Thursday, May 26, 2016

පී.එම්.සී




පී.එම්.සී හෙවත් රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරනු ලැබුවේ 1980 දශකයේ මැද භාගයේ පමණය​1985 වසරේ දී මා සමග උසස් පෙළ විභාගය ලියූ හිරාන් චන්ද්‍රසේකර , චන්දික ( බිංජූරා)  උසස් පෙළ ප්‍රතිඑල ඒමත් සමග රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට ගියහ​. අපගේ පන්තියේ සිටි රවී විජේසේකර , හෙයියන්තුඩුව ,සම්පත් රණවීර , සුමුදු හේවාවසම් දේශීය වෛද්‍ය විද්‍යාලවලට තේරුණහ​. මා මෙන්ම මංජුල පතිරාජ වෛද්‍ය විද්‍යාව හැදෑරීම පිණිස විදේශ ගතවූහ​. 

අප විදේශ ගතවී වසරක් පමණ යන විට රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට කොලඹ , පේරාදෙනිය , රුහුණ රජයේ වෛද්‍ය පීඨවල සිසුන් මෙන්ම අනෙකුත් රාජ්‍ය විශ්ව විද්‍යාල වල සිසුන්ද විරෝධතා දියත් කරන බව අපට ආරංචි විය​. අප පළවන වසර භාෂා අධ්‍යන පාඨමාලාව කරන විට අපගේ වෛද්‍ය පීඨයේ සිටි ජේෂ්ඨ සිසුවෙකු වූ ලක්සිරි ධනංජය වෛද්‍යරත්න රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව කරන සටනේදී අප රජයේ වෛද්‍ය පීඨවල සිසුන්ට සහාය දිය යුතු බව කියා විරෝධතා පෙත්සමකට අත්සන් ගත්තේය​. අපද රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පෙත්සම අත්සන් කොට ලංකාවේ වෛද්‍ය පීඨවල සිසුන්ට අපගේ සහයෝගිතාව පෙන්වූයෙමු. 

මේ අතර සටන දිගින් දිගටම ඇවිලී ගිය අතර වෛද්‍ය පීඨවල සිසුන් කිහිප දෙනෙකු මරු දැකීමෙන් සහ රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමෙන් සටන අවසන් වූ බව පසුව වාර්තා විය​. මේ විරෝධතා වලින් දශක කීපයකට පසුව මට රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ හිටපු සිසුන් මෙන්ම ඒ කාලයේ රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටන් කල අතීත සිසු නායකයන් හමුවී තිබේ. එදා මෙදා අතර කාලය තුල බොහෝ දේවල් වෙනස්වී තිබේ. නමුත් මම අපක්‍ෂපාතීව මගේ නීරීක්‍ෂණයන් සඳහන් කරමි. 

රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අපගේ විනිට්සා වෛද්‍ය පීඨයේ පළමු වෙඩි මුරය පත්තු කල ජේෂ්ඨ සිසුවෙකු වූ ලක්සිරි ධනංජය වෛද්‍යරත්න වර්තමානයේදී විශේසඥ අධිකරණ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි. එකල රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටන් කල දේශීය වෛද්‍ය පීඨ වල ඉගෙන ගත් අතීත සිසු නායකයන් කීප දෙනෙකු මට ලංකාවේ විවිධ රෝහල් වල හමු වී තිබේ. පේරාදෙනිය වෛද්‍ය පීඨය නිම කල එක්  සිසු  නායකයෙකුගේ වෛද්‍ය වෘත්තික ක්‍රියා කලාපය මම මිනිපේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල කාලයේ දුටුවෙමි. දුප්පත් රෝගීන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මිනී පෙට්ටි ඔසවාගෙන උද්ඝෝෂණ වල ගිය ඔහු වෛද්‍යවරයෙකු වූ පසු  රාජකාරී වේලාවේ තම නිල නිවසේදී පුද්ගලිකව රෝගීන් මුදලට බැලීය​. එසේම තම පීපී එකට නාව දුප්පත් රෝගීන්ට රෝහලේදී ඇඳක් දුන්නේවත් ඔවුන්ව නිසියාකාරව බැලුවේත් නැත​. අසීමිත ලෙස පුද්ගලික සේවයේ යෙදෙමින් අනෙකුත් වෛද්‍යවරුන් ගේ ප්‍රතිකාර රෝගීන් ඉදිරියේ මෙන්ම කාර්‍ය මණ්ඩලය ඉදිරියේ විවේචනය කල ඔහු  රෝහලේ කම්කරුවන් දෙදෙනෙකු යොදා ගනිමින් අනෙකුත් වෛද්‍යවරුන්ට එරෙහිව මඩ ප්‍රචාර ගෙන ගියේ තම වියාපාරය තව තවත් දියුණු කර ගැනීමේ අභිලාශයෙනි. 

අරණායක ප්‍රදේශයෙන් පැමිණි මොහු මේ සා පිස්සුවෙන් මෙන් මුදල් පසුපස ලුහුබැන්දේ අළුත් මෝටර් රථයක් ගැනීමටත් නව නිවසක් තනා ගැනීමේ මූලික අභිලාශයෙන් බව මට වැටහුණි. පුද්ගලික සේවය වෙනුවෙන් බොහෝ වෛද්‍ය ආචාර ධර්ම කඩ කල මේ අතීත සිසු නායකයා කරන ලද එක් අගතිගාමී ක්‍රියාවක් මම සඳහන් කරමි. ඒ කාලයේ මම පීපී නොකලෙමි. එම නිසා මෙම පුද්ගලයා සහ මා අතර කිසිදු ගැටුමක් නොවීය​. ඔහු මට කිසිදු වරදක් කොට නොමැත​. එහෙත් ඔහු නරුම මිනිසෙකි. 

කොලොන්ගොඩ ප්‍රදේශයේ සණස බැංකුවේ සේවය කල යසා නම් කාන්තාවගේ දියණියට ඩෙංගු රෝගය වැළඳුන විට ඇය දියණිය ගෙන යන්නේ මේ වෛද්‍යවරයා  සේවය කල හසලක රෝහලටය​. පීපී ගැටුම් ගැන කිසිවක් නොදත් යසා මුලින්ම යන්නේ හසලක රෝහලේ ආර් එම් ඕ හෙවත් සහකාර වෛද්‍ය නිලධාරියාගේ පුද්ගලික චැනල් මධ්‍යස්ථානයටය​. එහිදී සහකාර වෛද්‍ය නිලධාරියා රෝගී දැරිය ඩෙංගු රෝගයෙන් පෙලෙන බව අනුමාන කොට  හසලක රෝහලට ඇතුලත් කරයි. නමුත් තම පීපී එකට නාව මහා පාපකර්මය නිසා උක්ත වෛද්‍ය නිලධාරියා දැරියව තම වාට්ටුවේදී නොසලකා හරියි. ඇයට අවශ්‍ය ප්‍රතිකාර නිසි ලෙස ලබා නොදේ. අවසානයේදී දැරිය ඩෙංගු රක්තපාත තත්වය නිසා අසාධ්‍යව මිය යන්නීය​. 

මෙය ප්‍රබන්ධයක් නොව සත්‍ය කතාවකි. කොලොන්ගොඩ ග්‍රාමයේ යසා මහත්මියගේ දියණිය මිය යන්නේ මෙවැනි නරුම තත්වයකදීය​. දුගී බවත් නීතිය ගැන නොදැනීමත් නිසා ඔවුන් තම ආදරණීය දියණිය වළ දමා කර්මය වෙත ඇගේ මරණය බැර කරති. නිදහස් සෞඛ්‍යය සේවය වෙනුවෙන් පාරවල් දිගේ මරා ගැනීමට ගිය මේ වෛද්‍යවරයාටද දියණියක් සිටි නමුදු යසා ගේ දියණිය වෙනුවෙන් ඔහු සංවේදී වූයේ නැත​.

නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා උග්‍ර පී.එම්.සී විරෝධතාවක යෙදුනු මාතලේ රෝහලේ සිටි තවත් වෛද්‍යවරයෙකු මට සිහිපත් වේ. ඔහු රෝහලේ සේවය කරන විට බෙහෙත් ගැනීමට පැමිණි දුප්පත් නමුත් රූමත් තරුණියක් දපනේ දමා ගත්තේය​. ඇයව තම නිල නිවාසයට ගෙන්වා ගත් ඔහු ඇය සමග අඹු සැමියන් ලෙස හැසිරුනේ ඇයව විවහා කර ගන්නා බවට පොරොන්දු දීමෙනි අවසානයේදී තම අශාවන් ඉෂ්ඨ කර ගැනීමෙන් පසුව ඔහු ඇයව නිල නිවාසයෙන් පළවා හැරියේය​. අතරමං වූ තරුණිය වස පානය කොට දිවි නසාගත්තාය​. ඇයගේ දුගී දෙමාපියන් මෙය එකල මාතලේ ඩී.එම්.ඕ වූ වෛද්‍ය සිරිමල් ජයසිංහට පැමිණිලි කලද ඔහු මේ කේස් එක යට ගසා චූදිත වෛද්‍යවරයා බේරා ගත්තේය​. පසු කාලයක වෛද්‍ය සිරිමල් ජයසිංහද පුද්ගලික හේතුවක් මත පී.එච්.අයි වරයෙකු විසින් මිරිස් ගලකින් පහර දීම නිසා මිය යන ලදි. 

පීඑම්සී විරෝධී මෙන්ම නිදහස් සෞඛ්‍යය සේවාව වෙනුවෙන් පෙලපාලි ගිය උද්ඝෝෂණය කල අංකුර වෛද්‍යවරුන් පසු කාලයක දුප්පත් මිනිසුන් බෙහෙත් ගැනීමට පැමිණි විට ඔවුන් ගේ මුහුණ දෙසවත් නොබලා බෙහෙත් තුංඩුව දෙන අන්දම මම දුටුවෙමි. එසේම ඔවුන් ශල්‍යකර්ම සඳහා බොහෝ මුදල් අය කොට දුගීන් ගේ රීරී මාංශය වූවද හූරා ගැනීමේ සමතුන් වූහ​. මෙසේ පරිනාමය වූ බොහෝ දෙනෙකු අතීතයේ සටන් කලේ පී එම් සී නම් යක්‍ෂයාගෙන් මෙරට ජනතාව බේරා ගැනීමටය​. 

රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධතාව වෙනුවෙන් ත්‍රීමා විතාණ , වෙනුර , කොල්ලූරේ යන සිසුන් අකාලයේ මිය ගියහ​. කොලඹ වෛද්‍ය පීඨයේ ත්‍රීමා විතාණ සමග එක කාමරයේ සිටි  පීඑම්සී විරෝධතා කල එකල වෛද්‍ය සිසුවෙකු වූ අයෙක් අද වෛද්‍ය කළු කඩ මුදලාලි කෙනෙකි. තවද මෙසේ මිය ගිය සිසුවෙකුගේ ඥාතී වෛද්‍යවරයෙක් මට පසුකාලයක හමු විය. ඔහු මට පැවසුවේ තම ඥාතී වෛද්‍ය සිසුවාව කපටීන් විසින් ෆෝම්  කරවා වෘකයන්ට ආහාර පිණිස විසි කල බවයි. මේ සටන් පසුපස සිටි අවස්ථාවාදී දේශපාලකයෙක්  පසු කාලයක මිලියන ගනන් ජනතා මුදල් හොරකම් කොට තම දරුවවා විදෙස් රටක   පුද්ගලික විශ්ව විද්‍යාලයකට යැව්වේය​. 

රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය කෙරෙහි විවේචන තිබුණි. සමහර විට උසස් පෙල හෝම් සයන්ස් කල සිසුවියන් ද සිටි බවට කටකතා තිබුන බව මතකය​. නමුත් පොදුවේ බැලීමේදී රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය විසින් බිහි කරන ලද වෛද්‍යවරු බොහෝ දෙනෙකු අද විශේෂඥ වෛද්‍යවරු ලෙස ලංකාවේ සේවය කරති. එසේම තවත් බොහෝ දෙනෙකු සාර්ථකව විදෙස් රට වල සේවයේ යෙදේ. රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට ගිය සිසු සිසුවියන් තුල ඉංග්‍රීසි භාෂා හැකියාවේ ප්‍රවීණත්වය නිසා ඔවුන්ට අපහසුවකින් තොරව පශ්චාත් උපාධි අධ්‍යනයේ යෙදීමට හැකිවූ බව මම අනුමාන කරමි. එසේම මට හමුවී ඇති පීඑම්සී වෛද්‍යවරු බොහෝ දෙනෙකු වෘත්තීය කුහකත්වයෙන් ,වෛද්‍ය ආචාර ධර්ම කඩ කිරීමෙන්,  හීනමානතා සංකීර්ණයෙන් තොරය​. ඔවුන් තුල ලෝකය පිලිබඳ පෘථුල අදහස් පවතින්නේ ඔවුන් ලෝකයේ බොහෝ රටවල සංචාරය කොට තිබීම නිසා බව මම සිතමි.  

මේ ලියවිල්ල පීඑම්සී එකේ වෛද්‍යවරුන් ඉතා ඉස්තරම්  බව කියවෙන ලියවිල්ලක් නොවේ. මා මෙහිදී පෙන්වා දෙන්නට අදහස් කලේ එදා අපගේ විරෝධතාවන් සාධනීයද කියාය​.  අප කල යුත්තේ කුමක්ද ? රාගම   පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වැනි පුද්ගලික වෛද්‍ය විද්‍යාල විනාශ කොට යසාගේ දියණිය මිය යාමට ඉඩ දුන් නරුම වෛද්‍යවරු මේ ක්‍රමය යටතේ ඇතිකිරීමද නැතහොත් මේ ක්‍රමය වඩාත් මානුශිකවාදී කිරීමද ? 


වෛද්‍ය රුවන් එම්. ජයතුංග

59 comments:

  1. පුද්ගලික වෙද විදුහල් වලට යන්නෙ සල්ලි තියෙන අයනේ. ඉතිං ඒ අය රස්සාවකට ආවත් ඔය තරම් සල්ලි පස්සෙ එලවන්න ඕනෑ නෑ.

    හැබැයි ඔය තෙරුමක් නැති උද්ඝෝෂණ වලිං අධ්‍යයන ජීවිතය පටං ගන්න ඉරිසියාකාර මිනිස්සු පහුකාලීනවත් කරන්නේ ඔය වගේ ඉරිසියාකාර වැඩ. ඔය අතරේ රජයේ විශ්ව විද්‍යාල වල ඉගෙනගෙන රටේ මිනිස්සුන්ට ඉහට වහලක් දීපු මේං මේ වගේ ජීවකවරුනුත් ඉන්නවා . බලන්න http://helmalu.blogspot.com/2016/05/blog-post_23.html?m=1

    ReplyDelete
    Replies
    1. රජයේ විශ්ව විද්‍යාල වල ඉගෙනගෙන ජනතා සෙත සලසන ජීවකවරු මට හමුවී තිබේ ඒ අය ගැන මම ලියා තිබේ.

      Delete
  2. පුද්ගලික වෙද විදුහල් වලට යන්නෙ සල්ලි තියෙන අයනේ. ඉතිං ඒ අය රස්සාවකට ආවත් ඔය තරම් සල්ලි පස්සෙ එලවන්න ඕනෑ නෑ.

    හැබැයි ඔය තෙරුමක් නැති උද්ඝෝෂණ වලිං අධ්‍යයන ජීවිතය පටං ගන්න ඉරිසියාකාර මිනිස්සු පහුකාලීනවත් කරන්නේ ඔය වගේ ඉරිසියාකාර වැඩ. ඔය අතරේ රජයේ විශ්ව විද්‍යාල වල ඉගෙනගෙන රටේ මිනිස්සුන්ට ඉහට වහලක් දීපු මේං මේ වගේ ජීවකවරුනුත් ඉන්නවා . බලන්න http://helmalu.blogspot.com/2016/05/blog-post_23.html?m=1

    ReplyDelete
  3. වෛද්‍යවරුන්ගෙන් ඉතා සුළු පිරිසක් තමයි මානුෂික මෙහෙවරක යෙදෙන්නෙ . මා අසා ඇති පරිදි රුසියාවෙ ඉගෙනගත් අය නිහතමානී හා සාධාරනලු. නමුත් නිදහස් අධ්‍යාපනය සදහාය කියා උද්ඝෝෂනය කරන අය සාධාරන සමානාත්මතාව අගය කරන අය නොවෙයි. ඇත්තටම ශිෂ්‍යයා කියන්නෙ මාක්ස්වාදී අර්ථයෙන් ගත්තත් සුළු ධනේශ්වර අදහස් ඇත්තෙක්. ශිෂ්‍යයාට අවශ්‍ය පන්තිය මාරුකරගන්නයි. සැබෑ සටන්පාඨය තමයි නිර්ධන පාන්තිකයන්ටත් පන්තිය මාරුකරගෙන ධනපති සැප විදීමට ඉඩ දියවු කියන එක.
    මේ වගෙ අදහස් තියෙන ශිෂ්‍යයා කවදාවත් යහපත් මිනිහෙක් වෙනෙන් නෑ. ඔහුට අවශ්‍ය ඩිග්‍රිය කම්ප්ලීට් කරල ගමට ඇවිත් තාප්පයක් බැදගෙන ගමේ මිනිස්සුන්ට ගෙම්බර් දාන්නයි.මේක ඇරියස් කවර් කිරීමේ මානසිකත්වයක්. මගෙ අත්දැකීම් අනුව ඉතාම නරක මිනිසුන් පිරිසක් තමා මේ සුළු ධනේශ්වර පිරිස.

    පුද්ගලික විද්‍ය විද්‍යාල තිබුන කියල පිනට ඉගෙන ගන්න අයට කරදරයක් නෑ. ඒ ප්‍රමානය හැම අවුරුද්දකම ගන්නව. නමුත් වෛද්‍ය උපාධියෙ බමුනු ගතිය නැතිවෙනව වෙනත් උපාධිවගේම දුරස්ථව ගන්න පුලුවන් වීම නිසා. පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ වෙන්නෙ මේ නීච සුනඛ වසල මානසිකත්වයෙන්. නමුත් මුන් කියන්නෙ ලෙඩුන්ට ප්‍රශ්න වෙනව කියල. ලෙඩුන් ගැන හිතන අය නෙමේ මේ ගොල්ලො. එහෙම මානව හිතවාදී මානසිකත්වයක් ලන්කාවෙ අධ්‍යාපනයත් එක්ක සිසුවෙකුට එන්නෙම නෑ.

    අපට නම් ඩිග්‍රිය හරි. අපි සටන් කරන්නෙ ඉස්සරහට එන නංගිල මල්ලිල වෙනුවෙන්ය කියනව. ඒ තව බයිලයක්. මේ එකෙක්වත් පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ වුනත් පුද්ගලික රෝහල් වලට විරුද්ධ නෑ. මුන්ගෙ සටන තනිකරම මහන්තත්තකම මත පදනම් වූවක්.


    උපතින් සල්ලිකාරයො බොහෝ විට යහපත් මිනිසුන් ( මගේ නිරීක්ෂන වලට අනුව ).මම උපතින් සල්ලිකාරයෙක්වත් වර්තමානයේ සල්ලිකාරයෙක්වත් නෙමෙයි. මා කියන්නෙ මගෙ නිරීක්ෂන .සල්ලි දීල ඉගෙන ගන්න බාධා නොකල යුතුයි.සමහර විට මේ අය ලෙඩ්ඩුන්ට අනුකම්පාවෙන් මානව දයාවෙන් සලකාවි. කලුකඩ මුදලාලිල වෙලා ඉන්න අය හැමෝම නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත අය.

    මෙන්න මේ කතාවට එමු.දැනට වෛද්‍ය වෘත්තියෙ ඉන්නෙ ඔය කියන මහලොකු නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත අයනෙ. අපට පුලුවන්ද ඖෂධීය නමෙන් බේත් තුන්ඩුව ලියන්න කියල කියන්න. මම ඔසුසලට ගියා ඖෂධ සීට්ටුවකට බේත් ගන්න .වෛද්‍යවරය වෙලද නම්වලින් ලියා දුන්නෙ. එම ඖෂධවල වෙළද නාමයේ මිල සහ ඖශධීය නාමයෙ මිල අතර පරතරය 20 ගුනයක් පමන. කරන්න දෙයක් නෑ. රජයේ රෝහලක නම් ඖෂධීය නම ලියන්න් කිව්වොත් කුනුහරපෙන් බනියි.අපි එකට එක කිව්වොත් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් කැදවයි . ඉතින් අපේ බදු මුදලින් වෛද්‍යවරු බිහිනොකර සල්ලි දීලම උගන්නන ක්‍රමයක් තිබුනත් අවුලක් නෑ කියල හිතෙනව. මුන් හැසිරෙන්නෙ මෙහෙමනම් අරුන් ඊට වෙනස් විදියකට හැසිරෙන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. Congrats my friend! You say the truth. I am not fucking high or middle class man, although I say this in English . And you reveal the true situation, the other fuckrs in this country should understand this! Thx

      Delete
    3. දොස්තර මොන නම ලීවත් ෆාමසියෙන් ජෙනරික් අඩු මිළ ඖෂධය ලබා ගැනීමට හැකි විය යුතුයි.

      දොස්තරෙකු ජෙනරික් නම ලියන්න කියු විට බැන්නොත් වෛද්‍ය සභාවට පැමිණිළි නොකරන්නේ ඇයි? ෆාමසියට ද, ජෙනරික් අඩු මිළ බේත් දෙන්න බැහැ කියන්නට හැකිද?

      ලෙඩුන්වන අප ද අපේ අයිතිවාසිකම් ගැන දැන ගත යුතුයි. අපව දැනුවත් කිරීම රජයේ වගකීමයි.

      Delete
    4. රසිකොලොජිස්ට් - RasikologistMay 27, 2016 at 5:27 AM @
      ඔසුසලෙන් දුන්නෙ නෑ ජෙනරික් නම් නෑ කියල. මම දැන් ආයෙ යනව ඔසුසලට ඊලග මාසෙ බේත් සීට්ටුවත් අරන්.
      එහෙම නොදී ඉන්න බැරි බවයි මම සිතන්නෙ.

      මම සද්ද නැතිව හිටියෙ දොස්තරෙක් වන ඥාති සහෝදරය හිනා වෙලා අනතුරු ඇගෙව්ව දොස්තරල තරහ කරගන්න එපා කියල. ඒක අපට අවාසියි කියල.

      ඇත්ත මේක අම්මටසිරි ලංකාවනෙ. පැමිනිලි කරපු එකා තමයි අමාරුවෙ වැටෙන්නෙ.
      නමුත් මට හිතෙනව මේක රෝගීන්ගෙ අයිතිවාසිකමක් කියල. නිශ්ශබ්ද වීම වරදක්ය කියල.

      ඔසුසලේ කලමනාකරු බෙහෙත් වල මිල ගනන් කියා දුන්න. මං ලියාගත්ත .සංසන්දනය කලා. ඖෂධ සමාගම් වල සූරාකෑමේ භයානක කම දැකල පුදුම වුනා.

      Delete
    5. මා අසා ඇති පරිදි රුසියාවෙ ඉගෙනගත් අය නිහතමානී හා සාධාරනලු.///// දසයොත් ඉන්නවා උදාහරණයකට අර කෙල්ලන් දෙදෙනා කියෙව් නගරයේ මහල් නිවාසක රඳවාගෙන පුරා මාස ගනනක් ඔවුන්ව දූෂණය​ කලෝය​. මින් එක් දූෂකයෙක් ලංකාවේ වෛද්‍ය වෘත්තියේද නිරත වේ

      Delete
  4. PMC හි ගැටලුව ගුණාත්මකභාවයි.ඔබ කතාකළ ගැටලු මිනිසත්කම පිළිබද ගැටලුයි .දෙමාපියන්ගේ දේපල විකුණා PMC ඉගෙනගත් අය ගෙනුත් ඔබ කතා කල හැසිරීම දැකිය හැකි වේ.මෙයට එකම විසදුම ළමා කාලයේ සිටම අධ්‍යාපනයෙන් සංවේදී දරුවෙක් බිහිකිරීමි.

    ReplyDelete
    Replies
    1. ගුනාත්මක පිළිබද ගැටළු විසදගන්න ඉඩ නොදෙන්නෙත් බමුනො නේද. සායනික පුහුනුව ලබා දෙන්න බාධා කරනව, දේශන ලබා දෙන්න ඉඩ දෙන්නෙ නෑ.වෛද්‍යවරු ලෙස පිලිගන්නෙ නෑ.
      බමුනො රුසියන් ඩොක්ටස්ලත් පහත් කර සලකන ගතියක් ඉස්සර තිබ්බලු. නමුත් රුසියාව වගෙ රටවල වෛද්‍ය වෘත්තියෙ යෙදෙන්නෙ ඒ අය ලබපු පුහුනුවම ලබපු අය. ලෝකෙ අනෙක් රටවල වෛද්‍ය අධ්‍යාපනය ලංකාවට වඩා පහත් නම් ඇයි පශ්චාත් උපාධිකරන්න රට යන්නෙ.

      තමන්ගෙ සල්ලි වලින් ඉගෙනගත්ත අය නීච වැඩ කලාම උන් තමන්ගෙ සල්ලිවලින් ඉගෙන ගෙනනෙ කියලවත් හිත හදාගන්නව.
      ඉගෙන ගන්න වියදම් කරපුව හොයාගන්න හදනව වත් කියන්න පුලුවන්. පිනට ඉගෙනගත්ත අය නීච වැඩ කරන එක සාධාරනීකරනය කරන්නෙ කොහොමද.
      ඊටත් යුක්තිය සාධාරනය මිනිස්කම ගැන මහපාරෙ මරාගන්න ගිය සිසු නායකයො.

      Delete
    2. දැනට ඇති SAITM ආයතනය නවලෝක, ආසිරි රෝහල් වැනි පුද්ගලික ව්‍යාපාර වේ. එනම් SAITM වලට අයිතිකාරයෙක් ඇත. ලැබෙන ලාභය අයිතිකරුගේ සාක්කුවට යයි.

      මේ SAITM අයතනයේ අඩු පාඩු මඟ හරවන්නට රජයේ රෝහල් දිය යුත්තේ කුමන හේතුවකටද? දැන් නවලෝක රෝහලට වෛද්‍යවරු මදි වුවහොත් ජාතික රෝහලේ සිටින වෛද්‍යවරු ඒ අඩුපාඩු මඟහරවන්නට නවලෝකයට යවනවාද?

      පශ්චාත් පුහුනුව ලැබීමට රට යැවීමේදී හොඳ වෛද්‍ය අධ්‍යාපන හා රෝහල් සහිත රටවල් පමනක් තෝරා ගැනේ.උදාහරනයකට රුසියාව ඒ සඳහා තෝරා ගන්නා බවක් නොපෙනේ. රුසියාවේ පශ්චාත් උපාධි ලැබීමට වෛද්‍යවරු යන බව තවම නම් අසා නැත.

      එසේම UK වි.වි. වල වෛද්‍ය උපාධි හැදෑරීම ලෙහෙසි නැත.එයට මිලට අමතරව උසස් පෙලට A තුනක් අවශ්‍ය වේ. UK වල ඇති එකම "PMC" එකේද මෙය එසේමය. UK මූලික වෛද්‍ය උපාධි (MBBS, BMBM,MBChB, etc.) ලබූ සිසුන් ලංකාව එතරම් එන බවක් මම අසා නැත.

      ලංකාවේ වෛද්‍ය පීඨවලට වෛද්‍ය වෘත්තියට නුසුදුසු පුද්ගලයන් එනවානම් කලයුත්තේ ඒ සඳහා පීඨ මඟින් පරීක්ශනයක් පැවැත්වීම. එමඟින් නොගැලපෙන ආකල්ප සහිත අයව ඉවත් කල හැකියි.

      ඒ වගේම උපාධි වලට සල්ලි ගත්තා නොගත්තා කියා ආකල්ප වෙනස් වෙන්නේ නැහැ. වෛද්‍යවරු කියන්නෙත් මේ සමාජයේම කොටසක් මිස එයට බොහෝ උඩින් සිටින පිරිසක් නොවේ (නමුත් අපේ බලාපොරොත්තුව එහෙම ඉඳීවි කියන එක ).

      නමුත් ඉතින් සල්ලි ගෙවා උපාධි ලබා ගන්න වෛද්‍යවරු හොඳයයි ඔබට සිතනවානම් කල යුත්තේ එක්කෝ රජයේ වෛද්‍ය පීඨ වල සිසුන් යම්ගනනක් මුදල් ගෙවා බඳවා ගැනීම. නැතිනම් වැනි ආයතනයක වෛද්‍ය පීඨයක් පටන් ගැනීම.

      එයට හේතුව විදිහට මම කියන්නේ SAITM මොඩල්යේ "පුද්ගලික වෛද්‍ය විද්‍යාල" ලෝකයේ එතරම් සාර්ථක වී නැති නිසා. ධනවාදයේ මහගෙදර වන එක්සත් ජනපද්යේත් මේ වර්ගයේ "PMC" ඇත්තේ එකක් පමනයි. එයත් සාපේක්ෂව ලඟදී පටන් ගත් එකක්.

      Delete
    3. PMC හි ගැටලුව ගුණාත්මකභාවයි.A/L results gana man kiwwe.

      Delete
    4. වෛද්‍යවරු ,හෙදියන් බධවා ගැනීමේදී චර්යා අධ්‍යන පරීක්ෂනයකුත් අවශ්‍යි .ගුරුවරුන් සදහා ඉස්සර එවැනි පරීක්ෂනයක් තිබුන.(teaching ability)

      Delete
    5. මෙයට එකම විසදුම ළමා කාලයේ සිටම අධ්‍යාපනයෙන් සංවේදී දරුවෙක් බිහිකිරීමි.//////+++++++

      Delete
    6. /ලංකාවේ වෛද්‍ය පීඨවලට වෛද්‍ය වෘත්තියට නුසුදුසු පුද්ගලයන් එනවානම් කලයුත්තේ ඒ සඳහා පීඨ මඟින් පරීක්ශනයක් පැවැත්වීම. එමඟින් නොගැලපෙන ආකල්ප සහිත අයව ඉවත් කල හැකියි. /

      අනිව ඒගොල්ලො ඒක කරනවා, ඒකනේ මිනිස්සු කියන්නේ හොඳ දොස්තර මහත්තයෙක් හොයා ගැනීම අමාරුයි කියලා.

      Delete
  5. මෙම පෝස්ට් එක කියවා තම පුද්ගලික සායනයට නො ආ නිසා කෙනෙහිලිකම් කර මරා දැමූ මේ දියනිය ගැනත් මෙම අතීත ශිෂ්‍ය නායක වෛද්‍යවරයා කරන නීච නින්දිත වැඩ ගැනත් මහත්සේ සංවේදී වීමි.
    ඇත්තෙන්ම මෙම කඩප්පුලි වෛද්‍යවරුන්ට එරෙහිව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කල යුතුයි. නමුත් ලංකාවෙ ආන්ඩු මෙම ඊනියා අධිවෘත්තිකයන්ට පන බයය. දොස්තරලටත් බයය විදුලි බල මන්ඩලේ වැනි ආයතන වල ඉංජිනේරුවන්ටත් පන බයය.

    මගේ නිරීක්ෂනයන්ට අනුව ඉතාම නරක මිනිසුන් වාමාංශිකයන්ය.වාමාංශික පක්ෂයක සාමාජිකයෙකු යනු දුර්ගුන වලින් පිරි නරුමයන්ය. සාධාරනත්වය සදහා මහ පාරෙ මරාගන්න ආ මෙම සිසු නායකයන් වෛද්‍යවරුන් වූ පසු මෙතරම් නරුම ලෙස හැසිරීම යනු ඔවුන් කල දේශපාලනයද මහා රැවටීමක් බවයි. මානව දයාව යන්තමින් හෝ තිබෙන්නේ දක්ෂිනාංශිකයන් අතය. මුන් පාරෙ මරාගන්නෙ වෙන ඇරියස් එකක් ,වෛරයක් පිරිමහගන්නය.

    සිසු නායකයන් කියන තක්කඩින්ට රැවටී සිසුන් සිය අධ්‍යාපනය පමනක් නොව ජීවිතද නාස්තිකරගනිති. ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රෝඩාව ගැන ජනතාව දැනුවත් විය යුතුය. මේ අනාගත නරුමයන්ට බිය නොවී රජය පුද්ගලික වෛද්ය විද්‍යාල ආරම්භ කල යුතුය.

    ReplyDelete
    Replies
    1. සිසු නායකයන් කියන තක්කඩින්ට රැවටී සිසුන් සිය අධ්‍යාපනය පමනක් නොව ජීවිතද නාස්තිකරගනිති. ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රෝඩාව ගැන ජනතාව දැනුවත් විය යුතුය.///////// රැවටුණු පුද්ගලයන් ලැජ්ජාව නිසා නිහඬව ඉන්නවා. මේ අය තම අත්දැකීම් සමාජයට හෙලි කල යුතුයි මතු පරපුර බේරගන්න

      Delete
  6. //මා මෙන්ම මංජුල පතිරාජ වෛද්‍ය විද්‍යාව හැදෑරීම පිණිස විදේශ ගතවූහ​.///////
    ඔබ වෛද්‍ය විචද්‍යාව හැදෑරීමට විදේශගතවූයේ එකළ සෝවියට් සංගමයෙන් ශිෂ්‍යත්වයක් ලබාද?

    ReplyDelete
    Replies
    1. මා විදේශ ගතවූයේ සෝවියට් සංගමයෙන් වසර 7 ක ශිෂ්‍යත්වයක් ලබා

      Delete
  7. රුවන්

    ඔබේ ලිපිය මේ ප්‍රශ්නය ගැන හොඳ විග්‍රහයක් කරනවා. ඔබ සඳහන කරන එක දෙයක් ඉතා වැදගත්.මෙන්න මේක හරියටම හරි,(ඔවුන් තුල ලෝකය පිලිබඳ පෘථුල අදහස් පවතින්නේ ඔවුන් ලෝකයේ බොහෝ රටවල සංචාරය කොට තිබීම නිසා බව මම සිතමි.) මොකද මමත් ලංකාවෙ හිටියනම් හිතන්නේ බොහොම ප‍ටු විදියට,. නමුත් අවුරුදු 25 ක් විතර පිටරට හිටිය නිසා වෙනස් සමාජ දැකල වෙනස් විදියට හිතන්න පුරුදු වෙලා.ඔය පී.එම්.සී වලට එරෙහිව කියන දේවල් සේරම තමන්ගේ වාසියට කියන දේවල් විතර්යි. ඩිග්‍රිය අරගෙන එලියට ගියහම ඒවා අමතකයි.ලංකාවේ දොස්තරලා කවදද ලෙඩ්ඩුන්ගේ අයිතිවාසිකමක් වෙනුවෙන් වැඩ වර්ජන කලේ. මමනම් කියන්නේ බොහොම තද නීති යටතේ පුද්ගලික වෛද්ය විදුහල් ලංකාවේ පටන් ගත යුතුමයි.

    ReplyDelete
    Replies
    1. ඔය පී.එම්.සී වලට එරෙහිව කියන දේවල් සේරම තමන්ගේ වාසියට කියන දේවල් විතර්යි//
      ඔබ සහ රුවන් මහතා යන අය ලොව වෙනත් රටවල සංචාරය කර වෙනත් සමාජ දැක තිබෙනවා.
      ගං කබරයන්ට වඩා වෙනස් ලෙස ඔබ දෙපල ලෝකය දකින්නෙ ඒ නිසයි.
      පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහි අයටත් වෙනත් සිසු නායකයන්ටත් මේ අවබෝධය ලැබිය යුතුයි. නැත්නම් දුපතක සිරවූ ගන්කබරයො වගෙ අපිට විතරයි අපිට විතරයි කිය කිය කෑ ගහනව.
      රජය ඉතාම ඉතාම ඉතාම තදින් ඉන්න ඕන.

      Delete
    2. මචං යකෝ උඹේ කොමෙන්ටු හැම තැනම තියෙනෙකොට කියවන්න එපා වෙනවා.
      තරහකට නෙවෙයි මචං කියන්නෙ, එක පෝස්ට් එකකට 1ක් හෝ 2ක් ඇති.
      එහෙම නැත්නම් උඹ වෙනම පොස්ට් එකක් ලියපං.

      Delete
    3. kumara,
      ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල පටන් ගැනීම සම්බන්ධව දැඩි නීති තිබෙනවා. SAITM නම් ඒවා සලකා බලා නැහැ.

      Delete
    4. කුමාර ඔබ හරි මේ ගොඩක් විරෝධතා එන්නේ දූපත් ලිං මැඩි මානසිකත්වය සමග

      Delete
  8. අවාසනාවකට, ඔයි PMC විරෝදී සහ මහා සමාජවාදී සිසු නායකයෝ සොයල්ලම පාහේ (90%) නවතින්නේ පිස්සන් මෙන් තම සේවය නොසලකා මුදල් පසු පස යෑමෙන්.....

    ඔවුන් බොහේ දෙනෙක් එකල තමන් ට වඩා උසස් පාසලකින් හා පසුබිමකින් තමන් ගේම පීටයට පැමිනි අයට රැග් කලා අන්චි ඇද්දා!

    ඔය කියනා 1985 පසු වසරේ නාලන්දා විද්යාලයෙන් පලමු උත්සාහයෙන් හිස්ම ශිශ්යෙය්ක් වෛද්ය පීට ගියේ නැහැ වගේ මතකයි!... චන්දිම සිරිතුන්ග දෙවන උත්සාහයෙන් නාලන්දාවෙන් කොලඹ වෛදය පීටයට ගියා ....

    ReplyDelete
    Replies
    1. මෙන්න ඔරිජිනල් සාරස්යා එලියට බැහැලා . මුන්නැහැ රාජකීය කතාව ළඟටම ඇවිත් නවත්තලා . හීනමානය තමන් ගිය පාසැල උසස්ද පහත්ද කියන එකට සම්බන්ධ නැති බවට හොඳම උදාහරණෙ සරසා. මෙයාට මද්‍ය මහා විද්‍යාල වල ගිය ය (විශේෂයෙන් ඔහුට වඩා ඉහල තනතුරු වල සිටින) පෙන්නන්න බැහැ.. කෝ අර අනිත් හාදයා ලංකා සිතිවිලි මේ දෙන්නගෙම තියෙන්නේ ඔරිජිනල් නොම්මර එකේ කුහකයින් ළඟ තිබෙනා "ලංකා සිතිවිලිම " තමයි.

      Delete
    2. ඔය කියනා 1985 පසු වසරේ නාලන්දා විද්යාලයෙන් පලමු උත්සාහයෙන් හිස්ම ශිශ්යෙය්ක් වෛද්ය පීට ගියේ නැහැ ////// වැරදියි අපගේ 1985 , 12 F පන්තියේ උසස් පෙල ෆිස්ට් ෂයි එකේ රවී විජේසේකර , හෙයියන්තුඩුව ,සම්පත් රණවීර , සුමුදු හේවාවසම් දේශීය වෛද්‍ය විද්‍යාලවලට තේරුණා. චන්දිම සිරිතුංග මා සමග 2 පන්තියේ සිට හිටියා. ඔහු උසස් පෙල කලේ ගණිත විශයන් . පසුව බයෝ සයන්ස් කොට දේශීය වෛද්‍ය විද්‍යාලයට තේරුණා

      Delete
    3. කුමාර කළුආරච්චි නොහොත් සරසා නමැති බ්ලොග් නමින් පෙනී සිටින වසුරු හෙලන්නා නැවතත් ජනප්‍රිය යැයි පෙනීයන බ්ලොග් වලට පැමිණ වසුරු හෙලමින් පසුවේ. මොහු රාජකීය විදුහල් කතාවේ දිගින් දිගටම පැටලෙන්නේ මොහුගේ රජයේ සේවක පියා කිසියම් හේතුවක් නිසා මේ මිහරකා රාජකීය විද්‍යාලයට දැමීමට සමත් වූ වග කව්රු හෝ ලවා කියවා ගන්නටය. එහෙන් මෙහෙන් මුට්ටි අල්ලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සේවයට එකතු වූ සර්සය ඔහුගේ ජන්මයේ වැරැද්ද එතනදී හෙළි කරන්නට ගොස් ඔවුන්ගේ උදහසට ලක්විය.. "අහක ගිය නයි රෙද්ද පල්ලේ දාගත්තට අපිට් හොඳ වැඩේ "යැයි මණ්ඩප මිටීමකදී කුමාර කළුආරච්චි ගැන සඳහන් වන්නේ ඒ අනුවයි.අධික හිනමනයකින් පෙලෙනා සරසට කිසියම් අයෙක් විශේෂයෙන් ගම්බද පාසලකින් ඉගෙන ඉදිරියට අවොත් එය දැක දණ්ඩෙන් පහර කෑ නයෙකු සේ කිපෙන ස්වභාවයක් ඇත. මොහුගේ මේ ගැමි පාසැල් භීතිකාව ජවිපෙ විරෝදධයක් ලෙස පෙන්වමින් සරස්යා බ්ලොග් අව්ක්ෂයේ සැරිසරනු පෙනේ. තම ලෙයින් උපන් දරුවාගෙන් පවා පළිගන්නට තරම් නිහිනයෙකු වූ සරසා ( මොහුට විරුද්ධව මහනුවර පොලිසියේ ලියවී ඇති දේවල් බලන්න ) ගේ පසුපස්සේ යන්නෝ මෙවැනි නිච් , දුර්ජනයෙක්ය් යන ලේබලය ගසා ගැනීමට සිදුවන බව නොදැන සිටිති. බොරු මාරා වාදිතාවයක් පෙන්වන මේ දුර්ජනයාගේ සත්‍ය තත්වය හඳුගත හැකි හොඳම අවසථාව බොරු rag විරෝධයක් පෙන්වමින් ඒ තුලින් අනුරාධපුර මධ්‍ය මහා විදයලයකින් පැමිණි වර්තමාන පේරාදෙණි උපකුලපතිට පහර ගැසීමයි. එමෙන්ම පොඩි බණ්ඩා නම් 1990 භිමසමයේ ඝාතනය වූ දඹුල්ලේ මධ්‍ය මහා විද්‍යාලයෙන් බිහි වූ සිස්‍ය නායකයකුට අපහාස කරමින් ලියු බ්ලොග් පොස්ටුවයි.. සරස.. උඹේ පැටිකිරියෙන් ටිකක් විතරයි මේ .. ඔක්කොම එලියට ගන්න කැමතිනම් තව දුරටත් මරා ගේ ගූ කමින් බ්ලොග් වල වසුරු හෙලපන්... නැතිනම් අර "සරසවිසමග" කියා උඹ ලිවූ පැනිබේරෙන අරලිය ටයිප් කතා ලියමින් ඇත්ත සරස වගේ හැසිරියන්,.... අදට මෙපමණයි .....D.. D. D..

      Delete
  9. මම දන්නා තරමට NCMC එක අයත් උනේ College of General Practitioners of Sri Lanka නැමති ආයතනයට. SAITM එකනම් අයිති නේවිල් ප්‍රනාන්දු ව්‍යාපාරික මහතාට .

    එනිසා මම හිතන්නේ SAITM එකට Private medical college කීම එතරම්ම නිවැරදි නෑ. දැනට ව්‍යාපාරයක් ලෙස ලියාපදින්චි කල ආයතනයක් වන SAITM හා NCMC සම කරන්න යාමත් එක්තරා ගැටලුවක්. . මොකද Private college/Private university යන භාවිතා වෙන්නේ ලාභ නොලබන ආයතන ලෙස පවතින වි.වි වලට පමනයි. ලාභ නොලබ වි.වි. වල උදාහරන ලෙස Harvard/ MIT/ Stanford වැනි ඒවා ගත හැකියි. ලාභ ලැබීම සඳහා වන වි.වි සඳහා වෙනම නමක් භාවිතා වෙනවා.

    ඒ වගේම උපාධි වලට සල්ලි ගත්තා නොගත්තා කියා ආකල්ප වෙනස් වෙන්නේ නැහැ. වෛද්‍යවරු කියන්නෙත් මේ සමාජයේම කොටසක් මිස එයට බොහෝ උඩින් සිටින පිරිසක් නොවේ (නමුත් අපේ බලාපොරොත්තුව එහෙම ඉඳීවි කියන එක ).

    නමුත් ඉතින් සල්ලි ගෙවා උපාධි ලබා ගන්න වෛද්‍යවරු හොඳයයි ඔබට සිතනවානම් කල යුත්තේ එක්කෝ රජයේ වෛද්‍ය පීඨ වල සිසුන් යම්ගනනක් මුදල් ගෙවා බඳවා ගැනීම. නැතිනම් වැනි ආයතනයක වෛද්‍ය පීඨයක් පටන් ගැනීම.

    එයට හේතුව විදිහට මම කියන්නේ SAITM මොඩල්යේ "පුද්ගලික වෛද්‍ය විද්‍යාල" ලෝකයේ එතරම් සාර්ථක වී නැති නිසා. ධනවාදයේ මහගෙදර වන එක්සත් ජනපද්යේත් මේ වර්ගයේ "PMC" ඇත්තේ එකක් පමනයි. එයත් සාපේක්ෂව ලඟදී පටන් ගත් එකක්.


    එසේම අපි මොනවා කියුවත් SAITM ආයතනය විනාශ කරන්න අපිට බැහැ.

    ඒ වගේම ඕකට රැකෙන්නේ ඕකට සහය දෙන මෙතන සිටින අය වගේ සහය දෙන අය කියන දේවල් නිසා නොවේ.

    මොකද එහි සිටින දේශපාලකයන්ගේ, ව්‍යාපාරිකයන්ගේ හා උසස් රාජ්‍ය නිලධාරීන්ගේ දුවලා, පුතාලා, ලේලිලා හා අනිත් නෑයෝ ප්‍රමානය නිසා.

    ඔබට ඒ ගැන උදාහරන අවශ්‍ය නම් යම් කාලයකට පෙර මෙයට විරුද්ධ වූ වෛද්ය සභාවේ සභාපතිනියට ඉල්ලා අස් වෙන්න උනා. වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරීවරයාට පහර දුන්නා (ගහපු කෙනෙක් තවම අල්ලා නැහැ ). වයස 70 වැඩි අයට ව්‍යාපාර කරන්න නීතිමය ගැටලු තිබුනත් නේවිල් ප්‍රනාන්දු මහතා කිසි ගැටලුවක් නැතුව රු. මිලියන 2000 වඩා වැඩි නය (රාජ්‍ය බැංකු මඟින් ) ගෙන තිබෙනවා.

    මෙතන කෙනෙක් කියුවා දැකි නීති යටතේ පටන් ගත යුතු බව. මට ඒ ගැන නම් කියන්න ඇත්තේ ලංකාවේ තිබෙන බොහෝ ගැටලු සහිත ව්‍යාපාර වලට සම්බන්ධ නීති මෙන්ම පුද්ගලික වෛද්ය විද්‍යාල වලට සම්බන්ධ නීතිත් (ඔව්. ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල පටන් ගැනීම සම්බන්ධවත් දැඩි නීති තිබෙනවා. SAITM නම් ඒවා සලකා බලා නැහැ ), කාම සූත්‍ර පොතේ තිබෙන කාන්තා රූපයක් මෙන් අමුතු ඈන්ගල් වලින් ඇඹරී ගොස් තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. SAITM එක ගැන මම කතා නොකරමි හේතුව ඒ ගැන මම අධ්‍යනය කර නැත​

      Delete
  10. "රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධතාව වෙනුවෙන් ත්‍රීමා විතාණ , වෙනුර , කොල්ලූරේ යන සිසුන් අකාලයේ මිය ගියහ​."

    අකාලයේ මිය ගියා කීවම ඔවුන් නිකම් අකාලයේ රෝග හෝ හදිසි අනතුරු මඟින් මැරුනා වගේ.

    මම දන්නා තරමට වෛද්‍ය සිසුන් විසි ගනනක් (හා තවත් වි.වි. සිසුන් බොහෝ ගනනක් ) රජය හෝ රජයට සම්බන්ධ කන්ඩායම් මඟින් පැහැරගෙන ගොස් කෘර වධ දී ඝාතනය කරනු ලැබුවා. මෙසේ ඝාතනය කල අය අතරින් සෑහෙන දෙනක් ආයුධ සන්නධද අරගලයක යෙදුනු අය නොවේ.

    "හු මට පැවසුවේ තම ඥාතී වෛද්‍ය සිසුවාව කපටීන් විසින් ෆෝම්වා කර වෘකයන්ට ආහාර පිණිස විසි කල බවයි. "

    මම දන්නා තරමට සමහර වෛද්‍යවරු පවා ඔය වැඩය කලා. උදාහරන ලෙස කාලෝ ෆොන්සේකාත් මුලින් NCMC යට විරුද්ධ වී පසුව උගන්නන්න ගියා.

    පොඩි අතුරු කතාවක්. මම දන්නා තරමට NCMC මුලින් විරෝධය ආවේ එහි සම්පත් හිඟය නිසා කොලඹ ජාතික රෝහලේ හා වෛද්‍ය පීඨයේ සම්පත් භාවිතා කිරීම හා NCMC විසින් ලබා දෙන උපාධිය කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් ලබා දෙන උපාධිය වීම නිසා. එනම් MBBS (Colombo) වීම නිසා.

    ReplyDelete
    Replies
    1. අකාලයේ මිය ගියා කීවම ඔවුන් නිකම් අකාලයේ රෝග හෝ හදිසි අනතුරු මඟින් මැරුනා වගේ. ////ඔවුන්ව බිලි බෝයිස්ලා කරා මේකේ කොමෙන්ට් කියවන්න http://www.loopholesblog.org/2011/09/blog-post_20.html

      Delete
  11. එක් එක් පුද්ගලයින්ගෙන් හෝ අහඹු නොවන සාම්පලයක් විශ්ලේෂණය කර සමූහය දැකිය නොහැකි නමුත් මෙඩ්ඩෝ ශිෂ්‍ය අරගල කරන්න ආවේ තමන්ට කෙල වෙන්නට ආසන්න වූ පසුව පමණක් බව ඓතිහාසික සත්‍යයක්.

    රාගම () සිසුන්ට කොළඹ උපාධිය දෙන්නට ගිය විටයි සටන ඇරඹුනේ, ඊට පෙර නොවෙයි.

    ත්‍රීමා විතාන වැනි අය මිය ගියේ ජවිපෙ දේශපාලනයේ නිරත වීම නිසා මිස ශිෂ්‍ය දේශපාලනය නිසා යැයි කියන් ශාක්‍ෂි නෑ. ඔහු සමග තවත් දෙදෙනෙඛඔට පරාල ඇන හිසේ ගසා මරා තිබුණා නේද? ඒ අය ජවිඵෙ වෘත්තීය සමිතිවල අයයි.

    ReplyDelete
    Replies
    1. මට පද්මසිරි ත්‍රිමාවිතානව මතකයි බ්ලොම් එකේ ඉන්නවා මම ඒකේ වල බහින කාලේ. ඔහු අපිට වඩා වයසින් අඩුයි. ඒ තුන්දෙනාගේ මළ කඳන් අතුරුගිරියේ වානේ සංස්තා පිට්ටනියට ගෙනත් දාලා තිබුනේ. අම්මා අතේ එල්ලිලා ඇඬුවා අපි බලන්න යන්න හදනකොට. තත්වය ඉතා දරුනුයි ඒ වෙලාවේ. පොල් පරාල පුංචිනිළමේ තාම යහතින් ඇමතිකම් කරනවා. නාලන්ද එල්ලාවල ඝාතන නඩුවෙනුත් බේරුනා(නිදොස්කොට නිදහස් කලා). ත්‍රීමාගේ නඩුවේ දුර්වල සාක්ෂි සහ පරස්පරතා කියලා නිදහස් වුනා. නඩුයි, බඩුයි දෙකම හාමුදුරුවන්ගේ.

      ත්‍රීමා ගැන කෙටි සටහනක් සහ පරන පින්තූර දෙක තුනක් තියෙනවා බලන්න. දන්න කියන අයත් ඇති.

      Delete
    2. මේ සිසු කණ්ඩායම් සාමාජිකයන් තුල අනන්යතා අර්බුධ , ග්රාමීය පසුගාමීත්වය , ප්රචණ්ඩත්වය ගැටළු නිරාකරණය සඳහා එකම මධ්ය බව ඇති විශ්වාසය, හීනවූ සහකම්පනීය අවබෝධ්ය සහ බොහෝ විට පෞරුෂ අක්රමතා හඳුනා ගත හැකියි. මෙම පුද්ගලයන් පිළිබඳව මනෝ විද්යාත්මක වශයෙන් අධ්යනය කිරීමක් අවශ්යයි. මෙම සිසු කණ්ඩායම් සාමාජිකයන් බොහෝ දෙනෙකු ජීවිතය වින්දනය කිරීම වෙනුවට අයිඩියෝලොජි එකක් වෙනුවෙන් මිනී මැරීම හෝ මරාගෙන මැරීමට යොමු වීම ඛේදවාචකයකි. පසු කාලීනව සත්ය වටහාගත් පැරණි සාමාජිකයෝ මෙරට හා පිටරට වල ජීවත් වෙමින් ජීවිතය වින්දනය කරති. ඔවුන් තම දරුවන් තරුණ කාලයේ තමන් ගිය මුග්ධ මාර්ගයේ නොයැවීම් 100 % දකින්නට හැකි සාධකයකි.

      මෙවැනි ප්රචණ්ඩත්වයට යොමුවූ ශිෂ්ය ක්රියාකාරීන් උත්කර්ශයට පත් කිරීම වෙනුවට එහි ඇති හිස් බව , ඛේදවාචක බව සහ මුග්ධ බව පෙන්වා දීම මගින් අනාගතයේ බිලි බෝයිස් ලා බිහි වීම වලක්වා ගත හැකියි. අද දිනයේ මේ මිය ගිය සිසුන් ගැන වේදනාව තිබෙන්නේ ඔවුන් ගේ පවුලේ උදවියට පමණි. එදා මේ සිසුන් ෆෝම් කරන ලද කිසිවෙකු අද ඒ අසරණ වූ පවුල් දෙස නොබලති.මිය ගිය දයා පතිරණ ගැන හෝ රාගම සෝමේ ගැන දුක් වන්නේ කවුද ? ඔවුන් ගේ පවුලේ සාමාජිකයන් මිස වෙන කවරෙක් ද ? නිසි අධ්යාපනයක් ලබා එලදායී පුරවැසියෙකු වී සමාජයට සේවය කිරීම වෙනුවට ඔවුන් දුඛදායක ලෙස අකාලයේ මහා මාර්ග වල මිය ගියහ.

      රාජ්යය ස්වභාවයෙන්ම කෘරය. විශාල රාජ්ය මර්ධනයට එදිරිව සටන් කල යුත්තේ මාටින් ලූතර් කිං ක්රමයට මිස ගල්කටස් සහ පිහි මගින් නොවේ. එවිට දරුණු රාජ්ය තන්ත්රය මහා භීෂනයක් මුදා හරියි.. එය 71 , 88 හා 2009 දී ලංකා වැසියන් දුටුවෝය.

      Delete
    3. ////රාජ්යය ස්වභාවයෙන්ම කෘරය////

      ඔව්..රාජ්‍යයේ ස්වභාවය එහෙමයි. එය බ්‍රිතාන්‍යයෙත්, චීනයේත්, රුසියාවෙත් ඒ විදිහමයි. එංගලන්තයේ සිසු සටන් , චීනයේ සිසු සටන්, සහ රුසියාවේ ඕනම සටනක් මෙල්ල කලේ රාජ්‍ය කෲරතවය නිසාමයි. නමුත් මේ සියල්ලක්ම වෛද්‍ය විද්‍යාත්මක හේතු තුලින්ම යර්ස් හෝ නෝ විසඳුම් හොයන්න බැහැ. ඔබ පර්යේෂකයෙක් සහ වෛද්‍යවරයෙක් නිසාම සියලු ජීවන ගැටළු සෞඛ්‍ය විද්යාත්මක හැඩතල හරහා හොයන්න බැහැ. ඒ එක කෝණයක් මිස සියල්ලටම විසඳුම නොවේ. සමාජ අර්බුදයන් මතුවෙන්නේ මානසික සෞඛ්‍යයේ ඇති ව්‍යකූලතා පමනක් නිසාම නොවේ. එහෙම බැලුවොත් ලෝකයම පිස්සන් කොටුවක්. එය එක් පැතිකඩක් පමනයි.

      Delete
  12. ඔබ කියන කාරණේ ඇත්ත.ගස්ලබ්බාට රෝහල් ගැන අත්දැකීම් ඇත්තේ රෝගියෙක් ලෙස පමණයි.
    රජයේ ශික්ෂණ රෝහල් වල සිටියදී වෙදසිසුන්ට අත්දැකීම් ලබා දුනිමි.
    නෙවිල් ෆනෑන්ඩු කඩේදී ත් වෙද සිසුන්ට අත්දැකීම් ලබා දුනිමි.
    ඉස්කෝලෙ ළමයි හා සෙල්ලං ඉස්කෝලෙ ළමයි අතර වෙනසක් අත්වින්දෙමි.
    පුද්ගලික වයිද්‍ය විද්‍යාලයක් යා හැකි පහත්ම තැනින් නෙවිල් මුදලාලි සිය ආරම්භය ගැනීම මේ ගැටළු වලට ලොකු හේතුවක්.
    ඔබ කලින් කී ගැටළුවලට විසඳුම රෝගීන්ගේ ආරක්ශාව සම්බන්ධයෙන් ඇති ආයතන ශක්තිමත් කිරීමයි.එවිට එවැනි මනුශ්‍ය ඝාතන දෙස බලාසිටීමෙන් ඔබ්බට යමක් ඔබ වැනි මිනිස්කමක් හා දැණුමක් ඇති වෙදදුරෙකුට හෝ කල හැකි වේවි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. විසඳුම රෝගීන්ගේ ආරක්ශාව සම්බන්ධයෙන් ඇති ආයතන ශක්තිමත් කිරීමයි +++++++

      Delete
  13. පීඑම්සී එකට සිසුන් තෝරා ගැනීමේදි මුදලට වටිනාකමක් ලැබුනත් ඊටත් වඩා ඔවුන් සුදුසුකම් පිලිබඳ අගයක් දුන්නා කියා හිතෙන්නේ මගේ මිතුරන් දෙතුන් දෙනෙක්ද එහි ඉගෙනගත් නිසා. ඔවුන් රජයේ වෛද්‍ය විදුහල යාන්තමින් මග හැරුනු අය. සයිටම් ගැන නම් අහන්න තියෙන්නේ වෙනස් කතා.

    පීඑම්සී එකේ ඉතිහාස කතාව මෙතන තියෙනවා. වැරදුනු තැන් සහ අලගිය මුලගිය තැන් සියල්ල. කියවා බලන්න. රසවත් කතාවක්.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ එයට හේතුව NCMC කියන්නේ වෛද්‍ය වෘත්තිය ආයතනයකට (College of General Practitioners of Sri Lanka) අයත්ව තිබූ ආයතනයක් නිසා. මම හිතන්නෑ එහි NCMC මූලික අරමුන ලාභ එපයීම කියා.


      නේවිල් ප්‍රනාන්දු සමාජ සේවයක් ගැන මොන බයිලා ගැහුවත් SAITM කියන්නේ ව්‍යාපාරයක්.

      ඔතරම් සමාජ සේවය ගැන උනන්දුවක් තිබ්නවානම් ඔහුට කල හැකිව තිබුනේ ලාබ නොලබන ආයතනයක් SAITM ලෙස පිහිටුවීම.

      ඇත්තටම ඇමරිකාවේ බොහෝ උසස් ගනයේ පුද්ගලික වි.වි. ආරම්භ උනේ ඒ ආකරයට(ex:Harvard, Cornell,Stanford , etc. ).

      SAITM අයත් නේවිල් ප්‍රනාන්දු රෝහල හා එහි business practice ගැන ඒ ප්‍රදේශය සිටින්නන්ගෙන් අසන්න ලැබුනු කතා සෑහෙන හොඳ මදි.

      SAITM සිටින මා දන්නා සිසුන් නම් අනිත් වෛද්‍ය වි. වල සිසුන් වගේ නැතුව බොහොම සතුටින් හා සැහැල්ලුවෙන් සිටින බවක් නම් පේනවා

      Delete
    2. /////නේවිල් ප්‍රනාන්දු සමාජ සේවයක් ගැන මොන බයිලා ගැහුවත් SAITM කියන්නේ ව්‍යාපාරයක්.///////

      ඔව් ඇනෝ මේක තමයි ඇත්ත කතාව. ඔහු තුල අධ්‍යපනඥයෙකුට, වෘත්තිකයෙකුට වඩා ව්‍යාපාරිකයෙකුගේ උවමනාව තියෙන බවයි දන්න අය කියන්නේ.

      Delete
    3. නේවිල් ප්‍රනාන්දු කියන්නේ මම දන්න විදිහට හිටපු දේශපාලකයෙක් හා ව්‍යාපාරිකයෙක් (වෛද්‍ය රුවන්ගේ වචන වලින් වෛද්‍ය කඩ මුදලාලි කෙනෙක් ).

      ඔහුට කාලයකට පෙර ප්‍රධාන පෙලේ පුද්ගලික රෝහලක් අයත්ව තිබුනා (ආසිරි හෝ සෙන්ට්‍රල් හෝ එවනි එකක් ). එය විකුනා ලබා ගත් රුපියල් මිලියන් 700 මුදල ආයෝජනය කිරීමෙන් තමා SAITM පටන් ගත්තේ.

      මේ ආයතනය මුල සිට තිබුනේ නිසි සම්පත් හිඟය, නීතිය නොසලකා හැරීම්, රජයේ නිලධාරීන්ට කල අනිසි බලපෑම්, දේශපාලන බලය අවභාවිතාව, ඉහල නිලධාරීන්ගේ හා දේශපාලකයන්ගේ දරුවන් මේ ආයතනයට බඳවා ගැනීම මඟින් කල අනිසි බලපෑම් ආදිය. මේ කියන්නේ 2010/2011 කාලයේ සිට.

      Delete
    4. ටියුශන් පන්තිත් ව්‍යාපාරනේද ?

      Delete
  14. මගේ මිතුරන් අතර බටහිර වෛද්‍යවරුන් ද, දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් ද, විදේශීය ශිෂ්‍යත්ව හෝ පුද්ගලික අධ්‍යාපනය ලද වෛද්‍යවරුන් ද බොහෝ වේ. ඔවුන් අතරින් එක් අයෙක් අද කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යේෂ්ඨ කතිකාචාර්ය වරයෙක් වන මගේ මිතුරෙක් සිටී. ඔහු රාගම පී. එම්. සී. හි උගත්තෙකි. නමුත් ඉතා හොඳ සේවයක් අංකුර වෛද්‍යවරුනට ලබා දෙමින් සිටී. තව ආයුර්වේද වෛද්‍යවරයෙක් වන මගේ මිතුරෙක් පී. එම්. සී. අරගලයේ දී දේශීය ශිෂ්‍ය සටන් ලොවේ කප්පිත්තෙකි. නමුත් අද ආයුර්වේද වෛද්‍ය සේවය කිලිටි කරන ප්‍රධාන පුද්ගලයෙකි. තව මා දන්නා යම් මිතුරුකමක් ඇති මහාචාර්ය වරයෙක් සිටී. එතුමා උගත්තේද පී. එම්.. සී හිය. ඔහු මගේ වැඩටද උද්ව කරන ප්‍රධාන පුද්ගලයෙකි. යම් ආකාරයකට රජයේ පාලනයකට නතු කළේ නම් සයිටම් එක ද වැඩක් ගත හැකි ආයතනයකි.

    ReplyDelete
    Replies
    1. ඉතා දැඩි නියාමනයක් යටතේ, ගුණාත්මක භාවය පවත්වාගෙන යමින්, මේ ආයතන පවත්වාගෙන යාමේ වරදක් මා දකින්නේ නැහැ.

      Delete
    2. "තව ආයුර්වේද වෛද්‍යවරයෙක් වන මගේ මිතුරෙක් පී. එම්. සී. අරගලයේ දී දේශීය ශිෂ්‍ය සටන් ලොවේ කප්පිත්තෙකි. "

      රාජිත සේනාරත්න, චම්පික රනවක (ඔහු හා සම්බන්ධ තව කිහිප දෙනෙක්මත් ) කියන්නෙත් ඕකෙ කප්පිත්තෝ තමා.

      Delete
    3. ehema karanna ona nane.gov university ekata athulath kara ganna gana wadi kala nam hari ne.

      Delete
  15. ලංකාවෙ හොඳම චෙස්ට් ස්පෙශලිස්ට් කෙනෙක් සහ ඉදිරියෙන්ම ඉන්න නියුරොලොජිස්ට් කෙනෙක් යන දෙන්නා PMC දෙවනි බැච් එකේ මට මතක විදිහට. ඔවුන්ට වඩා ලකුණු ලබා රජයේ විද්‍යාලයට ගිය ඔවුන්ගේ සමකාලීනයන්ට වඩා ඔවුන් ඉදිරියෙන් ඉන්නව ඒ ක්ෂේත්‍රවල. චෙස්ට් මෑන් නම් මානුෂීය ගුණයන්ගෙනුත් සියලු ස්පෙශලිස්ට්ලා අතරින් ඉහල තැනක් ගන්නවා

    ReplyDelete
  16. මගේ අදහස නම් පුද්ගලික විශ්විද්‍යාල යනු විදේශ විනිමය උල්පතක් බවයි. ලංකාවේ පමණක් නොව මාලදිවයින වැනි රටවලද අපි මොරටුව, කොළඹ, පේරාදෙණිය වැනි සාපේක්ෂව හොඳ ශ්‍රේණිගත කිරීම් ඇති විශ්විද්‍යාල වල ශාඛා අරඹා ඒවායේ මුදල්ගෙවා හදාරන උපාධි පාඨමාලා ආරම්භ කිරීම වටී.

    නමුත්, මේ උපාධි පාඨමාලා වලට සිසුන් ඇතුලත් කිරීමේ සිට උපාධි ප්‍රධානය දක්වා හරියාකාර නියාමනයක් තිබීම අත්‍යවශ්‍යය. මගේ යෝජනාව නම් පෞද්ගලික විශ්විද්‍යාල external examiner වල ලෙස රජයේ විශ්විද්‍යාල ද රජයේ විශ්විද්‍යාල වල external examiner ලෙස පෞද්ගලික විශ්විද්‍යාල ද කටයුතු කිරීම මේ අංශ දෙකටම ධන ප්‍රතිපෝෂණයක් ලබාදෙනු ඇති බවයි. පුද්ගලික වෛද්‍ය පීඨ වල අඩුපාඩු නිසා එම පීඨ වසා දැමීම වෙනුවට මම යෝජනා කරන්නේ ඒවාගේ අඩුපාඩු තැන් සොයා බලා හරිගැස්සවීමයි. කෙසේ වෙතත් වෛද්‍ය උපාධියට උසස් පෙළ ශ්‍රේණිගත කිරීම මත බදවා නොගන්නා අවස්ථා වලදී ඇතුලත් කරගැනීමේ විභාගයක් පැවැත්වීම වඩා සුදුසු වේ. SAITM හි ඇතලත් කරගැනීමේ සිට උපාධි ප්‍රදානය දක්වා නොනැඹුරු අධීක්ෂණ කමිටුවක් ලෙස GMOA ට කමිටුවක් පත් කල හැකි නම් මේ බරපතලම ගැටලුව වන වෛද්‍ය උපාධියේ ගුණාත්මක භාවය ගැන ගැටලුව පහසුවෙන් විසඳේ යයි සිතමි.

    එමෙන්ම ශිෂ්‍යත්ව ලබාදීම ට, පශ්චාත් උපාධි සිසුන්ගේ යැපීම් දීමනා ලෙස, සහ පර්යේෂණ සඳහා පුද්ගලික පීඨයේ අදායමෙන් කොපමණ භාගයක් වෙන්කළ යුතුද යන්න රෙගුලාසි මගින් නියාමනය කිරීම වටී.

    ReplyDelete
    Replies
    1. SAITM එකට Private medical college කීම එතරම්ම නිවැරදි නෑ. මොකද Private college/Private university යන භාවිතා වෙන්නේ ලාභ නොලබන ආයතන ලෙස පවතින වි.වි වලට පමනයි. ලාභ නොලබ වි.වි. වල උදාහරන ලෙස Harvard/ MIT/ Stanford වැනි ඒවා ගත හැකියි. ලාභ ලැබීම සඳහා වන වි.වි සඳහා වෙනම නමක් භාවිතා වෙනවා (proprietary/ for-profit universities ).

      අධීක්ශනය කිරීමේ ගැටලුවක් නෙමේ ඇත්තේ සම්පත් පිලිබඳ ගැටලුවක්. මෙය වෛද්‍ය සභාව මඟින් පරීක්ෂා කොට දුර්වලතා දක්වා තිබෙනවා. ගැටලුව ඇත්තේ ඒ දුර්වලතා මඟහරවන්න පුද්ගලික රෝහලකට අසීරුයි.

      නේවිල් ප්‍රනාන්දු රෝහලේ නේවාසික රෝගීන් ඇත්තේ 50 පමන. දිනකට එන OPD රෝගීන් ගනන සියයක්වත් නෑ.
      මේ ටිකෙන් ඉගෙන ගන්න සිසුන් 500වත් ඇති.

      සායනික පුහුනුවට රජයේ රෝහල් දීම කියන්නේ විකාරයක් හේතු දෙකක් මත.

      පලවෙනි හේතුව වෛද්ය අධ්‍යාපනයේ වැඩි කොටස කෙරෙන්නේ වාට්ටු වල නිසා.

      අනිත් කාරනය ව්‍යාපාරික ආයතනයක දුර්වලතා මඟ හරවන්න රජයේ සම්පත් භාවිතා කල යුතුද?

      Delete
    2. SAITM එක ගැන මම කතා නොකරමි හේතුව ඒ ගැන මම අධ්‍යනය කර නැත​

      Delete
  17. වෛද්‍ය විද්‍යාල වලට තෝරාගැනීම කුසලතාවය මත පමණක් සිදුකිරීමට කාලය එළඹී ඇත. දුශ්කර යයි සම්මත ප්‍රදේශවලට ඕනෑ නම් අනෙක් පීඨ සඳහා ඇතුල්වීමට විශෙෂ අවස්ථා දුන්නාට කම් නැත. අද ටියුශන් වලට වියදම් කරන්න පුළුවන් එකාට ඔය දුශ්කර පලාතක හිටියා කියා වෙනසක් නැත. දෙවැනි හෝ තෙවැනි වරට හරි හොඳ පලාතක නැවතී ටියුශන් වලින් ගොඩයාහැකිය.
    මේ දුශ්කර දිස්ත්‍රක්ක ක්‍රමය අනුව යාපනය දුශ්කරය එහෙත් බලන්න කොලඹ කොතරම් දුශ්කර පාසල් තිෙයෙනචාද ?

    ReplyDelete
  18. වෛද්‍ය විද්‍යාල වලට තෝරාගැනීම කුසලතාවය මත පමණක් සිදුකිරීමට කාලය එළඹී ඇත +++++++

    ReplyDelete
  19. වැදගත් වන්නේ SAITM නො වේ. නිදහස් අධ්‍යාපනය මෙන් ම, කැමති අයට මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ද ප්‍රජාතාන්ත්‍රික රටක තිබිය යුතු ය.

    ReplyDelete
  20. PMC ඩොක්ටර්ස්ල දැන් මොනවද කරන්නේ කියල හරියටම බලාගන්න ඩේට බේස් එකක් වගේ එකක් නැතිද?

    ReplyDelete
  21. most of them are working in USA / Aus / UK

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook