……...වින්සන්ට් ලංකාතිලකට සීබට්ව
මතක් විය. සීබට් ඔවුන් ගේ නිවසේ සිටි ළමා මෙහෙකරුවෙකු විය. පසුව සීබට් තම ගම්
පළාතට ගොස් ගොවිතැන් බත් කරමින් ජීවත් විය එහිදී ඔහු කසාදයක්ද බැඳ ගත්තේය.
සීබට්ටත් ඔහුගේ බිරිඳටත් සිටියේ එකම පිරිම දරුවෙකි. එම දරුවා කුඩා කාලයේදී සෙල්ලම්
කරමින් සිටියදී ආවරණය නොකරන ලද වගා ලිඳකට වැටී මිය ගියේය. මිය යන විට දරුවාගේ වයස
අවුරුදු හතරකි.
තමන් ගේ එකම දරුවා මිය
යාම පිලිබඳව සීබට් කම්පා විය. වින්සන්ට් ලංකාතිලකට කල හැකි එකම උපකාරය වූයේ මිනී
පෙට්ටියක් මිලදී ගෙන දීම සහ මළගමට උපකාර කිරීමය. වින්සන්ට් ලංකාතිලක සීබට් ගේ දරුවාගේ
මළ ගෙදර ගියේ නෙවිල් චන්ද්‍රගුප්ත සමගය.
දරුවාගේ මළගමේ
පාංශුකූලය දීමට වැඩම කල භික්‍ෂුව දරුවා පෙර භවයක කල අකුසල කර්මයක් නිසා ඔහුගේ ආයුශ
අඩුවී තිබුනු බවත් ගෙන ආ ආයුශ අවසන් වීම නිසා ඔහු මිය ගිය බවත් තීවේය. එය ඇසූ නෙවිල්
චන්ද්‍රගුප්ත වින්සන්ට් ලංකාතිලකගේ කනට කර " රෙද්ද තමයි කියා කීවේය. ඉන්
පසුව ඔහු වින්සන්ට් ලංකාතිලකගේ කනට කෙඳිරිය.
“ කොල්ලා මැරුනේ
දුප්පත්කම නිසා. දේශපාලකයෝ රටේ ධනය හොරකම් කරා. ඒ නිසා නිසි සුභසාදනයක් රටේ සිදු
උනේ නෑ. ඒ නිසා තමයි සීබට් ගේ දෙමාපියන්ට සීබට්ව ළමා කාලයේදීම වින්සන්ට් ලා වගේ
ධනපතියන් ගේ ගෙදර වැඩකාරකමට යවන්න සිදු උනේ. සීබට්ට උරුම උනේ ගොවිතැන. දුප්පත් කම
නිසා සීබට් ගෑණිව උළු පෝරණුවේ වැඩට යැව්වා. ළමයාව බලා ගන්න කවුරුත් හිටියේ නෑ.
කොල්ලා බලා ගන්නයි කුඹුරේ වැඩ කරගන්නයි උනේ සීබට්ට. සීබට් කුඹුරේ ඉන්න කොට පොඩි
එකා එහෙ මෙහේ දුවන්න ගත්තා. එහෙම දුවන කොට කොල්ලා මේ වතුර වලේ වැටිලා මැරුනේ. මේ
ඔක්කොටම හේතුව කර්මය නෙවෙයි දුප්පත්කම. මේ කොල්ලාගේ මරණයත් දේශපාලනයට සම්බන්ධයි. මේ ඇත්ත කරුණු ගැන කතා කරන්නේ නැතිව හාමුදුරුවෝ
කොළුවගේ මරණයේ වරද උගේ පිටටම පටවනවා"
වින්සන්ට් ලංකාතිලක නෙවිල්
චන්ද්‍රගුප්ත කියූ කරුණු පිලිබඳව
බොහෝ දුරට කල්පනා කලේය. සීබට් ගේ දරුවාගේ මරණය පිලිබඳව ඔහුට යම් ප්‍රමාණයක වරදකාරී
හැඟීම් ඇති විය.
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments