Friday, July 31, 2015

ගුරුවරයෙකුට එරෙහිව දෝෂාරෝපණය




(මුදල් , දේශපාලන බලය , අන්තවාදීන් ගේ  ගල් මුල් ඉදිරියේ නොසැලී සිටි අධිකරණ වෛද්‍ය විශේෂඥ චන්ද්‍රසිරි නිරිඇල්ල )


අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්‍ය ආනන්ද සමරසේකර යටතේ මම  අධිකරණ වෛද්‍ය පුහුණුව ලබා තිබේ. ඒ නයින් එතුමා මගේ ගුරුවරයෙකි. ගුරුවරයෙකු වූවද මතභේධයට තුඩු දුන් අධිකරණ වෛද්‍ය වාර්තා ලබා දීම පිළිබඳව මම එතුමා සමග එකඟ නැත​. එසේම එතුමා කෙරෙහි මා තුල තිබූ ගරුත්වයද පළුදු වී තිබේ. 

ලක්‍ෂ්මන් ප්‍රේමචඳ්‍ර   ඝාතනයේ 11 වැනි සැකකරු වන දුමින්ද සිල්වා  මොළයට සිදුවී ඇති බරපතල තුවාලවල අසාධ්‍ය තත්වයකින් සිටින බවට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාගේ වාර්තා මගින්  නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය විසින් උසාවියට දැනුම් දෙන ලදී.  දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට ඇප ලබාදීම සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා විසින් අසත්‍ය අධිකරණ වාර්තාවක් ඉදිරිපත් කළ බවට හිරුණිකා ප්‍රේමචඳ්‍ර මෙනෙවිය චෝදනා  කළාය​. 

තවද ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට පසුගිය කාලයේ රිමාන්ඩ් භාරයට පත්වීම වැලැක්වීම සඳහා ව්‍යාජ වෛද්‍ය සහතිකයක් ලබාදුන් වෛද්‍ය ආනන්ද සමරසේකරට විරුද්ධව රහස් පොලිස් පරීක්‍ෂණ ආරම්භ වී ඇති බව වාර්තා වේ. එසේම රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ගේ මරණය රිය අනතුරකින් සිදු වූවක් නොව මිනී මැරුමක් බව රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දීමෙන් පසුව  තාජුදීන්ගේ මරණය හා සම්බන්ධ සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව සැප්තැම්බර් 10 වන දිනට පෙර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතාට නියෝග කොට තිබේ.  

සෝම හිමියන් ගේ අපවත්වීම ගැන අධිකරණ වෛද්‍ය පරීක්‍ෂනය​ සිදු කළ අධිකරණ වෛද්‍ය විශේෂඥ චන්ද්‍රසිරි නිරිඇල්ල මහතා මට මෙහිදී සිහිපත් වේ. ඒ කාලයේ සෝම හිමියන් ගේ අපවත්වීම පිළිබඳ කෙතරම් කොන්ස්පිරසි තියරීන් තිබුණද දේශපාලන බලපෑම් ආවද එතුමා පැවසුවේ සත්‍ය පමණි. ඒ නිසා චන්ද්‍රසිරි නිරිඇල්ල මහතාට ගල් මුල් පවා ආවේය​. නමුත් එතුමා තම ස්ථාවරය වෙනස් කර ගත්තේ නැත. එතුමා සත්‍ය වෙනුවෙන් පෙනී සිටියේය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

12 comments:

  1. සෝම හිමියන්ගේ 'ඝාතනය' පසුපස ඇති කතාව දන්නෝ දනිති. ඒ ගැන පත්කළ කොමිසමේ මා හොඳින් දන්නා හඳුනන වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මියද සිටියා. නමුත් කෝ ඒ ඇත්ත වාර්තාව.

    දුමින්ද සිල්වා වෙනුවෙන් ඉදිරිපත් කල වෛද්‍ය වාර්තාව ඇත්තද නැත්තද කියා නිසි අභියෝගයකට ලක් කලොත් ඇත්ත හෙළිවෙයි. ඔබ හිතනවාද ඔහුට හිස්කබලේ අස්ථි බද්ධයක් කළා කියලා. මා නම් හිතන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මොකක්ද ඇත්ත වාර්තාව කියන්නේ ,ඒ කියන්නේ මේ ප්‍රොෆෙසර් චන්ද්‍රසිරිහේ වාර්තාව නෙවෙයිද?

      Delete
    2. විචාරක කියන ඇත්ත වාර්තාව විචාරක ගේ රෙජීමේන්තුවෙන් සැකසූ එකක් ද? නැතිනම් අනුලා එහි කොපියක් විචාරකට එවුවාද?

      Delete
    3. ඇත්ත වාර්තාව යනුවෙන් මා අදහස් කලේ සෝම හාමුදුරුවන් ඝාතනය කිරීම පිළිබඳව ඒ මණ්ඩලය දැනගත් 'සියල්ල' ඇතුලත් වාර්තාව යන්නයි.

      මේ රටට ගෙනෙනවිට සිරුර තිබුනේ කෙසේද?

      අන්දවා තිබුනේ පළඳවා තිබුනේ මොනවාද?

      බාහිර තුවාල කොපමණ තිබුනාද?

      රසික, හමුදා රෙජිමේන්තු කවද්ද සිවිල් අය වෙනුවෙන් වාර්තා හැදුවේ. මම වෛද්‍ය අනුලා සමග කතාකරන්න හැදුවම ඇය මගහැරියා.

      Delete
    4. සත්‍ය කවදා හෝ හෙළිවෙයි

      Delete
    5. /* රසික, හමුදා රෙජිමේන්තු කවද්ද සිවිල් අය වෙනුවෙන් වාර්තා හැදුවේ. */

      හැදුවේ නෑ නේන්නම්...!

      කිසිම වාර්තාවක් තියා ගත්තේ නෑ නේ. රන්ජන් විජේරත්න අණ දුන්නේ කිසිදු වාර්තාවක්, සාක්‍ෂියක් ඉතුරු කරන්න එපා කියලා නේද?

      මා දන්නා එකම වාර්තාව තියා ගත්තේ ඔබ විතරයි. ඒ අර ඔබ අල්ලා පොලිසියට බාර දුන් පුද්ගලයා ගැන පොලිස් සටහනේ පිටපත.

      Delete
  2. ඔය ආනන්ද සමරසේකර කියන්නේ කාර් එකෙන් ඇවිත් බහින කොට තමන් ගේ දොර අරින්නයි බැග් එක ගෙනියන්නයි පවා සේවකයින් යොදා ගන්නා උද්දච්ඡ මහන්තත්ත වසලයෙකු (කම්මනා වසලෝ හෝතී) බවයි මා අසා තියෙන්නේ.

    ඔහු මුදලට විකිණී, තාජුඩීන්, දුමින්ද, ශෂී කේස්වලට හොර සහතික දීම පුදුමක් නොවේ.

    ලංකාවේ සිටින උගත් වෘත්තිකයින් මේ වගේ තත්වයට වැටුණු කළ සාමාන්‍ය පෙළ සමත් දේශපාලුවන් ගැන කවර කතා ද?

    ඊයේ මා ලිපියක දුටුවා එක්තරා සුප්‍රීම් කෝට් ජජ් කෙනෙක් තමන් ගේ දුව නීති විද්‍යාලයට ඇතුලත් කර ගන්නා ලෙස තමන් ම පෙත්සමක් විභාග කර නියෝගයක් දුන් බව.
    https://www.facebook.com/suriyaarachchi/posts/10153570185188793

    අයියෝ සිරි ලක!

    ReplyDelete
  3. මුදුන කුණු වූ ගහක මුදුන් මුල ගැන කුමන කතාද?

    ReplyDelete
  4. මහාචාර්ය නිරිඇල්ල මහත්මය නිර්භයව සත්‍යය වෙනුවෙන් පෙනීහිටල ඒ වගෙ තීරණයක් නොදෙන්ට ඒ වෙලාවෙ මේ රටේ තිබ්බ ආගමික උන්මාදයෙ හැටියට මහ විනාසයක් වෙන්ට තිබ්බ. සෝම හාමුදුරුවන්ට ඇත්තටම වුනේ මොකක්ද කියල මුලුරටම දැනගත්ත ඒ වාර්තාවෙන්. මට මතකයි ඒ දවස්වල ඔය සිහළ උරුමය එහෙම ඔය අනුලා විජේසුන්දර මහත්මිය වෙනම වාර්තාවක් දුන්නයි කියල කලබැගෑනියක් කරන්න හැදුව. ඒත් රටේ / අපේ වාසනාවට ඒ උත්සාහය හරිගියේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත , එතුමා රැල්ල යන පැත්තට පදය වෙනස් කලේ නැහැ වෘත්තික භාවය පෙන්වා සිටියා

      Delete
    2. ඇත්තටම ඔය වාර්ථාව හොයාගන්න බැරිද? මොකද කට කථා මට්ටමින් සලකන්න පුලුවන් කථා මිසක් නිල වාර්ථාවක් තාම දැකල නැති නිසා.ඇත්තටම මොකද උනේ??

      Delete
  5. මටත් නොමිලේ පීඑච්ඩී එකක් දෙනවා නම් වින්ටරය මැද්දේ සයිබීරියාවට වුණත් යනවා ලෙඩ රෝග මොනවා තිබුණත්!

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook