නාලන්දේ චෙස් සංගමය ආරම්භ වූයේ 1978 දීය. මම චෙස් සංගමයේ ආරම්භක සාමාජිකයෙකු වූයෙමි. එහෙත් මේ කාලයට පෙර චෙස් ක්‍රීඩාව මා හඳුනාගෙන තිබුණි. අපගේ ගෙදර පැරණි චෙස් බෝඩ් එකක් තිබූ අතර සමහර ඉත්තන් අතුරුදහන්ව තිබුනේය. මේ නිසා ලී වලින් ඉතා රළු ආකෘති අතුරුදහන් වූ ඉත්තන් ගේ හිලව්වට කපා නිවසේ සාමාජිකයන් සමග මම චෙස් සෙල්ලම් කලෙමි. එහෙත් පාසලේ චෙස් සංගමය ආරම්භ කිරීමත් සමගම මම වඩාත් ක්‍රමාණුකූලව චෙස් ක්‍රීඩාව වෙත යොමු වූයෙමි.
අපගේ විද්‍යාලීය චෙස් සංගමය භාර ආචාර්‍යවරිය වූයේ ශාමා ධර්මරත්න ටීචය. මෙම චෙස් සංගමයේ කෙනත් නුගේගොඩ , හර්ශ මෙන්ඩිස් , නාලක ඩයස් සෝබිත වීරසේකර මෙන්ම ශාමා ධර්මරත්න ටීච ගේ පුතුන් වූ සමත් ධර්මරත්න , සිදත් ධර්මරත්න සහ දිනූ ධර්මරත්න සිටියෝය. මීට අමතරව තවත් සිසුන් බොහෝ දෙනෙකු සිටි අතර මට ඔවුන් ගේ නම් මතක නැත.
සිදත් ධර්මරත්න සිටියේ මගේ ශ්‍රේනියේය. උසස් පෙළ පන්ති වලදී අප එක පන්තියේ සිටියෙමු. ඔහු චෙස් ශූරයෙකු වූ අතර අන්තර් විද්‍යාල තරඟ වලදී ජයග්‍රහණ රැසක් හිමි කරගෙන සිටියේය. මීට වසර කීපයකට පෙර පිළිකාවක් වැළඳීම නිසා සිදත් ධර්මරත්න අපගෙන් අකාලයේ සමු ගත්තේය.
චෙස් පුහුණුවීම් තිබූ දින වලදී අප පාසල් වේලාවෙන් පසු රැඳී සිටියෙමු. හිස් පන්තියකට එක් රැස් වෙන අප සංගමයේ තිබූ චෙස් බෝඩ් සහ ඉත්තන් යොදා ගනිමින් සෙල්ලම් කලෙමු. මට සිදත් ධර්මරත්නව පරාජය කිරීම ඉතා අපහසුය. එහෙත් මම ඔහුගේ එක් දුර්වලතාවක් හඳුනා ගත්තෙමි. සිදත් ප්‍රතිවාදියාට පහර දෙන්නේ ඔහුගේ රැජින උපයෝගී කර ගෙනය. ඔහුගේ රැජින ඔහුගේ ප්‍රධාන අවිය වෙයි. මේ නිසා වරක් අප අතර තිබූ තරඟයකදී මම මගේ රැජින බිලිදී ඔහුගේ රැජින කපා දැමුවෙමි. මේ අනපේක්‍ෂිත පහර නිසා සිදත් ව්‍යාකූල විය. කොල්ලන් අපගේ මේසය වටා රොක්ව තරඟය දෙස බලා සිටියහ. එහෙත් ඔහු චෙස් චැම්පියන් කෙනෙකි. ඉන්පසු ඔහු තමන් ගේ කාසල් (රුක්) දෙදෙනා සහ නයිට්වරු දෙදෙනා යොදා ගනිමින් මට ප්‍රහාරයක් එල්ල කොට මාව පරාජයට පත් කලේය. එහෙත් මම සිදත්ට තියුණු තරඟයක් දීමට සමත් වූයෙමි. මේ සිදු වීමෙන් පසු සිදත් මා සමග තරඟ කරන විට මා විසින් කරන සුවිසියිඩ් ප්‍රහාරය ගැන වඩාත් කල්පනාකාරී වෙමින් තම රැජින ප්‍රවේසම් කර ගත්තේය.
කෙනත් නුගේගොඩ අපට වඩා ඉහල පන්තියක සිටියේය. ඔහු නුගේගොඩ සර් ගේ පුතාය. මම සමහර අවස්ථා වලදී ඔහුව පරාජය කලෙමි. පැරදී ගෙන එන විට කෙනත් මට තර්ජනය කරයි. " අඩෝ මගේ බිශොප්ව කැපුවොත් මම උඹට ගහනවා " කෙනත් කියයි. එහෙත් මම ඔහුගේ බිශොප්ව කපා දමමි. කෙනත්ව චෙස් තරඟයෙන් පරාජය කරන මා ඔහු ගෙන් ගුටි නොකෑම සඳහා ශාමා ටීච ඉන්නා ඉසව්ව වෙත යන්නෙමි. ශාමා ටීචට මුවා වන මට කෙනත් මුහුනේ ඉරියව් වලින් තර්ජනය කරයි.
සමහර දින වලදී ශාමා ටීච චෙස් තියරි ඉගැන්වූවාය. වරක් ඩ්‍රැගන් මූව් එක කරන අන්දම අපට කියා දුන්නාය.අප මේ මූව්ස් පොත් වල සටහන් කරගෙන ඒ අනුව චෙස් ඇද්දෙමු. ඒ කාලයේ වයසක චෙස් චැම්පියන් කෙනෙක් බොරැල්ල වයි.එම්.බී.ඒ එකට එන අතර ඔහු මුදලට චෙස් මූව්මන්ට්ස් උගන්වයි. එක් මූව්මන්ට් එකක් ඉගැන්වීමට ඔහු රුපියල් පහක් අය කලේය. සිදත් මාරාන්තික චෙස් මූව්මන්ට්ස් ඉගෙන ගත්තේ මේ චැම්පියන් ගෙනි. මේ වන විට එම වයසක ගුරුවරයා ජීවතුන් අතර නොමැති බව සහතිකය.
මේ කාලය තුලදී සෝවියට් සංස්කෘතික මන්දිරයේ සෙනසුරාදා දින වල උදෑසන චෙස් පුහුණු කිරීමේ පන්තියක් තිබූ හෙයින් මම එයටද ගියෙමි. මෙයට නාලන්දා විද්‍යාලයේ සිසුන් සමහර දෙනෙකුද ආවෝය. චෙස් පුහුණු කිරීම් කරන ලද්දේ ජෝහාර් නම් තරුණ මහතෙකි. ඔහු චෙස් ශූරයෙකු විය. අප පේලියට තැබූ චෙස් බෝඩ් වල එක් පැත්තක සිටින අතර ජොහාර් අප සියළු දෙනාටම එදිරිව තරඟ කරයි. ඔහු එක වටයක් ගොස් යලිත් පළමු චෙස් බෝඩ් එක වෙත පැමින තමන් ගේ දෙවන මූව් එක අදියි. මේ තරඟ සියල්ලෙන්ම පාහේ ජය ගත්තේ ජොහාර් ය. නමුත් ඔහු අප කරන දෝෂ පැහැදිලි කරයි. මේ නිසා ඔහු සමග චෙස් සෙල්ලම් කරන විට අපගේ දැණුම වැඩුනේය.
අපේ නිවසේ පියා සතුව පැරණි චෙස් පොතක් තිබුනේය. මම මේ පොත බලාගෙන විවිධ ප්‍රහාරත්මක සහ ආරක්‍ෂිත ක්‍රම ඉගන ගත්තෙමි. මෙම පොතේ නයිට්වරු දෙදෙනා යොදාගෙන කරන පහරදීම් තිබූ අතර මම එම ක්‍රමය ඉගෙන ගෙන ප්‍රතිවාදීන්ව පරාජය කලෙමි. චෙස් ක්‍රීඩාව ප්‍රගුණ කිරීමත් සමගම මගේ චිත්ත ඒකාග්‍රතාව ඉහල ගියේය. එසේම මානසික සමතුලිතභාවය , මානසික සැලසුම්කරණය වැනි අංග වඩාත් දියුණු විය. මේ නිසා චෙස් ක්‍රීඩාව මනසට ඉතා හොඳ ක්‍රීඩාවක් බව මම විශ්වාස කරමි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
Its adeeper subject than I thought
ReplyDeleteමම පාසැල් යන කාලයේ මුලින්ම මගේ බාල සොයුරා සමඟ චෙස් ක්‍රීඩා කළේ කොහු මිටක් කියතකින් අඟලේ කෑලි වලට කපා ප්ලැටිග්නම් පෑනකින් සලකුණු දමා හදාගත් ඉත්තන් යොදාගෙනයි. සොහොයුරාගේ කාලයේ අපේ පාසැලේ චෙස් සමාජයක් තිබුණත් මම යන කාලේ තිබුණේ නැහැ. සමහර නීති හරියටම දැනගත්තේ සොහොයුරා පාසැලේ චෙස් ක්‍රීඩා කරන්න පටන් ගත්තාට පසුවයි. ඒ දවස් වල අපේ පැත්තේ කඩවල චෙස් බෝඩ් මිලට ගන්න තිබුණද කියලවත් මම දන්නේ නැහැ. ඒ දවස් වල සෝවියට් දේශය සඟරාවේ චෙස් ප්‍රහේලිකාවක් තිබුණා මතකද?
ReplyDeleteසෝවියට් දේශය සඟරාවේ චෙස් ප්‍රහේලිකාවක් තිබුණා
Deleteඅපෙ තාත්තා දාම් වලට ශූරයා. එයත් එක්ක දාම් අදින එක අපෙ ඒ කාලෙ විනෝදාංශය.
ReplyDeleteඊට පස්සෙ ජුන්ඩි මැග්නට් ඉත්තො ඉන්න බෝඩ් එකක මමයි, අපෙ මාමාගේ පුතයි චෙස් අදින්න පටන් ගත්තා. ක්ලාස් නෑ. අපිමයි ඉගෙනගත්තෙ. චෙස් පොතක් තිබිලා ඒකෙන් මම උගෙ රුක්ව කපන විදියක් හොයා ගත්ත මගෙ බිෂොප්ලා පාවිච්චි කරලා. සරල ක්‍රමයක්. ඌ හැමදාම ඒකට අහුවෙනවා.
බෝඩ් එක ලැබෙන්න කලින් ඉත්තො හදාගෙන එයාම බෝඩ් එකක් හදාගෙන හිටියා. අපි නිවාඩු කාලෙ පුරාම ඉස්සර චෙස් ඇද්ද කාලයක් තිබ්බා.
මට චෙස් අදින්න ඌ විතරයි උන්නෙ. ඒක නිසා චෙස් වලට තිත තිබ්බා !
ස්තුති මේ පෝස්ට් එකෙන් ඒ මතකය අවදි කෙරෙව්වාට.
++++++++++++++++++++++++
Delete"චෙස් ක්‍රීඩාව මනසට ඉතා හොඳ ක්‍රීඩාවක්" එම අදහස ඇත්තමයි.අපේ ඉස්කෝලේ සංගම් ගොඩක් තිබුනා.රුවන්,ගොඩක් මිතුරෝ පාසැල් කාලෙන් පසු කිසිදා හමුවුනේ නෑ.කාලයේ ඇති ගුප්තබව !
ReplyDeleteඅපේ ඉස්කෝලේ සංගම් ගොඩක් තිබුනා මාත් සමහර ඒවා වල හිටියා
Deleteඩොක්ටර් ඔබ මාව 1992 වකවානුවේ පාසල් චෙස් තරගවලට නුවර කිංස්වුඩ් විද්‍යාලයට ගියහැටි මත්ක්කලා.
ReplyDeleteඔබට මතකද kings gambit, queen's gambit, මම පුරුදුවී සිටියේ හැකි ඉක්මනින් කාසල් කිරීමත් (චෙස් ක්‍රීඩාවේ එකවර රජු සහ රුක් ) කියන ඉත්තන් දෙදෙනා අදින ආරක්‍ෂිත විදිය සහ fianchetto කිරීම තමයි මම ඉක්මනින්ම කරන්න පුරුදු වී සිටියේ
++++++++
ReplyDeletesalute
Deleteචෙස් මාත් කැමති ක්‍රීඩාවක්
ReplyDeleteඒත් මට හරි අමාරුම සෙල්ලමක්
mmmmmmmmmmmmmm
Deleteවෙලාව යන එක තමයි එකම ප්‍රශ්නේ. ඒකනේ chess clock පවා හදලා තියෙන්නේ
ReplyDeleteov
Delete