අයිතිකාරයෙකු නැති නං උන්ට පැවැත්මක් නෑ නේද?

      ඒ වගේම තමයි සත්ව ගොවිපොලක උපදින හරක් පැටව්. කිරි ගන්න නේ එළදෙන්නු හදන්නේ. ඉතිං ඒ කිරි බොන්න ඉපදෙන හරක් පැටවුන්ව මරා දානවා. ගෑණු සත්තු තියාගන්නවා විය යුතුයි. ඒ කුඩා පැටවුන් ගේ මස් තමයි වීල් කියන්නේ.
      https://en.wikipedia.org/wiki/Veal

      Delete
    3. අයිතිකාරයෝ නැති බල්ලෝ පාරවල්වල දුක් විදිනවටයි

      උන්හපාකපු එවුන් ජලබීතිකාව හැදිල මැරිල යනවටයි

      අඩියෙන් අඩියට බලුබෙටි පැගෙනවටයි

      පන්සලට දෙන දානෙට පුජා කරපු බල්ලො වෙනුවෙන් තව හාල් සේරු සේරුවක් දෙකක් වැඩි වෙනවටයි

      වඩා ඒක හොදයි මට නං හිතෙන්නෙ

      Delete
    4. අනවශ්‍ය සතුන් බරක් කියලා ඔවුන් හිතන්නේ

      Delete
  2. නිවෙස් වල හදන පාන් කන්න මමත් ආසයි. පාන් හදන්න ග්‍රයින්ඩරයකට පොඩ්ඩක් ලොකු පාන් සාදන යන්ත්‍ර වෙන රටවල තියෙනවා. පිටි සහ ආදාල දේවල් දාල ඕන් කරල නින්දට ගියාම උදේ එන නැවුම් පාන් සුවඳට ඇහැරෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් සුවඳ කොහොමද ?

      Delete
  3. ඔබේ අත්දැකීම් මේ විදිහට කියවන්න ලැබීමම සතුටක්....... මේ ලියන විදිහටත් මේ අත්දැකීම් කියවන්නත් අපි අැත්තට ම කැමතියි...... ජයවේවා

    ReplyDelete
    Replies
    1. කුරුටු මේ අත්දැකීම් පසු කාලයක පොතක් වශයෙන් පළ කරන්නත් අදහසක් තියනවා

      Delete
  4. කුරුටුගෙ කථාවට මමත් එකගයි,
    මමත් වියට්නාමයේ අත්දැකීම් ලියන්ඩ කියල හිතාගෙන ඉන්නේ හැබැයි ඩොක්ටට වගේ රහට ලියන්ඩ බැ.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා ලලිත් ඔබගේ ලිවීම් හොඳයි

      Delete
    2. ඔයාගේ බ්ලොග් එක මොකක් ද?

      Delete
    3. ලලිත් ලියන්න පටන් ගන්න. කාලයක් යත්දී නොදැනීම රසවත් වේවි.

      Delete
    4. sinhalabloggala.blogspot.com
      Lalith Perera.

      Delete
  5. නියමයි...හොඳින් බ්ලොග් එක කරගන යන්න..

    ReplyDelete
  6. අපි පොඩිකාලෙ කියෙව්වෙ 'ඕමානයෙන් බිඳක්' කියල තමයි පිටරටක් ගැන.ඉතිං ගෘහසේවිකාව වීරවරියක් උන පරම්පරාවක් හැදුනා.
    බලමු.. ඉස්සරහට වෙනස් වෙයි.
    බලු පැටව් දෙන්නෙක් බලාගන්න බැරි නම් වැඩක් නෑ ඉතින් ගොවිපලක් වෙලා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් අපගේ බෞද්ධ ශික්‍ෂණය නිසා සත්තු අපට බරක් නොවූවත් ඔවුන්ට එය අනවශ්‍ය වදයක්

      Delete
  7. /බලු දෙන්නෙක් බලාගන්න බැරි නම් වැඩක් නෑ ඉතින් ගොවිපලක් වෙලා../
    පුංචි කාලේ කියවපු රුසියන් කතාවල ගම්මාන වලට වඩා සෝවියට් ගම්මාන තරමක් වෙනස්. සෝවියසෝවියට් දේශයේ පෞද්ගලික ඉඩම් අයිතියක් නොතුබු නිසා එකළ පෞද්ගලික ගොවිපල දක්නට නොවීය. ගොවියන් රජයට හෝ සමූපකාර ගොවිපල වල රැකියාව කල අතර එවායේ ගම්මාන අපගේ නිවාස යෝජනා ක්‍ර‍ම වැනිය, නිවස් තනා තිබුනේ පර්චස් 25 වැනි බිම් කඩ වලය. එහි සීමිත ඉඩක කුඩා ඌරු කොටුවක්, හා කුකුල් / තාරා කොටු පිහිටා තිබිනි, අතරින් පතර ලිංද පිහිටා තිබිනි.

    ReplyDelete
    Replies
    1. ඉතිරි කෑම ඌරන්ටයි, බල්ලන්ට නොවේ.

      Delete
    2. ස්ටාලින් විසින් බලහත්කාරයෙන් දියත් කරන ලද සමූහ ගොවිපළවල් ක්‍රමය මේ වන විට අසාර්ථක වෙමින් තිබුණි. සමහර සමූහ ගොවිපළවල් සභාපතිවරු 1970 -77 කාලයේ ලංකාවේ සමුපකාර මැනේජර්ලා මෙන් ලෝක හොරු වූහ​. සැමටම එක වේතනයක් ලැබීම නිසා අභිප්‍රේරණය අඩුවීම , , අයිස් ගැසීමට , වංචා කිරීමට හැකිවීම වැනි කරුණු නිසා සමූහ ගොවිපළවල් ක්‍රමය කඩාවැටුණි. සමහර ප්‍රදේශ වල ආහාර බෙදා හැරීම අක්‍රමවත් විය​. මේ නිසා පෙරෙස්ත්‍රොයිකාව විසින් කුඩා පුද්ගලික ගොවිපොලවල් දිරිමත් කරන ලදි. සමහර පෞද්ගලික ගොවිපලවල් අක්කරයක තරම් විය​. නමුත් ඉවනාෂ්කාගේ ගොවිපළ තරමක් විශාලය​. එහි කැරට්, ගෝවා අර්තාපල් , තක්කාලි වවා තිබුණි. ගොවිපලේ වැඩ කලේ පවුලේ සාමාජිකයන් පමණි.

      Delete
  8. මම හරිම කෑදරකමකින් තමා මෙවෙනි සටහන් කියවන්නෙ :) ඔබගේ වටිනා කාලය මිඩංගු කොට, කෙනෙකුගෙන් ලෙහෙසියකට අහන්න නොලෙබෙන මෙවන් අත්දැකීම් අප වෙත ගෙන එනවට, බෙහෙවින්ම ස්තුතියි.

    මම පුංච් කාලේ (1976 දී විතර) කියවූ "තෝරා ගත් රුසියානු කෙටී කතා" කියල පොතක තිබු "මුමු" කියන කෙටී කථාව යන්තමින් මතක් වුනා. එහි "මුමු" කියන්නේ කොය් කාටත් බොහෝම ලෙන්ගතු බල්ලෙක්. එයාගේ අයිති කාරයාගේ නම "ගෙරාසියම්" වගේ තමා මතක. කිසියම් හේතුවක් නිසා ඔහුට තව දුරටත් මුමුව තියාගන්න බැරි තත්වයක් උදා වෙනවා. ඉතින් ගෙරාසියම් දවසක් මුමුවත් එක්ක අවන්හලකට ගිහින් මුමුට හොදට කන්න අරන් දෙනෙව. මුමු වෙනදා නැති තරම් ලෙන්ගතු කමකින් තම ස්වාමියාගේ දෙනෙත් දෙසම බලමින් සුපුරුදු ලෙසම කිසිදු කලබලයක් නොමැතිව, ලැබූ ප්‍රනීත අහාර බුක්ති විදින්නේ මේ තමාගේ අන්තිම කෑම වේල බව නොදනිම.

    අනතුරුව ගෙරාසියම් යන්නේ අසල ඇති ගඟ ලගට. එතන තිබුන ඔරුවකට නගින ඔහු ගඟ දිගේ ඔරුව පදින්නේ කිසිම අරමුණකින් තොරව. මුමු හිතාදර ස්වාමියා ඉදිරියේ බිම වැතිර සිටින්නේ, සුපුරුදූ අහින්සක ලෙන්ගතු බැල්ම ගෙරාසියම් වෙතම රදවාගෙනය. ගඟ මැදට ගිය පසු යක්ෂාවේශ වූ ගෙරාසියම් අහින්සක මුමු වෙත කඩා පනින්නේ ළග තබාගෙන සිටිය රැහැනකින් බෙල්ලට තොණ්ඩුවක් දමමිනි. මුමු කිසිදු කලබලයක් නොමැතිව වලිගය වනන්නේ සුපුරුදූ අහින්සක ස්වාමි භක්තියෙනි. අනතුරුව ගෙල සිර කොට දියේ ගිල්වා මරණ තුරුම, අහින්සක මුමු; ඔහු දෙස බලා සිටින්නේ විශ්මයෙන් උවද සුපුරුදූ ලෙන්ගතු කමෙනි.

    ඔය කෙටී කථාව කියවල මේ වෙනකොට අවුරැදු 40 කට කිට්ටුය්. එත් මේක සටහන් කරනකොටත් එදා ඒක කියවනකොට ඇති වුනා වගේම මොකක්දෝ විස්තර කරන්න අපහසු කණගාටුවක් තමා ඇති වන්නේ.

    අනේ මන්දා, ඔබගේ ලිපිය කියවනකොට රුසියානුවෝ බල්ලෝ දියේ ගිල්වා මරන්න රුසියෝ කියලත් හිතෙනවා.

    නැවතත් ඔබට බෙහෙවින්ම ස්තුතියි ඔබේ අතිතවර්ජන අපත් සමග බෙදා හදා ගත්තට.

    ReplyDelete
    Replies
    1. ඇනෝ.. ගොඩක් ස්තූතියි. ගොරොසිම් වගේ නමක් තමයි මටත් මතක.හරිම දුක හිතුන පොතක්.. ගස්ලබ්බ බොහොම පොඩි කාලෙ කියවලා ඇඬුව මතකයි.ඒ නිසාම පොත ගෙදරින් අතුරුදහන් උනා.කල් ගෙවුනත් දැනෙන හැටි එහෙමමයි පොත නොකියවාම.

      Delete
    2. ඇනෝ.. ගොඩක් තුති මගේ ප්‍රශ්නය ඇයි මුමු"ව මරන්නේ

      Delete
    3. මට මතක විදිහට මෙහෙමයි ඒක සිද්ධ උනේ. මුමු මරන්න ගොරෝසිමිට උවමනාවක් තිබුනෙ නැහැ. ඔහු ගොළු බිහිරි නමුත් ශක්තිමත් සේවකයෙක්. ඔහුට යාළුවෙකු හැටියට හිටියේ මේ බල්ලා තමයි. බල්ලා ඔහු සමග හැම තැනම යනවා උනත් වලව්වේ හාමුගේ කාමරයට නම් යන්නේ නැහැ. ඔහු සේවය කල වලවේ හාමුට උවමනා උනා මේ බල්ලා හුරතල් කරන්න. පොඩ්ඩක් අතගාපු ගමන් බල්ලා තම විරෝධය පෙන්නන්න ඇගේ අත යන්තමින් හැපුවා. ඉන් පසු ඇය නියෝග කලේ බල්ලා මරා දමන්න. අහිංසක සේවකයෙකුවූ ගොරාසිම්ට වෙන විකල්පයක් තිබුනේ නැහැ.

      සමරසේකර

      Delete
    4. රුවන් මහතා, ඕබගේ ලිපියේ බල්ලන් දෙදෙනෙකු දියේ ගිල්වා මරනු ලැබූ බව සදහන්ව තිබු නිසා තමා මට ඔය කෙටී කථාව සිහිවුයේ. හේතුව පිළිබඳ කිසිම මතකයක් තිබුනේ නැත.

      සමරසේකර මහතා ඔබට බෙහෙවින්ම ස්තුතිය් ඒ පිලිබද මතකය අවදි කලාට.

      "ගස් ලබ්බ" ඔබටත් ස්තුතිය්.

      Delete
    5. මගේ මතකයට අනුව ස්වාමිදුව පැවසුවේ මින්පසු බල්ලා ඇය විසින් නොදැකිය යුතු බවයි. ගෙරාසිම් සිතුවේ පිටමන් කිරීමෙන් අනතුරුව මුමූට මුහුණ දීමට සිදුවන ගැහැටට වඩා මරණය වඩා යහපත් ලෙසයි. එමගින් දෙදෙනාගේ ම දුක කෙලවර වනු ඇත

      Delete
  9. යුක්‍රයීනය ගැන කතා කරනකොට එහි දනියස්ක් නගරයේ මා විසූ කාලය මට මතක් වෙයි. එහි මා විසූ කාලයේ මා විසින් ඩොලර් දහයකට රීනක් එකේ දී ගැමියෙක්ගෙන් මිලදී ගත් බොක්සර් වර්ගයේ බල්ලා, දපාෂ්හි මා නැවැතී සිටි අබ්‍ෂ​zඊතියේ ඇති දැඩි කරමින් ඉඳ, පෙරලා රටට පැමිනෙන අවස්තාවේ මගේ චීන මිතුරියට තෑගි කර එන්න වීම මතක් වෙනකොට මගේ පපුව තවමත් දැවෙනවා............

    ReplyDelete
    Replies
    1. ඩොලර් දහයකට ගැමියෙක්ගෙන් මිලදී ගත් බොක්සර් වර්ගයේ බල්ලා ////// නයෙක් යවනවා කියල හිතයිද දන්නේ නෑ. මාස 2 විතර උඩදී ලන්ඩන් - ඔන්්ට්‍රියෝ ගිහිල්ලා ජර්මන් ශෙපඩ් පැටියෙක් මිලට ගත්තා $ 1200

      Delete
    2. බල්ලා ගැන කතාව යුක්‍රයීන මතකයේ එක් සිද්දියක් ලෙස කීවා මිසක්, එය මට ඇති වූ පාඩුවක් ලෙස කියන්න නෙමෙයි මා අදහස් කලේ. පිකිනස් බලු පැටවෙක් ඒ දවස්වලම ඩොලර් 1000 ක් විතර වුනා මට මතකයි.

      යුක්‍රයිනය ආශ්‍රිත සුන්දර මතකයන් ඔබට මෙන් මටද​ තිබෙන බව කියන්නයි මට උවමනා කලේ.

      පපුව දැවෙන්න ගත් බව කියමින් මා අදහස් කලේ, නැවත නොඑන මගෙන් ගිලිහී ගිය ඒ සතුටු දවස් මතක් වීමෙනුයි.

      වැරදි වැටහීමක් ඇති වන පරිදි ප්‍රතිචාරය හැසිරවීම ගැන මගේ කනගාටුව​.

      Delete
    3. නැහැ මම කිව්වේ කාලයත් සමග බල්ලන් ගේ මිල ඉහල ගිය එක

      Delete
  10. හොඳ කතාවක් රුවන්. අර කෑම මෙසේ කටහ්ව නම් හරියට හරි. රුසියානු ගෙදරක වුනත් හොඳට කෑම මේසය පිළියෙළ කරනවා. එකම දේ ඔය බල්ලෝ මරණ එක වගේම පුස් පැටව් වගයක් මැරුවා අපේ පැත්තේ ගැමි ගැහැනියක්. ගම්බද වනිතාවක්. දෙන්නෙකුට උදල්ලෙන් ගහල මැරුවා. මමයි අපේ අම්මයි කෑ ගැහුවම අනිත් උන් දෙන්නව පාරට දැම්මා. හැප්පිලා මැරෙන්න. හැබැයි ඒ ගෑනිට ප්‍රශ්න ගොඩක් තිබ්බ කෙනෙක්. ගෙදර හැලි වලන් වල කෑම හොරෙන් කන්න පුරුදු වෙලා හිටිය අහල පහළ පුසෝ වගයක්. එදා මට තරහ ගියත් දැන් තියෙන්නේ අනුකම්පාවක්.

    ReplyDelete
    Replies
    1. පුස් පැටව්ට උදල්ලෙන් ගහල මැරුවා ; අම්මෝ අජිත් අහන කොටත් ඇඟ හිරි වැ්ටනවා. මට මරන්න පුලුවන් කැරපොත්තෝ , මදුරුවෝ විතරයි

      Delete
    2. ඕකට චක්කරයක් හදමු රුවන්

      කූඹි දොළහ මදුරුවෝ එකයි
      මදුරුවෝ තුන මැස්සෝ එකයි
      මැස්සෝ හය කැරපොත්තෝ එකයි
      කැරපොත්තෝ විසිහතර මීයෝ එකයි

      ඔය විදියට ගිහින්

      පූස් පැටව් තුන බලු පැටව් එකයි

      ඔය විදියට යං

      Delete
    3. හොද චක්කරේ ඩුඩ් :D

      Delete
    4. ස්තුතියි ඇනෝ. ඉතිං ඒ චක්කරේ සම්පූර්ණ කරමුකෝ.

      Delete
    5. පූස් පැටව් තුන බලු පැටව් එකයි බලු පැටව් තුන ?

      Delete
  11. මේ වගේ රට රටවල් වල විස්තර කියවන්න මම හරිම කැමතියි. ඒ වගේම මම ගිය විදෙස් සංචාර ගැනත් ලියලා තියෙනවා. නමුත් ඒවා බොහෝ දෙනෙක් ගිය රටවල්. මේ වගේ කෙනෙකුට ලේසියෙන් යන්න බැරි රටක විස්තර ලියන එක හරිම වටිනවා.

    ReplyDelete
  12. අපි ඔය යුක්‍රේන් මායිමේ බෙල්ගොරෝද් වලට ගිහින් තියෙනවා.
    මෙහෙ හොස්පිටල් එකෙත් ඉන්නවා යුක්‍රේනියන් දොස්තරලා, හොඳට ඉංග්‍රීසිත් කතා කරන.

    ReplyDelete
    Replies
    1. //" අපි ඔය යුක්‍රේන් මායිමේ බෙල්ගොරෝද් වලට ගිහින් තියෙනවා. "//

      අනේ ඩුඩ්, ඒ ගමන ගැන ලිපියක් ලියන්නකෝ. හරිම අසායි කියවන්න.

      Delete
    2. ස්තුතියි ඇනෝ. දාන්න ඕනෙ. වැඩේ කියන්නේ සමහර යාලුවන්ට සංචාරක සටහන් පේන්න බෑනේ.

      Delete
    3. හෙන්රි ඒ ගැන ලියන්න

      Delete
  13. මුමූ සහ ගෙරාසිම්

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook