Sunday, January 11, 2015

71 කැරැල්ල සහ ලයනල් බෝපගේ භූමිකාව


71 කැරැල්ලේ අතිශයින්ම වැදගත් චරිතයක් වන ලයනල් බෝපගේ මහතාගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීමට මට වෙසෙසින්ම උපකාර වූයේ ප්‍රවීණ ලේඛක ගාමිණී වියන්ගොඩ මහතා බව පවසන්නේ කෘතගුණ පූර්වකවය. දැනට ඕස්ටේ්‍රලියාවේ වික්ටෝරියාහි වාසය කරන බෝපගේ මහතා ඉංජිනේරුවෙකි. අධික වැඩ කටයුතු තිබුණද මා විසින් ඔහුට විද්්‍යුත් තැපෑලෙන් යවන ලද ප්‍රශ්නවලට ඔහු පිළිතුරු එවා තිබුණි. ඒ සම්බන්ධයෙන් පාඨකයා වෙනුවෙන් බෝපගේ මහතාට ස්තුතිවන්තවීම මාගේ යුතුකමක් බව සිතමි. පහත දැක්වෙන්නේ බෝපගේ මහතා විසින් මා වෙත එවන ලද පිළිතුරුවල සිංහල අනුවාදයයි.

මාතර රාහුල විද්‍යාලයේ ශිෂ්‍යයෙක්ව සිටි කාලයේ පටන් මම දේශපාලන සාහිත්‍ය කෙරෙහි ඇල්මක් ඇති කරගෙන සිටියෙමි. එකල කොමියුනිස්ට් පක්ෂයේ උඩකැන්දවල ශී්‍ර සරණංකර ස්ථවිරයන් විසින් ප්‍රකාශයට පත්කරන ලද zනවලෝකය සඟරාවZ නොවරදවාම කියවූයෙමි. එසේම කොමියුනිස්ට් පක්ෂයේ පුවත්පත වූ zමවුබිමZ ද ලංකා සමසමාජ පක්ෂයේ zසමසමාජයZ පුවත්පතද කියවීමට පුරුදුව සිටියෙමි. එසේම මම ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ශිෂ්‍ය කටයුතු වලටද සහභාගි වූයෙමි.


එකල මට ඇති නැති පරතරය හා සමාජ විෂමතාවය ගැන අවබෝධයක් තිබූ බව කිව යුතුය. වැලිගම දිළිඳු ධීවරයෙකු වූ ටීඩියස් ජයවීර සමඟ මා නිරන්තරයෙන්ම සංවාදයේ යෙදුණා මතකය. ටීඩියස් තුළ මනා දේශපාලන අවබෝධයක් තිබුණි. ඔහුගේ දුගී පැල අටවා තිබුණේ වෙනත් අයෙකුට හිමි ඉඩමකය. ඔහුගේ පැලේ කිසිම ලීබඩුවක් නොතිබිණි. ටීඩියස් හා ඔහුගේ දරුපවුල ජීවත්වූයේ අතිශයින්ම ආර්ථීක දුෂ්කරතා වලට මුහුණ දෙමිනි. ඇති නැති පරතරය පිළිබඳව මගේ ජීවමාන උදාහරණය වූයේ ටීඩියස් ජයවීරයි.

ටීඩියස්ගේ වැනි පවුල් දහස් ගණනක් එම ප්‍රදේශයේ දැකගත හැකි වුවද, ඔවුන්ට දේශපාලන සංස්කෘතික බවක් නොතිබුණි. ඔවුන් තම කරුමයට ශාප කරමින් දුගී බවේ විෂම චක්‍රයේ ගොදුරු බවට පත්වූයේ වගකිව යුත්තන්ගේ දෑස් ඉදිරිපිටදීමය. 

පාසල අවසන් වූ පසු නිවසට යාම සඳහා අපට කිලෝමීටර් කීපයක් ඇවිදීමට සිදුව තිබිණි. ඒ වනවිට මම වැඩිහිටි සිසුන් සමඟ දේශපාලන වාදවල නියැලූණෙමු. ඔවුන් එක්සත් ජාතික පක්ෂයෙන්, වාමාංශික පවුල් පරිසර වලින් පැමිණි සිසුන් වූ අතර ඔවුන් සමඟ විවිධ විෂයයන් පිළිබඳව වාද කිරීම මගේ සිත් ගත්තේය. මම ඔවුන් සමඟ දේශපාලන විවාද කරගත්තේ කිසිදු අමනාපයක් හිතේ දරාගෙන නොවේ. මිනිසුන් අතර දේශපාලන වශයෙන් වෙනස්කම් තිබුණද අවසන් විග්‍රහයේදී අප සැමදෙනා මනුෂ්‍යයන් බව මම සෑමකල්හිම විශ්වාස කෙළෙමි. වාදය මගින් ජනිත කරවූ  කලම්බනය හරහා ඔවුන් දිනාගැනීම මගේ වෑයම වූයේය.


මගේ පියා වාමාංශික දේශපාලනයට නැඹුරුවී සිටීම මට මුල් කාලයේ සිටම විශෙAෂ බලපෑමක් කළ බව සැබෑය. එකල සෝවියට් දේශයේ විද්‍යා හා තාක්ෂන දියුණුව ගැන පළවූ පුවත් මා කියවූයේ මහත් අභිරුචියකිනි. වරක් මා 9 හෝ 10 වැනි ශ්‍රෙAණියේදී පාසලේ සමිති විවාදයකදී මම මාක්ස්වාදය ගැන ඉංග්‍රීසි භාෂාවෙන් කථා කෙළෙමි. කැඩුණු ඉංග්‍රීසියෙන් වුවද පන්ති අසමානකම, ධනපති ක්‍රමය හා සමාජවාදය ගැන මම සිසුනට ඇමතුවා මට මතකය.

විද්‍යාවක් ලෙසට මම මාක්ස්වාදය උගත්තෙමි. මට විද්‍යාව හා මාක්ස්වාදය තර්කනයට ගෝචර බව වැටහිණි. අන්තර්ජාතික වශයෙන් 50 හා 60 දශකය අධිරාජ්‍ය විරෝධී විප්ලව වලින් පිරී පැවතිනි. ඇල්ජීරියානු විප්ලවය, කියුබානු විප්ලවය, ඉන්දුනීසියාවේ කොමියුනිස්ට් සංහාරය, දකුණු අප්‍රිකාවේ, ඇංගෝලාවේ, මොසැම්බික් හි නිදහස් සටන්, පලස්තීන අරගලය, අයර්ලන්ත අර්බුදය, වියට්නාම් යුද්ධය, ශ්‍රී ලාංකික තරුණයන්ටද ගෙන ආවේ සටන්කාමී හැඟීම්ය.

මෙවැනි යුගයක අප ලංකාවේ එවකට පැවති සන්නද්ධ ව්‍යාපාරයන් කෙරෙහි ඇදී ගියෙමු. විශ්වවිද්‍යාල සිසුන් වූ අපි විෙජ්වීරගේ ව්‍යාපාරයට එකතු වූයෙමු. අප එසේ එකතු වූයේ විෙජ්වීර කෙරෙහි ඇති ඇල්ම නිසා නොව ව්‍යාපාරයට හා එහි අරමුණු වලට පැවති ලැදියාව නිසාය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ අපි සමාජවාදී සංගමය ගොඩනැගුවෙමු. මොස්කව් හා චීන පිල් අතර ඛෙදීමක් පැවතියද අපි ස්වාධීනව සිටියෙමු. එහෙත් චීන පිල කෙරෙහි අපට යම් ලැදියාවක් තිබූ බව නොරහසකි. මෙකල මාක්ස්වාදී සාහිත්‍ය ජයතිලක ද සිල්වා විසින් පරිවර්තනය කරනු ලැබ අපට කියවීමට ලැබිණි. එමනිසා මාක්ස්වාදය පිළිබඳ අපි දැනුමෙන් සන්නද්ධ වූයෙමු. සමාජවාදී ශිෂ්‍ය සංගමය පේරාදෙණිය විශ්වවද්‍යාලයේ දෙවැනි විශාලතම ශිෂ්‍ය සංවිධානය බවට පත්වෙමින් තිබුණි. ශිෂ්‍ය අයිතිවාසිකම් ලබා ගැනීමට අපි සටන් කෙළෙමු. එවකට පැවති එක්සත් ජාතික පක්ෂය විසින්, නිදහස් අධ්‍යාපනය මගින් සිසුන්ට ලබා දී තිබූ වරප්‍රසාද එකින් එක කපා දමනවිට අපි ඊට එරෙහිව වූවෙමු.


1968 වනවිට අනාගත ජ.වි.පෙ. සිටි මුල්කාලීන නායකයෝ බොහෝ දෙනකු පේරාදෙණිය විශAවවිද්‍යාලයට පැමිණ සාකච්ඡා පැවැත්වූහ. මට විෙජ්වීර හඳුන්වා දෙනු ලැබුවේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ නායක සරත් විෙජ්සිංහ විසිනි. ඔහුව හඳුන්වා දුන්නේ මහත්තයා ලෙසිනි. මෙම මහත්තයා රෝහණ විෙජ්වීර බව පසුව දැනගතිමි. 

අප හමුවූ මුල් දිනයේදී අප මිත්‍රශීලී කෙටි සාකච්ඡාවක නිරතවූයෙමු. පසුව විෙජ්වීර දිගින් දිගටම අප සමඟ සාකච්ඡාවල යෙදීමට ලොකු අතුල නම් නායකයා එවීය. 1971 අප්‍රේල් වලින් පසු ලොකු අතුලගේ නියම නම අතුල නිමලසිරි ජයසිංහ බව මම දැනගතිමි. මට මුලින්ම විෙජ්වීර හමුවූ විට ඔහු බුද්ධිමත්, දැනුමැති, ක්‍රියාශීලී එහෙත් ප්‍රවේශමට මුල් තැනක් දුන් පුද්ගලයෙකු බව හැඟ=ණි.

පාලක පක්ෂ සහ ඔවුන්ගේ දුර්වල දේශපාලන වැඩපිළිවෙළවල් නිසා ලාංකික සමාජයේ ආර්ථීක, සාමාජික ගැටළු රාශියක් ඇතිකොට තිබුණි. විරැකියාව තරුණයන් පෙළුෑ අතර ඔවුන්ට දේශපාලනයේ කොටස්කරුවන් වීමට කිසිදු ඉඩක් නොවීය. වරප්‍රසාද රහිත නිර්ධන පන්තියේ ජනතාව ජීවත්වූයේ ඉතා දුෂ්කරතා මධ්‍යයේය. ඔවුන්ගේ ජීවන මට්ටම නගා සිටුවන වැඩපිළිවෙළක් එජාප හෝ ශ්‍රීලනිප  පක්ෂවලට නොවීය.

මෙවැනි සමාජ ආර්ථීක ප්‍රශ්න හමුවේ විරෝධතා ඇතිවීම ස්වාභාවිකය. සාමකාමී විරෝධතා වුවද නිර්දය ලෙස මර්දනය කරන ලදි. මෙවැනි මර්ධනයන් පසු කලෙක පාලක පක්ෂයට පාරාවලල්ලක් විය. එය සනිටුහන් වන්නේ 71 තරුණ නැගිටීම මගිනි. සමාජ ආර්ථීක විෂමතා සඳහා පිළිතුර විප්ලවය බව පීඩනයට පත්වූ තරුණයන් විශ්වාස කළහ. 71 කැරැල්ලේ විශාල ප්‍රතිශතයක් නියෝජනය කළේ ග්‍රාමීය පහළ මධ්‍යම පන්තික බෞද්ධ තරුණයන් ගෙනි.

1970 මැතිවරණයේදී අප සමගි පෙරමුණට උදවු කළ බව සැබවි. ඊට හේතුව වූයේ සමගි පෙරමුණ වතු ජනසතු කිරීම, ඉඩම් ප්‍රතිසංස්කරණය, අධිරාජ්‍යවාදී ඒජන්තයන් දිවයිනෙන් නෙරපා දැමීම, වැනි පොරොන්දු දුන් හෙයිනි.

විශ්වවද්‍යාලයේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ නායකයා වූ මම විෙජ්වීරගේ ව්‍යාපාරයට සම්බන්ධ වීමෙන් පසු මගේ මුළු කාලයම යෙදුවේ ව්‍යාපාරය වෙනුවෙනි. සාමාජිකයන් බඳවාගැනීම, ඔවුන්ට පන්ති පැවැත්වීම, පුවත්පත්වලට දේශපාලන ලිපි ලිවීම, විදේශ සබඳතා පවත්වා ගැනීම, දේශපාලන සාහිත්‍ය පිළිබඳ ගවේෂණය කිරීම, අවිආයුධ මිලදී ගැනීම, ආයුධ නිෂ්පාදනය හා ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම, දේශපාලන ක්‍රියාධරයන්ට ආහාර නවාතැන් සැපයීම මම කෙළෙමි.


1971 මුල් කාර්තුව වනවිට ජවිපෙ ඉහළ නායකත්වය කොටස් 3 කට කැඩී තිබුණි. බහුතරයක් අනුගාමිකයෝ විෙජ්වීරට සහය දුන්නෝය. එහෙත් සමහරු ඔහුට එදිරිව ක්‍රියාකළ අතර සමහරෙක් මධ්‍යස්ථ වූහ. රෝහණ විෙජ්වීර 1970 මුල්කාලයේදී අත්අඩංගුවට පත්වූ විට පක්ෂයේ කටයුතු කරගන යාමට ඉදිරිපත් වූයේ සනත් බොරළුකැටියයි. සනත්ගේ නායකත්වය පිළිබඳව අනුරාධපුර හා පොලොන්නරුව දිස්ත්‍රික් නායකයන් තුළ තිබුණේ යම් අප්‍රසාදයකි. එමනිසා ඔවුන් සනත්ගේ නියෝග නොතකා ස්වාධීනව ක්‍රියා කළහ. විෙජ්වීර 1970 අග භාගයේ නිදහස්ව පැමිණීමෙන් පසු ඔහුද සනත් බොරළුකැටියගේ ක්‍රියාකලාපය කෙරෙහි විවේචන බවක් දැන්වීය. රෝහණ විෙජ්වීර තම නායකත්වයට සනත් තර්ජනයක් බවට සිතන්නට ඇත.


දේශපාලන මණ්ඩලයේ සිටි ලොකු අතුල හා කරුණාරත්න සනත්ට සහය දැක්වූහ. විෙජ්වීර රැස්වීම් පවත්වමින් පක්ෂය තුළ තම නායකත්වය තහවුරු කරගැනීමට ක්‍රියා කළේය. දේශපාලන රැස්වීම් රටපුරා පවත්වමින් පක්ෂ සාමාජිකයන් ආරක්ෂක අංශවලට අනාවරණය කිරීම ලොකු අතුල සනත් හා කරුණාරත්න අනුමත කළේ නැත. මෙයද විෙජ්වීර හා ඔවුන් අතර ගැටුම වර්ධනය කළේය. තවද විෙජ්වීර, ලොකු අතුල හා කුමානායක ආදීන්ගේ ප්‍රේම සබඳතාද පක්ෂයේ ඛෙදීමට ඉවහල් විය. මේ හැර පක්ෂ අරමුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් ඇතැම් නායකයන්ට චෝදනා එල්ල විය. 1971 ජනවාරි හා පෙබරවාරි
කාලවල මෙම ගැටුම ඉහළ නැග්ගේය. මේ අතරවාරයේ ආණ්ඩුව ව්‍යාපාරය මර්දනය කිරීම ඇරඹීය.

1971 මාර්තු 6 වෙනි දින ඇමෙරිකානු තානාපති කාර්යාලයන්ට පහරදීම හා පොලිස් නිලධාරියකු මරා දැමීම සිදුවිය. මෙම ප්‍රහාරය මෙහෙයවන ලද්දේ ධර්මසේකර කල්ලිය විසිනි. මෙම විරෝධතාව සඳහා අමාත්‍ය ටී.බී. ඉලංගරත්නගේ ප්‍රකාශයන් ධර්මසේකරට ඉනිමගක් වූ නමුදු ප්‍රහාරය පිළිබඳව වගකීම බැරවූයේ ජවිපෙටයි. ආණ්ඩුව හදිසි නීතිය පනවා ජවිපෙ මර්ධනය වේගවත් කළේය.

ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රහාරය නිසා විෙජ්වීර පොලිස් අත්අඩංගුවට පත්වීම අම්පාරේදී සිදුවිය. රජය පෙරළා දැමීම සඳහා ජවිපෙ කුමන්ත්‍රණ කරන බවට රජය චෝදනා කළේය. මෙම කාලයේ මා සිටියේ මාතලේ අක්කරහන්දියේ ආරක්ෂක ගම්මානයක් ගොඩනගමිනි. මාර්තු මැදවන විට රෝහණ විෙජ්වීර අම්පාරේ දී අත්අඩංගුවට ගත් පුවත මගේ කණ වැකුණි. මම වහාම කොළඹ පැමිණියෙමි.

කොළඹ දිස්ත්‍රික්කයේ පක්ෂ සංවිධාන කටයුතු පිළිබඳව මට අවබෝධයක් නොවීය. මම කොළඹ දිස්ත්‍රික්කයේ නායකයන් ගණනාවක් දැනගන සිටි නමුදු ඔවුන් අයත්වූයේ විෙජ්වීර විරෝධී පිලටය. මම විෙජ්වීරට පූර්ණ සහයෝගය පළ කළ අයෙකු වූයෙමි. එමනිසා කොළඹ සම්බන්ධීකරණය ගැන නිතැතින්ම ගැටළු මතුවිය. 1971 මාර්තු 14 දින රජය හදිසි නීතිය ප්‍රකාශ කොට පැය 24 ක ඇඳිරි නීතිය පැනවිය. ඕනෑම අයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය හා හමුදාවට බලතල දෙන ලදි. එසේම මරණ පරීක්ෂණ නොපවත්වා ඥාතීන්ට මළසිරුර භාර නොදී වල දැමීමටද මේ අනුව බලතල ලැබිණි.

මේ තත්වය ගැන අපි නීතීඥ එඩ්මන්ඩ් සමරක්කොඩි, නීතීඥ බාලාතම්පෝ සමඟ සාකච්ඡා කෙළෙමු. මගේ මතකය නිවැරදි නම්, එඩ්මන්ඩ් සමරක්කොඩිගේ සාකච්ඡාවට වනාතමුල්ලේ ඔස්මන් ද සිල්වාත් සහභාගි විය. මෙම සාකච්ඡාවේදී හමුදාවට ලබාදී ඇති බලතල හා රෝහණ සහෝදරයා අත් අඩංගුවේ තබාගැනීමද මතු කෙරිණි. 1848 කැරැල්ලේද මෙම නීතිය යොදාගත් බව එඩ්මන්ඩ් සමරක්කොඩි අපට පැහැදිලි කලේය. මෙවැනි තත්වයක් යටතේ රෝහණ විෙජ්වීර බේරාගැනීමට නිර් දේශපාලන ක්‍රමයක් භාවිතා කිරීමට සිදුවිය.

අප විෙජ්වීර බේරාගැනීම සඳහා සන්නද්ධ ක්‍රියා මාර්ගයන් ගැනීමට කථීකා කෙළෙමු. මේ අතර ඔස්ම්න්ඩ්ගේ මව සීලවතී ද සිල්වා අත විෙජ්වීර පණිවිඩයක් එවා තිබිණි. එහි අන්තර්ගත වූයේ පසුබසින්න යන්නයි. කෙසේ වෙතත් මෙම පණිවිඩය විෙජ්වීර දෙන විට හදිසි නීතිය පනවා තිබුණේ නැත. හදිසි නීතිය පනවා රෝහණ විෙජ්වීර යාපනය හිරගෙදරට ගෙන යන ලදි. මේ නිසා බලහත්කාරයෙන් සිරගෙය කඩා විෙජ්වීර ගලවා ගැනීමේ වෑයම කල් දැමීමට සිදුවිය.

පොලිසිය අපගේ සාමාජිකයන් බුරුතු පිටින් අත්අඩංගුවට ගැනීම ආරම්භ කළේය. හමුදාව අනුරාධපුරය, පොලොන්නරුව හා බදුල්ල දිස්ත්‍රික්කයේ ජවිපෙ ට පක්ෂ වූ ගම්වලට පහර දිනි. බහුතරයක් සාමාජිකයෝ කැලෑ වැදුණාහ. එසේම අපගේ සාමාජිකයන් කිහිප දෙනෙකු වෙඩි තබා මරා දමන ලදි. මට කිසිදු දිස්ත්‍රික්කයක් භාරදී නොතිබුනද මම 71 කැරැල්ලට පෙර පැවති උණුසුම් කාලයේ දිස්ත්‍රික් නායකයන් හා ප්‍රාදේශීය නායකයන් රැසක් මුනගැසිණි. මර්ධනය නිසා නායකත්වය පහරදීමට තීරණයක් ගත්තේ නැතහොත්, තම තමන් විසින් තනි තනිව සටන ආරම්භ කරනබව ඔවුන් මට ප්‍රකාශ කළහ. මෙම නව තත්වය යටතේ සනත් සාකච්ඡාවක් සඳහා පියතිලක කැඳවීය. 

හදිසි ප්‍රහාරයකට යාම සඳහා අපට සැලසුමක් නොතිබිණි. මේ කාලයේදී විෙජ්වීර සමඟ රඳවා සිටි ලාල් සෝමසිරි හා තව අයෙක් නිදහස් කෙරිණි. ඔවුන් සනත්ව මුණගැසී තිබිණි. එසේම පියතිලකද මුණැගසිණි. ලාල් සෝමසිරි රෝහණ විෙජ්වීර විසින් තමාට දුන් පණිවිඩය පැවසීය. ඉන් කියවුණේ පහරදීම ආරම්භ කරන ලෙසටත්, තමාව බේරාගැනීමට පියතිලකගේ නායකත්වයෙන් කණ්ඩායමක් යාපනය හිරගෙදරට එවන ලෙසටත්ය.

ඛෙදී සිටි ජවිපෙ කොටස් දෙක 1971 අප්‍රේල් 2 දින විද්‍යෝදය සංඝාරාමයේදී ප්‍රහාරය පිළිබඳ සාකච්ඡා කළහ. මම, පියතිලක, හා උයන්ගොඩ ප්‍රහාරයකට යාම පිළිබඳව කැමති නොවූයෙමු. රෝහණ විෙජ්වීර පිලේ සිටි ඇතැමෙකු ප්‍රහාරය සඳහා බලකළ බව සැබවි. සනත්, ලොකු අතුල, ප්‍රහාරයට යායුතු බව අවධාරණය කළහ. කොළඹ සන්නද්ධ කටයුතු දුර්වල බවත්, කොළඹට පහර දීමට අවි ආයුධ හි`ග බවත් මම මෙහිදී පෙන්වා දුන්නෙමි. ඇතැමෙකු මගේ අදහස ලඝු කරමින් කොළඹට පහර දිය යුතු හා ඒ සඳහා පක්ෂයට ශක්තිය ඇති බව කීහ.

මේ අතර මගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ලොකු අතුල තමන් කෑගල්ලෙන් සන්නද්ධ සාමාජිකයන් 1000ක් කොළඹට එවන බවට කීවේය. මේ අනුව මා විසින් පෙන්වා දෙන ලද යථාර්ථය පසෙකට වීසිකරනු ලැබිණි. මේ අනුව බහුතරයේ තීරණයට හිස නමමින් 1971 අප්‍රෙAල් 5 දින රාත්‍රි 11.30 ට පහරදීමට මම එකඟ වූයෙමි. කොළඹට පහරදීම සඳහා පත්කළ කොමිටියේ සම්බන්ධීකරණය පියතිලකට භාර කෙරිණි.

අප්‍රේල් 5 දින ප්‍රහාරයට යාමට බලකෙරුණු කොටස අතර සුනන්ද දේශප්‍රිය හෙවත් අශෝකා, අනුර කුරුකුලසූරිය, අම්බලන්ගොඩ සිසිල්චන්ද්‍ර, මාතර සුසිල්, පොඩි අතුල, පොළොන්නරුවේ සුසිල් ඇතුළු ප්‍රාදේශීය නායකයන් රැසක් සිටියහ.

71 අප්‍රේල් 2 දින ප්‍රහාරය සඳහා ගත් යෝජනාව මම අන් අයගේ කරමත නොතියමි. එයට මමද වගකීම භාරගනිමි. මෙම කරුණ මම 1984 දී ජවිපෙන් ඉල්ලා අස්වන විට ලියූ ලියුමේද සඳහන් කෙළෙමි.

ඉක්මනින් ප්‍රහාරයකට යාම දිවිනසා ගැනීමක් බඳු වුවද, අපට වෙන විකල්පයක් නොවීය. මෙම තීරණයේ බරපතලකම මම ඒ වනවිට අවබෝධ කරගන සිටියෙමි. එය මගේ දේශපාලන ජීවිතයට සදාකල්ම බලපාන විනාශකාරී තීන්දුවක් බව මට තේරුම් ගියේය. මේ කාලයේදී සිදුවූ සිද්ධීන් දෙකක් මගේ සිත තුළ තවමත් වද දෙයි. ඉන් පළමුවැන්න නම් අප්‍රේල් 4 වැල්ලවාය පොලිසියට පහර දීමට නියෝග දුන්නේ කවුද? අප්‍රේල් 5 දින ප්‍රහාරය පිළිබඳව රජයට තොරතුරු ලබා දුන් කඩවත පුද්ගලයා කවුද යන්නයි.

මගේ අදහස අනුව 71 අප්‍රේල් 2 සංඝාරාමයේ තීරණයට පෙර ප්‍රහාරය පිළිබඳව ඇතැම් නායකයන් දින වකවානු වෙන්කරගන සිටියහ. සංඝාරාමයේදී සිදුවූයේ එම තීරණ නිලවශයෙන් ප්‍රකාශ කිරීමක් පමණි.

1971 අප්‍රේල් 5 දින මට නියමිතව තිබුණේ කොළඹ ප්‍රහාර සම්බන්ධීකරණ කටයුතු වලට පියතිලකට සහාය දීමය. දේශපාලන මණ්ඩලයේ තවත් නියෝජිතයෝද ඔහුට සහාය විය. ඔහු හමුදා සමඟ සම්බන්ධීකරණය කළ අයෙකි. අප්‍රේල් 2 දායින් පසුව දිවයිනේ ආරක්ෂක සංවිධාන නව මුහුණුවරක් ගත්තේය. අප්‍රේල් 5 දින රාත්‍රි 11.30 ට ප්‍රහාරය දිවයින පුරා ඇරඹීමට නියමිතව තිබුණද, වැල්ලවාය පොලිස් ස්ථානයට අප්‍රේල් 4 දින පහරදී තිබුණි. එසේම අභ්‍යන්තර ඔත්තුකරුවෙකු විසින් අප්‍රේල් 5 පහරදෙන බවට රජයට ඔත්තු සපයා තිබුණි. අප්‍රේල් 4 වනවිට ජවිපෙ ට සහාය දුන් නාවික හා ගුවන් හමුදාවේ සාමාජිකයෝ සියළු දෙනාම පාහේ අත්අඩංගුවට ගෙන තිබිණි. එසේම දිවයින පුරා සාමාජිකයෝ 5000 ක් කැරැල්ලට පෙර පොලිස් අත්අඩංගුවට ගැනිණි.

අප්‍රේල් 4 දින පියතිලක විෙජ්වීර බේරා ගැනීමට යාපනයට යන කණ්ඩායමට නායකත්වය දීමට කොළඹින් බැහැරව ගියේය. පියතිලක කිවු පරිදි විෙජ්වීර සහෝදරයා අභ්‍යන්තර ප්‍රතිවාදීන්ගෙන් එනම් සනත් සහ ලොකු අතුලගෙන් බේරා ගැනීම සඳහා ඔහුට යාපනයේ හිරගේ කැඩීමට යන කණ්ඩායමට එකතු වීමට අවශ්‍ය විය.

අප්‍රේල් 5 දින මම අපගේ සංවිධාන කටයුතු හා ප්‍රහාරක කණ්ඩායම පිලිබඳව පරීක්ෂා කරමින් කොළඹ නගරයේ සැරිසැරුවෙමි. ඒ වන විටත් ලොකු අතුල කියූ 1000 කින් යුත් ප්‍රහාරකයෝ කොළඹට පැමිණ සිටියේ නැත. එදින සවස් වරුවේ මම යළිත් දිස්ත්‍රික්කය පුරා සංචාරය කෙළෙමි. කොළඹ ආරක්ෂක සංවිධාන තරකොට තිඛෙන බව මම දුටුවෙමි. රාත්‍රි 9.00 ට ඇඳිරි නීතිය පැනවීය.

මම ඔස්මන්ඩ් ද සිල්වා හමුවීමට වනාතමුල්ලට යාමට උත්සාහ කෙළෙමි. මුළු වනාතමුල්ල ප්‍රදේශය පුරා පොලිසිය හා හමුදාව දැකගත හැකිවිය. ඒ නිසා මම විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සංඝාරාමයට ගියෙමි. මගේ විමතිය තීව්‍ර කරමින් සංඝාරාමයේ අප සාමාජිකයන් කිසිවෙකු නොවීය. මේ අතරවාරයේ කොළඹ දිස්ත්‍රික්කයේ වැඩ කළ අපගේ සාමාජිකයකු මා සොයා ආවේය. කොළඹ දිස්ත්‍රික් කමිටුව ප්‍රහාරය කල්දැමීමට තීරණය කළ බව ඔහු මට කීවේය. ඊට හේතු ලෙස ඔහු කීවේ කොළඹ ආරක්ෂාව තර කිරීමත් අපගේ කොළඹ සාමාජිකයන්ගේ නිවෙස්වලට පොලිසියෙන් කඩාවැදීමත් නිසා රාත්‍රී ප්‍රහාරය තවදුරටත් අපේක්ෂිත ප්‍රහාරයක් නොවන බවය. එවැනි තත්වයක් යටතේ ප්‍රහාර එල්ල කිරීම දිවි නසා ගැනීමක් බඳු නිසා ප්‍රහාරය කල්දැමූ බව ඔහු මට වැඩිදුරටත් පැවසීය.

කොළඹ මා දැනසිටි සාමාජිකයන්ගේ නිවෙස් වල පොලිසියෙන් පැනීමත් ඇතැමෙකු විෙජ්වීර විරෝධී පිලට අයත් වීමත් නිසා මට වහාම සුරක්ෂිත ස්ථානයක් සොයා ගැනීමට සිදුවිය. එදින රාත්‍රිය ගත කිරීමට මම පානදුර සරික්කාමුල්ලේ පන්සලට ගියෙමි. මෙම පන්සල පිළිබඳ විස්තර දිනකට පමණ කලින් මට දී තිබුණේ පියතිලක විසිනි. විහාරධිපති අපගේ සාමාජිකයෙකු වූයෙන් නවාතැන් පිළිබඳව ගැටළුවක් නොවීය.

විහාරාධිපති කඩවැද්දුවේ සුමංගල හිමි කොළඹ විශ්වවිද්‍යාලයේ සේවය කළ භික්ෂුවකි. මා එම භික්ෂුව මීට කලින් දැන නොසිටියද පියතිලකගේ සබඳතාවය කීමෙන් පසු මට රැකවරණය ලැබිණි. ඉහළ නායක්තවය අතර පණිවිඩ හුවමාරුව හා සංවාද ඇනහිටි මෙවැනි අසාර්ථක වූ කැරැල්ල හමුවේ පසුබැසීම හා කැලෑවලට ගිය සටන්කරුවන්ට සම්බන්ධ වීම හැර අන් විකල්යක් අපට නොවීය. සමගිය ඉතා අත්‍යවශ්‍ය වූ මොහොතක පක්ෂය තුළ සමගිය බිඳ වැටී තිබිණි.

අප්‍රේල් 6 දින උදෑසන මම පානදුරේ සිට රත්මලානට බස්රථයෙන් ගියෙමි. මට අවශ්‍ය වූයේ කොළඹට යා ගැනීමටය. කොළඹ බලා යාමට බස් රථයක් එනතුරු රත්මලාන බස් නැවතුමේ සිටි මට අමාත්‍ය ටී. බී. ඉලංගරත්න කළ ගුවන් විදුලි කථාවක් අසන්ට ලැබිණි. ටී. බී. ඉලංගරත්න එවකට රජයේ බලගතු ඇමතිවරයෙකි. ඔහු මනෝවිද්‍යාත්මක මෙහෙයුමක් කැරැල්ලට එදිරිව කළේය. ඔහුගේ ගුවන්විදුලි ප්‍රකාශයේදී කැරලිකරුවන් බලය අල්ලා ගැනීමෙන් පසු අවුරුදු 5 ට අඩු ළමුන් හා අවුරුදු 50 ට වැඩි පුද්ගලයන් මරා දැමීමට කටයුතු කරන බවටත් ඔහු කීවේය. 

මෙය මට අළුත් පුවතක් විය. අප කිසි දිනක එවැනි විනාශකාරී තීරණයක් ගෙන නොතිබිණි. ඔහු ඉතා දක්ෂ ලෙස ජනතාවට බොරු ගොතා කීමෙන් කැරලිකරුවන් හා ජනතාව ඈත් කළේය. එහි ප්‍රතිඵල මට ඒ අවස්ථාවේදීම දැනගත හැකිවිය. ඉලංගරත්න මහතාගේ ගුවන්විදුලි කථාවෙන් පසු බස් නැවතුම්පොලේ සිටි කිහිපදෙනෙක් ෙජ්වීපී කරුවන් නැති බංගස්ථාන කළයුතු බව කීහ. ඒ අතර කොළඹ බලා යන බස්රථය පැමිණියේය. මම එයට ගොඩවී කොළඹ ආවෙමි. කොළඹ තැනින් තැන විසිරී අප සාමාජිකයෝ සිටි අතර ඔවුන්ගේ සහභාගිත්වයෙන් කොළඹ කුඩා පරිමාණයේ ප්‍රහාර දියත් කිරීමට තීරණය කළෙමු. 

මේ වනවිට කොළඹින් බැහැරව මහා පරිමාණයේ මෙහෙයුම් සිදුවූ අතර එම මෙහෙයුම්වල අවධානය අඩු කිරීමටද මෙම ප්‍රහාර උපකාර වනු ඇතැයි අපි අනුමාන කෙළෙමු. එහෙත් විසිරී සිටින සාමාජිකයින්ට පණිවිඩ දීම අතිශයින්ම දුෂ්කර විය. අපගේ පණිවිඩ හුවමාරු ජාලය බිඳවැටී තිබුණි. අපට කළහැකි වූයේ හෝටල් බස් නැවතුම්පොළවල් වැනි ජනකාය එකතුවන තැනේදී මුණගැසී අදහස් හුවමාරු කරගැනීම
පමණි. එහෙත් පොලිස්, හමුදා සෝදිසි කිරීම් හමුවේ එයද අනාරක්ෂිත විය. කොළඹට බැහැර දිස්ත්‍රික්ක වලින් කිසිදු පණිවිඩයක් අපට ලැබුණේ නැත. අසීරුවෙන් වුවද තොටලඟ පාලම අසල අපි කෙටි සාකච්ඡාවක් කෙළෙමු.

මෙම සාකච්ඡාව අවසානයේදී බස් නැවතුම ලඟ සිටින විටදී විදේශ ආධාර මත ලැබුණු අවි ආයුධ කටුනායකින් බා හමුදා ආරක්ෂාව මත ප්‍රවාහනය කරනු අපට දක්නට ලැබුණි. ඒ අවස්ථාවේ මා සමඟ දේශපාලන මණ්ඩලයේ හමුදා කටයුතු හා සම්බන්ධීකරණය කළ නායකයන්ද විය. මෙම ආයුධ තොගය අප ඉදිරියේම කොළඹට ප්‍රවාහනය කෙරුණි. පසුව දැනගැනීමට ලැබුණු පරිදි මෙම ආයුධ භාරව ගිය කපිතාන්වරයා අපගේ සාමාජිකයකු විය. (කපිතාන් කුලරත්න රෑ   කත_ෘ)  

කැරැල්ලට ප්‍රථම අන්තර්ජාතික සබඳතාව සඳහා (චීන හා සෝවියට්) කටයුතු කෙරුණේ මගේ මූලිකත්වයෙනි. 1971 අප්‍රේල් 7 දින මම චීන තානාපති කාර්යාලයට ගොස් නිලධාරීන් මුණ ගැසුණෙමි. මම ඔවුන්ට කැරැල්ලේ අරමුණු හා වර්තමාන තත්වය ගැන පැහැදිලි කිරීමත් කෙළෙමි. චීන තානාපති කාර්යාලයේ පළමුවන ලේකම්වරයා මට එළියට බසින ලෙස නියෝග කළේය. නැතහොත් පොලිසියට දුරකථන ඇමතුමක් දෙන බවට හෙතෙම මට කර්කශ ලෙස තර්ජනාංගුලිය එසවීය.

ආයුධ සඳහා රජය කළ ඉල්ලීමට එක්සත් ජනපදය, සෝවියට් දේශය, චීනය, සිංගප්පූරුව, පකිස්ථානය ආයුධ එවීය. පකිස්ථානය ගුවන් නියමුවන්ද, ඉන්දියාව කටුනායක ගුවන්තොට මුරකරනු සඳහා ගුර්කා භට කණ්ඩායමක්ද එවීය. නැවත ප්‍රතිසංවිධානය වී නැවත ප්‍රහාරයකට යාම අපගේ අපේක්ෂාව වුවත්, ප්‍රායෝගික තත්ව යටතේ එය අසීරු විය. අපට තිබුණේ සීමිත ආයුධ ප්‍රමාණයකි. එසේම පුහුණු පිරිස් බලයද හිඟ
විය. මෙවැනි තත්වයන් යටතේ අපට ප්‍රහාරයකට යාමටවත්, ප්‍රහාරයක් පවත්වාගෙන ඊට මුහුණ දීමටත් නොහැකියාව තිබුණු බව පැහැදිලිය.

මෙම වාතාවරණය යටතේ මට පියතිලකට හා උයන්ගොඩට අප්‍රේල් 2 දින සංඝාරාම රැස්වීමේදී අප්‍රේල් 5 දින ප්‍රහාරය ආරම්භ කිරීමට නොයෑමට මීට වඩා බල කිරීමක් කිරීමට තිබූ බව මට දැන් සිතේ. ප්‍රහාරය සඳහා කෙරුණු ඉල්ලීම් කොතරම් ප්‍රබල වුවද එය ප්‍රතික්ෂේප කීරීමට අප තිදෙනාට නොහැකි වූයේ මන්ද? අවේලාවේ ප්‍රහාරයට යාම වැලකීම සඳහා අපට එදා හැකියාවක් නොතිබූ බව මට ඇතැම්විට සිතේ. අපගේ අදහස් පරයා අනෙකුත් නායකයෝ ප්‍රහාරය කළ යුතුය යන දැඩි මතයේ සිටියහ. මින් අප හට දරුණු මර්ධනයන්ට මුහුණදීම සඳහා පහර දෙනවා ඇරෙන්නට අපට කළ හැකි දෙයක්ද නොවීය.
අපි එවකට අත්දැකීම් විරහිත තරුණයෝ වූයෙමු. ක්ෂණික තීරණ හා ක්ෂණික ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසුවූයෙමු. අප සමාජ ආර්ථීක අස්ථාවරයන් පිළිබඳව හරිහැටි ජනතාව දැනුවත් කොට තිබුණේද නැත. 71 කැරැල්ලට පොදුජන සහභාගිත්වය ඉතා අවම විය.

71 අප්‍රේල් 19 දින පානදුර පොලිසිය විසින් මාව අත්අඩංගුවට ගත්තේය. මා සමඟ සිටි සුමංගල භික්ෂුවද අත්අඩංගුවට පත්විය. පොලිසියේ තිබූ කූඩු තුනේ 20 කට ආසන්න කැරලිකරුවන් අප සමඟ රඳවා තිබුණි. පොලිසියෙන්ද අපට නිර්දය ලෙස පහර දෙනු ලැබීය. ඔවුන් අපට බැටන්වලින් , අතින් පහර දුන්හ. ඇතැම්විට පොලිස් බූට් යෙදූ දෙපාවලින් පපුවට පා පහර දුන්හ. ඇතැම්විට පොලිස් භටයන් රවුමක් සැදී අපව මධ්‍යයට දමා පහර දුන්හ. සුමංගල භික්ෂුවගේද සිවුර ගලවා මෙලෙස පහර දෙන ලදි. 

වරක් අපව පොලිස් ස්ථානයේ උඩුමහලට එකා බැගින් එකා වශයෙන් ගෙනගොස් බංකු මත දිගාකොට අපගේ දෙපතුල්වලට බැටන් පොල්ලෙන් පහර දුන්හ. මට මෙම ප්‍රහාරය එල්ල වූ විට හතරවැනි ප්‍රහාරයත් සමඟ මගේ දෙපා හිරිවැටී ගිය අතර වේදනා සංවේදනය අඩුවී යන ලදි. මෝටර් සයිකල් බැටරියෙන් ගත් විදුලියෙන් ඔවුන් අපගේ ලිංගේන්ද්‍රියන්ට විදුලි පහර එල්ල කළහ. එක් තරුණ කොස්තාපල් වරයෙක් අපව වධයට ලක් කළේ පරපීඩක සතුටකිනි. ඔහු තමාව හඳුන්වා ගත්තේ ලංකා සමසමාජ පක්ෂයේ පානදුර ශාඛාවේ සාමාජිකයෙකු වශයෙනි.

මෙම වධබන්දන හමුවේ කිසිවකු පාවා නොදීමට මම තීරණය කෙළෙමි. ඊට හේතුව මගේ දේශපාලන ප්‍රතිපත්ති වේ. දෙවැන්න පාවා දීමෙන් පසු ගුටිමුරය අවසන් නොවේ. පාවා දෙන්නාගෙන් වඩවඩාත් තොරතුරු ලබා ගැනීමට ඔහුට තවතවත් වධයන්ට මුහුණදීමට සිදුවේ.

පානදුර පොලිසියේ අපව රඳවාගත් දින දෙක තුන කිසිම ආහාරයක් නොදීමට ඔව්හු වගබලා ගත්හ. පොලිසියේ සිටි වයසක සාජන්වරයකු අප ගැන අවංකවම දුක් වූයේය. අපව වධයට ලක්කරන විට ඔහුගේ දෙනෙතේ කඳුළු මම දුටුවෙමි. ඇතැම්විට ඔහු අපව රඳවා සිටි කූඩුව අසලට පැමිණ අපට පියෙකු බඳු ස්වරයෙන් කථා කෙළේය. නිල ඇඳුමට යටින් සඟවාගෙන පැමිණි කිරි බෝතලය ඔහු අප සමඟ සිටි භික්ෂුවට දෙනු මම දුටිමි. 

අපව රඳවාගෙන සිටි තෙවන දිනයේදී පරපීඩක කොස්තාපල් උප පොලිස් පරීක්ෂකවරයෙකු හා තවත් දෙදෙනෙකු සමඟ පැමිණ මා කූඩුවෙන් එළියට ගත්හ. අපව ජීප් රථයකට නංවා ගැනීමට තැත් කළ ඔවුන් ගඟට ගෙන ගොස් අපගේ වැඩ අවසන් කරන බවට තර්ජනය කළහ. මේ මොහොතේදී ඒ.එස්. පී. කෙනෙක් එතනට ආවේය. අපව ගෙන යන්නේ කොහාටදැයි ඔහු උප පොලිස් පරීක්ෂකගෙන් ඇසූවිට මරා දමන්නට බව හෙතෙම පිළිතුරු දුන්නේය. අපව වහාම කූඩුවට දමන ලෙසට ඒ. එස්. පී. දුන් අණ ඔවුන් ක්‍රියාත්මක කළේ අකැමැත්තෙනි. ඔහු අපව ජීප් රියට නංවා ගැනීමට තැත් කළ සැමට බැන වැදුණි. පසුව මට දැනගන්නට ලැබුණු පරිදි ඔහුගේ නම ඒ. එස්. පී. සුන්දරලිංගම් විය. මම අ.යු.වි. කොමිසමේදී මෙම සිද්ධිය පවසමින් උක්ත නිලධාරියාට ප්‍රශංසා කෙළෙමි.

මෙම සිද්ධිය මට යම් අවලෝකනයක් ගෙනදිනි. අතීතයේ අප සිතා සිටි පරිදි පොලිස් හා හමුදා නිලධාරීන් සැමදෙනාම ධනවාදී ක්‍රමය ආරක්ෂා කරන මුරබල්ලන් නොවේ. යහපත අයහපත ගැන දන්නා මනුෂ්‍යත්වය හඳුනන නිලධාරීන්ද ඒ අතර වෙති.

අපව මැගසින් බන්ධනාගාරයට ගෙන එන අවස්ථාවේ අප සිටියේ ඇවිද ගැනීමට පවා අපහසු තත්වයකය. දෙපතුල්වලට පහර දීම නිසා දෙපා ඉදිමී තිබුණි. අප පොලිස් රථයෙන් බස්සවාගෙන බන්ධනාගාරයට ගෙන යනවිට පේලියට සිටි බන්ධනාගාර නිලධාරීන් බැටන් පොලූවලින් හා රයිෆල් මිටවලින් පහර දුන්හ. පහරකෑම් අවම කරනු වස් අප කොර ගසමින් බන්ධනාගාරය තුළට දිව ගියෙමු.

අපව එහිදී සෙල්වලට දමනු ලැබීය. සෑම අයෙකුටම අංකයක්, ඇලූමිනියම් භාජනයක් හා පෙරවා ගැනීමට රෙද්දක් බැගින් දෙන ලදි. මාව රඳවා තිබුණේ A වාට්ටුව නමින් හැඳින්වෙන ගොඩනැගිල්ලේය. මෙය සිරකරුවන් විසින් බණ්ඩාරනායක සිරගෙය යන අන්වර්ත නාමයෙන් හඳුන්වන ලදි.

පුද්ගලයන් දෙදෙනකුට සෑහෙන යකඩ කුටිවල 8 දෙනෙක් රඳවා තිබිණි. අප සිටි මහලේ මෙවැනි යකඩ කුටි හෙවත් සෙල් 20 විය. අප සෑමදෙනාම සිටියේ පහරකෑම නිසා ඉදිමුණු ශරීරවලින්ය. අපට බීමට හෝ තුවාල සෝදාගැනීමට වතුර බිඳක් නොවීය. අපි වේදනාවෙන්ම රැය ගත කෙළෙමු. උදෑසන අපට කිරි රහිත සීනි දැමූ තේ කෝප්පයක්, පාන් කාලක් හා පොල් සම්බල් ස්වල්පයක් දෙන ලදි. දහවල බත් කුඩා ප්‍රමාණයක් හා වතුර වැඩිපුර යෙදූ පරිප්පු හොද්දකි. රාත්‍රි ආහාරය සඳහා බත් ස්වල්පයක් ලැබුණි.

හාල්වල ගල් තිබූ නිසා කෑම අපහසු විය. රසින් තොරවූ ආහාර හරිහැටි පිස නොතිබුණි. පළමුවන දවස් පහ අපව එළියට ගත්තේ ගණන් කිරීමටත්, වැසිකිළි යාමටත්, ආහාර ගැනීමටත් පමණි. එම කාලයද සීමා උනේ මිනිත්තු වලටය. ඉතිරි කාලය පුරා අපව කූඩුකර තැබිණි.

ඉන්පසු දිනකට විනාඩි 5-10 අතර කාලයක් ව්‍යායාම සඳහා අපව එළියට ගනු ලැබීය. වැසිකිළි යාම විශාල ගැටළුවක් විය. නරාවලක් බඳු දුගඳ හමන වැසිකිළියට යාමට සිරකරුවෝ පෝලිම් ගැසී සිටියහ. වැසිකිළියට දිය සැපයුමද සීමාසහිත විය. මෙවැනි තත්වයක් යටතේ දිය නෑම සිහිනයක් බඳු විය. අපට කළ හැකි උනේ අපගේ ඇලූමිනියම් බඳුුන්වලට කඩිමුඩියේ වතුරගෙන ඇඟට ඉස ගැනීම පමණකි. මෙම අශිෂAට තත්වයට විරෝධය පෑමට අපි තීරණය කෙළෙමු. දිනක් ව්‍යායාම් කිරීමට අපව එළියට ගත්විට අප වැඩිපුර විනාඩි 15 පමණ සිටියෙමු. එවිට බන්ධනාගාර රැකවලූන් අපට බැටන් පහර එල්ල කළහ. මගේ කණ අසලට වැදුණු පහරකින් මගේ ශ්‍රවණ ශක්තිය දුබල වී ගියේය.
දින දෙකකට පමණ පසු මාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කෙරිණි. බන්ධනාගාරයේ සිරකරුවන්ට ප්‍රතිකාර සඳහා සිටියේ ඇපොතිකරිවරයෙකි. ඔහු අධිරාජයෙකු ලෙස සිරකරුවන් ඉදිරියේ හැසිරුණි. මා ඔහුව හමුවීමට යනවිට සිරකරුවන් දෙදෙනෙකු ඔහු දෙපස සිට පවන් සලමින් සිටියහ. සිරකරුවාගේ දෙනෙත් දෙස නොබලා, ඔහුට සවන් නොදී, ඛෙහෙත් තුණ්ඩුව ලිවීමට ඔහු පුරුදු වී සිටියේය. ඔහුගේ ප්‍රතිකාරය තිත්ත පැණියක් විය. සෑම සිරකරුවෙකුටම ඕනෑම ලෙඩකට ලැබුණේ මෙම තිත්ත කසායක් බඳු දියරය පමණය. යම් රෝගී සිරකරුවෙකුතම විරුද්ධත්වය ප්‍රකාශ කළේද, ඔහුව රැකවලූන්ගේ අතවරයට ලක්විය. එම නිසා බොහෝ සිරකරුවන් මුනිවත රකිමින් මෙම බල රහිත ඛෙහෙත් ලබාගත්හ. 

තදබදය හාඅයහපත් වාතාවරණය නිසා සිරකරුවන් අතර ඇස්ලෙඩ පැතිරිණි. මේ සඳහා ඇසට දැමිය යුතු ඛෙහෙත් සිරගෙදරට ලැබණු අතර
ඒවා දැමීමට යොදා ගන්නා ලද්දේ දේශපාලන හේතූන් මත නොව අපරාධ සඳහා සිරගතවූ සිරකරුවන්ටය. ඔවුන් කැරලිකරුවන් කෙරෙහි කෝපයෙන් හා අප්‍රසාදයෙන් සිටියහ. ඔවුන්ගේ ආධිපත්‍යයට අපගෙන් තර්ජනයක් එල්ලවේ යැයි බිය මේ අප්‍රසාදයට පදනම් විය. ඔවුන් ඛෙහෙත් දැමුවේ අපගේ ඇස්වලට නොව ඇතැම් විට මුඛයටය. බින්දු දෙක තුනකින් ප්‍රතිකාරය හමාර කෙරුණි.

මෙම සිරකරුවන් බන්ධනාගාරයේ නිලධාරින්ට අප ගැන කේළාම් කීහ. ඔවුන් මුළුතැන්ගෙයි බලය අල්ලාගෙන සිටියහ. එසේම සමහරෙක් අපට පහර දීමට පවා නොපසුබට වූහ. බන්ධනාගාරයේ අවම වශයෙන් සිරකරුවන් ලෙස හෝ ජීවත්වීමට අයිතිවාසිකම ලබාගැනීම සඳහා සටන් කිරීමට අප තීරණය කෙළෙමු. දිනක් ව්‍යායාම් කිරීමට අපව එළියට ගත් විටදී අප බන්ධනාගාර අධිකාර ජෝඩන් මහතාගේ කාර්යාලය වට කෙළෙමු. අපට මානුෂික අයිතිවාසිකම් ලබා දෙන ලෙස කළ විරෝධතාවට ජෝඩන් මහතා එකඟතාව දැක්වීය.

මැගසින් බන්ධනාගාරයේ අධිකාරී ජෝඩන් මහතා සහ ඔහුගේ දෙවැනි නිලධාරි බතෝලමියුස් මහතා යහපත් මිනිසුන් වූහ. ඔවුන්ට, අපට කටුක ලෙස සැලකීමට සිදුවූයේ ඉහළින් පැමිණි නියෝග නිසා බව පසුව අපට දැනගන්නට ලැබිණි. ජෝඩ්න් මහතා සහ බතෝලමියුස් මහතා සමඟ පැවති සාකච්ඡාවේදී සිරකරුවන් නියෝජනය කරන ලද්දේ මා සමඟ ධර්මප්‍රිය ජයසිංහ, හා සේන බණ්ඩාර යන දෙදෙනාය.

අපගේ ඉල්ලීම් මූලික ලෙස මෙලෙස දැක්විය හැක.
1. නිසි ප්‍රමාණයට වතුර ලබාගැනීම,
2. වැඩිපුර කාලයක් එළිමහනේ සිටීම,
3. මුළුතැන්ගෙය, බාබර් සාප්පුව අපගේ පාලනයට බාරදීම,
4. ගුණාත්මක ආහාර ලබාදීම,
5. බන්ධනාගාර නිලධාරින් බැටන්පොලූ රැගෙන සිර මැදිරිවලට
නොඒම.

මාසයක් වැනි කෙටි කාලයක් ඇතුළත අපට අපගේ ඉල්ලීම් ලැබණි. අපගේ ඉල්ලීම් ලැබීමෙන් පසුව ලූම්පන් කොටස් හා අල්ලසට දූෂණයට බරවූ නිලධාරීන් අපට වඩාත් වෛර කළහ. එකල මුළුතැන්ගේ ඉවීමේ කටයුතු සඳහා පොල් ගෝනි දෙකක් ලැබුණද, ඇතැම් බන්ධනාගාර නිලධාරීන් ගෝනි බාගයක් පමණක් මුළුතැන්ගෙට යවා ඉතිරිය විකුණා මුදල් කළහ. අපගේ පාලනය යටතේ බන්ධනාගාරයේ සිදුවූ විෂමාචාර නැවතුණි. ජෝඩ්න් මහතාද ඉන් සතුටට පත්විය.

අපි හිරගෙදර අධ්‍යාපන කටයුතු ආරම්භ කෙළෙමු. අපි බන්ධනාගාරය තුළ කමිටු පිහිටුවීමු. මාව අත්අඩංගුවට ගෙන මාස දෙකක් පමණ යනතෙක් දෙමාපියන්ට කිසිම හෝඩුවාක් නොවීය. ඔව්හු මා මිය ගිය බව සිතූහ. මාස දෙකකට පසුව ගෙදරට ලියුම් යැවීමට මට හැකිවූ අතර මා ජීවතුන් අතර සිටිනබව දැනගත් දෙමාපියෝ අතිශය ප්‍රීතියට පත්වූහ. මා බැලීම සඳහා මසකට වරක් මගේ පියා සහ ලොකු අක්කා පැමිනුණ
අතර මට ඔවුන් සමඟ ගත කිරීමට ලැබුණේ විනාඩි 15 වැනි කාලයකි. අපට ගෙවල්වලින් ලැබුණු ඇඳුම් හා ආහාර අපි ඛෙදා හදා ගත්තෙමු.

දේශපාලන සිරකරුවන් ප්‍රධාන ප්‍රවාහ 3 කට අයත් වූහ. බහුතරය ජවිපෙ ට සහයෝගය පළ කළ අතර කොටසක් රජයට පක්ෂපාත වූහ. සුළුතරය සැදී තිබුණේ ලූම්පන් කොටස්වලිනි. ඔවුන්ට නිශ්චිත දර්ශනයක් නොවීය.

නඩුවේදී රෝහණ විෙජ්වීරට ජීවිතාන්තය දක්වා සිර ද~ුවමක් ලැබිණි. මට ලැබුණේ බරපතල වැඩ සහිතව අවුරුදු 15 ක සිරද~ුවමකි. අපට ලැඛෙන ද~ුවම් ගැන අප මුල සිටම දැන සිටි නිසා තීන්දුව දෙන විට අප තුළ විශාල කඩාවැටීමක් නොවීය. සාමාන්‍යයෙන් අ.යු.වි. කොමිසමට ගෙන යනවිට විෙජ්වීර සහ මා හෝ කෙලී සේනානායක සමඟ මාංචු දමා ගෙන යන ලදි. තීන්දුව දෙන දිනයේදී විෙජ්වීර නඩු ශාලාව වෙත ගෙන යාමට මාංචු දමන ලද්දේ කෙලී සේනානායක සමඟය. කෙලී එදා එය ප්‍රතික්ෂෙAප කළේය. ඒ මන්දැයි මගේ මහළු මතකය මට බාධා කරයි. එම නිසා විෙජ්වීරට මාංචු දැම්මේ මා සමඟිනි. එය දැන් ප්‍රකට ඡායාරූපයකි.

තීන්දුව දීමෙන් පසු බන්ධනාගාර පාලනය උභතෝකෝටික ප්‍රශ්නයකට මැදිවූහ. ඔවුන් අප අධ්‍යාපනය ලැබූ සිරකරුවන් බව දැන සිටියහ. රජයේ අමාත්‍යවරුන් හා උසස් නිලධාරින්ට අවශ්‍ය වූයේ අපට සිරගෙදර බරපතල වැඩ පැවරීමටය. බරපතල වැඩ ලැබූ සිරකරුවන් දිනකට මීටර් 10 ක කොහු ලණු ඇඹරිය යුතුවිය. අප එකිනෙකා සමඟ කතා කරගත් පරිදි ලණු ඇඹරීමට අදක්ෂ බව ඒත්තු ගැන්වූයෙමු. වැරදි වැරදී අප එක් දිනකට ඇඹරුවේ මීටර් 1 වැනි ලණු ප්‍රමාණයකි. මසකට පසු බන්ධනාගාර පාලකයන් අප ලවා ලණු ඇඹරීම අත්හැර දැමීය. ඉන්පසු බන්ධනාගාර පාලනයෙන් අපට සිංගර් මැසිමේ මහන හැටි ඉගැන්වූහ. එය අප සතුටින් බාර ගතිමු. බන්ධනාගාර නිලධාරීන්ගේ නිල ඇඳුම් මැසීමට අපි පටන් ගත්තෙමු.

විවේක කාලයේ අපි සුළු සුළු ගෙවතු වගා කෙළෙමු. අපි අබ වැවූ අතර මුළුතැන්ගෙයින් ලැඛෙන පොල්සම්බෝල වලට අබ මිශ්‍ර කොට එය වඩාත් රසවත් කරගැනීමට අපට හැකිවිය. අපි දේශපාලන අධ්‍යාපනයේ නියැලූණෙමු. මම මගේ බීඑස්සී උපාධියේ අවසන් කොටස කළේ හිර ගෙදරදීය. මේ සඳහා ඉංජිනේරු පීඨයේ මහාචාර්ය ජයතිලක පොත්පත්
පවා මට එවීය. මම ප්‍රංශ හා ජර්මානු භාෂා අධ්‍යයනය කෙළෙමි. පසු කලෙක මට ප්‍රංශ භාෂාව සඳහා ගෞරව ඩිප්ලෝමාවක් ලැබුණි. මම අපගේ සහෝදර සිරකරුවන්ට ඉංග්‍රීසි හා ගණිතය උගැන්වීමි. ඔවුන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත් වූහ.

අප ජර්මානු හා ප්‍රංශ තානාපති කාර්යාලවලට ලිපි ලියා ජර්මානු හා ප්‍රංශ පොත්ද, ශබ්දකෝෂද ඉල්ලා ගත්තෙමු. වරක් නැගෙනහිර ජර්මානු කාර්යාලයේ පළමුවන ලේකම් මා බැලීමට සිරගෙදරටද පැමිණියේය. මම ඔහු සමඟ කැඩිච්ච ජර්මන් භාෂාවෙන් කථා කෙළෙමි. අද මගේ ජර්මානු භාෂාව පිළිබඳ දැනුම වියැකී ඇතිබව කණගාටුවෙන් වුවද කීමට සිදුවේ.

ජෝඩන් මහතා උසස්වීමක් ලැබ ගිය අතර ඔහුගේ තනතුරට ලියෝද සිල්වා මහතා පත්වීය. එදා ජෝඩන් මහතා මෙන් නොව ලියෝද සිල්වා මහතා අප සමඟ කිසිදු සබඳතාවක් නොපැවැත්වීය. යළිත් සිරගෙදර පැරණි තත්වයට ගෙන ඒමටත්, අපව ලණු ඇඹරීමට යොමු කිරීමටත් ඔව්හු උත්සාහ ගත්හ. එහි ප්‍රතිඵලය වූයේ මැගසින් බන්ධනාගාරයේ සිරකරුවන් විසින් අරඹන ලද මාරාන්තික උපවාසයකි. උපවාසය නිසා බොහෝ දෙනෙකු රෝහල් ගත කෙරුණි. එA අතර විෙජ්වීර ද විය.

ඇතැම් රැඳවියන් උමං කපා පළායාමට තැත් කළහ. එළියට ගොස් රහසිගත දේශපාලනයේ නියැලීම ඔවුන්ගේ අරමුණ විය. උමඟ කපාගෙන යනවිට එය බන්ධනාගාර නිලධාරින්ට දැනගැනීමට ලැබිණි. ඔව්හු සිරකරුවන් යකඩ කූඩුවල දමා බන්ධනාගාරය සෝදිසි කළහ. අප විසින් වැවූ ගස් අනුකම්පාවකින් තොරව කපා දැමූහ. උමඟ කැපීමට හවුල් වීමට සැකකළ සිරකරුවන් වෙනත් බන්ධනාගාරයකට බාර කළහ.

මට තවම බන්ධනාගාර නිලධාරියෙකු වූ ඪසිමඅ්ස්ය සිහිපත් වේ. ඔහු ජෙහෝවාගේ සාක්ෂිකරුවෙකි. එසේම යහපත් මිනිසෙකි. වරක් සිරමැදිරියේ ඉදිරියට එන ඔහු මා සමඟ ඔහුගේ ආගම පිළිබඳ සංවාදයේ යෙදේ. මම ඔහු සමඟ දේවවාදය, නිර්මාණවාදය සහ ඩාවින්ගේ පරිනාමවාදය පිළිබඳ වාද කෙළෙමි. අපගේ මිතුදම 1977 දක්වා පැවතුණි. 1977 දී මට නිදහස ලැබිණි. නිදහස් වීමෙන් පසු වරක් මම ඔහුගේ වත්තල නිවෙසට ගිය අතර ඪසිමඅ්ස්ය මට හොඳ ආහාර වේලකින් සංග්‍රහ කළේය. ජෝඩන් මහතා සහ බතෝලමියුස් මහතා අතර මාගේ මිතුදම නිදහස් වීමෙන් පසුද පැවතුණි. මරණ තර්ජන නිසා 1989 දී මා ලංකාවෙන් පිටවූ නිසා අපගේ මිතුදම දුරස් විය.

විෙජ්වීර මම බන්ධනාගාරයේදී දීර්ඝ කාලයක් ආශ්‍රය කෙළෙමි. ඔහු අ.යු.වි. කොමිසමට හොඳින් මුහුණ දුන්නේය. තමා සමඟ සිටි සගයන් සටන අත්හරිද්දී හා රජයේ සාක්ෂිකරුවන් බවට පත්වෙද්දී ඔහු එකී පුද්ගලයන් සමඟ සබඳතා අත්හැරීය. ඔහුගේ ඇතැම් ක්ෂණික තීරණ හා පෞද්ගලික හැසිරීම නිසාද ඔහු සමඟ සිටි සමහර සහෝදරවරු ඔහුව අත්හැර දැම්මේය. ඔහු සෑමදෙනා සමඟම බජනයට නොගියේය. එමනිසා ඔහු හා පාක්ෂිකයන් අතර යම් දුරකට සන්නිවේදන පාලම කැඩීයාමක් මගේ නිරීක්ෂණයට හසුවී තිබුණි. එසේම ප්‍රහාරය පිළිබඳ වගකීම ඔහු අත්හැරීම, විෙජ්වීරට දුෂ්කර කාලයක් ගෙන ආවේය. අපරාධ යුක්ති විනිශ්චය කොමිසම් සභාවේදී ඔහුට සහාය දුන් කැරලිකරුවන් පවා ඔහු අතහැර ගියේ මෙම කරුණ පාදක කර ගනිමිනි. ඇතැමෙකු ඉන්පසුව රජය වෙනුවෙන් සාක්ෂි දුන්නේය.

වරක් වැලිකඩ සිරගෙදරදී අ.යු.වි කොමිසම පැවති කාලයේදී විෙජ්වීර විශාදයට පත්විය. ඔහුට පක්ෂ ඇතැම් පාක්ෂිකයන් විසින් එල්ල කරන ලද චෝදනා නිසා ඔහු උකටලීව දේශපාලනයෙන් ඈත් වීමට තීරණය කරන ලදි. මම ඔහුට නැවත දේශපාලන නායකත්වය ලබා දීම සඳහා වෑයම් කෙළෙමි. ඔහු මටද සවන් නොදී සිටියේය. අනතුරුව මම විෙජ්වීර දේශපාලනයෙන් ඉවත්ව නොයනු පිණිස අනෙකුත් සාමාජිකයන් හරහා ඔහුට දේශපාලන බලපෑම් කිරීමට ඉටා ගත්තෙමි. අවසානයේදී මගේ වෑයම සාර්ථක විය. ඔහු අඳුරු සහගත හැගීම් ඉවත ලා යළි දේශපාලන කටයුතු කිරීමට පැමිණියේය.

විෙජ්වීර සහෝදරයා යළි දේශපාලනයට ඇද දැමීම පිළිබඳව අද මට ඇත්තේ මිශ්‍ර හැඟීම්ය. 88 කාලයේද ඔහු ගිය ගමන මට සිහිපත් වේ. මෙවැනිම සිද්ධියක් මට යළිත් සිහිපත් වෙයි. එය සිදුවූයේ 1982 දීය. 82 ජනාධිපතිවරණය පැරදීමෙන් පසුව රෝහණ විෙජ්වීරට කොතෙක් අභ්‍යන්තර බිඳවැටීමක් සිදුවූයේද යත් ඔහු එතෙක් ගෙන ආ සමාජවාදී ප්‍රතිපත්ති පවා ඉවත දැමීය. 71 ප්‍රහාරයේ වගකීම අත්හැරීම හා ලාල් සෝමසිරිට අප ප්‍රහාරය ගැන පණිවිඩ නොදුන් බව කීම නිසා අපට ඔහු පිළිබඳව ගැටළු මතු විය.

විෙජ්වීර, උයන්ගොඩ, නයනානන්ද, විෙජ්තිලක හා මම අ.යු.වි කොමිසමට මුහුණ දියයුතු ආකාරය ගැන එකල නිරන්තරයෙන්ම සාකච්ඡා කෙළෙමු. අප විසඳුම් කීපයක් ගැන කථා කෙළෙමු. ඉන් එකක් වූයේ 71 දී සිදුවූ ප්‍රහාරය පිළිබඳව වගකීම භාරගැනීමයි. මෙම ප්‍රහාරය පිළිබඳ වගකීම ගන්නා ගමන් රාජ්‍ය යන්ත්‍රයේ හිංසාකාරී පාර්ශ්වයද අනාවරණය කිරීමද අපගේ උපාය මාර්ගය වී තිබුණි. එහෙත් මෙයට විෙජ්වීර එකහෙළා විරුද්ධ විය. වෙනත් අය දියත් කළ ප්‍රහාරයකට වගකීම තමාට දැරිය නොහැකි බව ඔහු කීවේය. එසේම රාජ්‍ය මර්ධනය ගැන කථා කිරීමට අපට ඉඩක් නොදෙන බවද කී ඔහු, වගකීම භාරගත් වහාම අපව ජීවිතාන්තය දක්වා සිරකරනු ඇැතයි පැවසීය. මේ අනුව ප්‍රහාරය පිළිබඳ වගකීම දැරීම අත්හරිනු ලැබීය.

පසු කාලයේදී විවිධ මතවාද ගැටුම් නිසා මම පක්ෂයෙන් ඉල්ලා අස්වූයෙමි. මගේ ඉල්ලා අස්වීම සඳහා 71 සිද්ධීන්ද බල පවත්වන්නට ඇත. අද දිනයේ මම උපන් බිමෙන් ඈත දුර රටක ජීවත් වෙමි. එහෙත් 71 අප්‍රේල් මතකය මට අමතක කළ නොහැකිය.

දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ආයුධ අතට ගත යුතුද? අද දිනයේ මම එම අදහස ප්‍රතික්ෂේප කරමි. රාජ්‍ය යන්ත්‍රය තම දේශපාලන ක්‍රියාකාරකම් සඳහා ආයුධ ප්‍රසිද්ධියේ නිර්ලජ්ජිත ලෙස භාවිතා කරනු ලබයි. මෙය ලංකාවට පමණක් පොදුවූ දෙයක් නොවේ. ගාසා තීරයේ අද දිනයේ සිදුවන්නේ කුමක්ද?

සන්නද්ධ දේශපාලන ව්‍යාපාරයකට දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීම අසීරුය. ඒ මන්දයත් අවියේ භාෂාව මානව වාදය නාඳුනන බැවිනි. ජනතාව හා සමාජය අදහස් වලින් සන්නද්ධ කිරීම ඉතා ප්‍රබල පියවරකි. එවිට ජන විඥානයට අපට ඇමතිය හැක. එය සැබෑ විප්ලවයයි. 

මේ අනුව 1971 දී අප අතින් සිදුවූයේ වරදකි. විප්ලවවාදී පදනමකින් සමාජය වෙනස් කළ යුත්තේ ජනතාවය. හුදු සන්නද්ධ කණ්ඩායම් නොවේ. එහෙත් 71 දී අප රහසිගත කණ්ඩායමක් ලෙස අවතීර්ණව මෙම කාර්යය කිරීමට තැත් කෙළෙමු. පක්ෂය විසින් ජනතාවට නායකත්වය දීම විනා ජනතාව බලෙන් අරගලයට තල්ලූ නොකළ යුතුය. අරගලයේදී ගාමක බලවේගය වන්නේ වැඩ කරන ජනතාවයි. 71 දී මෙම සත්‍යය අපෙන් ගිලිහී ගියේය.

රෝහණ විෙජ්වීර පිළිබඳව ලයනල් බෝපගේ මහතා වැඩිදුරටත් මෙසේ පවසයි
දැනට වසර විසි එකකට පමණ පෙර ආරඬක හමුÞ අත් අඩංගුවේ සිටියදී අභිරහස් ලෙස ඝාතනයට ලක් කරන ලද රෝහණ විෙජ්වීර සහෝදරයාත්, ඔහුගේ සිතුවිලි දහරාවත්, ඔහුගේ ප්‍රමුඛත්වයෙන් සහ මඟ පෙන්වීමෙන් 1967 සිට ගොඩ නඟන ලද ජනතා විමුක්ති පෙරමුණත් ලාංකීය ජන සමාජය තුළ ඇති කරනු ලැබූ සහ තවමත් ඇති කරනු ලබමින් පවතින දේශපාලන සහ සමාජ ආර්ථීක බලපෑම පිළිබඳව නොයෙක් දෙනා විසින් නොයෙක් දෘෂ්ඨි කෝණ යොÞ ගනිමින් කරන ලද විශ්ලේෂණ බොහොමයක් ප්‍රකාශයට පත් වී ඇත. එහෙත් මෙම ප්‍රපංචයන් පිළිබඳව මනෝ විශ්ලේෂණාත්මක ඇසකින් කරනු ලැබූ විග්‍රහයක් දක්නට ලැඛෙන්නේ කලාතුරකිනි.

1970 දශකයේ දී ශී්‍ර ලාංකීය වාම දේශපාලනය තුල රට පුරාම පාහේ පැතිරී ගියා වූත්, දැඩි කැපවීමකින් යුක්ත වූත්, සමාජ ආර්ථීක ප්‍රශAණ සම්බන්ධයෙන් දැනුම් තේරුම් ඇති වූත් ප්‍රබල ව්‍යාපාරයක් ගොඩ නැඟීමට සමත් වූ එකම දේශපාලන නායකයා වූයේ රෝහණ විෙජ්වීර සහෝදරයා බවට සැකයක් මට නැත. මූලික වශයෙන් රෝහණ විෙජ්වීර සහෝදරයාත්, ඔහුගේ දේශපාලන සිතුවිලි දහරාවත් විසින් 1970 දී, 1971 දී සහ 1989 දී කරලියට පැමිණි දේශපාලන සංසිද්ධීන් කෙරෙහි ඇති කරන ලද ජනනාත්මක සහ නිෂේධාත්මක බලපෑම් පිළිබඳව විවිධ අර්ථ නිරූපණයන් දකින්නට තිබේ. මෙම නිර්වචන තුල රෝහණ විෙජ්වීර සහෝදරයාත්, ජනතා විමුක්ති පෙරමුණත් විසින් එම සංසිද්ධීන් කෙරෙහි ඓතිහාසික වශයෙන් කරන ලද බලපෑම සියළු දෙනාගේම අවිවාදිත පිළිගැනීමට ලක් වී තිබේ.

වසර දහසයක් පුරා රෝහණ විෙජ්වීර සහෝදරයා සමඟ දේශපාලන වශයෙන් ඉතා සමීප ව සිටි සගයෙකු ලෙස අද දිනයේ ඔහුත්, ඔහුගේ දේශපාලන සිතුවිලි දහරාවත්් දෙස විවේචනාත්මක ආකාරයෙකින් ආපසු හැරී බැලීමේ දී වැදගත් වන්නේ යුක්තිය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් කරන ලද ජනනාත්මක බලපෑම නොකඩවා ඉදිරියට ගෙන යෑමට අනුබලයක් වන ආකාරයෙන් කටයුතු කිරීම යයි මම කල්පනා කරමි. රෝහණ සහෝදරයා සහ මා අතර පැවතුන දේශපාලන වෙනස්කම් සහ මතභේද කෙසේ වූවද තවමත් රෝහණ සහෝදරයා සහ ඔහුගේ දේශපාලන කැපවීම පිළිබඳව ගරු කිරීමක් මා තුල පවතින හෙයින් ඉතිහාසය විකෘති කර දැක්වීමට හෝ ඔහුට එරෙහිව පෞද්ගලික චෝදනා නඟන්නට හෝ අන්ධ භක්තියකින් යුක්ත ව ඔහු ගැන වර්ණනා කිරීමට හෝ අවශ්‍යතාවයක් මට නැත. මෙම ලිපියේ අදහස වන්නේ මා රෝහණ සහෝදරයාගේ චරිතය අර්ථ දක්වන්නේ කෙසේදැයි යන්න පිළිබඳව කරුණු ස්වල්පයක් ඉදිරිපත් කිරීම පමණකිි.

මට රෝහණ සහෝදරයා පළමු වරට මුණ ගැසුණේ 1968 දී ලංකා විශ්ව විද්‍යාලයේ පේරාදෙණිය සරසවි භූමියේ දී ය. චීන පිළේ මාඕ වාදී දේශපාලනයේ නිරතව සිටි අප එම දේශපාලනයෙන් ඉවත් කොට, එÞ පැවති සමාජවාදී කඳවුරේ එක් එක් රටකට පඬපාතී ව කටයුතු කිරීමට කැප වී සිටීමේ දේශපාලනයෙන් වියෝ වී ස්වාධීන ආකාරයෙන් පවත්වා ගෙන යන වමේ දේශපාලන zව්‍යාපාරයකට අප එකතු කරවා ගැනීමට ඔහු උත්සාහ කළේය. ඔහුගේ අනන්‍යතාවය පිළිබඳ ව යම්කිසි ආකාරයක රහස්‍ය භාවයක් පැවතුන ද ලංකාවේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජන කොටස් වලට  යුක්තිය සහ සමාජ සාධාරණත්වය ඉටු කර ලීම පිළිබඳව මෙන් ම ඔවුන්ගේ ජීවන තත්වය නඟා සිටුවීම සඳහා අනුගමනය කළ යුතු සමාජ ආර්ථීක ප්‍රතිපත්ති පිළිබඳව කිසිදු ආකාරයක රහසක් ඔහු තුල හෝ ජනතා විමුක්ති පෙරමුණ තුල නොවීය. ඔහුගේ සහ එම zව්‍යාපාරයේZ රහස්‍ය භාවය වටහා ගැනීමට නම් ඒ කාලයේ රැඩිකල් වාදී වමේ ව්‍යාපාරයකට ජාතික සහ ජාත්‍යන්තර තලයේ මුහුණ දෙන්නට සිදු වී තිබුන වාතාවරණය මඳකට හෝ තේරුම් ගැනීම වැදගත් වෙයි. මෙහිදී එම කරුණු දීර්ඝ වශයෙන් සාකච්ඡා නොකල ද, ඒ පිළිබඳ ව කෙටියෙන් හෝ සටහනක් තැබීම වටනේයයි මම කල්පනා කරමි.

ජාත්‍යන්තර වශයෙන් මෙම කාල පරිච්ඡේදය තුල ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔත්තු සේවා විසින් සන්නද්ධ බලය යොÞ ගනිමින් හෝ විවෘත ලෙස සහ ආවෘත ලෙස (ඉන්දුනීසියාවේ මෙන්) වමේ ව්‍යාපාර සමූල ඝාතනය කර දැමීමෙන් හෝ නායකයන් මිල දී ගැනීමෙන් ලොව පුරා රැඩිකල් වාදී වමේ ව්‍යාපාර විනාශ කරමින් තිබුන අතර, ලංකාවේ රජය කටයුතු කරමින් සිටියේ වසර විස්සකට වත් මැතිවරණ සිතියම අකුලා දමා දිගු කාලයකට බලයේ ඉන්නට උපාය මාර්ග සහ උපක්‍රම සකස් කරමිනි. 1966 දී පොලිස් අධිකාරී සහ අපරාධ පරීඬණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ව සිටි ආනා සෙනෙවිරත්න මහතා විප්ලවවාදී වමේ ව්‍යාපාරයක් රහසිගතව ගොඩ නැෙඟමින් පවතින බවට රජයට අනතුරු අඟවා සිටි අතර විශ්‍රාමලත් පොලිස්පති සහ ආරඬක සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ විශේෂ ආරඬක උපදේශකයෙකු ව සිටි ජෝන් ආටිගල මහතා 1969 දී මෙම ව්‍යාපාරය මර්දනය කිරීමට තිඛෙන අවශ්‍යතාවය අවධාරනය කරමින් රජයට වාර්තාවක් පිළිගන්වා තිබිණි. 

1970 අගෝස්තු මාසයේ දී එවකට ආරඬක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කළ ආතර් රත්නවේල් මහතා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා පවසා සිටියේ රටේ අංක එකේ පොදු සතුරා ජනතා විමුක්ති පෙරමුණ බවත් එම ව්‍යාපාරය සමූල ඝාතනය කර දැමිය යුතු බවත් ය¡ ව්‍යාපාරයක් ලෙස ඇරඹුණු ජනතා විමුක්ති පෙරමුණට ඉදිරියට ගමන් කරන්නට සිදු වූයේ මෙවැනි දරුණු වාතාවරණයක් තුල බව අපට අමතක කළ නොහැකි ය. මෙවැනි වාතාවරණයකට මුහුණ දෙන තත්වයෙන් රෝහණ සහෝදරයාගේත් ජනතා විමුක්ති පෙරමුණේත් මානසිකත්වය සකස් වී තිබුණ බව අමුතුවෙන් අවධාරණය කිරීමට අවශ්‍ය වන්නේ යයි මම කල්පනා නොකරමි. 

ගොවි ජනතාවත් තරුණ පරම්පරාවත් ලාංකීය සමාජ පරිවර්තනයේ වැදගත් උත්ප්‍රේරකයන් ලෙස හඳුනා ගෙන ඔවුන් සංවිධානය කරන්නට ඉදිරිපත් වීමේ ගරුත්වය රෝහණ සහෝදරයා වෙත හිමිවන අතර ඒ හා සමගාමී ලෙස නාගරික සහ වතු කම්කරුවන් එම සමාජ පරිවර්තනයේ පෙර ගමන්කරුවා ලෙස හඳුනා ගෙන තිබුණද ඒ කාර්යයට උචිත වන ආකාරයෙන් ඔවුන් සංවිධානය කරන්නට ඉදිරිපත් නොවීමේ බරපතල දුර්වලකම පිළිබඳ ව රෝහණ සහෝදරයා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ සිටි අප සියළු දෙනාම අඩු වැඩි තරමින් වග කිව යුතු යයි මම කල්පනා කරමි. 

පඬයේ කාර්යධරයන් ලෙස පඬය විසින් මුළුමණින්ම පාහේ පෙරට ගන්නා ලද්දේ විශ්ව විද්‍යාල හෝ පාසැල් සිසුන් වීම 1971 සහ 1989 සන්නද්ධ අරගලයේ දී ජනතා විමුක්ති පෙරමුණේ අතිධාවනකාරිත්වයටත් වම සහ දකුණ අතර ජනතා විමුක්ති පෙරමුණේ චින්තනය ෙÞා්ලනය වීමටත් ප්‍රධාන ලෙස බලපෑවේය. මේ සම්බන්ධයෙන් පඬයේ නිර්මාතෘවරයා සහ නායකයා වශයෙන් රෝහණ සහෝදරයා මහත් ලෙස වග කිව යුතු ව තිබුනේ යයි මට සිතේ. එÞ අප කර ගෙන ගිය දේශපාලනයේ දී පඬය අනුගමනය කරන ලද උපාය මාර්ග සහ උපක්‍රම වලට අනුව 1971 අරගලය වත් 1982 ජනාධිපතිවරණය සමයේ සහ ඉන් පසුව ඇති වූ පඬ සංවිධාන පරිහාණිය වත් වැලැක්විය හැකිව තිබුනේ නැතැයි යනුවෙන් එදත් අදත් මා දරා සිටින මතයට පදනම් වන්නේ මෙම සාධකයන් ය.

රෝහණ විෙජ්වීර නමැති චරිතය තුල ඔහුගේ අභාවය දක්වා ම යහපත් වූ මෙන්ම යහපත් නොවූ ද ප්‍රබල අංග ලඬණ දකින්නට ලැබුණි¡ ඔහු සතු වූ දේශපාලන මතකය සහ චතුර කථීකත්වය තුල සරල ලෙස පොදු ජනයා වෙත කරුණු පැහැදිලි කර දීමට ඔහුගේ වාග් ශෛලිය තුල තිබුණු දඬතාවය මෙන් ම ඔවුන්ගේ මනස තුල උද්වේගකාරී හැඟීම් ජනිත කරවන්නට තිබුණු ඉමහත් ශක්තිය ද ඒ හා සමඟ සමගාමී ලෙස වෙනත් අදහස් දරන පුද්ගලයන් දේශපාලන වශයෙන් විවේචනය කිරීමට පමණක් සීමා නොවෙමින් ඔවුන්ට පුද්ගලික ලෙස පහර දීමත්, ඔවුන්ගේ චරිත ඝාතනයට ලක් කිරීමත් හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට එරෙහිව අනවශ්‍ය ආකාරයෙන් සතුරන් ඇති කර ගැනීමට මඟ පෑදුවේය¡ සමාජ ආර්ථීක සහ දේශපාලන සිද්ධීන් විශ්ලේෂණය කරන්නට ඔහු සතු ව තිබුණු ප්‍රබල හැකියාව මෙන් ම දේශපාලන කණ්ඩායම්, රැස්වීම්, රැලි සහ පෙළපාලි සංවිධානය කිරීමේ දී ඔහු සතු ව තිබුණු අසීමිත හැකියාව ද ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නැඟීමට අතිශයින් ඉවහල් වූ බව අමුතුවෙන් පැවසිය යුතු නැත¡ එහෙත් ඒ සමඟම කල්පනා කළ යුතු කරුණක් වන්නේ මෙම හැකියාවන් කෙතරම් දුරට 1971 අරගලය ආසන්නයේ ඉතා ඉක්මණින් වෙනස් වෙමින් පැවති දේශපාලන වාතාවරණය විශ්ලේෂණය කරන්නට සහ එම අරගලයේ සංවිධාන කටයුතු සාර්ථක ලෙස සංවිධානය කරන්නට ඉවහල් වූයේ ද යන්න යි¡

රටේ සමාජ-ආර්ථීක ප්‍රශ්න පිළිබඳවත් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ සහ සෝවියට් සංගමයේ හා මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍යවල අනුබලය, අනුග්‍රහය සහ ආධාරය ඇතිව ලොව පුරා අනෙක් රාජ්‍යයන් අතර කෙරෙමින් පැවතුන ශීතල යුද්ධය සහ බල අරගලය පිළිබඳවත් සමාජවාදී ව්‍යාපාරය තුල රජ කරමින් පවත්නා අවස්ථාවාදය පරාජය කිරීම සඳහා නිර්ධන පංති ජාත්‍යන්තරවාදය යළි නඟා සිටුවීමට ඇති ප්‍රබල අවශ්‍යතාවය පිළිබඳවත් රෝහණ සහෝදරයා ඉදිරිපත් කළ අදහස් බොහොමයක් ඉතා හරවත් වූයේ යයි තවමත් මම කල්පනා කරමි. එහෙත් ඔහු ඉදිරිපත් කළ තවත් අදහස් අති සරල ස්වරූපයක් ඉසිළු බවත් මාක්ස්වාදී සහ සමාජවාදී මූලධර්ම වලින් වියෝ වූ ඒවා බවත් අප විසින් අමතක නොකළ යුතුය.

උÞහරණ ලෙස ලංකාවේ සමාජ ආර්ථීක අර්බුදය දේශපාලන අර්බුදයක් කරා වර්ධනය වන ආකාරය ගැනත්, 1948 දී ලංකාවට අත් වූයේ සැබෑ නිදහසක් නොව බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක තත්වයේ සිට ඩොමිනියන් පන්නයේ නව යටත් විජිතයක් දක්වා සංක්‍රමණය වීමක් පමණක් බවත්, ලංකාවේ පැරණි වමේ ව්‍යාපාරයේ ජනනාත්මක මෙන් ම අභාවවාචක අත්දැකීම් පිළිබඳව සහ ලෝකයේ අනෙක් රටවල ජයගත් සහ පරාජයට පත් කරන ලද සමාජවාදී ව්‍යාපාර වල ආදර්ශ අන්ධානුකරණයෙන් අනුගමනය කිරීමෙන් තොරව ලාංකීය සමාජවාදී සමාජ පරිවර්තනය සඳහා එම ව්‍යාපාර වල අත් දැකීම් උපයෝගී කර ගත හැකි ආකාරය ගැනත් රෝහණ සහෝදරයා ඉදිරිපත් කළ අදහස් ඒ වකවානුවේ අපේ දැනුම සහ අවබෝධයට සමාන්තරව න්‍යායය සහ භාවිතාව එක් තැන් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ දැරූ ජනනාත්මක උත්සාහයක් වෙයි. මෙම අත්දැකීම් ජාත්‍යන්තර වශයෙන් අනෙක් මහාද්වීප වල කෙරීගෙන ගිය අධිරාජ්‍යවාද විරෝධී සහ නව යටත් විජිත වාද විරෝධී ව්‍යාපාර සහ අරගල සමඟ සමාන්තර ලෙස සංසන්දනය කළ යුතු වෙයි. මෙම කරුණු ඉදිරිපත් කිරීම් වලදී මාක්ස් ලෙනින්වාදී ස්ථාවරත් එක්තරා ආකාරයකින් අද පවතින හරිත ව්‍යාපාරයේ මූලිකාංගත් සුවිශේෂ ලාංකීය සමාජ-ආර්ථීක, දේශපාලන, භූ විද්‍යාත්මක සහ සංස්කෘතික තත්වයනුත් අනුගත කොට ගැනීමට දරන ලද ප්‍රථම උත්සාහය බව මගේ පිළිගැනීම යි.

ඉන්දියානු ව්‍යාප්තවාදය නමැති සාකච්ඡාව මාඕ සේ තුං සහෝදරයා සහ චීන කොමියුනිස්ට් පඬය ඉන්දියානු ධනේශ්වරයේ පැතිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබුනු අදහස් ලංකාවේ පැවතුන තත්වයන් වෙත අනුගත කිරීමේ දී අති සරල කිරීම් වලට භාජනය වූ බවත්, ඒ අනුව එම අදහස් ඇතැම් ජාතිකවාදී නම්‍යතාවයන්ට ලක් ව තිබූ බවත් ජනතා විමුක්ති පෙරමුණේ පිළි ගැනීමට ලක් වූයේ 1971 සිර ගෙවල් තුළ දී අප අතර කෙරුණු මතවාදී විවාද වල ප්‍රතිඵලයක් ලෙසිනි. ඉන්දියානු ව්‍යාප්තවාදය නමැති මෙම සාකච්ඡාව ඇතැම් විටෙක zමලයියහZ (ඉන්දියානු සම්භවයක් සහිත වතු කම්කරු) විරෝධී හැඟීම් ඇති කළ බවත්, විශේෂයෙන් හේන් ගොවීන් සහ zමලයියහZ කම්කරුවන් ගේ සමාජ ආර්ථීක තත්වයන් සංසන්දනය කිරීමේ දී zමලයියහZ කම්කරුවන් ශ්‍රී ලංකාවට වඩා ඉන්දියාවට සමීප බව සහ ඔවුන් ඉන්දියානු ධනේශ්වරයේ අතකොළු බවට පත් කර ගත හැකි බව ඉදිරිපත් කර තිඛෙන බවත් මෙහි දී විවාදයට ලක් විය. ඒ අනුව ඉන්දියානු ව්‍යාප්තවාදය නමැති සාකච්ඡාව 1972 දී පමණ සිට ජනතා විමුක්ති පෙරමුණේ අධ්‍යයන පාඨ මාලාවෙන් ඉවත් කෙරුණේය. එහෙත් 1986 පමණ කාලයේ සිට මෙම සාකච්ඡාව රෝහණ සහෝදරයා සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් යලිත් වතාවක් පණ ගන්වා කරලියට ගන්නට කටයුතු කොට තිබේ. එහෙත් මම තවමත් ඉන්දියානු ධනේශ්වරයේ දේශපාලන සහ ගෝලීය, කලාපීය සහ ප්‍රාන්තීය වුවමනාවන් පිළිබඳ මූලික අදහස ප්‍රතිඬේප නොකරන බව අවධාරණය කළ යුතු බව හැෙඟයි. ඉන්දියානු ව්‍යාප්තවාදයේ මූලික හරය අදත් ඒ අයුරින්ම ක්‍රියාත්මක වන බව දකින්නට දුර දක්නයක් හෝ අණ්වීඬයක් අවශ්‍ය නැත.

බන්ධනාගාරයේ දී රෝහණ සහෝදරයා විසින් ලියා පසු කාලයේ දී ජනතා විමුක්ති පෙරමුණේ zනියමුවාZ මුද්‍රණාලයේ අනුග්‍රහයෙන් පළ කරන ලද zඅවස්ථාවාදය ද? නිර්ධන පංති ජාත්‍යන්තරවාදය ද?Z නමැති කෘතියේ එවකට චීන කොමියුනිස්ට් පඬය සහ එහි නායකත්වය අවසAථාවාදී මඩ ගොහොරුවේ කෙතරම් නින්දනීය ආකාරයට කර වටකට ගිලී ගොස් තිබුණේ දැයි විග්‍රහ කොට දක්වා තිබුණද, 1989 නොවැම්බරයේ රෝහණ සහෝදරයා ඝාතනය කර දැමීමෙන් පසු මෙම කෘතිය ද ජනතා විමුක්ති පෙරමුණ විසින්  දේශපාලන වශයෙන් zපරිහරණය නොකළ යුතු ග්‍රන්ථZ ලැයිස්තුවට එකතු කරන ලද බව පෙනේ.

රෝහණ සහෝදරයා ගේ චරිතය සහ ඔහුගේ දේශපාලන මානසිකත්වය තුළ ඇති වී තිඛෙන දෝලනයේ ස්වභාවය හොඳින් පිළිබිඹු කරන්නේ ඔහු විසින් ම මනා ලෙස විශ්ලේෂණය කොට ඉදිරිපත් කරන ලද zඅවස්ථාවාදයZ නමැති ප්‍රපංචය තුළ ඔහුත්, ඔහුගේ දේශපාලනයත්, ජනතා විමුක්ති පෙරමුණත් චීන කොමියුනිස්ට් පඬය සහ එහි නායකත්වය තරමටම අවසAථාවාදී මඩ ගොහොරුවේ ගිලී ගිය බව ය. මාක්ස්වාදයත් ජාතිකවාදයත් අතර මෙවැනි දෝලනයන්ට ලක් විය හැකි ආකාරයේ මනෝ තත්වයන් රෝහණ සහෝදරයා ගේ චරිතය තුළ දිස් වෙන්නට බල පෑ සමාජ පංතිමය සාධක හැරුණු විට එසේ බල පෑ අන්‍ය සාධක මොනවාදැයි සලකා බැලීම වැදගත් වන්නේ යයි මා අදහස් කරන්නේ මේ නිසා ය.

පඬය තුල මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ක්‍රියා කරන්නට පැවති අවකාශය ක්‍රමයෙන් හීන වී යෑමට හේතු සාධක වූ කරුණු අතර පඬය තුල කෙරුණු වැඩ කටයුතු වලදී පවා රෝහණ සහෝදරයා අනෙක් අයගේ අදහස් වලට ඇහුම් කන් නොදීම, ඇතැම් අවස්ථාවලදී හිතුවක්කාර ලෙස පුද්ගලික තීරණ ගැනීම, පඬ සංවිධානය තුල කල්ලි කණ්ඩායම් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම, තමන් පුද්ගලිකව ගන්නා ලද තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා එම කල්ලි කණ්ඩායම් යොÞ ගැනීම වැනි කටයුතු දැක්විය හැකිය. එවැනි කල්ලි කණ්ඩායම් පඬයේ වැඩ කටයුතු වලට හානි වන ආකාරයෙන් කටයුතු කරන බව සාඬාත් වූ විට ඔහු එම කල්ලි වලින් ඉවත් වී කටයුතු කළ බව ද ඒ සමඟම මා සඳහන් කළ යුතු ය.

1982 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ද මේ හා සමාන ප්‍රශ්ණ නැඟිය හැකිය¡ එම මැතිවරණ වාතාවරණය පිළිබඳ ඔහුගේ විග්‍රහයත්  එවකට පැවති මැතිවරණ සංවිධානවල ශක්තිය පිළිබඳ සහ ඒ ශක්තිය මත ඔහු තබා තිබුණු බලාපොරොත්තුත් එම මැතිවරණයෙන් අත්කර ගන්නා ලද ප්‍රතිඵල සමඟ කෙතරම් දුරට ගැලපුණේ ද යන්න ඉන් පැන නැඟ=න එක ප්‍රශ්ණයකි¡ ජනාධිපතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් ඔහු ඇති කර ගෙන තිබුණු සහ පඬයේ සාමාන්‍ය සාමාජිකත්වය තුළ ඇති කොට තිබුණු බලාපොරොත්තු කෙතරම් ඉහළ මට්ටමේ වූයේද යන්න ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු දින තුනක් ගත වන තෙක් රෝහණ සහෝදරයා ඇෙඳන් නැගිට්ටුවා ගැනීමට නොහැකි වීමෙන් ම පෙනී ගියේය¡ ඔහු එබඳු දැඩි මානසික ආතතියකට ලක් ව සිටියේය¡

එදිනෙÞ පඬයේ කෙරෙන දේශපාලන කටයුතු වලදී රජයෙන් සහ එහි ආරඬක හමුÞ වලින් ජනතා විමුක්ති පෙරමුණ වෙත එල්ල වූ මර්දන, තර්ජන, ගර්ජන සහ වෙනත් අභියෝග හමුවේ ඔවුන් සමඟ ගණුදෙනු කිරීමට රෝහණ සහෝදරයා ඉමහත් ලෙස දැක් වූ මැලිකම පසු කාලයේ දී මා විසින් සාධාරණය කරන ලද්දේ කුඩා කාලයේ සිට රෝහණ සහෝදරයාට මානසික ව මුහුණ දෙන්නට සිදු ව තිබුණු කරුණු සැලකිල්ලට ගැනීමෙනි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පඬයේ සාමාජිකයෙකු වශයෙන් කරන ලද දේශපාලන කටයුතු වල දී තමන්ගේ පියාට මුහුණ දෙන්නට සිදු ව තිබූ රාජ්‍ය මර්දනයේත් ශාරීරික තර්ජන සහ පහර දීම් වලත් ප්‍රතිඵලයක් වශයෙන් ඔත්පලව සිට මිය යන්නට සිදු වීමෙන් කුඩා කාලයේ සිටම රෝහණ සහෝදරයා දැඩි මානසික ආතතියකට ලක් ව සිටින්නට ඇති බව නිසැක ය. 

1982 ජනාධිපතිවරණ අපේඬකයෙකු ලෙස රෝහණ සහෝදරයාට පොලිස් මූලස්ථානයේ පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි කරවා ගැනීම ඉතාමත් දුෂ්කර කාර්යයක් වූයේත්, කොළඹ මහපාරේ පයින් ගමන් කරද්දී පොලිස් ස්ථාන ඉදිරියෙන් ඇවිද යාම ප්‍රතිඬේප කිරීම මට තේරුම් ගත හැක්කේ ඒ ආකාරයෙන් පමණකි. ජීවිතයේ කුඩා කාලයේ දී සහ තරුණ අවධියේ දී ඔහුට මානසික වශයෙන් දැඩි ලෙස බලපෑමක් ඇති කිරීමට හේතු වූ ඉහත සඳහන් කරන ලද කරුණු වලට අමතරව 1971 අරගලය ත් ඒ ආශ්‍රිත ව ඔහුට මුහුණ දෙන්නට සිදු වුනු කටුක අත්දැකීම් සහ එම අත්දැකීම් විසින් ඇති කරන ලද මානසික ආතතියත් 1971 න් පසු ඔහු ගත කල ජීවිතයට ද බරපතල ලෙස බලපාන්නට ඇතැ යි කල්පනා කිරීම වැරදි සහගත නොවේය යන්න මගේ අදහස යි¡

රෝහණ සහෝදරයා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ බොහෝ නායකයන් පැවැත්මට ආවේ සිංහල බෞද්ධ ගැමි පරිසරයකිනි¡ එම පරිසරයෙන් ඔවුන් විසින් උකහා ගන්නා ලද ඇතැම් ආකල්ප ඔවුන් තුල දක්නට ලැබීම සාමාන්‍ය තත්වයක් බව කල්පනා කළ හැකිය¡ එහෙත් එම මානසික බැඳීම් තුළ ඔවුන් දිගින් දිගටම කොටු වී සිටියේ යයි පැවසීමට මට නොහැකිය¡ එසේ කොටු නොවීම මා දකින්නේ ජනතා විමුක්ති පෙරමුණේත් එහි නායකත්වයේත් සාධනීය ලඬණයක් ලෙස යි¡ එහෙත් මෙහිදී පැණ නඟින ප්‍රශ්ණය වන්නේ 1982 පරාජිත ජනාධිපතිවරණයෙන් පසු සමාජ ආන්තික ජාතිවාදී ස්ථාවරයක් ගැනීමට රෝහණ සහෝදරයා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් පෙළඹුනේ කෙසේ ද යන කරුණ යි¡ තමන් ගොඩනඟා ගෙන තිබුනු සිංහල බෞද්ධ ගැමි සමාජ පදනම බිඳ වැටීමේ තර්ජනයට ලක්ව සිටි රෝහණ සහෝදරයාගේ නායකත්වයෙන් යුක්ත ජනතා විමුක්ති පෙරමුණ අවස්ථාවාදී ලෙස ජාත්‍යන්තර වාම දේශපාලන ස්ථාවර විකෘති කොට ඉදිරිපත් කරමින් තම සාමාජිකත්වයත් බහුතර ජනතාවත් නොමඟ යවන්නට කටයුතු කිරීම පැහැදිලි කළ හැක්කේ කෙසේද?

රෝහණ සහෝදරයා තුළ මෙවැනි ආකාරයේ ආන්තිකවාදී දෝලනයක් 1971 දී ද, 1989 දී ද දක්නට ලැබුනේය යන්න මගේ අදහස යි¡ 1971 සන්නද්ධ අරගලය පරාජයට පත් වීමෙන් පසුවත්, 1989 අත් අඩංගුවට ගැනීමෙන් පසුව ත් රෝහණ සහෝදරයා ගේ ස්ථාවරය වූයේ අරගලය වර්ධනය වෙන ආකාරය සහ අරගලයේ වටපිටාව පිළිබඳව ඔහු දැනුවත් ව නොසිටි බැවින් ඔහු අරගලය නතර කිරීමට උත්සාහයක් නොකළ බව යි¡ ගුවන් විදුලි හෝ රූපවාහිනී නාලිකාවන් ඔස්සේ ඔහුට ඉන්පසු පවසන්නට සිදු වූයේ කැරලිකාර කටයුතු නතර කරන ලෙස යි¡ පවතින සමාජ ආර්ථීක ක්‍රමයේ අසමානකම් සහ අසාධාරණ වලට එරෙහිව තමන්ගේ හ~ නඟන්නටත් එම අසමානකම් සහ අසාධාරණ දුරු කර ලන්නට තම ජීවිත කැප කිරීමෙන් කටයුතු කරන්නටත් ඉදිරිපත් වී නායකත්වය දුන් රෝහණ සහෝදරයාත්  ජනතා විමුක්ති පෙරමුණත් ද්විඝඨනාත්මක සමාජ වර්ධනයන් තුළ මෙවැනි දෝලනයන් ට ලක් වීම පැහැදිලි කර දිය හැක්කේ එම ප්‍රපංචයන්ගේ සමාජ පංතිමය පදනම තුල බවට සැකයක් නැත¡ එහෙත් එම සමාජ පංතිමය පදනම සහ එම ප්‍රපංචයන්ගේ මනෝ චිකිත්සක භාවයන් අතර සම්බන්ධයක් තිබේද? එසේ නම් ඒ සම්බන්ධතාවය කුමක්ද? ජාත්‍යන්තර වශයෙන් පවා මෙවැනි සම්බන්ධතාවයන් පිළිබඳව ලියැවී ඇත්තේ මඳ වශයෙනි.   වෛද්‍ය රුවන් ජයතුංග මහතා විසින් කරන ලද පර්යේෂණ සහ ගවේෂණ වල ප්‍රතිඵලයක් ලෙස එළි දැක්වෙන මෙම කෘතිය එම අඩුව පුරවා ලනු ඇතැ යි මට සිතේ.


(වෛද්‍ය රුවන් එම් ජයතුංග ගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක්  කෘතිය ඇසුරෙනි)

1 comment:

  1. ලයනල් බෝපගේ ජීවත්ව ඉන්නවද? මම හිතාගෙන හිටියෙ 88 89 කාලෙදි මැරැව කියලයි.. මෙයා දෙවැනි කැරැල්ලට සහභාගී උනේ නැද්ද?

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook