Friday, January 16, 2015

කෙමරූජ් භීෂණය

කෙමරූජ් භීෂණය සෑම දේශපාලනඥයෙකු හා දේශපාලනයට අවතීර්ණ වීමට අදහස් කරන පුද්ගලයන් විසින් අනිවාර්යයෙන් කියවිය යුතු කෘතියකි. සමාජය හා ආර්ථීක ක්‍රමය වෙනස් කිරීම සඳහා දේශපාලන අන්තවාදය හෝ ආගමික මූලධර්මවාදය යොදා ගැනීම මගින් රටක අධ්‍යාත්මය කොතෙක් දුරට විනාශ කළ හැකිද යන්න කෙමරූජ් භීෂණය විසින් පෙන්වා දෙයි. 



Since he is of no use anymore, there is no gain if he lives and no loss if he dies.
Pol Pot

       ——ඔබ ව ජීවත් කැරැවීම වාසියක් නො වේ. ඔබ ව විනාශ කිරීම ද අවාසියක් නො වේ.˜  නූතන ශිෂ්ටාචාරය මහා මිනිස් සංහාර තුනක් අත්දැක තිබේ. එකක්, හිට්ලර් විසින් යුදෙව් වැසියන්  හැට ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ඝාතනය කරනු ලැබීම යි. දෙ වැන්න, කාම්බෝජයේ බලයට පත්  පොල්පොට් එම රටේ මුළු ජනගහනයෙන් කාලකට ආසන්න පිරිසක් විනාශ කිරීම යි. තුන් වැන්න,  රුවන්ඩාවේ දී හත් ලක්ෂයක වැසියන් පිරිසක් මාස පහක් වැනි කෙටි කාලයක් ඇතුළත සංහාරයට ලක්  වීම යි.  පළමු ව කී සංහාරය සහ අවසානයේ කී සංහාරය ගැනෙන්නේ ජාතිය, වර්ගය සහ ගෝත්‍රය මුල්  කරගෙන සිදු කළ ම්ලේච්ඡ ක්‍රියාවන්ට ය. කාම්බෝජය හෙවත් කම්පුචියාවේ දී එය සිදු කෙරුණේ,  ජාතියක් වර්ගයක් හෝ ගෝත්‍රයක් වෙනුවෙන් නො ව, ඊට වඩා සංකීර්ණ යුතෝපියානු සමාජ  අභිලාෂයක් වෙනුවෙන් ය. එය හැඳින්වෙන්නේ සමාජයීය යාන්ත්‍රික කළමණාකරණය  යනුවෙනි.  ලෝකය මේ දක්වා දුර ඇවිත් තිඛෙන්නේ, පුද්ගල මැදිහත්වීම් හරහා සමාජය පරිවර්තනයන්ට  භාජනය වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එ වැනි පුද්ගල මැදිහත් වීම් බොහෝ විට යොමු වී ඇත්තේ, සමාජ  ප්‍රගතියට යි. එහෙත් කලාතුරකින්, සමාජයක් සහ රටක් ප්‍රපාතයට හෙලීමට ද එ වැනි පුද්ගල  ක්‍රියාකාරකම් දායක වී ඇත. කම්පුචියාවේ දී අප අත්දුටුවේ එ වැන්නකි.  මිනිසා යනු සමාජ සත්වයෙකු නිසා ම, සමාජ ප්‍රගතිය වෙනුවෙන් ඔහු වෙනස් කිරීමේ අභියෝගය  ජයගත යුතු ව ඇත්තේ සමාජ බලවේගවලට ඉහළින් ගොස් යාන්ත්‍රික කළමණාකරණයකට සමාජය යටත්  කිරීමෙන් නො ව. මිනිසා මෙහෙයවන සමාජ බලවේග නිවැරදි ව හඳුනා ගැනීමෙනි. එහෙත් යන්ත්‍රයකින්  නිමැවෙන භාණ්ඩයක් සේ මිනිසුන් වත් සකස් කළ හැකි යැයි පොල්පොට් විශ්වාස කෙළේ ය.  පොල්පොට් සැළකුණේ මාක්ස්වාදියෙකු වශයෙනි. මාක්ස්ගෙන් පසු බිහි වූ බොහෝ මාක්ස්වාදීන්  ඉතිහාසය වෙනස් කිරීමට යාමේ දී වැටුණු බොරු වළවල් අපමණ ය. එ වැනි පුද්ගලයන් ගේ ඒ  අත්හදාබැලීම් සිදු කෙරුණේ බලයෙන් පිටස්තර ව, හුදෙක් දෘෂ්ටිවාදී තලයක නම්, ඒ මගින් ඇති  කෙරුණු දුර්විපාක බලපෑවේ ඔවුනොවුන්ගේ මතවාදීමය දේශපාලනයට පමණි. එහෙත් එම  අත්හදාබැලීමේ දේශපාලනය ක්‍රියත්මක කෙරුණේ රාජ්‍ය බලයක ආවරණය යටතේ නම්, ඒ වෙනුවෙන්  සමාජයකට ගෙවන්නට සිදු වූ වන්දිය අපමණ බව විසි වන සියවසේ ඉතිහාසය පුරා අප අත්දැක තිබේ.  මෙය මාක්ස්වාදීන් ගේ වරදක් මිස මාක්ස්වාදයේ වරදක් නො වේ.  එ සේ හෙයින්, පොල්පොට් සහ මාක්ස්වාදය අතර සම්බන්ධය භයානක ව්‍යාජයකට වැඩි දෙයක් නො  වු බව සැළකිය යුතු ය. උපැස් යුවළක් පැළඳීම, විදේශ භාෂාවක් දැන සිටීම සහ අත්ඔරලෝසුවක් වැනි   සුඛෝපභෝගී භාණ්ඩයකට හිමිකම් කීම මරණ දඩුවම ලැබීමට වරදක් යැයි ගත් දෘෂ්ටිවාදයක් මනෝ  ව්‍යාධියක් වශයෙන් මිස විසි වන සියවසේ කුමන දෘෂ්ටිවාදයක් වශයෙන් වත් ගිණිය නො හේ.  පසු කලෙක, —මහජන අධිකරණය˜ නම් වූ රැවටිලිකාරී නඩු විභාගයකින් ජීවිතාන්තය දක්වා —සිර  දඩුවමකට˜ ලක් වූ පසු පොල්පොට් මෙ සේ කීවේ ය:  —මගේ හෘද සාක්ෂිය පිරිසුදු ය˜.  ඕනෑ ම අපරාධකාරයෙකුට හෘද සාක්ෂියක් තිබිය හැක. එහෙත් ජීවිතයේ අවසාන භාගයේ පවා එය —  පිරිසුදු˜ එකකැ යි ඔහු අවංකව ම අදහන්නේ නම්, එයින් ගම්‍ය වන්නේ, මිනිස් නපුර පරාජය කිරීම කෙ  තරම් දුෂ්කර ද යන්න යි. 

විද්‍යාවෙන්, තාක්ෂණයෙන් අසීමිත දියුණුවකට පත් ව ඇති නූතන ශිෂ්ටාචාරය  තව මත් මේ අරගලය ජයග්‍රාහී නිමාවකට පත් කොට නැත. පරිසමාප්ත මිනිසෙකු කිසි දිනෙක  නිර්මාණය නො වනු ඇතත්, පරිසමාප්ත නොමිනිසෙකු බිහි වීම වළක්වාලනු වස්, එ වැන්නන් බිහි  කරනු ලබන තත්කාලීන සමාජ බලවේග වටහා ගැනීම නිරන්තර අවශ්‍යතාවයක් බව නො කිවමනා ය.  ඉතිහාසය එහි නග්න ස්වරූපයෙන් දැක බලා ගැනීමට සැළැස්වීම තරම් සාර්ථක ක්‍රමවේදයක් මේ  අවබෝධය ලබා ගැනීම සඳහා මෙ තෙක් සොයාගෙන නැත. රුවන් ජයතුංග වෘත්තියෙන්  වෛද්‍යවරයෙකු වුව ද, ඉතිහාසය කෙරෙහි ඔහු දක්වන්නේ අසීමිත භක්තියකි. හෙට දවස වෙනුවෙන්  කළ යුතු සූදානමකට අවශ්‍ය අමුද්‍රව්‍ය ඔහු එම ඉතිහාසය පිරික්සා සොයා බලනු පෙනේ. එය ගෞරව  කටයුතු, ප්‍රශංසනීය වෑයමකි. —ඔබ ව ජීවත් කැරැවීම වාසියක් නො වේ. ඔබ ව විනාශ කිරීම ද අවාසියක්  නො වේ˜ යැයි කියන පොල්පොට්ලා ලංකාවේ බිහි නො වනු වස්, රුවන් ජයතුංග ගේ මේ වෑයම  සිංහල පාඨකයන් කෙරෙහි සාධනීය අයුරින් දායක වනු ඇතැ යි උදක් ම අපේක්ෂා කරමි.    

 ගාමිණී වියන්ගොඩ


කාම්පුචියාව​ යන රට තිඛෙන්නේ කොතැනකද යන්න මම තවම නොදනිමි යන මේ ප්‍රකාශය කරන ලද්දේ සුප්‍රකට රාජ්‍යතාන්ත්‍රිකයෙකු වූ මෙන්ම ඉතිහාසඥයෙකු වන වින්සන්ට් චර්චිල් විසිනි.

අප්‍රකට කාම්පුචියාව​ පසුකලෙකදී මුළුලෝකයේම ප්‍රසිද්ධියට පත් රටක් විය. ඒ පොල්පොට් හා  මරණයේ ගොවිබිම්  නිසාය. 1975 වර්ෂයේදී බලයට පැමිණි පොල්පොට්ගේ නායකත්වයෙන් යුත් කෙමරූජ්වරු (Khmer Rouge  රතු කම්පුචියානුවන්) කම්පුචියාව පාළනය කළේ මාස 44 වැනි කෙටිකාලයකි. ඒ කාලය ඇතුළත ශතවර්ෂ ගණනාවක් පවතින විනාශයක් ඔව්හු කාම්පුචියාව   තුළ සිදු කළහ.

අන්තවාදීන් සුළු පිරිසකට රටකට කළ හැකි උපරිම විනාශය පිළිබඳව පෙන්වා දියහැකි හොඳම උදාහරණය  කාම්පුචියාව මගිනි. ඔව්හු රටේ ආර්ථීකය, සංස්කෘතිය හා අනාගතය විනාශ කළහ. කෙමරූජ්වරු ගිය මගෙහි ඔවුන්ගේ ධ්‍රැවගත මනස් දුටුවේ ද්‍රෝහියන් පමණකි’ ඔවුන් ද්‍රෝහියන් ලෙස නම්කොට මුළු ජනගහණයෙන් 1/3 විනාශ කර දමන ලදී. අවසානයේදී කම්පුචියාවේ ඉතිරිවූයේ ඇටසැකිළි හා හිස්කබල් පමණි. කෙමරූජ්වරු රටේ අධ්‍යාත්මය විනාශ කොට දමන ලදී. මේ වනවිට කම්පුචියාවේ ජනගහනයෙන් 43% ක් ජීවත් වනුයේ අන්ත, අසරණ, දුගී ජීවන මට්ටමකිනි. ඔවුන් කම්පුචියාවට කළ විනාශයේ දෝංකාරය තව ශතවර්ෂ ගණනාවකටත් වඩා පවතිනු ඇත.


 කාම්පුචියාවේ ඉතිහාසය

පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ක්‍රිස්තු පූර්ව 4200 යුගයේ සිට  කාම්පුචියාවේ ජනාවාස පැවතින. නියොලිතික යුගයට අයත්වූ මොවුන් සංක්‍රමණය වූයේ දකුණු චීනයෙනි. 9 වන සියවසේ සිට 13 වන සියවස දක්වා පැවති ණයපැර  අධිරාජ්‍යය කම්පුචියාවේ ස්වර්ණ යුගයයි. හත්වන ජයවර්මන් රජු සමයේ කම්පුචියාව සුවිසල් දියුණුවක් ලැබීය. එසේම ඔව්හු අසල්වැසි රාජ්‍යයන්ද ආක්‍රමණය කළෝය.

ඇන්කෝර් ශිෂ්ඨාචාරය බිඳ වැටීමත් සමඟම  කාම්පුචියාවට උදාවූයේ අඳුරු සමයකි. 15 වන සියවසේ සිට 19 වන සියවස දක්වා කම්පුචියාවේ දේශසීමා අසල් වැසි රාජ්‍ය මගින්  කොල්ලකනු ලැබීය. බුරුමය හා වියට්නාම් ආක්‍රමණ නිසා කම්පුචියාවේ අවනතියක් ඇතිවිය.

1863 දී නරෝඩොම් රජු ආක්‍රමණ වලින් බේරීමේ උපක්‍රමයක් ලෙස ප්‍රංශය සමඟ ගිවිසුමකට එළඹියේය. මෙම ගිවිසුම උපයෝගි කරගත් ප්‍රංශය කම්පුචියාව සිය යටත් විජිතයක් කරගනු ලැබීය. දෙවන ලෝක මහායුද්ධයෙන් පසුව ප්‍රංශ යටත් විජිත වාදයෙන් මිදෙනු වස් සිහනුක් රජු ජිනීවා සාකච්ඡා හරහා  කාම්පුචියාව නිදහස් කරගැනීමට මූලික පියවර ගත්තේය.

1953 ඔක්තෝම්බර් මාසයේ සිහනුක් රජු  කාම්පුචියාව නිදහස් රටක් බවට ඒකපාර්ශිකව ප්‍රකාශ කළේය. 1950 සිට 1960 දක්වා කම්පුචියාවේ පැවතියේ විදේශ මැදහත්වීම් වලින් තොර දශකයකි. එහෙත් කම්පුචියාවේ ඇතැම් ප්‍රාන්තවල උතුරු වියට්නාම් හමුදා මධ්‍යස්ථාන ඇතිකරන ලදී. මෙම මධ්‍යස්ථාන මගින් දකුණු වියට්නාම් හමුදාවලට එරෙහිව ප්‍රහාර දියත් කරන ලදින් 1969 දී දකුණු වියට්නාමයේ එක්සත් ජනපද අරක‍ෂාව සහිතව මාස 14 කාලයක් කම්පුචියාවේ උතුරු වියට්නාම් හමුදා මර්මස්ථානවලට ගුවන් ප්‍රහාර එල්ල කරන ලදී. මෙම ගුවන් ප්‍රහාර වලින් සිවිල් වැසියන් රැසක්ද මරු දුටුහ.

උතුරු හා දකුණු වියට්නාම් අර්බුදයට මැදිවීමට සිහනුක් රජු අකමැති වුවද භූගෝලීය සාධක මත උතුරු වියට්නාමයට කම්පුචියාවේ දේශසීමා අරක්ෂක භූමියක් විය. එම නිසා ඔවුහු වියට්නාම්, කම්පුචියා දේශසීමා පවා උල්ලංඝනය වන අකාරයෙන් තම හමුදා මෙහෙයුම දියත් කළහ, මේ හේතුවෙන් දකුණු වියට්නාමයේ හා එක්සත් ජනපදයේ ප්‍රහාර වලට කම්පුචියාව ද ලක්විය. එක්සත් ජනපදය දුටුවේ සිහනුක් රජු උතුරු වියට්නාම් රජයට සහය දෙන්නකු ලෙසට ය.  එම නිසා  CIA  සංවිධානය සිහනුක් රජු බලයෙන් පහ කිරිම සඳහා පිඹුරුපත් සැකසුහ.

මේ යුගයේ දී සොන් සෙන්, ඉයෙංසාරි පොල්පොට් වැන්නවුන් සිහනුක් රජයට එදිරිව ක්‍රියා කළහ. දෙස් විදෙස් මැදිහත් වීම නිසා සිහනුක් කුමරුගේ බලය පිරිහෙන්නට පටන් ගත්තේය. ජෙනරාල් ඛදබ භදක කම්පුචියාවේ නව රජයක් පිහිටුවිය. අවුල් වියවුල් වලින් ගහන වූ මෙම කාලය නිසා ජෙනරාල් Lon Nol    ගේ රජය පැවතියේ 1967 දක්වා පමණි. 1968 හා 1969 වසර වල රජයට එරෙහි ගරිල්ලා ප්‍රහාර දැඩිවිය. 1970  වන විට සිහනුක් රජු වෛද්‍ය හේතූන් මත රටහැර ගියේය.

1970 දී ඇමෙරිකානු  CIA   සංවිධානයේ ආධාර ඇතිව ජෙනරාල් ඛදබ භදක කුමන්ත්‍රණයක් දියත් කොට කම්පුචියාවේ බලය අල්ලා ගැනීමට ක්‍රියා කළේය. 1970 ඔක්තෝම්බර් 9 වන දින  කම්පුචියාවේ රාජ වංශය අහෝසි කරනු ලැබීය. උතුරු වියට්නාමයේ බලය බිඳිනුවස් අමෙරිකාව කම්පුචියාවේ නව රජයට ආධාර කළේය. මෙම ආධාර සමන්විත වූයේ යුධ අවි හා යුධ තාක්ෂණයෙනි.

දකුණු වියට්නාම් හමුදා හා ඇමෙරිකානු යුධ උපදේශකයන්  1970 වන විට කම්පුචියාවේ රැඳී සිටිමින් උතුරු වියට්නාමයට එදිරිව සටන් කළහ. මෙය ජනාධිපති නික්සන් පවා පසුව පිළිගන්නා ලදී.

මෙම ගැටුම පවතින විට පොල්පොට් තම ගරිල්ලන් මගින්  ඛදබ භදක ගේ රජයට එරෙහිව ප්‍රහාර වැලක් දියත් කළේය. 1973 වන විට පොල්පොට්ගේ නායකත්වයෙන් යුතු කැමරුජ් සංවිධානය කම්පුචියානු භූමියෙන් 60% ක් පාළනය කළහ. 1975 අප්‍රේල් 17 දින ඛදබ භදක ගේ රජය බිඳ වැටුන අතර කැමරුජ් සංවිධානය කම්පුචියාවේ බලය තහවුරු කර ගත්තේය. ඉන් පසුව එළඹුනේ තවත් අඳුරු යුගයකි. භීෂණයෙන් වෙළුන එම කාලයේ දී දහස් දහස් ගණන් ජනතාව වධ බන්ධනයන්ට පත් කරනු ලැබීය. බොහෝ දෙනෙකු මරු දුටුහ.


නරොඩම් සිහනුක් රජු

1945 සිට 1970 දක්වා කම්පුචියාවේ බලය තිබුනේ සිහනුක් රජුට ය. පසුගාමි අදහස් නිසා ද, වැඩ වසම් යුගය තවදුරටත් පවත්වා ගැනීමේ අභිලාශයන් නිසා ද, ජනතාව අතර ඔහු ජනප්‍රිය නායකයකු නොවීය. සිහනුක් කම්පුචියාව පාලනය කල වකවානුව තුළදී ද රාජ්‍ය නිලධාරීන් හා හමුදා නිලධාරීන් විවිධාකාර දූෂණ වල යෙදුනහ. ජනතාව ජීවත් වූයේ දරිද්‍රතාවයේ ගිලෙමිනි.

කොමියුනිස්ට්වාදීන් කෙරෙහි සිහනුක් තුළ තිබූ බිය හා වෛරය නිසා ඔහුගේ රජය නිබඳව ම කොමියුනිස්ට්වාදීන් දඩයම් කළේය. මේ නිසා  රහසිගත දේශපාලන ව්‍යාපාරවල යෙදුන පොල්පොට් වැන්නවුන් සිහනුක්ගේ පොලිසියට අසුනොවීම සඳහා නාගරික ප්‍රදේශ වලින් ඔබ්බට පලා ගියහ. සිහනුක්ගේ පාලනය නිසා අගතියට පත් වූ ජන කොටස් මුල් කාලයේ දී පොල්පොට් ට සහය පල කළ බව සැබෑය. ග්‍රාමීය ප්‍රදේශ වල  සිට ගරිල්ලා යුද්ධයක නියැලූණු පොල්පොට්ට ගැමි ජනතාව සහය දෙන ලදී.


අසාර්ථක සිසුවා පැරිසියේ ඉබාගාතේ යයි

ඒ 1953 වසරයි. රේඩියෝ කාර්මික ශිල්පය ඉගෙන ගැනීමට පැරිසියට පැමිණි සලොත්සාර් (අනාගත පොල්පොට්) නම් තරුණයා සිටියේ ඉච්ඡාභංගත්වයට පත්විය. විභාග අසමත් වීම නිසා ඔහුගේ අනාගතය අඳුරුය. 1949 දී තරුණයෙකු ලෙස කම්පුචියාවේ (එකල කම්පුචියාව ප්‍රංශ ඉන්දුචීනයේ කොටසක් විය) පැරිසියට පැමිණ ඔහු තුළ අනාගත සිහින රැසක් තිබුණි. දැන් ඒ සෑම සිහිනයක් ම දියවී ගොසිනි. අවිනිශ්චිත අනාගයකට මුහුණ දෙනුවස් තව නොබෝ දිනකින් මවුරට බලා යාමට ඔහුට සිදුවේ.

සලොත් සාර් උපත ලැබුවේ 1925 වසරේදී ය. කුඩා කාලයේ බෞද්ධ ආරාමයක ඉගෙනුම ලැබූ ඔහු ද්විතියික අධ්‍යාපන ලැබුවේ රෝමානු කතෝලික පාසලකය. ඉගෙනීමට දක්ෂකම් දැක්වූ ඔහුට ශිෂ්‍යත්වයක් දිනා ගැනීමට හැකි විය. රේඩියෝ කාර්මික ශිල්පයට ඇළුම් කල සලොත් සාර් ප්‍රංශයට පැමිණියේ රේඩියෝ කාර්මික ශිල්පය ප්‍රගුණ කරනු සඳහා වුවත් ඔහුට මුණ ගැසුණු මිතුරන් ඔහුව දේශපාලනය කරා කැන්දන් ගියහ. රේඩියෝ් කාර්මික ශිල්පය වෙනුවට මාක්ස්වාදය හැදෑරූ ඔහු දේශන අතපසු කළේය. එහි ප්‍රතිඵල ලෙස ඔහු විභාගයෙන් අසමත් විය. එම නිසා ඔහුගේ ශිෂ්‍යත්වය අවලංගු කරනු ලැබීය.

පැරිසියේදී ඔහුට හමුවූ කම්පුචියානු ජාතිකයන් අතරින් ඉයෙං සාරි, කියු සම්පෙන්, කියු පොනරි සහ සොන්සෙං මුල් තැනක් ගත්තේ, ඔවුන් මාක්ස්වාදය කෙරෙහි දැක්වූ භක්තිය නිසාවෙනි. සලොත් සාර් ගේ පැරිසියේ නේවාසිකාගාරයට රැස්වන මෙම පිරිස රෑබෝවන තුරු විප්ලවීය සමාජවාදය ගැන සාකච්ඡා කළහ. කුඩා අඳුරු කාමරයේ එක්රැස් වූ මෙම පිරිස අනාගත කෙමරූජ් රජයේ නායකයන් වනු ඇත.

පැරිසියේදී අධ්‍යාපනය ලැබූ කාලයේ  ද ඔහු ප්‍රංශ කොමියුනිස්්ට්වාදීන් සමඟ ද සබඳතා පැවැත්විය. එහෙත් දැන් සියල්ල අවසන් ය. පැරිසිය තව දුරටත් ඔහුට ජීවත් වීමට සුදුසු භූමියක් නොවේ. ශිෂ්‍යත්වය අවලංගු කිරීම නිසා ඔහුගේ අතේ ඇත්තේ සීමිත මුදලකි. යළි උපන් දේශයට යනු මිසක අනු විකල්පයක් ඔහුට ඉතිරිව නැත.

සවස්වරුවේ ඒ මේ අත ඇවිද ගිය සලොත් සාර් කුඩා අවන්හලකට ගොඩවැදී කෝපි කෝප්පයක් පානය කළේය. ඔහුගේ හිස එක අරමුණක නොවීය. මනාව ඇඳ පැළඳගත් ප්‍රංශ ගැහැණු පිරිමි ඔහුගේ අවධානයට ලක් නොවූ අතර, ඔහුගේ මනස රැඳී තිබුනේ අනාගතයේ දී කළ යුතු කාර්යන් කෙරෙහි ය. එහෙත් ඔහුට නිශ්චිත ඉලක්කයක් නොවීය. තව නොබෝ දිනකින් මව් රට බලා යාමට ඔහු අදිටන් කර ගත්තේය.


ඉතිහාසය හා භූගෝල විද්‍යා ගුරුතුමා

1953 වසරේ පැරිසියේ සිට කම්පුච්යාවට පැමිණි සලොත් සාර් නොහොත් පොල්පොට් පුද්ගලික පාසලක ඉතිහාසය හා භූගෝලය ඉගැන්වීය. ඉගැන්වීමට අමතරව සිසුන්ට ග්‍රහණය කර ගැනීමට හැකි අන්දමේ පෞරුෂයක් ඔහුට හිමි විය. ඒ නිසා ඔහු නිතැතින්ම ජනප්‍රිය ගුරුවරයෙකු විය. 1953 වසරේ දී යටත් විජිත වාදයට හසු වී තිබුණ කම්පුචියාව නිදහස ලැබීය. රට පාලනය කරන ලද්දේ නරදම් සිහනුක් කුමරු විසිනි. රහසිගත දේශපාලනයට අවතීර්ණ වූ පොල්පොට් කාම්පුචියානු කොමියුනිස්ට් පක්ෂය බිහි කළේය. තවමත් කළල තත්වයේ පැවති කොමියුනිස්ට් පක්ෂය පාලකයන්ගේ අවධානයට යොමු වූ හෙයින් පොලිස් ඇසින් බේරෙනු වස් ඔහු ඇතුළු ඔහුගේ සහයකයන් කාම්පුචියාවේ ග්‍රාමීය පෙදෙස් කරා පලා ගියහ.

මෙම කාලයේදී ඔහු මාඕසේතුං හා ස්ටැන්ලි වාදය කෙරෙහි වඩාත් කිට්ටුවිය. එහෙත් ඔහු කි්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වූයේ මාක්ස් හෝ ලෙනින් අනුගමනය කළ ක්‍රියා පටිපාටියට හාත්පසින්ම වෙනස් තමන්ට ආවේනික වූ ක්‍රමවේදයකි. එහි ප්‍රතිඵල ලෙස රටේ ජනතාවගෙන් 25% ක් මරු දකිනු ඇත.


නාගරික ජීවිතය පිරිහීමේ දොරටුවයි.

පොල්පොට් විශ්වාස කළ පරිදි නාගරික ජීවිතය ප්‍රතිගාමීත්වයෙන් පිරුණු එකකි. මුදල් සංසරණය, භාණ්ඩ මිළඳී ගැනීම, සංස්කෘතිය යන මේ සියල්ලම ප්‍රතිගාමිත්වයේ ලක‍ෂණ ලෙස ඔහු සැලකීය. ජනතාවට විමුක්තිය දෙනුවස් ඔවුන් ග්‍රාමීය ප්‍රදේශවලට ගාල්කළ යුතුය යන සංකල්පය ඔහුට ඇති වූයේ මේ කාලයේ දීය. එය ජෝශප් ස්ටාලින් කලාක් මෙන් අවි බලයෙන් ජනයා සමූහ ගොවිපළවල් වලට පළවා හැරිය යුතුය. නැතහොත් කුබානයේ මෙන් කෘතිම සාගත ඇතිකළ යුතුය. කම්කරුවන් සටන්කාමි පන්තියක් ලෙස නුදුටු පොල්පොට්ගේ පූර්ණ අවධානය යොමුවූයේ ග්‍රාමීය ගොවීන් කෙරෙහිය. උගතුන් කෙරෙහි වෛරය, නාගරික ජිවන පිළිවෙත කෙරෙහි සතුරු ආකල්ප හා ජාතිවාදය ඔහුගේ මූලික ධර්මතා විය.


පැරිසියේ ශිෂ්‍ය කවය යළි සක්‍රීය වෙයි

පොල්පොට්ගේ පැරිසියේ මිතුරන් බොහෝ දෙනෙක් 1960 වන විට කම්පුචියාවට පැමිණ සිටියහ. පැරිසියේ ශිෂ්‍ය කවය ලෙස හැඳින්වුනු මෙම කණ්ඩායම අනාගත කම්පුචියාවේ විප්ලවය සඳහා කුමන මගක් ගත යුතුද, යන්න සාකච්ඡා කළහ. ඔවුන් WPK  හෙවත් Workers Party of Kampuchea කමිටුවේ බලය තහවුරු කරගෙන සිටියහ. මෙම කමිටුවේ තෙවන ප්‍රධාන ස්ථානය හිමිවූයේ පොල්පොට්ටය. පොල්පොට් චීනය හා වියට්නාම් කොමියුනිස්ට්වරුන් සමගද සබ`දතා පැවැත්විය. නිරන්තරයෙන්ම කමිටුවේ උච්ච ස්ථානයකට යාමට වෙරදැරූ ඔහු 1963 වන විට උඡණ කමිටුවේ ප්‍රධාන ලේකම් ධුරයට පත්වීමට සමත් විය. මුඛරි බව හා සංවිධාන ශක්තිය මගින් කමිටුව තුළ තම බලය වර්ධනය කර ගැනීමට පොල්පොට්ට හැකි වූ බව පෙනී යයි.

වියට්නාම් කොමියුනිස්ට්වරුන් සමඟ පොල්පොට් සබඳතා පැවැත්වුවද, ඔවුන් පොල්පොට්ගේ ජාතිවාදී, ආකල්ප කෙරෙහි දැක්වූයේ විවේචනාත්මක බවකි. නරොදම් සිහනුක් කුමරුගේ පොලිස් මෙහෙයුම් නිසා යටිබිම්ගතව දේශපාලනයේ නියැළුණු පොල්පොට් හට වියට්නාම් සහයෝගය අවශ්‍ය විය. එහෙත් වියට්නාමයේ ඇමරිකානු මැදිහත්වීම් නිසා වියට්නාම කොමියුනිස්ට්වරුන්ට පොල්පොට්ගේ අභිලාෂයන්ට සහයෝගය දැක්වීම ප්‍රමාද වූයෙන් ඔහු මාඕසේතුංගේ සහය පැතීය.

1966 වසරේ පොල්පොට් ප්‍රථම වතාවට චීනයට ගොස් මාඕසේතුං හමුවිය. මේ සමය වන විට චිනයේ සංස්කෘතික විප්ලවය ආරම්භ වී තිබුණි. සංස්කෘතික විප්ලවය සියැසින් දුටු පොල්පොට් උද්ධාමයට පත්විය. කම්පුචියාවේද මෙවැනි ආකාරයේ සංස්කෘතික විප්ලවයක් කළයුතු බවට ඔහු ඉටාගත්තේය. චීනයේ ගතකළ කාලයේදී මාඕගේ ධර්මයට වශීවූ පොල්පොට් යළි කම්පුචියාවට පැමිණෙන විට ඔහුගේ වියට්නාම් සබඳතා ඉරිතලා තිබුණි. තවදුරටත් වියටිනාම් කොමියුනිස්ට් වරුන්ගෙන් සහයෝගය ලබා ගැනීමට වඩා චීනය දෙසට හැරීම සුදුසු බව ඔහු වටහා ගත්තේය.


කෙමරූජ් සංවිධානය බිහිවෙයි.

Workers Party of Kampuchea   නියෝජනය කළේ කම්පුචියානු කොමියුනිස්ට් පක්ෂය විය. එහෙත් මෙම පක‍ෂය පිරිසිදු කිරීමට ඉටාගත් පොල්පොට් 1966 දී   කෙමරූජ් සංවිධානය බිහි කළේය. කෙමරූජ් යව වචනයේ අරුත රතු කාම්පුචියානුවන් යන්නය. මෙම සංවිධානයේ අසහාය නායකයා වූයේ පොල්පොට්ය. ඔහු කෙමරූජ් සංවිධානය Khmer Rouge (සංවිධානය) ලෙස හැඳින්විය.


කම්පුචියානු කොමියුනිස්ට් ජනරජය බිහිවීම

1976 දී පොල්පොට් ඉයෙං සාරි, නුඔන්චියා හා සොන්සෙන් යන කෙමරූජ් නායකයන්ගේ මූලිකත්වයෙන් කම්පුචියානු කොමියුනිස්ට් ජනරජය බිහිකරනු ලැබීය. සාමාජිකයන් 250 කින් සමන්විත වූ මෙම දේශපාලන බල බණ්ඩලයේ සුක්කානම හිමිවූයේ පොල්පොට්ට ය.  නව රජය කම්පුචියා සමාජය ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කළේය. පැරණි සමාජයේ සියල්ලම හෙලා දුටු ඔවුන් බුදු දහම හා කතොලික දහම යටපත් කිරීමට ක්‍රියා කළහ. බැංකු හා මුදල් ගනුදෙනු අවලංගු කරනු ලැබිණ. කාර්මිකරණයට අකුල් හෙලු ඔවුන්ගේ මුළු අවධානය යොමුවූයේ සාමූහික ගොවිපලවල් ක්‍රමයටයි.  විදේශ භාෂා කතා කිරීම, උපැස් පැළඳීම, ආහාර ගබඩාකරගැනීම, මිය ගිය ඥාතීන් සිහිපත් කිරීම, අතීතය ගැන කල්පනා කිරීම සහ මුලින්ම තහනම්වූ අතර, මේ නීති කඩකිරීම් නිසා බොහෝ දෙනෙකු කෘෘර මරණයන්ට ගොදුරු වූහ.  හිටපු ව්‍යාපාරිකයන්, රජයේ නිලධාරීන් උගතුන්, පුවත්පත් කලාව්දීන්, තෝර තෝරා පවුල් පිටින් සමූලඝාතනය කෙරෙණි.  එම නිසා ජනතාව තම ඇත්ත ජීවිත සැඟවූහ. යම් හෙයකින් ඔවුන්ව හඳුනාගනු ලැබුවේ නම් හෝ යමෙකු විසින් පාවාදෙනු ලැබුවේ නම් අත්වූ ඉරණම භයංකාර විය. ජනතා සතුරන් ලෙස නම් කරනු ලැබූ ඔවුන් වෙඩි තැබීමෙන්, පොලූපහර දීමෙන් හෝ පිහිවලින් ඇනීමෙන් හෝ මරා දමනු ලැබීය.  උගතුන් රටේ ඉතිරි කරනු ලැබුව හොත් ඔවුන් කෙමරූජ්වරුන්ට එදිරිව විප්ලවයක් කරුනු ඇතැයි පොල්පොට් බියවිය. එම නිසා නායකත්වය හා සංවිධානගත වීම වලකා දමනු පිණිස ඔහු කෙමරූජ් සංවිධානයට තර්ජනයක් වියහැකි යැයි සිතූ සෑම පුද්ගලයෙකුම මරාදැමීම සඳහා නියෝග දුන්නේය.  සංවිධානයේ නායකයන්ගේ අණ පිළිගත් කෙමරූජ් කණිෂ්ඨ නායකයන් තම රාජකාරිය අකුරටම ඉටුකළහ. ජනතා විරෝධීන් හඳුනාගෙන ඔවුන් මරාදැමීමට ප්‍රමාද වූ සමහර කෙමරූජ් ප්‍රාදේශීය නායකයන් සිරබාරයට ගන්නා ලදී. එසේම සමහරුන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය.  1975 දී කාම්බෝජයේ ජනගහනය මිලියන 7.3 දක්වා පහළ බැස්සේය. 1975, 1979 කාලය අතරතුර මිලියන 3 ක කම්පුචියානු ජනතාව කෙලින්ම හෝ වක්‍රාකාර ලෙස ඝාතනයට ලක්වූ බව වාර්තාවේ. 600,000 කට වඩා අධික පිරිසක් අවතැන් වූහ.  නිදහස අහිමිකරන ලද කම්පුචියානු ජනතාව ජීවත්වූයේ මරණභයෙනි. පුවත්පත්, ගුවන්විදුලිය, වැනි මාධ්‍ය වාර්තාකරණයක් නොවීය. කෙමරූජ් රජය බාහිර ලෝකය සමඟ තිබූ ගනුදෙනු නතර කළහ. ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයටද කම්පුචියාවේ දොර වසා තිබුණි.  ජනජීවිතයේ සෑම අංශයක්ම පාලනය කරනු ලැබුවේ රජය විසිනි. නුඹලා ජීවත්කරවීම අපට පලක් නැත. නුඹලාගේ මරණය අපට පාඩුවක් නොවේ, යන්න නව රජයේ දර්ශනය විය.



කෙමරුජ් දේශපාලන න්‍යාය

මුල් කාලයේදී කෙමරූජ් සංවිධානය වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයෙන් මාර්ගෝපදේශය ලබා ගත්හ. ක්‍රම ක්‍රමයෙන් එය ස්ටැන්ලිවාදී හා උගතුන්ට එරෙහිව ක්‍රියාකරන පක‍ෂයක් බවට විකාශනය විය. මාක්ස්ට එදිරිව යමින් ඔව්හු කම්කරුවන් වෙනුවට ගොවීන් නියම නිර්ධන පන්තිය ලෙස තෝරාගත්හ. කාලයත් සමඟ ඔවුන්ගේ දේශපාලන ව්‍යුහය වෙනස් විය. අවසානයේ ඔවුන් තමන්ට ආවේණිකවූ නව දේශපාලන න්‍යායක් ගොඩ නංවන ලදී.

පොල්පොට් හෙවත් Brother No 1 1963 සිට 1991 දක්වා පක‍ෂයේ මහාලේකම් විය. කම්පුචියාව විදේශ රටවලින් තනිකිරීම ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිය විය. කිසිම රටක් සමඟ නිළවශයෙන් සබඳතා නොපවත්වන ලදී. ඔවුන්ගේ දේශපාලන න්‍යාය තුළ පැවතියේ විශාල රික්තයකි. එම රික්තය පුරවනු වස් ද්‍රෝහීන්, කඩාකප්පල්කාරීන්, ප්‍රතිගාමීන්, ජනතා සතුරන් යනුවෙන් හඳුන්වනු ලැබූ අදිසි සතුරන් සොයා විශාල මෙහෙයුම් ක්‍රියාත්මක විය. කම්පුචියානු විප්ලවය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය වනුයේ මිලියන 1-2 අතර ජනග්‍රහනයක් බව කෙමරුජ් නායකයින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ. ඉතිරිවූවන් පොහොර විය යුතුය. මේ දේශපාලන න්‍යාය මගින් කම්පුචියාවේ ජනගහනයෙන් 25% ක් ඔව්හු මරා දැමූහ. පොල්පොට් තමදේශපාලන න්‍යාය විග්‍රහ කළේ කොමියුනිස්ට් සමාජයටයා හැකි කෙටිමාර්ගයක් ලෙසටය.



අන්කා දහම Anka Doctrine

කෙමරූජ්වරු අදහන ලද්දේ  අන්කා දේශපාලන දර්ශනයයි. කෘෂිකාර්මික, ආර්ථීක ස්ථරයකින් වටවූ  අන්කා දහම මගින් පෞද්ගලික දේපල, පුද්ගල නිදහස, නිදහස් අදහස් ප්‍රකාශනය, දැඩිලෙස සීමා කරන ලදී. බටහිර තාක්ෂණය ප්‍රතික්ෂේප කරන ලද ඔවුන් ප්‍රජාව ග්‍රාමීය ඉඩම්වලට කොටුකරන ලද්දේ ඔවුන් පාරිශ+ද්ධත්වයට පත් කරනු සඳහාය. පරාජීර්ණව තිබූ නාගරික ලෝකය වෙනුවට නව ගැමි ජීවිතයක් මගින් සියළු දෑ මුල සිට ආරම්භ කළයුතු බව අන්කා දහම මගින් ඔව්හු පැවසූහ. මුල සිටම ආරම්භ කරන පොදු ග්‍රාමීය සමාජය මගින් ක්‍රම ක්‍රමයෙන් තාක්ෂණය අත්පත් කරගෙන කොමියුනිස්ට්වාදයට පිය නැගීම ඔවුන්ගේ අරමුණ විය.  අන්කා දහම මගින් පොල්පොට් අපේක්ෂා කළේ සෑම පුද්ගලයෙකුම ගොවියෙකු කිරීමය. එවිට පුද්ගලයා ස්වයංපෝෂිත වෙයි. ඔහු තම ආහාර වේල සඳහා එවිට අන්‍යයන් මත යැපෙන්නේ නැත. මේ මගින් ජනතාවට සමෘධිය ලඟාකරදීම පොල්පොට්ගේ දර්ශනය විය. එහෙත් පොල්පොට්ගේ අත්හදාබැලීම කෙළවර වූයේ මහා ව්‍යසනයකින්ය.  අන්කා දහම අනුව ගොවිබිම අප්‍රිය කළ ඕනෑම පුද්ගලයෙක් ජනතා හතුරෙකු ලෙස ගණන් ගැනිනි. ඔවුන්ට අත්වූයේ මරණයයි. සමානාත්මාවය රජයන සමෘධිමත් ලොවක් බිහි කිරීම පොල්පොට්ගේ මූලික අදහස වුවද, එය ක්‍රියාවට නැංවූයේ ජනතාවගේ ලේ සහ කඳුළු මතින්ය. කාලයත් සමඟ කෙමරූජ් නායකයන් අන්කා දහමේ සිරකරුවන් බවට පත්වූහ. ඔවුනට යළි ආපසු යාමක් ගැන සිතීමට පවා නොහැකි වූහ. න්‍යාය ගුරුකොට සෑම තීරණයක්ම ගත් ඔවුන් ප්‍රායෝගික ගැටළුවලදී ළදරුවන් මෙන් අසරණ වූහ.  පසු කාලෙක පොල්්පොට්  අප ළදරුවන් මෙන් දණ ගෑවෙමු යැයි ප්‍රකාශ කලේ න්‍යාය සහ ප්‍රායෝගිකවාදය අතර  තිබූ පරතරය නිසාය. (Anka යන වචනවට තේරුම් ගණනාවක් තිබේ. Ankaයන්න නිර්වචනය කොට ඇත්තේ  සංවිධානය, Organization", යනුවෙන් වුවද කෙමරූජ්වරු පසුකාලීනව Anka ආගමක් ලෙසට සකස් වූ ව්‍යුහයක් ලෙසට පරිවර්ථනය කළහ.)



මාඕ සහ ස්ටැන්ලිවාදය සමඟ පොල්පොට් න්‍යාය

මාඕ සහ ස්ටැන්ලිගේ දේශපාලන ව්‍යුහය අගය කළ පොල්පොට් එම ව්‍යුහයන් දෙකේ සම්මිශ්‍රණයෙන් යුත් අළුත් න්‍යායක් එළි දැක්වීය. ජාතිවාදය හා නට්සි අදහස් ද මෙම න්‍යාය තුළ දක්නට ලැබිණ.

සභාපති මාවෝ විසින් හඳුන්වාදුන් ප්‍රගතියේ මහා පිම්ම (Great Leap Forword  ) මගින් චීනයේ නාගරික ජනතාව ග්‍රාමීය ප්‍රදේශ කරා පිටමං කරනු ලැබීය. මෙම ක්‍රමවේදය ආදර්ශයට ගත් පොල්පොට් නොන් පෙන් නගරය ජනයාගෙන් හිස් කරන ලදී.

කම්පුචියාවේ නගරබද කම්කරුවන්ගේ සංඛ්‍යාව සාපේක්ෂව අඩුවූ හෙයින් පොල්පොට්ගේ බලාපොරොත්තුව රැඳී තිබුණේ ගම්බද ගොවීන් කෙරෙහිය. මාඕ මෙන් පොල්පොට් ගොවීන් වැඩකරන පන්තියක් ලෙස ඔහු හැඳින්වීය. පොල්පොට් අදහස් කළ උටෝපියාව ගොඩනැංවීම සඳහා අවශ්‍ය වනුයේ මිලියන දෙකකට ආසන්න ජන ප්‍රමාණයක් බවත් අනෙක් පිරිස පාළන තන්ත්‍රයට බරක් බවත් කෙමරූජ් නායකත්වය විසින් නිබඳවම පවසන ලදී. එම නිසා අතිරේක මිනිසුන් ක‍ෂය කිරීමට ඔව්හු පියවර ගත්හ.

ස්ටාලින් විසින්  කලෙක්තිව් හසයිස්ත්වා නුවෙන් සඳහන් වූ සමූහ ගොවිපළවල් ක්‍රමය පොල්පොට්ගේ සිත් ගත්තාවිය හැක. එසේම පුද්ගල වන්දනාව ක‍මකඑ ඡැරිදබ්කසඑහ මගින් පිරිපුන් ස්ටැලින්වාදය ඔහු ග්‍රහණය කරගත්තේය.

1931 හා 1951 අතරතුර කාලයේදී ස්ටැලින් මිනිසුන් 800,000 ක් මරා දැමීය. ගුලාර්ග් ශ්‍රම කඳවුරුවල සිරගත කෙරුණු මිනිසුන්ගෙන් බහුතරය යළි ජීවග්‍රාහීව පැමිණියේ නැත. ස්ටැලින් කලාක් මෙන් සමූහ ගොවි පළවල් ඇති කිරීම තුළින් ආහාරවලින් කම්පුචියාව ස්වයංපෝෂණය කිරීම පොල්පොට්ගේ අරමුණ වුවද ඔහු එය ක්‍රියාවට නැංවූයේ ස්ටැලින්ටත් වඩා බිහිසුණු අයුරිනි.



පොල්පොට්ගේ ෆැන්ටසිය.

ක්‍රිස්තුවර්ෂ 802 සිට 1431 දක්වා කම්පුචියාවේ පැවති ඉපැරණි ඇන්කෝර් ශිෂ්ඨාචාරය යළි ඇතිකිරීම පොල්පොට්ගේ සිහිනය වූයේය. එකල බටහිරින් තායිලන්ත, බුරුම, දේශසීමාව දක්වා ද, උතුරින් ලාඕසය දක්වා විහිදී පැවති මෙම ඇන්කෝර් ශිෂ්ටාචාරවට දියුණු වාරිමාර්ග ක්‍රමයක් තිබුණි. මේකොං ගංගාවේ ජලයෙන් ගොවිතැන් කළ ඇන්කෝර් ශිෂ්ඨාචාරය ස්වයංපෝෂිත ශිෂ්ටාචාරයකි.

ඉන්දු භාෂාවක් වන නාගර භාෂාවෙන් ඇන්කෝර් යනු නගරය යන අදහස ගෙන දෙයි. ගල් කැටයම් මගින් සුවිසල් ආරාම බිහිකළ මෙම යුගය කම්පුචියාවේ ස්වර්ණමය කාලවකවානුවයි. රාමායණයෙන් හා මහා භාරතයෙන් ආභාෂය ලැබූ මෙම ඇන්කෝර් ශිෂ්ඨාචාරය මේ වන විට විනාශ වී ගොස් සියවස් 5 කට වඩා අධික කාලයක් ගතවී තිබුණද යළි ඇන්කෝර් යුගයක් ඇතිකිරීම පොල්පොට්ගේ මූලික දර්ශනය විය.

පොල්පොට්ගේ මෙම ෆැන්ටසිය සඳහා මිලියන ගනනාවක ජනතාව ජීවිතවලින් වන්දි ගෙවනු ඇත. අතීත ඇන්කෝර් රජවරු දේවත්වයේ ලා සලකනු ලැබිණ. රටවැසියන් යුද සේවයට බඳවා ගන්නා ලද අතර, ආක්‍රමණය කරනු ලැබූ ප්‍රදේශවලින් ජනතාව වහලූන සේ යදම් වලින් බැඳගෙන එනු ලැබිණ. එමනිසා ඇන්කෝර් ශිෂ්ඨාචාරයට නොකඩවා ශ්‍රමය අවහිරයකින් තොරව ලබාගැනීමට හැකිවූයේය. බලසම්පන්න හමුදාවක් ඔවුන් සතුවිය. තවද මේකොං නදිය වටා නිරන්තරයෙන්ම ගමනාගමනයේ යෙදුණු නාවික බල ඇණිද ඇන්කෝර්වරුන් සතුව පැවතිබවට සාක්ෂි තිබේ.

හින්දු ධර්මය හා මහායාන බුදු දහම ඇදහූ ඇන්කෝර් වාසීන් අසල්වැසි රටවල් සමඟද සබඳතා පැවැත්වූහ. ඉන්දියාව, ග්‍රීසිය, පර්සියාව, යන රටවල් මේ අතර වෙති. ඇන්කෝර් ශිෂ්ඨාචාරයේ පිරිහීම සඳහා හේතුකාරක කිහිපයක් පිළිබඳව පුරාවිද්‍යාඳයෝ මත පළකරති.  අභ්‍යන්තර බල අරගල, තායිදේශයේ ආක්‍රමණ, මේ අතර වඩාත් පිළිගත හැකි සාධකවේ.

ඇන්කෝර් ශිෂ්ඨචාරයේ ශ්‍රී විභූතියට වශීවූ පොල්පොට් යළිත් මෙවැනි ශිෂ්ඨාරයක් කම්පුචියාවේ බිහි කිරීමට අදහස් කළේ කෙමරූජ් සංවිධානය මගිනි. එහෙත් මරණයේ ගොවිබිම මිසක අන් යමක් තම ජනතාවට ලබාදීමට ඔහුට හැකිවූයේ නැත. පොල්පොට්ගේ මාරක ෆැන්ටසිය නිසා මිලියන ගණනක් ජනතාව අවතැන් වී මරණයට පත්වූහ.

ඇන්කෝර් ශිෂ්ඨාචාරය හරහා පොල්පොට් දුටුවේ කොමියුනිස්ට් උටෝපියාවකි. විකෘති අන්දමට වැළඳගත් මාක්ස්වාදය හරහා පොල්පොට් නිර්මාණය කළේ මරණයේ ගොවි බිම් සමූහයකි. පැරනොයිඩ ආකෘතියක තැනුනු පොල්පොට්ගේ දර්ශනය මිලියන තුනක ජනතාව මිහිතලයෙන් අතුගා දැමීය.

පොල්පොට්ගේ ෆැන්ටසිය හඳුන්වනු ලැබුයේ Collectivist Agrarian Utopia වශයෙනි. 1978 දී ඔහු කෙමරුජ් දේශපාලනය ගැන මෙසේ කීවේය.  අප අපටම ආවේනිකවූ සමාජවාදයක් ගොඩනංවන්නෙමු. එය කිසිඳු රටකින් ගත් කාබන් කොපියක් නොවේ. අපි කිසිම රටක් ගුරුකොට නොගනිමු. අපි විමුක්ති අරගලයේදී ලද අත්දැකීම් මේ සඳහා භාවිතා කරමු. ගතානුගතික පාසැල්, විශ්වවිද්‍යාල අපගේ නව ක්‍රමය තුල නැත. එවැනි ප්‍රතිගාමි ආයතන කම්පුචියානු විප්ලවයට පෙර බොහෝ තිබුණි. අප මෙවැනි සුන්බුන් ඉවත් කළ යුතුයව. අපට මුදල් හෝ ආර්ථීකයක් අවශ්‍ය නැත. නගරවල ඉරණම ජනතාව තීරණය කරනු ඇත. නගරය යනු ධනවාදයේ දුගඳ හමන අසූචි වල බව කෙමරූජ්වරු පැවසූහ. එම නිසා නගරය කෙරෙන් ජනයා දුරුවිය යුතුය.

Phnom Penh  නගරයට පොල්පොට් තුළ තිබුණේ සැඟවුණු වෛරයකි. කෙමරුජ්වරු බලයට පත්වූ වහාම ඡයබදප ඡැබය හි ජනතාව පිටමං කරන ලදී. ග්‍රාමීය ගොවීන් නූගත් අහිංසක කිසිවෙකු සූරානොකන කොට්ඨාශයක් බව පොල්පොට් ඇදහීය. එම නිසා ඔවුන් වඩාත් ශ=ද්ධවූ කොටසකි. මේ නයින් බලන කල නගරය දූෂිතය. ඔහුගේ ෆැන්ටසිය අනුව නගරයට හා නාගරිකයන්ට පැවත්මක් නොතිබිනි. Phnom Penh  හි ජනයා අප්‍රේල් 17 දින ජනයා හෙවත් නව මිනිසුන්ය. මේ කොට්ඨාශය ධනවාදයේ විෂමචක්‍රය කරකවන්නන්ය. ඔව්හු නව කම්පුචියාවේ සතුරෝ වෙති.


අතීතය පිළිබඳ මතකය රෝගයකි.

කම්පුචියාවේ විප්ලවයට පෙර යුගය පිළිබඳ කල්පනා කිරීම කැමරුජ්වරුන්ට අනුව දරුණු වරදකි. අතීතය පිළිබඳ ශෝකවීම, කාංසාජනකවීම, මිනිසුන් පෙලු රෝගයක් බව කෙමරුජ්වරු පැවසූහ. අතීතය පිළිබඳ මතකය රෝගයකි. අතීතයට පැවැත්මක් නැත. අතීත මතකය නිසා වර්තමානය බිඳී යයි. එබැවින් අතීතය පිළිබඳ කල්පනා කරන්නා රෝගියෙකි. නැතහොත් කඩාකප්පල්කරුවෙකි. ඔවුන්ට ද~ුවම් කළ යුතුය.


මේ ශුන්‍ය​ වසරයි

පොල්පොට් බලයට පැමිණි වහාම ශුන්‍ය​ වසර Year of Zero  නිවේදනය කළේය. මේ අනුව 1975 අප්‍රේල් 17 ශ+න්‍යවසරේ  ආරම්භය විය. ඔහුගේ අදහස අනුව කම්පුචියාව ධනවාදයේ, බටහිර සංස්කෘතියේ, නාගරික ජීවිතයේ, ආගම්වල හා විදේශීය බලපෑම්වලින් දූෂණයවී තිබේ. මෙම අංශ මගින් අපවිත්‍ර වූ කම්පුචියාව සුපිරිසිදු කළ හැකකේ යළි ශ=න්‍යතාවයට ගමන් කිරීම මගිනි. එම නිසා සෑම දෙයක්ම මුලසිට අරඹනු ලැබේ. ඒ සඳහා අතිතයේ හා වර්තමානයේ අංගයන් විනාශ කළ යුතුය.

ශුන්‍ය​ වසර ශ=ද්ධ වසරකි. අතීත ස්මරණයන් අමතක කිරීම හෝ  විනාශ කිරීම මගින් නව දේශයක් උදාකළ හැක්කේ ඔවුන් තම තමන්ගේ අතීත ස්මරණ වලින් නිදහස් කිරීම මගිනි. ඒ සඳහා ඒකායන මාර්ගය ශුන්‍ය​ වසරයි. ශුන්‍ය​ වසර සනිටුහන් කරන්නේ නව ශිෂ්ඨාචාරයේ උපතයි. ශ=න්‍ය වසරේ පන්තිභේද නැත. පාසල් නැත. මුදල් හුවමාරුව නැත. පොත්පත් භාවිතය නැත. රෝහල් නැත. අළු මතින් ලොවට එන ශ=න්‍ය වසර අළුත් බලපොරොත්තුවක සේයාවක් දල්වයි.


ආචාරශීලි නිහඞ ඝාතකයා - පොල්පොට්

ඔහු සන්සුන් නිහඞ චරිතයකි. කථා කිරීමට වඩා සවන්දීමට කැමතිවිය. දක්ෂ ගුරුවරයෙකි. අසන්නන් ග්‍රහණය කරගන්නා අයුරින් කතා කරයි. ඔහු ආචාරශීලිය. සෞම්‍ය ගතිගුණවලින් යුක්තය. ඔහු ජනතාව සංවිධානය කළේය. සිහනුක් රජයේ දූෂණ හා ජනතා පීඩන යාන්ත්‍රණය ඔහුගේ විවේචනයට ලක්විය. දුප්පත් ගොවීන් අතර ඔහු වීරයෙකු විය. සිසුහු ඔහුට සවන් දුන්හ. බොහෝ පිරිස් රැකියා අතහැර දමා පොල්පොට්ට සහයා දීමට ඔහු ක්‍රියාත්මක වූ ග්‍රාමීය ප්‍රදේශයට ගියහ. කම්පුචියාවේ අනාගතය පොල්පොට් බව ඔව්හු කීහ.

දුගී භාවයට, විරැකියාවට, රාජ්‍ය මර්ධනයට එරෙහිව ඔහු කථා කළේය. ජනතාවගේ ආදරයට පාත්‍රවීම ඔහුගේ අපේක‍ෂාව විය. අප දුප්පතුන් අතර ජනප්‍රිය වීමට නම් ඔවුන්ට සමානව ජීවත්වියයුතු බව පොල්පොට් නිතරම කීවේ. ඔහු කථාකළේ ජනතාව වෙනුවෙනි. ජනතා අභිලාෂයන් පිළිබඳවය. ජනතාව අමතන විටදී ඔහු ආකර්ෂණශීලි ලයාන්විත භාෂාවක් යොදාගත්තේය. ආත්ම දමනයෙන් යුතු ඔහු කිසිවිටෙක කෝප ගත්තේ නැත.

පොල්පොට් වටා ගොනුවූ ගොවි ජනතාව ඔහු වෙනුවෙන් සටන් කිරීමට ශපථ කළහ. ගොවීන් වෙනුවෙන් හ~ක් නගන මේ පුද්ගලයා සෑම අංශයකින්ම පරිපූර්ණ පුද්ගලයෙකු බව ඔව්හු සිතූහ. පොදු සතුරාට එරෙහිව සටන් කිරීම සඳහා ඔව්හු පොල්පොට් වටා ඒකරාශී වූහ.

නිව්යොක් ටයිම්ස් පුවත්පතේ කතුවරියක් වන එලිසඛෙත් බේකර් තමා පොල්පොට් හමුවූ අවස්ථාව මෙසේ සිහි කැඳවන්නීය. 1978 දෙසැම්බර් 22 අපගේ හමුව සිදුවිය. එය අතිශයින්ම විරල අවස්ථාවක් බව පැවසිය හැක. ඒ මන්දයත්, ඔහුව හමුවීමට අවකාශ තිබුණේ සීමිත පුවත්පත් කලාවේදීන් පිරිසකටය. ඒ අතරින් බොහෝ දෙනෙකු කොමියුනිස්ට් රටවල පුවත්පත් වාර්තාකරුවන් වූ අතර බටහිර ජන මාධ්‍යයට පොල්පොට්ගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීම අසීරුව තිබුණි.

ඔහු අප ආචාරශීලිව සිනහවකින් පිළිගත්තේය. මෙම පුද්ගලයා මිලියන ගණනාවක් මිනිසුන් මෙලොවින් අතුගා දමා තිබුණු බව මට සිහිවිය. ඔහු සිහින් හඬින් සිත් ඇදගන්නා විලසට කථා කළේය. ඒ අතරවාරයේ කරගැට රහිත සිනිඳු දෑත් මගේ නිරීක‍ෂණයට ලක්වූයේ නිරායාසයෙනි.

මරණයේ ගොවිබිම පිළිබඳ තොරතුරු ලබා ගැනීමට මා කළ උත්සාහය නිරර්ථක විය. ඔහු ඒ සම්බන්ධයෙන් මට කිසිවක් කීවේ නැත. දිගින් දිගටම වියට්නාම් ප්‍රහාර හා වියට්නාමය විසින් කරන ලද හානි ගැන කීවා මිසක මිලියන 3 ක් කම්පුචියානුවන් මිය ගියේ කෙසේද යන්න ඔහුගේ දේශනයට අඩංගු නොවීය.

පොල්පොට්ගේ ඝාතනවලට කෙලින්ම හෝ වක්‍රාකාරයෙන් හෝ සහාය දුන් බලවේග දැන් නිහඞය. ඔහු බලයේ සිටි කාලයේ ඇමෙරිකාව, බි්‍රතාන්‍ය පවා ඔහුට ආධාර කරන ලදී. වරක්  මාඕ ඔහුට ප්‍රශංසා කළේය.  ඔබගේ ජයග්‍රහණය අති විශිෂ්ඨය. එක ප්‍රහාරයෙන් සියළුම පන්ති ඔබ අවසන් කළා. විශිෂ්ඨයි. අතිවිශිෂ්ඨයි පොල්පොට් යන නමේ තේරුම Politique Potentelle  හෙවත් සක්‍රීය දේශපාලඥයා යන්නය. එහෙත් මෙම සක්‍රීයතාව ගෙන ආවේ මරණීය පණිවිඩයකි.


Cheoung Ek (Killing Fields)

Cheoung Ek (Killing Fields) වැනි මරණයේ ගොවිබිම් ලෙස හැඳින්වුණු භූමිවල මිලියන දෙකකට ආසන්න නාගරික ජනතාව බලෙන් පදිංචි කරවන ලදී. ඔවුන්ට ගොවිබිම්වල ශ්‍රමය වගුරුවන ලෙස බලකරනු ලැබූ අතර, ආහාර හිඟය, ලෙඩරෝග හා වදහිංසා නිසා මිලියන 1.7 මිය ගියහ.

මරණයේ ගොවිබිම්වලට කම්පුචියාවේ ජීවත්වූ සුළු ජාතීන්ද රැගෙන එන ලදී. මේ අතර 90,000 පමණ වූ මුස්ලිම් ගෝත්‍රික ජනයාද මරා දමන ලද බව වාර්තා වේ. නගරයෙන් පිටමං කළ ජනතාව මරණයේ ගොවිබිම් වලට දැක්කුවේ ඇයි? මේ පිළිබඳව නොයෙක් මත තිබේ. කැමරුජ්වරු නාගරික ජනයා කෙරෙහි තිබූ වෛරය, ඊර්ෂ්‍යාව එක් හේතුවකි. තවද නගරයේ දේශපාලන කඩාකප්පල්කාර ක්‍රියා කල හැකි නිසා නාගරිකයන් ගොවිබිම්වලට පිටමං කිරීමෙන් ඔවුන් අකර්මන්‍ය වන බවට විශ්වාස කළහ. Cheoung EK  හි සමූහ මිනී වලෙන් දැනට මිනිස් හිස් කබල් 8000 ක් සොයා ගෙන තිබේ. දැනට මෙම ප්‍රදේශය සංරක‍ෂිත භූමියකි. වාර්ෂිකව සංචාරකයන් දහස් ගණන් මරණයේ ගොවිබිම නැරඹීමට පැමිණෙති.


Killing Fields  චිත්‍රපටය

පොල්පොට්ගේ මරණයේ ගොවිබිම පිළිබඳව වඩාත් කම්පනයක් ඇතිකළ චිත්‍රපටයක් ලෙස 1984 දී නිෂ්පාදනය කළ Killing Fields හැඳින්විය හැක. කම්පුචියානු පුවත්පත් කලාවේදියකු හා නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තාකාරයෙකු අතර මිතුදහම හා කැමරුජ් ආගමනය පාදනකොට නිපදවා ඇති මෙම චිත්‍රපටය නිසා කෙමරුජ් භීෂණය පිළිබඳව යථාර්ථය ලෝකයාට දැන ගැනීමට හැකිවිය. සිඩ්නි ෂෙන්බර්ග් නම් නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තාකරුවා කෙමරූජ්වරුන්ගේ ආගමනයේදි නොම්පෙන් අගනගරයේ සිරවෙයි. කෙමරුජ්වරුන්ට මැදිවූ ඔහු ඇතුළු අනෙකුත් බටහිර මාධ්‍ය වාර්තාකරුවන් දිවිගලවා ගන්නේ ඩිත්ප්‍රාන් නම් කම්පුචියානු පුවත්පත් කලාවේදියා හා භාෂා පරිවර්තකයා නිසාය.

විදේශිකයන් රටින් පිටමං කරන අතර, ඩින්ප්‍රාන් කෙමරූජ්වරුන් විසින් මරණයේ ගොවිබිමකට පිටුවහල් කරති. ජීවිතයත් මරණයත් අතර දෝලනය වන ඩිත්ප්‍රාන් අවසානයේදී  තායිලන්තයට පලායයි. එහිදී ඔහුට යළිත් තම අමෙරිකානු මාධ්‍ය මිතුරා සිඩ්නි ෂෙන්බර්ග් හමුවෙයි.කෙමරූජ්වරුන්ගෙන් දිවිගලවාගත් ඩිත්ප්‍රාන් අමෙරිකාවට ගිය අතර නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ඡායාරූප ශිල්පියෙකු ලෙස දේශණ පවත්වන ඔහු කම්පුචියාවේ වර්තමාන පරපුර කෙමරුජ්වරුන් කරන ලද විනාශය පිළිබඳ අවබෝධයක් ලබාගත යුතු බව අවධාරණය කරයි.

මරණයේ ගොවිබිම්වල ගතකළ කාලය මතක් කරන ප්‍රාන් නිරාහාරයෙන් කුඹුරුවැඩකළ, මිනිසුන් මීයන්, හූනන්, ගොළුඛෙල්ලන්, සර්පයන්, අනුභව කළබව පවසයි. කුසගින්න නිසා ඇතැමෙකු මියගිය මිනිසුන්ගේ මෘතශරීරවල මාංශ කොටස් ආහාරයට ගත්බව පිළිගනිති. ඔහු දැනට Dith Pran Holocausl Awareness Project  මගින් කෙමරුජ්වරුන්ගේ දිවිගලවාගත්, කම්පුචියානුවන්ට උපකාර කරයි.


අප්‍රේල් 17 1975

කම්පුචියාවේ අගනගරය වන Phnom Penh  හි නගරවාසීන්ට එදින උත්සව දවසක් විය. දහස් ගණනින් ජයග්‍රාහි කැමරුජ් හමුදා නගරයට ඇතුළුවූහ. පාර දෙපස රැස්ව සිටි ජනයා කෙමරූජ් භටයන් පිළිගනිමින් ජයඝෝෂා පැවැත්වූහ. තමන් සාදරයෙන් පිළිගත් මේ හමුදාව තව නොබෝ දිනකින් නගරයේ ඉරණම වෙනස්කරන බව බහුතරයක් නොදැන සිටියහ.

දෙවන ලෝක යුධසමයේ බි්‍රතාන්‍ය හමුදා භාවිතා කළ පැරණි යුධ ටැංකියක් නගර මධ්‍යයට පැමිණියේ ධූලි කුණාටුවක් නංවමිනි. යුධ ටැංකියේ කෙමරූජ් නිල ඇඳුම් ඇඳගත් භටයන් රොත්තකි. ඔවුන් අත ගිනිඅවි මෙන්ම කොඩිද තිබුණි. මේ අතර බාලවස්කාර කෙමරූජ් භටයන්ද දැකිය හැකි වීම විශේෂත්වයකි. මග දෙපස රෑඳී සිටි ජනයා ජයග්‍රාහී හමුදාව පිළිගත්තේ උද්ධාමයෙනි. දීර්ඝ කාලයක් තිබුණු යුද්ධය නිම වී දැන් කම්පුචියාවට සාමය උදාවනු ඇතැයි ඔව්හු බලාපොරොත්තු වූහ. එහෙත් එම බලාපොරොත්තුව සිහිනයක් බව දැන සිටියේ සුළුපිරිසකි.


නගරය හිස් කිරීම

කම්පුචියානු නව පාලන පක‍ෂය විසින් ගත් නව තීරණයක් අනුව සියළුම නගරබද ජනයා ග්‍රාමීය ප්‍රදේශවලට පිටමං කරන ලදී. Phnom Penh  හි වීදි පිරි තිබුනේ අවතැන්වූ ජනතාවගෙනි. මිනිසුන් තම චංචල දේපල අතින්ගෙන අරමුණු රහිතව ඉදිරියට ගමන් කරන ජන ගංඟාවට එක්වූහ. ගමන් කිරීමට ශරීර ශක්තිය නොතිබුණු මහල්ලන් පවා හැරමිටි ගසමින් මෙම දීර්ඝ ගමනට එක්වූයේ නගරයේ රැෙඳන්නන්ට වෙඩි තබන බවට දුන් නියෝගයට බියෙනි. මිලියන දෙකකට ආසන්න ජන සංඛ්‍යාවක් පා ගමනින්ම නගරවලින් පිටමං කෙරුණි.

ජනගංගාවේ අතරමංවූ කුඩා දරුවන් තම මාපියන් සොයමින් ඒ මේ අත   දිවූහ. අසරණ වූ ජනතාව කිසිවෙකුට උදව් කරනු තබා තමන්ටවත් උදව්කරගත නොහැකි තත්වයක හෙම්බත් වී සිටියහ. වෙහෙස හා කුසගින්න ඔවුන් දැවූහ. මග දෙපස රැඳී සිටි කැමරුජ් භටයන් සෙමෙන් ඇදෙන ජනතාවට පහරවල් එල්ල කළේ ඔවුන්ගේ ගමන ඉක්මන් කරවනු සඳහාය. මග දෙපස ක්ලාන්තව ඇද වැටුණු මිනිසුන්ට වෙඩි තබන ලදී. නගරයේ රහසේ රැඳී සිටි පුද්ගලයන්ට ද අත්වූයේ මේ ඉරණමයි.

සුළු ව්‍යාපාරිකයෙකු වූ මියැං ජනගංඟාවට එක්වී ඉදිරියටම ගමන් කළේය. තදබල වෙහෙස නිසා ඔහුට ගමන් කරන්නට හැකි වූයේ සෙමින්ය. එක් කැමරුජ් භටයෙන් ඔහුට තුවක්කු මිටෙන් පහර ගැසීය. පහර කෑමෙන් බියට පත් වූ ඔහු ගමන ඉක්මන් කළේය.

හිස්වූ නගරයට කඩාවැදුණු කෙමරුජ් භටයන් කඩ හා නිවාස කොල්ල කෑහ. අත්පත් කරගත් භාණ්ඩ ඔවුන්ගේ මධ්‍යස්ථාන වලට ගෙනගියේ ලොරි පුරවාගෙනය. පාරේ තැනින් තැන වැටී ඇති මළකුණු හා දඩාවතේ යන බල්ලන් හැර නාගරිකයෙකු දක්නට නොලැබිණ. අවිගත් කෙමරූජ් භටයන් නගරය මුර කළහ.

ග්‍රාමීය ප්‍රදේශවලට පිටමං කළ ජනයාගෙන් දහස් ගණනක් අතර මගදී ආහාර හිඟකම, වෙහෙස, විජලනය, පාචනය වැනි තත්ව නිසා මරුමුවට පත්වූහ. Phnom Penh නගරවාසීන් සහමුලින්ම පිටමං කිරීම නිසා 2000-3000 අතර පිරිසක් මිය ගිය බව පසුකාලයක කියු සම්පෙන් ප්‍රකාශ කළේය. එහෙත් සත්‍ය සංඛ්‍යාව ඊට වැඩි ප්‍රමාණයකි. කෙමරුජ්වරු බලය අල්ලාගෙන පැය 24 ගතවීමට ප්‍රථම නගරයේ ජනතාව පිටමං කළහ. අමෙරිකානු ගුවන් ප්‍රහාර නිසා ජනතාව අගනුවරින් පිට කරන බව ඔවුන් පැවසුවද එය අසත්‍යයක් බව බොහෝ දෙනෙක් දැන සිටියහ. එහෙත් කිසිවෙක් මෙම තීරණය ගැන ප්‍රශ්න කළේ නැත. මිලියන 2.5 ක පමණ ජනතාවක් දින 5 ක් පුරා පා ගමනකින් ග්‍රාමීය ප්‍රදේශ කරා යවන ලදී. පළමු දිනයේදීම මිය ගිය ප්‍රමාණය 20,000 ක් වූහ. මෙලෙස මිය ගිය පිරිස අතර පුවත්පත් කළාවේදියෙකු වූ පොල්පොට්ගේ සහෝදරයා  Chhay  ද විය.

පසු කාලයක පුවත්පත් කලාවේදියකු වූ පිලිප් ෂෝට් 1975 නොම්පෙන් නගරයේ බලහත්කාරයෙන් පිටකළ ජනයා හැසිරවූ කෙමරුජ් සොල්දාදුවෙකු හමුවී ඔහුගේ අත්දැකීම් විචාළේය. සොල්දාදුවා පැවසූ කරණු අනුව ගමන් කිරීමට නොහැකි මහළු පුද්ගලයන් මහා මාර්ගය අද්දරදී වෙඩි තබා ඝාතනය කල බව දැනගැනීමට ලැබුණි. මේ පිළිබඳව එම සොල්දාදුවාට කිසිම පශ්චාත්තාපයක් නොතිබූ බව එම මාධ්‍යවේදියා තවදුරටත් පවසයි.


අරමුණක් නොමැතිව මහාමාර්ගයේ ඇවිද යමින්

කෙමරුජ්වරු අගනුවර බලය අල්ලා ගත්විට ඔව්හු නගරවැසියන්ට නිවෙස් තුළින් එළියට එනලෙස අණ දුන්හ. අණ නොතකා නිවෙස් තුළ රැඳී සිටි පුද්ගලයන්ට වෙඩිතබා මරා දැමූහ. මෙගා ෆෝන් යන්ත්‍රවලින් සියළුම නගරවාසීන්ට නගරයෙන් පිටත්වන ලෙස දැනුම් දෙන ලදී. විදේශිකයන් පිටමං කළහ. බොහෝ විදේශිකයෝ ප්‍රංශ තානාපති කාර්යාලයේ රැකවරණය ලබාගත්හ. ඔව්හු බලා සිටියේ කොයි අවස්ථාවේ හෝ ලැබුණු ගමන් කම්පුචියාවෙන් පිටවීමටයි.

හිටපු සොල්දාදුවන්, රජයේ නිලධාරීන්, පුවත්පත් වාර්තාකරුවන්, ආදීන්ට අත්වූ ඉරණම වූයේ මරණයයි. මහා මාර්ගයට ඇද දැමූ මිනිසුන් මහජන ගංඟාව සමඟ එක්වී පෙරට ගමන් කළේ කිසිම අරමුණක් නැතිවය. ඔවුන් තුළ භීතිය නොඅඩුව තිබිණි. තමන්ගේ ඉරණම රුදුරු කෙමරූජ්වරුන්ට භාරදී මහජනයා කුසගින්නෙන්, වෙහෙසින්, පිපාසයෙන් හා භීතියෙන් ගමන් කළහ. වෙහෙස නිසා බිම ඇද වැටෙන්නන්ට යළිත් ජීවත් වීමට වාසනාව ලැබුණේ නැත.


1976 සිවු අවුරුදු සැලැස්ම

කෙමරූජ් සංවිධානය විසින් 1976 වසරේ සිවු අවුරුදු සැලැස්ම හඳුන්වා දෙන ලදී. මෙම සැලැස්මේ මුලික අරමුණ කෘෂි ආර්ථීකයක් කරා සමස්ත දේශයම ගෙනයෑමය. පොහොර හෝ දියුණු තාක්ෂණික ක්‍රම අතහැර සාම්ප්‍රදායික ක්‍රම මගින් කෘෂිකර්මය ප්‍රචලිත කිීමට ඔව්හු තැත් කළහ. දේශයේ භුවිද්‍යාත්මක ලක‍ෂණ, පස පිළිබඳ අධ්‍යනයන් ආදී කිසිඳු කරුණක් පිළිබඳව සොයා නොබලා මෙම සැලැස්ම අසංවිධානාත්මකව එලි දක්වන ලදී. මෙම ළදරු සිව් අවුරුදු සැලැස්ම ඇති කළේ මාරක සුනාමි රැල්ලකි.


අලූත් ගමක්

බිම්මල් සමූහයක් මෙන් පොල් අතුවලින් තැනූ නිවාස සහිත අලූතින් ඉඳිකල ගම දිස්විය. කන්ඩාල් ප්‍රදේශයට අයත්වූ මෙම ප්‍රදේශය අතීතයේ සරුසාර ගොවි බිමකි. යුද්ධය හා බිමිබෝම්බ නිසා පාළුවී ගිය කුඹුරු පෙන්නුම් කළේ ශෝකාන්ත දසුනකි. කුකුල් කූඩුමෙන් තැනූ පොල්අතු නිවාස වලට නාගරික ප්‍රදේශ වලින් බලහත්කාරයෙන් ගෙන ආ පිරිස් පදිංචිකරවනු ලැබීය. පවුලේ සාමජිකයන් මියයෑම හෝ අවතැන් වීම නිසා වියෝදුක්ගිනි දරාසිටි ඔවුන් කුසගින්න හා වෙහෙස නිසා තමන්ට හිමි බිම්කඩවල වැතිරී ගිමන් ඇරියහ. ඔවුන් සැමදෙනාගේම මුහුණින් දිස් වූයේ භීතියයි. අපට කුමක් සිදුවේද යන අවිනිශ්චිතතාව සෑම පුද්ගලයෙකුගේම සිතේ ඇවිළුණු ගින්දර වූ අතර අන්‍යයන් සමඟ කතාබස් කිරීමට පවා බියගත් ඔව්හු වටපිට බැලූවේ මීළඟට කුමන හෙනයක් කඩා පාත්වේදෝ යන දෙගිඩියාවෙනි.

කෙමරූජ් භටයන් ඔවුන්ව මුර කළහ.  කෙඳිරිලි හඬින් තවකෙනෙකු සමඟ කථා කිරීම වතුර හෝ කෑම ඉල්ලීම වැනි ක්‍රියා කළ පුද්ගලයන්ට තුවක්කු මිටෙන් පහරදීමට භටයෝ සූදානම්ව සිටියහ. රැස්ව සිට පිරිස අමතා කෙමරූජ් නායකයෙක් කථා කළේය. සහෝදරතුමා අංක 1 ගේ (මෙනමින් හැඳුන්වූයේ පොල්පොට්ය) නියෝගය අනුව කෘෂි ගම්මානයක් ඉඳිකිරීම සඳහා පැමිණි පිරිසට වැඩරාජකාරි පැවරෙන බවත්, එම වැඩ අනලස්ව ඉටුකළයුතු බවත්, දන්වා සිටියේය. තවදුරටත් කථාකළ ඔහු ගම්මානයේ නව නායකයන්ට අවනත නොවීම, වැඩ පැහැර හැරීම ආදිය සඳහා දඞුවම​ මරණය බව කීවේ රළු හඞකිනි.

තමන්ගේ පෞද්ගලික පාවිච්චියට කිසිඳු පැළයක් වැවීම තහනම් ක්‍රියාවකි. වපුරන අස්වැන්න රජයට අයත්වන නිසා නිසි කලට අස්වැන්න රජයට බාරදිය යුතුවේ. ගම්මානයෙන් පලායාමට මොහොතකටවත් නොසිතන ලෙස හෙතෙම අනතුරු ඇඟවීය. වැඩ මුරය උදෑසන හතරට ආරම්භ වන අතර, රාත්‍රී දහය තෙක් වැඩ කළ යුතුවේ. වැඩකරන්නන් සඳහා දෛනිකව ආහාර සපයනු ලැබේ. නිසිලෙස ශ්‍රමය ලබා නොදෙන්නන්ගේ ආහාරය සලාක කපා දැමීමට නව නායකයනක්ට බලය ඇත.

අතීතිය ගැන කථා කිරීම, ප්‍රකෝපකාරී අදහස් ප්‍රචාරය කිරීම, මාධ්‍යයන්ට සවන් දීම, විදේශ භාෂාවලින් කථා කිරීම, තදබල දඞුවම් වලට යටත් කෙරේ. පිරිස ඔහුට සවන් දුන්නේ භිතිය, සැකය, හා පිළිකුල වැනි සඟවාගත් ආවේග මතිනි. ඔවුන්ට අළුත් ජීවිතයක් කැමරුජ්වරුන් විසින් ලබා දී තිබේ. මෙම ජීවිතයට කෙසේ හෝ පුරුදු විය යුතුයි. නැතහොත් භූමියට පොහොර විය යුතුයි.

සෑම පවුල් 10-15 අතර සංඛ්‍යාවක් සභාපතිවරයෙකු යටතේ ශ්‍රමය කැප කළහ. උදේ හතරේ සිට රාත්‍රී 10 දක්වා වැඩකළ යුතුව තිබූ අතර, දින දහයකට වරක් විවේක දිනයක් ලැබිණ. වැඩකරන අතරතුර කෙමරූජ් නායකයන්ගේ දේශන ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ඇසීමට සලස්වන ලදී.



මේ භීතිය රජ කරන යුගයයි.

කෙමරූජ් පාලන කාලය තුළදී ජනතාවට භිතිය කාවද්දන ලදී. නිරන්තරයෙන්ම අභ්‍යන්තර හා බාහිර සතුරන් පිළිබඳව පුන පුනා පවසනු ලැබීය. සතුරන් විනාශ කිරීම ජනතා ජයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.

කෙමරූජ් නායකයන් තුළ නිරන්තරයෙන් තිබූ භීතිය හා සැකය ජනතාව තුළටද සම්ප්‍රේෂණය කරනු ලැබීය. අදිසි සතුරන් පිළිබඳව සියළු දෙනාම විමසිලිමත් වූ නමුදු කල්යෑමේදී මුළු රටම එකිනෙකාට සතුරු යැයි උපකල්පනය කළ හැකි මට්ටමට සැකය වර්ධනය විය. එබැවින් සුළු හේතූන් නිසා වුවද මිනිසුන් මරා දැමීම නොනවත්වාම සිදු කෙරිණි. නිබඳවම සතුරන් සෙවීම කෙමරූජ් සංවිධානයේ දෛනික රාජකාරියක් විය. සතුරන් පිළිබඳ මායාවට මුලාවූ ඔවුන් එකිනෙකාට චෝදනා කළහ.

බලෙන් කුඹුරට ඇද දැමූ ලක‍ෂ සංඛ්‍යාත ජනයා තමන්ගේ ඉරණම භාරදෙනු ලැබුවේ ගොරතර සංවිධානයකටය. ඔවුන් විසින් සාමූහික භීතියක් ජනතාව තුළ ඇති කරන ලදී. සෑම පැයකටම, සෑම මිනිත්තුවකටම භීතිය ඔවුන්ගේ ජීවිතවලට බද්ධව පැවතුනි. බලය අහිමිවූ පසු කාලයක පොල්පොට්ගේ ප්‍රබල සහායකයෙකුවූ කියුසම්පන් මෙසේ කීවේ.  කෙමරූජ්වරු කරන ලද එකම වැරැද්ද වූයේ තවත් වැඩිපුර මිනිසුන් තොගයක් නොමැරීමයි. කෙමරූජ්වරුන්ට  මීට වඩා ඝාතන කිරීමට අවස්ථා තිබුණි. එසේ කළේ නම් එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදා කම්පුචියාවට එනවිට ඔවුන්ව සාදරයෙන් පිළිගන්නට ජනතාව ඉතිරි නොවනු ඇත.


Duch හෙවත් වධකාගාර පාළකයා

Duch යන අන්වර්ත නාමයෙන් හැඳින්වූ කෙං ගෙක් ඉව් S-21 වධකාගාරයේ පාළකයා විය. ඔහුගේ නියම නම Kang Kech Eav   වූ අතර වෘත්තියෙන් ගණිත ගුරුවරයෙකි. කෙමරුජ්වරු බලයට පැමිණීමත් සමඟ පාසලක් වූ ඔමදක ීකැබට  ආයතනය වධකාගාරය බවට පරිවර්තනය කරන ලදී. මෙම වධකාගාරයේ ඔහුගේ පාළන සමයේදී පුද්ගලයන් රාශියක් මරා දැමුණු අතර මෙම වධකාගාරයෙන් ගැලවුනේ අතලොස්සකි. කෙමරුජ්වරුන්ගේ පරාජයත් සමඟම 1990 දී ඔහුව අත්අඩංගුවට ගෙන යුධ අපරාධ සඳහා චෝදනා ගොනු කරන ලදී. එළිසඛෙත් බේකර් පවසන අන්දමට Duch S-21 වධකාගාරයේ රැඳවියන්ට කිසිඳු අනුකම්පාවක් දැක්වූයේ නැත. ඔහුගේ නියමව පරිදි සිරකරුවන් වධකාගාරයට ගෙන ආ විගසම වධයට ලක් කරද්දී ද හා සිරකරුවන් මිය යමින් සිටිය දී ද ඡායාරූප ගත කළේය. ඔහු ඝාතන දින නියම කරන ලදී. එක් දිනක වදකරුවන්ගේ ළමුන් ය. අනෙක් දින භාර්යාවන්ය. මෙලෙස ම්ලේඡ වධක දින නියම කිරීමේ උන්මාදයෙන් ඔහු පෙළුනේය. S-21 වධකාගාරයේ පාලක Duch  හට මිනිසුන් වධයට ලක් කිරීමටත්, මරා දැමීමටත් තිබුනේ නොමඳ ආශාවකි.



අතීතය පිළිබඳ පාපොච්චාරණය කරනු

මහජනතාව විප්ලවයට පෙර තමන් කළ, කියූ දෑ පිළිබඳව මහා රැස්විම් වලදී එලිදරව් කරන ලෙස කෙමරුජ්වරු ඔවුන්ට බල කළහ. විශාල රැස්වීම් වලදී ප්‍රසිද්ධියේ පාපොච්ඡාරණය කිරීමට මිනිසුන්ට සිදුවිය. විදේශිකයන් හමුවීම, වෙළඳ ගණුදෙනුවල යෙදීම්, විශේෂ වෘත්තීන්වල නිතරවීම, මෙවැනි දෑ භයානක අපරාධ ලෙස ලැයිස්තු ගතකර තිබිණි. පාපොච්චාරණය කරන්නන්ට සමාව දෙන බව කීවද ඔවුන්ට සමාවක් ලැබුණේ නැත. ලැබුණේ මරණය පමණකි.



කුණුවූ සියල්ල කපා ඉවත් කළ යුතුය.

කෙමරුජ් සංවිධානය විසින් පුද්ගලයන් දෙදෙනෙකුට වඩා එකවර ඒකරාශී වීම තහනම් කරන ලදී. නිරන්තර සැකය නිසා  දිනපතා දහස් ගණන් පිරිස් ඝාතනයට ලක් වූහ. ඒ අතර බලයෙන් පහකළ කෙමරුජ් ප්‍රාදේශීය නායකයන් ද වූහ.

දේහය කුණුවීමට ප්‍රථම කුණුවූ කොටස කපා ඉවත් කළයුතු බව කෙමරුජ් නායකයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අතර, සංවිධානයට ද්‍රෝහිවූ බවට නාමික සැකය නිසා වුවද මිනිසුන් නිසල කරන ලදී.

 යේල් සරසවිය  විසින් සිදුකල අධ්‍යනයක් අනුව කෙමරුජ්වරුන් විසින් මරා දමන ලද සංඛ්‍යාව මිලියන 1.7 කි  ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් ආයතනයේ දත්ත අනුව එය මිලියන 1.4 කි. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අදහස අනුව එය මිලියන 1.2 කි. එහෙත් සිදුවූ මිනිස් ඝාතන සංඛ්‍යාව පිළිබඳව නිශ්චිත අගයන් නොමැත. ඊට හේතුව සිහනුක්ගේ කාලයේ සිට රටේ පැවති අවුල් වියවුල්, ගුවන් ප්‍රහාර, ජනයා අවතැන්වීම ්වැනි තත්වයන් නිසා නිශ්චිත සංඛ්‍යාලේඛන නොමැති වීමය. සමාජය තුළ කුණුවී වැගිරෙන දෑ අතර, පූජකයන්, වෛද්‍යවරුන්, නීතීඥයන්, ගුරුවරුන් වැනි කොටස්ද වූහ. කෙනෙකුට සැඟවිය ලැබිය හැකි වූයේ කලාතුරකිනි. බොහෝ දෙනෙකු තම ඉරණම ගොරතර කෙමරූජ්වරුන්ට බාර දුන්හ.


වධ බන්ධනයට ලක්කළ මිනිිසුන්

කෙමරූජ්වරු ජනතා සතුරන්, පන්ති විරුද්ධවාදීන්, ඔත්තුකරුවන්, ප්‍රතිවිප්ලවවාදීන් ලෙස නම්කොට මිනිසුන් දස දහස් ගණන් වධබන්ධනයට ලක්කොට මරාදැමූහ. ඔව්හු වධබන්ධන සඳහා විවිධ ක්‍රම යොදාගත්හ. පිහිවලින් ශරීරයේ අවයව කැපීම, ශරීර කපා වෙන්කිරීම, මියයන තෙක් හුස්ම හිර කිරීම, අසූචි හා මුත්‍රා අනුභව කිරිමට හා පානය කිරීමට බලකිරීම, කකුල් දෙකෙන් එල්ලා තැබීම, දීර්ඝකාලයක් එලිමහනේ වැඩවල යෙදවීම, වැනි අමානුෂික ක්‍රියා වාර්තා වී තිබේ. ප්‍රශ්න කිරීමේදී සිරකරුවන්ගේ නියපොතු අඞු වලින් උදුරා දමන ලදී. මේ අතර වාරයේදී නියපොතු රහිත තුවාල වූ ඇඟලිවලට මධ්‍යසාර වත්කරන ලද්දේ වේදනාව උත්සන්න කරවීමටය.

ඇතැමෙන් සිරකරුවන්ගේ හිස් වතුරේ එබූහ. හුස්ම ගැනීම සඳහා ඔවුන් දුබල ලෙස සටන් කළ නමුදු ඔවුන්ගේ හිස් නැවත නැවතත් වතුරේ එබීම නිසා ඔවුන් නිසල වූහ. මරාදැමීමට නියමවූ සිරකරුවන්ට තමන්ගේ මිනීවල තමන් අතින්ම සෑරීමට නියමිතව  තිබුණි. ඇතැමෙක් ගෙළ දක්වා පොළොවේ වළලා හිසට පෙට්‍රල් වත්කොට ගිනි තබන ලදී. 1997 ජුනි 30 දින නිවුස් වීක් සඟරාවේ පළමු ලිපියකට අනුව කෙමරූජ් සංවිධානය මගින් කෙලින්ම ඝාතනය කරන ලද පුද්ගලයන්ගේ සංඛ්‍යාව 100,000 කි. Jean Lacouture විසින් ලියන ලද o Cambodia year zero  කෘතිය මගින්  පෙන්වා දෙන අන්දමට කෙමරූජ් නායකයන් ඔවුන් ප්‍රතිවිප්ලවවාදීන් හා ජනතා සතුරන් මිලියන දෙකක් මරාදැමූ බවට වහසිබස් දොඩා තිබේ. ජනයා විශාල ප්‍රමානයන් වක්‍රාකාරයෙන් ඝාතනය කළ බව සත්‍යයකි.

1979 වනවිට ග්‍රාමීය ජනයාගෙන් 15% ද නාගරික ජනයාගෙන් 25% ක් ද විනාශකර දැමීමට කෙමරුජ් සංවිධානයේ මාරක යන්ත්‍රය සමත් විය. මරා නොදමා සිරකරුවන් බවට පත්කළ පිරිස්වල ඉරණම වඩාත් භයාංකර විය. සිරකරුවන් සතුන් මෙන් මඩගොඩේ ගාල්කර තිබුණි. එකිනෙකා හා කථා කිරීම තහනම් විය. ඔවුන් නිදාගත්තේ සිමෙන්ති පොළොවේය. කොට්ට, මෙට්ට, මදුරුදැල් පේනතෙක් මානයක නොවීය. සුළු කරුණකදී වුවද ඔවුන්ට දැඩිලෙස පහරදෙනු ලැබීය.

ඔවුන්ට ආහාරලෙස නිසරු හාල් කැඳ ස්වල්පයක් පමණක් ලැබුණි. බීමට වතුර පවා ලැබුණේ දිනකට වරක් හෝ දෙකකි. වතුර ඉල්ලීම  නිසා බොහෝ සිරකරුවෝ රැකවලූන්ගෙන් පහර කෑහ. ප්‍රශ්න කිරීම්වලිදී අභූත චෝදනා සිරකරුවන්ට ඉදිරිපත් කරන ලදී. ප්‍රතිවිප්ලවවාදී කි්‍රියා රජයේ ප්‍රතිපත්ති විවේචනය, ඔත්තු බැලීම වැනි බොරු චෝදනා මේ අතර සුලබ විය. සිරකරුවන් චෝදනා පිළිගන්නා තෙක් ඔවුන් දරුණු වධහිංසා වලට පත්කරන ලදී.

චෝදනා පිළිගත් පසු තමා සමඟ එක්වී ක්‍රියා කරන ලද සහායකයන්ගේ නම් හෙලිකිරීමට බලකර අතර, වධබන්ධනවලින් බේරීම සඳහා සිරකරුවෝ තම මිතුරන්ගේ, ඥාතීන්ගේ අසල්වැසියන්ගේ නම් පවා ඉදිරිපත් කළහ. සිරකරුවන් පැවසූ සෑම නමක් හා ලිපිනයන් සටහන් කරගෙන ඉන්පසු එම පුද්ගලයන් දඩයම් කිරීම ඇරඹිනි.

 හෙන්රි ලොකාර්ඩ් කෙමරුජ් වධකාගාර පිළිබඳව ගවේෂණය කළ විද්වතෙකි. ඔහු පවසන අන්දමට S-21 ලෙස හැඳින්වූ Toul Sleng  වධකාගාරය වැනි වධකාගාර 150 කට ආසන්න සංඛ්‍යාවක් කම්පුචියාවේ තිබුණි.  

මෙම වධකාගාරයේ ළමුන් 2000 කට ආසන්න සංඛ්‍යාවක් මරා දමන ලදී. බොහෝවිට ළමුන් මරා දමන ලද්දේ කකුල් දෙකෙන් අල්ලා හිස බිත්තියේ ගැසීමෙනි. ී-1 වධකාගාරයේ පමණක් පුද්ගලයන් 20,000 ක් මරාදමන ලදී.



NU Nim  ගේ පාපොච්චාරණය

වධයට ලක්කිරීම නිසා NU Nim  ඔහුට එදිරිව කළ සියළු චෝදනා වලට වරදකරු බව පවසන ලදී. ඔහු තමා සිහිනෙන්වත් නොසිතූ හා නොකළ වැරදි ලැයිස්තුවක් කියාගෙන ගියේය. මේ අතර කෙමරුජ් සංවිධානයට ද්‍රෝහි වීම, ඔත්තු බැලීම, විදේශිකයන් හා සබඳතා පැවැත්වීම වැනි බරපතල වැරදිද විය. අතරමගදී ඔහුගේ පීඩකයන් ඔහුට අසූචි කැවීය. මුත්‍රා පෙවීය. මුත්‍රා පානය කිරීමට කට අරින තෙක් පොලූ පහර දුන්හ. ඉක්බිතිව ඔහුට මෙසේ කීමට බල කරන ලදී.

මා මිනිසෙකු නොවේ

මම නිරි සතෙකි

මා මිනිසෙකු නොවේ

මගේ නම භඹ භසප නොවේ

මා සිව්පාවෙකි.


මොවුන් කුඹුරට දක්කනු. වැඩ කිරීමට නොහැකි උන් පොහොර කරනු.

කඩමාළුවී ගිය, කළු ගැමි ඇඳුම් වලින් සැරසුන දුක්බර මුහුණු සහිත කණ්ඩායමක් මොරසූරන වැස්සේ අගලක් කපමින් සිටියහ. දුෂ්පෝෂනයට ලක්වූ ශරීරකූඩු මෙවැනි බරපතල වැඩක් කරන්නේ කෙසේද? යැයි යමෙකුට සිතිය හැකිය. එහෙත් එය නිදහසට කරුණක් නොවේ. හාමතින් සහ දැඩි ශීතෙන් පීඩා විඳිමින් ඔවුන් තම කාරිය කරගෙන ගියේ මොහොතකටවත් විවේකයක් නොගනිමිනි. ඔවුන්ගේ මුහුණු වලින් දිස්වූයේ මිනිස් සිතකට හා කයකට දැරිය නොහැකි පීඩා නිසා විඳවන දුක් ගිනිය. එහෙත් ආයාචනා හෝ ඇවිටිලි බල රහිතබව ඔව්හු දැන සිටියහ. එම නිසා නා කපන වැසසේ, සීතලේ වෙවුලමින් ඔව්හු තම කාරිය කරගෙන ගියහ.

මඩේ එරී ඇති ඔවුන්ගේ දෙපා රිදුම් කන්නට විය. දුබල අත්වලින් එසවෙන උදළු මඩ සහිත පොළොවේ වදින්නේ බොල් හඞ ක් නංවමිනි. ඉරී ඇති කළු කලිසම්වල මඩ පහරවල් දක්නට තිබේ. ඇතැමෙකුගේ උඩුකය නිරුවත්ය. මඩ ගොහොරුවක දඟලන පනුවන් මෙන් ඔවුන් මෙම දුෂ්කර කාර්යය කරගෙන ගියේ රහසින් තම රැකවළුන් දෙස බලමිනි.  එහෙත් එක එල්ලේ රැකවලූන් දෙස බැලීමට ආත්ම ශක්තියක් නොතිබුණු ඔවුන් තම පීඩකයන් නිරීක‍ෂණය කළේ යට දෑසිනි. එසේම තමන් ඔවුන්ව නිරීක‍ෂණය කරන බවට හැඟීමක් හෝ ලබා නොදීමට ඔව්හු වගා බලා ගත්හ. එම නිසා ඔවුන් රැකවළුන් දෙන බැලූවේ උදළුකෙටිය ඔසවන ගමන් වපරැසිනි. මෙම නිරීක‍ෂණය තත්පර දෙක තුනකට වඩා දීර්ඝ නොවීය. රැකවළුන් ඇඳ සිටියේද කළු පැහැති ඇඳුම්ය. කළු දිග කලිසම, කළු කමිසය හා රතු තිත් සහිත මෆ්ලර් නිසා ඔව්හු ශ්‍රමය වගුරුවන්නන්ගෙන් වෙනස් වූහ. එසේම ඔවුන්ගේ දෙපා ආවරනය වූයේ සෙරෙප්පු වලිනි. ඔවුන් අතරෙන් කණ්ඩායම් නායකයා ලෙස ක්‍රියාකළ රැකවලා වැඩි වයසක් නොපෙනෙන තරුණයෙකි. රැකවළුන් අතරින් වැඩිමලා වූ ඔහු හිටපු ගරිල්ලා භටයෙකි. ඔහු වැඩකරන මිනිසුන් දෙස බැලූවේ ප්‍රිය නොඋපදවන, සතුරු බැල්මකිනි.

 මී හරකා  ඔහු ආමන්ත්‍රනය කළේ වැඩකරමින් සිටි වයෝවෘධ තැනැත්තාටය.  තෝ, අගල කපනවද? නැත්තං වැස්සේ නානවද? 

මහල්ලා නපුරු රැකවලා දෙස බැලූවේ භීතිය මුසු අනුකම්පාව ඉල්ලන බැල්මකිනි. එහෙත් අනෙක් ශ්‍රමිකයන් තම වැඩය පෙර පරිදි බිය මුසුව කරගෙන ගියහ.

 මෙහෙ වර බැල්ලිගෙ පුතා 

භටයා වයස්ගත මහල්ලාට ඔවුන් රැඳී සිටි මඩුව වෙත එන ලෙස අණ කළේය. එක් අතකින් උදැල්ල හා අනෙක් අතින් හිස්වැස්ම සකස් කරමින් මහල්ලා රැකවළුන් වැස්සෙන් ආරක‍ෂාවීමට රැඳී සිටි මඩුව වෙත ගියේ දෙවියන් යදිමින් තොල්මතුරමිනි.  මේ බලපිය, තෝ විප්ලවයට පෙර වැඩ කළේ කොහේද? 

මහල්ලා ගොත ගැසීය.

 මී හරකා තෝ මට බොරු කිව්වොත් මම තොගේ දිව කපනවා  මෙසේ කියමින් භටයා මුවහත් පිහියක් අතට ගත්තේය. මහල්ලා දණින් වැටුනි.  මම හිටපු කම්කරුවෙක්. මම කම්කරුවෙක්. මම නූගත් කම්කරුවෙක්. මම කෙමරූජ්වරුන්ට උදවු කරලා තියෙනවා  ඔහු ගාථාවක් කියන්නාක් මෙන් දෙඩවීය.

 බල්ලා, තෝ බොරු කියන්නේ, තෝ වැඩ කලේ විශ්වවිද්‍යාලයේ, තොට අකුරු කියවන්න පුළුවන්. තෝ මට බොරු කරන්නද හදන්නේ. නැගිටපිය පරයා.  මෙසේ කියමින් තරුණ රැකවලා මහල්ලාගේ ඉලඇටවලට පයින් ඇන්නේය.

කෙට්ටු කටු ගොඩක් වැනි මහල්ලා මඩ ගොඩේ මුණින් අතටය. ඔහුගේ මුහුණෙන් හා හිසකේ වල මඩ තැවරී තිබිණ. යළි ඉල ඇටවලට පයින් අනිනු ඇතැයි බියවූ මහල්ලා අසීරුවෙන් නැගිට්ටේය.

 මම අකුරු දන්නේ නෑ. මම කම්කරුවෙක්. 

මහල්ලාට කීමට හැකිවූයේ මෙපමණකි. කෙමරුජ් භටයා මහල්ලාගේ මුහුණට දුන් පහරින් හෙතෙම යළි බිම වැටුණි. මෙවර මහල්ලාගේ තොල් පුපුරා ගේ ගලන්නට විය.

 මී හරහා, තෝ දන්නේ විශ්වවද්‍යාල වල පහරන්න විතරයි. තෝ මකුණෙක්, ජනතාවගේ ලේ උරා බොන ඉනිකුණෙක්. තොට උදැල්ලක් අරගන වැඩකරන්න දන්නේ නෑ. බොරුවට මඩ ගාගන්නවා. කෝපයෙන් වියරු වැටී සිටි කෙමරුජ් භටයා මහල්ලාගේ පපුව පාගන්නට විය. මහල්ලා හුස්ම ගත්තේ අසීරුවෙනි. ඔහු කුමක්දෝ තොල්මැතිරීය. එහෙත් එය කෙඳිරියක් බඳුය.

 මෙහෙ බලපිය පරබල්ලනි  මෙවර භටයා ආමන්ත්‍රණය කළේ වැඩකරමින් සිටි මිනිස් කණ්ඩායමටය. විස්සක් පමණ වූ පිරිස මොහොතකට උදළුතල බිම තබා කෙමරුජ් භටයා දෙස බැලුහ.  තොපිට තාම අගල කපාගන්න බැරි උනාද?

 තොපි මීහරක්, බලපිය මේ උගතා ඌට උදැල්ල පුරුදු නෑ. මූ කම්පුචියාවට බරක්. මම මූව පොහොර කරනවා. මුගේ ශරීර කූඩුව වී පැළ උරාගත්තාවේ. තොපි හැමෝම මේ අගලේ දමලා පස් ගහනවා. හිටපිය තොපිට  මෙසේ කියමින් තරුණ භටයා ගලක් අතට ගෙන පිරිස වෙත දමා ගැසීය. සියළුම දෙනා එකවර කථාකර ගත්තාක් මෙන් හිස් පාත්කර ගත්හ. එහෙත් පිරිසේ වූ අවාසනාවන්ත ශ්‍රමිකයාගේ නළලේ ගල වැදිනි.

 බලපිය ශරීර හොරුන්ට අපි කරන දේ සෙබලා තම සහකයන් දෙදෙනෙකුට ඉදිරියට එන ලෙස නියෝග කළේය. කළු කලිසම් හා කළු කමිසය ඇඳ, රතු තිත් සහිත මෆ්ලර් දමා සිටි අවුරුදු දොළහේ පමණ කොළු ගැටව් දෙදෙනෙකු පොලූ දෙකක් ගෙන මහල්ලා වෙත ලංවූහ.

 මූව පොහොර කරපන්  ඔහු ළමා සොල්දාදුවන්ට නියෝගයක් දුන්නේය. එම විධානයත් සමඟම ළමුන් දෙදෙනා මහල්ලාගේ හිසට පොලූවලින් තඩිබාන්නට වූහ. මහල්ලා වේදනාවෙන් දැඟලීය. මඩගොඩේ වැටී දඟලන මහල්ලාගේ හිසෙන් ගලන ලේ කළු පැහැයක් ගත්තේය. තමන්ගේ දරුවන්ගේ දරුවන් බඳුවූ වධකයන්ගේ පහර නිසා ඔහු අසරණව වැද හොත්තේය. මේ අතර ළමුන් දෙදෙනා තරගයට මෙන් මහල්ලාගේ හිසට පොලූ පහර දෙන්නට වූහ. මැටි කළයකට පොල්ලෙන් ගසන විට එන හඞ වැනි හඞක් නිකුත් වූ අතර සෑම පහර කෑමකදීම මහල්ලාගේ මුවින් කෙඳිරියක් පිටවිය.

මඩේ එරී අගල කපමින් සිටි පිිරිස භීතියට හා ශෝකයට පත්ව අසරණව මේ බිහිසුණු දර්ශනය දෙස බලා සිටියහ. ඇතැමෙකුට මෙම බිහිසුණු ජවනිකාව දැක තමන් සිහිසුන්ව වීමට යන්නාක් මෙන් දැනිනි. ඔව්හු තම දෑස් වසාගෙන පපුව ඇතුලෙන් පිළිස්සෙමින් සිටියහ. එහෙත් මේ දෙස නොබැලීමෙන් තමන් රැකවලූන්ගේ උදහසට ගොදුරුවේදැයි බියෙන් සැලිනි. ඒ සමඟම රැකවලූන්ට පෙනෙන ලෙස ඒ දෙස බැලීමටද අමතක නොකළහ.

ළමා සෙබලූන්ගේ පොලූපහර නිසා මහල්ලාගේ හිස කුඩුපට්ටවම් වී මොළයේ කැබලි එළියට පැන්නේය. රුධිරය ද ගලායමින් තිබිණි. මහල්ලාගේ පණ නිරුද්ධ වූ දේහය ඔව්හු මඩේ ඔබා ඊට කෙළ ගැසූහ.

වල්ඌරනි, වැඩ කරව් යනුවෙන් කෙමරුජ් භටයා දුන් විධානය අනුව යළිත් උදළු ඔසවාගත් පිරිස තවදුරටත් අගල් කැපූහ. ඔව්හු වැඩකලා මිස කිසිවෙකු තම කණ්ඩායමේ සාමාජිකයෙකුගේ මුහුණ දෙස නොබැලීමට වගබලා ගත්හ.

වැස්ස නොකඩවා ඇද හැළුනි. තෙත බරිතවූ පිරිස වැස්සට තෙමෙමින්, පස් ඉවත් කරමින් අගල කැපූහ. පස් කණ්ඩි තෙත නිසා  අගල කපන විට දෙපස කන්ඩිවල පස් නැවත අගලට වැටෙයි. එම නිසා ඔවුන්ගේ ශ්‍රමය අපතේ ගියේය. රැකවලූන්ගෙන් පහර කෑමට ඇති බිය නිසා ඔවුන් නිහ~ව යළි පස් ඉවතට ගෙන අගල සකස් කළහ.

කණ්ඩායම සෙමෙන් වැඩකරන බවට චෝදනා කළ රැකවල් නායකයා ඔවුන්ට දහවල් ආහාරය දුන්නේ නැත. මේ නිසා හාමතින් පෙළෙමින් ඉතා අමාරුවෙන් මඩගොඩේ තම ශ්‍රමය මුදාහැරියේය. ක්ලාන්ත ගතිය දැනුනද තම ශරීර සිරස්ව තබා ගැනීමට හැකි උපරිම වෑයම ගත්හ. ක්ලාන්ත වන්නන් පසට පොහොර කිරීමට යක‍ෂයන් මෙන් රැකවලූන් බලා සිටින නිසා ඔව්හු උදළු මතට බරවෙමින් හෝ සිරුර නොවැටී තබා ගැනීමට උත්සාහ කළෝය.

වැස්සෙන් බේරීමට මඩුව ඇතුළේ සිටි රැකවළුන් පස්දෙනා දිවා ආහාරයට සූදානම් වූ අතර වරින් වර වැඩකරන කණ්ඩායම දෙස නෙත් හෙළීමට අමතක නොකළහ.

කාන්තා සෙබලියක විසින් බයිසිකලයේ පිටුපස ලෑල්ලකට තබා බැඳගෙන ආ මුට්ටි ප්‍රවේශමෙන් මඩුව තුළට ගන්නා ලදී. පිඟන් වෙනුවට තිබුණේ ඛෙලෙක් තැටිය. බත් හා දුඹුරුවන් හොද්දක් ඛෙදාගත් ඔව්හු ශබ්ද නගමින් ආහාර ගත්හ. ඔවුන් ආහාරගත් මඩුවට යාබද මැටි පසේ අඩක්වැලලී ගිය මහල්ලාගේ මෘත දේහය කිසිවෙකුගේ අවධානයට ලක් නොවීය. මහල්ලාගේ ලේ හා මොළයේ කොටස් දැන් මඩ පසේ දක්නට නැත. නිරන්තරයෙන්ම ඇද හැළුන, වර්ෂාව විසින් මිනිස් ද්‍රව පටක වැසි ජලයේ දියකර හැරිනි.

මළසිරුරේ පිට හා හිසේ කොටස් බාහිරයට දිස්වෙයි. තුවාල වී ඇති හිසේ අතරින් පතර සුදු හිසකේ දක්නට තිබේ. මළ සිරුර මඩේ ඔබා ඇති නිසා මහල්ලාගේ නෙත් ඇරී තිබේදැයි කිසිවෙකු නොදනියි. ඔහුගේ කළු හිස් වැස්ම පමණක් වැසිදියේ පාවෙමින් තිබේ.

රැකවලූන් දිවා ආහාරය ගත්තේ ජ්‍යෙෂ්ඨ භටයාට සවන් දෙමිනි. අතරින් පතර වල්ඌරන්, මීහරක්, ප්‍රතිගාමීන්, යන වචන ඔහුගේ මුවෙන් පිට වෙයි.

ශ්‍රම කණ්ඩායම මුළු සවස් වරුවම වැඩ කළේය. එහෙත් තවමත් අගල කපා අවසන් නැත. කුසට ආහාර නොමැති විට ශක්තිය වැය කරන්නේ කෙසේද? මෙම සරල සමීකරණය කෙමරුජ්වරුන්ට නොතේරුනද එය ප්‍රායෝගිකව පහදා දීම වනාහි මරණයට විවෘත ආරාධනයකි.

එහෙත්  බිය හා සන්ත්‍රාසය එක්වූ විට මිනිස් ශරීරය යාන්ත්‍රික ශරීරයක් බවට පත්වේ. වෙහෙස, කුසගිනි, නොදැනෙන මෙම කයට කාලය, අවකාශය, පිළිබඳව ඇති වැටහීම කෙමෙන් පහවී යයි. ඒකාකාරව බොල්හ~ නගමින් උදළු වලින් අගල කපාගෙන ගිය ඔවුන් රාත්‍රී දහය වන විට ශරීර ශක්තිය පිරිහීගිය හෙවනැළි බවට පත්වී සිටියද සිය කාර්යය නොකඩවා කරගෙන ගියහ.

ඔවුනට රාත්‍රි ආහාරය හා විවේකය ලැබිණි. හාල් ස්වල්පයක් දමා පිසින ලද කැඳ කෝප්පය ඔව්හු උගුරට දෙකට අවසන් කළහ. බඩගිනි ඉවසාගනු නොහැකිව ඇතැමෙක් අඳුරට මුවාවී වැස්සට පෙඟී ගිය කොළ හා දළු අමුවෙන්ම කටේ දමාගෙන ගිල්ලේ රැකවළුන්ට රහසිනි. පිරිහී ගිය ශක්තිය ඇති සිහින් උස් පුද්ගලයෙකු ගසකට හේත්තු විය. ඔහු මැදිවියේ සිටියද මුහුණ මහල්ලෙකුගේ මෙනි. ඊට හේතුව විය හැක්කේ නීරක්තයයි. සමට යටින් ඇති මේද පටක දියවී ගොස් තිබූ නිසා ඔහුගේ හකුඇට නෙරා තිබුණි. එහෙත් දෙනෙත් ගැඹුරුය. ඔහුගේ ඉතිහාසය කිසිවෙකු නොදනී. ඔහු කඳවුරේ සිටියේ අකුරු ලිවීමට හා කියවීමට නොහැක්කකු  විලසිනි. දහවල කෘෘරලෙස වදදී මරා දැමුවේ ඔහු සමඟ නොන්පෙන් විශ්වවිද්‍යාලයේ සිටි කථීකාචාර්යවරයෙකි. තමාගේ ඉතිහාසය එළිදරව් විය හැකි නිසා ඔහු සිටියේ නිරන්තර සැකයෙනි. එක එල්ලේ අන් අයකුගේ දෙනෙත් දෙස බැලීමට ඔහු බියවිය. නිතරම හිස පහත් කොටගෙන සිටි ඔහු දුටුවේ තමාට අඩි කීපයක් ඈතින් සිටි පුද්ගලයන් පමණකි.

වෙහෙස නිසා ඔහුගේ නෙත් පියවෙයි. නොදැනුවත්මව ඔහුට ප්‍රංශ ගායිකා එතුවාල්ගේ දුක්මුසු ගීතයක් සිහියට නැගිනි. පෙරදාමෙන් දුක්මුසු ප්‍රංශ ගිතය ඔහු මිමිනීය. එහෙත් මොහොතක් තුළදී ඔහුට පියවි සිහිය ආවේ. තම ගීතය යම් අයෙකුගේ අවධානයට යොමු වූයේද යන්නට බියගත් ඔහු දකුණු අතින් මුඛය වසාගත්තේ තවදුරටත් මුවින් හ~ක් පිට නොවීම සඳහා ය.

ඔහු අසල සිටි තරුණයා මැලේරියා උණෙන් පීඩා වින්දේය.  මාමේ, මට බෑ තවත් දුක් විඳින්න. මට මියයාම සැපතක්. ඔහු කෙඳිරීය. මැදිවයසේ පුරුෂයා ඈතින් සිටි රැකවළුන් දෙස බැලූවේය.  උඹට පිස්සුද? නිදාගන්න එපා. උන් උඹව පොහොර කරයි. 

 කමක් නෑ මාමේ, මුන්ට මට කරන්න දෙයක් ඉතිරිවෙලා නැහැ. මගේ මව, බිරිඳ කුඩා දරුවා මුන් මරා දැම්මා. මට තව මොනවද ඉතිරිවෙලා තියෙන්නේ?  තරුණයා බොල් හ~කින් පැවසීය.

 නැහැ, අපි කොහොම හරි මේක දරාගත යුතුයි. අපි කවදාහරි ජීවමාන සාක්ෂි වෙයි. ඒ දවස එනතෙක් අපි ජීවත් වෙමු. ඔහු තරුණයාට බලාපොරොත්තුවේ සේයාවක් දුන්නේය.

 තව කොච්චර කාලයක් ඉවසන්නද? මාමේ මේ මොන අවුරුද්දද? 

 මම හිතන්නේ 1977 මුල් මාසේ  ඔහු පිළිතුරු දුන්නේය.

 කොච්චර කාලයක් ගියාද? මම මෙහෙ ආවේ 1975 අවුරුද්දේ. ඒ අවුරුද්ද තමයි මගේ ළමයයි, ගෑනියි සාගතේට අහුවෙලා මළේ. අම්මයි මමයි කැලේ කොළ කාලා ජීවත් උනා. මුං මාව කඳවුරට ගෙනල්ලා හොඳටම ගැහුවා. අම්මා කැලෑ උණ හැදිලා මලා. මම වහලෙක් මගේ තවමත් කඹුරනවා. 

 ධෛර්ය ගනින් පොහොර වෙන්න එපා. කොහොම හරි ශරීර කූඩූව තියාගනින්. ඔහු තරුණයාට අවවාද කළේය.

 මාමේ උඹේ නම මොකක්ද? 

 මගේ නම Bou Meng  දැන් ඇති කථා කළා. අපි නිහඞ  වෙමු.


පෞද්ගලික දේපොළ අහිමි කිරීම

කෙමරූජ් සංවිධානය පෞද්ගලික දේපොළ අවලංගු කළේය. පුද්ගලයන් සතුව තිබූ යානවාහන, මිළ මුදල්, රජයට භාරදෙන ලෙසට අණ කරන ලදී. ගුවන් විදුලි යන්ත්‍ර, බයිසිකල් පවා පවරාගනු ලැබීය. ග්‍රාමීය ප්‍රදේශවලට පිටමං කරන ලද ජනතාවට කෙමරූජ් සංවිධානය මගින් නියම කරන ලද නිළ ඇඳුම් විනා අන් ඇඳුම් ඇඳීම සපුරා තහනම් කෙරිණි. මුදල් සංසරණය නවතා දැමීම නිසා ව්‍යාපාර කඩා වැටුණි. ඉඩම්වල වහළුන් සේ ශ්‍රමය වැය කිරීම විනා ඉඩම් අයිතියක් කිසිවෙකුට නොවීය.


සුළු ජාතීන්ගේ අයිතීන් අහිමි කිරීම

1978  එළිදක්වන ලද කුප්‍රකට කළු පත්‍රිකාව මගින් කම්පුචියාවේ සුළුජන වර්ගවලට ජීවත් වීමට තිඛෙන අයිතිය අවලංගු කරනු ලැබීය. කම්පුචියාවේ ජීවත් වූ චීන, වියට්නාම්, ලාඕස් සම්භව ඇති ජනයා ජන සංහාරයට ලක් කරන ලදී. 1975 වන විට ග්‍රෝත්‍රික ජනයා 425,000 මරා දමන ලදී. මෙම සංඛ්‍යාව එම ජනගහනයෙන් 50% පමණ විය.

අවශේෂ ජනවර්ගයන් වෙත දියත් කරන ලද ප්‍රචණ්ඩත්වයේ කූට ප්‍රාප්තිය සනිටුහන් වූයේ කම්පුචියා, වියට්නාම් දේශසීමා ආසන්නයේ සිදුකළ ඝාතන වලිනි. මෙම ප්‍රදේශවල ජිවත් වූ වියට්නාම් ජනවර්ගයට නිරතුරුවම ප්‍රහාර එල්ල කරන ලදී. කෙමරුජ් භටයෙකු විසින් දිනකට වියට්නාම් ජාතිකයන් 30 දෙනෙකු ඝාතනය කළයුතු බවට නොනිල මට්ටමේ අණක් පනවා තිබුණි. මේ නිසා වියට්නාමයට කම්පුචියාව ආක්‍රමණය කිරීමට මග සැලසුනි. සුළු ජාතීන්ට ඔවුන්ගේ භාෂාව කථා කිරීම සිරිත් විරිත්, සංස්කෘතික උත්සව පැවැත්වීම තහනම් කරනු ලැබීය.

යළි උපන් භූමියට පැමිණිය නොහැකිය.

කෙමරූජ් සංවිධානය විසින් ග්‍රාමීය ප්‍රදේශ කරා මිනිසුන් පිටමං කළේ ඔවුන්ගේ නිවාස පවා ගිනි තබමිනි. මෙයින් යළි ඔවුන්ට නැවත තමන් උපන් භූමිය වෙත පැමිණිය නොහැකි විය. ඔවුන් සන්තකයේ තිබුණ ද සියල්ල විනාශකොට තිබේ. එවැනි තත්වයකදී මිනිසුන්ට උපන් භූමියෙන් පිටුවහල් කඳවුරුවලට පියමනිනවා හැර වෙනත් විකල්පයක් නොවීය.

කෙමරුජ් නවරජයේ තීරණයක් අනුව සියළුම පුද්ගලයන් කුඹුරු වැඩ සඳහා සහයෝගය දිය යුතුවේ. සමෘධිමත් කෘෂිකාර්මික රටක් බිහි කිරීම සඳහා සියළු දෙනාම කුඹුරට බැසිය යුතුය. කර්මාන්ත ශාලා සේවකයින්, සුපවේදීන්, ටැක්සි රියදුරන්, කාර්මිකයන් ලිපිකරුවන් මෙකී නොකී සියළුම වෘත්තිකයන්ගේ වෘත්තීන් අහෝසි කොට තිබේ. රජය විසින් සියළුදෙනාම එක රැයකින් ප්‍රවේනි දාසයන් බවට පත් කරන ලදී. ප්‍රග් විප්ලවය රුසියාවේ ක්‍රෙපස්නෝයි හ්රිස්තියාන් යනුවෙන් හඳුන්වන ලද ප්‍රවේනි ගොවීන්ට තිබූ නිදහසින් කාලක්වත් කම්පුචියාවේ ගොවීන්ට ලැබුනේ නැත. ඔවුන්ගේ ජීවිතය හා මරණය රැඳී තිබුණේ සංවිධානයේ තීරණ මතය. කම්පුචියාවේ අගනුවර වූ Phnom Penh  හි වාසය කළ මිලියන 2 ක ජනයා කුඹුරු වැඩ සඳහා පිටමං කරවනු ලැබීය. කුඹුරට යැවීමට ප්‍රථම පුද්ගලයන්ගේ දෑත් පරීක‍ෂා කොට බලන ලදී. කරගැට රහිත අත් ඇති, බුද්ධිමත්, වෘත්තියක යෙදුණු පුද්ගලයන් වහා අත්අඩංගුවට ගෙන අතුරුදහන් කරවන ලදී. මිනිසුන් කුඹුරු වැඩට වන විට දෙපස සුපරික‍ෂාවෙන් බලා සිටි කෙමරූජ්වරු සැක සිතූ ඕනෑම පුද්ගලයෙකු මරා දමන්නට පසුබට නොවූහ.

ඔබට ගොවියෙකුගේ මුහුණක් තිබුනේ නම් ඔබ වාසනාවන්තයෙකි. මන්ද, ඔබ අද දවසේ මරා දමන්නන්ගේ ලැයිස්තුවට ඇතුලත් නොවෙනු ඇත. එහෙත් සාගින්දර ඔබගේ ඉරණම හෙට තීරණය කරනු ඇත. කුඹුරුවල ශ්‍රමය වැයකළ මිනිසුන් සඳහා දින තුනකට වරක් සහල් ග්‍රෑම් 180 ක් ලබාදෙන ලදී.


ළමුන් අහිංසකය

අවුරුදු 6 ට වැඩි ළමයින් දෙමව්පියන්ගෙන් පැහැරගනු ලැබිණි. දෙමව්පියන්ගෙන් වෙන් කරන ලද ළමයින් කෙමරූජ් සංවිධානය යටතේ අන්කා දහමට අනුකූලව හදා වඩා ගනු ලැබිණ. පාරම්පරික ගති සිරිත් වලින් ඈත් කරන ලද මේ  ළමයින් කෙමරූජ් ළමා බළකායේ සෙබළු බවට පත් කරන ලදී. ළමුන් වැඩිහිටියන් මෙන් අතීත මතකයෙන් දූෂිතව නොමැති නිසා ළමුන්ට ගෞරව කළ යුතු බව කෙමරූජ්වරු අවධාරණය කළහ. ළමුන්ගේ නියෝගයන්ට වැඩිහිටියන් අවනත විය යුතු බව කෙමරූජ්වරු යටතේ නීතියක් බවට පත්විය.


ළමුන් අයිති කෙමරුජ් සංවිධානයට මිස දෙමාපියන්ට නොවේ.

මා පිය දූදරු සබඳතාව කෙමරුජ්වරු හැඳින්වූයේ ප්‍රතිගාමි සබඳතා ලෙසටය. එම නිසා පවුල යන ඒකකය විනාශ කිරීමට ඔව්හු කටයතු කළහ. ළමුන් දෙමාපියන්ගෙන් ඉවත් කරන ලදී. ඔවුන්ට කුඩා වියේ සිටම අන්කා දහම උගන්වන ලදී. එසේම ළමුන් වැඩිහිටියන් මෙන් දූෂිත නොවුණු කෙමරූජ් හිතවාදී කොටසක් ලෙස සලකනු ලැබූ අතර ප්‍රතිවිප්ලවවාදීන් ලෙස ලේබල් ගැසූ කොටස් ඝාතනයන් සඳහා යොදවා ගන්නා ලදී. ළමා වියේ සිටම මිනීමැරීමට ඔවුන් පුහුණු කරවන ලදී.


ආගමික නිදහස නැති කරයි.

කෙමරූජ් සංවිධානය විසින් ආගම ඇදහීම තහනම් කරන ලදී. බෞද්ධ හා කතෝලික හා ඉස්ලාම් ආගම් අදහන්නන් කෙරෙහි කෙමරූජ්වරු දැක්වූ වෛරය සනිටුහන් වන්නේ කෙමරුජ්වරු කරන ලද ආගම් අදහන අය ඝාතනය කිරීමත්, ආගමික සිද්ධස්ථාන විනාශ කිරීමත් මගිනි. 1975 සිට 1979 දක්වා අතර කාලය තුළ පන්සල්, පල්ලි විශාල ප්‍රමාණයක් විනාශ කරන ලදී. පොල්පොට් යුගයේදී කම්පුචියාවේ බෞද්ධ භික‍ෂුනA 40,000 සිට 60,000 දක්වා සිටි අතර, ඔවුන්ට කෙමරූජ් සංවිධානය විසින් නම් කරන ලද්දේ සමාජ පරපෝෂිතයන් හෙවත් ීදජස්ක ඡ්ර්ිසඑැි වශයෙනි.

බලෙන් සිවුරු ඉවත් කරවන ලද භික‍ෂූන් කුඹුරුවල වැඩ කිරීම සඳහා යොදවන ලද්දේය. මුස්ලිම් ජන  කොටස් පීඩනයට පත් කළ අතර, ඔවුන්ට වද බන්ධනය පමුණුවන විටදී ඌරුමස් කෑමට බල කරන ලදී. ඌරුමස් කෑම ප්‍රතිෙක‍ෂ්ප කළ මුස්ලිම්වරුන්ට වෙඩිතබා මරා දැමූ බව සාක‍ෂිකරුවෝ පවසති.


නුඹලා විවාහ විය යුත්තේ ද, සංවිධානයේ නියෝග මතය.

කෙමරූජ්වරු බාල සහ නව යොවුන් වියේ ළමයින් හා තරුණයන් පවුල්වලින් ඉවත් කළහ. ඔවුන් කෙමරූජ් සංවිධානය යටතේ අන්කා දහම අනුව ඇතිදැඩි කරන ලදී. පුද්ගලයෙකුට තමන් රිසි අයෙකු සමඟ විවාහ වීම වෙනුවට කෙමරූජ් සංවිධානයේ අවශ්‍යතා මත විවාහයන් සිදු කළහ. සාමූහික උත්සව වලදී මෙලෙස සංවිධානයේ තීරණ මත යුවතිපතීන් එක්තැන් කරන ලදී. මෙහි මූලික අරමුණවූයේ සැමියාගෙන් බිරිඳ පිළිබඳවත්, බිරිඳගෙන් සැමියා පිළිබඳවත් තොරතුරු සංවිධානයට ලබා ගැනීමයි. මෙවැනි යෝජිත විවාහයන් කෙමරූජ්වරුන්ගේ කාලයේ සුලබ විය.


පක්ෂය යනු ආගමයි

කෙමරූජ් සාමාජිකයන් තුළ තම පක්ෂය කෙරෙහි තිබූ අන්ධභක්තිය සනිටුහන් වනුයේ සීමාව ඉක්මවා පක්ෂය ආරක‍ෂා කිරීම සඳහා ගත් ක්‍රියා මාර්ග වලිනි. සතුරා පිළිබඳව සුළු හෝඩුවාවකදී හෝ නැතහොත් යම් සුළු සැකයකදී පවා ඔව්හු මිනිසුන් මරා දැමූහ. එසේම අනාගතයේ යම් දිනෙක පක්ෂයට අනතුරක් වේ යැයි සිතා පුද්ගලයන් සමූලඝාතනය කළහ. උදෑසන අවදිවූ වේලාවේ සිට රාත්‍රි නින්දට යාම දක්වා පක‍ෂය හැර ජීවිතයේ වෙනයම් දෙයක් ඔවුන්ට වැදගත් නොවීය. කම්පුචියාවේ පැරණි සංස්කෘතික ලක‍ෂණ අතහැර දැමූ ඔවුන් අන්කා දහම අනුව ජීවත්වූහ. පක‍ෂ නායකත්වය දෙන ඕනෑම නියෝගයක් හිස් මුදුනින් පිළිගෙන එය ක්‍රියාවේ යෙදවීමට ඔවුන් කිසිවිටෙකත් පසුබට නොවූහ.


සාගතය තියුණු අවියකි.

කෙමරූජ් පාළනය නිසා අධිකව වැඩ කිරීමෙන් හාමතින් මිය ගිය සංඛයාව මිලියන 1.5 කට ආසන්නය. ආහාර හිඟය නිසා මිනිසුන් පීඩා විඳි නමුදු අතිරේක ආහාර භෝග පෞද්ගලික පරිභෝජනය සඳහා භාවිතා කිරීම තදබල වරදක් විය.

නෙලාගන්නා ලද අස්වැන්න ශ්‍රමය වැය කළ පුද්ගලයලයන්ට හිමි නොවීය. පවරාගන්නා ලද අස්වැන්න කෙමරූජ්වරු ගෙන ගියහ. ශ්‍රමය කැප කළ අයට ලැබුනේ සුළු ආහාරයකි. මන්දපෝෂණය දසදෙස පැතිර ගියේය. හාමත්වූ මිනිසුන් කුඹුරු වැඩ කරමින් සිටියදී සිහසුන්ව ඇද වැටුනු අතර, ඔවුන්ට හිමිවූයේ මරණ දඞුවමය.


Tavi  ගේ කථාව

කෙමරුජ්වරු කම්පුචියාවේ අගනගරය වූ නොම්පෙන් වෙත කඩා වදින විට මගේ වයස අවුරුදු 4 කි. ඔවුහු ගංඟාව ගලන්නාසේ අපගේ නිවසට කඩා වැදුනාහ. අප සැම දෙනාටම නිවසින් එළියට යන ලෙසට අණ කෙරිණි. ඉන්පසුව මහා මාර්ගය දිගේ අරමුණක් නොමැතිව ඉදිරියට යන ජනගංඟාවට අපවද එකතු කරන ලදී. මගේ දෙපා රිදුම් කන්නට විය. එවිට මගේ පියා මාව උසුලාගෙන ගියේය. මුළු ගමනේදී අපට ආහාර හෝ වතුර ලැබුණේ නැත. මිනිස්සු ක්ලාන්තව මහ මග වැටී සිටියහ.

අවසානයේදී අපි  Pousal  නගරයට සම්ප්‍රාප්ත වූයෙමු. එහිදී ඔව්හු පියාව අත්අඩංගුවට ගත්හ. ඔහුගේ මරණය ගැන අපට දැන ගන්නට ලැබුණේ වසර ගණනාවකට පසුය. මා මගේ මවගෙන් වෙන් කරනු ලැබීය. මා ළමා කඳවුරක රඳවන ලදී. මගේ මව රහසේ මා බැලීමට පැමිණයාය. එය අසුවීම නිසා ඔව්හු ඇයට පහර දුන්හ. කෙමරුජ්වරු තිරිසන් සතෙකුට වඩා අන්ත ලෙස මගේ මවට පහර දුන්හ. මෙසේ කාලය ගත වූයේ මරණයේ සෙවනැලි සමඟය. මට අයත්වූ රාජකාරිය පොහොර සඳහා ගොම එකතු කිරීමයි. අප සැමවිටම සිටියේ දැඩි කුසගින්නෙනි.

එක් දිනෙක රාත්‍රියේ මිනිසුන්ගේ විලාප හ~ක් ඇසිණ. මම රහසින් බඩගාගෙන ගොස් සිදුවන්නේ කුමක්දැයි බැලූවෙමි. කෙමරුජ් භටයෝ මිනිසුන් පිරිසක් ඝාතනය කරමින් සිටියහ. ඔව්හු කඩුවලින් කොටමින්ද වෙඩි තබමින්ද මිනිසුන්, මරා දැමූහ. ඔවුන්ගේ විලාපය දැනුදු මට ඇසේ. වියට්නාම් හමුදා ඉදිරියට එමින් සිටි නිසා කෙමරුජ්වරු පළා ගියහ. මම යළිත් බඩගාගෙන ගියෙමි. මට නොන්පෙන්හි ආශ්‍රමයේදී මගේ මව හමු විය. ඒ වන විට කෙමරූජ්වරු මගේ ඥාතීන් එකොළොස්දෙනෙකු මෙලොවින් තුරන් කොට තිබුණි. පොල්පොට් විසින් අපගේ ජීවිත විනාශකොට ඇති බව මට සිතෙයි. ජිවිතය සඳහා අප විසින් ගෙවන ලද වන්දිය අති විශාලය. ඒ කුමක් සඳහාද? මම තවම නොදනිමි.


Loung Ung  ගේ කථාව

කම්පුචියාවේ මරණයේ ගොවිබිම්වල ජීවත් වූ පණකෙන්ද රැක ගැනීමට වාසනාවන්තවූ Loung Ung  උපත ලැබූවේ 1970 නොම්පෙන් අගනුවර දීය. 1975 දී කෙමරුජ්වරු කම්පුචියාවේ අග නගරයෙන් නගරවාසීන් පිටමං කරනවිට ඛදමබට ඹබට ගේ වයස අවුරුදු 5 කි. ඉන්පසුව ඔවුන් ග්‍රාමීය ප්‍රදේශයක වාසය සඳහා පිටත් කර යවන ලදී. 1978 දී කෙමරූජ්වරු ඛදමබට ඹබට ගේ දෙමාපියන් හා සොහොයුරන් දෙදෙනෙකු මරා දැමූහ. දෙමාපියන්ගේ ඝාතනයෙන් පසු ඇයව ළමා සොල්දාදුවෙකු ලෙස පුහුණු කරවන ලදී. ළමා සොල්දාදුවෙකු ගත කළ සමයේදී බොහෝ අත්දැකීම් රැසකට මුහුණ දීමට ඇයට සිදුවූවාය. මිනිසුන් මරා දැමීම, වදබන්ධනවලට ලක් කිරීම, යනාදී අමානුෂික ක්‍රියා සිදුකෙරෙනු ඇය සියැසින් දුටුවාය.

1980 දී ඇය තම වැඩිමහළු සොයුරා සමඟ තායිලන්තයට පළා යාමට සමත් වූ අතර, අමෙරිකානු මිෂනාරි සංවිධානයක් විසින් ඛදමටබ ඹබට හට අමෙරිකාවට යාමට උපකාර කරන ලදී. කෙමරූජ් සංවිධානයේ බිඳවැටීමෙන් පසුව නැවත මවු රටට පැමිණි ඛදමබට ඹබට වසර 15 කට පසු තම රටේ තිබුණි තත්වය නිරීක‍ෂණය කළාය. ඒ වනවිට කෙමරූජ්වරු විසින් ඇයගේ ඥතීන් 20 දෙනෙකු ඝාතනය කොට තිබුණි. ඇය තමන්ගේ අත්දැකීම් හෙළිකරමින් First They Killed My Father - A Daughter of Combodia Remembers  කෘතිය 2000 වසරේදී එළි දැක්වූවාය.


Chiu Math  ගේ අත්දැකීම්

ලේඛක ඩේවිඩ් ඩැන්ඩ්ලර් ඔහුගේ  ඪදසජැි ත‍රදප ී-21 කෘතිය මගින් කම්පුචියාවේ මාරක වධකාගාරයේ තත්වය පිළිබඳව පාඨකයන් දැනුවත් කරයි. S-21 වධකාගාරයෙන් බේරුන එකම කාන්තාව වන ක‍යසබ ඵ්එය ගේ අත්දැකීම් මෙම කෘතියේ සටහන් වන්නේ මෙසේය. මා රඳවා තිබුණේ අසූචි හා මිනිස් ලේ වලින් පිිරීගිය සිර මැදිරියකය. පහර දීම නිසා නිරන්තරයෙන්ම සිරකරුවන්ගේ කෙඳිරියෙන් සිර මැදිරිය පිරී තිබුණි. ඇත්තෙන්ම ඌරු කොටුවක්  මීට වඩා ශිෂ්ඨ බවක් හා සැපපහසුව තිබුණු බව කිව යුතුය. සිරමැදිරියේ මිය ගිය මිනිසුන්ගේ මෘත ශරීර ඉවත් කළේ කොටන් ඇද දමන ලෙසටය. S-21 වධකාගාරය යනු මෙලොව තිබූ බිහිසුණුම ස්ථානය විය යුතුය. වරින්වර ප්‍රශ්න කිරීම සඳහා සිරකරුවන් ඉවතට ගෙන ගියහ. බහුතරයක් යළි පැමිණියේ නැත. යළි සිරමැදිරියට ගෙන ආ සිරකරුවන් ඇවිදීමටවත් නොහැකිව, ගතපුරා ලේ වැකුණු හා පිටේ මස්වැදලි එල්ලෙන ඇටසැකිලි වූහ.

Chiv Math  කෙමරූජ් සංවිධානයට බැඳුනේ 1974 දීය. එවකට ඇය 16 හැවිරිදි තරුණියකි. ලොන්නොල් සමයේ පොලිස් නිළධාරියකු වූ ඇයගේ පියාගේ ඡායාරූපයක් ලඟ තබා ගැනීම නිසා ඇය අත්අඩංගුවට ගනු ලැබිණි. ඝාතනය කිරීම සඳහා තීරණය වී තිබුණද ඇයගේ මරණය කල් ගියේය.S-21 වධකාගාරයෙන් බේරුණද අතීත ස්මරණයන් තුළ ඇය ජිවත් වන්නීය.


දෛවයේ සරදමට ලක් වූ  Rin

පොල්පොට් බලයට ඒමට ප්‍රථම Rin සහ ඇයගේ පවුලේ සාමාජිකයන් තෘප්තිමත් ජිවිතයක් ගත කළහ. පොල්පොට්ගේ ආගමනයෙන් පසු ඔවුනේග් ජීවිත වල විශාල වෙනසක් සිදුවිය. ඔවුන්ගේ පවුල ගොවිපළක් වෙත යවනු ලැබීය. ඉන්පසුව ඇය දෙමාපියන්ගෙන් වෙන් කරන ලදී. ඇගේ සමවයසේ ළමුන් පිරිසක් සමඟ නව අධ්‍යාපනය සඳහා යොමු කෙරණි. මෙම නව අධ්‍යාපනය වනාහි අන්කා දහම පිළිබඳ ළමා අධ්‍යාපනයයි. මව, පියා හා ළමයින් ඇතූළත් පවුල් යන ඒකකය හානිදායක ව්‍යුහයක් ලෙස ළමයින්ට උගන්වන ලදී. අන්කා දහමේ විරෝධීන් හඳුනා ගැනීම මෙන්ම ඔවුන් මරා දැමීමද ඉගෙනුමේ එක අංගයක් විය. ළමයින්ගෙන් මනස තුවාල කිරීම දිගින් දිගටම කෙරුණු අතර, ඔවුන්ට වැඩිහිටියන්ට වඩා ගරුත්වයක් ලබාදෙන ලදී. මේ අතරවාරයේ ඇයට ගොවිපළේ බරවැඩ කිරීමටද නියම කෙරුණි. නිරන්තරයෙන් ම ඇය හා අනෙකුත් ළමුන් නිරාහාරයෙන් පීඩා වින්දහ. ආහාර හිඟකම නිසා බොහෝ සේ ළමයි මිය ගියහ. ඉතිරිවූ ළමුන් මන්දපෝෂණය නිසා කෝටු අතපය හා නෙරාගිය බඩවල් වලින් යුක්ත වූහ. මරා දැමීමට නියම කෙරුණු මිනිසුන් ගේ වධකයන් ලෙස ක්‍රියා කිරීමට ඍසබ ඇතුළු ළමයින්ට බල කරන ලදී. කෙමරුජ් නායකයන් ගේ නියෝග පිට ළමයි තම පියවරු හා මව්වරු මරා දැමූහ.

මේ අතර වාරයේ දී දිනක් Rinගේ මව රහසින් ඇය බැලීමට පැමිණෙියේ සඟවාගත් ආහාර ස්වල්පයක් සමඟය. අවාසනාවට මෙන් රැකවලූන්ට අසුවූ ඇය ඔවුන්ගෙන් හොඳටම පහර කෑවාය. ඇයව මරා දැමීමට ඔව්හු තීරණය කළහ. දිරිය මවක වූ ඇය ඝාතකයන්ගෙන් මිදී Rin සහ ඇයගේ සොහොයුරිය සමඟ යාබද ගමට පළා  ගියාය. යාබද ගම්මානයේ කෙමරුජ් නායකයා ඔවුන්ට පිහිට විය. ඔහු ඍසබ  ඇගේ මව හා කුඩා සොහොයුරිය එම ගමේ නවතා ගත්තේය. එහෙත් මෙම ගමේ තිබුණු. දැඩි ආහාර හිඟය නිසා Rin ගේ නැගණිය මිය ගියාය. කෙමරුජ්වරුන්ගේ බලය පිරිහීමත් සමඟම ඇය තම මව සමඟ යළි තම උපන් ගමට ගිය නමුදු ඔවුන් දුටුවේ සුන්බුන් පමණකි. මේ වන විට ඍසබ වැඩිහිටි කාන්තාවකි. එහෙත් ඇයගේ මනස තවමත් කෙමරුජ් හිංසනය වෙලාගෙන තිබේ. කෙමරුජ්වරු සිදුකළ දුෂ්ට අමානුෂික ක්‍රියා ඇයට නිබඳවම මතක්වෙයි. ඇයට රාත්‍රියට නින්ද යන්නේ නැත. රාත්‍රී නින්දේදීත් ඇය දකින්නේ භයානක සිහිනයන්ය. කෙමරුජ්වරු නැවත කම්පුචියාවේ බලය ඩැහැගනු ඇතැයි යන අනවතර බිය ඇයතුළ තිබේ. ඒ නිසා ඇය  සිටින්නේ නිරන්තර චකිතයකිනි.


නුඹට පැන යා හැක. එහෙත් සැඟවිය නොහැක.

1976 කෙමරුජ් වහල් ගම්මානයකින් පුද්ගලයන් තිදෙනෙකු පළා ගියහ. තම රැකවලූන්ට රහසේ වතුර වලවල්, බෝක්කු හා පුරන් වී ගිය කුඹුරු වලට මුවාවෙමින් වියට්නාම් දේශසීමාව දක්වා යාමට ඔව්හු සමත් වූහ. බිම් බෝම්බ අතුරා ඇති භූමියේ ඔවුන් ගමන් කළේ මරුවාට අත වනමිනි. මඩ වලවල් වලින් පානය කළ වතුරත්, අතරමං කැලෑ කොළ කෑමත් නිසා ඔවුන් දිස් වූයේ පරඩැල් විලසිනි. කෙසේ වුවත් අවසානයේදී ඔව්හු වියට්නාමයට පළා ආහ. ඔවුන් තම නිදහස භුක්ති වින්දේ පැය කිහිපයක් පමණි. ඒ මන්දයත් වියට්නාම් දේශසීමා මුරකරුවන් ඔවුන් අත්අඩංගුවට ගත්හ. මේ අතර පළාගිය තිදෙනා ඔත්තුකරුවන් බවත්, ඔවුන් යළි කම්පුචියාවට බාරදෙන ලෙසටත්, කෙමරුජ් නායකයන් වියට්නාමයට බල කළහ. එමනිසා යළිත් කම්පුචියා වියට්නාම් දේශසීමා අසලදී මෙම පුද්ගලයන් තිදෙනා වියට්නාම් බලධාරීන් විසින් කෙමරුජ්වරුන්ට යළි බාරදෙනු ලැබීය.

තමන්ව කෙමරුජ්වරුන්ට නොදෙන ලෙසට බියෙන් ඉල්ලා සිටියද ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රතිෙක‍ෂ්ප විය. යළි කෙමරුජ් අත් අඩංගුවට පත්වූ තිදෙනා කම්පුචියා දේශසීමාව අසලදීම වධයට ලක් කළහ. සිය ගණනක ජනයා ඉදිරියේ  මෙය සිදුවිය. ඔවුන්ගේ ශරීරවලට පෙට්‍රල් වත්කොට ගිනි තබනු ලැබීය. ඉන්පසු ඔවුන් ජීවමාන විලක්කු සේ මඩ කුඹුරුවල ඒ මේ අත දිවගොස් ඇද වැටුණේ මරණීය හ~ නංවමිනි.


භීෂණයේ අතුරු කථාවක්

මගේ ළමා කාලය පිළිබඳ මතකය පිරී ඇත්තේ යුද්ධයේ බිහිසුණු සිදුවීම් වලිනි. මගේ වයසේ අනිකුත් ළමයින් බෝනික්කන්, සෙල්ලම් කාර් සමඟ දැවටෙමින් ක්‍රීඩා කරන විට මා ගුවන් ප්‍රහාර වලින් පණ බේරා ගැනීම සඳහා සැඟවුනෙමි. මෘත ශරීර මතින් පැන බියෙන් ගැහි ගැහී සැඟවෙමින් දිවයමින් සිට කාලය මට දැනුදු සිහිවේ. කෙමරූජ් ඝාතකයන්ගෙන් මා බේරුණ බව සැබෑය. ඔවුන්ගෙන් මිදී කුඩා කාලයේදී ම නිදහස් ලෝකයට පැමිණියේ අනාථයෙකු ලෙසටය. එහෙත් එවැනි වාසනාවක් නොතිබූ මගේ මව පියා ඇතුළු ලඟම ඥාතීන් කෙමරූජ් ගිලටිනයට අසුව දිවි පිදූහ.

මට වයස අවුරුදු 16 පමණ වූ විට මෙවැනි විනාශයක් මගේ පවුලට සිදුවූයේ ඇයිදැයි මම ප්‍රශ්න කර සිටියත් මට නියම පිළිතුරක් ලැබුණේ නැත. හිට්ලර් මරා දැමුවේ යුදෙව්වන්ය. එහෙත් පොල්පොට් මරා දැමුවේ ඔහුගේ ජනතාවමය. මෙවැනි කුරිරු ඉරණමකට මිනිසුන් යටත් කිරීමට ඔවුන්ට අවශ්‍ය වූයේ ඇයි? අපගේ ජනතාව කුරිරු වධබන්ධන වලට ලක් කිරීම නිසාත්, අධිකව ශ්‍රමය වැයකොට වැඩකළ නිසාත්, ආහාර නොමැතිව හාමතයට හා සාගතයට යොමු කිරීම නිසාත්, ලෙඩරෝග හා ඒවාට ප්‍රතිකාර නොමැති කම නිසාත් ඔව්හු ඔව්හු අකාලයේ ඉතා දුකසේ මරණයට පත්වූහ. ඔවුන් ගෙවන ලද වන්දිය කොතරම් විශාලද? කොතරම් භයංකරද? මේ කුමක් සඳහාද? මින් සැලසුනු සෙත කුමක්ද? මම නිබඳවම මගෙන්ම ප්‍රශ්න කරගත්තෙමි.

මම නිදහස් ලෝකයේ සුවසේ පෝෂ්‍යදායක මිහිරි ආහාර බුක්ති විඳිනවිට කම්පුචියාවේ නිරය බඳු කුඹුරුවල, මඩගොහොරුවේ ලේ දාඩිය වගුරුවමින් අපාදුක් විඳින මාගේ මිනිසුන් සිහි කළෙමි. ආහාර හිඟය නිසා මළමිනී අනුභව කරන, පාලකයන්ගේ අහේතුක බිය සැක නිසා මරණයට ලක්වන කම්පුචියානු ජනයා පිළිබඳ මතකය මට අමතක කළ නොහැකි විය. මෙවැනි රුදුරු ඉරණමකට මගේ ජනතාව ලක්වූයේ මන් ද? කිසිවෙකු මට පිළිතුරු නුදුන් හ. එහෙත් අහම්ඛෙන් මෙන් වික්ටර් ෆැන්කල් ගේ ඵ්බ.ි ීැ්රජය දෙර ඵැ්බසබට  කෘතිය කියවීමි. නට්සින්ගේ වධකඳවුරක විකටර් ෆැන්කල් ගේ අත්දැකීම් එම කෘතියේ අඩංගු විය. දුක්විඳීම පිළිබඳ දාර්ශනික මුහුණුවර මම අවබෝධ කළෙමි. ඉන්පසු ඵලදායි යමක් කිරීමට මම යොමු වූයෙමි.

යුද්ධයෙන් හා දේශපාලන හිංසනයෙන් විනාශවී ගිය කම්පුචියාව යළි ගොඩ ගැනීමට මම දායක වූයෙමි. කෙමරුජ්වරු බලයෙන් පිරිහී ගියද ඔවුන් කළ විනාශයේ දෝංකාරය තවමත් කම්පුචියාව වෙළාගෙන තිබුණි. අනාථයන්ගේ සුබසාධනය, බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යය වැනි මෙහෙවර වලට මම සක්‍රීය දායකත්වයක් ලබා දුන්නෙමි. කෙමරූජ් හිංසනය නිසා විනාශවූ අපගේ දේශය ගොඩනැගීම සුළුපටු කාර්යයක් නොවේ. ඇතැම්විට ඒ සඳහා ඉදිරි වසර සියය වුවද කැප කිරීමට අපට සිදුවනු ඇත.


පොල්පොට්ගේ ග්‍රහණයට අසුවූ පෝල්

පොල්පොට් බලයට එනවිට පෝල් ඉගෙනුම ලැබුවේ පහේ පන්තියේය. ඔහුගේ මුළු පවුලම කෙමරුජ්වරු අත්අඩංගුවට ගනු ලැබූහ. පෝල් අවසන් වරට තම පියා දුටුවේ ඔහුව ට්‍රක් රථයකට නංවාගෙන කෙමරූජ්වරු විසින් රැගෙන  යන විටය. කෙමරුජ්වරු පෝල්ගේ පියා ඝාතනය කළහ. මවගෙන් හා සහෝදරයන්ගෙන් වෙන් කරන ලද පෝල් කුඹුරු වැඩවලට යවන ලදී. ආහාර හිඟය, නිතර පහර කෑම නිසා ඔහු සිටියේ අධික පීඩාවෙනි.

කෙමරුජ් භටයෝ මිනිසුන් මරාදැමුවේ ඔහුගේ දෙනෙත් ඉදිරිපිටදීය. නිසි වෙලාවට වැඩ ඔහුගේ දෙනෙත් ඉදිරිපිටදීය. නිසිවෙලාවට වැඩ අහවර නොකිරීම, කෑම ළඟතබා ගැනීම, අහවර නොකිරීම, අතිරේක කෑම ලඟ තබා ගැනීම වැනි සුළු වැරදිවලට පවා මිනිස්සු ජීවිතයෙන් වන්දි ගෙවූහ. මිනිසුන්ගේ අඳෝනා තවමත් පෝල් ගේ දෙසවනේ රැඳී තිබේ.

පොල්පොට් භීෂණයෙන් පෝල් ගැලවුනද ඔහුගේ පවුලේ සාමාජිකයන් රැසකට එම වාසනාව හිමි නොවීය. පෝල් පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙළෙයි. කෙමරූජ් සම්බන්ධව අතීතය මතකයට එන විට එම මතකයට ඔහු වෛර කරයි. ඔවුන් සම්බන්ධයෙන් යමෙකු කථා කළවිට ඔහුට තදබල අපහසු තාවයක් දැනෙයි.


මිනීමස් අනුභව කරමින්

ආහාර හිඟය නිසා මරණයේ ගොවිබිම්වල වැඩකළ මිනිසුන් තම රැකවලූන්ට හොරෙන් මියගිය හෝ මරා දැමූ මිනිසුන්ගේ මාංශ වතුරෙන් තම්බා අනුභව කළහ. එය සියැසින් දුටු සාක්ෂිකරුවෙක් මෙසේ පවසයි.

කෙමරුජ්භටයන් සිටියේ ඈතින්ය. අපට මිය ගිය පුද්ගලයන් වළලා දැමීමට අණ ලැබිණි. අපි මෘතශරීර රැගෙන කැලෑවට ගියෙමු. කැලෑවේදී අපි මළසිරුරුවල මෘදු කොටස් කපාගත්තෙමු. ඒ අතර ළමයෙකුගේ සිරුරක් විය. අපි එම මළ සිරුරේ කලවා ප්‍රදේශය කපා මස් ලබා ගත්තෙමු. කෙමරුජ් භටයන්ට නොපෙනෙන ලෙස හැලියක මිනීමස් දමා තැම්බුවෙමු. ඉන්පසුව කුඩා උණ පතුරුවලින් ඇන මිනීමස් අපි කෑවේ ඉවසිය නොහැකි සාගින්න නිසාය.  වහ වහා ආහාර  ගැනීම ආරම්භ කළ අපි කෙමරුජ් භටයන්ට අසුවීමට පෙර කැලෑවෙන් එළියට ආවෙමු.


වන වැදුණු මිනිසුන්

කෙමරූජ්වරුන්ගේ පීඩනය නිසා පවුල් කීපයක් එක්ව වන වැදීමට තීරණය කළහ. ඝාතකයන්ගෙන් බේරී ඔවුහු වනය ඇතුළට පියමං කළහ. මිනිස් කටහ~ක්, වාහන හ~ක් ඇසුණ වහාම ඔව්හු වනයේ හැංගුනහ. මිනිස් වාසයකින් තොර ප්‍රදේශයකට පැමිණ ඔව්හු අළුත් ජීවිත ඇරඹූහ. වනයෙන් ලැබුණු දේ අනුභව කරමින්, ඉතා අසීරුවෙන් ගොවිතැන් කළ ඔවුන් නිබඳවම සිටියේ විමසිල්මත් වෙමිනි. යම් ලෙසකින් කෙමරූජ්වරුන්ගේ දැස ගැටුණොත් ඔවුන්ට මරණය බව ඉඳුරාම දැනසිටි නිසා දිවා රාත්‍රී කාලය ගතකළේ අවිනිශ්චිතතාවයෙනි.

උගුල් අටවා කුරුල්ලන් අල්ලාගත් ඔවුන් කුරුල්ලන් ආහාරයට ගත්හ. කුරුල්ලන්ගේ කුස තුළ තිබූ ධාන්‍ය ඇට පැළකොට පළදාව ලැබූහ. මෙලෙස මේ කුඩා කණ්ඩායම දශක ගණනාවක් හුදෙකලාව ජීවත් වූ අතර හදිසියේ ඔවුන් මිනිස් ඇස ගැටුණු විට කෙමරූජ් පාළනය අවසන් වී වසර ගණනාවක් ගෙවී තිබුණි.


හාමතේ සිටි මම ධාන්‍ය ස්වල්පයක් සොරකම් කළෙමි. - Paula

නවයොවුන් වියේ දැරියක වූ පවුලා කෙමරූජ්වරුන් විසින් කුඹුරු වැඩ සඳහා යොදවනු ලැබීය. ආහාර හිඟය නිසා ඇය ක්ලාන්ත වුවාය. තව දුරටත් වැඩ කිරීමට අපහසු නිසා ඇය අමු සහල් කරල් අහුරක් මුවට දමා විකුවාය. මෙය දුටු කෙමරුජ් භටයන් ඇයට පහර දුන්නේ පොලූවලිනි. මරණාසන්න වන තෙක් පහර දීමෙන් පසු ඔව්හු ඇය අතහැර දැමූහ


රෝහල් වසා දැමුණි

කෙමරුජ්වරු රෝහල් වසා දැමූ අතර අසනීප සඳහා අත්බේත් ගැනීමට ජනතාවට බල කරන ලදී. ඇතැම් සාක්ෂිකරුවන්ගේ වාර්තා අනුව අසනීප වූ මිනිසුන්ට පොල්කිරි එන්නත් කරනු ලැබීය. එසේම විස එන්නත් කිරීමෙන්ද මිනිසුන් ඝාතනය කරන ලදී. ක්‍රමවත් වෛද්‍ය සේවයක් ලබා දෙන ලද්දේ කෙමරුජ් සංවිධානයේ නායකයන් වෙත පමණි.


මොග් ගේ වාසනාව

කෙමරූජ්වරුන් විසින් ළමා මොග් කූඹුරුවැඩ සඳහා යෙදවීය. කුසගින්න නිසා ඔහු දිනක් ආහාර ස්වල්පයක් සොරකම් කරන ලදී. එම වරද හේතුවෙන් කෙමරුජ්වරු ඔහුට පහර දී ඔහු මරා දැමීමට භාරදී තිබිණි. සිර අඩස්සියෙන් පැනගිය මොග් යාබද ගමට යාමට සමත් විය. එහිදී යළි ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. එහෙත් එම ගමේ පාලකයා වූ, ප්‍රාදේශීය නායකයා වූ කෙමරුජ්වරයා මොග්ට අනුකම්පා කොට ජීවිතදානය දුන්නේය. මෙම නායකයාට ළමයින් නොසිටි අතර, ඔහු මොග් තම නිවසේ රඳවා ගත්තේය. මෙහිදී ඔහුට ආහාර ලැබුණි.

වියට්නාම් ආක්‍රමණය වනවිට මොග් කෙමරුජ්වරු සමඟ එක්වී වියට්නාම් හමුදාවලට එරෙහිව සටන් කළේය. මෙහිදී ඔහු දුටු දෙයක් නම් තමා ඉහත දී සිටි ගම්මානයේ කෙමරුජ් නායකයන් ද්‍රෝහීන් ලෙස සලකා සංවිධානය විසින් ඔවුන් ඝාතනය කොට තිබීමය. ඔවුන්ගේ මෘත ශරීර ගස්වල එල්ලෙමින් තිබිණි. කෙමරුජ් පරාජයෙන් පසු මොග් යළි උපන් ගමට ආවේය. ඒ වනවිට කෙමරුජ් සංවිධානය විසින් ඔහුගේ පියා මරාදමා තිබුණි. ජීවතුන් අතර සිටියේ ඔහුගේ මව හා වැඩිමහල් සහෝදරයා පමණි.


ඔවුන් මගේ සැමියා මගේ දෑස් ඉදිරිපිටදීම ඝාතනය කළා. චින්, (කම්පුචියානු ගෘහණියක්.)

ඔව්හු අප දෙදෙනාවම අත්අඩංගුවට ගත්හ. සැමියාට දරුණු ලෙස පහර දුන්හ. එක් කෙමරුජ් භටයෙන් ඔහුගේ හිසට තුවක්කුව එල්ල කළේය. මම භීතියෙන් කෑගැසුවෙමි. මගේ විලාපය ගණනකටවත් නොගත් එම භටයා මගේ සැමියට වෙඩි තිබ්බේය. ඔහුගේ හිසෙන් ලේ පිටවිය. ඔහු ඇද වැටුණි. තවත් වෙඩිල්ලක් ඔහුගේ හිසට තැබූ කෙමරුජ් භටයා මගේ සැමියා මිය ගියේදැයි බැලීමට ඔහුගේ ශරීරයට පයින් ඇන්නේය.


අන්ධ ගායකයා

Kong Nay  අද දිනයේ හඳුන්වන්නේ කම්පුචියානු  රේ චාල්ස් වශයෙනි. කුඩා කාලයේදී වසූරිය වැළඳීම නිසා ඔහුගේ දෙනෙත් අන්ධවිය. ජීවිතය අඳුරු වුවද ඔහු එළිය දුටුවේ සංගීතයෙනි. ගායනයට හා වාදනයට තිබූ දක‍ෂතාවය නිසා ණදබට භ්හ නැවත ජිවිතය තුළට පිවිසියේය.

1975 දී ඔහු ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් වහල් ශ්‍රමිකයන් ලෙස ග්‍රාමීය ප්‍රදේශකරා පිටුවහල් කරනු ලැබීය. කලාකරුවන්ට කෙමරුජ්වරු යටතේ හිස් අහිමි වුවද Kong Nay  මරා නොදමා ඔහුගෙන් ප්‍රචාරක වැඩ ගැනීමට ඔව්හු තීරණය කළහ.

කම්පුචියානු ජන ගී හෝ විදෙස් ගීත ගැයීම හෝ වාදනය කිරීම තහනම් වූ අතර, ඔහුට තිබුණේ කෙමරුජ්වරුනගේ යසෝරාවය පිළිබඳ ගීත ගැයීමටය. පක්ෂ රැස්වීම් වලදී ඔහු පොල්පොට් ඇතුළු අනෙකුත් කෙමරුජ් නායකයන් පිළිබඳ විරුගීත ගායනා කළේය. එමගින් ඔහුගේ ජිවිතය රැකුණි. ආබාධිතයන්ට දිනකට  ලැබුණේ සහල් හැන්දක් පමණි. ශ්‍රමිකයන්ට දිනකට සහල් හැඳි තුනක් ලැබුණි. මේ නිසා ඔහු මන්දපෝෂණයෙන් පෙළුණේය. කාලයත් සමඟ කෙමරුජ්වරුන්ට අන්ධ ගායකයාගේ ගීත ඇසීමෙන් ඒකාකාරිත්වයක් දැනුන නිසාදෝ ඔහුව මරාදැමිය යුත්තන්ගේ ලැයිස්තුවට ඇතුළත් කරන ලදී. එහෙත් වියට්නාම් ආක්‍රමණය නිසා ඔහුලේ ජීවිතය රැකුණි. එහෙත් හිටපු කලාකරුවන්ගෙන් 90% ක් කෙමරූජ්වරු විසින් මරාදමා තිබුණි. කෙමරූජ්වරු පිටත්වීමෙන් පසුව කම්පුචියාව තුළ කලාකරුවන් බිහිවුවද එය කෙමරුජ්වරු ඇතිකළ රික්තය පිරවීමට සමත්වූයේ නැත.

Kong Nay  දැනට කලාකරුවෙකු ලෙස කම්පුචියානු සංස්කෘතීක දෙපාර්තමේන්තුව යටතේ සේවය කරයි. ඔහු ගයන බොහොමයක් ගීත අතිතයේ ශ්‍රම කඳවුරුවල විඳි දුක් පිළිබඳ මතක සටහන්ය.


කෙමරුජ් භටයන් මා පසුපස හඹා එනු මම නිතර සිහිනයෙන් දකිමි. -Keo chetra

කෙමරුජ් භිෂණය අවසන් වී දශක 03 ක් පමණ ගතවී ඇතත් මම තවමත් කෙමරූජ් භිෂණය තුළ ජිවත්වෙමි.

කෙමරූජ්වරු අගනුවරට කඩා වැදුණු අප්‍රේල් 17 දින මට තවම මතකය. පළායාම සඳහා අපි මීකොං ගංඟාව හරහා පිහිනුවෙමු. මගේ සහෝදරයා ගිළුණි. කෙමරූජ්වරුන්ගෙන් ශාරීරිකව බේරුණද මගේ මනස තවම ඔවුන් ගේ අත්අඩංගුවේය. මම නිබඳවම භයානක සිහින දකිමි. අවිගත් කෙමරූජ්වරු මා මරා දැමීමට මගේ පසු පසින් පන්නති. මා අවධි වන්නේ බියෙන් හා දහඩියෙන් තෙත්වූ ශරීරයෙනි. මට ශාන්තිය උදාවීමක් නැති බව පෙනේ. මගේ මනස තවම ඔවුන්ගෙන් මිදී නැත.


මානසික රෝග

කෙමරුජ් භිෂණයෙන් පසු කම්පුචියාවේ මානසික රෝග පැතිරීම බහුල වී ඇත. RAND  ආයතනය විසින් සිදුකළ අධ්‍යයනයකදී අමෙරිකාවට සංක්‍රමණය වූ කම්පුචියානු සරණාගතයින්ගෙන් 60% ක් පශ්චත් ව්‍යසන ක්ලමථ අක්‍රමතායෙන් (PTSD) පෙළෙන බවට හෙළිවිය. ඔවුන් අතරින් 50% ක් විශාදයෙන් පෙළෙති. කම්පුචියාවේ මුළුජනගහනයෙන් 3% ක් පශ්චත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙළෙන බව දල අධ්‍යයන මගින් පෙනී ගොස් තිබේ. ජනගහනය තුළ විශාදයේ පැතිරීම 7% කි. වරක් මරණයේ ගොවිබිම් ආශ්‍රිතව එවකට ජීවත් වූ කම්පුචියානු ළමුන් 100 ක් පසුකාලීනව අධ්‍යනයකට ලක්කළ අතර, ඔවුන්ගේ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය 40% තුළ තිබුණි. මෙම අධ්‍යනය කරනවිට කෙමරුජ්වරු බලයෙන් පිරිහී වසර 13 ගතවී තිබුණි.


බිම්බෝම්බ වලින් පිරුණු භුමිය

කම්පුචියාවේ පුද්ගල නාශක බිම් බෝම්බ මිලියන 10 අධික ප්‍රමාණයක් අතුරා ඇති අතර මේ නිසා වාර්ෂිකව දහස් ගණනක් මියයෑම හෝ ආබාධිත තත්වයන්ට පත්වෙති. මේ වන විට කම්පුචියාවේ පුද්ගලයන් 40,000 ක් බිම්බෝම්බ නිසා ආබාධිත තත්වයට පත් වී සිටිති. යුනිසෙෆ් සංවිධානය පෙන්වාදෙන පරිදි ළමයින්ද මේ විනාශකාරි බිම්බෝම්බ වල ගොදුරු බවට පත්වෙති. දල වශයෙන් බිම්බෝම්බ වලට ගොදුරුවෙන්නන්ගෙන් 33% ළමයි වෙති.

බිම් බෝම්බයක සාමාන්‍ය මිල ඇමෙරිකානු ඩොලර් 3 කි. එය ඇතිරීම ඉතා පහසුය. එහෙත් බිම්බෝම්බයක් නිෂ්ක්‍රීය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 1000 වැයවේ.  CMAC හෙවත් Cambodia Mine Action Committee සහ අනෙකුත් ආයතන මගින් 1993-1999 කාලවකවානුව අතරතුර බිම්බෝම්බ අතුරා තිබූ වර්ග මීටර් 66,027761 භූමි ප්‍රමාණයක් ශ=ද්ධකරන ලදී. 1999 වසරේ කම්පුචියාවේ බිම්බෝම්බ නිසා සිදුවූ අනතුරු සංඛ්‍යාව 1369 කි. 1999 දී එය 1200 දක්වා පහත වැටුණ අතර, මේ සඳහා ක‍ඵAක‍ හි දායකත්වය කැපී පෙනුනි.

කම්පුචියාවේ භාවිතා කරන ලද්දේ MD 82 B  යන වියට්නාමයේ නිෂ්පාදනය කළ බිම්බෝම්බ විශේෂයකි. ප්ලාස්ටික් කවරතුළ නිෂ්පාදනය කෙරෙන මෙම බෝම්බ දීර්ඝ කාලයක් පසේ සක්‍රීය ව පවතියි. විශේෂඥයින් පෙන්වාදෙන අන්දමට මෙම බෝම්බ අවුරුදු 50 ක කාලයක් පුරා අනතුරුදායක තත්වයෙන් පැවතිය හැක.

මෙම බිම්බෝම්බ වැඩි ප්‍රමාණයක් අතුරන ලද්දේ කෙමරුජ්වරු විසිනි. වර්තමානයේ බිම්බෝම්බ නිශ්ක්‍රීය කරන වේගය හා අතුරා ඇති බිම්බෝම්බ ප්‍රමාණය පිළිබඳ සලකා බැලීමේදී කම්පුචියාවේ මුළුමනින්ම බිම්බෝම්බ වලින් නිදහස්වීමට තව වසර සීයක් පමණ ගතවේ.

කම්පුචියාවේ ප්‍රකට බිම්බෝම්බ කෞතුකාගාරයක් තිබේ. එහි පාලකයා අකිරා නම් පුද්ගලයෙකි. අකිරාගේ දෙමව්පියන් දෙදෙනා කෙමරූජ්වරු මරාදැමූ අතර, ඔහු ළමා සොල්දාදුවෙකු ලෙස පුහුණු කරන ලදී. කෙමරූජ්වරු අකිරා වැනි ළමා සොල්දාදුවන් මගින් කම්පුචියාවේ වනාන්තරවල බිම්බෝම්බ ඇතිවූහ. අකිරා බිම්බෝම්බ දහස් ගණනක් ඇතිරූ බව පිළිගත්තේය. අද ඔහු බිම් බෝම්බ ඉවත් කිරීමේ සද්කාර්යයට දායක වී ඇත.


පොල්පොට් බලයෙන් පිරිහීම

1978 දෙසැම්බර් 25 දින වියට්නාම් හමුදා විසින් කම්පුචියාව ආක්‍රමණය කරන ලදී. මේ හේතුවෙන් 1979 ජනවාරි 7 දින පරාජයට පත් කෙමරූජ් හමුදා තායි දේශසීමා ආසන්නයට පළා ගියහ. මෙම දේශසීමා ආසන්නයේ සිට ගරිල්ලා යුද්ධයක් දියත් කිරීමට පොල්පොට්ට හැකිවූ නමුදු සංවිධානය තුළ ක්‍රම ක්‍රමයෙන් ඔහුගේ අධිකාරි බලය අඩුවන්නට විය. 1990 දී කෙමරූජ් සංවිධානයේ බලය ඔහුගෙන් ගිලිහී ගිය අතර, පොල්පොට් එම සංවිධානයේ සිරකරුවෙකු විය. හිටපු කෙමරුජ් නායකයෙකු වූ Tamok ගේ ජනතා අධිකරණය මගින් පොල්පොට්ට ජිවිතාන්තය දක්වා සිරදඞුවම් නියම විය. හිටපු කෙමරූජ් ආරක‍ෂක අමාත්‍ය සොන් සෙං හා ඔහුගේ දරු පවුල ඝාතනය කිරීමට නියෝග දීම සම්බන්ධයෙන් පොල්පොට් හට චෝදනා ගොනු කොට තිබුණි.


වියට්නාම් සබඳතා බිඳවැටීම

මුල්කාලයේදී පොල්පොට් උපකාර ලබා ගනු ලැබුවේ උතුරු වියට්නාමයෙනි. එහත් ක්‍රම ක්‍රමයෙන් ඔහු චීනය දෙසට තල්ලූ වීමත් සමඟම වියට්නාමය සමඟ තිබූ සබඳතා ඉරිතැලූනි. එසේම පොල්පොට් කම්පුචියාවේ සුළුතර ජාතියක් ලෙස ජීවත් වූ වියට්නාම් සම්භවයකින් යුත් ජනතාවට කරන ලද හිංසනය කෙරෙහි වියට්නාම් රජය සිටියේ නොසතුටිනි.

1976 වසරේදී පොල්පොට් වියට්නාමය සතුරු රාජ්‍යයක් ලෙස හ\ුන්වා කෙමරූජ් මධ්‍යම කාරක සභාවට ලියන ලදී. මේ හේතුවෙන් කෙමරූජ්වරුන් හා වියට්නාම හමුදාවන් අතර, ගැටුම් ඇතිවිය. 1977 අප්‍රේල් මස 30 දින කෙමරුජ් හමුදා වියට්නාමයේ දේශසීමා ආක්‍රමණය කරන ලදී. එහෙත් 1977 සැප්තැම්බර් වන විට වියට්නාමය කම්පුචියානු ආක්‍රමණ පරාජය කොට තම සේනා කම්පුචියාවේ අගනුවර වෙත යොමු කළේය. මෙම ගැටුමේදී කම්පුචියාවට චිනයේ සහය ලැබුණු අතර, වියට්නාමයට සෝවියට් දේශයේ සහය ලැබුණි. එහෙත් වියට්නාම් හමුදා ප්‍රහාර හමුවේ කෙමරූජ් රජයේ බිඳවැටීම සිදුවනබව පොල්පොට් හට වැටහිණි. එම නිසා සාම සාකච්ඡා ඇරඹීමට ඔහු උත්සාහ කළද එම වෑයම සාර්ථක නොවීය.


වියට්නාම් ආක්‍රමණය

කෙමරූජ් රජය හා වියට්නාමය අතර  පැවති මතවාද අරගලය මෙන්ම කෙමරූජ්වරු කම්පුචියා, වියට්නනාම් දේශසීමා ආසන්නයේ ජීවත්වූ වියට්නාම් ජන වර්ගයන්ට සැහැසිකම් දියත් කිරීම නිසා 1978 දී වියට්නාම්ය විසින් කම්පුචියාව ආක්‍රමණය කරනු ලැබීය. වියට්නාම ආක්‍රමණ හමුවේ පළාගිය කෙමරූජ්වරු තායි දේශසීමා අසල රැඳී සිටිමින් ගරිල්ලා ප්‍රහාර දියත් කළහ.


සාම ප්‍රයත්න

1989 හා 1991 වසර වලදී පැරිස් සාකච්ඡාවල ප්‍රතිඵල ලෙස සාම සාධක හමුදා මෙහෙවර කම්පුචියාවේ ඇති කරන ලදී. 1993 වසරේදී එක්සත් ජාතීන්ගේ මැදහත් වීමෙන් මැතිවරණයක් පැවැත්වූ අතර, නරදම් සිහනුක් කුමරු යලි බලයට පත්විය. 1998 වන විට හිටපු කෙමරූජ් ගරිල්ලන් බොහෝ දෙනෙකු අවි බිමතබා යටත් වූහ.


කෙමරුජ්වරු යුධ අධිකරණයට කැඳවීම

කම්පුචියාවේ ජන ඝාතනයට නියෝග දුන් කෙමරූජ් නායකයන් බොහෝ දෙනෙක් තම වගකීම් එකිනෙකා මත දමමින් බේරි යාමට ප්‍රයත්න දරන ලදී.


කෙමරුජ්නායකයා යුද අධිකරණයට යොමු කිරීම

1997 දී හිටපු කෙමරූජ් නායකයන්ට එරෙහිව යුධ අපරාධ නඩු විභාග ආරම්භ විය. 1998 වසරේ පොල්පොට්ගේ මරණය නිසා ඔහුට එරෙහිව තිබූ නඩුව අහෝසි විය. දැනට ජිවතුන් අතර, සිටින ඉහළම කෙමරුජ් නායකයා වන Nuon Chea  ට එරෙහි නඩු විභාග පැවැත්වේ. එසේම කියු සම්පෙන් ඉයෙංසාරි කෙං කෙක් ඉව් හෙවත් Duch   (මොහු S-21 වධකාගාරයේ නිර්මාතෘය) මේ අතර වෙති.

අපරාධ නඩු විභාගයේදී පිටු 14,000 ක වාර්තාවක් එළි දක්වා ඇති අතර, සාක්ෂිකරුවන් 350 විනිසුරුවන් 10 දෙනෙකු ගෙන් මෙම අධිකරණය සමන් විත විය.


ඉයෙං සාරිගේ පළායාම

1996 වසරේදී කෙමරුජ් නායකයෙකු වූ ඉයෙං සාරි කෙමරුජ් සොල්දාදුවන් දහස් ගණනක් සමඟ කම්පුච්යානු රජයට භාරවිය. පොල්පොට්ගේ ප්‍රංශ කවයේ සාමාජිකයෙකු වූ ඉයෙං සාරි උපත ලැබුවේ 1925 දීය. ඔහු 1975 සිට 1979 කාලය දක්වා කෙමරුජ් රජයේ උප අග්‍රාමාත්‍ය හා විදේශ ඇමති පදවිය දැරීය. 2007 වසරේ නොවැම්බර් 12 දින ඉයෙං සාරි අත්අඩංගුවට ගනු ලැබීය. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සඳහා ඔහුට චෝදනා ගොනු කෙරිණි.


තා මොක්

ඉතා දරුණු කෙමරුජ් මිලිටරි නායකයෙකුවූ තා මොක් ගේ අන්වර්ථ නාමය මස්කඩකරුවා යන්නයි. 1975-1978 කාලය අතරතුර ලක‍ෂ ගණනක් ජනතාව මරා දැමීම සඳහා තා මොක් ක්‍රියා කළේය. 1990 වන විට කෙමරුජ් හමුදාවෙන් 70% පමණ බලය තිබුණේ තා මොක් අතය. 1998 දී අත්අඩංගුවට ගනු ලැබූ තා මොක් යුද අධිකරණයට ඉදිරිපත් කරන ලදී. තා මොක් කෙමරූජ් සංවිධානයේ තෙවන ප්‍රධාන නායකයා විය.

1924 දී ගොවි පවුලක Takeo  ප්‍රාන්තයේ උපත ලැබූ තා මොක් මුලදී බෞද්ධ භික්්ෂුවක ලෙෂ පුහුණුව ලැබුවේය. පසුව උපැවිදිව ප්‍රංශ හමුදා වලට එදිරිව සටන් කළේය. පොල්පොට් හමු වීමෙන් පසු කෙමරූජ් සංවිධානයට බැඳුනු තා මොක් ඔහුගේ විශ්වාසවන්ත සගයෙකු විය.

දක්ෂ සටන් සොල්දාදුවෙකු වූ තා මොක් 1063 දී කාම්පුචියානු කොමියුනිස්ට් පක්ෂ්යේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙකු ලෙසට පත් කරනු ලැබීය. ඉහළ නිලතල වලට පත් වීමෙන් පසු තා මොක් තම පවුලේ සාමාජිකයන්ට කාම්පුචියාවේ ප්‍රබල තනතුරු පිරි නැමීය. 1977 දී තා මොක් කාම්පුචියානු හමුදාවේ ප්‍රධාන අණ දෙන නිලධාරියා විය.

පොල්පොට්ගේ අණ පරිදි තා මොක් හමුදාවේ අසස් නිලධාරීන්ද අත් අඩංගුවට ගෙන මරා දැමීය.

යුධ අපරාධ සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි තා මොක් තමා ජන ඝාතන කල බවට දැන් චෝදනා ප්‍රතික්ෂේප කළේය. අයහපත් සෞඛ්‍ය තත්වයෙන් පෙළුනු තා මොක් 2006 වසරේ ජූලි 21 මිය ගියේ තමන් කළ අපරාධ වලට කිසිඳු වන්දියක් නොගෙවමිනි.


පොල්පොට්ගේ දකුණු අත.

පොල්පොට්ගේ දකූණු අත ලෙස සැලකූNuon Chea  හඳුන්වන ලද්දේ Brother Number 2  හෙවත් දෙවන සහෝදරතුමා ලෙසිනි. කුප්‍රකට Tuol Sleng  වධකාගාරයේදී සිරකරුවන් රැසක් මරා දැමීමට නියෝග දී ඇති ඔහු තවමත් ජිවතුන් අතර සිටියි. කෙමරූජ් සංවිධානයේ ආරක‍ෂක කටයුතු පිළිබඳව වෙසෙසින් සොය බැලු භමදබ ක‍යැ් පක්ෂයට සතුරු යැයි සැලකූ පිරිස් අතුරුදහන් කරවන ලදී. මොහුගේ දරුණු ක්‍රියාකලාපය නිසා ඔහුගේ මවද තම පුතු Nuon Chea කෙරෙහි දැක්වූයේ පිළිකුලකි.  මාගේ පුතා මිනිසුන්ට මෙලෙස දුක්පීඩා ගෙන දීමට සමත්වූයේ කෙසේදැයි මම නොදනිමි වරක් ඇය ප්‍රකාශ කළාය. ඔහු විසින් තම ළඟම ඥාතීන් පවා සතුරන් ලෙස සැක කොට අත්අඩංගුවට ගෙන මරා දමන ලදී. ඔහුගේ ආරූඪ නාමය Nuon Chea වුවද සත්‍ය නාමය වූයේ Lao Beng Kon   ය. කම්පුචියාවේ හා තායිලන්තයේ ඉගෙනුම ලැබූ ඔහු අයත්වූයේ නාගරික මධ්‍යම පන්තියටය.

අවසාන කාලයේදී තම නායක පොල්පොට් සමඟ මතභේද ඇති කරගත් භමදබ ක‍යැ් දැන ජීවත්ව සිටින කෙමරුජ් නායකයන් අතර ප්‍රමුඛ පෙළේ සිටින්නෙකි. අත්අඩංගුවේ පසුවන ඔහු යුධ අපරාධ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අසු දෙහැවිරිදි භමදබ ක‍යැ් තමාට විරුද්ධව ඇති චෝදනා ප්‍රතිෙක‍ෂ්ප කරයි. භමදබ ක‍යැ් කෙමරුජ් සංවිධානය පසුපස සිටි න්‍යායවාදියා වූ අතර ඔහුගේ න්‍යායේ ප්‍රායෝගික පිවිසුම මත මිලියන ගණනක ජනතාවගේ ඉරණම තීන්දු විය.

මෙම සිදුවීම වසර 30 කටත් එපිට සිදුවූ සිදුවීම නිසා එම සිද්ධීන් පිළිවෙල හරිහැටි මතකයක් තමාට නැති බව ඔහු කියයි. හිටපු ටැක්සි රියැදුරෙකු වන ඍදි ී්රදැමබ ගේ සාක්ෂි අනුව භමදබ ක‍යැ්  මෙම රියැදුරාගේ ඥාතීන් 30 දෙනෙකුගේ මරණයට වගකිව යුතුය.. යුද අපරාධ සඳහා වරදකරුවකු වුවහොත් භමදබ ක‍යැ් හට ජිවිතාන්තය දක්වා සිර ද~ුවම් නියම වනු ඇත.


කියු සම්පෙන්.

1931 දී උපත ලැබූ කියු සම්පෙන් පැරිසියේ අධ්‍යාපනය ලැබීය. ආර්ථීක විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලැබූ ඔහු සිහනුක් රජයේ කැබිනට් ඇමති ධූරයක් දැරීය. අවංක පුද්ගලයෙකු ලෙස ප්‍රචලිත වූ කියු සම්පෙන් මාක්ස්වාදියෙකු විය. සිහනුක් රජය විසින් මාක්ස්වාදයට එරෙහිව ක්‍රියා කරන විටි ඊට එරෙහිව විරෝධය දක්වා ඔහු පොල්පොට්ට එකතු විය. 1975 දී පොල්පොට් බලයට ඒමෙන් පසු කියු සම්පෙන් කෙමරුජ් රජයේ නිළ මාධ්‍ය ප්‍රකාශකයා විය. 1991 සාම ගිවිසුම් සමයේ කෙමරුජ් සංවිධානය නියෝජනය කරන ලද්දේ කියු සම්පෙන් විසිනි.


සොන් සෙන්

පොල්පොට්ගේ පැරිස් කවයේ සාමාජිකයෙකුවූ සොන්සෙන් කෙමරූජ් රජයේ ආරක‍ෂක ඇමති විය. ඔහුගේ ඇතැම් රැඩිකල් තීරණ නිසා දස දහස් ගණන් ජනයා මරුමුවට පත්වූහ. 1997 දී සොන් සෙන් හා ඔහුගේ දරුපවුල් කෙමරුජ් සංවිධානය විසින් ඝාතනය කළේ ඔහු කම්පුචියානු රජයට සම්බන්ධ වීමට තැත් කළ බවට ඇතිවූ සැකය නිසාවෙනි.


පොල්පොට්ගේ මරණය

1998 අප්‍රේල් 15 වෙනි දින පොල්පොට් තායි කම්පුචියානු දේශසීමාවට ආසන්නයේ අවසන් හුස්ම හෙළීය. සිදු කරන ලද අපරාධය විශාල මෙන්ම ඒ සඳහා ලැබිය යුතු ද~ුවම් කුඩාවේ. :The Bigger the Crime the Smaller the Penalty - යන වැකිය පවසන ලද්දේ ෆෙඩ්රික් ෂෙලර් විසිනි. ඔහුගේ අදහස සනාථ කරමින් කළ අපරාධ සඳහා පොල්පොට්ට ද~ුවම් නොලැබිණි. අවසාන කාලයේදී කෙමරූජ් ගරිල්ලන්ගේම අත්අඩංගුවට පත්වූ පොල්පොට් තම දිවියේ අවසාන වසර කිහිපය ගතකළේ රෝගියෙකු වශයෙනි. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 73 ක් විය.

ඔහුගේ මෘතශරීරය කිසිඳු අවමංගල්‍ය උත්සවයකින් තොරව ආදාහනය කරන ලදී. පොල්පොට්ගේ මරණය  පිළිබඳව නොයෙකුත් සැක මතු වී තිබේ.  ඔහුගේ දෙවන බිරිඳ Hleas පවසන පරිදි ඔහුගේ මරණය සිදුවූ දිනයේ 1998 අප්‍රේල් 15 දින රාත්‍රියේ ඔහු ඇමෙරිකානු VOA  ගුවන් විදුලි සේවයට සවන් දී තිබේ. කෙමරුජ් සංවිධානය පොල්පොට් යුද අපරාධ සඳහා බලධාරීන්ට භාරදීමට නියමිත බව ඔහුට දැනගන්නට ලැබිණි. මේ නිසා පොල්පොට් සිටියේ බියෙන් හා කලබලකාරි තත්වයකිනි. අන්තර් ජාතික යුධ අධිකරණය මගහැරීම සඳහා පොල්පොට් දිවිනසා ගත්තේදැයි සැකයක් මතුවේ.

වධකාගාරයේ පාලකයා හඞා වැළපෙයි.

Tuol sleng (S-21)  වධකාගාරයේ පාළකයාව සිටි  Duch හෙවත් Kang Kech Eav සමූහ මිනීවලක් වෙත ගෙනයනු ලැබීය. කම්පුචියානු හා එක්සත් ජාතීන්ගෙන් සැදුම්ලත් විනිශ්චය කාරවරුන් 80 දෙනෙකුගෙන් යුත් මෙම අධිකරණ මඩුල්ලද  මෙම අවස්ථාවට සභාගී වූහ.

පුද්ගලයන් 120 දෙනෙකු මරා වළදමා තිබූ මෙම ස්ථානයේදී දී හිටපු වධකාගාර පාළකයා දණින් වැටී වැලපුන අතර තමන් කළ අපරාධ සඳහා සමාව ඉල්ලා සිටියේය. ගොඩදමා තිබූ මිනිස් හිස්කබල් අභිමුඛයේ දණින් වැටුණු ඔහු කෙමරූජ්වරුන් විසින් මරාදැමූ පුද්ගලයන්ගේ ආත්මවලට සැනසීම ලැබේවායි පතන ලදී. Tuol Sleng    වධකාගාරයේ පුද්ගලයන් ඝාතනය කිරීම සිදු කෙරුණේ ඔහුට ලැබුණු නියෝග මත බව හෙතෙම පවසා තිබේ.S-21 වධකාගාරයේ රැඳවියෙක්ව සිට දිවිගලවා ගත් Chum Manh  පවසන අන්දමට Duch  විසින් ඔහුගේ බිළිඳු දරවා හා බිරිඳ මරා දැමීමට නියෝග දී ඇත.


අපි යුක්තිය වෙනුවෙන් වසර 30 බලා සිටියෙමු.

Theary Seng  ගේ දෙමාපියන් කෙමරුජ්වරු විසින් මරා දමන ලදී. ඉන්පසු ඇය ජීවත්වූයේ කෙමරූජ් භීෂණය සමගිනි. කෙමරූජ්වරුන්ගේ බලය පිරිහීමත් සමඟ ඇමෙරිකාවට පළාගිය ඇය දැන් නීතිඥවරියකි.

හිටපු කෙමරුජ් නායක Nuon Chea  ට එරෙහිව නඩු විභාගයේදී සාක්ෂිදුන් Theary Seng කෙමරූජ් ඇයගේ ආත්මය සිඳ දැමූ අයුරු විස්තර කළාය. දැනට ජිවතුන් අතර, සිටින කෙමරුජ් ෙජ්ෂ්ඨතම නායකයා වන Nuon Chea හට එදිරිව ඇති නඩුව තවදුරටත් විභාග කරන ලෙස ඇය ඉල්ලා සිටියාය.

 මෙය අතීතයේ සිදුවූ සිද්ධියක් ලෙස සලකා විත්තිකරුවන්ට තමන් විසින් කළ අපරාධ වලින් ගැලවී යාමට ඉඩ නොදිය යුතුයි.  යන්න අවධාරණය කළ ඇය අපි යුක්තිය වෙනුවෙන් වසර 30 ක් බලා සිටියෙමු යැයි අධිකරණයේදී පැවසුවාය. ඇයගේ දෙමාපියන් මරා දමන විට ඇයගේ වයස අවුරුදු 7 කි.


Tuol Sleng  වධකාගාරයෙන් බේරුණු භාග්‍යවන්තයින්

Tuol Sleng  සිරකරුවන් අතරින්   පණපිටින් පැමිණීමට හැකිවූයේ දොළොස් දෙනෙකුට පමණි. Chim Math  මෙම දොලොස් දෙනා අතර සිටි එකම කාන්තාවයි. අනෙක් සියළුමදෙනා ම පිරිමි වූහ. අත්අඩංගුවට ගනු ලැබූ Vann Nath   නම් පුද්ගලයාගේ පණ රැකුණේ ඔහුට චිත්‍ර ඇඳීමට තිබුණු හැකියාව නිසාය. ඔහු පොල්පොට්ගේ චිත්‍ර ඇඳීය. එම නිසා ඔහුට චිත්‍ර ඇඳීමට ඉඩ දෙනු ලැබීය. නිදහස ලැබීමෙන් පසු Vann Nath   වධකාගාරයේදී සියැසින් දුටු වධක සිද්ධීන් චිත්‍රයට නැගීය.

දෙපාවලින් එල්ලා පහරකනු ලබන මිනිසුන්, ඇඳන්වලට බැඳ තියුණු අවිවලින් ශරීර අවයම කපාදමා තිබුණු මිනිසුන්, විදුලි පහර වලට ලක්කළ මිනිසුන්, ඔහුගේ චිත්‍ර අතර වෙයි. Toul sleng  වධකාගාරයේ 1720 ක පිරිසක් සේවය කළහ. ඒ අතරින් 300 ක පිරිසක් සිරකරුවන්ගෙන් ප්‍රශ්න කරන්නන් (Interrogators) වූහ. වධකාගාරයේ පාළකයා වූයේ ෘමජය සහෝදරයාය. ඔහු වෘත්තියෙන් ගණිත ගුරුවරයකු විය. පොල්පොට් සමඟ ලඟින් වැඩකළ ෘමජය සහෝදරයා මෙහි පාළකයා වීටම සුදුසු බව පොල්පොට් තීරණය කළේය.

Tuol Sleng  වධකාගාරය පිළිබඳව මුලින්ම ලොවට තතු හෙළිකරන ලද්දේ හෝ වැන් ටායි නැමති  ඡායාරූප ශිල්පියාය. වියට්නාම් හමුදාවේ සේවය කළ ඔහු 1979 වසරේදී Tuol Sleng  මස්මඩුව පිළිබඳව රහස ලොවට හෙළි කළේය.

කෙමරූජ් රජයේ බිඳවැටීමත් සමඟම මෙම වධකාගාරයේ තිබූ ලිපි ලේඛන ඡායාරූප විනාශ කරනු ලැබීම නිසා මෙහි යථා තත්වය තවමත් අනාවරණය වී නැත. 2003 වසරේ Rith Ponh  නම් සිනමාවේදියා විසින් The Khmer Rouge Killing Machine  නම් චිත්‍රපටය එළිදක්වනු ලැබීය. මෙම චිත්‍රපටයේ තේමාව වූයේ ඔමදක ීකැබට වධකාගාරයෙන් බේරුණු මිනිසුන් ස්වල්ප දෙනා පිළිබඳවයි.


වධකාගාරයේ චිත්‍ර ශිල්පියා

Vann Nath  කුප්‍රකටS-21 වධකාගාරයේ රැඳවියන් අතරින් පණපිටින් බේරීමට සමත්වූ පුද්ගලයන් 7 දෙනාගෙන් එක් අයෙකි. තවමත් ජිවතුන් අතර සිටින ඔහු වධකාගාරයේ භිෂණය පිළිබඳ කරුණු ලොවට හෙළි කරයි.

චිත්‍ර ඇඳීමට තිබූ දක‍ෂතාවය නිසා සිරමැදිරියේ අනෙක් සිරකරුවන්ට වඩා ඔහුට විශේෂ තැනක් හිමි විය. මෙම දක‍ෂතාවය ඔහු මරණයෙන් ගැලවීමට උපකාරි විය. පොල්පොට්ගේ චිත්‍ර ඇඳීමට නියම වූ Vann Nath  හට ඉන් පළායාමට හැකි වූයේ 1979 වියට්නාම් ආක්‍රමණය නිසාය. පසුව ඔහුගේ අත්දැකීම් කැටිකරගත් The Khmer Rouge Killing Machine  වෘතාන්ත චිත්‍රපටය නිපදවන ලදී. Vann Nath  විසින් අඳින ලද චිත්‍ර S21 වධකාගාරයේ සිදුවූ බිහිසුණු සිද්ධීන් රාශියක් නිරූපනය කරයි. මෙකී චිත්‍ර අතර කුඩා බිළිදෙකු මවගෙන් උදුරාගෙන පොළොවේ ගසන කෙමරූජ් භටයන් දෙදෙනෙක්, මිනිසෙකුට පණයන තෙක් මුගුරුවලින් පහර දෙන වධකයන් ඛෙලි කැපූ කවන්ධ රූප, යනාදි ඇඟ කිළිපොලා යන දර්ශන තිබේ.

කෙමරූජ් භීෂණය පිළිබඳ සාක්ෂිකරුවෙකුවන Vann Nath  මෙසේ කියයි.  පිට ග්‍රහලෝකවල ජීවීන් සිටීදැයි ම නිතරම මගෙන් අසමි. එසේ ජීවීන් සිටිත්නම් ඔවුන් අප මෙන් දුක් දොම්නස් වලට පාත්‍ර වෙනවාද? ඔවුන් අප මෙන් දුක් වේදනා වලට පත් නොවේ නම්, මම එවැනි ග්‍රහලොවක උපත ලැබීමට කැමැත්තෙමි. ඒ මන්දයත් කෙමරූජ්වරුන් යටතේ දුක්විඳ හා අන්‍යයන් දුක්විඳිනවා මා දැක ඇති බැවිනි.

1978 ජනවාරි 7 දින කුඹුරු වැඩ කරමින් සිටියදී ඔව්හු මා අත්අඩංගුවට ගත්හ. ඉන්පසුව මා සිහිනයකින්වත් නොසිතූ දේවල් ගැන චෝදනා කළහ. මා රහස් සංවිධානයකට අයත් සාමාජිකයෙකු බවත්, අන්කා දහම මා උල්ලංඝනය කොට ඇති බවත්, ඔව්හු කීහ. එහෙත් එම වැරදි මම රහසින්වත් කර නොතිබිණි. ඔව්හු මට විදුලි ප්‍රහාර නියම කළහ. විදුලිය මගේ ශරීරයට කාවැදෙද්දී මට දෙතුන් වරක් සිහිනැති විය.

ඉන්පසුව ඔව්හු මා S-21 Toul Sleng  වධකාගාරයට ගෙන ගියහ. ඔව්හු මා තෙවන මහලේ සිරගත කළහ. මා සමඟ තවත් සිරකරුවන් පනස්දෙනෙක් සිටියහ. අපට ආහාර දෙන ලද්දේ උදෑසන අටටත්, රාත්‍රී අටටත්ය. ආහාර ලෙස දුන්නේ හාල් තේ හැඳි ස්වල්පයකින් යොදා පිළියෙළ කළ කැඳය. අපට බීමට වතුර නොදෙන ලදී. මුත්‍රා කිරීම සඳහාත්, මළපහ කිරීම සඳහාත්, දෙනු ලැබුවේ කුඩා වානේ බාල්දියකි. මුත්‍රා හෝ මළ ඉහිරුනේ නම් අදාල පුද්ගලයාට එය දිවගින් ශ=ද්ධ පවිත්‍ර කිරීමට නියම කෙරුණි.

මෙම නරකාදියේ මා ජිවත්වූයේ කෙසේදැයි මට නොතේරේ. මාසයකට පසුව දිනක් මෙම වධකාගාරයේ පාළක Duch  අභිමුවට මා රැගෙන යන ලදී. මා චිත්‍ර ශිල්පියකු බව දැනගත් ඔහු මට පොල්පොට්ගේ විශාල  චිත්‍රයක් ඇඳීමට නියම කළේය. මට පෙර ඒ කාර්යය නියම වූ සිරකරුවන් දෙදෙනෙකුගේ චිත්‍රය අසාර්ථක වූ නිසා ඔවුන් මරණයට පත් කරන ලදී. මේ චිත්‍රය ඇඳීම මගේ මරණය හෝ  ජීවත්වීම තිරණය කරන බැවින් මේ ගැන මගේ විශේෂ අවධානය යොමු කළ යුතුබව මට වැටහිණි.

විශේෂ අවධානයකින් හා මහත් පරිශ්‍රමයකින් යුතුව චිත්‍රය ඇඳීමට පටන් ගතිමි. සෑම පින්සල් පහරක්ම මගේ ජීවිතය රැකදෙන වෑයමක් විය. නිරාහාරව බියෙන් හා කම්පනයෙන් යුතුව මෙවැනි සුවිසල් චිත්‍රයක් නිම කිරීම අතිශයින්ම අසීරු කටයුත්තක් විය. එහෙත් එම කාර්යය මම සාර්ථකව නිම කළෙමි. මෙම චිත්‍රය මට ජීවිත  දානය ලබා දුන්නේය.

Vann Nath  හට නිදහස ලැබීමෙන් පසු කෞතුගාරයක් බවට පත්කළ Toul Sleng  වධකාගාරයේ හෙතෙම සේවය කළේය. දැන් ඔහු චිත්‍ර ශිල්පියෙකු ලෙස ජීවිකාව ගෙන යයි.


Toul Sleng  කෞතුකාගාරය

කෙමරූජ් ජන ඝාතනය වර්තමාන ලෝකයට පවසන සාක්ෂිය වනාහි Toul Sleng කෞතුකාගාරයයි. නොම්පෙන්හි පිහිටා ඇති මෙම කෞතුකාගාර ගොඩනැගිල්ල අතීතයේ උසස් පාසලකි. කෙමරූජ්වරු මෙම පාසල් ගොඩනැගිල්ල හිර කඳවුරක් බවට පරිවර්තනය කළෝය.

1975 සිට 1979 දක්වා පුද්ගලයන් 17000 ක් මෙහි සිරකරුවන් ලෙස රඳවා සිටි බවට සාක්ෂි තිබේ. 1980 දී මෙයින් පණපිටින් නිදහස් ලෝකයට පැමිණියේ පුද්ගලයන් හත්දෙනෙකු පමණි. උන්ඩ අරපරෙස්සම් කර ගැනීම සඳහා සිරකරුවන්ට වෙඩි තැබුවේ කලාතුරකිනි. මොට්ට ආයුධ වලින් පහර දී හෝ තියුණු ආයුධ වලින් කපා කොටා ඔවුන්ව මරා දැමීම මෙම ඝාතක ස්ථානයේ නිබඳවම සිදු කෙරිණි. ඇතැම්විට ප්ලාස්ටික් බෑග් මුහුණට දමා සිරකොට හුස්ම ගැනීම වලකා ලමින් සිරකරුවන් මරා දැමීමටද මෙහි භාවිතා වූ තව එක් මාරක ක්‍රමවේදයකි.

මෙම කෞතුකාගාරයේ සිරකරුවන් වද බන්ධනයට පත් කිරීම සඳහා යොදා ගන්නා ලද උපකරණ ප්‍රදර්ශනය කෙරේ. බාල්ක, මිනිසුන් එල්ලන කොකු, දම්වැල්, යකඩපොලූ, කඩු, පිහි, ජලටැංකි, මේවා සියල්ලන්ටම ඇත්තේ මාරක ඉතිහාසයකි.

කෞතුකාගාරය පුරා මිනී හිස් කබල් ඇට කැබලි, දක්නට තිබේ. ඇතැම් ඇටකටුවල පොරෝ පහරවල්, අස්ථී බිඳීම්, දක්නට ඇත. සමහර ඇටකටු අවුරුදු 10-12 අතර වයස් සීමා ඇති ළමුන්ගේ බව සනාථ කොට තිබීමෙන් පෙනී යන්නේ කෙමරූජ් භීෂණයේ රුදුරු බවයි.


යේල් විශ්ව විද්‍යාලය කෙමරූජ් භීෂණය අධ්‍යයන කරයි.

1994 වසරේ යේල් විශ්විද්‍යාලය විසින් CGP  හෙවත්   Cambodian Genocide Program අරඹනු ලැබීය. මෙම අධ්‍යනයේ අරමුණ වූයේ පොල්පොට්ගේ ජන ඝාතනයට තුඩුදුන් හේතු කාරණා සොයා බැලීමය. එසේම ව්‍යසනයේ ප්‍රමාණය, ඒ සඳහා දායක වූවන් කවරහුද යන්න සොයා බැලීම් කෙරුණි.

 (මතු සම්බන්දයි )



වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද  කෙමරූජ් භීෂණය කෘතිය​ ඇසුරෙනි


5 comments:

  1. මම කෙමරුජ් ගැන ලියන්නයි හිටියේ මගේ අත්දැකීමක් දාලා. මේකේ ඒ විස්තරම හොඳට තියනවා. නියමයි.

    ReplyDelete
  2. අජිත් ඔබගේ අත්දැකීමත් ලියන්න

    ReplyDelete
  3. සෑහෙන්න වටින ලිපියක්. නූගත් අමනයෙක් බල ලෝබයෙන් හා බල තණ්හාවෙන් කරන ලද විනාශය නම් විශාලයි. කාම්පුචියාවට මෙි සිදු වූ විනාශයෙන් ගොඩ ඒමට නමි තවත් වසර සිය ගානනකට නොහැකි වේවි.

    ReplyDelete
  4. The Bigger the Crime the Smaller the Penalty. කොතරම් සත්‍ය වැකියක් ද...

    70 දශකයේ අප රටේ සිදු වූ දේවල් මා දැක නොමැති නමුත් 83 වසරේ මෙන්ම 88/89 සිදුවීම් සඳහා කිසිවෙකුට දඬුවමක් දුන් බවක් මට මතක නැත. අවම වශයෙන් ඒ සඳහා වගකිවයුත්තෙක් අඳුනා ගත් බවක් වත් මට මතක නැත.

    පසුගිය දශකයේ සිදුවූ මහා පරිමාණ දූෂණ වල වගකීමද එලෙසින්ම වැළලී යනු නියතය.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook