Saturday, August 29, 2015

ලොකු අතුල හෙවත් අතුල නිමලසිරි ජයසිංහ

(71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය​ ඇසුරෙනි - වෛද්‍ය රුවන් එම් ජයතුංග)


1971 අප්‍රේල් කැරැල්ලේ විත්තිකරුවකු වූ අතුල නිමලසිරි ජයතිලක හෙවත් ලොකු අතුල 2014 නොවැම්බර් 29 දා රාත්‍රී අරලියගහ මැදුරේදී මිය ගියේය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපතිනිය සමයේ විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමැතිවරයකු වූ ලොකු අතුල බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස ද කටයුතු කළේය.

මහ නඩුවේ හයවන විත්තිකරු වූ ලොකු අතුල පශ්චාත් කැරලි සමයේ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වූ බව නොරහසකි. ලොකු අතුල හෙවත් හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය අතුල නිමලසිරි ජයසිංහ මහතා මට මුණගැසුණේ (2008)  ලෝහෝර් ආර්යා ගොඩනැගිල්ලේ තෙවන මහලේ පිහිටි ඔහුගේ කාර්යාලයේදීය. තමා හමුවීමට පැමිණෙන පුද්ගලයන්ට පෙන්වන ආචාරශීලීභාවය හා මිත්‍රශීලී කථාකිරීම මම ඔහු තුළින් දුටුවෙමි. හිස උදුම්මවාගත් රජයේ උසස් නිලධාරින්ට අතුල නිමලසිරි ජයසිංහ මහතා අනගි ආදර්ශයක් වනු නියතය. 1971 පිළිබඳ පුරාවෘතය ඔහු ඇරඹියේ මෙසේය.

මම මෙම ව්‍යාපාරයට සම්බන්ධ උනේ 1964 පියතිලක හරහා. මමත් පියතිලකත් ස්ටැෆඩ් විද්‍යාලයේ ශිෂ්‍යයෝ. මට අවශ්‍යව තිබුණා එකල ජනතාවට සමෘධීය උදාකර දිය හැකි දේශපාලන ක්‍රමයක් සමඟ වැඩ කිරීමට. යළි පරාක්‍රමබාහු යුගයක් ඇති කළ හැකි, දිළිඳුකම පිටුදැකිය හැකි ක්‍රමයක් ඇති කිරීමේ අවශ්‍යතාවය එකල අපට තදින්ම තිබුණා.
මෙවැනි ජනතා ව්‍යාපාරයක් තිඛෙනවා යන්න මට පියතිලකගෙන් අසන්නට ලැබුණා. ඒ නිසා මම කැමැත්ත දැක්වූවා එම ව්‍යාපාරය බැඳීමට. මුලින්ම විෙජ්වීර හමු උනේ ෆොන්සේකා කියන පුද්ගලයාගේ පියාගේ මළ ගෙදරදී. ඔහු ආකර්ශණීීය විධියට කථා කළා. ඔහු තුළ හොඳ කථීකත්වය, ස්මරණ ශක්තිය තිබුණා. මුල් කාලයේ කැපවීම ඉතා ඉහළයි. ඒත් පසුව අලස ස්වභාවයක් දකින්නට ලැබුණා.

මම මුල්කාලයේදී විෙජ්වීරට ආකර්ශණය උනත් ටික කලක් යනකොට මට පෙනී ගියා ඔහු තුළ තිබුණු දුර්ගුණ. මම දුටුවා ආත්මාර්ථකාමී, බලලෝභී, බියසුළු, හීනමාන චරිතයක් ඔහු තුළින්. ඔහු මානසිකව නරුමකාර චරිතයක්. මෙහි ඉහළම ප්‍රදර්ශනය දැකිය හැකි උනේ 88/89 කාලයේදී වරක් විෙජ්වීර කිව්වා zzඅම්මා කියන්නේ මට හැතිරියක්ZZ කියලා. මට තේරුම් ගියා විෙජ්වීර තම මව කෙරෙහි යම් වෛරයක්, අකමැත්තක් දක්වන බව.

මම මට පැවරූ වැඩ හොඳින් කළා. මුලින්ම දිස්ත්‍රික්ක 6ක් එනම් කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය, බදුල්ල, කොළඹ නුවර පාර මට අයත් උනා. මම සංවිධාන කටයුතු පන්ති පැවැත්වීම සිදු කළා. 1970 විතර මට කුරුණෑගල, කෑගල්ල දිස්ත්‍රික්කවල සංවිධාන හා සන්නද්ධ කටයුතු භාර කෙරුණා.

ව්‍යාපාරයේ මුලින්ම ඛෙදීම් හා ඝට්ටන ඇතිවුණේ විෙජ්වීරගේ ක්‍රියාකලාපය හා ඊර්ෂ්‍යාව මත. ඔහු දක්ෂයන් දුටුවේ තර්ජනයක් ලෙසටයි. ඒ නිසා මුල් කාලයේදීම නිහාල් ඩයස් පානදුරේ කණ්ඩායම කියලා කපා දැමුවා. ඔහු ප්‍රශ්න අසනවාට කැමති නැහැ. දැනුම හා අත්දැකීම් අඩු ඔහු කියන දේ දේවභාෂිතයෙන් වගේ පිළිගන්නා අන්ධ බැතිමතුන්ට කැමතියි මේ හේතුව නිසා ධර්මසේකර, රෙජිනෝල්ඩ් කුරේ වගේ ක්‍රියාකාරීන් කපා දැම්මා. ඊට අමතරව මට, බෝල සමරේට, සරත් විෙජ්සිංහට, සනත් බොරළුකැටියට එහෙමත් යටින් කැපිලි දැම්මා. ඔහු තුළ තිබුණේ නොවිසඳුනු සැක. විෙජ්වීර සැකය කේන්ද්‍ර කොට ජීවත්වූ 
පුද්ගලයෙක්. මමයි, සනත් බොරළුකැටියයි, ඉනකම්ටැක්ස් කරුයි එක කල්ලියක් කියලා චෝදනා කළා.

සනත් බොරළුකැටිය තැන්පත්, බුද්ධිමත් සමබර චරිතයක්. ප්‍රහාරයේදී ඔහු මළා. සනත් තුළ දක්ෂතා තිබුණා. මේ හේතු නිසා අපි සනත්ගේ කල්ලියේ මිනිස්සු ලෙසටයි විෙජ්වීර සැලකුවේ. අප්‍රේල් 5 වෙනිදා පහරදීම ගැන සංඝාරාමයේ තීරණය ගන්නා විට නායකයන් නවදෙනෙක් හිටියා. නව දෙනාගෙන් හයක් ප්‍රහාරයට පක්ෂව කථාකළා. ඒ අය නම් උයන්ගොඩ, සුනන්ද දේශප්‍රිය, පියතිලක, සුසිල් වික්‍රම, අනුර කුරුකුලසූරිය හා ලයනල් බෝපගේ. 

මමයි, ඉන්කම්ටැක්ස් කරුයි, සනත් බොරළුකැටියයි ප්‍රහාරය අප්‍රේල් 5 වෙනිදා කරනවට විරුද්ධ උනා. අපි කිව්වා මේ ඒකට කාලය නොවෙයි කියලා. තව ටික කලක් ඉවසමු කිව්වා. ඒත් වැඩි දෙනෙක් ප්‍රහාරයට පක්ෂ වූ නිසා අප්‍රේල් 5 දා ප්‍රහාරය සිදුකරන්න ගිවිස ගත්තා.

ඒත් මට පසුකාලයක ආරංචි උනා නයනානන්ද විෙජ්කුලතිලක පුවත්පතකට ලියපු ලිපියකින් අප්‍රේල් 5 දා පහරදීමට පියතිලක ප්‍රමුඛ පිරිස ප්‍රහාරය ගැන තීරණයක් අරගන, එදා සංඝාරාමයේදී නිකං අපිටත් කිව්වා කියන විදිහට රැස්වීමක් තියලා තීරණයක් ගත්බව අඟවලා. (මේ පිළිබඳව මම නයනානන්ද විෙජ්කුලතිලක  23/2/09 දින හමුවී විමසුවෙමි. එවැනි ප්‍රකාශයක් තමා පුවත්පතට කළ බව නයනානන්ද ප්‍රතික්ෂේප කළේය. කත_ෘ) කොහොම නමුත් ප්‍රහාරය අප්‍රේල් 5 දින සිදුකිරීමට අපි තීරණය කළා.

1971 අප්‍රේල් 5 දා මම හිටියේ කෑගල්ල බලපත්තාවේ. අපි ප්‍රහාරයට යනවිට ගල්ගමුවේදී පොලිස් කණ්ඩායමක් සමඟ ගැටුණා. කෑගල්ලේ අපිත් එක්ක සරත් විෙජ්සිංහ, වසන්ත දිසානායක එහෙමත් හිටියා. සරත් විෙජ්සිංහට අත්වැරදීමකින් වෙඩිවැදිලා මරණයට පත් උනා. ඒ සිද්ධිය උනේ මෙහෙමයි. ආයුධ පුහුණුව ඊ.සී.පී සෙනෙවිරත්න කියන හිටපු ස්වේච්ඡා හමුදා නිලධාරියා කළා. පුහුණුව ලබන හැමෝටම නියම කළා ජීව උණ්ඩ තුවක්කුවලින් ඉවත් කරන්න කියලා. එක් අයකුට උණ්ඩය ඉවත් කරන්න අමතක වෙලා ඒ වෙඩිල්ල හදිස්සියේම පත්තු උනා. ඒක අසල හිටපු සරත් විෙජ්සිංහට වැදුනා.

වෙඩිපහර වැදිලා තිබ්බේ සරත් විෙජ්සිංහගේ කණ අසලට. සරත් ඒ මොහොතේම මැරිලා තියෙනවා. මම ඒ වෙනකොට හිටියේ බලපත්තාවේ. සරත්ගේ මරණය ආරංචිවෙලා මම ගිහිල්ලා පරීක්ෂණයක් තිබ්බා. සරත්ට වෙඩි වදිනකොට සරත්ගේ මල්ලිලා දෙන්නා වන ජස්ටින් හා ඥානතිලක ළඟ හිටියා.. ඒ අයත් මට කිව්වෙ මේක අත්වැරැද්දකින් සිද්ධ වෙච්ච දෙයක් කියලා. සරත්ව ගැටියමුල්ල ඉස්කෝලේ පිටියේ වැළලූවා. පස්සේ හමුදාවෙන් මිනිය ගොඩ අරගන පරීක්ෂණයක් පවත්වලා තියෙනවා.

කැරැල්ල අසාර්ථක වූ නිසා අපි තීරණය කළා පසුබසින්න. අපි විල්පත්තුවට පසුබසින්න පටන් ගත්තා. අපේ පිරිස දිනපතා අඩු වෙනවා. එක්කෝ අත්හැරලා යනවා. නැත්නම් වෙඩි වලට ගොදුරු වෙනවා. අපි ඉඟිනිමිටිය ප්‍රදේශයට යන විට ඉතිරි උනේ 45 විතර සුළු සංඛ්‍යාවක්. ඉඟිනිමිටියේ දී හමුදාව අපට වෙඩි තිබ්බා. අපිත් වෙඩි තිබ්බා. කැරලිකරුවන්ගේ වෙඩි පහරකට හමුදා නිලධාරියෙක් මිය ගියා. මගේ කකුලටත් වෙඩි වැදුනා. මාත් එක්ක පොඩි දිසා (වසන්ත දිසානායක) ඇතුළු 16 දෙනෙක් අත්අඩංගුවට පත් උනා.

මාව අත්අඩංගුවට අරගන සෙබලෙක් ක‍ඔඊ බස් එකක සීට් එකකට තියලා බැඳගන ඇඟ උඩ නැඟගෙන ගැහුවා. පස්සේ නිලධාරියෝ ඇවිල්ලා පහරදීම නැවැත්තුවා. අපව ගල්ගමුව හමුදා කඳවුරට ගෙනගියා. ඒ අය අපට හිරිහැර කළේ නැහැ. ඒ අවස්ථාවේ අත්අඩංගුවට ගත්ත ගෑණු ළමයි 3 දෙනෙක් විතර හිටියා. ඒ අයට කිසිත් හිරිහැරයක්, අතවරයක් කළේ නැහැ.

මාව රහස් පොලිස් මූලස්ථානයට ගෙන යනකොට මගේ වෙඩි වැදිච්ච කකුළ ඛෙර කොටයක් වගේ ඉදිමිලා. සීඅයිඩී එකේ නිලධාරින් හිතුවේ කකුළ කපන්න වෙයි කියලා. ඉයන් වික්‍රමනායක මගෙන් ප්‍රශ්න කළා වහාම මට ප්‍රතිකාර ලබාදෙන්න කියලා. මහ ඉස්පිරිතාලයට යැව්වා. රෝහලේදී මට ප්‍රතිකාර කළේ තරුණ වෛද්‍යවරයෙක්. ඒ ප්‍රතිකාර නිසා මගේ කකුළ සුව උනා.

මේ වෙනකොට කැරැල්ලේ නායකයෝ ඔක්කොම වගේ අත්අඩංගුවේ. ඒ අය අපව පාවලා කටඋත්තර පවා දීලා. මාව අසු උනේ සටනක දී. සමහරු කිසිම සටනක් පවා නොදී යටත්වෙලා. පොලිසිය මුලින් ජයසිංහ හා ලොකු අතුල කියන්නේ දෙන්නෙක් කියලා හිතාගන ඉඳලා තියෙන්නේ. විෙජ්වීරගේ කටඋත්තරයේදී සඳහන් කරලා තියෙනවා ජයසිංහ හා ලොකු අතුල කියන්නේ එක පුද්ගලයෙක් බව.

පියතිලක 500 අරගන යාපනේට ගියා විෙජ්වීර බේරාගන්න. නොච්චියාගමදී කට්ටිය දාලා ගිහිල්ලා සිවුරක් පොරවාගන හැංගුනා. පිරිස යාපනේ යන්න ඊබට් සිල්වා බස් බුක්කරලා තියෙන්නේ මගේ බිරිඳගේ අම්මාගේ නමට. ලයනල් බෝපගේ පානදුර පරත්ත පන්සලේ කඩවැද්දුවේ සුමංගල හාමුදුරුවන්ගේ ආවාසේ හිටියා. මේ වගේ වැඩ නිසා මට හැඟ=නා කට්ටිය මාව බිල්ලට දීලා වහංගු උන බව. මේ නිසා මම තීරණය කළා රජයේ සාක්කිකාරයෙක් වෙන්න.

නඩුවෙදි පොඩි අතුල මට කිව්වා උඹ සටනේ හිටපු මිනිහෙක් නිසා මම උඹට සලකනවා කියලා. ඒත් සමහරු මා දිහා බැලූවේ විවේචනාත්මකව. නඩුවෙදි විෙජ්වීර කිව්වා සටනේදී මම සරත් විෙජ්සිංහව මරා දැම්මා කියලා මගේ මූණට කිව්වා කියලා . අභූත චෝදනාව නිසා මට තරහ ගියා. ඒත් මම වචන තෝරා බේරාගන විෙජ්වීරට උත්තර දුන්නා. තමා එහෙම මට කවදාවත් කියලා නැහැ. එහෙම තමුන් මට කීවා නම් දත් බොල්ලෑව පිළිබඳ හීනමානය ඒ මොහොතෙම සනීප වෙන්න ඉඩ තිබ්බා කියල. 

මට නඩුවෙදි අවුරුදු 5 1/2 සිර ද~ුවම් ලැබුණා. 1971 කැරැල්ලට සම්බන්ධවීම ගැන පසුතැවිල්ලක් නැහැ. ඒත් යම් යම් සිද්ධීන් නිසා කලකිරීම් තියෙනවා. ජීවිත අත්දැකීම් මම ලැබුවා. 1975 දී මම නිදහස් උනා. මාක්ස්ගේ දර්ශනයට වඩා මම දැන් විශ්වාස කරන්නේ බුදුන්ගේ දර්ශනයයි.


  ලොකු අතුල දුන් මූලික සාක්ෂියෙන් උපුටා ගැනීම්.
මහ නඩුවේ 06 වන සැකකාර විජයමු‚ දේවගේ නිමලසිරි ජයසිංහ (වයස 28) හෙවත් ලොකු අතුල නීතිපති වික්ටර් තෙන්නකෝන්ගේ  ප්‍රශ්න කිරීම යටතේ දින 10ක් තිස්සේ (1972 නොවැම්බර් 06 සිට 27 දක්වා කාලය අතරතුර) දුන් මූලික සාක්ෂියෙන් උපුටා ගැනීම්.
සභාපති - ගරු එච්.එන්.පී.ප්‍රනාන්දු, අග්‍රවිනිශ්චයකාරතුමා
  1972 - නොවැම්බර් 06 ප්‍රශ්ණ කිරීම්
සභාපති
ප්‍ර:  තමන් පොලීසියෙන් අත්අඩංගුවට ගත්තාද?

උ:   නැහැ, යුධ හමුÞවෙන් අත්අඩංගුවට ගත්තා, 1971 ජූනි 07 වැනිÞ කුරුණෑගල දිස්ති්‍රක්කයේ ගලිගමුවේදී.

ප්‍ර:  ඊළගට?
උ:   ගලිගමුවේ ආමි කෑම්ප් එකෙන් කුරුණෑගලට ගෙනල්ලා පසුව කෑගල්ලේ පොලීසියට ගෙනාවා. ඊට පසු කුරුදුවත්ත පොලීසියට ගෙනවිත් 29 වනÞ කොළඹ මහේස්ත්‍රාත් උසාවියේදී රිමන්ඩ් කළා.
ප්‍ර:  තමාගේ ප්‍රකාශයක් සටහන් කලේ කවÞ කොහේදිද?
උ:   ජූනි මාසයේ 20 වැනිÞ පටන් ගත්තා, රහස් පොලිස් දෙපාර්තමේන්තුවේ 04 වන තට්ටුවේදී ජූනි 26 වැනිÞ තෙක් ප්‍රශ්ණ කළා. එහිදී ඉයන් වික්‍රමනායක මහතා, පොලිස් පරීක්ෂක උපාලි සෙනෙවිරත්න, ඉන්ස්පැක්ටර් විෙජ්සූරිය සහ ඉන්ස්පැක්ටර් ජෙගනාදන් සිටියා.

ප්‍ර:  තමාගේ කටඋත්තරය සටහන් කරගත්තාට පසුව එAක ආපසු කියවා තේරුම් කළාද?

උ:   ඔව් මම එAකට ඊට පසු අත්සන් කළා.

නීතිපති

ප්‍ර:  තමාව අත්අඩංගුවට ගත් හමුÞ නිළධාරීන්ගේ නම දන්නවාද?

උ:   ලෙෆ්ටිනන්ට් කලූපහන

ප්‍ර:  කී දෙනෙක් අත් අඩංගුවට ගත්තාද?

උ:   13 දෙනෙක් මාත් එක්ක, දිසානායක, ආරියරත්න, ගැහැණු ළමයි 03 දෙනෙකුත් සිටියා.

ප්‍ර:  එA අයගේ නම් දන්නවාද?

උ:   පියසීලි ජයසිංහ එA මගේ නංගි, ධම්මිකා සිල්වා මම විවාහ ගිවිසගෙන සිටින තරු‚යයි, එයාගෙ පියා 12වැනි සැකකරු ටී.ඩී. සිල්වා 03 වැනියා කෑගල්ලේ ආරියවතී,

සභාපති

ප්‍ර:  අත්අඩංගුවට ගත් 13 දෙනාම අතේ තුවක්කු තිබුණාද?

උ:   ගැහැණු ළමයි අතේ හැරෙන්නට,

නීතිපතිතුමා

ප්‍ර:  කෑගල්ලේ සිට විල්පත්තු අභය භූමියට යමින් සිටිය බව තමා පවසනවාද?

උ:   ඔව් කෑගල්ලේ අපි අප්‍රේල් 05 සිට 24 දක්වා සිටියා, අපි සටන් කළා.  එහි සිට අප්‍රේල් 24 වනÞ විල්පත්තු අභය භූමියට යාමට පිටත් වුනා.

අලස් විනිශ්චයකාරතුමා

ප්‍ර:  තමා එහි නායකයාද?

උ:   නායකයා බව කියන්න බැහැ. හමුÞවේ නායක වගකීමක් දැරුවා.

නීතිපතිතුමා

ප්‍ර:  තමා කෑගල්ලට ආවේ මොකටද?
උ:   කොළඹදී අවිආයුධ එකතුකිරීම සම්බන්ධව කටයුතු කළා. සටන් කිරීමට මට බාරව තිබුණේ කෑගල්ල සහ කුරුණෑගල දිස්ති්‍රක්කයේ, එA නිසා මම අප්‍රේල් 05 වැනිÞ කොළඹ සිට කෑගල්ලට ආවා.

ප්‍ර:  කවුද සටනක් කිරීමට තීරණය කළේ.

උ:   අපි 09 දෙනෙක් සිටියා. අපි 02වැනිÞ විද්ේ‍යා්දයේ සංඝාරාමයේදී හමුවී සටන් ආරම්භ කිරීමට තීරණය කළා. 

තමෝදරම් විනිශ්චයකාරතුමා

ප්‍ර:  එA අය කවුද?

උ:   පියතිලක සමරරත්න (පළමුවන සැකකරු), සුනිල් වික්‍රම, සනත්, ඩබ්ලිව්.ටී. කරුණාරත්න, අනුර රංජිත් කුරුකුලසූරිය (හතරවන සැකකරු) , සුනන්ද දේශපි්‍රය (පස්වන සැකකරු), ලයනල් බෝපගේ (දෙවන සැකකරු) සහ උයන්ගොඩ (තුන්වන සැකකරු) 

ප්‍ර:  එÞ තමුන්ගත් තීරණය කුමක්ද?

උ:   අපි තීරණය කළා 1971 අප්‍රේල් 05 වැනිÞ රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා සටන් කළ යුතුයි කියා. 

නීතිපති
ප්‍ර:  ඔය කිවු 09දෙනා ජනතා විමුක්ති පෙරමුණ සංවිධානෙ කවුරුන්ද?

උ:   එA ගොල්ලෝ දේශපාලන මණ්ඩලයේ. පසුව මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෝ. පසුව එක්කෙනෙක් අයින් වුණාද කොහොමද දන්නේ නැහැ. 
ප්‍ර:  එA කොයි කෙනා ගැනද කියන්නේ?
උ:   ලයනල් බෝපගේ.

ප්‍ර:  එA 09 දෙනා හැරෙන්නට, එතැන සිටියේ නැති තවත් අය සිටියාද දේශපාලන මණඩලයට අයිති ? 

උ:   ඔව්, ෙජ්.පී.පී. ධනපාල (මට මතක විදියට 22 වන සැකකරු) සෝමසිරි කුමා නායක (09 වන සැකකරු) ටී ඩී සිල්වා (12 වන සැකකරු) ඩබ්.ටී. සිසිල් චන්ද්‍ර (14 වන සැකකරු) ලක්ෂ්මන් මාදුවගේ 

සභාපති තුමා

ප්‍ර:  අප්‍රේල් 02 වන Þ මේ තීරණය ගන්නා විට සිටි 09 දෙනාම දේශපාලන මණ්ඩලයේ සමාජිකයින්ද ?

උ:   පියතිලක නැහැ. සුසිල් නැහැ සනත් සාමාජිකයෙක් ඩබ්.ටී. කරුනාරත්න සාමාජිකයෙක් රංජිත් කුරුකුලසූරිය සාමාජිකයෙක් සුනන්ද දේශප්‍රිය සාමාජිකයෙක් ලයනල් බෝපගේ නැහැ. උයන්ගොඩ සමාජිකයෙක් 

තමෝදරම් විනිශ්චකාරතුමා
ප්‍ර: තමන් සාමාජිකයෙක්ද 
උ:   ඔව්
නීතිපති තුමා 
ප්‍ර: ඔය ජනතා විමුක්ති පෙරමුන සංවිධානයට අයත් අයට සාමාජික Þයක මුදලක් ගෙවීමට තිඛෙනවාද ?
උ:   නැහැ.
ප්‍ර:  එහෙනම් යම්කිසි පුද්ගලයෙක් එහි සාමාජිකයෙකු වන්නේ කොහොමද ?

උ:   පන්ති 05 ට සහභාගි වෙච්ච අය zzඑA ZZ ලැයිස්තුවට ගන්නවා එයට ගන්නේ සටන් කරන්නට කැමති අය පමණයි.

ප්‍ර:  ඔය ජනතා විමුක්ති පෙරමුණ සංවිධානයේ නායකයා කවුද?

උ:   විෙජ්වීර

ප්‍ර:  තමන් කියන්න දන්නවාද, අප්‍රේල් දෙවැනිÞ පැවැත්වුණ වැදගත් රැස්වීමට ඔහු පැමි‚ය නැත්තේ මොකද කියලා.

උ:   ඔහු සිටියේ යාපනය සිර කඳවුරේ,

විමලරත්න විනිශ්චයකාරතුමා

ප්‍ර:  එA නායකයාට යම්කිසි පදවිනාමයක් තිබුණාද?

උ:   තමන් විසින් තෝරාගත් පදවි නාමයක් දීලා තිබුණා.

සභාපතිතුමා

ප්‍ර:  ප්‍රධාන ලේකම් කියලා කිව්වා

උ:   ඔව්

ප්‍ර:  තනතුරට ඔහු තෝරාගත්තේ කොහොමද?

උ:   තමන් විසින්මයි.

නීතිපතිතුමා

ප්‍ර:  පක්ෂයේ නායකයෙක් හෝ මණ්ඩලයේ ඔහුට වැඩිය ඉහළින් උසස් නිළධාරියෙක් හිටියද?

උ:   නැහැ

ප්‍ර:  1971 අප්‍රේල් දෙවැනිÞ සංඝාරාමයේදී ප්‍රධානියා නැති අවස්ථාවේ එම රැස්වීමේ මුලසුන දැරුවේ කවුද?

උ:   පියතිලක සමරරත්න (පළමුවන සැකකරු) 

ප්‍ර:  ඔහු මොනවද කිවුවේ

උ:   මේ අවස්ථාවේ අපේ පක්ෂයේ මතබේද තිබුණා. මේවා අමතක කරලා එකතුවෙලා පොලිස් මධ්‍යස්ථාන මර්ධනය කිරීම සඳහා තීරණයක් ගන්න ඕන කියලා කිවුවා.

ප්‍ර:  ඊට පසුව මොකද වුනේ. වෙන කවුරුවත් කතා පැවැත්වුවද?

උ:   පියතිලක කිවුවා විෙජ්වීර සමග අම්පාරේදී අත්අඩංගුවට ගත් අයෙක් යාපනයේ ඉදලා එA තැනැත්තා අතේ ප‚වුඩයක් එවා තිඛෙණවාය. අපේ බඩු අහු වෙනවා, සහෝදරවරු අහු වෙනවා, අවි ආයුධ අහුවෙනවා, එA නිසා සටන් කරන්න තීරණයක් ගන්න කියලා. එයාව බේර ගන්න යාපනයට පියතිලක සහෝදරයා බාරේ තවත් 500ක කණ්ඩායමක් යවන්න කියලා තිබුණා. එතැනදී අපි තීරණය කළා අප්‍රේල් 05 වැනිÞ රාතී්‍ර 11.30 ට සටන ආරම්භ කිරීමට.

ප්‍ර:  05 වැනිÞ සටන ආරම්භ කිරීමට එතැන සිටිය කවුරුත් විරුද්ධ වුනාද?

උ:   ඔව්, ඩබ්ලිව්.ටී.කරුණාරත්න

ප්‍ර:  වෙන කවුරුත් විරුද්ධ වුනේ නෑ?

උ:   සනත් කිවුවා තවටිකක් කල් අරිනවානම් හොදයි කියලා. එයා කිවුවා යාපනයේ මාතලේ, දඹුල්ල රත්නපුර, ති්‍රකුණාමළය ආදී දිස්ති්‍රක්ක වල අපි වැඩිය වැඩ කරලා නැහැ එA නිසා ටික කාලයක් පරක්කු වෙනවා නම් හොදයි කියලා.

ප්‍ර:  තමන්ගේ තත්තවය මොකක්ද? 

උ:   මමත් එAක අනුමත කරන තත්තවයක තමයි හිටියේ, ටිකක් කල් යනවානම් හොදයි කියලා,

ප්‍ර:  අන්තිමේ 05 වැනිÞ 11.30ට සටන් ආරම්භකල යුතුයැයි තීරණයක් ගත්තාද?

උ:   ඔව්

ප්‍ර:  තමා කිව්වා 06 දෙනෙකුගේ නම් තමා කියන හැටියට දේශපාලන මණ්ඩලයට ඇතුළත් අය නමුත් දෙවැනිÞ රැස්වීමට නොපැමි‚ උදවිය?

උ:   ඔව්

ප්‍ර:  13 වැනි සැකකරු (රෝහණ විෙජ්වීර) හැර ඇත්ත වශයෙන්ම එA රැස්වීමට එන්න ඔහුට බැරිවුණා. තමා පුද්ගලික වශයෙන් දන්නවාද තවත් 05 දෙනෙකු සිටිය බව ? 

උ:   ඔව් මම දැනගෙන සිටියා. එA ගොල්ලන්ට දැණුම් දුන්නේ නැති බව, මත භේද තිබුණ නිසා කැදෙව්වේ නැහැ.

ප්‍ර:  අප්‍රේල් 05 වැනිÞ පස්වරු 11.30ට සටන ආරම්භ කිරීමටත් යාපනයට 13වැනි සැකකරු බේරා ගැනිමට කණ්ඩායමක් යැවීමටත් තීරණය කළා. එයට සභාවේ සිය`ථ දෙනාම එකඟ වුනාද?

උ:   ඔව්

ප්‍ර:  මීට අමතරව තවත්් තීරණ ගත්තාද?

උ:   ඔව්, දිස්ති්‍රක් ලේකම්වරුන්ට පළමුවෙන් මේ තීරණය දැණුම් දිය යුතුය කියලා. (දිස්ති්‍රක් ලේකම් වරුන් කියන්නේ දිස්ති්‍රක්කයක් නියෝජනය කරන උදවිය ඔවුන් මධ්‍යම කොමිටියටත් අයත්) තවද පොලිස් කොට්ඨාශවල සිටින පොලිස් කොට්ඨාශ ලේකම් වරුන්ට සූÞනම්ව සිටින ලෙසත් දැණුම් දීමටත් තීරණය කළා.

දෙහෙරගොඩ විනිශ්චයකාරතුමා

ප්‍ර:  යම් කිසි කාලසීමාවක් දුන්නද? සූÞනම් වන ලෙස පමණක් ඔවුන්ට දැණුම් දුන්නද?

උ:   දැණුම් දුන්න මොහොතේ සිට සූÞනම් වෙලා ඉන්න කියලා.

සභාපති

ප්‍ර:  කොයි විදියටද සටන අරම්භ කරන්නට තීරණය කළේ.

උ:   පොලිස්ථාන , හමුÞ මූලස්ථාන, ගුවන් විදුලි කාර්යාලය, රජයේ වැදගත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමටත්, අවිආයුධ තිඛෙන තැන් වලට පහර දීමටත්.

ප්‍ර:  අත්අඩංගුවට ගන්නා උදවියගේ නම් සඳහන් කළාද?

උ:   අත්අඩංගුවට ගතයුතු සිය`ථම වැදගත් පුද්ගලයින් අගමැති‚ය, ති්‍රවිධ හමුÞවේ නායකයින් ආදිය,

නීතිපති

ප්‍ර:  මොනවිදියේ ආයුධ වලින්ද පහර දීම් කරන්නට අදහස් කළේ.

උ:   තුවක්කු හා බෝම්බ.

ප්‍ර:  මේ තීරණය ගත් දිනයේ ඉදලා එAවා කි්‍රයාත්මක කරන දිනය අතර දවස් 03 යි තිබුණේ?

උ:   ඔව්

අලස් විනිශ්චයකාරතුමා

ප්‍ර:  අප්‍රේල් 02වැනිÞට කොච්චරකාලයකට පෙරද මෙම ආයුධ රැස් කරන්නට පටන් ගත්තේ. 

උ:   මතක හැටියට 68 නැත්නම් 69 සිට.

ප්‍ර:  පොලිස් ස්ථාන වලට හමුÞවට පහර දෙන්න තිබුණු අරමුණ මොකක්ද?

උ:   ආණ්ඩුව බලය අල්ලා ගැනීමට.

විමලරත්න විනිශ්චයකාරතුමා

ප්‍ර:  එදින තීරණය කළ කටයුතු මොනවාද?

උ:   ඇවිල්ල සිටි 09 දෙනාට බාරගතයුතු දිස්ති්‍රක්ක එA ගොල්ලන් කළ යුතු වැඩ කියා දුන්නා.

ප්‍ර:  පියතිලකට ?

උ:   එයාට කොළඹ දිස්ති්‍රක්කයේ සටන සංවිධානය කිරීමට සහ යාපනයට ගිහිල්ලා විෙජ්වීර නිදහස් කර ගැනීමට භාර වුණා. 

අලස් විනිශ්චයකාරතුමා

ප්‍ර:  විෙජ්වීර බේරාගෙන ගෙනියන්නේ කොහොමද කියලා තීරණය කළාද? 

උ:   මාතලේ ආරක්ෂක ස්ථානයක් තියනව කියලා රංජිත් කිවුවා. 

නීතිපතිතුමා

ප්‍ර:  සිසිල් චන්ද්‍රට විශේෂයෙන් වැඩක් බාරදී තබුණාද?

උ:   ඔව්, ඔහුට මාතලේ දිස්ති්‍රක්කයේ පොලිස් ස්ථාන වලට පහරදීමට බාරදී තිබුණා.

ප්‍ර:  සනත්ගේ තත්වය,

උ:   ඔහුට ගාලූ දිස්ති්‍රක්කයේ සටන් බාරවුණා,

ප්‍ර:  ඩබ්ලිව්.ටී.කරුණාරත්න

උ:   අනුරාධපුර දිස්ති්‍රක්කය

ප්‍ර:  රංජිත් කුරුකුලසූරිය (හතරවැනි සැකකරු) 

උ:   එයා නුවර සටන් කළ යුතුයි. නුවර එළියට දැණුම් දෙන්න තීරණ ගන්නයි. 

ප්‍ර:  සුනන්ද දේශපි්‍රයට 

උ:   බදුල්ල දිස්ති්‍රක්කය

ප්‍ර:  ලයනල් බෝපගේ

උ:   කොළඹ දිස්ති්‍රක්කය බාරව

ප්‍ර:  උයන්ගොඩ (තුන්වන සැකකරු)

උ:   කොළඹ සටන් කිරීමට සහ ති්‍රවිධ හමුÞවට තොරතුරු සපයන්න. 

ප්‍ර:  එA කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයින් හමුÞවෙත් ඉන්නවා.

උ:   ඔව්

ප්‍ර:  ඔබට බාරදුන් කාර්්‍ය මොකක්ද?

උ:   කෑගල්ල සහ කුරුණෑගල දිස්ති්‍රක්කය

ප්‍ර:  ඔබ දිස්ති්‍රක් ලෙකම් වරයෙක් නොවේ.

උ:   නෑ

ප්‍ර:  එA වුනාට දිස්ති්‍රක් ලේකම්වරුන් කීපදෙනෙකුගේ කටයුතු ඔබ පරිපාලනය කළා?

උ:   ඔව්

ප්‍ර:  71 අප්‍රේල් වන විට ඔය පක්ෂයේ දිස්ති්‍රක්යේ ලේකම්වරුන් කෑගල්ල, කුරුණෑගල ප්‍රදේශයේ සිටියාද?

උ:   කෑගල්ලේ සරත් විෙජ්සිංහ, කුරුණෑගල සිටියා සමරතුංග,

ප්‍ර:  දේශපාලන මණ්ඩලයේ එÞ නොපැමි‚ 05 දෙනාට මොකද වුණේ.

උ:   එA ගොල්ලන්ට දියයුතු වැඩ තීරණය කිරීමට මටයි, සනත්ටයි, කරුණාරත්නටයි බාරවුනා. ධනපාලව (විසි දෙවන සැකකරු) කරුණාරත්න සමඟ අනුරාධපුරයට යැව්වා. සෝමසිරි කුමානායකට සහ ටී.ඩී.සිල්වාට කඩවත, සිසිල් චන්ද්‍ර ගාල්ල, ලක්ෂ්මන් මාදුවගේටත් ගාල්ල,
සභාපතිතුමා
ප්‍ර:  කෑගල්ලට තමා පිටත්ව ගියේ කොහොමද කියා මතකද?
උ:   බස් එකේ.

නීතිපති

ප්‍ර:  කෑගල්ලට ගිහිල්ලා මොනවද කලේ.

උ:   විල්සන් කියන සාමාජිකයකුගේ ගෙදරදී සරත් විෙජ්සිංහ සහ සමරතුංග හමු වුණා බලපත්තෑවෙදී.

ප්‍ර:  මේ දිස්ති්‍රක් ලේකම්වරුන් සහ කොටස් භාර ලේකම් වරුන් දැනගෙන සිටියා කොයි වෙලාවේ හෝ බලය අල්ලා ගැනීමට කි්‍රයා කරයි කියලා.

උ:   ඔව්

ප්‍ර:  උපදෙස් දුන්නේ කොච්චර කාලයකට පෙරද?

උ:   1970 උපදෙස් පංති පවත්වා තිබුණා.

තමොදරම් විනිශ්චයකාරතුමා

ප්‍ර:  ඔය තීරණ ගැන ටී.ඩී.සිල්වට දැණුම් නොදුන්නේ ඇයි?

උ:   පියතිලක කිවුවා, ලේක්හවුස් එකේ වැඩකරන නිසා ඔහු ගැන සැකයි කියලා.

අලස් විනිශ්චයකාරතුමා

ප්‍ර:  කොළඹ හෝ අවට අවිආයුධ රැස්කර තබාගත් ප්‍රදේශ තිබුණද?

උ:   ඔව්, ඩයිනමයිට්, කාට්රිජ්, වෙඩිබේත්, පොටෑෂ් වගේ දේවල් ගබඩාකර තිබුණා.

සභාපති

ප්‍ර:  බෝම්බ සෑදීමට තමා සම්බන්ධ වුණේ කොහොමද?

උ:   අවශ්‍ය බඩු මිලයට ගැනීමට, දිස්ති්‍රක්කවලට ඛෙÞ හැරීම ආදියෙන්,

තමෝදරන් විනිශ්චයකාරතුමා

ප්‍ර:  ඔබට කවුද උදව් කළේ,

උ:   පොඩි අතුල,(හත්වන සැකකරු) විෙජ්පාල (18 වන සැකකරු) ආනන්ද පෙරේරා (19 වන සැකකරු) ආදියන් උදවුකළා.

සභාපති

ප්‍ර:  බෝම්බ ෂෙල් හැදුවේ යකඩ වලින්ද? කවුද බාරව හිටියේ.

උ:   චීනච්චට්ටි වලින්, පොඩි අතුල තමයි බාරව හිටියේ,

ප්‍ර:  බෝම්බ හැදුවේ 1970 අගෝස්තු මාසයේ සිට 

උ:   ඔව් ඊට පසුව,

ප්‍ර:  අගෝස්තු මාසෙට පෙරත් අවිආයුධ එකතු කිරීමක් තිබුණා.

උ:   ඔව්. 1968,1969 විතර,

ප්‍ර:  බෝම්බ සෑදීමට ඉගෙණ ගත්තේ කෙසේද?

උ:   අපට හමුවුණා යුධ හමුÞවේ සැලැස්මක්,

නීතිපති

ප්‍ර:  විෙජ්වීරගේ බොඩිගාඩ් හැටියට කටයුතු කළේ 23 වන සැකකරු (ලක්ෂ්මන් මාදුවගේ/ලොකු ලක්ෂ්මන්) පමණද?

උ:   නැහැ. සිසිල් චන්ද්‍රන්, ඔස්මන්ඩ් (21 වන සැකකරු) ඔස්මන්ගේ අයියා, අම්බලන්ගොඩ දෙයියා කියළ කෙනෙකුත් හිටියා.

ප්‍ර:  අප්‍රේල් 05 වැනිÞ තමා කෑගල්ලේ සිටියේ. යම්කිසි කි්‍රයාමාර්ගයක් ගැනීම සඳහා සූÞනම් වීමක් තිබුණා. එA මොකක්ද? 

උ:   කෑගල්ල පොලීසියට පහර දීම,

ප්‍ර:  තුවක්කු ඛෙÞ දුන්නායින් පසු මොකද වුනේ,

උ:   25 කණ්ඩායම් තුනක් ඛෙදලා තිබුණා, 75 දෙනෙක් ඊළගට තුවක්කු ඛෙදලා බෝම්බ ඛෙදලා නිළ ඇදුම් ඛෙදලා සූÞනම් වුණා.

ප්‍ර:  එA 25 කණ්ඩායම්වල නායකයෝ හිටියද?

උ:   වසන්ත දිසානායක, ඩේවිඩ්, අනෙක් එක්කෙනාගේ නම හරියට මතක නැහැ.

ප්‍ර:  ඊළගට මොකද වුණේ?

උ:   පාරට ආවම වාහනයක් තිබුණේ නෑ, කෑගල්ල පොලීසියට යන්නට නුවර පාරට පයින් ගියා. එතකොට රෑ 12ට විතර ඇති. ගලිගමුව හංදියේදී අපට වෙඩි තිබ්බා.

ප්‍ර:  ඊට පස්සේ

උ:   කණ්ඩායමක් යැව්ව, වෙඩි හ~ එන්ට හේතුව සොයන්න. එA ගොල්ලෝ ආපසු ආවේ නෑ, පාන්දර 04.00 වෙනකම් අපි එතැන හිටියා. සරත් විෙජ්සිංහ ආපසු යාමට යෝජනා කළා. අපි අමුගොඩ කියල ගමකට ගියා.

ප්‍ර:  ඊට පස්සේ

උ:   එහාට යනකොට 06 වැනිÞ දවල් 12.00 පහුවෙලා,  ඊට පස්සේ ආයෙත් ආවා බලපත්නාවේ විල්සන්ලාගේ ගෙදරට, අපේ කණ්ඩායමේ 40 ක් විතර සිටියා, එදින රාති්‍රය එහි ගතකළා, 07 වැනිÞ අපි පාර මුර Þගෙන හිටියා.

ප්‍ර:  07 වැනිÞ පොලිසිවලට පහරදීමට ගියේ නැද්ද,

උ:   නැහැ, එÞ ඊ.සී.බී.සෙනෙවිරත්න ඇතු`ථ පිරිසක් ආවා. සරත් හම්බවෙලා ඊළගට කරන වැඩ පිළිවෙල දැනගන්න. 

1972 නොවැම්ර් 07 ප්‍රශ්ණ කිරීම

සභාපති

ප්‍ර:  සරත් විෙජ්සිංහ (කෑගල්ලේ දිස්ති්‍රක්ක ලේකම්) තමනුත් සමග සිටියා නේද? 25 කණ්ඩායම් 03 සකස් කරලා විල්සන්ගේ ගෙදරින් පිටත් වෙලා නුවර පාරට එනතුරු.

උ:   ඔව්

ප්‍ර:  තමුන්ගෙන් දැණගන්නට ඕනෑ ඊට පසුව සරත් නැතිවුණේ කොහොමද කියලා.

උ:   එÞ රෑ ගල්ගමුවේදී වෙඩිතිබ්බාම පසුව පාන්දර 04.00 වෙනකම් එතන සිටියා. ඊට පස්සේ අපි නැවත විල්සන්ගේ ගෙදර එන අතරතුරදී එක් තැනකදී සරත්ගේ පිස්තෝලය Þලා ආවා. එAක හොයන්නට සරත් ආවාට පස්සේ අපට ඔහුව මග හැරුණා.

නීතිපති

ප්‍ර:  විල්සන්ගේ ගෙදර ආවට පස්සේ 07 වැනිÞ යම්කිසිවක් සිදු වුණාද?

උ:   07 වැනිÞ සරත් ආවා. අත්තනායක සෙනෙවිරත්න එහෙමත් ආවා. කෑගල්ලට පහර දෙන්න ආපු අනෙක් කණ්ඩායම කෑගල්ල පොලීසිය වටේ ඉදලා තියෙනවා. සරත්ගේ ඕඩරය නැති නිසා නිකං ඉදලා.

ප්‍ර:  ආරංචි ලැබුණද?

උ:   වරකාපොල, බුලත්කොහුපිටිය,අරනායක, රඹුක්කන, දැදිගම, පිංදෙ‚ය ආදී පොලීසි වලට පහර දීලා තිබුණා.

ප්‍ර:  08 වැනිÞ තමුන් කළ කී දෑ මතකද?

උ:   පොලිස් ස්ථාන වලට පහර දුන්නේ නෑ, පාර හරස් කළා. එA යුද්ධ හමුÞව ආවොත් එකපාරටම එAම වලක්වන්න.

සභාපති

ප්‍ර:  විල්සන්ලාගේ  ගෙදර තමුන් නතර වෙලා හිටිය මේ දවස්වල, ඊලගට?

උ:   දිස්ති්‍රක්කය අල්ලා ගැනීමට කෑගල්ල පොලීසියට පහරදීමට තීරණය කළා. කණ්ඩායම් කිහිපයක් යොÞ වටකර පහරදීමට තමයි තීරණය වුණේ. අවිආයුධ හුගක් අවශ්‍ය නිසා බෝගල පතල අල්ලා ගෙන ඩයිනමයිට් ගන්නත් තීරණය කළා. ප්‍රවෘත්ති පත්‍රයක් නිකුත් කරලා අනෙක් දිස්ති්‍රක්ක අතර සම්බන්ධතාවයක් ඇති කරන්නත් තීරණය කළා.

විමලරත්න විනිෂ්චයකාරතුමා

ප්‍ර:  තමා දැනසිටියද මේ වෙනකොට ඇදිරි නීතිය පනවා තිබුණා කියලා. 

උ:   ඔව්

නීතිපති

ප්‍ර:  10වැනිÞ වැදගත් දෙයක් සිදුවුණ බවට දෙයක් දැන ගත්තද?

උ:   ඔව්. සරත් මලා කියලා ගැටිය මුල්ලෙදි වෙඩි වැදිලා. 

ප්‍ර:  උපසේන මොනවත් කීවාද?

උ:   එAක පැහැදිලි කළා සෙනෙවිරත්න අපේ කණ්ඩායමට පුහුණුවක් දෙනවිට සරත් විෙජ්සිංහයි උපසේනයි එතැනින් යනකොට අපේ සහෝදරයෙක් අත තිබුණු තුවක්කුවක් එය ලෝඩ් වෙලා තිබිලා කොකා ඇදිලා තිබිලා පත්තු වෙලා තියෙනවා.

සභාපති

ප්‍ර:  ජනතා විමුක්ති පෙරමුණ වනිතා පක්ෂයේ අය බලපත්නාවේ හිටියද ඔයකාලේ. 

උ:   ඔව්.එA අයට බාරව තිබුණේ කෑම පිසීම පත්තර ගැසීමට උදවු කිරීම ආදියයි. ප‚විඩ යැවීම ආදියටත් යොÞ ගත්තා. සුජාතා,ලීලා,සුසිලා යන අය හිටියා.

ප්‍ර:  එA කාලය වන විට යුධ හමුÞව ඔය ප්‍රදේශයට ඇවිල්ලද?

උ:   එක දවසක් ඇවිල්ලා ආපසු ගොස් තිබුණා.

ප්‍ර:  කොළඹ තොරතුරු තමාට ලැබුණාද?

උ:   සුසිලා සහ සුජාතා බස් වලින් කොළඹට යැවුවා තොරතුරු දැණගැනීමට. කොළඹ මොනවත් වෙලා නැහැ කිව්වා. ටී.ඩී. සිල්වාගේ ගෙදර පොලීසියෙන් ගිනි තියලා කිවුවා.

තමෝදරම් විනිශ්චකාරතුමා

ප්‍ර:  තමාගේ සහෝදරිය තමාගේ කණ්ඩායමට සම්බන්ධ වීමට පැමි‚යේ කොහොමද?

උ:   මම ගෙන්වා ගත්තා.  මට මතක විදියට ආවේ 23 වැනිÞ. 

නීතිපතිතුමා

ප්‍ර:  දැන් තමගෙන් අහන්නේ අප්‍රේල් 18 -23 කාලසීමාව සම්බන්ධවයි. එA කාලයේදී බලපත්තාවේ රැදී සිටි තමාගේ කණ්ඩායමත් යුධහමුÞවත් අතර ගැටුමක් සිදු වුණාද?

උ:   ඔව්, බලපත්තාවේදී අප්‍රේල් 13-20 අතර කාලයේදී දෙතුන් වතාවක් පමණ සටන් වැදුනා. ජිනÞස කියන සහෝදරයා මලා. යුධ හමුÞවෙත්  එක් අයකු මලා කියලා උදේ රේඩියෝ එකේ ප්‍රවෘත්ති වලට කිවුවා. 

ප්‍ර:  ෙජ්.වී.පී. සංවිධානය සම්බන්ධයෙන් පොලීසියට ඔත්තු දුන් පුද්ගලයින් සහෝදරයින් විසින් මරා දැම්මාද?

උ:   ඔව්, එවැනි අවස්ථා කිහිපයක් ආරංචි වුණා.

ප්‍ර:  බලපත්තාවෙන්  පිටත්වී 29 වැනිÞ විල්පත්තු අභය භූමියට යන්නට තීරණය කළ සැටි කෙටියෙන් කියන්න.

උ:   ගාල්ලට යැවු ප‚විඩය අනුව සනත් අපට දන්වා තිබුණා ගාල්ලේ බලය තහවුරු කරගැනීමට බැරි නිසා සිංහරාජයට පලා යන බවත් අපටත් මාතලේට හෝ විල්පත්තුවට පලා යන්නත් කියා තිබුණා.

ප්‍ර:  ඔය තොරතුරු කිවුවේ කවුද? කවÞද?

උ:   ලීලාවතී තමයි කිවුවේ ඇය සමග පියසීලි සහ ධම්මිකාද ආවා. 23 වැනිÞ ගෙනා ප‚විඩය මට දැනගන්නට ලැබුණේ 24 වැනිÞ.

අලස් විනිශ්චකාරතුමා

ප්‍ර:  එතකොට 24 වැනිÞ තමන් පසු බැසීමට අදහස් කළේ උත්සාහය ව්‍යාර්ත වුණා කියලා අවබොධ වෙලා?

උ:   ඔව්.

නීතිපතිතුමා

ප්‍ර:  පසු බැසීමට කීයක් විතර සහභාගි වුණාද?

උ:   127ක් පමණ සිටියා. 

ප්‍ර:  තමන් ඇරෙන්න තවත් සටන් කණ්ඩායම් හිටියා නම් එA වායේ නායකයෝ කවුද?

උ:   වසන්ත දිසානායක, බන්දුල, ගැහැණු ළමයි කිහිප දෙනෙක් සිටියා. ලීලා, සුසිලා, පියසීලි, සුජාතා, ධම්මිකා.

ප්‍ර:  උපසේනත් ඔහුගේ කණ්ඩායමත් පසු බැසීමට සම්බන්ධ වුණේ නැත්ද?

උ:   එÞ අපි එක්ක ආවේ නැහැ.

ප්‍ර:  තමා කෑගල්ලේ මෙන්ම කුරුණෑගල බාරව සිටියාය.

උ:   ඔව්. 23 වැනිÞ කුරුණෑගල සමරතුංග කිවුවා එA අය කුරුණෑගල කඳවුරු බැදලා කියලා සාකච්ඡා කරලා විල්පත්තුවට පසු බැසීමට තීරණය කළා.

ප්‍ර:  මගදි යුධ හමුÞවට අහු වෙලා සම්ප්‍රර්ණයෙන්ම විනාශවෙයි කියලා බිය සිතුනේ නැද්ද?

උ:   බිය වුණේ නැහැ. මුහුණ දෙන්න වෙයි කියලා බලා පොරොත්තු වුණා.

ප්‍ර:  තමන් සටන් කළේ පාරවල් දිගේද? කැලේ අස්සෙද? 

උ:   පාරවල් දිගෙත් ගියා. කැලෑ වලිනුත් ගියා.

අලස් විනිශ්චකාරතුමා

ප්‍ර:  රෑ, දවල් දෙකේම ගියාද?

උ:   සාමාන්‍යයෙන් දවල් ගියේ නෑ, රෑ ගියේ 

තමෝදරන් විනිශ්චකාරතුමා

ප්‍ර:  ගම්වලින් යනකොට ගම්වැසියන් තුළ තිබූ ආකල්පය මොකක්ද?

උ:   සමහර අය සතුටු බව පෙනුනා. සමහරු සතුරු වුණ බව දක්නට ලැබුණා.

නීතිපතිතුමා

ප්‍ර:  තමන් නතර වූ පළවැනි පන්සල මොකක්ද?

උ:   අලව්වේ රන්වල තිඛෙනවා තාපසාරාමයක්, අසෝකාරාමය කියලා.

ප්‍ර:  අසෝකාරාමයේදී සිදුවෙච්ච දෙයක් කියන්න පු`ථවන්ද?

උ:   අපේ කණ්ඩායම මිනිසුන් තුන් දෙනෙක්ව අත් අඩංගුවට ගත්තා. එක් අයකුගේ සාක්කුවේ තිබුණා පොලිස්පතිට ලිවු ලියුමක්. 

සභාපතිතුමා

ප්‍ර:  එA ලිපියේ මොනවද තිබුණේ.

උ:   චේ ගුවෙරා කාරයෝ තැන්තැන්වල කඳවුරු ගහලා තියෙනවා එAවා මර්ධනය කරන්න තමන් සහයෝගය දෙනවා කියලා.

ප්‍ර:  අන්තිමට එA පුද්ගලයාට මොකද වුණේ.

උ:   අපේ කණ්ඩායමේ හිටියා කලූ මල්ලි කියලා එක්කෙනෙක් එයා එම පුද්ගලයාව මැරුවා.

තමෝදරම් විනිශ්චයකාරතුමා

ප්‍ර:  කොහොමද මැරුවේ. කවුරු හරි උපදෙස් දීල තිබුණද?

උ:   පිහියෙන් ඇණලා කියලා කිවුවා. සමරතුංග එයාට උපදෙස් දීලා තිබුණා.

නීතිපතිතුමා

ප්‍ර:  අශෝකාරාමයේ දවස් කීයක් විතර හිටියද?

උ:   තුන් දවසක් හිටියා. ඊට පස්සේ හක්ඛෙලි කන්ද කියලා අලව්ව ප්‍රදේශයකට ගියා. එහිදී කන්න දෙයක් හොයා ගන්න දෙන්නෙක් ගමට යැවුවා. ගමේ අය එA දෙන්නව අල්ලගෙන ග්‍රාම සේවකගේ ගෙදර බැදලා තිබුණා. අපි ගිහිල්ලා එA දෙන්නව බේරගෙන ගෙදරට ගිනිතියලා ආවා.

ප්‍ර:  එA ගමේ නම මොකක්ද? 

උ:   මගේ මතකයේ හැටියට ගලතර, ග්‍රාම සේවකගේ මල්ලි අර දෙන්නට ගහලා තිබුණා. එම පුද්ගලයාව අපි අත්අඩංගුවට ගත්තා පස්සේ එයාව මැරුවා. 

ප්‍ර:  තමුන්ගේ කණ්ඩායමේ පසුබැසීම පටන් ගන්නා විට 127 ක් සිටියා කිවුවා. දැන් මැයි පළමුවැනිÞ වන විට හමුÞව සමග සටන් වලින් පසු කීයක් විතර ඉතිරි වෙලා  හිටියද?

උ:   120ක් විතර හිටියා. ඊට පස්සේ අපි නාරම්මල සමරතුංගලාගේ ගමට ආවා, හක්ඛෙලි කන්ද ඉදලා හැතැප්ම 10ක් විතර ඇති එAහාට. එහිදීත් හමුÞව අපට පහර දුන්නා. අපි පලා ගියා. තුවාල වෙච්ච අයගෙන් සුජාතා පහුවÞ මලා. අපි එයාව වැළලූවා.

ප්‍ර:  ඊට පස්සේ මොකද වුණේ.

උ:   අපි නැවත ගමන පටන් ගත්තා. මගදි ග්‍රාමසේවක කෙනෙක් සහ තව කිහිප දෙනෙක් තුවක්කු තියාගෙන මුරÞලා හිටියා. අපි ඔවුන්ව අත්අඩංගුවට ගත්තා. අවසානයේ එA ගොල්ලන්ව මැරුවා. අණදුන්නේ සමරතුංග. අලූගෝසුවෝ විදියට හිටියේ රාහුලයි, පැටික් ප්‍රනාන්දුයි මීරිගම සෝමේ කියල එක්කෙනෙකුයි. 
ප්‍ර:  මේවෙන කොට කීයක් විතර කණ්ඩායමේ හිටියද?

උ:   නාරම්මලින් සෑහෙන පිරිසක් විසිරිලා ගියා. 60-80 පමණ ඉතිරි වෙන්න ඇති.

සභාපති

ප්‍ර:  අහස්යාත්‍රා වලින් බෝම්බ දැම්මේ කවÞද?

උ:   මැයි මාසේ වෙසක් පහුවෙලා, එතකොට කෑම හිගයි, ගස්වල ගෙඩි ආදිය තමයි කෑවේ.  ගොඩපර ගෙඩි, කෙහෙල් බොඩ කෑවා, කඩවලිනුත් කෑම ගත්තා කඩේ හැටියට තමයි සල්ලි දීම හෝ නොදීම කළේ. පොහොසත් මුදලාලිලාගෙන් බලෙන් ගත්තා. දුප්පත් කඩවලින් සල්ලිදීල ගත්තා. 

තමෝදරම් විනිශ්චයකාරතුමා

ප්‍ර:  කෑගල්ලෙන් පිටත් වන විට සල්ලි කීයක් විතර තිබුණාද?

උ:   කණ්ඩායමට රු.2000ක් විතර තිබුණා.  

විමලරත්න විනිශ්චයකාරතුමා

ප්‍ර:  කෑගල්ලෙන් විල්පත්තුවට ගිය කණ්ඩායමේ කී දෙනෙක් හිටියද?

උ:   අපි පිටත් වෙනකොට 127ක් හිටියා. ගල්ගිරිය කන්දපසුකරන විට 55ක් 60ක් පමණ තමයි හිටියේ.  එතැනින් කැලේ මැද තිබුණ  කෝවිලකට ගියා. එතැනදී හමුÞව පහර දුන්නා.

නීතිපති

ප්‍ර:  කෝවිලෙන් පිටත් වූ පසු ?

උ:   අපි රාජාංගනය පැත්තට කැලේ මැදින් ගියා. ඊට පස්සේ ඔයක බැහැල ගියා. අඩි පාරවල් නොපෙනෙන්න.  ටික දුරක් යනකොට හමුÞව ඔය හරහා වැටක් බැන්Þ වගේ හිටියා. අපිට වෙඩි තිබ්බා. අපි විසිරුණා. අවසානයේ හමුÞවෙන් අපව අත් අඩංගුවට ගත්තා. 

අලස් විනිශ්චයකාරතුමා

ප්‍ර:  තමුන් කිව්වා විල්පත්තුවට පසු බැසීමට තීරණය කළේ අප්‍රේල් 24 කියල. ඊට කලින් එවැනි දෙයකට. සූÞනමක් තිබුණද?

උ:   පංති පහේ අවසාන පංතියේදී එAක උගන්වනවා. අවශ්‍ය උණොත්, සටන දිග්ගැස්සීමක් උණොත්  පසු බැසිය යුතුයි. විල්පත්තුවට, වස්ගමුව, යාල, මිහින්තලේ, අනුරාධපුර, ඉගි‚යාගල ආදිය.

නීතිපතිතුමා

ප්‍ර:  තමාගේ පුද්ගලික තොරතුරු.

උ:   සහෝදරියන් 04යි, සහෝදරයෝ නෑ, වයස 28    

 1972 නොවැම්බර් 10 ප්‍රශ්න කිරීම්

නීතිපති

ප්‍ර:  තමුන් මුලින් අක්මීමන කඳවුරකට ගියා කියලා කිව්වා. ඊට පස්සෙත් ක`දවුරු වලට ගියාද?

උ:   ඔව්. තණමල්විල කඳවුර කතරගම, ගෝනහේන, බදුල්ල, පේරාදෙ‚ය.

ප්‍ර:  මේ කඳවුර මොනවගේද?

උ:   යුධ පුහුණුවක් දීමට පිහිටවූ කඳවුරු, අධ්‍යාපන කටයුතුත්  සම්බන්ධයි.

අලස් විනිශ්චයකාරතුමා

ප්‍ර:  යුධ පුහුණුව දුන්නේ කොහොමද?

උ:   මාච් කිරීම, බඩගා යෑම, තුවක්කුවක් අරගෙන බඩගා යෑම, තවත් එකක් zzමංකි ක්‍රෝලින්ZZකඹයක් දමා එA කඹයේ එල්ලී යාම       

නීතිපතිතුමා

ප්‍ර:  ක`ඳවුරු වලට සහභාගිවුනේ පංති පහ කරපු අය විතරද?

උ:   ඔව්

ප්‍ර:  කඳවුරට පිටස්තර අය ආවද? 

උ:   මුරÞලා තිබුණා. එනවානම් කඳවුරු වලට දන්වන්න ඕනෑ. එකපාරක් විෙජ්වීර පංති කරන කොට ප‚විඩයක් ආවා එතකොට ධනපාල නැගිටලා කුකුළන් ඇති කිරීම ගවයන් ඇති කිරීම ගැන සාකච්ඡා කළා.

සභාපති

ප්‍ර:  දැන් තමුන් කිවුවා , ඔය කාලේ අත්අඩංගුවට ගත්තේ නැහැ කියලා. එහෙනම් විෙජ්වීර බය වුණේ මොකද? 

උ:   1969 තණමල්විල කඳවුර ඇත්ත පත්තරේ ගියා. එදා ඉදලා එයා හැංගෙන්න ගත්තා.    

නීතිපති  

ප්‍ර:  ඔයකාලේ නායකයින් එකතුවෙලා පවත්වපු  විශේෂ වැදගත් රැසිවීමක් ගැන කියන්න පු`ථවන්ද?

උ:   මඩම්පැල්ල, ඌරුබොක්ක සහ දෙවිනුවර 

ප්‍ර:  පූර්ණකාලීන සාමාජිකයන් කියන්නේ කවුද? වෙනත් කිසිම රාජකාරියක් නැතිව සම්පූර්ණයෙන් කාලය ව්‍යාපාරයට යෙදවීමද?

උ:   ඔව්

ප්‍ර:  අර්ධ කාලීන කියන්නේ

උ:   පෞද්ගලික කටයුතු කරන අතරේ පක්ෂයේ වැඩකරන අය. 

ප්‍ර:  මොනවද මේ කඳවුරතුළදී සාකච්ඡා කළේ. 

උ:   සංවිධානකටයුතු ගැන දිස්ති්‍රක් සංවිධානය කිරීම, දිස්ති්‍රක්ක වල තොරතුරු ලබා ගැනීම, කඳවුරු පැවැත්වීම ආදිය,

ප්‍ර:  පාසල් ශිෂ්‍යයින් සම්බ්ධකර ගැනීමටත් අදහසක් තිබුණද?

උ:   ඔව් පාසල් ශිෂ්‍යයින්, ගුරුවරුන් , කම්කරුවරුන්,

අලස් විනිහ්චයකාරතුමා

ප්‍ර:  රැස්වීම් සංවිධානය කලේ කවුද?

උ:   1970දී දේශපාලන මණ්ඩලය තෝරණ තෙක් මමයි, සනතුයි, විෙජ්වීරයි, 

නීතිපති

ප්‍ර:  ව්‍යාපාරය සංවර්ධනය කිරීම ගැන තීරණ ගත්තාද?

උ:   1970දී යුධ හමුÞ ආණ්ඩුවක් ඇති වුණොත් එAකට විරුද්ධව සටන් කිරීමට සූÞනම් විය යුතුයි කීවා එA සඳහා අපි ආයුධ රැස් කිරීම සහෝදරයින් පුහුණු කිරීම ආදිය කළ යුතුයැයි තීරණය කළා.

ප්‍ර:  ප්‍රදේශවල භූමි නිර්මාණය සම්බන්ධයෙන්, පිහිටීම ගැන?

උ:   එA ප්‍රදේශ පිළිබඳව දිස්ති්‍රක් ලේකම් තමාගේ දිස්ති්‍රක්කයේ අඟලේ සිතියම් ගතයුතු යැයි කිවුවා.

භූමි ප්‍රදේයේ ගම් පිළිබඳව කඳු කැලෑ ආදිය පිහිටීම හැම අයෙකුටම දැණගන්නට කිවුවා.

ප්‍ර:  පොලිස්ථාන ගැන සාකච්ඡා කළාද?

උ:   ඔව්. පොලීසියේ හා ති්‍රවිධ හමුÞව, රජයේ වැදගත් අය වාසය කරන ස්ථාන ගැනත් තවත් වැදගත් ස්ථාන ගැනත් සාකච්ඡා කළා.

 සභාපති

ප්‍ර:  දේශපාලන මණ්ඩලයක් පත් කරගත්තේ කවÞද?

උ:   1970 අගෝස්තු

ප්‍ර:  මධ්‍යම කාරක සභාව 

උ:   මාවනැල්ලේ සාකච්ඡාවෙන් පස්සේ ටිකදෙනෙක් තෝරා ගත්තා ඊට පස්සේ ඌරු බොක්කේදී සහ දෙවුන්දරදී විධායක කමිටුවේ ඉවත් කරන ලද මඩම් පැල්ලේ අයත් එකතුකර මධ්‍යම කාරක සභාවක් පත් කරා .

නීතිපති

ප්‍ර:  අවසානයේදී මධ්‍යම කාරක සභාවේ සිටියේ කවුද?

උ:   විෙජ්වීර, මම, සනත්, කරුණාරත්න, ධනපාල, නිශ්සංක විෙජ්වර්ධන පොලොන්නරුවේ සුසිල්, පැන්ටිස් අයියා, ජයසිංහ අනුරාධපුරයේ ආදිය.

සභාපති

ප්‍ර:  මු`ථ දිවයිනටම දිස්ති්‍රක් ලේකම්වරු සිටියාද?

උ:   රත්නපුර, මඩකළපුව, ති්‍රකුණාමළය, යාපනය , මන්නාරම ඇරුණාම

නීතිපති

ප්‍ර:  විෙජ්වීර අත්අඩංගුවට ගත්තේ කවÞද?

උ:   මට මතක හැටියට 1970 මැයි 12 වැනිÞ

ප්‍ර:  එA දිනයත්් 1970 මහමැතිවරණයත් සම්බන්ධකර බලන විට කොයිකාලයේද දෙවුන්දර රැස්වීම පැවැත්වුයේ.

උ:   1970 ජනවාරි මුල විතර

ප්‍ර:  මොනවද කතා කළේ?

උ:   ඉක්මනින් කටයුතු සංවිධානය කිරීම, වැඩිවශයෙන් සහෝදරවරු බඳවා ගැනීම එA අයට පුහුණුවක් දීම, අවි ආයුධ එකතු කිරීම, ති්‍රවිධ හමුÞවේ හා පොලීසිවල රාජ්‍ය අංශයේ වැදගත් පුද්ගලයින් පිළිබඳ තොරතුරු එකතුකර ගැනීම, මුදල් ප්‍රශ්න ආදිය ගැන

1972 නොවැම්බර් 13 වන දින ප්‍රශ්න කිරීම

සභාපතිතුමා

ප්‍ර:  ඌරුබොක්කේ් රැස්වීම කාලයේ 1969 අවසාන භාගයේ  සහ 1970 මුල් කාලයේ එක්සත් ජාතික පක්ෂය තමයි බලයේ සිටියේ. 

උ:   ඔව්. 1970 මැයි මැතිවරණයෙන් පස්සේ යුධ හමුÞ ආණ්ඩුවක් ගහවි කියලා බලාපොරොත්තුවක් තිබුණා. එයට විරුද්ධව ප්‍රහාරයක් එල්ලකිරීම සඳහා තමයි සූÞනම් වුණේ.

ප්‍ර:  එතකොට තමන් හිතුවද සමගි පෙරමුණ බලයට පත් වුණත් ආණ්ඩුව අල්ල ගන්න.

උ:   අපි විප්ලවයකට සූÞනම් වුණා. යූ.එන්.පී. ආණ්ඩුවද, ශී්‍ර ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවද කියන එක වැදගත් නෑ කියල. පූර්ණ සමාජවාදී ආණ්ඩුවක් හැරෙන්න වෙන මොන ආණ්ඩුවක් ආවත් අපි පහර දෙන්න තමයි හිටියෙ. සමාජ වාදය කරා යනකොට පිමි කිහිපයක් පැනිය යුතුය. එකක් තමයි තිඛෙන ධනවාදී ආණ්ඩුව පෙරලා නව ප්‍රජාතන්ත්‍ර වාදි ආණ්ඩුවක් පිහිටුවීම, දෙවනි අවධිය සමාජ වාදය තුන්වැනි අවධිය කොමියුනිස්ට් වාදය අවසානයේ බලාපොරොත්තු වන්නේ පංති බේදය තුරන් කරලා සමනාත්මතාවය, සහෝදරත්වය ගරු කරන ආණ්ඩුවක්.

නීතිපති

ප්‍ර:  ඔබලා විවේචනය කළ පක්ෂ අතර වාමාංෂික පක්ෂත් තිබුණාද?

උ:   ඔව්, කොමියුනිස්ට් පක්ෂය එය චීන පිලයි, මොස්කව් පිළයි ආදි ලෙස දෙයාකාරයක් තිබුණා තවත් තිබුණා. සමසමාජ පක්ෂය, විප්ලවාදි පක්ෂය, විරෝධය කණ්ඩායම.  

ප්‍ර:  සෑහෙන මුදල් ප්‍රමාණයක් අතට ලැබ්ච්ච හොරකම් මොනවාද? 

උ:   ඔක්කම්පිටිය බැංකුවෙන් 65000/} ක් විතර, බදුල්ලේ තැපැල් කන්තෝරුවෙනුත් ලැබුණා. මම සොරකම් දෙකක් සැලසුම් කළා. එකක් තමයි 1970 ජුනිවල කාර් එකක් හොරකම් කිරීම හැබැයි කට්ටියක් ජීප් එකකින් ඇවිල්ලා අපිව හරස් කළා. අපි කාර් එක Þල පැනල දිවුවා. අනිත් එක කහටගස්දිගිලියේ බැංකුවෙන් මුදල් සොරකම් කිරීම එAකත් අසාර්ථක වුණා. ඊටත් අමතරව යෝක් වීදියේ බැංකුවෙන් රුපියල් 55000/} ගත්තබව දැණගන්න ලැබුණා. සනත්ගේ උපදෙස් පිට අම්බලන්ගොඩ බැංකුවෙන් රුපියල් 30000/} ක් ගත්තා. 

සභාපති

ප්‍ර:  විෙජ්වීර ඔය මුදල් බාරව සිටියද

උ:   ඔහුගේ උපදෙස් පිට තමයි මුදල් යෙදෙව්වේ.

දෙහෙරගොඩ විනිශ්චයකාරතුමා

ප්‍ර:  එA කාලේ සනත් භාණ්ඩාගාරිකද?

උ:   නැහැ, කරුණාරත්න කියලා අනුරාධපුරයේ වැඩකරපු කෙනෙක් 

නීතිපතිතුමා

ප්‍ර:  මූලික වශයෙන් කියනවා නම් තමා තමයි අවිආයුධ රැස් කිරීමත් ඛෙÞ හැරීමත් අවිආයුධ සඳහා වෙනත් අවශ්‍ය දේවලූත් බාරව සිටියේ.

උ:   ඔව්.

සභාපති

ප්‍ර:  පිළිපිටියේ වාත්තු කම්හලෙන් බෝම්බ කවර කීයක් පමණ නිශ්පාදනය කළාද?

උ:   මා දැණුවත්ව 3000ක් පමණ

නීතිපති

ප්‍ර:  ඊට පස්සේ එAවා වාත්තු කම්හලෙන් ගෙන ගොස් සම්ප්‍රර්ණ බෝම්බ විදියට සකස් කරන තුරු තැබුවේ කොහිද?

උ:   වැලිවේරිය සිරිසේනගේ ගෙදර සහ කඳානේ කපිල මෝටර්ස් ගරාජ් එකේ. 

ප්‍ර:  මොනවද ටින් බෝම්බ කියන්නේ

උ:   චීනච්චට්ටි කවරය නිශ්පාදනය කිරීම ප්‍රමාද නිසා ටින් වලිනුත් බෝම්බ හැදුවා.

අලස් විනිශ්චයකාරතුමා

ප්‍ර:  තමන් කිවුවා සරත් විෙජ්සිංහ සහ සමරතුංග කෑගල්ලේ සහ කුරුණැගල දිස්ති්‍රක් ලේකම්වරු කියලා.

උ:   ඔව් එAත් එA ගොල්ලෝ ගැන සැක නිසා මාවත් එA දිස්ති්‍රක්කවලට පත් කරලා තිබුණා.

සභාපති

ප්‍ර:  මොකද සැක.

උ:   එA අය කට්ටි වාදීන්. විෙජ්වීරට විරුද්ධව ධර්මසේකර වගේ වෙනත් ව්‍යාපාරයක් ගොඩනගනවා කියලා සැක කළා. 

දෙහෙරගොඩ විනිශ්චයකාරතුමා

ප්‍ර:  කවÞ ද නෙලූම් දෙ‚යේ බෝම්බ හදන තැනක පිපිරීමක් ඇති වුනේ.

උ:   1971 මාර්තු වල වගේ.

නීතිපති

ප්‍ර:  නෙලූම් දෙ‚යේ රැස්වීමේදී මොනවද වුණේ.

උ:   විෙජ්වීර පැහැදිලිකළා මර්ධනය ඉක්මනට එන තත්වයක් තියෙනවා. පොලීසියෙන් අපිව අත්අඩංගුවට ගනී. එA නිසා වහාම සූÞනම් වෙන්න කියලා. එAක තිබුණේ 1971 පෙබරවාරි වල

ප්‍ර:  තමා කිව්වා විෙජ්වීරව පළමුවරට අත්අඩංගුවට ගත්තේ 1970 මැයි 12 කියලා. එA කියන්නේ මහමැතිවරණයට දින 12කට පමණ කලින්.  

උ:   ඔව්. 1970 ජූලි 09 වැනිÞ නිදහස් කළා. දෙවැනි වරට අත්අඩංගුවට ගත්තේ 1971 මාර්තු 13 වැනිÞ. කැරැල්ල පටන් ගන්න සති 03කට ඉස්සර වෙලා.

1972 නොවැම්බර් 14 වැනි දින ප්‍රශ්න කිරීම 

නීතිපති

ප්‍ර:  වික්ටර් අයිවන් හෙවත් පොඩි අතුල (07 වන සැකකරු) තමා දන්නවාද?

උ:   ඔව්, 1970 දෙසැම්බර් මාසයේ නත්තලට ඉස්සරවෙලා බෝම්බයක් ටෙස්කරන කොට අතෙත් පුපුරලා තුවාළ වුනා එයාට. 

තමොදරන් විනිශ්චයකාරතුමා

ප්‍ර:  ඇත්ත වශයෙන්ම පොඩි අතුල ඉන්න ඇති කියන කතාව පොඩි අතුල අනුමන කළාද?

උ:   සනත් මට කිවුවා එAක මම පොඩි අතුලගෙන් අහගත්තා. බෝම්බ පුපුරපු වෙලාවේ ලේ පිරිලා ගන්න දෙයක් නෑ. පොඩිඅතුල කියලා තියෙනවා මේක පස්සට ප්‍රශ්නයක් වෙයි එAක නිසා එයාට වෙඩි තියලා Þන්න කියලා. අනෙක් අය කියලා තියෙනවා කොහොමහරි සනීප කරන්න ඕන. කියලා.

සභාපති

ප්‍ර:  රෝගියා ගාල්ල ඉස්පිරිතාලෙට ඇතුල් කලේ කවුද?

උ:   මම, මම කිව්වා එයා අක්මීමණ ගෙදර යනකොට කවුරුහරි බෝම්බයක් එල්ලකළ බව කියන්න කියලා. නැතිනම් බෝම්බ පිපිරීම ව්‍යාපාරයට ප්‍රශ්ණයක් වෙනවා. පස්සේ සිද්ධිය වෙලා සති දෙකතුනකට පස්සේ කොළඹ ග්‍රෑන්ඩ්පාස්වල සුලෙයිමන් ඉස්පිරිතාලෙට ඇතුල් කරලා තියෙනවා. මමත් බලන්න ගියා එතැන මාසයක් විතර හිටියා. රුපියල් 5000-6000ක් විතර ව්‍යාපාරයේ මුදල් වලින් වියදම් කළා. බිල ගෙවන්න. ටිකට් කැපුවට පස්සේ නිතර නිතර ගියා ඉස්පිරිතාලයට ඛෙහෙත් ගැනීමට,

නීතිපති

ප්‍ර:  දැන් තමා කිව්වා අම්බලංගොඩ ලක්ෂ්මන් මහදුවගේ ගෙදර සාකච්ඡාවක් පැවැත්වූවා තමාත් එහි සිටියා කියලා.

උ:   ඔව්. 1970 අගෝස්තු මාසයෙන් පසුව වෙන්ට ඕන. පොඩි අතුල තුවාල වෙන්ට ඉස්සරවෙලා. මාත් ඇතුලූව 12ක් හිටියා. ඔක්කොම මේ නඩුවේ සැකකරුවෝ මම විෙජ්වීර සනත් කරුණාරත්න අනුර කුරුකුළසූරිය, සුනන්ද දේශපි්‍රය,  උයන්ගොඩ, කුමානායක, ලක්ෂ්මන් මහදුවගේ සිසිල් චන්ද්‍ර, ධනපාල සහ ටී.ඩී.සිල්වා. එක එක කට්ටියට විවිධ වැඩ පැවරුවා එතැනදී රැස්වීම් තැබීම පත්තර වලට ලිපි ලිවීම ඔත්තු බැලීම හා විවිධ දිස්ති්‍රක්කවල සංවිධාන කටයුතු ති්‍රවිධ හමුÞව තුළ අපගේ ව්‍යාපාරය පිළිබඳ වැඩකටයුතු කිරීම. වෘත්තීය සමිති. ශිෂ්‍ය ව්‍යාපාර, කාන්තා අංශ, භික්ෂු පෙරමුණු ආදියේ පරිපාලන කටයුතු මධ්‍යම පංතියේ බුද්ධිමතුන් අතරේ වැඩ කිරීම බෝම්බ ලක්ෂයක් කොහොමහරි රැස් කිරීම. අවි ආයුධ පුපුරණ ද්‍රව්‍ය ආදියේ පූර්ණ ලැයිස්තුවක් සකස් කිරීම අනුරාධපුරයේ හා ගාල්ලේ ආරක්ෂිත බිම්ගෙවල් සෑදීම ආදිය.

ප්‍ර:  ඔය විදියෙ බිම් ගෙවල් හැදුවද?

උ:   උත්සාහ කළා. හදන්න බැරි වුණා. 

ප්‍ර:  තවත් තිබුණද, සැගවී සිටින ස්ථාන

උ:   මාතලේ නකල්ස් කඳු ප්‍රදේශය. මහියංගනේ මීගහකුලම ප්‍රදේශය, සිංහරාජ අඩවිය ආදිය.

ප්‍ර   අවිආයුධ මිළයට ගැනීමට අමතරව සොරකම් කළාද?

උ:   ඔව් විශාල වශයෙන් සොරකමම් කළා.

ප්‍ර:  පෝස්ටර් හැරෙන්නට ව්‍යාපාරයේ කටයුතු ප්‍රචාරය කරන්නට මොනවද කළේ.

උ:   විෙජ්වීර හිරගෙදර ඉන්න කාලේ පත්තරයක් මුද්‍රණය කිරීමට අදහස් කළා මුලින්ම පේරාදෙ‚ය විශ්ව විද්‍යාලයේ සමාජවාදී ශිෂ්‍ය සංගමයෙන් පත්තරයක් අච්චු ගැහුවා. පස්සේ කොළඹදී ජනතා විමුක්ති පත්‍රය මුද්‍රණය කළා.

ප්‍ර:  1970 අගෝස්තු වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ කියන නම Þලා තිබුණාද?

උ:   ඔව්. මට මතක විදියට විෙජ්වීර පළමුවෙන් අත්අඩංගුවට පත්වෙන්න මාසයකට විතර කලින් 

ප්‍ර:  කොයිම වේලාවක වත් ඔය ව්‍යාපාරය අදහස් කළේ නෑ ඡන්දයකට ඉදිරිපත් වීමට. එA නිසා නම වැදගත් වුණේ නෑ කිවුවොත් හරිද?

උ:   ඔව්.

ප්‍ර:  1970 ජූලි 09 වැනිÞ විෙජ්වීර සිරගෙදර සිට එළියට ආවට පසු විෙජ්වීර රැස්වීම් තබන්නට පටන් ගත්තාද?

උ:   ඔව්. ප්‍රචාරක අංශය එළියට දැම්මා. අනෙක් කටයුතු රහසේම කරගෙන ගියා.

ප්‍ර:  විෙජ්වීර පොලීසියට දීපු කටඋත්තරය ගැන තමන් දන්නවාද?

උ:   අපේ ව්‍යාපාරය පිළිබඳව එළිදරව් නොවන විදියට, ධර්මසේකරගේ පිටින් තියා කටඋත්තරයක් දුන්නායැයි කිව්වා. 

තමෝදරන් විනිශ්චයකාරතුමා

ප්‍ර:  මොනවද ධර්මසේකර ගැන කිව්වේ. මේ වන විට ධර්මසේකර තමුන්ගේ ව්‍යාපාරයෙන් අස්කරලාද?

උ:   ඔව්,  එAත් කටඋත්තරයේදී විෙජ්වීරත් , ධර්මසේකරත් දෙදෙනාම නායකයින් කියා කිව්වාලූ, එA දෙදෙනාටම ලොකු මහත්තයා කියල කියනවා. කියල කිව්වලූ.

ප්‍ර:  ධර්මසේකර අය අතර ඔය මතභේදය ඇති උණාට පස්සේ විද්ේ‍යා්දයේ ප්‍රධාන තැනැත්තා කවුද?

උ:   මහින්ද විෙජ්සේකර තමයි ප්‍රසිද්ධ පුද්ගලයා හැටියට හිටියේ.නමුත් අපි විශ්වාසය තිබ්බේ විපුල සේන ගැන.

ප්‍ර:  තමුන්ගේ ව්‍යාපාරය අදහස් කළාද? විද්‍යා්දය අල්ල ගන්න.

උ:   එA කාලේ සුÞනමින් සිටියා.

1972 නොවැම්බර් 15 වැනිÞ ප්‍රශ්න කිරීම්

නීතිපති

ප්‍ර:  මහින්ද විෙජ්සේකර මධ්‍යම කාරක සභාවට කැදැව්වේ නැහැ?

උ:   විෙජ්වීර යෝජනා කලා පක්ෂයේ මධම කාරක සභාවට පිටස්තරව බොරු මධ්‍යම කාරක සභාවක් පත් කරන්න. එA මහින්ද විෙජ්සේකර නිමල් මහගේ ඩී.එA. ගුණසේකර, සමරතුංග, සරත් විෙජ්සිංහ රවට්ටන්න. එA ගොල්ලෝ යම් සංවිධාන මට්ටමක ඉන්නවා කියලා එA ගොල්ලන්ට පෙන්වන්නයි විෙජ්වීරට උවමණා කළේ.

ප්‍ර:  උයන්ගොඩ(තුන්වන සැකකරු) සමග සාකච්චාවකට මහින්ද විෙජ්සේකර බදුරළියට  ගියාද?

උ:   විෙජ්වීර එයාව යැව්වා කියා ආරංචි වුණා. එA පක්ෂයේ ඛෙදීමක් නිසා කියලා පස්සේ ආරංචි වුණා.  පක්ෂයේ මතභෙAද ඇතිවුණාට පස්සේ බදුරලිය කණ්ඩායම අපට විරුද්ධව කොකු ගැසීමට විෂබීජ පැතිරවීම.

ප්‍ර:  එA කියන්නේ විෙජ්වීර අවිශ්වාස  කළ පුද්ගලයින් ?

උ:   මුලින්ම හිතවත්ව සිට පසුව සැක කළ අය. මම සනත් සිසිල් චන්ද්‍ර ලක්ෂ්මන් කරුණාරත්න ටී.ඩී සිල්වා ආදි අයට විරුද්ධව බදුරුලියේ විෂබීජ පැතිරවීමයි උයන්ගොඩට සහ මහින්ද විෙජ්සේකරට පැවරිලා තිබුනේ.

සභාපති    
ප්‍ර:  එA දිනවල විෙජ්වීර ඔබ හා වෙනත් අය ගැන සැක කළාද?

උ:   ඔව්, දේශපාලන කටයුතු ගැන ඔස්මන් සහ තව කිහිප දෙනෙක් මට එහෙම කිව්වා. 

තමොදරන් විනිශ්චයකාරතුමා

ප්‍ර:  එA කාලයේදී (1971 මාර්තු) විෙජ්වීර සිතුවද තමුනුත් ඔහුට විරුද්ධව කටයුතු කරයි කියලා.

උ:   ඔව්
අලස් විනිශ්චයකාරතුමා
ප්‍ර:  1971 මාර්තු විෙජ්වීරව අත්අඩංගුවට ගන්න පෙර ඔහු කිහිප දෙනෙක් සැක කළාද?

උ:   සෑහෙන දෙනෙක් ගැන සැකකළා. මුලින්ම ධර්මසේකර, ඊළගට මහින්ද විෙජ්සේකර මාර්තු වෙනකොට මා ඇතුළු අය පිළිබඳවත් සැකකළා.

විමලරත්න විනිශ්චයකාරතුමා

ප්‍ර:  ඇත්ත පත්තරයේ තණමල්විල කඳවුර ගැන මොනවද තිබුණේ?

උ:   1969 මැද කාලෙදි තමයි තිබුණේ. හෙඩ් ලයින් එක තිබුණා සමගි පෙරමුණට මඩ ගැසීම සඳහා තරුණයින්  බිළිබාන සී.අයි.එA. කෙමක් කියලා.

නීතිපතිතුමා
ප්‍ර:  ඔයකාලය වෙනකොට ජනතා විමුක්ති පෙරමුණේ ද්‍රවිඩ උදවිය එහෙම කවුරුත් හිටියද?
උ:   ටික දෙනයි. පක්ෂය ජාති වාදී ස්වරූපයක් ගන්නා නිසා අදහසක් ඉදිරිපත් වුණා වතු කම්කරුවන් එක්කාසු කරගතයුතුයි කියළා. මොකද අපේ පංති පහෙන් එකක් තමයි ඉංදියානු ව්‍යාප්ත වාදය. විෙජ්වීර කිවුවේ ඉංදියානු වතුකම්කරුවන් ඉංදියානු මුන්නේත්‍ර කසාගම් පක්ෂයට ලැදියි.  එA ගොල්ලො වැඩියෙන් ආදරේ ලංකාවට නොවේ ඉංදියාවට කියලා.

සභාපතිතුමා

ප්‍ර:  විෙජ්වීරගේ එA අදහස පස්සේ වෙනස් වුණාද?

උ:   ඔව් සාකච්ඡාවක් තිබ්බා විෙජ්වීර හිරෙන් නිදහස් වෙලා ආවම සුසිල් සිරිවර්ධන සහ විරාජ් ප්‍රණාන්දු සමග අප වතු කම්කරුවන් අතර වැඩකළ යුතු යැයි විෙජ්වීර එකග වුණා. අපගේ ප්‍රවෘත්ති පත්‍රයට ලිපි ලිවීමට, සංස්කෘතික අංශයෙන් පක්ෂයට ආධාර කිරීමට ඔවුන් එකඟ වුනා.

සභාපතිතුමා නීතිපතිතුමාගෙන් තොරතුරු විමසයි. එA අනුව විරාජ් ප්‍රණාන්දු 1970 නොවැම්බර් 11 වැනිÞ  පළාලි ගුවන් තොටුපලින් ඉංදියාව බලා පිටත්වී අනතුරුව බ්‍රසීලය , ඛෙල්ජියම, එංගලන්තය, ඩෙන්මාර්කය, ජර්මනිය, ප්‍රංශය , යන රටවලට ගොස් ආපසු එන ගමනේදී එංගලන්තයෙන් පිටත්වී  පැරීසිය , බ්‍රසීලය, කයිරෝව හරහා ඉංදියාවට පැමිණ නැවත ලංකාවට පැමිණ ඇති බව හෙළිවේ. 
ප්‍ර:  ඔහු නැවත ලංකාවට ආවේ කවÞද?
උ:   1971 පෙබරවාරි 03 වැනිÞ ඔහු රට ගියේ විෙජ්වීරගේ උපදෙස් මත ජ්‍යාත්්‍යන්තර සබඳතා ඇති කිරීමට විරාජ් සොරකම් කිරීමට විරුද්ධ වූණා. ඔහු කිව්වා අහුවුණොත් ව්‍යාපාරය හෙළිදරව් වෙනවා කියා. ඔහු විකල්ප ආÞයම් මාර්ග පෙන්වා දුන්නා.  ආයුර්වේද දෙපාර්තමේන්තුවට කැලෑ ඛෙහෙත් සොයා මුදල් සෙවීම ගොම වලින් රොටි සාÞ එAවා ගොවිපලවල් වලට විකි‚ම. ගෙවල් වල කුඩා කර්මාන්ත ආරම්භ කිරීම ආදී. එහෙත් විෙජ්වීර එAවා ඒතරම්  ගණන් ගත්තේ නෑ.
නීතිපති
ප්‍ර:  ට්‍රාන්ස් මීටර් වැනි දේවල් අප්‍රේල් මාසයට පෙර ලබා ගැනීමට උත්සාහ කළාද?

උ:   අපි හොරෙන් ට්‍රාන්ස් මීටරයක් හැදුවා. පොඩි අතුලගේ මාර්ගයෙන් අදුරගත්ත සමරනාත කියලා කෙනෙක් හිටියා ගම්පහ රේඩියෝ සාප්පුවේ.

තමෝදරන් විනිශ්චයකාරතුමා.

ප්‍ර:  දේශපාලන කාරක සභාවේදීත් මධ්‍යම කාරක සභාවේදීත් මොනවද කිව්වේ. 

උ:   අපේ ජානතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක කටයුතු සඳහා රහසිගත කටයුතු සඳහා එA වගේම රේඩියෝ සිලෝන් එක අල්ලා ගැනීමට බැරිව ගියොත් එA වෙනුවට ලෝකයටම ප්‍රචාරයක් දෙන්න.

නීතිපති

ප්‍ර:  ව්‍යාපාරයේ නායකයන් අතර මතභේද ඇති වුණේ කොහොමද?

උ:   1970 අගබාගයේ සිට තමයි පටන් ගත්තේ. සිසිල් චන්ද්‍රගේ නංගි යසෝමයි, විෙජ්වීරයි අතර තිබුණු ප්‍රේම සම්බන්ධතාවය නිසා ප්‍රේම සම්බන්ධතා තහනම් කරලා තිබුණේ නැහැ. එAත් එය ව්‍යාපාරයට හානි නොවන අන්දමට කළ යුතුය කියලා තිබුණා.

ප්‍ර:  චිත්‍රපට බැලීම, සිගරට් බීම, අඩි ගැසීම ආදිය තහනම් කරලා තිබුණේ එA සල්ලිත් ව්‍යාපාරයට යෙදවීමටද?

උ:   ඔව්. 

සභාපති

ප්‍ර:  ඔබට දැන් තේරෙනවද විප්ලවයක් සාර්තක කර ගන්න බැහැ කියලා ඔය විදියේ නීතිරීති යටතේ.

උ:   ඔව් මම දන්නවා.

නීතිපති

ප්‍ර:  ඔබ ටී.ඩී.සිල්වාගේ දුව ධම්මිකා සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගත්තේ විෙජ්වීරගේ එකට පසුවද?

උ:   ඔව්.

ප්‍ර:  විෙජ්වීර යසෝමා සම්බන්ධය නිසා පක්ෂය බේද බින්නවූ ආකාරය අපට කියන්න.

උ:   පක්ෂයේ ප්‍රේම සම්බන්ධතාවලට ඉඩ තිබුණා. හැබැයි එAක ව්‍යාපාරයට හානියක් නොවිය යුතුයි. විෙජ්වීර මේක තදටම බැලූවා. පළවැනි සකකාර පියතිළකගේ මුල් කාලයේදී තිබිච්ච ප්‍රේම සම්බන්ධතාවයක් නවත්වන්න කියලා විෙජ්වීර අණ දුන්නා. කතරගම ඛෙනට් මුදලාලි මේ නීති නිසා හොරෙන් බැන්Þ.

සාභාපති

ප්‍ර:  විෙජ්වීරගේ ප්‍රේම සම්බන්ධයට අනෙක් අය විරුද්ධ වුණාද?

උ:   ඔව්. විෙජ්වීර මේක පටන් ගත්තේ 1970 නොවැම්බර් දෙසැම්බර් කායේ ඔහු මෙය පක්ෂයට දැන්වූවා. එවිට සනත් සහ සුනන්ද එය විවේචනය කළා දේශපාලන මණ්ඩලයේ.

නීතිපති

ප්‍ර:  එA අවස්ථාවේදී විජයවිර මොකද කිව්වේ. 

උ:   ගෙදරින් බල කරනවා කිව්වා රත්නපුරෙන් විවාහයක් කර ගැනීමට, අවසානයේ ඔහුට අවසර ලැබුණා. නමුත් සිසිල් චන්ද්‍රගේ ගෙදරදී නොයෙකුත් අශීලාචාර කි්‍රයා කට්ටිය දැකලා තියෙනවා. එA නිසා සනත් කිව්වා ව්ෙජ්විරට එA ගෙදරින් යන්න කියලා.

තමොදරන් විනිශ්චයකාරතුමා

ප්‍ර:  එA සම්බන්ධයෙන් විෙජ්වීර මොකද කලේ.

උ:   සනත් සහ සිසිල්ට බැනලා තියෙනවා. එAත් එයාට අන්තිමට යන්න සිදුවුණා විරෝධය නිසා.

1972 නොවැම්බර් 16 දින ප්‍රශ්න කිරීම

නීතිපති

ප්‍ර:  13 වන සැකකරුවා ධර්මසේකගේ පක්ෂයේ අය අල්ලලා බොරුවට කටඋත්තරයක් දුන් බව තමන් කිව්වා.

උ:   ඔව්. විෙජ්වීර මට මෙහෙම කිව්වා.   ධර්මසේකරව හොයන්න පොලීසියත් සී.අයි.ඩී. එකත් ගිහිල්ලා තියෙණවා. නමුත් අහුවෙලා තියෙන්නේ ජයකොඩි විතරයි. 

ප්‍ර:  නමුත් ජයකොඩි පසුව නිදහස් වෙලා නැවත ෙජ්.වී.පී. එකට ආවා. 

උ:   ඔව්. එයාට විෙජ්වීර කියලා කියලා තියෙනවා අත්අඩංගුවට ගත්තට පස්සේ ධර්මසේකර විෙජ්වීරව පවා දීල තියෙනවා. එA නිසා මට කරන්න දෙයක් නැහැ. මට සී.අයි.ඩී. එකත් එක්ක ජයකොඩි අත්අඩංගුවට ගන්න එන්න වුණා කියලා. ජයකොඩි පස්සේ මාත් එක්ක කිව්වා විෙජ්වීර නොසිටියා නම් පැනලා යන්න තිබුණා කියලා.

සභාපතිතුමා
ප්‍ර:  තමන් කියන විදියට ධර්මසේකර අතුඅඩංගුවට ගැනීමට රහස් පොලීයට නොහැකි වුණා.

උ:   ඔව්

නීතිපති

ප්‍ර:  1971 මාර්තු 06 වැනිÞ ඇමරිකන් තානාපති කාර්යාලයට පහර දීලා තියෙනවා.

උ:   ඔව්. එA අපි නොවේ. ධර්මසේකරලා අපි තානාපතිවරුන් යම් කාලසීමාවක් වෙනකම් ඇම්බසි වලින් පිටවීම තහනම් කිරීමට විෙජ්වීම බලාපොරොත්තු වු‚. විශේෂයෙන්ම බටහිර රටවල් වල එAවා. 

අලස් විශ්චයකාරතුමා

ප්‍ර:  තමුන් කොහොමද දන්නේ එAක ධර්මසේනලාගේ වැඩක් කියලා. 

උ:   එAක විෙජ්වීරට ආරංචවෙලා තිබුණා. 
                                                                                                                                                                                                                                                                                                          දෙහෙරගොඩ විනිශ්චයකාරතුමා

ප්‍ර:  ඇයි ධර්මසේකරලා මෙවැනි දෙයක් කළේ. 

උ:   ඔවුන්ගේ න්‍යායක් තිබුණා සු`ථ අරගල න්‍යාය කියලා. අනාගත විප්ලවයට එඩිතර අවංක විප්ලවවාදීන් තැනීමට සු`ථ අරගල හරහා එA අය පදම් කිරීම.

සභාපතිතුමා

ප්‍ර:  නැවත අපි විෙජ්වීර- යසෝමා ප්‍රේම සම්බන්ධට යමු. මෙයට ඔබලා විරුද්ධ වුණේ ඇයි. 

උ:   එකක් තමයි එA දෙදෙනාගේ තිබුණු අසෝබන හැසිරීම. අනික මේ නිසා විෙජ්වීර ව්‍යාපාරයේ කරන වැඩකටයුතු ගොඩක් අඩාල වීම.

නීතිපතිතුමා

ප්‍ර:  යම් අවස්ථාවක විෙජ්වීර සනත්ට බැන වැදුනා කියා තමන් කිවුවා.

උ:   සනත්ට විතරක් නෙමේ, සිසිල් චන්ද්‍රට සහ ලක්ෂ්මන්ටත් බැන්නා. මම කිව්වා බනින එක වැරදි කියලා. මම දේශපාලන මණ්ඩලයේ අÞල අය රැස්වීමකට කැදෙවිවා. මම, විෙජ්වීර, සනත්, සිසිල්, ලක්ෂ්මන් සහ ඩබ්ලිව්.ටී.කරුණාරත්න රැස්වීම තිබුණේ ලක්ෂ්මන් මහදූවගේ ගෙදර.

අලස් විනිශ්චයකාරතුමා

ප්‍ර:  තමා මේ සම්බන්ධයට විරුද්ධ නැහැ.

උ:   නැහැ.

ප්‍ර:  මේ වන විට තමාගේ ප්‍රේම සම්බන්ධය පටන් අරගෙන තිබුණාද?

උ:   ඔව්, 

ප්‍ර:  එA නිසා තමා සානුකම්පිතව හිතුවා, දෙනන්නම එකම බෝට්ටුවේ නිසා.

උ:   මම සාධාරන ලෙස බැලූවා.

නීතිපති

ප්‍ර:  රැස්වීමේදී මොකද වුණේ.

උ:   විෙජ්වීර තර්ජනය කලා ප්‍රේම සම්බන්ධය නවත්වනවාය කියලා. අපි කිව්වා නවත්වන්න ඕනෑ නෑ. සාධාරන නිගමනයකට එමු කියලා.

දෙහෙරගොඩ විනිශ්චයකාරතුමා

ප්‍ර:  විෙජ්වීරට නිළයෙන් අස්වීමට තර්ජනය කළාද?

උ:   එÞ නැහැ, ඊට පසු අවස්ථාවක එහෙම වුණා.

නීතිපති

ප්‍ර:  රැස්වීමෙන් පස්සේ මොකද වුණේ.

උ:   විෙජ්වීර අර තුන්දෙනාට අමතරව කරුණාරත්නටත් බනින්න පටන් ගත්තා නරක විදියට බැන්නා. මම කිව්වා මෙහෙම ගනිකාවන් වගේ බනින එක නරකයි කියලා. තීරණය කළා දේශපාලන මණ්ඩලයේ සියලූ සාමාජිකයන් කැදවලා සාකච්ඡා කරන්න 1971 පෙබරවාරි 06 වැනිÞට. හැබැයි ඊට පෙර යසෝමා පැහැරගෙන යාමට උත්සාහ කළා විෙජ්වීර. අම්බලංගොඩ සහොදරයින්ට විරුද්ධව විෙජ්වීර පෝස්ටර් ගහලත් තිබුණා.

තමෝදරන් විනිශ්චයකාරතුමා

ප්‍ර:  සනත් රැස්වීමේදී මොකද කළේ.

උ:   ඔහු ලිපියක් දුන්නා විෙජ්වීර ඔහුට කුමන්ත්‍රණකාරයා, පාවා දෙන්නාය කියලා බනිනවා. එනිසා තවදුරටත් පක්ෂයේ වැඩ කරන්න බැහැ කියලා. මම රැස්වීමට පෙර එA ලිපිය විෙජ්වීරට දුන්නා. 

නීතිපති

ප්‍ර:  කවුද රැස්වීම පටන් ගත්තේ

උ:   විෙජ්වීර කරුණාරත්නගේ නම යෝජනා කළා සභාපති ලෙස කටයුතු කරන්න කියලා රැස්වීමේදී. කරුණාරත්න එය ප්‍රතික්ෂේප කළා. ඔහුට විෙජ්වීර ද්‍රෝහියා කියලා කියන නිසා අන්තිමට හැබැයි සාකච්ඡා කරලා කරුණාරත්නට සභාපති කම දුන්නා. 

තමෝදරන් විනිශ්චයකාරතුමා

ප්‍ර:  කවුද මුලින්ම කතා කළේ?

උ:   සනත් මුලින්ම ඊට පස්සේ සිසිල් චන්ද්‍ර කතා කළා. එයාගේ නංගි පැහැරගෙන යන්න විෙජ්වීර උත්සාහ  කරනව කියලා චෝදනා කළා. එයා ලියුමක් පෙන්නුවා. 

නීතිපති

ප්‍ර:  මොනවද එAකේ තිබුණේ.

උ:   කාර් එකක් එවනවා එAකේ නැගලා එන්න කියලා තිබුණා. විශේෂ බලපත්‍රයක් ගෙන තිඛෙනවාය. ගෙයක් සහ බඩු අරගෙන තිඛෙනවාය, බය නැතුව එන්න කියළා තිබුණා.

අලස් විනිශ්චයකරතුමා

ප්‍ර:  එතකොට විෙජ්වීර කිව්වේ මොනවාද?

උ:   ඔහු ඇඩුවා.

තමොදරන් විනිශ්චයකාරතුමා

ප්‍ර:  තමා කිව්වේ මොනවාද?

උ:   පුංචි බඛෙක් වගේ විප්ලව නායකයෙක් අඩන එකේ තේරුමක් නැහැ කිව්වා

සභාපති

ප්‍ර:  අම්බලංගොඩ පෝස්ටරයේ මොනවද තිබුණේ.

උ:   කට්ටිවාදීන් සිටිනවා, ඔවුන්ගෙන් ප්‍රවේසම් වෙන්න කියලා තිබුණා. අත්සන් කරලා තිබුණේ රෝහණ විෙජ්වීර කියලා.

නීතිපති

ප්‍ර:  මුද්‍රණය කරලද තිබුණේ ?

උ:   ඇදලා තිබුණේ. විෙජ්වීර පිලිගත්තා තමන් මේක කළා කියලා.

ප්‍ර:  මේ රැස්වීමේදි ස්වයං විවේචන ඇති වුණාද?

උ:   ලක්ෂ්මන්, සනත්, සිසිල් ස්වයං විවේචනය කළා. විෙජ්වීර කළේ විවේචනය කිරීම පමණයි. එයා කිවුවා ප්‍රේම සම්බන්ධය නවත්වලා පෙබරවාරි 27 වැනිÞ රැස්වීමේදී ප්‍රසිද්ධියේ පක්ෂයෙන් අස්වෙනවාය කියලා.

විමලරත්න විනිශ්චයකාරතුමා

ප්‍ර:  යසොමට වයස කීයද?

උ:   16ක් 17ක් විතර ඇති.

සභාපති

ප්‍ර:  පෙබරවාරි 27 රැස්වීම තිබුණේ නැද්ද?

උ:   හයිඩ්පාක් එකේ ප්‍රසිද්ධ රැස්වීමක් තිබුණා. හැබැයි විෙජ්වීර අස්වුණේ නෑ.

අලස් විනිශ්චයකාරතුමා

ප්‍ර:  එA වෙලාව වන විට කට්ටිය අතර අමනාපකම් අඩුවෙළාද?

උ:   එන්න එන්නම වැඩිවුණා මිසක් අඩු වුණේ නෑ. වැඩි වුනා නොවේ. වැඩි කළා. විෙජ්වීරගේ කි්‍රයාකලාපය නිසා.

ප්‍ර:  මාර්තු 06 නැවත රැස්වීමක් තිබුණාද?

උ:   ඔව් එAකට දේශපාලන මණ්ඩලයේ අයයි, මධ්‍යම කාරක සභාවේ අයයි, එයට පිටින් පක්ෂයේ අයත් හිටියා.

නීතිපතිතුමා

ප්‍ර:  එහිදී මොකද වුණේ.

උ:   පෙබරවාරි 06 වැනිÞට කලින් විෙජ්වීර බැන්නේ 04 දෙනෙකුට විතරයි. පස්සේ හතර අට වුණා. zz ව්‍යාපාරයේ අම්මාZZ යැයි හිතාගෙන සිටි ධනපාලටත් බනින්න පටන් ගත්තා එAක මුලදී විෙජ්වීර Þපු නමක් ධනපාල අනෙක් අයට පුදුම විදියට සලකන නිසා තමන් ගැන සිතන්නේ නැතුව. තවත් මට දැනගන්න ලැබුනා මාර්තු තුන් වැනිදා මගේ බාරයේ තිබුණු අවිආයුධ රාශියක් මට හොරෙන්  මා තැබූ තැන් වලින් අස් කලාය කියලා. ඒක විජේවීරගේ අනින් පොඩි අතුල ගෙන ගියා කියලා මට ආරංචි වුණා. 
මම තේරුම් ගත්තා විෙජ්වීර අප පිළිබඳ වැරදි මතයක සිටින බව සහ විශාල විනාශයක් සිදු වීමට යන බව
රැස්වීමේදී සනතුත් කරුණාරත්නත් මමත් විෙජ්වීරව මරලා නායක බලය ලබා ගැනීමට කට්ටි වාදය ගෙන යනවාය කියලා විෙජ්වීර චෝදනා කළා. ධනපාලට කිව්වා ගි‚ පන්දමක් අරගෙන ප්‍රැට්රෝල් ටැංකියක් මැද්දෙන් යා හැකි පුද්ගලයෙක් කියලා. මට කිව්වා මම කැමති තැන් වලට අවි ආයුධ ඛෙදුවාය කියලා ට්‍රාන්ස් මීටර් දුන්නේ මගේ අයටයි කියලා. මගේ ප්‍රේම සම්බන්ධය ගැන ෙÞස් කිව්වා. ටී. ඩී සිල්වාට පක්ෂයේ මුදල් වලින් කුස්සියක් හÞ දුන්නා යැයි ෙÞස් කිව්වා. අංජනම් එළි බලලා තියෙනවා එA අනුව අනාගත නායකයා වෙන්නේ මම කියලා කිව්වා. 

ප්‍ර:  මෙම රැස්වීමට පස්සේ තව රැස්වීම් තිබුණාද?

උ:   නෑ විෙජ්වීරත් එක්ක නැහැ. මාර්තු 13 වැනිÞ ඔහු අත්අඩංගුවට ගත්තා. 

ප්‍ර:  කුරුණෑගල පූර්ණ කාලීන සහොදරවරු විෙජ්වීර සමග පැවැත්වූ රැස්වීමක් ගැන තමා කිව්වා?

උ:   විෙජ්වීර පැය දෙකක් විතර කතා කලා. ඊට පස්සේ සහෝදරවරු ප්‍රශ්න කළා. පක්ෂයේ මධ්‍ය ගත ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවදච කියලා ඇහුවා. නැතිනම් ආ×Þයක පක්ෂයක්ද කියන මතය ආවා. සහෝදරවරු විෙජ්වීර ගැන කළකිරුණා.
ප්‍ර:  හිල්ඩා ඔබේසේකර ශාලාවේදීත් මතබේදයක් වුණා කිවුවා.
උ:   එතැන කතා කළේ රංජිත් ගැන. රංජිත් ආ×Þයකයෙක් වගේ කියලා කඩුගන්නාව පොලිස් කොට්ඨාශයේ පිරිසක් චෝදනා කළා. විෙජ්වීර කිව්වා සු`ථ සු`ථ අඩුපාඩුකම් කියනවා අපි එAවා හÞගන්න ඕන කියලා රංජිත්ට වාසි වෙන විදියට උත්තර දුන්නා. 

ප්‍ර:  විෙජ්වීර මේ කාලේ ආ×Þයකයෙක් වගේද?
උ:   ඔව් එAකේ සත්‍යයක් තියෙනවා. අපිට හොරෙන් අවි ආයුධ එකතු කිරීම අපේ සහෝදරයන්ට බනින එක. අපි එA පිළිබඳ අප්‍රසාදයෙන් හිටියා. පෙබරවාරි 27 වැනිÞ හයිඩ් පාක් රැස්වීමේදී තමාව ඉස්මතු කිරීමේ අදහසින් පොටෝ එකක් ගහල තිබුණා.

අලස් විනිශ්චයකාරතුමා

ප්‍ර:  පිංතූර පෙන්නුම් කළේ මොනවාද?

උ:   රොහණ විෙජ්වීර, ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයා හා ප්‍රධාන ලේකම් විෙජ්වීර සහෝදරයාය කියලා ගහලා තිබ්බා. පෝස්ටර් එක එල්ලලා තිබ්බා. පිතූර වික්කා. පස්සේ දැනගත්තා විෙජ්වීරගේ අනුමැතිය ඇතිව එAක කළේ පියතිලක කියලා.

නීතිපතිතුමා

ප්‍ර:  කොළඹ ප්‍රදේශය කින්නේ මොකක්ද?

උ:   කොළඹ දිස්ති්‍රක්කය දිස්ති්‍රක්ක 05කට ඛෙදලා තිබුණා. උතුර කොළඹ, නුවර පාර, මැද කොළම, කෝට්ටේ සහ දකුණු කොළඹ. පියතිලක (පළමුවන සැකකරු), උයංගොඩ(තුන්වන සැකකරු) ලයනල් (දෙවන සැකකරු) තමයි කොළඹ බාරව වැඩ කළේ.

1971 නොවැම්බර් 17 ප්‍රශ්ණ කිරීම්

නීතිපති

ප්‍ර:  ඔබ 1971 පෙබවාරි 28 දිනය සඳහන් කළා?

උ:   එAක තමයි මා සමග විෙජ්වීර කුරුණෑගල, කෑගල්ල, වගේ දිස්ති්‍රක් කමිටුවලට සහභාගි වෙච්ච අවස්ථාවලදී විප්ලවය සඳහා සූÞනම් වෙන්න කියපු දවස.

ප්‍ර:  17 වනÞයින් පසුව විෙජ්වීර හැම දිස්ති්‍රක්කයකම සංචාරය කළ බව තමා දන්නවාද?

උ:   ඔව්, මාර්තු 13 වෙනිÞ වනතෙක් රවුම් ගැසූබව ඇරඹෙයි.

ප්‍ර:  මාර්තු 17 වැනිÞ රජය විසින් හදිසි නීතිය පැනෙව්ව බව තමා දැන සිටියාද?

උ:   ඔව්, තවත් ආරංචි උනා නුවර, නුවරඑළිය, මාතලේ දිස්ති්‍රක්කවල දිස්ති්‍රක් ලේකම් විසින් සකස් කරන ලද ලැයිස්තුවක් පොලීසියට අහුවෙලා කියල. එAක භයානක සිද්ධියක්.

ප්‍ර:  විෙජ්වීර මාර්තු 13 අත්අඩංගුවට ගත්තාට පසුව ව්‍යාපාරයට නායකයෙක් නැතිව ගියා?

උ:   ඔව්. සනත්, මම, කරුණාරත්න, ටී.ඩී. සිල්වා, කුමනායක, අපි එකතුවෙලා සාකච්ඡා කළා. අපිට තීරනයක් ගන්න බැහැ. විෙජ්වීර පක්ෂය දෙකට ඛෙදල තිබුණා. අපි තීරණය කළා. පියතිලක සමග එකතුවෙලා නීත්‍යාණුකූළ මගකින් ඔහු නිදහස් කර ගැනීමට.

ප්‍ර:  විෙජ්වීරට හිතවත් පිලේ නම් ටිකක් කියන්න.

උ:   පියතිලක, උයන්ගොඩ, ලයනල් බෝපගේ, ප්‍රධාන වශයෙන් ටිකක් හිතවත්ව සිටි අය රංජිත් සහ අශෝක.

සභාපති

ප්‍ර:  අර 12 දෙනාගෙන් ඉතිරි උදවිය ඔහුව විවේචනය කළා?

උ:   පියතිලක, ලයනල් බෝපගේ, පොලිටිකල් බියුරෝ එකේ හිටියේ නැහැ. හතර දෙනෙක් හැරෙන්නට ඉතිරි අට දෙනාට පහර දුන්නා.

නීතිපති

ප්‍ර:  තමන් සාකච්ඡා කරල මොනවද කරන්න හිතුවේ?

උ:   අපි තීරණය කළා, කුමාණායක ලවා බාලතම්පෝ මහත්මයා හමුවී නීතිමය කි්‍රයාමාර්ගයක් ගැනීමට විෙජ්වීර නිදහස් කරගැනීමට. එතෙක් පක්ෂය ගෙන යාමට වැඩ පිළිවෙළක් හැදීමට පියතිලක සමග සාකච්චා කරන්නටත්

අලස් විනිශ්චයකාරතුමා

ප්‍ර:  තමාටවත්, සනත්ටවත් නායකත්වය ගැනීමට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ?

උ:   පහරදීල වෙන්කල  අපි අට දෙනාටම එවැනි අවශ්‍යතාවක් තිබුණේ නැහැ. අනෙක් අයට තිබුණද දන්නේ නැහැ.

(මහ නඩුවේ 06 වන සැකකාර විජයමු‚ දේවගේ නිමලසිරි ජයසිංහ   හෙවත් ලොකු අතුල   1972 නොවැම්බර් 06 සිට 27 දක්වා කාලය අතරතුර  දුන් මූලික සාක්ෂියෙන් උපුටා  ගන්නා ලදි )

18 comments:

  1. විජේවීරගේ මානසික තත්වය ගැන මා අසා තිබෙනවා. දත් බොල්ලෑව ගැන හීනමානය සේම ඔහු ඉතා අසාමාන්‍ය පුද්ගලයෙක්. ඉතා අපිරිසිදු කෙනෙක්.ගූඩයි. සැකය හා ක්‍රෝධය කරනකොට ගෙන ජීවත් වුනා. ඔහු කියන දේවල් ප්‍රශ්න කරන්න බැහැ. මෙහෙම කෙනෙකුට රටේ සම්පූර්න බලය ලැබුනනම් වෙන විනාශය වචනයෙන් ප්‍රමාන කරන්න බැහැ.
    බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය නැතිව මැතිවරණ නොපවත්වන ආන්ඩුවක් යටතෙ මොහු රට කනපිට පෙරලන්න ඉඩ තිබුනා.
    1971 වගෙම 1989 දිත් කැරලි ගහන්න තරම් ප්‍රශ්නයක් රටේ තිබුනෙ නැහැ. විජෙවීරට රටේ නායකය වෙලා සදාකල්ම සිටීමේ අවශ්‍යතාවය පමණයි තිබුනෙ. ගඩාෆිත් අවුරුදු 27 න් නෙ ලිබියාවෙ නායකය වුනේ අවුරුදු 42 ක් රජ කෙරුව. ෆුල් ආතල් තමා ඉතින්.කොරියාවෙ ලිබියාවෙ වගෙ ලංකාවෙත් සමාජවාදය එහි සුවිශේෂ තත්වයන්ට ගලපල ඒකාධිපති ආණ්ඩුවක් ගෙන යන්න තිබුන.

    ඔය විජේවීර කියන මිනිහ මේ ලෝකෙ උපත ලැබුවෙ නැත්නම් 71 සහ 89 විශාල පිරිසකගෙ ජීවිත ඉතිරි වෙනව. පොඩි කාලෙ ඌ අත්වින්ද පීඩනය සමාජයට මුදා හැරිය.එජාප මැරයන්ගෙ ප්‍රහාරයකින් තාත්ත අබ්බගාත වුන එකේ පලිය ගත්තේ රටේම යූඇන්පී නායකයො මරල.පරන වමේ පක්සවලටත් රිටන් එක 89 දි දුන්න කියනව ඌව රුසියාවෙන් ගෙන්නුව කියල.විජේවීරට තිබුනෙ බාලම බාල පුද්ගලික න්‍යාපත්‍රයක්. කටේ කිරි සුවද නොගිය කොල්ලො මුලා කරල මිනී මරන්ඩ පුරුදු කරල අන්තිමට අහිංසකයොත් දාස් ගනන් මැරුම් කෑව.

    විජේවීර කියන්නෙ වල් මුර්ගයෙක්.බැටන් පොල්ල දැක්ක හැටියෙ වක්කඩ කැඩුව වගෙ වැමෑරුවලු 71 දි. 89 දි වතු අධිකාරි කෙනෙක් විදියට අවුරුද්දෙන් අවුරුද්දට ළමයි හදල ආමි එකට අහුවුනාම කීවලු යං යං ප්‍රසිඩන්ට් හම්බවෙන්න කියල. 71 වාගෙ ලෙක්චර් එකක් දීල ආයෙ අවුරුදු දහයකින් පහලොවකින් තව තිස් හතලිස් දාහක් මරවන්ඩ හිතා ඉන්න ඇති. වැඩේ වැරදුනා. ඕකව 71 දි මැරුවනම් 89 දි රට කොච්චර සන්සුන්ද

    ReplyDelete
    Replies
    1. http://www.boondi.lk/article.php?ArtID=4365

      ඉහත ලින්ක් එකේ තියෙන්නෙ කාම්බෝජයෙ මිනීමරපු හැටි. ජේවීපීකාරයොත් මාඕ වාදීන් . පොල්පොට් ලත් මාවෝ වාදීන්. කාම්බෝජ්වරු 1975 දි ඛෙමරෲජ්ල එනකොට මල්මාල දාල පිළිගත්ත. මේ වගෙ විනාශයක් කරයි කියල හිතුවෙ නෑ.
      පොල්පොට් කලේ මාවෝසෙතුන් චීනයෙ කළ මානව ශුද්ධකරනව. 1971 .1989 දි ලංකාව බේරුනේ පුදුම බේරිල්ලක්. ජවිපෙන් මනුස්සය අමුතිරිසනෙක් කරන හැටි මේව හොඳ උදාහරණ.පක්ෂය වෙනුවෙන් අම්ම තාත්ත උනත් මරන්න පුළුවන් කෙනෙක් බවට පත්කරනව.

      Delete
    2. මධ්‍යස්ථ විජේවීරගේ මෙන්ම ප්‍රභාකරන් ගේ මානසික තත්වයන් හැදෑරිය යුතුයි

      Delete
  2. සමරතුංග කියන කෙනාගෙ කතාවක් ගියා දියතෙ. චේගුවේර කාරයො අල්ලගෙන තියනව ගම්වැසියෙක්. මේ ගම්වැසිය සමරතුංගව අදුනගෙන කකා හිටපු අඹ කෑල්ල දීල තියනව හිතවත්කමට. මේ දෙන්න පොඩිකාලෙ ඉදන් අදුනන දෙන්නෙක්ලු. සමරතුංග මෙයාව මරන්ඩ අණ දීල තියනව. දියතෙ විස්තරයෙ කියල තිබ්බ ඒ මරණය ගැන ඔහු පසුතැවිලි වන බව. ජේවීපී එකෙන් මිනිස්සු තිරිසන්නු කරන හැටි.

    මම මේකෙන් තව දෙයක් දැනගත්ත. ලොකු අතුලලගෙ කණ්ඩායමේ අලුගෝසුවො තුන් දෙනා ගැන. එක්කෙනෙක් පැට්‍රික් ප්‍රනාන්දු .මෑතකදී මිය ගිය පැට්‍රික් ප්‍රනාන්දු කියන ගොවි නායකය ගැන මේ කියන්නෙ.
    මේ ඒ ගැන ලින්ක් එකක්.

    http://www.lankadaily.com/latestnews/item/1667-2014-09-08-03-44-20

    අලුගෝසු ගොවි නායකය ගැන බ්ලොග් පෝස්ට් එකකුත් තිබුනා.

    ReplyDelete
    Replies
    1. http://www.pathula.com/index.php/archives/1381

      ජයතිලක එක් උදෑසනක ප‍්‍රබෝධයෙන් යුතුව පැවසුවේ පෙරදින රාත‍්‍රියේ පබිලිස් මරා දැමූ ආකාරයයි. අපි යනකොට මිනිහ හිටියේ ලෙඩ ඇඳේ. පැපොල හැදිල. ගෙදර අය කීව සනීපවුනහම ගෙනියන්න කියල. ඒක ඉක්මනින් සනීප වෙන අසනීපයක්ද කියල සෝමෙ අයිය ඇහැව්ව. උන් උත්තර දුන්නෙ නැහැ. අපි පබිලිස් ගෙනෙන කොට ගෙදර අඳෝනා තිබ්බ. අපි තුවක්කු එල්ල කරල ඒ අය නිහඬ කළා. පාලූ තැනක පබිලිස්ට කියල අපි වළක් හෑරුවා. මිනිහ බොහොම වෙලා අරගෙන, කුඩා වළක් හෑරුවා. හරියට මරණය ප‍්‍රමාද කරන්න වගේ. ඊට පස්සෙ අපි කීව වළ ඉස්මත්තෙ ඉඳගන්න කියල. මිනිහ පොලීසියට වගේම, අපටත් කීකරු වුණා. සෝමෙ අයිය ඇහැව්ව මේ වළ හෑරුවෙ මොකටද කියල. පබිලිස් උත්තර දුන්නෙ නැහැ. එතකොට සෝමෙ අයියාම ඒකට උත්තර දුන්නා. පොලිස් ඔත්තුකාරයො වළලන්න කියල. පබිලිස් අවසාන උත්සාහයත් දැරුව, තමන් නිදොස් කියල කියන්න. ඒත් ඒකට අවසරයක් ලැබීමට පෙර මගේ උදලූ බඳ පහරෙන් හිස්කබල ගලවලා ගියා. ඒත් මැරුණෙ නැහැ. අපි පබිලිස් පණ පිටින් වළට තල්ලූ කළා. පබිලිස් මොනවදෝ කියනව වගේ ගොර ගොර ගාල පැහැදිලි නැති ශබ්දයක් පිටකළා. පබිලිස් හෑරුව වළේ, උගේ ශරීර කූඩුව ඔබන්න මදි. ඒක හින්ද ආයෙත් මම දණිස් පොල්කටු වලට උදැල්ලෙන්, ගහල කකුල් ඉස්සරහට නැමුවා, එතකොට කුරු මිනිහෙක්ගෙ තරමට පබිලිස් කොට උනා. ඊට පස්සෙ ගෙදර හදපු බල්ලෙක් මැරුණහම වළලනව වගේ, වැඩි ගැඹුරක් නැති වළට දමල පස් දැම්ම."

      Delete
    2. විශිෂ්ට ගනයේ විකල්ප බුද්ධිමතෙක් වූ අලුගෝසු ගොවිනායකයා සහ ඛෙමර් රූජ් භීෂනය ගැන පෝස්ට් එකක් දාන්නම්

      Delete
  3. මධ්‍යස්ථ මතධාරියා,

    ජනතා විමුක්ති පෙරමුණේ මේ තිරිසන් මානසික ගතිය හැමදාම තිබුන සහ තවම තිබෙන බවයි වටගෙන්නේ.
    මෙවර චන්දයේ දී ඔවුන්ට චන්දය දීමට මා තුල කැමැත්තක් ඇති වුනේ ඔවුන් උගත් පුද්ගලයන් ඉදිරිපත් කල නිසයි
    නමුත් චන්දය දිනයේ දී මගේ චන්දය එක්සත් ජාතික පක්ෂයට ලබාදීමට හේතු උනේ
    පහත අතීත මතකයි
    http://lankasithuwili.blogspot.com/2015/03/blog-post.html

    ඔවුන් ගෙන් ඇසියයුතු ප්‍රශ්න 10 පමණ සැමවිට ඔවුන් ඉතා කපටි ලෙස මගහරිනු ඔබට දැකගත හැකි වනු ඇති.

    ReplyDelete
    Replies
    1. http://www.jvpsrilanka.com/en/

      http://www.jvpsrilanka.com/en/images/e_books/hardasaksiye_sammuthiya.pdf

      මෙන්න මහත්තයෝ රට හදන ජවිපෙ වෑඩපිලිවෙල !

      Delete
  4. නිමලසිරි ජයසිංහ මිය ගියේ පහර දීමක් නිසා ය කියලා ඒ දවස්වල කතාවක් තිබුණා නේද?

    ReplyDelete
    Replies
    1. එහෙම එකකුත් තිබුනා තමා

      Delete
    2. //මෙවර චන්දයේ දී ඔවුන්ට චන්දය දීමට මා තුල කැමැත්තක් ඇති වුනේ ඔවුන් උගත් පුද්ගලයන් ඉදිරිපත් කල නිසයි //

      මං නොදුන්නෙත් ඒ හන්දමයි . කාවද දෙයියනේ මේ රවට්ටන්ඩ හදන්නේ , කවුද රැවටෙන්න, කවුද අනාත වෙන්නේ , කවුද පාරට වැටෙන්නේ , කවුද කුණු ගොඩට විසිවෙන්නේ

      Delete
    3. ඒක විස්වාස කරන්න අමාරුයි නේද රසික , පපුවේ අමාරුවක් නිසා මිය ගිය බවයි දැවෙන්නේ

      Delete
  5. ඔය නිමල සිරි ජය සීංහ මහත්තය අනු හතරෙද කොහෙද පත්වෙච්ච දවසේ ඉදං කොලේ අානාදි වැඩ , උන් දැගේ ගෝල බාලයන්ගෙන් මටත් අඩං තේට්ටං වෙලා තියනව , ඒයා හොද කෙනෙක් නෙමෙයි

    ReplyDelete
    Replies
    1. අටම් අතුල ගැන විවිධ විවේචන තියනවා

      Delete
  6. සරත් විජේසිංහ මියගියේ මා කෑගල්ලේ ජවිපෙ පන්තිවලට සහභාගිවෙමින් හිටිය කාලේ. .303 LMG තුවක්කුව පාසල් හිශ්‍යභාටයකු ලෙස මට හොඳට හුරුවී තිබුන නිසා මට කියා තිබුනා විශේෂ වැඩකට සූදානම්ව සිටින්න කියලා. නමුත් මට ඒ සඳහා යන්න නොලැබුන නිසා, මා දන්නේ නැහැ අද වනතුරු ඒ වැඩේ මොකක්ද කියලා.

    අතුල අමතක කල තවත් වැදගත් මරණයක් තිබෙනවා. ඒ තමා මට ඉහල පන්තියක කෑගල්ලේ කෑගලු විද්‍යාලයේ ඉගෙනගත් දැදිගම පදිංචිව සිටි මැණික්කඩවර සහෝදරයා. ඔහු මියගියේ ගෙදර හැදූ අත්බෝම්බයක් පිපිරීමෙන්.

    අර ලෙෆ්ටිනන්ට් කළුපහන මේජර් ජෙනරල් නිළය දක්වා උසස්වීම් ලබා, ඊලාම් යුධයෙදීත් වටිනා සේවයක් ඉටුකර විශ්‍රාම ගියා.

    අතුල අද බෞද්ධ දර්ශනය ගැන විශ්වාසය තැබීම සතුටක්.

    ReplyDelete
    Replies
    1. දැදිගම පදිංචිව සිටි මැණික්කඩවර සහෝදරයා. ඔහු මියගියේ ගෙදර හැදූ අත්බෝම්බයක් පිපිරීමෙන් ........................මේ නෙළුම්දෙනියේ බෝම්බ පිපිරීමෙන් මිය ගිය කෙනෙක් ද ?

      Delete
    2. /* අතුල අද බෞද්ධ දර්ශනය ගැන විශ්වාසය තැබීම සතුටක්. */

      අතුල අද පරලොව!

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook