Friday, May 31, 2019

විනිශ්චය



වෛද්‍ය සුජීව ගුණරත්න වින්සන්ට් ලංකාතිලකට හමු වූයේ ඔහු ජීවිතයෙන් පැරදී සිටින විටදීය. කැනඩාවට මෙන්ම ඕස්ට්‍රේලියාවට ගියද සුජීව ගුණරත්නට එම රට වල වෛද්‍ය සේවයේ නිරත වීම සඳහා විභාග සමත් වීමට හැකි වන්නේ නැත. වින්සන්ට් ලංකාතිලක ඔහුට හැකි පමණ සුජීවට උපකාර කලේය. 

මිසිසාගා නගරයට පැමිණි ඔහු ජීවත් වන්නට සෙකියුරිටි රැකියාවක් සොයා ගනී. එහෙත් ඔහු එය තම බිරිඳගෙන් වසන් කරයි. තම සැමියා සෙකියුරිටි රැකියාවක් කරන බව සොයා ගන්නා සුජීව ගුණරත්න ගේ බිරිඳ ඔහුට නිතරම පරිභව කලාය. තවද ඇය බෙස්ට් බයි නම් සමාගමක කළමණාකරුවෙකු සමග ප්‍රසිද්ධියේ අයථා ලෙස හැසිරුනාය. සුජීව ගුණරත්න රාත්‍රී ආරක්‍ෂක මුරය කිරීමට ගිය විට  ඔහුගේ බිරිඳ තම අනියම් සැමියා නිවසටම ගෙන්වා ගැනීමට තරම් නිර්භය වූවාය. වරක් සේවා මුරයෙන් පසු නිවසට ආ සුජීව තම බිරිඳ අනියම් සැමියා සමග එකම සයනයේ නිදනු දැක ඔහු මිසිසාගා නගරය අත් හැර දමා ඕස්ට්‍රේලියාවට ගියේය. එහෙත් ඔහුට ඕස්ට්‍රේලියාවේද වෛද්‍ය යෝග්‍යතා විභාගය අසමත් විය. 

මිතුරන් ගෙන් මුදල් ණයට ඉල්ලා ගනිමින් ඕස්ට්‍රේලියාවේ කරක් ගැසූ සුජීව ගුණරත්න පසුව වින්සන්ට් ලංකාතිලක ගේ මිතුරෙකුට විශාල මුදල් වංචාවක් කොට ලංකාවට පළා ආවේය. සුජීව ගුණරත්න අවසාන කාලයේදී නැවතී සිටියේ මේ මිතුරාගේ නිවසේය.  සුජීව ගුණරත්න මිතුරාගේ මුදල් පමණක් නොව නිවසේ තිබූ ක්‍රිස්ටල් පොකුරු පහන් පවා ඔහු සොරාගෙන පසුව විකුණා ගත්තේය.  

සුජීව ගුණරත්න ගේ බිරිඳ ඔහුව දික්කසාද කළාය. යලි ලංකාවට පැමිණි සුජීව ගුණරත්න මහරගම පිළිකා රෝහලේ සේවය  ඇරඹීය. පිළිකාවක් වැළඳුනු තම මිතුරෙකු  පිළිකා රෝහලේ විශේසඥ වෛද්‍යවරයෙකුට පෙන්වීම සඳහා සුජීව ගුණරත්න ගෙන් උපකාරයක් ලබා ගැනීම සඳහා  වින්සන්ට් ලංකාතිලක ඔහු හමුවට ගියද වෛද්‍ය සුජීව ගුණරත්න වින්සන්ට් ලංකාතිලක ගේ මිතුරාට කිසිදු උපකාරයක් කලේ නැත. වෛද්‍ය සුජීව ගුණරත්න ගේ කෙලෙහි ගුණ නොසැලකීම ගැන වින්සන්ට් ලංකාතිලක කම්පා නොවීය. ඔහු වෛද්‍ය සුජීව ගුණරත්නව විනිශ්චය නොකලේය. 

වෛද්‍ය සුජීව ගුණරත්න ගේ බිරිඳ ඔහු අත හැරීමෙන් පසු ඔහු වෙනත් කාන්තාවක් සමග විවහා විය . එහෙත් ඇය ඔහුව අත හැර ගියාය​. ඇය සුජීව ගුණරත්නව අත හැර දමන්නේ ඔහු විසින් නිවසේ සේවිකාවට ලිංගික අතවරයක් කිරීමට ගිය අවස්ථාවේදීය​. සුජීව ගුණරත්න යනු කවරෙක්ද ? වින්සන්ට් ලංකාතිලක බොහෝ වේලාවක් කල්පනා කලේය​. ඔහු පරාජිතයෙකි, මිතුරන් ගේ මුදල් වංචා කල සොරෙකි, නිවසේ දුප්පත් සේවිකාවට ලිංගික අතවරයක් කිරීමට ගිය වලත්තයෙකි, මිතුරන් ගේ මුදල් නිසා මහ මඟ සිඟා නොකා කැනඩාවේත් , ඕස්ට්‍රේලියාවේත් යන්තම් දිවි ගැටගසා ගත් එහෙත් මිතුරන්ට ද්‍රෝහීකම් කල ගුණ මකුවෙකි. එහෙත් වින්සන්ට් ලංකාතිලකට වෛද්‍ය සුජීව ගුණරත්නව විනිශ්චය කරනු නොහැකි විය​.

 (පරිකල්පන අතික්‍රමණය​)

1 comment:

  1. ඔහුගේ හැසිරීම පරාජිත සහ කුහක කමේ මිශ්‍රනයකි. කෙනෙක් තමන්ට වඩා හොඳින් ජීවත්වේනම් එය ඔහුට දරා ගත නොහැක . තමන්ගේ චරිතය ඔහු වෙන කෙනෙකුට ගාවා වින්දනයක් ලබන උමතු පුද්ගලයකි. මෙවැනි රෝග වලට බෙහෙත් නැත. සංජානනීය චර්යාත්මක ප්රතිකාර හෙවත් Cogntive Behavioral Therapy (CBT)සමහරවිට උපකාර වේ. නමුත් එයට ඔහු ගෙනියන්නේ කවුද කියන එක ප්‍රශ්නයකි.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook