1973 වසරේ සිට 1985 වසර දක්වා මම කොලඹ
නාලන්දා මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවෙමි. ප්‍රාථමික ශ්‍රේණි වලදී මට ඉගැන්වූ ගුරුවරියන්
අතර සුවිශේශ ගුරුවරියක් ලෙස මට ඊ අබේකෝන් මිය මතකයට නැගෙයි. ඇය පාසලට පැමිණියේ කළු
පැහැති ෆෝඩ් ඇඟ්ලියා රථයකිනි. සිංහල සහ ඉංග්‍රීසි භාශාව මනා සේ හැසිරවූ ඇය ඉතා මනහර
ලෙස පියානෝවද වාදනය කළාය. ලංකාවේ මෙන්ම පිටරට ලෝකය පිළිබඳ මනා දැණුමක් තිබූ ඇය අපට
ඊජිප්තුවේ පිරමීඩ , ඇමරිකාවේ උස් ගොඩනැගිලි , ඕස්ටේරලියාවේ කොරල් පර , ඉතාලියේ ගිනිකඳු
, එංගලන්තයේ මාලිගා යනාදිය ගැන තොරතුරු කීවාය.
අබේකෝන් මිය යනු ප්‍රාථමික ගුරුවරියන්
අතර සදාතන පරමාදර්ශී ගුරුවරිය බව මට අද දිනයේ වැටහේ. ඇය විශ්‍රාම ලැබුවේ අප තුන්වන
පන්තියේ සිට හතරවන වන පන්තියට සමත් වූ 1975 වසර අග විය යුතුය. ඉන් වසර විස්සකට පසු 1995 දී මම අබේකෝන් ගුරු මාතාව හමු වීම පිණිස ගියෙමි. ඒ කාලයේ
ඇය තමන් ගේ එක් දියණියක් සමග වාසය කලාය. වයෝවෘධ වූවද ඇයට තමන් ඉගැන්වූ දඟකාර සිසුවා
අඳුනා ගැනීමට අපහසු නොවුවාය. අබේකෝන් ගුරු මාතාව අද ජීවතුන් අතර නැත. නමුත් ඇය උගන්වන
ලද සිසු දරු පරම්පරා කීපයක් සිටිති. ඔවුන් ද අබේකෝන් මිය යනු ප්‍රාථමික ගුරුවරියන්
අතර සදාතන පරමාදර්ශී ගුරුවරිය බව විශ්වාස කරනු
නොඅනුමානය.
2002 වසරේ මා විසින් ලියන ලද අධ්යාපන ප්රතිකාර නැමැති පොත මා පිළිගන්වන ලද්දේ දිවංගත අබේකෝන් ගුරුතුමිය වෙතය. අබේකෝන් ගුරුතුමිය වෙනුවෙන් පොත පිළිගන්වනු ලැබුවේ එතුමියගේ දියණියක් වූ රෝහිනී වීරසිංහ මහත්මියටය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
ගුනසින්හ කියා නමක් ඇති වයෝවෘද ආදි නාලන්දීය මුල්ගුරු මහතෙකු ප්‍රතිකාර සඳහා අප ලඟට ද පැමිනේ...
ReplyDeleteහප්පට උඩු Sa rasa. මිස්ට ගුණසිංහ ප්‍රින්සිපල් වෙලත් හිටියා නේද කාලයක්. අපිට පොල් ටොකු අනින නිසා ඒ නමම තමයි අපි එතුම හඳුන්වන්න පාවිච්චි කලේ.
Deleteසාර ස තුමා හිටපු නාලන්ද සිසුන් වෙනුවෙන් දත් සුද්ද කරන ගමන් ඔහුට පොල් ටොකු ඇනීමට ඉදිරිපත් වෙයිද දන්නෙ නැහැ
Deleteධර්ම ගුණසිංහ මහත්මයාද?ඔහු පසුව නාලන්ද විද්‍යාලයාධිපති තනතුරට පත්වුණා කියල මතකයක් තියනව. සත් සමුදුර චිත්‍රපටයේ අධ්‍යක්ෂ ආචාර්ය සිරි ගුණසිංහ කියන්නෙ ඔහුගේ වැඩිමහල් සොහොයුරා.
Deleteධර්මා ගුනසිංහ හෙවත් පොල් ටොක්කා සර් ප්‍රින්සිපල් වෙලා හිටිය අතුකෝරල සර්ගෙන් පස්සේ.මුලදී එතුමා කනිශ්ටේ ප්‍රින්සිපල්. මහාචාර්ය සිරි ගුනසිංහගෙ සොහොයුරා.
Deleteඑතුමා දැන් බොහෝ වයසයි.... වයොවෘදයි ....
Deleteඇතුල්කෝට්ටේ ප්‍රදේසයේ ජීවත් වේ...
[පොල් ටොක්කා සර්] හික් හික්
Deleteධර්මා ගුනසිංහ සර්
Deleteරුවන්ට මතකද පිසික්ස් කරපු ජයසූරිය සර්.එයත් බොහොම හොඳ ගුරුවරයෙක්.
ReplyDeleteඔව් සර් හොඳ Physics teacher කෙනෙක් , කිව්වෙ කණයා කියලා සර් ඉන්නේ කොහේද දැන් ?
Deleteකනයා නෙමෙයි හැලපයා.සර් හිටියේ පූගොඩ. නාලන්දේ හිටපු ගුරුවරුන්ගේ සංගමයක් තියනව නේද?
Deleteඅද මෙවැනි ගුරුවරුන් දුර්ලභයි. මේ ගුරුවරු තම දැනුම දියුණු කරගත්තේ කියවීම සහ ඇහුම්කන්දීම නිතර කල නිසා. අද ගුරුවරු බැඳ තබා තිබෙන විවිධ බන්ධන නිසා ඔවුන්ට පන්තියේ වැඩටික කරන්නත් වෙලාව මදි.
ReplyDelete+++++
Deleteඒ විතරද?ගුරුවරයාත් ආර්ථිකය ඉදිරියේ අසරණ වෙලා. ටියුෂන් දීමෙන් තොරව තමන්ගේ දිවි පෙවෙත රැක ගන්න බැරි අයත් ඉන්නවා. එහෙම අයට නව දැනුම ලබන්න කියවනවා තියා තමන්ගේ දරුවන්ගේ මුහුණ බලන්නවත් වෙලාවක් නැහැ. මෙය විෂම චක්‍රයක් .අසරණ වෙන්නේ අහිංසක දරු පැටව් .
ReplyDeleteතම ආදර ගුරු මවක වෙනුවෙන් තැබූ මේ සටහන හර්දයන්ගමයි .
ගොඩක් දෙනාට තමන්ගේ පාසල් කාලේ සිත් ගත්ත ගුරුවරියක් හරි ගුරුවරයෙක් හරි ඉන්නවා....
ReplyDeleteපොඩි කාලේ ගුරුවරයාගේ චරිතෙ ළමයිට ගොඩක් බලපානවා... psychology වලත් මේ ගැන විස්තර කරනවා.
ඔව්
Deletehttp://mallepol.blogspot.com/2016/04/blog-post_8.html
ReplyDeleteකැරකිලා එන විදිහට ස රසා ගුණසිංහ සර් ගේ දත විතක් නොවෙයි හක්කත් ගලවා ගනී වගේ
ReplyDeleteඅනේ එහෙම කරන්න එපා අපේ සර්ට
Delete