Thursday, May 30, 2019

බ්ලැස්ෆෙමි නීතිය


පසුගිය කාලයේ කැනඩාවේ PTSD පිලිබඳ ක්‍රියා කරන ආයතනයක් පාකිස්ථාන සරණාගතයෙකු මා වෙත එව්වේ ඔහු පිලිබඳව මානසික තුලනීකරණ පරීක්‍ෂණයක් පවත්වා අවශ්‍ය මනෝ ප්‍රතිකාර කිරීම සඳහාය.  මේ පුද්ගලයා සමග කතා කිරීමේදී පෙනී ගියේ ඔහු පාකිස්ථානයේ සිටියදී පාපන්දු නිශ්පාදනය කරන කුඩා කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන ගිය අයෙකු බවයි. ඔහු කියූ පරිදි වරක් ලැබුනු ඇණවුමක් මත ඔහු රටවල් ගනනාවක ධජ  නිරූපනය කරන ලද පාපන්දු තොගයක් නිශ්පාදනය කොට තිබේ. මේ පාපන්දු වෙලඳ පොලට නිකුත්‍ කිරීමෙන් පසු එක් මුල්ලා කෙනෙක් මේ පාපන්දු වල ඉරාකයේ ධජය ඇති බවත් එම ධජයේ අල්ලාහු අක්බාර් වචනය තිබෙන බවත් සහ එම ශුද්ධ වචනය පයින් ගසන පා පන්දුවකට යෙදීමෙන් අදාල පුද්ගලයා ඉස්ලාම් ආගමට අපහාස කොට ඇති බවත් පොලිසියට පැමිනිලි කොට ඇත.  පාකිස්ථාන පොලිසිය විසින් බ්ලැස්ෆෙමි නීතිය යටතේ ඔහුව සිර භාරයට ගෙන මාස පහක් සිර ගත කරන ලදි. සිරේදී ඔහුට රැකවලුන් මෙන්ම රැඳවියන් ද පහර දී ඇති අතර ඔහුව වධ බන්දනයටද ලක් කොට ඇත.  

මා මේ කතාව කියන්නේ  කෙටි කතාවක් ලියූ ශක්තික සත් කුමාර ලන්කාවේ බ්ලැස්ෆෙමි නීතිය යටතේ තවමත් රිමාන්ඩ් කොට තිබෙන අවස්ථාවකය.  ආගමික මුල්ලාවරුන් විසින් රටක නීතිය හසුරවයි නම් එවැනි රටවල් තවමත් තියෙන්නේ මධ්‍යතන යුගයේය.

 වෛද්‍ය රුවන් එම් ජයතුංග

1 comment:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook