Sunday, December 23, 2018

දුෂ්ප්‍රයුක්තිය



මාර්ගය ඉතා සෞම් වියමුදු මොළොක් මාර්ගයේ ගමන් කල වින්සන්ට් ලංකාතිලකට වෙහෙස දැනුනේ නැතඔහු තමා යෞවන කාලයේදී නිබඳවම සවන් දුන් බීට්ලස් සංගීත කණ්ඩායමේ “හෙයි ජූඩ් “ නම් ගීතයඋරුහන් බාමින් ගමන් කලේය.  මේ ගීතය පෝල් මැකාර්ටනී විසින් ලියන ලද්දේ ජෝන් ලෙනන් ගේ පුතා වූ ජූලියන් ලෙනන් උදෙසා බව ඔහු දන්නේය

බීට්ලස් සංගීත කණ්ඩායමේ උප්පත්තිය සිදුවූ ලිවර්පූල් නගරයට ඔහු ගොස් ඇතබීට්ලස් සංගීතය ආගමක් ලෙස ඇදැහූ කානිව ඔහුට හමු වන්නේ මේ ගමනේදීයඔවුන් දෙදෙනා ලිවර්පූල් හි කැවර්න් පබ් එකේ හමුවීබියර් පානය කරමින් බීට්ලස්ලා පිලිබඳව කතා කළහමෙම කැවර්න් පබ් එකේ බීට්ලස් සංගීත කණ්ඩායම ගීත ගායනා කොට තිබේකානි හරහා ඔහු  මොලී සහ බියන්කා හඳුනා ගත්තේයමත්ද්රව් භාවිතයට ඇදී ගියකානි නේපාලයේදී මිය ගියේයමත් ද්රව් නිසා මානසික ආකූලතාවට පත් වූ මොලී මිඩ්ලන්ඩ් හි පුනරුත්ථාපන රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී ගෙල වැලදාගෙන ජීවිතයෙන් සමු ගත්තායබියන්කා යලිඇමරිකාවට ගියාය

ජීවිත වෙනස් වූයේ කොපමණ නාට්යාකාර ලෙසටදඔහු දන්නා හඳුනන බොහෝ දෙනෙකු මිය ගියේ අනපේක්ෂිතවයතවත් බීට්ල්ස් රසිකයෙකු මෙන් හිත මිතුරෙකු වූ ශෙරිඩන් මිය ගියේ වාහන  අනතුරකිනි.  

ශෙරිඩන් ගේ  දෙමාපියන් උග් කතෝලිකයෝ වූහශෙරිඩන් ළමා කාලයේදී දෙමාපියන් ගේ මඟ පෙන්වීම ඔස්සේ පල්ලියට ගියේය.  අයර්ලන්ත රෝමානු කතෝලික පූජකයෙකු වූ බ්රෙන්ඩන් ස්මිත් ළමා ශෙරිඩන්ටආධ්යාත්මික මග පෙන්වීයඔහු පූජ් බ්රෙන්ඩන් ස්මිත් සමග කිහිප වරක් වතිකානුවටද ගියේය.ශෙරිඩන් ගේ  ආධ්යාත්මික ලෝකය බිඳී ගියේ පූජ් බ්රෙන්ඩන් ස්මිත් විසින් ඔහුව ලිංගිකව අපයෝජනය කිරීමත් සමගය.එවකට එකොලොස් වියේ පසු වූ ශෙරිඩන් හට පූජ් බ්රෙන්ඩන් ස්මිත් විසින් තමන්ට  සිදු කරන්නේ කුමක්ද කියා හරි හැටි අවබෝධයක් නොවීයඑහෙත් එය නරක් ක්රියාවක් බව ඔහුට වටහා ගත හැකි විය.

පූජ් බ්රෙන්ඩන් ස්මිත් විසින් ළමා ශෙරිඩන්ව නිරුවත් කොට ඔහුගේ ශරීරය ස්පර්ශ කරනු ලැබීයඑසේම ශෙරිඩන් ගේ අධෝ මාර්ගයට පූජකයාගේ පුරුෂ ලිංගය ඇතුළු කරනු ලැබීයඑය ඉතා වේදනා සහිත අත්දැකීමක්වියඔහු අඞමින් සිටි අතර බිය සහ ගෞරවය නිසා පූජකයාගේ අවකල් ක්රියාව ඉවසන ලදිමෙලෙස පූජ් බ්රෙන්ඩන් ස්මිත් විසින් වසර ගනනාවක් ළමා ශෙරිඩන්ව අපයෝජනය කරන ලදි.  මේ අතරවාරයේදී පූජ්බ්රෙන්ඩන් ස්මිත් ශෙරිඩන්ට ආදරය පෙන්වීය.  එසේම  ඔහුට වටිනා ත්යාග දුන්නේයඔහුව ගමන් වලට ගෙන ගියේයපූජ් බ්රෙන්ඩන් ස්මිත් ගේ වියදමින් ශෙරිඩන්ව දෙවරක් වතිකානුව පෙන්වීම සඳහා ගෙනගියේය

දහතුන් වියැති පාසල් ළමයෙකුව සිටියදී ඔහු මුල් වරට වතිකානුවට ගියේයඔහුගේ  ගුවන් ටිකට් පතට මුදල් දුන්නේ පූජ් බ්රෙන්ඩන් ස්මිත් විසිනිසාන්ත පීතර චතුරශ්රය , සාන්ත පීතර බැසිලිකාව , සිස්ටීන්දේවස්ථානය යනාදිය දුටු ඔහු විශ්මයෙන් ඇළලී ගියේයඑහෙත් ආගමික භක්තිය ඔහුගේ සිතේ ශක්තිමත් නොවීයපූජ් බ්රෙන්ඩන් ස්මිත් විසින් ඔහුගේ ශරීරය සමග  සිදු කල අවකල් ක්රියා නිසා ක්රමක් ක්රමයෙන්ඔහුගේ ආගමික භක්තිය හීන වියපාප් වහන්සේ දෙවියන් ගේ මිහිපිට නියෝජිතයා  නම් ඔහුව ආරක්ෂා කිරීමට ස්විස් මුරකාරයන් අවශ් වන්නේ කුමටද කියා ඔහු තමාගෙන් ප්රශ්න කලේයඑහෙත් හීන වී යන ආගමිකභක්තිය ඔහු පිටතට නොපෙන්වීය

මේ වන විට වසර ගනනාවක් පුරා පූජ් බ්රෙන්ඩන් ස්මිත් විසින්  ශෙරිඩන්ව අපයෝජනක කොට තිබුනිපූජකයාගේ ශරීරයේ දහඩිය ගඳ , ඔහුගේ ලිගුවෙන් ගලන ශුක්රාණු වල ගන්ධය , දුම් කොළ , විස්කි සහ ලිංගුස්සුවඳ  මිශ්රිත ප්රාශ්වාසය තව දුරටත් දැරීමට ඔහුට නොහැකි විය.  මේ නිසා පසලොස් හැවිරිදි ශෙරිඩන් වසර ගනනාවක් පුරා රැක ගෙන සිටි රහස දිනක් දෙමාපියන්ට හෙළි කලේයඑහෙත් අනපේක්ෂිත ලෙසදෙමාපියන් ගත්තේ පූජ් බ්රෙන්ඩන් ස්මිත් ගේ පැත්තයිපූජකයාගේ කීර්ති නාමයට හාණි කරනු වස් ශෙරිඩන් අසත්යයක් පවසන බව කියා දෙමාපියන් කීවෝයමේ නිසා ශෙරිඩන් සහමුලින්ම අසරණ විය

මේ සිදුවීමෙන් වසරකට පමණ පසු ශෙරිඩන් නිවසින් පළා ගොස් බෙල්ෆාස්ට් නගරයේ සුළු සුළු රැකියා කරමින් ජීවත් විය සමගම ඔහු මත් ද්රව් වලට ඇබ්බැහි වූයේයවින්සන්ට් ලංකාතිලක ශෙරිඩන්ව හඳුනාගත්තේ කානි හරහායඅධ්යාපනය අඩාල කරගෙන සිටියද ශෙරිඩන් බීට්ල්ස් ගීත ඉතා පරීමිත ලෙස ගායනා කලේයයම් ලෙසකින් සෞන්දර්ය් පාසලකට ගියේ නම් ශෙරිඩන් හට බොහෝ දුරක් යාමට ඉඩ තිබුණි

1997 දී  පූජ් බ්රෙන්ඩන් ස්මිත් මිය ගිය බව ඔහුට ආරංචි වියඑහෙත් ශෙරිඩන්  ගේ ක්ෂිතිමය මතකයන් මිය ගියේ නැතපසුකාලීනව ශෙරිඩන් තමාට සිදුවූ අපයෝජනය ගැන ප්රසිද්ධියේ කතා කලේය සමගමතමා මෙන් අපයෝජනයට ලක්වූ වින්දිතයන් බොහෝ දෙනෙකු සිටින බව ඔහු දැන ගත්තේයවතිකානුවෙන් යම් සහනයක් ශෙරිඩන් බලාපොරොත්තු වියඑහෙත් ජෝසෆ් ඇලෝසියස් රැට්සිඞර් හෙවත් 16 වැනිබෙනඩික්ට් පාප් වහන්සේ විසින් කතෝලික පූජකයන් විසින් සිදු කල ළමා අපයෝජන සිද්ධීන් යට ගැසීම නිසා ශෙරිඩන්  බෙහෙවින්ම කම්පනයට පත් වියඅවම වශයෙන් ක්ෂමාපනයක්වත් ඔහු බලාපොරොත්තු විය.එහෙත් සියල්ලම සඟවා යට ගසන ලදි.   

මේ නිසා දරුණු ලෙසින් කලකිරීමට පත්වූ ශෙරිඩන් දිනක් කානි ගේ මෝටර් රථය ගෙන බෙල්ෆාට්ස් සිට කිලීන් වෙත ගියේයඑහෙත් අධි වේගයෙන් වාහනය පැදවූ ශෙරිඩන් ට්රක් රථයක් සමග මුහුණට මුහුණ ගැටීදිවියට සමු දුන්නේය

ශෙරිඩන් ජීවත් වූයේ අභ්යන්තර ඝට්ටනයන් රැසක් මැදයඔහු කිහිප වතාවක් තම අනන්යතාව වෙනස් කිරීමට උත්සුක වූයේයවරක් ඔහු බෘස් මේසන් යන නමින් පෙනී සිටීමට උත්සහ දැරුවේයබෘස් මේසන් යනුඔවුන් සමග සිටි බොහිමියානුවෙකිපසුව ඔහු අරියානා නම් ගීක තරුණියක සමග විවහාවීග්රීසියට ගියේයඇය ධනවත් පවුලක එකියකිබෘස් මේසන්  අරියානා සමග ඊජියන් මුහුදේ පිහිටි කිමොලොස් දූපතේසංචාරකයන් සඳහා කුඩා හෝටලයක්  ඇරඹීය

බෘස් මේසන් අයර්ලන්තයෙන් පිටවීමත් සමගම ශෙරිඩන් බෘස් මේසන් ගේ ලියකියවිලි භාවිතා කොට බෘස් මේසන් නමින් පෙනී සිටියේයමුලදී එය සාර්ථක වෑයමක් වූයේයමේ අතර කිමොලොස් දූපතේ කුඩාහෝටලයක්  ඇරඹූ ජන්මීය බෘස් මේසන් සහ අරියානා නොසිතූ ලෙස සාර්ථකත්වය ලැබූහවින්සන්ට් ලංකාතිලකද වරක් ඔවුන් ගේ  හෝටලයට ගියේයඑහිදී බෘස් මේසන් විසින් ශෙරිඩන් තමන් ගේ අනන්යතාවසොරකම් කිරීම පිලිබඳ නොසතුට පළ කලේයශෙරිඩන් බෘස් මේසන් ගේ අනන්යතාව සොරකම් කලේ මුල්යම සොරකමක් අරමුණු කරගෙන නොව තම ජන්ම නාමය වූ ශෙරිඩන් ඩෙව්ලින් යන්න වෙනස් කරගෙනඅනෙක් පුද්ගලයෙකු ලෙස පෙනී සිටීමට බව වින්සන්ට් ලංකාතිලක දැන සිටියේයශෙරිඩන් හට අවශ් වූයේ පූජ් බ්රෙන්ඩන් ස්මිත් විසින් දූෂ කරන ලද ආත්මය සුවපත් කිරීම සඳහා වෙනත් නමකින් පෙනී සිටීමටය.එහෙත්  පිලිබඳව බෘස් මේසන්ට අවබෝධ කර දීමට වින්සන්ට් ලංකාතිලකට හැකියාවක් නොවීයඅරියානා විසින් ගෙනැවිත් දුන් මස්ටිකා බෝතලය අතට ගත් වින්සන්ට් ලංකාතිලක ඉන් තම මණ්ඩාව පුරවා ගත්තේය.ඉන් පසු ඔහු එය පානය කලේ ශෙරිඩන් සහ බෘස් මේසන් අතර සාමය ගොඩ නගන්නේ කෙසේද කියා සිතමිනිකෙසේ නමුත් වින්සන්ට් ලංකාතිලක ගේ වෑයම අසාර්ථක වියබෘස් මේසන් විසින් අයර්ලන්ත බලධාරීන්ටපැමිණිලි කිරීමෙන් අනතුරුව අයිඩෙන්ටිටි තෙෆ්ට් හෙවත් අනන්යතා සොරකම පිලිබඳව ශෙරිඩන් ඩෙව්ලින් චෝදනා ලැබුවේයමේ නිසා ඔහුගේ මානසිකත්වය තවත් පහළ වැටුනේය.

මෙම සිදුවීමද ශෙරිඩන් ගේ මරණය ඉක්මන් කලේද කියා වින්සන්ට් ලංකාතිලක කල්පනා කලේයඅයිඩෙන්ටිටි තෙෆ්ට් හෙවත් අනන්යතා සොරකම බරපතල වරදකිඅයිඩෙන්ටිටි තෙෆ්ට් හෙවත් අනන්යතා සොරකමපිලිබඳව මුලින්ම සඳහන්  වන්නේ ඉල්ලිස ජාතකයේයමසුරු ඉල්ලිස සිටුතුමාගේ අනන්යතාව සොරකම් කරන්නේ සක් දෙවිඳුයඑහෙත් ශෙරිඩන් අනන්යතා සොරකම සිදු කලේ ඔහුව පෙළන ලද අතීත      ක්ෂත්තියනිසායඔහු මරණින් පසු රූපාන්තරණය වනු ඇතැයි වින්සන්ට් ලංකාතිලක සිතුවේයඑහෙත්  එය පුනරුප්පතියක් තිබුනේ නම් පමණිපුනරුප්පතියක් නොමැති නම් ශෙරිඩන් ගේ වේදනාව ශූන් වන්නේය.

ශෙරිඩන් ගේ අවමංගල උත්සවයට වින්සන්ට් ලංකාතිලක සහභාගි වූයේ කානි , මොලී , බියන්කා ඇතුළු ඔහුගේ බොහිමියානු මිතුරු මිතුරියන් සමගය.  ශෙරිඩන් ගේ අවමංගල උත්සවයේදී කානි ඇමසින් ග්රේස් නම්භක්ති ගීතිකාව ඉතා මියුරු හඞින් ගායනා කලේයකානි විසින් එම භක්ති ගීතිකාව ගායනය කරන විට තමන් ගේ අභ්යන්තරය බිඳ වැටෙන්නාක් මෙන් වින්සන්ට් ලංකාතිලකට දැනුනේය

අවසානයේදී ඔවුන් ශෙරිඩන්ව වල දමන දැමූහ. ශෙරිඩන් ගේ අවමංගල දේව මෙහෙය කල පූජකයා  ashes to ashes, dust to dust' කියන විට  වින්සන්ට් ලංකාතිලක තම මිතුරු කානි දෙස බැළුවේය. තවත් වසරකිහිපයකදී කානිද  දුහුවිලි වන බව ඔහු එදා දැන සිටියේ නැත. ජීවිතය අතිශයින්ම පුදුමාකාරය. නේපාලයේදී කානි මිය ගිය විට ඔහු වෙනුවෙන් ඇමසින් ග්‍රේස්  භක්ති ගීතිකාව ගායනය කිරීමට කිසිවෙකු සිටියේ නැත. එසේම අවමංගල දේව මෙහෙයක්වත් නොපවත්වා ඔහුගේ කෘෂව ගිය ශරීරය පැදුරක ඔතා මිහිදන් කරන ලදි.  ඔහුගේ මළ සිරුරද හඳුනා ගත නොහැකි වන අන්දමට වෙනස්ව තිබුනේය. අවසන් කාලයේදී කානි මුහුණට පවා හෙරොයින් විද ගන්නා ලදි. ඔහු මිය ගියේ පාදඩයෙකු ලෙසටය. කෘෂ්ණා මෙන් මනස්කාන්ත  සිරුරක් තිබූ කානි විරූපී මළ සිරුරක් වූ බව සිතීමට පවා වින්සන්ට් ලංකාතිලකට අපහසු විය.

පරිකල්පනික අතික්‍රමණය ; (මානසික රෝගියාගේ පරිකල්පනය දෙවන කොටස) - වෛද්‍ය රුවන් එම් ජයතුංග 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook