Sunday, November 26, 2017

මෝඩ ගොවියා සහ කපටි වෙලෙන්දා

 


එකමත් එක රටක මෝඩ පහේ ගොවියෙක් සිටියේය​. මෙම ගොවියා සතු පුෂ්ඨිමත් වසු පැටියෙක් සිටි අතර මෙම වසු පැටියා සොරකම් කර ගැනීමට එක් කපටි වෙලෙන්දෙක් සැලසුම් කලේය​. දිනක් මෝඩ ගොවිරාල ලඟට ගිය කපටි වෙලෙන්දා මෙසේ කීවේය​. 

" නගරයේ මගේ යාළු උගතෙක් වසු පැටියන්ට උගන්වන්න ඉස්කෝලයක් දාලා ඔහේගේ වසු පැටියත් ඒ ඉස්කෝලෙට යවලා මට ඌව ලොකු මහත්තයෙක් කරල දෙන්න පුලුවන් " 

කපටි වෙලෙන්දා ගේ බහට රැවටුණු මෝඩ ගොවියා වසු පැටියා ඉස්කෝලේ යැවීම සඳහා භාර දුන්නේය​. කපටි වෙලෙන්දා  වසු පැටියා මස් කඩයට විකුණා මුදල් ලබා ගත්තේය​. 

වසර කීපයක් ගත විය​. වරක් නගරයේදී මෝඩ ගොවියාට කපටි වෙලෙන්දාව හමු විය. තම වසු පැටියා ගැන තොරතුරු කෙසේද කියා ගොවිරාල ඇසුවේය​. 

කපටි වෙලෙන්දා වසු පැටියාව පාරට්ටු කරමින් මෙසේ කීවේය " උන්නැහේ ඔහේගේ වසු පැටියා හැබෑ දස්සයා. ඌ ඉගන ගෙන සාමාන්‍ය පෙළත් පාස් උනා. දැන් ලොකු මහත්තයෙක් වෙලා පෙළවහකුත් කරගෙන ඉන්නවා " 
  මෝඩ ගොවියා තමන්ට වසු පැටියා බැලීමට අවශ්‍ය බව කීවේය​. මඳක් කල්පනා කල කපටි වෙලෙන්දා ගොවියාව විශාල මන්දිරයක් ලඟට ගෙන ගියේය​. 

" උන්නැහේ ඔහේගේ වසු පැටියා අන්න අර පේන ලොකු ගෙදර ඉන්නවා. ගිහින් බලන එකයි තියෙන්නේ. ඒ උනත් පරණ සම්බන්ධකම් කියන්න ඕනේ නෑ. ඌ දැන් ලොකු මහත්තයෙක්. පොඩි කාලේ ඒවා කියනවටවත් කැමති නෑ. ඌ නමත් වෙනස් කරගෙන ඉන්නේ . ඌ හැඳුනුම්පත් දෙකකුයි පාස්පෝට් දෙකකුයි ඔය හින්දම හදාගෙන ඉන්නවා. ගිහිල්ලා ඌව බලලා මොකුත් කතා බහක් නොකර එනවා " 

මෝඩ ගොවියා වෙලෙන්දා කියූ ආකාරයෙන් මන්දිරයේ ගේට්ටුව ඇරගෙන තම වසු පැටියා බැලීමට ගියේය​. 

( කපටි වෙලෙන්දා මෝඩ ගොවියාව යවා තිබුනේ විමල් වීරවංශගේ නිවසටය​) 

4 comments:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook