Monday, December 17, 2018

මචං ලාල් කාන්ත


මචං ලාල් කාන්ත උඹේ දුව පුද්ගලික විශ්ව විද්‍යාලයකට ගිහිං ඩිග්‍රිය කම්ප්ලීට් කරපු එකට අපිට ගොඩක් සතුටුයි. උඹේ කෙල්ල හරි වාසනාවන්තයි. බලපං පුද්ගලික විශ්ව විද්‍යාල එපා කියලා පාර හරස් කරගෙන ඉන්න සාටර් එවුන්. උඹේ කෙල්ල ගේ මූනේ තියන  පින් පාට එක්ක බලන කොට උන් රිලා මොටයි වගේ. මූනේ නාවර පෙරාගෙන , උද්ඝෝෂණ බෝඩ් ලෑලි උස්ස ගෙන , ගිරිය යටිං කෑ මොර දීගෙන , මොන ජීවිතද බං. ඒකට උඹේ කෙල්ල පින් කඳක්. අරුන් වගේ පව් කරලා නෑ.උඹේ කෙල්ල ලකී. මචං ඔහොම්මම කෙල්ලට තව හොඳට ඉංග්‍රීසි උගන්නවලා IELTS පාරක් දාලා. ඔසී වගේ රටකට වැඩි දුර අධ්‍යාපනයට යවපං. ආපහු ආවම හොඳ තැනක ලොකු රස්සාවක් ගන්න පුලුවන් අත උඩින්. ඒ වෙන කොට අර රිලා මොටයි ජොබ් ඉල්ලලා උද්ඝෝෂණය කර කර ඉඳියි.   

මචං උඹ දන්නවනේ අපේ රට චාටර් කියලා. අර ප්‍රේමචන්ද්‍රයා කිව්වා වගේ මේකේ ඇති ස්වභාවික සම්පතක් නෑ , වතුරයි පසුයි ඇරුණු කොට. ලංකාව යන්තං හුස්මක් ගන්නේ අර ගෑණු ටික අරාබිකාරයට කඹුරන්න පටවලා. අපිට ලෝකෙට විකුනන්න තිබ්බේ අධ්‍යාපනය අර නේපාලේ , බංගලාදේශේ , මලයාසියාව වගේ. ඒත් අර රිලා මොටයි කවදාවත් මෙහෙ පුද්ගලික විශ්ව විද්‍යාල නීතිගත කරලා අන්තර්ජාතික අධ්‍යාපනය මෙහෙට්ට ගේන්න දෙන්නේ නෑ. ඒ නිසා සමහර මිනිස්සු ඉඩං කඩං විකුනලා ළමයින්ට උගන්නන්න පිටරට යවනවා. අපරාදේ අපේ විදේශ විනිමය. ඒත් ඕවා තේරුම් ගන්න අර මෝඩ අයියලා රැලටයි උන්ව මෙහෙයවන කුහකයෝ ටිකටයි කවදාවත් හැකි වෙන්නේ නෑ. මේක හැමදාම වර්චස් වෙවී තියන රටක් වෙයි. පුලුවන් එවුන් පිට පනියි. මොනවා උනත් උඹ කලේ මොලේ තියන දෙයක්. පක්ශේ ඉන්න හීනමාන , ඉරිසියාකාරයෝ උඹට දොස් කියයි. සත පහකට ගනන් ගන්න එපා ඔය යක්කුන්ව. උන්ට ඕනේ හැමදාම දුප්පත්කම, කාලකන්නිකම මාකට් කර කර ඉන්න. උඹ හරි මචං. කිසිම දේකට සැලෙන්න එපා.  

එහෙනම් මචං මම නවතිනවා. උඹේ දුවව මතක් කරා කියපං. හොඳට ඉගන ගන්න කියපං. කවදා හරි කෙල්ලට උඹේ පක්ශෙන් හරි පාර්ලිමේන්තු එන්න පුලුවන් වෙයි. ඒ නිසා කල්පනාවෙන් වැඩ ටික කරගෙන ඉන්න කියපං. එහෙනම් මම නවතිනවා. BS

9 comments:

  1. So, it is true then. I think we should put this post as a paid ad on a Sinhala news paper, so that our new generation can read/understand what is best for them. To follow some idiotic ideology or lead their lives to a better place like Lal Kantha's daughter did. I wonder who is BS?

    ReplyDelete
  2. මුන්ට කියන්න වචනයක් සිංහල භාෂාවේ නෑ මම හිතන්නේ..

    ලංකාවෙ විවි වල ඉගන ගන්න කී දාහකගෙ ජීවිත මේ කාලකන්නි ජෙප්පො විනාශ කරලා ඇත්ද? මුනුත් උන්ගෙ අර බාබකිව් වෙච්ච මහ එකා වගේම කටින් බතල කොල හිටවන කාලකන්නි..

    ReplyDelete
  3. මේක මගේ profile එක හරහා බෙදා ගන්නවා රුවන් මැතිතුමනි...

    ReplyDelete
  4. මම ජවිපෙ සාමාජිකයෙක් හෝ ජවිපෙ ක්‍රියාකාරකම් කොහොමවත්ම අනුමත කරන කෙනෙක් නොවේ. විශේෂයෙන්ම විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් ලවා පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව උද්ඝෝෂණ කිරීම හෝ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වීම කොහෙත්ම අනුමත කල නොහැකියි.
    නමුත් ඕනෑම පුද්ගලයෙකුට තමන් විශ්වාස කරන දේශපාලන මතවාදයක් දේශපාලන ජීවිතයේදී ඇදහීමට ඉඩ තිබිය යුතු වෙනවා වගේම, පුද්ගලික ජීවිතයේදී සිදු කරන ක්‍රියාකාරකම් තමන්ගේ පවුලේ සුභ සිද්ධිය පමණක් උක්ත කරගෙන සිදු කිරීම අකැපද ? ලංකාවේ දේශපාලනය ගැන කථා කරන අයවලුන් බොහොමයක් කරන්නේ දේශපාලන ප්‍රතිපත්ති විවේචනය කරනවා වෙනුවට දේශපාලකයින්ගේ පෞද්ගලික ජීවිතය විවේචනය කිරීමයි. රනිල් ට දරුවන් නැතිකම හෝ මංගල gay කියා කිවීමත්, මේ ඉහත කියැවෙන සිද්ධියත්, ප්‍රතිපත්තිමය දේශපාලන විවේචන නොව, දේශපාලනය තම වෘත්තීය කරගත් පුද්ගලයින්ගේ පෞද්ගලික ජීවිත අවඥාවට ලක් කිරීමක් බව මගේ හැඟීමයි.

    ReplyDelete
  5. 89 යුගයේදී මොවුන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව මහා අරගලයක් කර විශාල ජීවිත සංඛ්‍යාවක් විනාශ කරගත්තා. පන්ති වර්ජනය කරමින් විශ්ව විද්‍යාල අකර්මන්ය කළා. එහි ප්‍රතිඵල අවුරුදු ගනනාවක් පැවතියා. අවුරුදු ගනනාවක්ම සිසුන්ට විශ්ව විද්‍යාලවලට යන්න බැරිවුනා අවුරුදු දෙකතුනක් යනකම්.
    මේ වංචනිකයන් වෙනත් දේශපාලකයන්ට වඩා වෙනස් වෙන්නෙ ඔවුන්ගෙ වැදි බණ නිසයි. ජෝජ් ඕවල්ගෙ ඇනිමල් ෆාම් පොතේ පාලක පන්තිය වූ ඌරන්ට හිමි වෙන සතුන්ට අහිමි වරප්‍රසාද ගැන අපූරුවට කියවෙනවා. මොනතරම් නිර්ලජ්ජිත නිරුවත් නින්දිත දේශපාලනයක්ද මුන් කරන්නෙ කියන එක දැනගන්න ඕන.

    මුන්ගෙ තව එකෙඋක්ගෙන් ඇහුව පාර්ලිමේන්තුවෙදි බිස්නස් ක්ලාස් වලයාම ගැන එජාප දේශපාලනඥයෙක්. අපි යන්නෙ අපේ සල්ලිවලින් කියල කියපි. ඒක ලස්සනට හයිලයිට් කරල පෙන්නුව . මේ 2004 දි මහින්දත් එක්ක හිටපු කාලෙ.

    ෆේස්බුක් එකේ ජෙවීපී වහල්ලු ඇනගත්ත මේකට උත්තර දෙන්න ගිහින්. අපි ප්‍රයිවෙට් බස් වලට අකමැති වුනත් ඒවගෙ යනව වාගෙ එකක්ලු මේක. ප්‍රයිවෙට් බස්වකට එරෙහිව උද්ඝෝෂනය කර කර ඒවගෙ යනවනම් වැරදියි.
    පෞද්ගලික විශ්ව විද්‍යාල හොද ජෙවීපී පොහොසත් නායකයන්ට විතරද
    අනෙක් පොහොසතුන්ට ඒක නරක ඇයි
    විජේවීර වෙනුවෙන් පිස්සු වැටුන අය රත්තරන් ගලවල දෙනකොට විජේවීරට ඕන වුනේ කාරෙකක් ගන්න. ඒ වගෙ තමා.

    ඊනියා සමාජවාදී පක්ෂවල තියෙන නිර්ලජ්ජිත නිළැධාරීවාදය තමා මේකෙන් පේන්නෙ

    ReplyDelete
  6. හැබැයි මෙහෙමත් දෙයක් තියෙනවා. අපි දන්නෙ නෑ මේ උප්පාධිය මොකක්ද කියල. සමහර පරිඝනක පාඨමාලා තියෙනවා රැකියා ඉලක්ක කරගත්. ඒව මධ්‍යම පන්තිකයන්ට දරන්න බැරි ලොකුම ඒව නෙමෙයි. සයිටම් වගෙ මිල අධිකම ඒව නෙමෙයි. මේ සිසුවිය ඒ වගෙ ඒ වගෙ කෝස් එකක් කලානම් අවුලක් නෑ. එහෙමනම් මේ විවේචන වැරදියි.
    සන්න ගෙ පොත දොරට වැඩපු වෙලේ කියපු කතා. පක්ෂෙන් දෙන එලවලු මල්ලෙන් ජීවත් වෙනව වයිෆ් වෙන රස්සාවක් හොයාගන්න කියනව වගෙ ටෝක් දාපුව පක්ෂෙ වහලුන්ට දැන් අමතක වෙලත් නැතෑ. අවුරුදු හතරක් ගියානෙ. ආඩම්බර වෙයවු පක්ෂෙ වහලුනේ උබලගෙ නායකයෙක් දැණ් පොහොසත් වෙලා.

    ReplyDelete
  7. කනකොට කබරගොයත් තලගොයා කරනවලු

    ReplyDelete
  8. Sam, haven't you heard 'OWA DENU PARAHATA THAMA SAMMATHAYE PIHITASITA'?.

    Politicians are maintained by public money, therefor public can point out their shortcomings. Lal Kantha represent JVP full time, he should be an example for the JVP ideology, or he should leave the party, then he is free to do what he likes. If his party is in the forefront against pvt uni, he should not support pvt uni by paying his money (this acting is called Dawal Megel, re Daniyel).

    By the way this kind of duplicity is nothing for JVP, remember 88/89? JVP started by killing Daya Pathirana. UNP killed all. Now JVP going KADE for UNP.

    In fact this post is not about Lal Kantha, its about other foolish uni students who follow JVP and sal called ANTHARE

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook