Monday, December 31, 2018

මෛත්‍රීපාල සිරිසේන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන් විනාශ කලා - ෂාමිනී සේරසිංහ

 


1) ඔබව ශ්‍රී ලාංකිකයන් හඳුනා ගනු ලැබුවේ මාධ්‍යවේදිනියක ලෙසටයි. ඔබගේ මාධ්‍යවේදී ඉතිහාසය ගැන යම් සඳහනක් කලහොත් 

මට වසර  35 ක මාධ්‍ය ඉතිහාසයක් තිබෙනවා. මාධ්‍ය නිවේදිකාවක ලෙස , නිශ්පාදිකාවක ලෙස  ලෙස සේවය කොට තිබෙනවා. එසේම ප්‍රවෘත්ති සංස්කරණයේද යෙදී තිබෙනවා. මේ හැර මම දෙස් හා විදෙස් පුවත්පත් සහ ජර්නලයන්ට ලිපි ලියා තිබෙනවා. එසේම මම දේශනද පවත්වා තිබෙනවා. 

2) මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කල ඔබ දේශපාලන ක්‍රියාකාරිකාවක ලෙස පරිණාමය වනවා. මේ වෙනස ඇති වන්නේ කොහොමද ? 

2004 වසරේදී මම  ආචාර්‍ය ජයන්ත ධනපාල සමග  එක්සත් ජාතීන් ගේ සාම සාධක සේවාවන් යටතේ සේවය කලා. එහෙත් 2005 වන විට එවකට පැවති රජය විසින් සුදුස්සන් කපා හැර ඔවුන් ගේ ආවතේවකම්  කල කොටස්  බඳවා ගත්තා. එසේම රට තුල ජාතිවාදය , ආගම් භේද වර්ධනය වන ආකාරයට ඔවුන් ක්‍රියා කලා. තවද රට අන්තවාදය සහ ඒකාධිපතිවාදය කරා යන බව පෙනී ගියා. මේ නිසා පුරවැසියෙකු ලෙස මම තනිවම හෝ මේ විනාශකාරී වර්ධනයන්ට එරෙහිව සටන් කරන්නට ඉටා ගත්තා. 

3) මෑතකදී ඔබ ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විශ්වාසය කඩ කල පුද්ගලයෙකු බවට. මෙවැනි ප්‍රකාශයක් කිරීමට තුඩු දුන් හේතු කාරනා මොනවාද ? 

මෑත කාලයේදී මම ලංකාවේ බොහෝ ජන කොට්ඨාශ , විවිධ වෘත්තිකයන් , ධනවතුන් , දිළින්ඳන් ආදී වශයෙන් නොයෙකුත් තරාතිරම් වල පුද්ගලයන් සමග අදහස් හුවමාරු කර ගත්තා. ඔවුන් බොහෝ දෙනෙකු තුල  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිලිබඳව බලාපොරොත්තු කඩ වුණු  ස්වභාවයක් තිබුනා. මා තුලද තිබුනේ එවැනි හැඟීමක්. ඒ නිසා මම  ප්‍රසිද්ධියේ  ප්‍රකාශයක් කලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනතාවගේ විශ්වාසය කඩ කල පුද්ගලයෙකු බවට. එය බරපතල චෝදනාවක්. 

4) ඔබ එම ප්‍රකාශය කරන විට ඔබ තුල පැහැදිලිවම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිලිබඳව කලකිරුණු ස්වභාවයක් තිබුණා. ජනාධිපතිවරණයේදී ඔබ සහාය පළ කලේ මෛත්‍රීපාල සිරිසේනටද ? 

ඔව් අප ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේනට සහාය පළ කලා. අපට අවශ්‍ය වූයේ රාජපක්‍ෂ රෙජීමය පළවා හැර රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න​. අවාසනාවකට මෙන් මෛත්‍රීපාල සිරිසේන ඔහුව විශ්වාස කොට චන් දය දුන් මිලියන 6.25ගේ විශ්වාසය කඩ කලා. 

5) ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන තත්වය ගැන ඔබ සිතන්නේ කුමක්ද ? 

රට තුල අස්තාවර බවක් තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය අණතුරට පත් වීමේ හැකියාව අප මෙහිදී අමතක නොකල යුතුයි. වංචා දූෂණ කල පිරිස් බේරී ගියා. එය ඉතා නරක ප්‍රවණතාවක්. මේ පිරිස් යලි බලය අල්ලා ගැනීමේ හැකියාව තිබෙනවා. 

6) ශ්‍රී ලංකාව තුල ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ස්ථාපිත කිරීම සඳහා අප විසින් ගත යුතු ක්‍රියා මාර්ගයන් කවරේද ?  

මෙහිදී ජනතාව දැණුවත් කිරීම ඉතා වැදගත්. බොහෝ දෙනෙකු තම මානව අයිතීන්  පිලිබඳව දැණුවත් නෑ. භීෂණයට සහ දූෂණයට එරෙහිව ජනතාව පෙළ ගැස්වීම කල යුතුයි. මේ සඳහා දැණුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කල යුතුයි. 

7)  සක්‍රිය දේශපාලයට ඒමේ අදහසක් ඔබ තුල තිබෙනවාද ? 

කිසිසේත්ම නැහැ

8)   වංචාවට ,දූෂණයට , අන්තවාදයට, ජාතිවාදයට , ආගම්වාදයට සහ ඒකාධිපතිවාදයට විරුද්ධව  සිදු කෙරන ඔබගේ අනාගත වැඩසටහන් මොනවාද ? 

එය ඔබලාට ඉතා ඉක්මනින් දැන ගැනීමට හැකි වෙයි. 

සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග 

1 comment:

  1. මේ මහත්මිය ඉතාම නරක කතාවකට ෆෙස්බුක් එකේ ලයික් කරලා තියනවා දැක්ක .

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook