රගර් බෝලයට පයින් ගැසූ දෙපයට මුගුරු වලින් ගැසුවාදෝ
බෝතල් කඩා බත් කෙන්දට ඇන්නාදෝ
යළිත් මුව විවර නොකරන්නට නුඹේ දත් කැඩුවාදෝ
ගෙලට ඇන්න පහරින් නුඹේ සිරුර නිසල වූවාදෝ
රජ කුමාරුන් හා ආරෝවට ගිය කොතැනේ
ක්‍රීඩාවක් නොව මාරකයක් නොව තැණුනේ
ළඳක් නිසා මතුවූ විරසක නිතැනේ
උපන් ලපයක් නිසා දිවි දුන් සකි සඳුනේ
නුඹගේ පණ වාතයට මුසු උනාදෝ
නිසල සිරුර වාහනයට දැම්මාදෝ
අග්නි දෙවිට නුඹව පුද කලාදෝ
වදකයන් සිනාසෙමින් සිටියාදෝ
නුඹේ අම්මා නුඹ එනකන් සිටියාද
පුතුගේ ප්රමාදයට හේතුව බැළුවාද
නුඹේ මරණය ඇය හට කීවාද
පුතෙක් නිසා මවක් කොපමණ තැවුනාද
නීතිය යුක්තිය ගෙරියන්ට ගිය කලට
මිනියක් මරා හැකි විය බේරෙන්ට
යුක්ති ධර්මයක් නැතත් මේ රටට
කවදා හෝ කර්මය එයි ආපිටට
වෛද්‍ය රුවන් එම් ජයතුංග
හොදයි ඔබතුමා සාක්ෂියට කැදවන්නං..
ReplyDeleteරගර් බෝලයට පයින් ගැසූ දෙපයට මුගුරු වලින් ගැසුවාදෝ .... අනුමානයක් විතරයි ඒ නිසා සාක්කි දෙන්න ගන්නේ නැහැ
DeleteDr. Liyannako Richard De Soyza ganath pls. And Wijedasa Liyanarachchi
ReplyDeleteමම රිචඩ් සොයිසා ගැන ලියලා තියනවා , මට රිචඩ් හමු වෙන්නේ 1986 කාලේ . බලන්න මගේ පරණ ලිපි
Deleteදුප්පත් අපේ උරුමය
ReplyDeleteඋරුමය කරුමය උනාදෝ
Deleteරාජ කුමාරයනුත්, සර්පයනුත්, ගින්දරත් සමඟ ක්‍රීඩා කිරීමේදී කුඩායැයි කියා නොසලකා නොහැරිය යුතුය.
ReplyDeleteඑහෙමත් බණ පොත් වල තියනවා
Deleteරජ කුමාරයා ත් ගිනිදල්ලත් සර්පයාත් කුඩා යැයි සිතා ලඝු නොකල යුතුය.
ReplyDeleteමුන්ගෙ සක්කිලිකම අපි දන්නව. මහ එකත් මිනිස්සුන්ට එපා වුනේ මුන්ගෙ බලුකම් නිසා.
බලය නිසා යහපත් මිනිසුන් ද වෙනස් වෙති
Deleteදිවි දුන් සකි සඳුනේ
ReplyDeleteමේකේ තේරුම කවියට යොදලා තියන තැන ගැලපෙනවාද ?
ඒක ඔහුගේ පෙම්වතියගේ පැත්තෙන් කරන ප්‍රකාශයක්
Deleteමරණ මතින් ගොඩයන්න දගලන ලාංකිය දේශපාලනය. පටන් ගැන්ම මෙය නොවේ. ඇඹිලිපිටිය සිසු ඝාතනය රිචඩ් සොයිසා ඝාතනය දයා පතිරණ ඝාතනය මේ හැම එකකින්ම වුණේ බංකොලොත් දේශපාලනයක් කරලියට පැමිණිම පමණයි. මහ පක්ෂ තුනම. මෙව්වට චූන් වෙනවට වැඩිය හොද නැද්ද ඇයි මේ මරණයක් වුණු සැනින් නීතිය හරියට ක්‍රියාත්මක නොවන්නේ ඇයි කියන සරළ කාරණයට හිත යොමන එක. උන් කළාම මුන් අදිනවා මුන් කළාම උන් අදිනවා. මේව දහන් ගැට ජනතාව අන්දන.
ReplyDeleteඋම්බෑ කියන්නෙ නැතුව හිටපං බං. මිනීමැරීම කවුරු කලත් වැරදියි. දයා පතිරණට රිචඩ් සොයිසට සූරියකන්දෙ ළමයින්ට එක්නැලිගොඩට ලසන්තට විජයට..... මේ හැම එකක්ම වැරදියි. ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමේ චේතනාවෙත් අවුලක් තියනව මටත්. සූරියකන්දෙ මිනී විකුණල එක්කෙනෙක් ආව. අද මේගොල්ල කරන වැඩෙත් විශ්වාස කරන්න අමාරුයි.
Deleteනමුත්, යමක් කරනකොට උදැල්ල දාන එවුන් ඊට වැඩිය තක්කඩි. උන් හදන්නෙ දේශපාලනට උඩට දාල මිනීමරුවන් ආරක්ෂා කරන්න. උඹත් කරන්නෙ ඒක.
යකෝ රාජ් උඹනේ උම්බැ කියන්නේ.. මං කියල තියන දේ තේරුම් ගනින් පළමුව. මිණි මැරුම මොකා කළත් ඒක වැරදියි කියන තැන තමා මාත් ඉන්නේ. ඒවගේ දේ වුණාම පිළියම් යෙදිය යුත්තේ ඒ සිද්ධිය වූ අවස්ථාවලමයි. එසේ නොවි කල් ගිහින් ඒවා හොයනකොට චුන් නොවී එවන් දෙයක් වූ සැනින් ජනතාවක් හැටියට එක්ව විරෝධතා පාලකයන්ට දැක් විය යුතුයි. මං ඉතා කෙටියෙන් කියල තියෙන්නේ ඒ ටික. උඹත් මේ සටහන දිහා පාට කණ්නාඩියක් දාලා බැලුවා නේහ්. මෙතැන මං කිසිවකු නිවැරදි කර නෑ. මේ තුන්ගොල්ලම රිසි සේ මිනි මරා තියනවා නඩු නැතිව ඒවා යට ගිහින්. ඒ තර්කය විතරයි මං කර තියෙන්නේ.
Deleteනලින් අයියා ඔය කියන හැම අවස්ථාවකම ඒ සිදුවීම සිදු වූ විගස ඒ ගැන විරෝධය දක්වන්න ගියා නම් විරෝධතාකරුවන්ට වෙන දේ ගැන හිතාගන්න අමරු නැහැ නේද?
Deleteතාජුදින් පැත්තකින් තියමු ලගම උදාහරණය ලසන්ත ඝතනය ගැන ඒ මොහොතේ මහින්දගේ රජයට විරුද්ධව කතා කරන්න තරම් නිර්භීත අය සිටියාද?එහෙම හඬක් නගපු අයට සුදුවැන් වලින් උත්තර ලැබුනේ නැතිද ?මේ වගේ දේවල් ගැන ඒ ආණ්ඩු ප්‍රභලව ඉන්න කොට විරුද්ධත්වය දක්වලා සියතින් ගෙල සිඳ ගන්න තරම් මිනිස්සු ක්‍රියා කරාවිද?
මම මිනීමැරීමට වගේම මිනී විකිණිල්ල යන දෙකටම විරුද්ධයි. ඒක තමයි ඉහලින් කියල තියෙන්නෙ. උඹ මෙතන කතා කරල තියෙන්නෙ මිනී වලින් දේශපාලන වාසි ගන්න එකක් ගැනනේ. උඹේ ලොක්කන්ට කියපං අනුන්ට සටන් පාඨ දෙන්නෙ නැතුව ඉන්න කියල. එතකොට උඹල මෙහෙම අමාරුවෙ වැටෙන්නෙ නෑනෙ.
Delete//ඒවගේ දේ වුණාම පිළියම් යෙදිය යුත්තේ ඒ සිද්ධිය වූ අවස්ථාවලමයි//
ඒකත් කියපං තාජුදීන් මරපු එකාටම. ඌ නෙ සිද්ධියෙන් පස්සෙ අවුරුදු තුනක් රජකලේ.
තාජුදින් ගේ මේ හිනාව දකිනකොට මිනීමරුවාගේ හිත පිච්චෙන්නේ නැද්ද දන්නේ නෑ. මේ කතා විතරක් අහලත් මටනම් බලන්න අමාරුයි මේ පින්තුරය දිහා..
ReplyDeleteහිනාවේ සිරියාවක් තියනවා
Deleteඌ හරි ලස්සනයි , ඇවිදල දුහල පැනල ඉන්නකොට කොච්චර ලස්සනට ඉන්ඩ ඇද්ද ,
ReplyDeleteඔව්
Delete//නුඹේ අම්මා නුඹ එනකන් සිටියාද
ReplyDeleteපුතුගේ ප්රමාදයට හේතුව බැළුවාද
නුඹේ මරණය ඇය හට කීවාද
පුතෙක් නිසා මවක් කොපමණ තැවුනාද //
මේ ටික හරිම දුකයි හිතාගන්ට බැරි තරම්...:(
ඥාතීන්ට කොපමණ දුකක් ඒ සමගම බයක් දැනෙන්න ඇත්ද
DeleteDifferent evidence on same incidence :
ReplyDeletehttps://photos.google.com/share/AF1QipPw8EnGRQgNq3QZFW25HfdpgtqSL-_U8L2zV8GQEWFzM-2-B04ENnrj4gBMAhD1nQ?key=Z1ZsLTdqeUFabkh2b1BlNFlkd0FMNGphajB2aHp3
The CID states that it was a murder , so who killed him ?
Deletemewage dewal gena hoyannath alutenma patangamu
ReplyDeleteok
Deleteබොහොම කඩවසම් තාරුණ්‍යය පිරුණු තරුණයෙක්... දැක්කම දුක හිතෙනවා.. ඔව්ව ඔවුන්ට හම්බවෙයි.. සොබාදර්මයෙන් හරි...
ReplyDeleteලැබුනොත් හොඳයි
Deleteකරුමේ කියන්නේ මුන්ට කර්මය ආපිටට එන්නෙත් උන්ගේ වාසියට. සැඟවුණු මෙවැනි අපරාධ සියල්ල එලියට ඇදෙන කාලය ඇවිත් වගේ.
ReplyDeleteඒක ඇත්ත
Deleteඅපරාද තවත් එක ජීවිතයක්.. දේශපාලන හයිය අතට ගත්ත මිනිස්සු ඉන්න රටක ඉතින් මීට වඩා දේවල් නොවේවියි කියන්න පුළුවන්ද?
ReplyDeleteමේ සිස්ටම් එක යටතේ බලයට එන ඕන කෙනෙක් මේවා කිරීමේ සම්භාවිතාවක් තියනවා .
Delete