පහත දැක්වෙන්නේ රාවය පුවත් පතේ පළවූ ලිපියකි . එම ලිපිය කියවන විට උක්ත නඩුකාරයා දරුණු ආතති තත්වයක් නිසා සමායෝගී ආබාධයකින් (Adjustment Disorder) හෝ කායික රෝගී තත්වයක් නිසා අස්ථාවර චිත්තාවේගී තත්වයන් (unstable emotions) පෙන්වන බව පෙනී යයි. එසේම ඔහු පෞරුෂ අක්‍රමතාවකින් (Personality Disorder) ද පෙලෙන බව පෙනේ. මෙම පුද්ගලයා ගේ මස්තිෂ්කයේ පූර්ව බන්ඩිකාවේ (Frontal lobe) හෝ චිත්තාවේගී පාලන කොටසක අර්බුදයක් (tumour) වර්ධනය වනවා හෝ විය හැක. එම නිසා ඔහුව ‘සී. ටී පරීක්ෂණය’ ( C. T Scan ), ‘එම්. ආර්. අයි. පරීක්ෂණය ( MRI),පරික්‍ෂාවට ලක් කිරීම සහ මොළයේ මස්තිශ්කයේ ස්නායු වල ඉලෙක්ට්‍රෝනික ක්‍රියාකාරිත්වය ඇගයුම් කිරීමට EEG පරික්‍ෂාව අවශ්‍ය වේ. තවද රුධිර ග්ලූකෝස් මට්ටම මෙන්ම electrolyte balance ද සොයා බැලීම සුදුසුය. මත් පැන් භාවිතය නුසුදුසු වන අතර එය තව දුරටත් සංකූලතා ඇති කිරීමට පුළුවන . ඔහුට ඖෂධ ප්‍රතිකාර මෙන්ම මනෝ ප්‍රතිකාර මේ අවස්ථාවේ අවශ්‍ය කෙරේ. උපදේශනය සහ මනෝ ප්‍රතිකාර ලෙස Anger Management සහ EMDR ප්‍රතිකාරය සුදුසු බව සිතමි.
(මෙම සටහන ලියන ලද්ද්දේ උක්ත පුද්ගලයාගේ හැසිරීම හෙලා දැකීමට වඩා එකී හැසිරීමට අනුමානික හේතුවත් ඒ සඳහා සුදුසු ප්‍රතිකාර ගැන සිතීමටත් පාඨකයා යොමු කිරීමටය )
වෛද්‍ය රුවන් එම් ජයතුංග
රාවය පුවත් පතේ පළවූ ලිපිය මෙන්න
මේ මහතා නඩු අසන්නේ කොහොමද?
පොලිස් මූල්‍ය අපරාධ විමර් ශන කොට්ඨාසය විසින් තමා අත්අඩංගුවට ගන්නට යන බවට දැනගන්නට තිබේයැ’යිද, එම අත්අඩංගුවට ගැනීම තමාගේ මූලික අයිතිවාසිකම් කඩවීමට හේතුවිය හැකියැ’යිද කියමින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පසුගිය මැයි මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීම සඳහා පුරුදු පරිදි විනිශ්චයකාරවරුන් තිදෙනකුගෙන් යුත් විනිශ්චයාසනයක් පත්කර තිබිණි. ඊවා වනසුන්දර, සරත් ද ආබෲ හා බුවනෙක අලූවිහාරේ යන තිදෙනාගෙන් සමන්විත විනිසුරු මඬුල්ලෙන් අලූවිහාරේ මහතා ඉවත්විය. ඔහු කීවේ, පෞද්ගලික හේතුකාරණා මත නඩු විභාගයට තමා සම්බන්ධ නොවන බවය. නඩුවක කිසියම් පාර්ශ්වයකට තමාගේ ළැදියාවක්, සම්බන්ධයක් තිබේ නම් එවැනි නඩුවක් ඇසීමට සහභාගි නොවීම විනිසුරුවරුන්ගේ අපක්‍ෂ පාතිත්වය පවත්වාගැනීම සඳහා සාමාන්‍යයෙන් අනුගමනය කැරෙන පිළිවෙතයි. ඉන්පසු, ඉතිරි විනිසුරන් දෙදෙනා ගෝඨාභයගේ පෙත්සම විභාගයට ගත් අතර, ඔක්තෝබර් 6වැනිදා වන තුරු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමෙන් වළකින සේ නියෝගයක්ද ඒ දෙදෙනා නිකුත් කළෝය.
නියෝගය නිකුත්කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දෙපළ අතරින් ඊවා වනසුන්දර මහත්මිය 2014 ජුලි මාසයේ ‘දේශය’ සතිඅන්ත පුවත්පතට දී තිබුණු සම්මුඛ සාකච්ඡුාවකදී, හිටපු ජනාධිපතිවරයා සහ තමා අතර ඇති ඉතාමත් සමීප මිත‍්‍රකම ගැන මහත් ආහ්ලාදයෙන් කතාකර තිබුණි. එවකට නීතිපති ධුරයේ කටයුතු කළ ඇයට වැඩ ඇරී ගෙදර යන ගමන් අරලියගහ මන්දිරයට එන ලෙස පවසා හිටපු ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධි කරණ විනිසුරු ධුරයකින් සංග‍්‍රහ කළ අන්දමද ඇගේ සම්මුඛ සාකච්ඡුාවේදී මනා ලෙස විස්තර කර තිබුණි. අන් කිසිම මාධ්‍යයකින් සැලකිල්ලට නොගත් මේ කරුණු ගෙන හැර පාමින් ‘රාවය’ ඒ අවස්ථාවේදී ප‍්‍රශ්න කර සිටියේ, මහින්ද රාජපක්‍ෂ සමග මෙවැනි සමීප හිතවත්කමක් තිබෙන ඊවා වනසුන්දර මහත්මිය ඔහුගේ සොහොයුරා සම්බන්ධ පෙත්සමක් විභාගකිරීම සඳහා විනිශ්චයාසනයේ වාඩිවීම කෙතරම් සදාචාරාත්මකද යන්නයි. එහිදී සිදුවන සම්බන්ධතා අතර ගැටුම නිසා පක්‍ෂපාතීභාවයක් සිදුවිය හැකි බවට සාධාරණ සැකයක් ඇතිවන බවද, යුක්තිය ඉටුවූවත් එලෙස ඉටුවූ බවක් නොපෙනෙන බවද රාවයේ අදහස විය. මේ තත්ත්වය නීති ක්‍ෂෙත‍්‍රයේ මෙන්ම දේශපාලන හා මාධ්‍ය ක්‍ෂෙත‍්‍රයේද ඉන්පසුව දීර්ඝ ලෙස සාකච්ඡුාවට ලක්වූ අතර, රාවයේ අදහස නිවැරදි බව කියාපාමින්, ඊට පසුව තමා ඉදිරියේ අසන්නට නියමිතව තිබූ බැසිල් රාජපක්‍ෂ මහතාගේ මූලික අයිතිවාසිකම් නඩුව ඇසීමෙන් වනසුන්දර මහත්මිය ඉවත්වූවාය. ඉන් පෙනෙන්නේ ඇය තමා අතින් වූ ආචාරධාර්මික අතපසුවීම ප‍්‍රසිද්ධියේ පිළිගත් බවයි.
ගෝඨාභයගේ පෙත්සම විභාග කළ අනෙක් විනිසුරු සරත් ද ආබෲද ඇත්තටම ශ්‍රේෂ්ඨාධිකරණය වැනි රටේ ජනතාව යුක්තියේ පූජනීය දෙවොල ලෙස සලකන ස්ථානයක විනිසුරුවරයකු ලෙස කටයුතු කිරීමට කිසිසේත් නොගැළපෙන අන්දමේ පහත් චර්යාවක් ප‍්‍රදර්ශනය කර තිබුණු අයෙකි. මහේස්ත‍්‍රාත්වරයකු, මහාධිකරණ විනිසුරු වරයකු, අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස කටයුතු කර තිබුණු ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයකු ලෙස පත්කරන ලද්දේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසිනි.
ගෝඨාභයගේ පෙත්සම් විභාගය අවස්ථාවේදී එම කරුණු නැවත ඉදිරිපත් නොකළත්, ඔහුගේ අතීත පහත් චර්යාව ගැන රාවය විවිධ අවස්ථාවලදී ප‍්‍රවෘත්ති ලෙස වාර්තා කර තිබිණි. ඔහුගේ මේ නරක හැසිරීම දැන් නැවතත් සමාජ අවධානයේ ඉස්මත්තට පැමිණ ඇත්තේ රත්මලාන, අත්තිඩිය පාරේ, අංක 4/2 දරන තම නිවසෙහි සේවය කළ 36 හැවිරිදි සේවිකාවකට පිස්තෝල යෙන් හා අතින් පයින් පහරදුන් බවට ඇය විසින් නගා තිබෙන බරපතළ චෝදනාවක්ද සමගිනි. පසුගිය ජුනි 26 වැනිදා රාත‍්‍රියේ ගල්කිස්ස පොලිසියට පැමිණිල්ලක් කළ මෙම කාන්තාව විනිසුරුවරයා තමාට කළ පහරදීම ගැන තොරතුරු හෙළිකර තිබේ. පැමිණිල්ල සටහන් කරගත් පොලිසිය ඇය කළුබෝවිල මහරෝහලට ඇතුළත් කළේය. මේ සේවිකාව පසුගිය 15වැනිදා විනිසුරුවරයාගේ නිවසේ සේවයට පැමිණ තිබුණු බවද මාධ්‍ය වාර්තා කළේය. පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් විනිසුරු වරයාගෙන් ප‍්‍රකාශයක් ගැනීමට පොලිස් නිලධාරීන් ඔහුගේ නිවසට ගියද, තමාගේ නීතිඥයන්ගේ උපදෙස් අනුව ප‍්‍රකාශයක් ලබාදීමට නොහැකියැ’යි විනිසුරුවරයා ප‍්‍රකාශ කළ බැවින් හිස් අතින් ආපසු ඒමට සිදුවී තිබේ. වරදකට සැකකරන පුද්ගලයකුට නීතිඥයකුගේ උපදෙස් හා සහාය ලබාගැනීමට අයිතියක් තිබෙන නමුත්, නීතිඥ උපදෙස් මතයැ’යි කියා ප‍්‍රකාශයක් දීමෙන් වැළකී සීටීමේ කිසිම අයිතියක් හෝ නීතිමය හැකියාවක් සැකකරුවකුට නැත. එනයින්, විනිසුරුවරයාගේ මේ හැසිරීම දැන දැනම නීතිය කඩකිරීමකි. අපරාධයක් ගැන කරන පරීක්‍ෂණවලට සහායදීමේ නීතිමය වගකීම පැහැරහැරීමකි. ඔහු ප‍්‍රකාශයක් දීම ප‍්‍රතික්‍ෂෙප කරන්නේත්, පොලිසිය ඔහුගේ බස් අසා ප‍්‍රකාශයක් නොගෙන හැරී එන්නේත් ඔහුගේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පදවියේ ස්වළල්ල නිසා බව රහසක් නොවේ.
කෙසේ වෙතත්, සරත් ද ආබෲ මහතා තමන්ගේ සේවකයන්ට මෙලෙස පහරදීම, තර්ජනය කිරීම පිළිබඳව නම් දරා සිටින්නෙකි. ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයේ. කළුතර මහාධිකරණයේ ආදි ඔහු සේවය කළ තැන්වල අධිකරණ සේවකයන්ටද ඔහු විවිධ අවස්ථාවලදී ඉතාමත් රළුපරළු හා ප‍්‍රචණ්ඩ ලෙස සලකා ඇති බව එම අධිකරණවලින් පසුගිය කාලයේ වාර්තා වී තිබිණි.
කෙසේ වෙතත්, සරත් ද ආබෲ මහතා තමන්ගේ සේවකයන්ට මෙලෙස පහරදීම, තර්ජනය කිරීම පිළිබඳව නම් දරා සිටින්නෙකි. ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයේ. කළුතර මහාධිකරණයේ ආදි ඔහු සේවය කළ තැන්වල අධිකරණ සේවකයන්ටද ඔහු විවිධ අවස්ථාවලදී ඉතාමත් රළුපරළු හා ප‍්‍රචණ්ඩ ලෙස සලකා ඇති බව එම අධිකරණවලින් පසුගිය කාලයේ වාර්තා වී තිබිණි.
පොලිසියට පහරදීම
2012 සැප්තැම්බර් මස 27වැනිදා, සවස 6ට පමණ ඔහු තමාගේ නිවසේ ගේට්ටුවේ ආරක්‍ෂක රාජකාරියෙහි යොදවා සිටි පොලිස් කොස්තාපල් 77498 ගයාන් හේරත්ට බැනවැදී ඔහුගේ නිල ඇඳුමෙන් ඇද කනට පහරදුන්නේය. මේ ගැන කොස්තාපල්වරයා මූලස්ථාන පොලිස් පරීක්‍ෂකට දැන්වූ අතර, වෛi ප‍්‍රතිකාර සඳහා එදිනම කළුබෝවිල රෝහලට ඇතුළත් විය. පහරදීම ගැන ගල්කිස්ස පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පරීක්‍ෂණයක් පැවැත්වූ අතර, බී 2320/12 යටතේ බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලදි. එහෙත්, කවර හෝ හේතුවකින් පහරකෑ පොලිස් කොස්තාපල් වරයා, නඩුව ඉදිරියට ගෙනයෑම අනවශ්‍ය බවට අධිකරණයට දැනුම්දීම නිසා විමර්ශන කටයුතු අවසන් විණි.
ආරක්‍ෂක නිලධාරියාට පහරදීම
මේ පීඩාකාරී තත්ත්වය නිසා පොලිස් නිලධාරීන් සරත් ආබෲ විනිසුරුවරයාගේ නිවසේ රාජකාරි කිරීම ප‍්‍රතික්‍ෂෙප කරන වාතාවරණයක් ඇතිවිය. විනිසුරුවරයාට පෞද්ගලික ආරක්‍ෂක සේවයක සේවය ලබාගන්නට සිදුවිය. එසේ සේවයට යොදවාගෙන සිටි මොනාරෝ පෞද්ගලික ආරක්‍ෂක සේවයේ ආරක්‍ෂක නිලධාරී අප්පුහාමිගේ සෝමපාලටද, 2014 අගෝස්තු 11වැනිදා රාත‍්‍රී 11ට පමණ අසභ්‍ය වචනයෙන් බැනවැදී විනිසුරුවරයා පහර දුන්නේය. ‘තොට නිදියන්නද මම පඩියක් දෙන්නේ, තෝ දන්නවාද මම කවුද කියලා, තෝ මට සලකන්නේ මෙහෙමද?’ යනාදි වශයෙන් බැනවැදුණු විනිසුරුවරයා තමාට පහරදුන් බවට සෝමපාල මහතා ගල්කිස්ස පොලිසියට පැමිණිලි කර ඇත. එදිනම එම නිවසේ සේවයට යොදවා සිටි සිවිල් ආරක්‍ෂක බලකායේ ධර්මප‍්‍රිය පෙරේරාටද විනිසුරුවරයා තර්ජනය කළ බවට ඔහු සිවිල් ආරක්‍ෂක බලකා මූලස්ථානය වෙත පැමිණිල්ලක් කර තිබේ. එදිනම නිවසෙන් පිටත ආරක්‍ෂාවේ යොදවා සිටි පොලිස් කොස්තාපල් 77484 වීරසූරිය, 87439 වීරසිංහ යන දෙදෙනාටද විනිසුරුවරයා වෙඩි තබා මරන බවට තර්ජනය කොට තිබෙන බව වාර්තාවෙයි. සෝමපාල එදින කළුබෝවිල රෝහලට ඇතුළු වී ප‍්‍රතිකාර ලබාගත්තේය.
විමර්ශන එපා
මේ සිදුවීමේදීද පහර කෑමට ලක්වූ සෝමපාල මහතා, වැඩිදුර විමර්ශන අනවශ්‍ය බවට ගල්කිස්ස පොලිස් ස්ථානය වෙතට නැවත ප‍්‍රකාශයක් ලබාදුන් අතර එනිසා ඉන් ඉදිරියට පරීක්‍ෂණ නොපැවැත්විණි. පොලිස් නිලධාරීන්ට මරණ තර්ජන කිරීම ගැනද කිසිම විමර්ශනයක් ඉදිරියට ගෙනගොස් නැත. කිසිවකුට මරණ තර්ජන කිරීම පහරදීමක් වැනි සුළු අපරාධ ගණයේ එකක් නොවන නමුත්, කිසිදු පරීක්‍ෂණයක් ඉදිරියට ගොස් නොතිබීම විස්මයට කරුණකි.
සිවිල් ආරක්‍ෂක නිලධාරි
2015 පෙබරවාරි 12වැනිදා ද මෙවැනිම සිදුවීමක් විය. සිවිල් ආරක්‍ෂක බලකායේ 74009 ගයාන් ලක්මාල් විනිසුරුවරයාගේ නිවසේ ආරක්‍ෂක සේවයේ යොදවා සිටියේය. නිවසෙන් පිටත මාර්ගයේ එරන්ද ගමගේ හා නුවන් සම්පත් යන පොලිස් කොස්තාපල්වරුන් සේවයේ යොදවා තිබිණි. එදින උදේ 1.45ට පමණ සිවිල් ආරක්‍ෂක නිලධාරියා ඇමතූ විනිසුරුවරයා, ‘අඩෝ …………………… නැතුව ගිහිල්ලා කියපන් අර ……………………… ට, මට පේන්න ඉන්න කියාපිය’ යැයි බැනවැදී තිබේ. පසුව පහත මාලයට පැමිණ පිස්තෝලය පෙන්වා රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේත්, ගයාන් ලක්මාල්ගේත් ඔළු කුඩු වෙන්නට වෙඩි තියනවායැ’යිද තර්ජනය කොට තිබේ. ඉන්පසු පොල්ලක් රැගෙනැ’විත් තමාට පහර දුන් බවට ගයාන් ලක්මාල් ගල්කිස්ස පොලිස් ස්ථානයේ තොරතුරු පොතේ සටහනක් යොදා ඇත. පසුව ඔහු ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා කළුබෝවිල රෝහලට ඇතුළු වුණේය. මේ ගැන පරීක්‍ෂණයක් පැවැත්වූ ගල්කිස්ස පොලිසිය පහර දීමට උපයෝගි කරගත්තායැ’යි කියන පොල්ලක්ද සිද්ධිය වූ ස්ථානයෙන් සොයාගෙන තිබිණි. ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට බී369/15 යටතේ පොලිසිය බී වාර්තාවක් ඉදිරිපත් කරතිබේ. ඉන්පසු සිදුවූයේ කුමක්ද? පහරකෑමට ලක්වූ ගයාන් ලක්මාල් පෙබරවාරි 20වැනි දින ගල්කිස්ස පොලිසියට පැමිණ නැවත ප‍්‍රකාශයක් කරමින් තමා රෝහල්ගතව සිටින විට විනිසුරු සරත් ආබෲ පැමිණ සුවදුක් විමසා ප‍්‍රතිකාර ලබාගැනීමට සලස්වා දුන් හෙයින් පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර ක‍්‍රියාමාර්ග අනවශ්‍ය බවට කියා සිටීමයි. කෙසේ වෙතත් මෙම නඩුව එළැඹෙන ජූලි 13වැනිදා ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයේදී නැවත ඇසීමට නියමිතය.
සේවිකාව
මේ අතර, 2015 මාර්තු 16වන දින උදේ විනිසුරුවරයා තමාට අතින් පයින් පහරදුන් බවට, නිවසේ සේවිකාවක වන සීතා අනුලා බණ්ඩාර නමැති කාන්තාව ගල්කිස්ස පොලිසියට පැමිණිල්ලක් කර ඇත. පොලිසිය රෝහල්ගත වීම සඳහා අධිකරණ වෛද්‍ය පෝරම 134/15 ඇයට නිකුත්කර තිබේ. එහෙත් එදින සවස 5.30ට පමණ පොලිසියට පැමිණි ඇය තමන්ගේ පැමිණිල්ලට විමර්ශනයක් අවශ්‍ය නොවන බවට නැවත ප‍්‍රකාශයක් දුන්නාය. පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් එනිසා සිදු නොවිණි.
මේ සිදුවීම් සලකා බලන විට විනිසුරු වරයාගෙන් විවිධ සේවකයන් පහරකෑමත්, ඔවුන් පොලිසියට පැමිණිලි කර රෝහල්ගතවී නමුත් පසුව තවදුරටත් විමර්ශන අවශ්‍ය නැතැ’යි ප‍්‍රකාශ කිරීමත් කැපී පෙනේ. බොහෝ අවස්ථාවල සිය පිස්තෝලය පෙන්වමින් විනිසුරුවරයා මරණීය තර්ජන කර ඇති බවද පෙනේ. එහෙත් එවැනි සිදුවීම් ගැන පවා කිසිදු වැඩිදුර විමර්ශනයක් පැවැත්වී නැත. සාමාන්‍ය පුද්ගලයකු මෙවැනි ක‍්‍රියාවක යෙදුණි නම්, වහාම ඔහු අත්අඩංගුවට ගැනීමට තරම් මේ වැරදි හේතුවන නමුත්, සරත් ද ආබෲ මහතා සම්බන්ධයෙන් නීතිය එලෙස ක‍්‍රියාත්මක වී නැත. ඒ මන්දැ’යි පොලිස් දෙපාර්තමේන්තුව පැහැදිලි කළ යුතුය. විශේෂයෙන් ගිනිඅවියක් පෙන්වා මරණීය තර්ජන කිරීම පිළිබඳව කැරෙන චෝදනාවක් සම්බන්ධ විමර්ශන ඊට ලක්වූ අයගේ කැමැත්ත අනුව නැවැත්වීමට පොලිසියට නීතිය අනුව අවස්ථාවක් නැත. එහෙත් මෙහිදී එවැනි දේ සිදුවී තිබේ. එය සිදුවූයේ කෙසේද?
මේ කරුණුවලින් පෙනීයන අන්දමට විනිසුරු සරත් ද ආබෲ කිසිසේත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ඇසීමට සුදුස්සෙක් නොවේ. තමා කෝපවූ අවස්ථාවේ ගිනි අවියක් ලෙලවා සේවකයන්ගේ ජීවත්වීමේ අයිතිය නැතිකරන බවට තර්ජනය කරන පුද්ගලයකු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් කඩවීම් ගැන නඩු අසන්නේ කෙසේද?
මේ කරුණුවලින් පෙනීයන අන්දමට විනිසුරු සරත් ද ආබෲ කිසිසේත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ඇසීමට සුදුස්සෙක් නොවේ. තමා කෝපවූ අවස්ථාවේ ගිනි අවියක් ලෙලවා සේවකයන්ගේ ජීවත්වීමේ අයිතිය නැතිකරන බවට තර්ජනය කරන පුද්ගලයකු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් කඩවීම් ගැන නඩු අසන්නේ කෙසේද?
නීතිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයකු සම්බන්ධයෙන් විනය පියවරක් ගත හැක්කේ පාර්ලිමේන්තුවට පමණෙකි. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයකුගේ විසම පැවැත්ම ගැන විස්තර සහිත චෝදනා ඇතුළත් යෝජනාවක් (දෝෂාභියෝගයක්) පාර්ලි මේන්තුවට ඉදිරිපත් කළ යුතුය. ඉන්පසු එය පාර්ලිමේන්තු කමිටුවක් විසින් විමර්ශනය කොට එහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් අනුමත වූ පසු පමණෙකි විනිසුරුවරයකු ධුරයෙන් ඉවත්කළ හැකි වනුයේ. එහෙත්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුට එරෙහිව අපරාධ නීතිය යටතේ පියවරගැනීමට කිසිදු බාධාවක් නැත. විශේෂයෙන් ආබෲ මහතාට එරෙහිව ඉදිරිපත්වී ඇත්තේ මරණීය තර්ජන කිරීම, පහරදීම් වන නිසා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට කිසිදු බාධාවක් පොලිසියට නැත. ඇත්ත වශයෙන්ම නම් මේ චෝදනාවලට ලක්වන පුද්ගලයකු සිටිය යුත්තේ පොලිස් අත්අඩංගුවේය. පොලිස් අත්අඩංගුවේ සිටිය යුතු පුද්ගලයකු රටේ ඉහළම අධිකරණයේ නඩු අසන්නේ නම් ඉන් පෙනීයන්නේ ඒ රටේ අධිකරණය විපරීත වී ඇති තරම නොවේද?
http://nelumyaya.com/?p=3477
ReplyDeleteThanks Ajith
Deleteගිය ආත්මයේ පිං කරපු උත්තමයෙක්....
ReplyDeleteඒ මොකද ?
Deleteමා හිතන්නේ නැහැ අපේ රටේ තියන අමනොඥ සමාජ සම්මතයන් යටතේ මේ පුද්ගලයාව මානසික තත්ත්ව පරීක්ෂණයකට යොමු කරයි කියලා. විත්තියේ නීතීඥයකුට පුළුවන් අධිකරණයෙන් ඉල්ලීමක් කරන්න එවැනි පරීක්ෂණයක් සඳහා. නමුත් විනිසුරුවන්, නීතීඥයන් එකම ගොඩක ඉන්න අයනේ.
ReplyDeleteනමුත් අපිවත් මේ පුද්ගලයාගේ විකාර වලට හේතු හොයමු
Deleteශ්‍රී ලංකාව වගෙ පසුගාමී සමාජයක මේ විනිසුරුවරයට කවදාවත් දඩුවම් ලැබෙන්නෙ නෑ. ජනතාවට තමන්ගෙ අයිතිවාසිකම් ගැන අවබෝධයක් නෑ . ඒ වෙනුවට තියෙන්නෙ දීන හැඟීම්.
ReplyDeleteනඩුව දාපු නිසා මුගෙ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලාලු. ඒ නඩුව අද අහනව. මුගෙ යාලුවො තමා අහන්නෙ. මූම අහයිද දන්නෙත් නෑ.
අපේ වැඩවසම් සමාජයෙ නඩුකාර හාමුදුරුවො කියල මෝඩයො වැද වැටෙනව .එතනයි අවුලෙ මුල.
ඉස්සර නඩුකාරයන්ගෙන් මොන තරම් හිරිහැර මිනිසුන්ට වෙන්න ඇද්ද . අද වගෙ සමාජ ජාල නොතිබුන එදා මිනිසුන්ට තිබුන එකම විකල්පය දත් මිටි කෑමයි.
ඊ නිව්ස් එක මුගෙ පතුරු ඇරල. හැබැයි වැඩවසම් පත්තර මුගෙ නම කියන්නත් බයෙන්.
ඒකට වරදකුත් නෑ. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙනෙ
කමක් නැහැ මෙහෙම වෙබ් වලින් හරි මිනිසුන් අවදි වෙනවනෙ
Deletehttp://lankaenews.com/news/2223/si
ReplyDeleteYes I saw
ReplyDeleteමේ තියෙන්නෙ තව එකක්
ReplyDeletehttps://www.google.lk/webhp?sourceid=chrome-instant&ion=1&espv=2&ie=UTF-8#q=sri+lankan+judge+misbehavior+at+indian+airport
A Sri Lankan Appeal Court Judge allegedly caused havoc in an Indian airport when he verbally abused his colleagues and even attacked one with a bottle of water, while returning home after a judges’ conference. The incident was reported to the President, the Daily Mirror learns. http://www.dailymirror.lk/29020/judge-plays-havoc-at-airport-
ReplyDelete