වෛද්‍ය රුවන් එම් ජයතුංග
නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කිගේ වානේ පන්නරය ලැබුණු හැටි කෘතියේ එන පාවෙල් කොර්චාගීන් චරිතය බොහෝ දෙනෙකුට විශාල බලපෑමක් ඇති කල බව කීවේ නම් නිවැරදිය. අප පාවෙල් කොර්චාගීන් හඳුනා ගත්තේ දැදිගම වී රොද්‍රිගු හරහාය. පවෙල් කොර්චාගීන්ට අපි දශක ගණනාවක් පුර ආදරය කළෙමු. සැබවින්ම ඔහු අපගේ වීරයා සහ පරමාදර්ශය විය . ඔහු ජීවත් වුයේ කෙටි කාලයකි. එහෙත් පරාර්ථය , කැපවීම සහ නොපසුබස්නා උත්සාහය ජීවිතයේ හරයන් කරගත් පාවෙල් මිනිසුන්ගේ හදවත් තුල තවමත් ජීවත් වේ.
පාවෙල් කොර්චාගීන් යන සාහිත්‍යම චරිතය සහ නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කි යන සැබෑ චරිතය බොහෝ දුරට එක සමානය. ඔව්ස්ට්‍රොව්ස්කි වානේ පන්නරය ලැබුණු හැටි කෘතිය තුලින් ඉදිරිපත් කලේ ඔහුගේම චරිතයයි. එම නිසා පාවෙල් කොර්චාගීන් සහ නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කි එක අයෙකු ලෙසට සැලකුවාට වරදක් නැත.
ගිනි උදුන් මොළවන දිළිඳු ගැටවරයෙකු සිවිල් යුද්දයෙන් පසු මිනිසෙකු බවට පරිවර්තනය වූ අයුරු නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කි පාවෙල්ගේ චරිතය හරහා පෙන්නා දුන්නේය. ළමා පාවෙල් පුජකයාගේ පිටි වලට දුම්කුඩු මිශ්‍ර කළේය, කුඩා කාලයේම දරිද්‍රතාව හා සමාජ විෂමතාව හඳුනාගත් ඔහු පොහොසත් හා අහංකාර වික්ටර්ට හා නෙලීට වෛර කලේ ඔවුන් දුප්පතුන්ගේ දුක නොහඳුනනන් නිසාය. පාවෙල් කොර්චාගීන් රළුය, නුරුස්නා සහගතය, මදාවිකම් කළේය. එහෙත් පවෙල් තුල සංවේදී මනුෂයේකු සිටියේය. ඔහුගේ දඩබ්බර වැඩ වලට ආදරය කල තෝන්යා ඔහුගේ ප්‍රථම ආදරවන්තිය වුවාය. පාවෙල් පැවසූ පරිදි ඇයට කම්කරුවෙකුට ආදරය කිරීමට හැකි වුවද ඔහුගේ අදහස් වලට ආදරය කිරීමට නොහැකි වුවාය. එමනිසා ඔවුන් දෙදෙනා දුරස්ථ විය.
කොම්සොමෝල් වියාපාරය හරහා ළදරු සෝවියට් දේශය ගොඩ නැගීමට පාවෙල් අපමණ කැපකිරීම් කළේය, එක දිගට ශීත කාලයේ එළිමහනේ වැඩ කළේය, පෝලන්ත හමුදා සහ ප්‍රති විප්ල කොටස් වලට එරෙහිව සටන් කළේය. අවසානයේදී ඔහු ස්නායු රෝගයකට ගොදුරු විය. අංශබාගය නිසා ඔහුගේ දිවිය ඇඳට කොටු විය. බලාපොරොත්තු බිඳ වැටීම හේතුවෙන් ජීවිතය නැති කර ගැනීමට උත්සහ කලද අවසානයේදී ඔහු අලුත් අවියක් ගෙන සටන් බිමට පැමිණියේය. තුවක්කුව වෙනුවට ඔහු පෑන අතට ගත්තේය. ඔහු තමා වටා තිබු අයෝමය වලල්ල බිඳ දැමීය. කුණාටුවකින් උපත ලද්දෝ ඔහුගේ පළමු නවකතාව විය. එහි සාර්ථකත්වය හරහා ඔහු තම අවසාන සහ ලෝක ප්‍රකට නවකතාව රචනා කළේය. එය වානේ පන්නරය ලැබුණු හැටි නම් විය.
1987 වසරේදී මම නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කි උපන් යුක්රයිනයේ ශේපිතොව්කා ගම්මානයට ගියෙමි. 1987 කාලය වන විටත් එහි පිටිසර ගතිය බොහෝ දුරට දක්නට තිබුණි. 1993 දී මොස්කව් වලදී ඔව්ස්ට්‍රොව්ස්කි අවසන් කාලයේ ජීවත්වූ නිවසද දුටුවෙමි. නමුත් එම නිවස ඇතුලට යාමට මට නොහැකි විය. ඒ පිලිබඳව මම අද කනගාටු වෙමි.
නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කි පිලිබඳව මට එක ගැටලුවක් තිබේ. ඔහු ස්ටාලින්ගේ කුමන්ත්‍රණ දේශපාලනය හඳුනා ගැනීමට අපොහොසත් විය. ඔහු ස්ටාලින් හැඳින්වුයේ සමුර්ධිමත් යුගයකට අපව ගෙන යන සදාදරණීය නායකයා වශයෙනි . ඇතැම් විට ස්ටාලින්ගේ තත්‍ය ස්වභාවය දැකීමට ඔහුට නොහැකි වුවා විය හැක. එහෙත් 1936 දී ඔහුගේ මරණය සිදුවන විට විටත් ස්ටාලින් දස දහස් ගණනින් ජනයා ගුලර්ග් වහල් ශ්‍රම කඳවුරු වලට ගාල් කරමින් සිටියේය.
//කොම්සොමෝල් වියාපාරය හරහා ළදරු සෝවියට් දේශය ගොඩ නැගීමට පාවෙල් අපමණ කැපකිරීම් කළේය, // පවෙල් නොවේ නිකොලයි. 1987 තම මම ලේකම් වෙලා හිටියේ. මාත් ගිය ඔතනට. අපි හම්බ වුනේ නැත්තේ ඇයි කියල කල්පනා කලේ.
ReplyDeleteඅජිත් කොම්සොමෝල් වියාපාරය හරහා ළදරු සෝවියට් දේශය ගොඩ නැගීමට පාවෙල් (චරිතය )මෙන්ම නිකොලායි (සැබෑ චරිතය )අපමණ කැපකිරීම් කළේය. නමුත් ස්ටාලින් ඔවුන්ව උපකරණ ලෙස භාවිතා කලේද ? Pl read :Joseph Stalin - Psychopathology of a Dictator http://transyl2014.blogspot.ca/2014/11/joseph-stalin-psychopathology-of.html and Lavrentiy Beria - Stalin's Instrument of Terror http://transyl2014.blogspot.ca/2014/11/lavrentiy-beria-stalins-instrument-of.html
Deleteමම මෙතන ලීවේ ඔබ නිකොලයි ගැන ලියන්නේ. පවෙල් කියන්නේ ඔහුගේ චරිතයක්නේ. වානේ පන්නරය ලැබුණු හැටි ලීවේ නිකොලයි. පවෙල් තම ප්‍රධාන චරිතය. තමන්ගේ ජීවිතය ඇසුරින් ලියුවක් කියල කියනවා.
ReplyDelete