Friday, May 10, 2019

බුර්කාව


බුර්කාවට අපේ අයියලා බිරුවට බොහෝ මුස්ලිම් ගෑණු බුර්කාව අඳින්නේ කැමැත්තෙන් නොවෙයි.
මගේ මුස්ලිම් යාලුවෙක් කිව්වා මූණ සහ කොණ්ඩය පෙන්නගෙන ඉන්න ගෑණු ගණිකාවෝ කියලා නිතරම පල්ලියෙන් දේශනා කරන නිසා ගෑණු බුර්කා දාගන්නවා කියලා.
වරක් මම දන්න ලිබරල් මුස්ලිම් විනිසුරුවරයෙක් ඔහුගේ දියණියගේ පින්තූරයක් ෆේස් බුක් එකේ දැම්මම රෝයල්, සෙන්ට් තෝමස් පාසල් ගිය එංගලන්තයේ ඇමරිකාවේ උපාධි නිම කල මුස්ලිම් තරුණ කොටස් ඇයි සර් දුව  කොණ්ඩය  ආවරණය කර ගෙන නැත්තේ කියලා කොමෙන්ට් දාලා තිබ්බා. රෝයල්, සෙන්ට් තෝමස් පාසල් ගිය එංගලන්තයේ ඇමරිකාවේ උපාධි නිම කල අයත් එහෙම නම් කාත්තන්කුඩියේ නූගත් ජලාල්දීන්ලාගේ  ගේ මට්ටම  තේරුම් ගත හැකියි නේද.

මුහුණ හිසකේ ආවරණය නොකරන කාන්තාව මුස්ලිම් සමාජයෙන් බොහෝ විට කොන් කරනවා , ගර්භාවට ලක් කෙරෙනවා. මේ තත්වය තුල මුස්ලිම් ගෑණුන් ගේ බුර්කා බලෙන් ගලවන්න හදන එවුන් ඒක ආකල්පමය වෙනසක් හරහා  කරන්න බලන්න. බලහත්කාරය මීට පිලිතුරක් නොවේ.


2 comments:

  1. කොයි කෙල්ලද අප්පා අද කාලෙ මුළු ඇඟම වහ ගෙන යන්න කැමති? හැබැයි උන්නැහැලා අතරෙ ඉන්න දුරට ඇපල් - ලඟට පැපොල් නංගිලා නම් මේ මගුලට කැමති ඇති නේද?

    දැන් තියෙන්නේ ඔක්කොම අපේ ගෑනුන්ටත් ඔය මගුලම අන්දන්න! එතකොට ඔය අවුල නැති වෙයි! හිතන කොටත් බය හිතෙනවා ගෙදර මායියා ඕක ඇඳන් රෑට කාමරේට එබුනොත් කියලා!

    ReplyDelete
  2. Dulaj Karunarathne
    ඔබ හරි මම හිතන්නේ නෑ කිසිදු කාන්තාවක් ඔය ආකාරයේ ඇඳුම් ඇඳීමට කැමති කියා. නමුත් ප්‍රශ්නය තමයි මට හිතෙන විදියට මුස්ලිම් ආගමික කාන්තාවන්ට තමන්ට තමන් ගැන තීරණයක් ගැනීමේ ඇති ඉඩකඩ ඉතාම අඩුවීම.
    ඔවුන් කරන කියන දෑ ඔවුන්ගේ පවුල්වල සහ සැමියන්ගේ පූර්ණ අනුමැතිය පමණක් සිදු වෙනවා යැයි විශ්වාස කිරීමට හේතු වැඩියි.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook