Wednesday, August 16, 2017

පසුගිය මාස දහඅටට අනුරපුර සියදිවි නසාගැනීම් 84 ක්‌

නොච්චියාගම - එම්. එම්. පී. ජී. පෙරේරා 


ජීවිත අර්බුද හා ගැටලු හමුවේ සිත්තැවුලට පත්වීම නිසා පසුගිය මාස දහඅටක කාලය තුළ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ විවිධ පොලිස්‌ වසම්වලින් සියදිවි නසාගත් පුද්ගලයන් 84 දෙනකු සම්බන්ධයෙන් අනුරාධපුර ශික්‌ෂණ රෝහල් හදිසි මරණ පරීක්‌ෂණ උසාවියේදී පරීක්‌ෂණයන් පවත්වා තිබේ.

ඔවුන් වයස අවුරුදු 16 ත් 73 ත් අතරේ පසු වූ පිරිමි හා කාන්තාවන්ය. විවිධ හේතුන් මුල්කර ගනිමින් පුද්ගලයන් 84 දෙනකු එම කාලය තුළදී ස්‌වකැමත්තෙන් දිවිතොර කරගෙන ඇති අතර දිවි නසා ගැනීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ පවුල්වල පවතින අසමගිතාවයන් බව සිදුකළ හදිසි මරණ පරික්‌ෂණවලදී අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ. 

ඊට අමතරව අනියම් සබඳතා, නිදන්ගත රෝග හේතුවෙන් සිත් පීඩාවට පත්වීම, පෙම් සබඳතා බිඳවැටීම, දෙමාපියන්ගේ අවවාද අනුශාසනා නොරිස්‌සුම, ආර්ථික අගහිඟකම්, තනිකම දරා ගැනීමට නොහැකිවීම, මුදල් ගනුදෙනු ඒ අතර ප්‍රධානය. එසේම ජංගම දුරකථනයක්‌ සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක්‌ දුරදිග යැමෙන් සිත් කලකිරී වයස අවුරුදු 16 බාලවයස්‌කාර දරුවකු සියදිවි නසා ගැනීමේ සිදුවීමක්‌ද ඒ අතර තිබේ.

ගෙවී ගිය මාස 18ක කාලය තුළදී වැඩියෙන්ම දිවිනසා ගැනීම් සිදුකර ගෙන ඇත්තේ නිවසේ හෝ පිටස්‌තර ස්‌ථානයකදී ගෙල වැලලා ගැනීමෙන්ය. 

ඊට අමතරව අධිසර කෘෂි රසායන භාවිතා කර සියදිවි තොර කර ගැනීම් මෙන්ම දුම්රියට පැන දිවිතොර කර ගැනීම්, භූමිතෙල් ශරීරයට වත්කර ගිනි තබාගැනීම විෂ ඇට වර්ග ආහාරට ගැනීමෙන් හා වෙඩි තබා ගැනීමෙන් දිවිනසා ගැනීම් සිදුකරගෙන ඇති බව ද මෙම පරීක්‍ෂණයෙන් අනාවරණය වී ඇත.

මෙම මියගිය පුද්ගලයන් අතරින් ගෙළ වැලලාගත් එක්‌ පුද්ගලයකු සතියකට ආසන්න කාලයක්‌ රෝහලේ ප්‍රතිකාර ලබා තිබෙන අතර ඊට අමතර කෘෂි රසායන පානය කිරීම විෂ ඇට ආහාරයට ගත් හා ශරීරයට ගිණි අවුලාගත් කිහිපදෙනකු රෝහල්ගතවී ප්‍රතිකාර ගැනීමෙන් පසුව මියගොස්‌ තිබුණි. මියගිය පුද්ගලයන් අනුරාධපුර හිදෝගම මැදවච්චිය තඹුත්තේගම රාජාංගණය විලච්චිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද හෙළි වී ඇත .

19 comments:

  1. Replies
    1. කනගාටුව ආතතියට මුලයි. ඔබේ කවුරුත් නොවේනම් කනගාටු නොවන්න .කරුමේ කියලා සිතන්න

      Delete
  2. ගමක jvp නැඹුරුතාව (පෝස්ටර් ගණන) සහ එහි සියදිවි හානිකර ගැනීම් ප්‍රවනතාව අතර positive correlation එකක් ඇතැයි හැඟෙනවා, එය දිළිඳු කම නොවේ,

    ReplyDelete
  3. Nut Man, first time I hear about JVP and suicide. I know JVP is good for nothing and gone back on their principles and sleeping with number 1 enemy UNP. But this, provide more info if you have to continue the discussion (with Ruwan's permission)

    ReplyDelete
    Replies
    1. I used 'jvp නැඹුරුතාව' to describe a certain mindset as i don't know the correct jargon. a set of people hating other for their misfortune.

      Delete
  4. අද උදේ මට ඇසුණු (ABC News) පුවතකින් කියවුනේ ඕස්ටේ‍ර්ලියානු හමුදාවේ පසුගිය යුද්ධවලට සහභාගී වූ අය 300+ දිවිනසාගෙන ඇති බවයි. ඒ සංඛ්‍යාව ඊට වඩා වැඩි යැයි හිටපු ආමිකාරියකවන ( Corporal) සෙනෙටර් ජැකී ලැම්බි කීවා.

    මට සිහිවුනේ රුවන් ගේ පර්යේෂණ සහ ලිපි.

    ReplyDelete
    Replies
    1. රසික 2009 යුද අවසානයේ සිට ප්‍රථම වසර 3 ඇතුලත සොල්දාදුවන් 400 අධික සංඛයාවක් දිවි නසාගෙන තිබේ

      Delete
  5. නියගයත් හේතුවක්.වගා පාළුවෙලා.ණය ගෙවා ගන්න විදියක් නෑ .දැන් ගොඩක් පව්ල්වල කාන්තාවන් රට යනවා මේ නියගය නිසාත්.සමහර ප්‍රදේශ වල කන්න කිහිපයක් වගා කරලා නෑ.

    ReplyDelete
  6. ලංකාවෙත් එහෙමද? ඉතින් කැනඩාවෙත් නගර වලින් ඈත ගම්මානවලත් ඔය වගේමනේ.

    ReplyDelete
  7. රුවන් ජයතුංගගේ බ්ලොග් අඩවිය තහනම් කරනු.

    ReplyDelete
  8. World Suicide prevention day falls on 1oth of September. Dr. Ruwan hope you will write some article to make awareness in the community how to identify a person contemplationg suicide

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook