බෙලොරුසියාව හෙවත් බෙලරූස් රාජ්‍ය මුල් කාලයේදී සෝවියට් දේශයට අයත්ව තිබූ සමූහාඅාණ්ඩුවකි. වර්තමානයේ එය නිදහස් රටකි. බෙලොරුසියාව යන්නේ අරුත සුදු රුසියාව යන්නයි. රුසියන් සහ යූක්‍රයීන භාෂා දන්නා අයෙකුට බෙලොරුසියානු බස තේරුම් ගත හැක.
මා මුල් වරට බෙලොරුසියාවට ගියේ ශීත සමයකය. එදින උෂ්ණත්වය සෘණ 17 පමණ වූ බව සිතමි එසේම නොකඩවා හිමද ඇද හැලුනේය. මා මින්ස්ක් නගරයට ගියේ එක්දහස් නවසිය හැට ගනන් වල මේ නගරයේ ජීවත් වූ ජනාධිපති කෙනඩි ඝාතකයා ලෙස සැලකෙන ලී හාවි ඔස්වල්ඩ් පිළිබඳ තොරතුරු සොයාගෙනය.
ලී හාවි ඔස්වල්ඩ් ඇමරිකාවේ සිට සෝවියට් දේශයට පැමිනෙන්නේ දේශපාලන රැකවරණ ඉල්ලාගෙනය. ඉන් පසු ඔහු මින්ස්ක් නගරයේ පදිංචි වන අතර මරීනා නම් සෝවියට් කාන්තාවක සමග විවහා වෙයි. 1989 වන විට මින්ස්ක් වැසියන් තුල ලී හාවි ඔස්වල්ඩ් පිළිබඳ මතකයක් නොවීය. නමුත් අවසානයේදී එක් ටැක්සිකරුවෙක් ලී හාවි ඔස්වල්ඩ් පදිංචි වී සිටි තට්ටු නිවාස සංකීර්ණය වෙත මා ගෙන ගියේය. හිම පතනය දරුණු වූ නිසා ඔහු ජීවත් වූ නිවසේ සඳලුතලය පමණක් බලා ගැනීමට හැකි විය.
දෙවන ලෝක සංග්‍රාම කාලයේදී බෙලොරුසියාව නට්සින් ගේ කුරිරු ග්‍රහණයට අසු වීය. නට්සීන් බෙලොරුසියානු ගම් පිටින් දවා හළු කරන ලදි. මින් එක් ග්‍රාමයක් වූ හත්තින් ගම්මානයේ කතාව ඉතා ශෝකජනකය. ජර්මානු හමුදා හත්තින් ගම්මානය වට කොට මිනිසුන් ගැහැනුන් ළමුන් සියළුම දෙනා එක ස්ථානයකට ගාල් කොට ඔවුන්ට වෙඩි තබා මරා දැමූහ. අනතුරුව ඔවුන් ගම්මානය ගිනිබත් කරන ලදි.
මේ සමයේදී බෙලොරුසියාවේ පර්ටිසාන්වරුද ජර්මානුන්ට එදිරිව සටන් කලහ. ජර්මානුන් යුදෙව්වන් තොග ගනනේ මරා දමන විට යුදෙව් සොහොයුරන් තිදෙනෙකු වන ටුවියා, සූස් සහ අසයෙල් විසින් පර්ටිසාන් කණ්ඩායමක් පුහුණු කොට නට්සීන් දඩයම් කලහ. මොවුන්ව හඳුන්වන ලද්දේ බෙල්ස්කි සොහොයුරන් වශයෙනි. බෙල්ස්කි සොහොයුරන් බෙලොරුසියා වනාන්තර වල සැඟවී නට්සීන්ට පහර දුන්හ. පසුව බෙල්ස්කි සොහොයුරන් ගේ අරගලය Defiance යන නමින් සිනමාවට ද නැගුන අතර සුපිරි නළු ඩැනියෙල් ක්‍රෙග් මේ චිත්‍රපටයේ රඟපෑවේය.
බ්‍රෙස්ට් යනු බෙලොරුසියාවේ එක් ප්‍රධාන නගරයකි. අප බොහෝ විට දුම්රියෙන් බටහිර යුරෝපයට යන විට ගියේ බ්‍රෙස්ට් හරහාය. ඒ කාලයේ ආරක්ශක පියවරක් ලෙස සෝවියට් දේශයේ රේල් පාරවල් අනෙකුත් යුරොපියානු රටවල රේල් පාරවල් වලට වඩා පළලින් යුක්ත විය. මේ නිසා සතුරු හමුදා වලට එක වරම දුම්රිය මගින් සෝවියට් දේශයට කඩා වදිනු නොහැකි විය. එබැවින් බ්‍රෙස්ට් හරහා යන එන කෝච්චි ඔසවා සෝවියට් දේශයේ රේල් පාරවල් වලට ගැලපෙන ලෙස දුම්රිය රෝද සකස් කරති. එබැවින් බොහෝ විට අප බ්‍රෙස්ට් දුම්රිය පලේ කාලය මැරුවෙමු.
වර්තමානයේ බෙලොරුසියාවේ දේශපාලන තත්වය ගැටලු සහගතය. ජනාධිපති ඇලෙක්සැන්දර් ලුකශෙන්කෝ ඒකාධිපතියෙක් බව ඔහුගේ විරුද්ධවාදීහු පවසති. මානව හිමිකම් උල්ලංඝනය ගැන චෝදනාද ඔහුට තිබේ. අන්තර්ජාලය තහනම් සහ සීමාසහිත කොට තිබෙන රටවල් ස්වල්පය අතර බෙලොරුසියාවද සිටී.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
ආර්මේනියාව ගැනත් දාන්න.. නියම රටක්
ReplyDelete++++++++
Deleteගොඩබිමින් එකිනෙකට යාව පවතින රටවල මේ දුම්රිය මාර්ග උපක්‍රමය බොහොම සාර්ථකයි ඒ කාලේ. නමුත් අදට කිසිසේත් වලංගු නැහැ, නවීන ප්‍රහාරක උපක්‍රම නිසා.
ReplyDeleteලී හාවී ඔස්වල්ඩ් රුසියාවේ දේශපාලන සරණාගත ජීවිතයෙන් ලැබූ වාසිය කුමක්ද?
ලී හාවී ඔස්වල්ඩ් සෝවියට් දේශයේ දේශපාලන රැකවරණ ඉල්ලා සිටියත් එය ලැබෙන්නේ නැහැ.අනික ඔහු එම රැකවරණ ඉල්ලන්නේ ජනාධිපති කෙනඩි ඝාතනයට පෙර.
Deleteලින්ක් එකක් දෙන්නකො මනෝජ්
Deleteසමවෙන්න,මට පොඩි පැටලීමක් වෙලා තියෙනවා. ලී හාවී ඔස්වල්ඩ් සෝවියට් දේශයේ පුරවැසිකම ලබා ගත්තා වුනත් නැවත 1962 ජූනි මාසයේදී නැවත ඇමරිකාවට පැමිණෙනවා ඇමරිකානු පුරවැසිබවයත් එක්කම.
Deleteමේ තොරතුරු බොහොමයක් මා කියවා ඇති ඒවා වන අතර මේ ඉහත කොටස උපුටා ගත්තේ දිනේෂ්ගේ සත් සමුදුරෙන්.
correct
Deleteබොහොම පැහැඳිලි විස්තරයක්...
ReplyDeleteජයවේවා
+++++++
Deleteසමහර බ්ලොග් ලියනන්ට සම්මාන අවශ්‍ය නැති වෙන්නට පුළුවන්. ඒත් විශ්වකෝෂ වගේ දැනුම ගෙනෙන මෙවැනි බ්ලොග් අඩවි කියවන්නාගේ පැත්තෙන් බලා සම්මාන උළෙලවල් වලදී අඩුම තරමේ ප්‍රසිද්ද්ධියක් වත් ලබාදෙනවා නම් එය බොහෝ දෙනෙකුට දැනුම ලබාගැනීමට හොද අවස්තවක් වේවි.
ReplyDeleteට්‍රාන්ස් මුලදි හිටියා. නමුත් පස්සේ හැලුනා වෙන්ඩ ඕන.. නැත්නං මං කරා වගේථ, ප්‍රවීණ බ්ලොග්කරුවෙක් (?) කියල හිතාගෙන සම්මාන ප්‍රතික්ෂේප කරාද දන්නෑ නවකයෙකුට (?) තැන දෙන්න කියලා.. හැක්..
Deleteඉවත් කරගතිපු බවක් නම් ඒවා ගැන නොකීකතා කියපු අය වත් කියල තියෙනවා දැක්කේ නෑ. බ්ලොග් කියවන්නෙක් විදියට මම හිතන්නේ නම් බොහෝ අංශ වලින් සම්මාන ලැබියයුතු ලිපි මෙහෙ පළවුනා කියල.
Deleteඒ වුනාට ඉතින් මම හිතන දේ හරි දේ නොවෙන්නත් පුළුවන්.
කොහොම වුනත් ඒ සම්මාන උළෙල තමුන්ගේ කාලය ධනය වැයකරගෙන ඔවුන්ට හැකිපමනින් කිරීම ගැන මොකුත් නොකරපු මම වගේ අය ඔවුන්ට ස්තුතිවන්ත වියයුතුයි.මොකුත් නොකරපු අපිට ඒවා විවේචනය කරන්න අයිතියක් නැති වුනාට ඔවුන්ගේ මහන්සියෙන් සිංහල බ්ලොග් කියවන්නාට වඩාත් ප්‍රයෝජනයක් වෙනවා දකින්න කියවන්නෙක් විදියට මමත් ආසයි. බ්ලොග් එකක් හෝ වෙනයම් ප්‍රසිද්ධ ලියවිල්ලක් කෙනෙකු ලියන්නේ තම දැනුම සහ අදහස් සමර්පණය කිරීම වෙනුවෙන් නම් ලියන්නාගේ පැත්තෙන් බලනවාට වඩා කියවන්නාගේ පැත්තෙන් බැලීම සිදුවියයුතු බවයි මම හිතන්නේ. ඉහත කී කාරණාවේදී වඩාත් සැලකිලිමත වී ඇත්තේ ලියන්නාගේ සහ සංවිධායකයන්ගේ පැත්තෙන් බවයි මට හිතුනේ. නමුත් මගේ සිතුවිල්ල වැරදි වෙන්නත් පුළුවන්.
කොහොම වුනත් ඒ සම්මාන උළෙල.......වක්‍රයෙන් අයතා සම්බන්ධකම ලබාදී සම්මාන ලබන්නෝ සහ ලබන්නියන් ඒවා ලබාගත්තා වගේ නම් ......
Deleteඕවා ගැන මම නොදනිමි
Deleteසාහිත්‍යය ඇසුරු කිරීමෙන් සෝවියට් දේශය චිත්තරුප තුළින් ජීවිතයට ඇතුළු වුනා . ඔබේ ලිපි හරහා ලබන නව දැනුමෙන් අලුත් විදියකට රසවත් වෙනවා. තුති.!
ReplyDeleteමේක කලින් දාපු එකක්ද???
ReplyDeleteno why ?
Deleteවිප්ලවේ කාලෙ සුදු හා රතු හමුදා අතර යුද්ධයත් එහෙ තිබුන නේද?
ReplyDeleteඔව්
Deleteඑහෙත් වයිද්‍ය උපාධිය හදාරන්න ඇහැකි නේද පිටරට සිසුන්ට? මොකට අන්තර්ජාලෙ සීමා කොරනවාද මන්දා..
ReplyDeleteජයවේවා..!!
මිනිසුන් ගේ අදහස් පාලනය කිරීමට
DeleteSomeone who loved me is there :) she is doing medicine :)
ReplyDeletemmmmmmmmmmm
Delete