එකමත් එක රටක මෝඩ පහේ ගොවියෙක් සිටියේය. මෙම ගොවියා සතු පුෂ්ඨිමත් වසු පැටියෙක් සිටි අතර මෙම වසු පැටියා සොරකම් කර ගැනීමට එක් කපටි වෙලෙන්දෙක් සැලසුම් කලේය. දිනක් මෝඩ ගොවිරාල ලඟට ගිය කපටි වෙලෙන්දා මෙසේ කීවේය.
" නගරයේ මගේ යාළු උගතෙක් වසු පැටියන්ට උගන්වන්න ඉස්කෝලයක් දාලා ඔහේගේ වසු පැටියත් ඒ ඉස්කෝලෙට යවලා මට ඌව ලොකු මහත්තයෙක් කරල දෙන්න පුලුවන් "
කපටි වෙලෙන්දා ගේ බහට රැවටුණු මෝඩ ගොවියා වසු පැටියා ඉස්කෝලේ යැවීම සඳහා භාර දුන්නේය. කපටි වෙලෙන්දා වසු පැටියා මස් කඩයට විකුණා මුදල් ලබා ගත්තේය.
වසර කීපයක් ගත විය. වරක් නගරයේදී මෝඩ ගොවියාට කපටි වෙලෙන්දාව හමු විය. තම වසු පැටියා ගැන තොරතුරු කෙසේද කියා ගොවිරාල ඇසුවේය.
කපටි වෙලෙන්දා වසු පැටියාව පාරට්ටු කරමින් මෙසේ කීවේය " උන්නැහේ ඔහේගේ වසු පැටියා හැබෑ දස්සයා. ඌ ඉගන ගෙන සාමාන්‍ය පෙළත් පාස් උනා. දැන් ලොකු මහත්තයෙක් වෙලා පෙළවහකුත් කරගෙන ඉන්නවා "
මෝඩ ගොවියා තමන්ට වසු පැටියා බැලීමට අවශ්‍ය බව කීවේය. මඳක් කල්පනා කල කපටි වෙලෙන්දා ගොවියාව විශාල මන්දිරයක් ලඟට ගෙන ගියේය.
" උන්නැහේ ඔහේගේ වසු පැටියා අන්න අර පේන ලොකු ගෙදර ඉන්නවා. ගිහින් බලන එකයි තියෙන්නේ. ඒ උනත් පරණ සම්බන්ධකම් කියන්න ඕනේ නෑ. ඌ දැන් ලොකු මහත්තයෙක්. පොඩි කාලේ ඒවා කියනවටවත් කැමති නෑ. ඌ නමත් වෙනස් කරගෙන ඉන්නේ . ඌ හැඳුනුම්පත් දෙකකුයි පාස්පෝට් දෙකකුයි ඔය හින්දම හදාගෙන ඉන්නවා. ගිහිල්ලා ඌව බලලා මොකුත් කතා බහක් නොකර එනවා "
මෝඩ ගොවියා වෙලෙන්දා කියූ ආකාරයෙන් මන්දිරයේ ගේට්ටුව ඇරගෙන තම වසු පැටියා බැලීමට ගියේය.
( කපටි වෙලෙන්දා මෝඩ ගොවියාව යවා තිබුනේ විමල් වීරවංශගේ නිවසටය)
පැරණි රුසියානු උපමා කතාවක් වගෙයි!
ReplyDeleteඇත්තද ?
Delete++++++++
ReplyDeletesalute
Delete