Saturday, January 31, 2015

දරු සම්පත

 
 
 තම නිවස කරා එන අනාරාධිත අමුත්තන් දුටු පාර්වතිගේ සිත ගැහෙන්නට වූවාය. ඇය සිවරාජ්ට කතා කළේ භීතියෙනි. කුස්සියේ මේසයේ බත් කමින් සිටි සිවරාජ් ද අත නොසෝ දා සාලයට පැමි‚යේ පාර්වතීගේ තැතිගත් කටහඞ ඇහීමෙනි. කඩුල්ල පනින අමුත්තන් දුටු සිවරාජ්ගේ මුහුණේ තැතිගැන්ම සමග කෝපයක්ද ඇති විය. ඉදිරියෙන්ම පැමිණි  ‚ අමුත්තා  දාසන් බව ඔහු හඳුනාගත්තේය.
 
පියා ජීවත්ව සිටි කාලයේ  දාසන්ගේ පියා නිවසට මාළු සැපයීය. ඒ කාලයේ  දාසන් කොළු පැංචෙකි.  දාසන්ගේ පියා කර්යර් කුලයේ නිසා ඔහු නිවෙසට පැමිණෙන්නේ පස්සා දොරෙනි. හිසේ තබාගෙන ආ මාළු කඳ බිම තබන   දාසන්  ගේ පියා කුස්සියේ මිටි බංකුවේ ඉඳගෙන විටක් සප්පායම් වෙයි.  දාසන්ගේ කදේ ඇති මාළු බැලීමට සිවරාජ් ඉතා කැමතිය. විවිධ වර්ග වල ලොකු මාළු ඇතැම් විට ඔහු අතගාද බැලූවේ මවගේ කෑ ගැසීමද නොතකමිනි. සමහර මාළුන්ට තවමත් පණ තිබේ. උන් අතට ගත් වහාම ගැස්සෙන්නට පටන් ගනියි. එවිට මාළුන්ගේ කටු අතේ ඇනේ. වේදනාව නිසා සිවරාජ් මාළුවා බිම අත අරියි. බිමට වැටුණු මාළුවා නැට්ටුවෙකු මෙන් කුස්සියේ සිමෙන්ති පොළවේ උඩ පනින විට සිවරාජ් ආශාවෙන් කෑ ගසයි. මෙම කලබලය නිමා වන්නේ දාසන්ගේ පියා යළි මාළුවා කද තුළට දැමීමෙන් පසුය.
 
තම ගණුදෙනුව ලබාගත් පසු දාසන්ගේ පියා මාළු කද ගෙන යාබද නිවසට යයි. සමහර දිනවල මස් මරන්නා සමග ඔහුගේ පුතා දාසන්ද පැමිණෙයි. බියගත් දෙනෙත් වලින් යුත් දාසන් කුස්සියේ මුල්ලකට වී සිවරාජ් දෙස බලා සිටියි. සිවරාජ්ගේ මවගෙන් සක්කර කෑල්ලක් ලබාගන්නා දාසන් එය මුව තුළට දමා හපන්නේ ශබ්ද නගමිනි. එහෙත් දාසන් සමඟ තමා සෙල්ලම් කිරිමට යාම මව අනුමත නොකරන බව සිවරාජ් දනියි. ඒ නිසා ඔහු දාසන් සමඟ සෙල්ලම් කළේ කොට්ටම්බා ගස යට කාගේ හෝ දෑසට නොපෙනෙන පරිදිය.
 
සිහිල් සෙවන දුන් කොට්ටම්බා ගස යට සිට ඔවුහු ටික්බෝල ගැසූහ.දාසන් ලඟ ඇත්තේ කඩතොළ වූ, කුණු බැඳුණු ටික් බෝල කීපයකි. සිවරාජ් නල්ලුර් කෝවිල වැඳීමට දෙමාපියන් සමඟ ගිය අවස්ථාවේදී සංචාරක වෙළෙන්දෙකු ළඟ තිබූ අරුමෝසම් වෙළෙඳ භාණ්ඩ අතර පබළු වැනි ටික්බෝල දැක ඒවා ඉල්ලා පියාට පින්සෙන්ඩු විය. අවසානයේ දී පියා ඔහුට ටික් බෝල මිළට ගෙන දුන්නේය. එදින රාත්‍රියේ ඔහු නිදාගත්තේ දිළිසෙන අළුත් ටික් බෝල කොට්ට යට තබා ගනිමිනි. මෙම ටික්බෝල පසුදින දාසන්ට පෙන්වීමට ඔහුට තිබුනේ නොමද ආශාවකි. දෙදෙනා ටික්බෝල ගසන විට දාසන් සිවරාජ්ගේ අළුත්ම ටික්බෝල යක් සොරාගෙන එය පාදයේ මහපට ඇඟිල්ල අතර රඳවා ගත්තේය. එය දුටු සිවරාජ් දාසන්ගේ පිටට වැරෙන් පහරක් දුන්නේය. දාසන් පහර කෑ සුනඛයෙකු මෙන් බයාදුව පැන දිවීය. එහෙත් යලි දින දෙකකට පසු ඔවුහු මිත්‍ර වූහ.
 
හයේ පන්තිය වනතෙක් සිවරාජ් අධ්‍යාපනය ලැබුයේ වෙල්ළන්කුලම් ගමේ පාසලෙනි. දාසන් ද ඔහු සමඟ එක පන්තියේ උගත් නමුදු ඔහුව පසුපස බංකුවක කර්යර් ළමයින් දෙදෙනෙකු සමඟ වාඩි කරවනු ලැබීය. පන්තියේ ඉදිරියෙන්ම වාඩිවී සිටියේ වෙල්ලාල කුලයේ ළමයින් පම‚. ගුරුවරුන්ද කර්යර් ළමයින්ට වැඩි සැළකිල්ලක් දැක්වූයේ නැත. දාසන් ඇතුළු කර්යර් කුලයේ ළමයි සමඟ කුළුපගව කථා කළ ග‚ත ගුරුවරයා වූයේ සෝමකිරන් පම‚. පාසලේදී සෝමකිරන්ට තැනක් නොතිබූ බව හොඳාකාරව පෙනිණි. ඔහු අනෙකුත් ගුරුවරුන් සමඟ එකට හිඳගත්තේද නැත. පාසල් උත්සවයක දී මෙම වෙනස කැපී පෙනුණි.
 
හය වසර අවසන් කිරීමෙන් පසු සිවරාජ් යාපනයේ ශාන්ත යොහාන් පාසලට ඇතුළු විය. හොඳින් අධ්‍යාපනයේ නිරත වූ ඔහුට අවශ්‍ය වූයේ ඉංජිනේරුවෙකු වීමටය. පහ වසර අවසන් කිරීමෙන් පසු දාසන්ගේ පාසල් යාම නැවතිණි. ඔහු පියා සමඟ මාළු වෙළදාමේ ගියේය.
 
ඉතා සන්සුන් දිවිපැවැත්මක් තිබූ උතුරේ, කලබලකාරී තත්ත්වය වර්ධනය වීමත් සමඟ පොලිස්කාරයන්ගේ සහ හමුදාභටයන්ගේ මුහුණු නිරන්තරයෙන්ම දැක ගත හැකිවිය. යාපනයේ විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු අංශයේ ඉගෙනුම ලබනවිට සිවරාජ්ගේ මිතුරෝ සන්නද්ධ කණ්ඩායම් සමඟ කිට්ටු සබඳතා පැවැත්වූහ. එහෙත් ඔහු ප්‍රචණ්ඩත්වයට කැමති නොවීය. තිරුණවෙලිහි දී සොල්දාදුවන් දහතුන්දෙනෙකු මරා දැමූ බව ආරංචි වන විට සිවරාජ් සිටියේ විශ්ව විද්‍යාලයේ ප්‍රථම වසරේය. අසුභ ක්‍රියාදාම වැලක ආරම්භය ඉන් සනිටුහන් විය. සොල්දාදුවන් පුරවාගත් ට්‍රක්රථ මහා මාර්ගයේ ධාවනය විය. ඔහු සමඟ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සගයන් කිහිපදෙනෙක් ද අතුරුදහන් වූ අතර සෑම අයෙකුගේම මුහු‚න්ම ප්‍රකාශ වුයේ භීතියකි.
 
 
දිනක් වෙල්ළන්කුලම් කෝවිල අසල දී දාසන්ව ඔහුට හමු විය. උඩු රැවුලක් වවාගෙන සිටි ඔහු දැන් සන්නද්ධ කල්ලියක සාමාජිකයෙකි. සිවරාජ් හඳුනාගත්දාසන් ඔහු සමඟ සිනාසුණේය. දෙදෙනා මදක් නැවතී ආ ගිය විස්තර කථා කළහ. දාසන් ද්‍රවිඩ ජනතාවගේ විමුක්තිය පිළිබඳව කථා කළේය. එසේම විමුක්ති අරගලයට ද්‍රෝහිවන්නන්ට දඞුවම් දියයුතු බව කීවේ ආවේගයෙනි. ඉක්බිතිව ඔහු අසල්වැසි නිවසක වාසය කළ විශ්‍රාමලත් පොලිස් නිළධාරියෙකු පිළිබඳ විස්තර විමසීය. සිවරාජ් ඔහු පිළිබඳව දැන සිටි තොරතුරු අල්පය. පොලිස් නිළධාරියා දැන් විශ්‍රාමිකව කල් ගෙවන බවත්, ඔහුගේ පුතා හා දියණිය කැනඩාවේ වාසය කරන බවත්, සිවරාජ් පැවසීය. සිවරාජ් පැවසූ තොරතුරු සාවදානව ඇසූ දාසන් ඔහුගෙන් සමුගෙන කෝවිල අසල වූ බාබර් සාප්පුවට ගියේය.
 
සිවරාජ් කෝවිලට ගියේ දෙවියන් වැඳීම සඳහාය. මෙම කෝවිල ශත වර්ෂ ගණනාවක් පැර‚ කෝවිලකි. කුලීනයන්ට පමණක් ඇතුළු විය හැකි මෙම කෝවිල දාසන් වැන්නවුන්ට දොර වසා තිබේ. දෙවියන් ඉදිරියේ මිනිසුන් එක සමාන නොවන්නේද? යන අදහස සිවරාජ්ගේ සිතට ඇතුළුවිය.
 
පසු දින එළිය වැටුනේ අසුබ ආරංචියක් සමගිනි. යාබද නිවසේ සිටි විශ්‍රාමික පොලිස් නිළධාරියා මරා ලාමිපු කණුවක ගැට ගසා තිබේ. ඔහුගේ හිසේ වෙඩි පහරක සලකුණකි. කරේ එල්ලා ඇති කාඩ්බෝඩ් කෑල්ලේ ද්‍රවිඩ බසින් —ද්‍රෝහියා ˜ යැයි ලියා තිබේ. කිසිවෙකු මෘත ශරීරයට අත ගැසුවේ නැත. මළ සිරුර දෙස නිහඞව බලා, දෑස් බිමට යොමුකර සිටියා මිස තමන්ගේ සිත්වල තෙරපෙන අදහස වචන බවට පරිවර්ථනය කිරීමට කිසිවක් එඩිතර වූයේ නැත. දහවල් වන විට පොලිස් වාහනයක් පැමිණ මෘත ශරීරය ගෙන යන ලදි. ඊට පෙර දිනයේ දාසන් හමුවීමට හා පොලිස් නිළධාරියාගේ මරණය අතර සබඳතාවක් ඇද්ද යන්න සිවරාජ් කල්පනා කළේය. මෙම මිනිමැරුම කරන්නට ඇත්තේ දාසන් බවට ඔහුට සැක පහල විය. එහෙත් ඔහු එය කිසිවෙකුටවත් පැවසුවේ නැත.
 
මෙලෙස ක්‍රමයෙන් කාලය ගත විය. විශ්ව විද්‍යාලයෙන් පිට වූ සිවරාජ්ට කුලවත් මනාලියක් දෙමාපියන් විසින් සොයා දෙන ලදි. විවාහ පත් වූ සිවරාජ් හා පාර්වතී යුග දිවිය ආරම්භ කළේ වෙඩිහඞ හා විලාප සමගිනි. උතුරේ කලබල වැඩිවිය. බිම් බෝම්බ පිපිරිම්, වෙඩි තැබීම්, අත්අඩංගුවට ගැනීම්, නිමක් නැත. ඒ  අතර වාරයේ අනෙකුත් සටන්කාමී කණ්ඩායම් අභිබවා එල්. ටී. ටී. ඊ සංවිධානය පෙරට ආවේය. සිවරාජ්ගේ වැටුපෙන් කොටසක් එල්. ටී. ටී. ඊ සංවිධානයට දීමට සිවරාජ්ට බල කෙරිණ. ඔවුන්ගේ තීරණයන්ට එරෙහි වූවහොත්. සිදුවිය හැකි පලවිපාක දන්නා සිවරාජ් හා පාර්වතී ඒ  සඳහා එකග වූහ.
 
ඔවුන් ගත කළේ නිහඞ ජීවිතයකි. රැකියාවට යාමත්, සවස ගෙවත්තේ එළවළු පාත්ති අතර කාලය ගතකිරීමත්, රාත්‍රියට භූමිතෙල් ලාම්පු එළියෙන් පොතක් කියවීමත්, සිවරාජ්ගේ දෛනික ක්‍රියාවලියට අයත් විය. විවාහ වී අවුරුදු ගණනාවක් ගතවුවද දරු සම්පතක් නොමැතිවීම නිසා ඔහු සිටියේ කනස්සලලෙනි. ඔහුගේ මව මිය යාමට ප්‍රථමද නිබඳව මේ පිළිබඳව කථා කළාය. ඇතැම් විට පාර්වතිය ඉතා අවාසනාවන්ත ස්ත්‍රියක බව කීවාය. එවිට සිවරාජ් තුළ ඇතිවූයේ නොසන්සුන්තාවකි.
 
දරුවන් නොමැති නිසා දෙදෙනාම වෛද්‍ය පරික්ෂණයකට ලක්විය යුතු බව යාපන විශ්ව විද්‍යාලයේ නාරි හා ප්‍රසව අංශයේ මහාචාර්ය ත්‍යාගරාජා මුරුගේසු සිවරාජ්ට පැවසුවේ මිත්‍රයෙකුට උපදෙස් දෙන්නාක් මෙනි. ඔවුන් දෙදෙනාම නොකඩවා මහාචාර්ය ත්‍යාගරාජා මුරුගේසුගේ වෛද්‍ය සායනයට ගිය නුමුදු දරු සම්පතක ලකුණු පේනතෙක් මානයක නොවීය. ඉන්දියාවේ චෙන්නායි රෝහලක දරුවන් නොමැති කාන්තාවන් සඳහා විශේෂ සායනයක් හා ප්‍රතිකාර ක්‍රම තිඛෙන බව වරක් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්යවරයෙක් ඔහුට පැවසීය. මෙම කථීකාචාර්යවරයාගේ බිරිඳට ද දරුවන් නොමැතිව සිටි අතර ඇය චෙන්නායි වෙත ගොස් මාස තුනක ප්‍රතිකාර ලැබුවාය. ඉක්බිති ඇයට දරුවෙකු පිළිසිඳුණි.
 
මෙම ආරංචිය ඇසීමෙන් පසු සිවරාජ් තුළ ඇති වූයේ නව බලාපොරොත්තුවකි. ඔහු තමිල්නාඩුවේ වෙසෙන තම ×තී සහෝදරයා මගින් චෙන්නායි හී රෝහල පිළිබඳ තොරතුරු ලබා ගත්තේය. එසේම ඔහුගේ ආධාරයෙන් සායන දින වෙන්කරවා ගත්තේය. චෙන්නායි ගමන ගැන සිවරාජ් සහ පාර්වතී සිටියේ දැඩි බලාපොරොත්තුවෙනි. ඔවූහු දිනපතාම කෝවිල් පූජාවලට සහභාගී වූහ. චෙන්නායි බලා යෑමට ප්‍රථමයෙන් කොළඹ යා යුතුය. ඒ සඳහා කොටි සංවිධානයේ අවසරය ලබාගත යුතුය. ඇපයක් නොමැතිව ඔවුන්ට කොළඹ යාමට ඉඩ නොදෙනු ඇත. කොළඹ යාම සඳහා ඔහු පාර්වතීගේ රන් ආභරණ ඇපයට තැබීය. එසේම මඩු දේවස්ථානයේ ෆිල්ප් පියතුමාද ඔවුන්ට සහාය විය. ෆිලිප් පියතුමා තමිල්නාඩුවේ වෙසෙන තම ඤාති සහෝදරයාගේ කිට්ටුවන්තයෙකි. ෆිලිප් පියතුමා මැදහත් නොවන්නට කොටි සංවිධානය ඔවුන්ට කොළඹ යාමට ඉඩනොදෙන්නට තිබු‚ණි  .
 
සිවරාජ් කොළඹ පැමි‚යේ වසර ගණනාවකට පසුය. ඔවුන් මරදානේ තාවකාලික ලැඟ=ම් හලක නැවතී තම ගමන් ඒජන්තවරයා වෙත ගියේ චෙන්නායි බලා ගුවන් මගින් යෑමට ආසන වෙන් කරවා ගැනීමටය. සිවරාජ් තම හැඳුන්ම්පත හා ගමන් බලපත්‍රය ලඟ තබාගෙන පාර්වතී සමඟ කොළඹ ඇවිද්දේය. සිංහලයන් කුරිරු ජාතියක් බව උතුරේ පුන පුනා කියනු ඇසුනද මොවුන් අප මෙන්ම මිනිසුන් බව ඔහුට දැනුණි. කඩපළේදී හෝ බස්රථයේ දී කිසිවෙක් ඔහුට අතවරයක් කළේ නැත. 

 නිරාර්ථක යු`ධයක් නිසා උතුර හා දකුණ ඈත් වී සිටින බව ඔහුට වැටහි‚. තමන් සමග විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ බොහෝ දෙනෙකු දැන් සිටින්නේ කැනඩාව, ඕස්ටේ්‍රලියාව, ජර්මනිය, ප්‍රංශය හා බි්‍රතාන්‍ය යන රටවල් වලය. ඔවුහු මාසිකව විශාල මුදල් ප්‍රමාණයක් එල්. ටී. ටී. ඊ. සංවිධානයට එවති. එම මුදල් යුද්ධ ආයුධ ස`දහා නොව උතුර සංවර්ධනය කිරීමට වැය කළා නම් උතුරේ රැකියා ප්‍රශ්ණයද විසඳී මිනිසුන්ගේ ජීවන මට්ටම වඩාත් යහපත් වනු ඇතැයි ඔහු පාර්වතී සමඟ කීවේය. ඇය හිසසලා එය අනුමත කළාය.
 
ඔවුහු බම්බලපිටියේ කදිරේෂන් කෝවිලට ගියහ. චෙන්නායි ගමන සාර්ථක කරදෙන ලෙස ඔවුහු දෙවියන් යැදුවෝය. චෙන්නායි රෝහල වෙත ගිය සිවරාජ් සහ පාර්වතී වෙන වෙනම පරීක්ෂණ වලට භාජනය වූහ. පාර්වතීගේ පැලෝපීය නාලයේ අවහිරතා ඇති බව දැන් වූ ප්‍රධාන නාරි හා ප්‍රසව වෛද්‍යවරයා ඒ සඳහා සුළු සැත්කමකට පාර්වතී භාජනය විය යුතු බව කිවේය.  එය​ට සිවරාජ්ගේ අනුමැතිය ලැබි‚. ඔවුහු දෙදෙනාම එම තීරණයට එකඟ වූහ.
 
ශල්‍යකර්මයෙන් පසු සති දෙකක් චෙන්නායි හී රැදී සිටි ඔවුන් යළි වෙල්ළන්කුලම් වෙත ගියේ මාර්ගබාධක, යුධහමුදා මුර පොළවල් හරහාය. චෙන්නායි රෝහලෙන් නිකුත් කළ ලිපි නිසා ඔවුන්ට වැඩි වෙලාවක් රැදී සිටීමට සිදුවූයේ නැත.
 
චෙන්නායි ගමනින් සයමසකට පසුව පාර්වතී සුබ ප්‍රථීඵල ලැබුවාය. ඇය ස්කෑන් පරීක්ෂණයකට ලක්කළ මහාචාර්ය මුරුගේසු පාර්වතීට දරු ගැබක් පහළ වී ඇති බව සනාථ කළේය. සිවරාජ් තුළ ඇතිවූයේ අසීමිත සතුටකි. ඔහු ගැබ්බර බිරිඳට අවශ්‍ය සියළු පහසුකම් සපයා දුන්නේය. එසේම ඇය කැටුව දිනපතා කෝවිලට ගියේය. තමාට නිරෝගී පිරිමි දරුවෙකු ලබාදෙන ලෙස දෙවියන්ට කන්නලව් කළේය.
 
පාර්වතී ගර්භනි වී සති තිස්හයක් තවූ පසුව ඇයට සීසර් ශල්‍යකර්මයක් කළ යුතු බව මහාචාර්ය මුරුගේසු සිවරාජ්ට දැන්විය. පාර්වතිගේ වයස දැන් අවුරුදු හතලිහට ආසන්නය. එමනිසා සාමාන්‍ය ප්‍රසූතියකට යාම අවදානම් කරුණකි. විවාහ වී අවුරුදු පහළොවකට පසුව ඔවුන්ට ලැඛෙන ප්‍රථම දරුවාගේ යහපත් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සලකා බලා මෙම තීරණය ගන්නා බව මහාචාර්ය මුරුගේසු වැඩිදුරටත් පැවසීය. සිවරාජ් උපත ලැබුවේ වෙල්ළන්කුලම් හී මහ ගෙදරය. පාර්වතීට දරුවා ලැබිය යුත්තේ ද මහගෙදර බව ඔහු මුල දී සිතා සිටියද, මහාචාර්ය මුරුගේසුගේ තීරණයට එකඟ විය යුතු බව ඉටා ගත්තේය.
 
පාර්වතී ශල්‍ය කර්මයට භාජනය කරවන ලද්දේ යාපනය මහ රෝහලේ දීය. ඇය වෙල්ළන්කුලම් සිට යාපනය දක්වා කුලීරථයකින් ගෙන ගියේ ඉතා අපහසුතා මැදය. ශ්‍රී ලංකා යුදහමුදාව, ඉන්දියානු සාම හමුදාව, ද්‍රවිඩ සටන් කණ්ඩායම්ද ඔවුන්ගේ වාහනය අතරමග නැවැත්වූහ. පාර්වතීගේ තත්ත්වය නිසා ඔවුන්ගේ වාහනයට ඉදිරියට යාමට ඉඩ දෙනු ලැබිණ. එහෙත් එක් මුර පොළකදි ඉන්දියානු සාම හමුදාවේ භටයෙක් පාර්වතිගේ පියයුරක් මිරිකීය. සිවරාජ් ඒ  දෙස බලා සිටියේ උතුරා යන කෝපයෙනි. එහෙත් සෙබලා අත තිබූ මැෂින් තුවක්කු නිසා ඔහු නිහඞ විය. ප්‍රසව වේදනාවෙන් පෙළෙන ගර්භනී මවකගෙන් මෙවැනි පහත් වින්දනයක් ලබාගත හැක්කේ තිරිසනෙකුටත් වඩා පහත් ආත්මයක් ඇත්තෙකුට බව එම මුරපොළ පසු වූ වහාම සිවරාජ් රියදුරා සමඟ කිවේය. මේ විනාශකාරී යුද්ධය රටටම සාපයක් බව රියදුරා පැවසුවේ, සිවරාජ් කිසිදු සටන් කණ්ඩායමක අතකොළුවක් නොවන බව පසක් කර ගැනීමෙන් පසුවය.
 
රෝහලට ගෙන ගිය වහාම පාර්වතී ශල්‍යාගාරය වෙත ගෙන යන ලදි. සිවරාජ් දෙවියන් යැදීය. ෂෙල්වෙඩි හ~ නිසා යාපනය රෝහල දෙදරුම්කයි. දරු ප්‍රසූතියට අවශ්‍ය මානසික නිදහස වෙනුවට මෙතැන ඇත්තේ මර බියකි. මෙම බය කුස තුළ සිටින ළමයාට ද දැනෙණු නිසැකය. රෝහලේ බාහිර රෝගී අංශයට වැටුණු ෂෙල් වෙඩිල්ලක් පුපුරා යාමෙන් රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් මෙන්ම රෝගීන්ද මිය ගිය බව රෝහල් සේවකයෙකු කිවේ වෙඩි හ~ නිසා බියපත් වූ මුහු‚න් යුත්තව ය. සමහරුන් රෝහලේ කොරිඩෝවේ බංකුව මත වාඩි වී සිටියේ තද වෙහෙස නිසාවෙනි. සිවරාජ් වතුර බෝතලයෙන් වතුර උගුරක් බී අතේ තිබූ පාර්සලයෙන් පිට්ටු කැබලි කීපයක් මුව තුළට දමා ගත්තේය. ගිනි අවිය අතින් ගත් කොල්ලන් කිහිප දෙනෙකු ද කලබලයෙන් රෝහලේ එහා මෙහා යනු දුටු ඔහු මෙම ස්ථානයේ රැදී සිටීම නුවණට හුරු නැති බව වටහාගෙන ශල්‍යාගාරයේ දොරටුව අසල රැදී සිටියේය.
 
දෙපැයක් ගත විය. පාර්වතී ගැන තොරතුරක් නොමැත. එම නිසා ඔහුගේ සිත නොසන්සුන් වෙයි. සිවරාජ් යළිත් වරක් දෙවියන් යැද්දේය. පැය භාගයකට පමන පසුව හෙදියක් පැමිණ පාර්වතීට පුතෙකු ලැබුණු බව කීවාය. සිවරාජ් තුළ වූ සතුට නිම් හිම් නැති විය. ඔහු ශල්‍යාගාරයේ දොර අතරින් හිස දමා පාර්වතී හා දරුවා බැලීමට තැත් කළේය. එකනෙහිම එහි සිටි වෛද්‍යවරයෙක් ඔහුට බැණ වැදුණි. සිවරාජ් ලැජ්ජාවෙන් ශල්‍යාගාරයේ දොර අසලින් ඉවත් විය. වාට්ටුවට යන්නැයි හෙදිය ඔහුට කිවාය.
 
පාර්වතී හා සිඟිති දරුවා වාට්ටුවේ දී දුටු සිවරාජ්ට දැනුණ සතුට අපමය. ඔහු පුතා වඩාගත්තේ පස්වනක් සතුට පිනාගිය ප්‍රිතියෙනි. දැන් තමා පියෙක් යන ආඩම්බර හැඟීම ඔහුට පහළ විය. ඒ සමගම හෙණ  හඞ පුපුරන්නාක් සේ වැනි මහා හඞක් සමඟ යාබද සුභාෂ් හෝටලය අසල බෝම්බයක් පුපුරා ගියේය. තැති ගත් මව්වරු තම කිරිදරුවන් තුරුළු කර ගත්හ. මෙම ස්ථානය රැදී සිටීමට නුසුදුසු බව සිවරාජ්ට වැටහෙයි. එහෙත් තව දින හතක් පමණ ගතවන තෙක් පාර්වතීගේ ටිකට් නොකපනු ඇත. ශල්‍යකර්මය නිසා ඇයගේ තුවාලය සුව විය යුතුය. එය වසර හතක් වැනි දීර්ඝ කාලයකි. මේ කාලය තුළ සිවරාජ්ට හරි හැටි නින්දක් නොවීය. ඔහු දහවල් හා රාත්‍රි කාලය ගත කළේ යාපනය රෝහල් භූමියේය. ලෙඩුන් බලන වෙලාවට පාර්වතී අසලට යන ඔහු රෝහලේ බිත්තියකට පිට දී සිටියි.
 
වරක් එසේ සිටිය දී ඉන්දියානු සාම සාධක හමුදාවේ සොල්දාදුවන් පිරිසක් ඔහු අත්අඩංඟ=වට ගැනීමට තැත් කළේය. ඔවුන්ට ද්‍රවිඩ බස තේරුනේ නැත. ඔවුන් සික් ජාතික සොල්දාදුවන්ය. ඔවුන්ට ඉංග්‍රීසි ද නොතේරේ. එක් සොල් දාදුවෙකු සිවරාජ්ගේ යටි බඩට තුවක්කු මිටෙන් ඇන්නේය. වේදනාව නිසා ඔහුට මුත්‍රා පහවිය. ඔහු ඇතුළු රෝහල් භූමියේ සිටි වෙනත් පුද්ගලයන් තිදෙනෙකු මෙලෙස කුදලාගෙන යන ලදි. රෝහල ඉදිරිපිට ජීප් රථයේ අව්කණ්නාඩි පැළඳ සිටි පුද්ගලයා නිළධාරියෙකු විය හැකි යැයි සිතූ සිවරාජ් ඔහු ඉදිරියේ වැඳ වැටී ඉංග්‍රීසි භාෂාවෙන් තමා කවරෙකුද යන්නත් තම බිරිඳට දරුවෙකු ලැබී රෝහලේ සිටිනා බවත් කීවේය. පිරිස වට වී මෙම ජවනිකාව දෙස බලා සිටියහ. ඔවුන් බලා සිටියා මිස මුව විවර කළේ නැත. සෙනඟ අතරින් ඉදිරියට පැමි‚ ශල්‍යාගාරයේ මහළු හෙදිය මෙම පුද්ගලයා කැරලිකරුවෙකු නොවන බවත්, ඔහුගේ බිරිඳ දරුවෙකු ප්‍රසූත කොට වාට්ටුවේ සිටින බවත් කීවාය. සිවරාජ් දෙස විනාඩි පහක් පමණ වෙලා බලා සිටි නිළධාරියා ඔහු මුදා හැරියේය. එහෙත් අනෙකුත් තිදෙනා ඔවුහු රැගෙන ගියෝය.
 
සිවරාජ්ට සිදු වූ අතවරයෙන් පසු ඔහුට පාර්වති අසල සිටීමට අවසර ලැබි‚. ඔහු වාට්ටුවෙන් පිටතට ගියේ වැසිකිළි යාමට පම‚. ආහාර ලෙස මුදල් දී රෝහල් සේවකයෙකු ලවා ගෙන්වා ගත් ඇඹුල් කෙසෙල් ගෙඩි අනුභව කළේය. දවස් ගණනකට පසුව පාර්වතීගේ ටිකට් කැපූ නමුදු ඇයට තවම හොඳාකාරව ඇවිදීමට අපහසු විය. මෙම භයානක ස්ථානයෙන් ඉවත් විය යුතු බව තීරණය කළ සිවරාජ් ඉතා අපහසුවෙන් කුළී රථයක් සොයාගෙන වෙල්ළන්කුලම් දක්වා යාමට කුලිය කථා කර ගත්තේය. කුලිය සදහා රියදුරා ඉල්ලා සිටියේ ඉතා අසාධාරණ අධික මුදලක් වුවද ඔහු එයට එකඟ විය.
 
පෙට්ට්‍රල් ස්වල්පයකින් එන්ජිම පණගන්වා භූමි තෙල් වලින් දුවන පරණ ෆෝඩ් ඇංග්ලියා රථයේ පසුපස අසුනට කොට්ට කීපයක් දමා පාර්වතී වාඩිවී බිළිඳා තුරුළු කර ගත්තාය. සිවරාජ් ඉදිරි අසුනේ ඉඳගෙන බිළිඳා දෙස බලා දෙවියන්ට යාඤා   කළේ අනතුරක් නොමැතිව තම නිවස බලා යාම සඳහාය. කළු දුමාරයක් පිටකරමින් වාහනය පණගැන්වූ රියදුරා යාපනය ටවුමට අවතීර්ණ විය. මහා මාර්ගයේ තැනින් තැන ඇති මළ සිරුරු දෙස නොබලන ලෙස ඔහු පාර්වතීට කීවේය. ඇය දෑස් වසාගෙන බිළිඳාට කිරි පෙව්වාය. යාපනය නගරය දිස්වූයේ අමු සොහොනක් මෙනි. මාර්ගයේ තැනින් තැන සාම සාධක හමුදාව සිටි අතර ඔවුහු රථය හා මගීන් පරික්ෂා කළහ.
 
පාර්වතී සහ දරුවා සමඟ නිවසට පැමි‚ විට දැනුනේ නිදහස් බවකි. දවස් ගණනක් වසා තිබුණු ගෙදර තුළ පුස් ගඳක් දැන‚. ඔහු දොර ජනෙල් හැර නිවස පිරිසිදු කළේය. අළුත් ඇඳ ඇතිරල්ලක් ඇඳට දමා මවට සහ දරුවාට විවේක ගැනීමට සලැස්විය. දරුවා නිසා නිවසේ තිබුණු පාළුව මැකී ගියේය. දරුවාගේ සිනහව, කිරි ඉල්ලා ඇඬීම, ඔහුට ඇසුනේ දෙව්ලොව සිට එන මිහිරි නාදයක් ලෙසිනි. ඔහු දරුවාට කදීර් යැයි නම් තැබීය.
 
මෙලෙස ක්‍රමයෙන් කාලය ගෙවී ගියේය. ගෙවත්තෙන් ලැඛෙන එළවළු හා පළතුරු, අළුත් මාළු, කඩමන්ඩියෙන් මිළදී ගන්නා ජලය අමිශ්‍ර නැවුම් එළ කිරි, දරුවාට පෝෂණය ලබා දුන්නේය. කදීර් කදිමට වැඩු‚. අකුරු කරවීම සඳහා ඔහු යවනු ලැබූවේ සිවරාජ් ඉගෙනුම ලැබූ වෙල්ළන්කුලම් රජයේ පාසලටය. නිවසේදි සිවරාජ් ඔහුට ඉංග්‍රීසි ඉගැන්විය. ඉගෙනීමේ දක්ෂයෙකු වූ කදීර් පහවසර ශිෂ්‍යත්වය ඉහලින්ම සමත් විය. එහෙත් වැඩිදුර ඉගෙනුම සඳහා ඔහු යාපනයට යැවීමට සිවරාජ් අකමැති විය. ඔහුට අවශ්‍ය වූයේ සාමාන්‍ය පෙළ දක්වා වෙල්ළන්කුලම් රජයේ විදුහලින් කදීර්ට අධ්‍යාපනය ලබා දී ඉන්පසුව පරිඝණක තාක්ෂණය හැදෑරීමට ඔහු ඕස්ටේ්‍රලියාවට යැවීමටය.
 
සාමාන්‍ය පෙළ විභාගයට ඉගෙන ගන්නා කාලයේ කදීර්ට ඔහු පරිඝණකයක් මිළ දී ගෙන දුන්නද විදුලි බලය නොමැති නිසා ඔහුට එය පාවිච්චි කිරීමට නොහැකි විය. එහෙත් සූර්ය කෝෂයකින් ලබාගත් විදුලියෙන් කදීර් පරිඝණකය ක්‍රියාත්මක කළේ ඔහු සතු වූ තාක්ෂ‚ක දැණුම පෙන්නුම් කරමිණි. වෙල්ළන්කුලම් පැවති යේ එල්. ටී. ටී. ඊ. සංවිධානයේ අණසක යටතේය. එම නිසා පාසල් වලද අධ්‍යාපනය ක්‍රියාත්මක වූයේ එල්. ටී. ටී. ඊ. සංවිධානයේ අවශ්‍යතාවලටය. මේ නිසා කදීර් සාමාන්‍ය පෙළ විභාගයට ලියූ වහාම ඔහු පිටරට යැවිය යුතු බව සිවරාජ් තිරණය කොට තිබිණ.
 
දිනක් කදීර් පාසලේ සිට පැමි‚යේ තැතිගත් මුහුණෙනි. ඔහුගේ පන්තියේ ළමයින් සිව්දෙනෙකු එල්. ටී.ටී. ඊ. සංවිධානය මගින් බලහත්කාරයෙන් ගෙන යන ලදි. මෙලෙස ගෙනයන ළමයින්ට කිලිනොච්චියේදී යුධ පුහුණුව ලබාදේ. ඉක්බිතිව ළමා සොල්දාදුවන් ලෙස ඔවුහු සටන් කරති. මේ අපරාධය ඇසූු සිවරාජ් හා පාර්වතී බියට පත්වූ අතර කදීර් පාසල් අධ්‍යාපනය හොඳින් කරගෙන යන නිසා ඔහු වැනි සිසුන් සංවිධානයට බලෙන් බඳවා නොගනු ඇතැයි යන බොලඳ සිතිවිල්ල මගින් හිතේ හටගත් භීතිය පහ කර ගැනීමට වෑයම් කළහ.
 
දිනක් සිවරාජ් හා පාර්වතීට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රාදේශිය කාර්යාලයට එන ලෙසට ප‚වුඩයක් ලැබී තිබි‚. ඔවුන් එම කාර්යාලයට ගියේ ගැහෙන හදවතිනි. ද්‍රවිඩ ජනතාවගේ විමුක්තිය සඳහා කදීර් සංවිධානයට බැදිය යුතු බවත් ඒ සඳහා දෙමව්පියන්ගේ ආශිර්වාදය ඔහුට ලබා දිය යුතු බවත් ප්‍රාදේශිය නායකයා අවධාරණය කළේය. ඔහු සමග එකට එක කථා කිරීමට අසමත් සිවරාජ් ළමයාට හොදින් ඉගෙන ගත හැකි බවත්, සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ළමයා කැමැත්තෙන් සිටින බවත් පැවසීය. එවිට ඔහු කිසිවක් නොකියා දෙමහල්ලන්ට කාර්යාලයෙන් එළියට බසින ලෙස දැනුම් දුන්නේය.
 
යළි නිවසට පැමි‚ සිවරාජ් සිටියේ නොසන්සුන් සිතිනි. සංවිධාන මගින් බඳවාගන්නා ළමුන්ට අත්වන ඉරණම ඔහු දැනගත්තේ කලක් සංවිධානයේ වැඩකොට දැන් ක්‍රියාශීලී දේශපාලනයෙන් ඉවත් වී සිටින සෙල්වන් ගෙනි. සෙල්වන් දැන් ජීවත්වන්නේ අඳයට කුඹුරු කිරීමෙනි. ඔහුගේ කකුලක් නොණ්ඩිය. අලිමන්කඩ ප්‍රහාරයේදී උකුල් ඇටයට වෙඩි වැදීම නිසා ඔහු කළක් ඔත්පලව සිටියේය. දැන් නොණ්ඩි ගසමින් කුඹුරු කොටයි. බලෙන් බඳවාගන්නා ළමා සොල් දාදුවන්ට ආයුධ පුහුණුව දෙන බවත් නියෝග කඩ කරන ළමයින්ට දරුණු ලෙස පහර දෙන බවත් සෙල්වන් කීවේ රහසක් කියන්නාක් මෙනි. පුහුණුවෙන් පසු ප්‍රහාරවලදී ඉදිරියට යවන්නේ මෙම ළමා සොල්දාදුවන්ය. වරක් ප්‍රහාරයකදී දරුණු ලෙස තුවාල ලැබූ ළමා සොල්දාදුවන් දෙදෙනෙකුගේ හිසට වෙඩි තබා ඔවුන්ගේ විදවීඳීම නිමා කළ බව සෙල්වන් පැවසුවේ පසුතැවිලි හඞකිණි. ඔහු තවමත් අවිවාහකය. සෙල්වන්ගේ වයස අවුරුදු හතලිහකට අඩු වුවද ඔහුගේ මුහුණ මහල්ලෙකුගේ මෙන්ය.
 
මාස දෙකක් පමණ අමුත්තකින් තොරව ගත වී ගියේය. එහෙත් කුමන මොහොතක වුවද කදීර් පැහැරගනු ඇතැයි යන බිය ඔවුන්ගේ සිත්වල හොල්මන් කළේය. දිනක් ඉරිදා උදෑසනක දාසන් ඔහුගේ නිවසට පැමි‚යේය. එල්. ටී. ටී. ඊ. නිළ ඇ`දුමෙන් සැරසී සිටි ඔහු දැන් මන්නාරම් දිස්ත්‍රික්කයේ අණදෙන නිළධාරියෙකි. මුහුණ පුරා රැවුල වවා සිටි ඔහු කිසි බියක් සැකක් නොමැතිව සිවරාජ්ගේ නිවසට ගොඩ වැදුණි. අතීතයේදී ඔහු හෝ ඔහුගේ පවුලේ අය මෙම නිවසට ගොඩවැදුණේ බයාදු ලෙස පිටිපස දොරින්ය. එහෙත් දැන් අවි බලය විසින් ඔවුන්ගේ කුලවාදය සුණු විසුණු වී ගොසිනි.
 
දාසන් දැන් හැඩි දැඩි පෙනුමක් ඇත්තෙකි. ඔහුගේ දෙනෙත් වල පිරී ඇත්තේ නිදහසේ ගලායන වෛරය මුසු බැල්මකි. සිවරාජ් ගේ නිවසේ හොඳම හාන්සි පුටුවේ ඉඳගත් ඔහු තමා සමග පැමි‚ කුඩා කණ්ඩායමට මිදුලේ සිටින ලෙස අණ කළේය. දාසන් වාඩි වී සිටින හාන්සි පුටුව සිවරාජ් ගේ පියාගේය. ඔහු ජීවත්ව සිටින කාලයේ කිසිවෙකු මෙම හාන්සි පුටුවේ වාඩි වූයේ නැත. එය ගෞරවයක් වශයෙනි. පියාගේ ඇවෑමෙන් බොහෝ කළකට පසුව සිවරාජ් මෙම පුටුවේ වාඩි වී පත්තර බලන්නට පුරුදු විය. සිවරාජ් හැරුනු කොට පවුලේ කිසිවෙක් මෙම පුටුවේ වාඩි නොවෙති. දාසන් ගෘහමූලිකයාගේ මුල් පුටුවේ හිඳගෙන සිවරාජ් දෙස මොහොතක් බලා සිටියේය. දාසන්ගේ ඉනේ පිස්තෝලයකි. සිවරාජ් දාසන් ඉදිරියේ සිටගෙන තැතිගත් විලසින් බලා සිටියි.
 
—කෝ කදීර්˜ ඔහු කෙලින්ම මාතෘකාවට අවතීර්ණ විය. —ඉගෙන ගන්න පන්තියකට ගිහිල්ලා˜ සිවරාජ් පැවසුවේ ඔහු ගෙදර නැති නිසා දාසන් පිටත්ව ගියේ නම් මැනවි යන ස්වරයෙනි. දාසන් ඊලාම් අරගලය සඳහා ඔවුන් ගෙන යන සන්නද්ධ ක්‍රියාදාම පිළිබඳව කෙටියෙන් කථා කළේය. සංවිධානයට පිරිස් බලය අවශ්‍ය වෙයි. කදීර් සංවිධානයට බැඳිය යුතුයි.
 
 
මෙහිදී සිවරාජ් ඔහුට බාධා කළේය. —කදීර්ට වයස පහළොවයි. එයා තාම ඉගෙන ගන්නවා. අපි සංවිධානයට මාසිකව මුදල් ගෙවනවා.˜
 
දාසන් සිවරාජ් දෙස රවා බැලූවේය. —සල්ලි විතරක් දීලා මදි. අපේ කොල්ලෝ ජිවිත පූජාකරලා සටන් කරනවා. උඹලා සල්ලි ටිකක් දීලා ෂේප් වෙන්න හදනවා. දුප්පතුන්ගේ ළමයින් සටනින් මියයනවා. අරගලය දින්නට පස්සේ උඹලගේ ළමයි තමයි රජවෙන්නේ ඒකද කථාව?˜
 
දාසන් කිසිම දිනක සිවරාජ්ට —උඹ˜ යන වචනය මීට පෙර භාවිතා කොට නැත. දැන් බලය ඇත්තේ දාසන් අතේය. එම නිසා ඔහු කුලීනයන්ට අපහාස කිරීමට දෙවරක් නොසිතයි. කදිර් වෙනුවෙන් දාසන් ඉදිරිපිට බැගෑපත්වීම හැර වෙන විකල්පයක් සිවරාජ් නොදිටීය.
 
සිවරාජ්ගේ බැගෑපත් බව දුටු දාසන් මඳක් මෙල්ල විය.—හරි මම ඊළඟ සැරේ එන කොට කොල්ලව ලෑස්ති කරලා තියන්න ඕනෑ. කොල්ලට කිසිම හිරිහැරයක් වෙන්නේ නැහැ. මම ඒක බලාගන්නවා.˜ දාසන් පැවසුවේ රජෙකු තම යටත් වැසියෙකුට අණ දෙන්නාක් මෙනි.
 
දාසන් ගිය වහාම සිවරාජ් හා පාර්වතී මී ළඟට කළයුත්තේ කුමක්ද යන්න පිළිබඳව දිගින් දිගටම කථා කළහ. කොළඹ යෑම, පිටරටකට යෑම වැනි විසඳුම්ද ඔවුන්ගේ කතාවට බඳුන් විය. එහෙත් සංවිධානයේ නිසි අවසරය නොමැතිව වෙල්ළන්කුලම් වලින් පිටවීම කිසිදා කළ නොහැක.
 
සති දෙකකට පසුව දාසන් යලිත් පැමි‚යේය. මෙවර සිවරාජ්ට තමාව පාළනය කර ගත නොහැකි විය. —අපි උඹලට මුදල් දුන්නා,.. අපේ අතීතය,.... වර්තමානය,....මේ ඔක්කොම දුන්නා. අවුරුදු ගාණක් දුක් වින්දා.... මේ ළමයා විතරයි අපට ඉතුරුවෙලා ඉන්නේ. ඌව දෙන්න බැහැ... එහෙම නම් උඹ අපට පිස්තෝලයෙන් වෙඩි තියලා ළමයව අරන් පලයන්...... ප්‍රභාකරන්ගේ ළමයින් කොහේද? චාල්ස් ඇන්ටනී ඉගෙන ගන්නවා. ඇයි අපේ ළමයි යුද්දෙට යවන්නේ? සිංහල හමුදාවෙන් වෙඩි කන්න අපි ළමයි හැදුවේ නැහැ...˜ ඔහු කෑගැසුවේ උමතුවෙන් මෙනි.
 
—ඒයි නවත්තගනිං ඔය හෑල්ල. උඹ අන්නා ගැන තව එක වචනයක් කිව්වොත් මම උඹව බල්ලෙකු වගේ මෙතනම වෙඩිතියලා මරනවා.˜ දාසන් ගෙරවිය.
 
 
—මරණය,.. මරණය... අපට නැතිවෙන්න තව දෙයක් නැහැ...˜ සිවරාජ් නිවෙසේ දේව ප්‍රතිමාව ළඟ ද‚න් වැටී විලාප තියමින් අ`ඩන්නට විය. ඔහුගේ ඇඬීම නිසා පාර්වතීද කඳුළු සැලූවාය. ඇය තම අත්වලින් පපුවට ගසා ගනිමින් අ~න්නට පටන් ගත්තාය.
 
—අපි හෙට එනවා, උඹලගේ කැමැත්ත තිබ්බත් නැතත් අපි කොල්ලව ගෙනියනවා.˜ දාසන් සිවරාජ්ට කිවේ දැඩි ස්වරයකිණි.
 
එදින රාත්‍රියේ සිවරාජ්ට නින්ද ගියේ නැත. මුළු රාති්‍රයේම ඔහු කල්පනාවේ නිමග්නව සිටියේය. උදෑසන ඔහු පාර්වතීට කථා කළේය. —අපට මේකෙන් ගැලවීමක් නැහැ. උන් අනිවාර්යයෙන්ම ළමයා ගෙනියනවා. ළමයා නැතිව අපට ඉඳලා වැඩක් නැහැ. උන් ළමයා ගෙනිච්චොත් ළමයා විනාශවෙනවා. අපට මෙහෙන් පැනලා යන්න විදිහකුත් නැහැ. අපි ඔක්කොම සංවිධානයේ හිරකාරයෝ . එකම දෙයයි අපට ඉතුරු වෙලා තියෙන්නේ අපි එකට වහ බීලා මැරෙමු...˜
 
පාර්වතී කිසිවක් නොකීවාය. ඇයගේ දෙනෙත් වල බිය සමඟ බලාපොරොත්තු සුන් වූ සේයාවක් තිබි‚. සිවරාජ් තම නිවසේ ගබඩා කාමරයට ගියේය. එළවළු පාත්තිවලට ගැසිම සඳහා වල්පැලෑටි නාශක වස බෝතලය මෙම කාමරයේ තබා තිබුණේය. ඔහු වල් පැළ නාශක බෝතලය ගෙන මුළුතැන්ගෙට වැදු‚. කිරි සාදන එනමල් භාජනයට බෝතලයේ තිබූ වස දැමූ සිවරාජ් එයට කිරිද මිශ්‍ර කළේය. ඉන්පසු එනමල් භාජනය රාක්කය මත තබා කුස්සියේ මේසය අසල තිබූ පුටුවේ හිඳගත්තේය.
 
රාත්‍රියේ ආහාරයක් නොගත් නිසා ඔහුට මඳ බඩගින්නක් දැනි‚. බත් සවල්පයකට මුරුංගා හොදි ඛෙදාගත් ඔහු බත් අනාගෙන කන්නට විය. ඔහුට කටවල් දෙකකට වඩා කෑමට ඉඩ නොලැබි‚. පාර්වතීගේ කෑගැසීම ඔහු තුළ ඇති කළේ බියකි. අත නොසේදූ ඔහු සාලයට දිව ගියේය. කඩුල්ල පනින දාසන් දුටුවිට සිවරාජ්ට සියල්ල අවසන් බව වැටහු‚. ඔහු උදෙන්ම පැමි‚යේ කදීර් ගෙනයාමටය. ඔහුට ඇත්තේ එකම එක විකල්පයකි. ඔහු පාර්වතී සමඟ කුස්සියට ගියේය.
 
නිවසට ගොඩවැදුණු දාසන් සිරිත් පිරිදි ගෘහ මූලිකයාගේ පුටුවේ හිඳගෙන සිවරාජ්ගේ නම කියා කෑගැසීය. දාසන්ගේ නියෝගය නෑසුනාක් මෙන් ඇනමල් භාජනය අතට ගත් සිවරාජ් කදීර් නිදාසිටි කාමරයට ගියේය. දාසන්ගේ කටහඬින් ඔහු අවදි වී මුව පොව්වකු සේ ගැහෙයි. — පුතා....˜ සිවරාජ් ආදරයෙන් කදීර්ගේ හිස අතගෑවේය. —අපට ගැලවීමක් නැහැ පුතා. උඹව උන්ට දෙන්න බැහැ. උන් උඹව අරන් යනවා බලන් ඉන්න අම්මටයි මටයි බැරි නිසා අපි වස බිව්වා.˜
 
කදීර් පියාව තරයේ වැළඳගත්තේය. ඒ සමගම පියාගේ අතේ තිබුණු ඇනමල් භාජනය අතට ගත් ඔහු එහි ඉතිරි වී තිබුණු වස සහිත කිරි පානය කළේය.
 
(තම එකම දරුවා එල්.ටී.ටි.ඊ. සංවිධානයට බලෙන් බඳවා ගැනීම නිසා දෙමව්පියන් විසින් තම දරුවාට වස පොවා දෙමව්පියන්ද වස පානය කල බව කියවෙන පුවතක් ලංකාදීප පුවත් පතේ මුල් පිටුවේ 13. 03. 2008 දින පළවිය. වස පානය කිරීමෙන් ළමයා මියගිය අතර දෙමව්පියන් රෝහල් ගත කෙරි‚. රෝහලේදී දෙමාපියන්ගේ තත්වය යහපත් අතට හැරු‚. එහෙත් ඔවුන්ගේ ඉරණම කුමක්වීද යන්න පිළිබඳව තොරතුරක් නැත. එම සත්‍ය පුවත ඇසුරු කරගෙන වෙනස් කාල වකවානුවක් ඔස්සේ මෙම කෙටිකථාව ලියවි‚.)
 
වෛද්‍ය රුවන් එම්. ජයතුංග
 

4 comments:

  1. කුලවත් එවුන්ගේ පීඩනයත් LTTE එක බිහි වෙන්න එක හේතුවක්.

    ReplyDelete
    Replies
    1. අජිත් කිට්ටු සහ තවත් සුළු පිරිසක් පමණයි LTTE එකේ වෙල්ලාල වූයේ. අනෙකුත් බොහෝ නායකයන් කුල පීඩනයට යටත්ව සිටි පිරිස්. මේක දකුණටත් පොදුයි. කුල පීඩනයට ගොදුරු වූවෝ සමාජයේ අනන්‍යතාව සොයා යන්නේ ජාතිවාදය හරහා.

      Delete
  2. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15612-2015-02-01-21-35-39

    ReplyDelete
  3. කුල පීඩනය පර පීඩනයෙන් සතුටුවන්නන් බිහි කරනවා .තනතුරකින් ඉහළ ගියොත් අධිමානයෙන් අනුන් පෙලන්නන් බිහි වෙනවා .මෙය ඔවුන්ගේ වරදක් නොවේ .වෙනස් වෙන්න කාලය ඇවිත් ඇති නමුත් එය සිදු නොවීමයි ප්‍රශ්නය .

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook