Saturday, December 15, 2018

ලංකාව විසින් මෙතෙක් බිහි කර තිබෙන විශිෂ්ටතම මනෝ විද්‍යාඥයා වන පද්මාල් ද සිල්වා


ලංකාව විසින් මෙතෙක් බිහි කර තිබෙන විශිෂ්ටතම මනෝ විද්‍යාඥයා පද්මාල් ද සිල්වා මහතාය. ඔහු මනෝ විද්‍යාඥ ස්ටැන්ලි රැක්මන් , මනෝ විද්‍යාඥ විලියම් යූල් වැනි පතාකයන් ගේ ගෞරවයට ලක් වූ පුද්ගලයෙකි. එහෙත් වරක් මා ඉදිරියේ එක් මනෝ වෛද්‍යවරියක් පද්මාල් ද සිල්වා මහතා උපහාසයට ලක් කලේ ඔහුගේ ප්‍රථම උපාධිය සිංහල සහ බෞද්ධ දර්ශනය බව කියමිනි.නමුත් ඇය නොදැන සිටි එක් කරුණක් නම් පද්මාල් ද සිල්වා මහතාව වඩාත් යහපත් මිනිසෙකු බවට පත් කලේ මේ සිංහල සහ බෞද්ධ දර්ශනය යන විශයන් බවයි. පද්මාල් ද සිල්වා ලංකාවට පැමිණි අවස්ථා වලදී මා හමු වීම සඳහා යුද හමුදා රෝහලටද පැමිණීමට පුරුදුව සිටියේය. රෝගීන් සඳහා මනෝ ප්‍රතිකාරයේදී එතුමා මට ගුරුහරුකම් ද දුන්නේය.

පද්මාල් යනු පේරාදෙනිය විසින් බිහි කරන ලද අන්තර්ජාතික කීර්තියට පත් වූ අතිජාත පුත්‍රයෙකි. ඔහු ඉතා යහ ගුණ ඇති මිනිසෙකි. මා වැනි කනිෂ්ඨ පුද්ගලයන්ට අත හිත දුන්නේය. මම පරියේෂණ පත්‍රිකා ලිවීම ඉගෙන ගත්තේ ඔහුගෙනි. ඔහු මට ගුරුවරයෙකු මෙන්ම පහන් ටැඹක් විය. ඔහුගේ අකල් මරණය විශාල පාඩුවකි. මා විසින් ලියන ලද PTSD Sri Lankan Experience පොත මා විසින් පුදන ලද්දේ ඔහුටය. ඔහු බටහිර දැණුම සහ පෙරදිග දැණුම අතර පාළමක් විය. පරළ වූ යකදුරෙකු මෙන් බටහිර විද්‍යාවට තිස් තුන් පැයේ බනින නලීන් ද සිල්වාට මඟ හැරුනේ මේ පාලමයි. පේරාදෙනිය විශ්ව විද්‍යාලය මුළු ලෝකයක් ගරු කල ලංකාව විසින් මෙතෙක් බිහි කර තිබෙන විශිෂ්ටතම මනෝ විද්‍යාඥයාට මීට වඩා බුහුමනක් කළ යුතුය.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

4 comments:

  1. ලංකාවෙ දොස්තරල (MBBS) හිතන්නෙ MBBS නැත්නම් ලෙඩෙක් දිහා බලන්නවත් බෑ කියලා. පුදුම කුහක මානසිකත්වයක් තියෙන්නේ.
    වෙනත් රටවල් වල ඕනෑම මූලික උපාදියක් තිබෙන අයකුට පශ්වචාත් උපාධියක් කරාම ඊට අදාල විශයෙන් ඉහලටම යන්න පුලුවන්. ලංකාවෙ කරන්නෙ කකුලෙන් ඇදලා, අවමන් කරලා, ඉහලට යාම වැලැක්වීම​.

    ReplyDelete
  2. Pathmalal great clinical psychologist he was in Colombo. Faculty. in 1975-1980. period listen to his lectures. remarkable. kisagotami. story in Buddha biography mother who lost her baby Lord Buddha asked mother to get mustard seeds from. non deceased house real applied psychology. changed her thinking by learned behaviour

    ReplyDelete
  3. Pathmalal great clinical psychologist he was in Colombo. Faculty. in 1975-1980. period listen to his lectures. remarkable. kisagotami. story in Buddha biography mother who lost her baby Lord Buddha asked mother to get mustard seeds from. non deceased house real applied psychology. changed her thinking by learned behaviour

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook