මහාචාර්ය ජයදේව උයන්ගොඩ 1971 කැරළිකරුවන් අතරින් බිහිවූ විශිෂ්ඨතම බුද්ධිමතා යයි කිවහොත් සාවද්‍ය නොවේ. මට ඔහු හමු උනේ කොළඹ විශ්විද්‍යාලයේ දේශපාලන විද්‍යා පීඨයේදීය. සිනහවකින් මා පිළිගත් මහාචාර්ය උයන්ගොඩ තම අතීතය ස්මරණය කළේ මෙසේය.
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන කාලයේදී ලොකුඅතුල මාව විජේවීර හමුවීමට ගෙනයනු ලැබුවා. ඒ 1969 දී. විජේවීර අපට හමුඋනේ කතරගම දිවුල්ගම කියන ගමේදී. විජේවීර හමුවනවිට හවස හතට විතර ඇති ඔහු ගැමියෙකු වගේ සරමකින් සැරසිලා හිටියේ. මාව දැක්ක හැටියේම ලෙන්ගතුව කථා කළා. විෙජ්වීර ශරීර ප්‍රමාණයෙන් කුඩා පුද්ගලයෙක්. ඔහු ආකර්ශනීය චරිතයක්. අපි පසුවදා උදේ වෙනතෙක් කථා කළා. ඔහු සමඟ කථා කිරීම කාන්සියක් ගෙන දුන්නේ නැහැ. ඒ අවස්ථාව මගේ ජීවිතයේ තීරණාත්මක මංසන්දියක් වෙන්න ඇති. මම පූර්ණකාලීනයෙක් ලෙසට වැඩකරන්න එකඟ වුණා.
විජේවීරට මාක්ස්වාදය පිළිබඳව ගැඹුරු දැනුමක් නොතිබුණත්, ඔහු හැකි හැම අවස්ථාවකදීම මාක්ස්වාදය හැදෑරුවා. ඒ වගේම නිතරම සාකච්ඡා කළා. මට පැවරුණේ පන්ති පැවැත්වීම. විශෙෂයෙන් අධ්‍යාපන කටයුතු. සන්නද්ධ කටයුතු මට පැවරී තිබුණේ නැහැ. මම ලංකාව පුරා අධ්‍යාපන පන්ති පැවැත්තුවා.
කැරැල්ල ආරම්භ වූ විට එය මැ~ලනු ලැබුවා. 1971 මැයි මාසයේදී මට වේවැල්දෙනිය ප්‍රදේශයේදී මහළු මාතාවක් මුණ ගැහුනා. ඇය මට අඞමින් කියා සිටියා ඇයගේ පුතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වෙඩි තබා මරාදැමූ අයුරු. ඇයගේ දුක්මුසු කථාව මා සසල කළා. අද උනත් නුවර යනවිට වේවැල්දෙනිය පස ුකරනවිට මෙම සිදුවීම මට මතක් වෙනවා.
මාව අත්අඩංගුවට පත් වුනේ 1971 අගෝස්තු 2 දින විතර. මම කොල්ලූපිටියෙන් බස් එකෙන් බැහැලා බි්‍රටිෂ් කවුන්සිලයට ගියා. ඒ අවස්ථාවේදී මාව අත්අඩංගුවට ගත්තා. මාව ගෙනගියේ සීඅයිඩී එකේ හතරවන තට්ටුවට. සුමාන දෙකක් මාව රඳවාගෙන පහර දුන්නා. නිලධාරීන් මට පොලූවලින් ගැහුවා. පයින් ගැහුවා. සාජන් ගුණරත්න මට දරුණු විධිහට පහර දුන්නා. ඒ වගේම සාජන් ජලාල්දීන්ගේ නමත් මට මතකයි. ඉයන් වික්‍රමනායක මගේ කම්මුලට ගැහැව්වා. රහස් පොලිසියේ සර්නි විජ්සූරිය මහතා මට හොඳට කථා කළා. ඔහු මා සමඟ කථාකළේ ඉංග්‍රීසි භාෂාවෙන්. සමහර අවස්ථාවලදී ඔහුගේ පුතාට කියවීමට සුදුසු පොත් මොනවාද කියා මගෙන් ඇහුවා.
මාව ප්‍රශ්න කිරීමෙන් පසු වැලිකඩ හිරගෙදර රඳවනු ලැබුවා. මම හිරේදී අධ්‍යාපන කටයුතුවල යෙදුනා. සාහිත්‍යය කියෙව්වා. නීති විභාගවලටත් පෙනී සිටියා. අපට දඞුවම් කොට හිරේ දැම්මාට පස්සේ ෆීලික්ස් ඩයස්
බණ්ඩාරනායකට අපට දුන් දඞුවම් මදිවුනා. ඔහුට අවශ්‍ය උනා අපට ජීවිතාන්තය දක්වා දඞුවම් ලබාදෙන්න. මට නඩුවේදී ලැබුනේ අවුරුදු 14ක සිරදඞුවමක්. සෑම සිරකරුවෙකුටම යහපත් කල්ක්‍රියාව මත වසරකට මාස ගණනක් අඩුවෙනවා.
ෆීලික්ස් මේ නීතිය අපට බල නොපවත්වන ලෙසට අධිකරණ අමාත්‍යංශයේ ලේකම් නිහාල් ජයවික්‍රම හරහා ගෙනාවා. අපි සියළුදෙනා මීට විරෝධය දැක්වූවා. මට මතක හැටියට මෙය සිදුවුණේ 1975 විතර. අපි උපවාසය පටන්ගත්තා. අපි මරණය දක්වා උපවාසය ගෙනිච්චා. 5 වෙනි දවස වෙනකොට අපි හොඳටම දුර්වලයි. අධිකරණ අමාත්‍යංශය බයවුනා මරණයක් සිදුවෙයිද කියලා. එහෙම උනොත් අන්තර්ජාතිකව රජය අපහසුතාවයට පත්වෙනවා. නිහාල් ජයවික්‍රම ආව මේක සමථයකට පත්කරන්න. සාකච්ඡාවට මමයි, විෙජ්වීරයි තමයි සහභාගි උනේ. අපව සාකච්ඡාවට ගෙනිච්චේ ස්ටේරචර් මත තබාගෙන. අවසානයේදී නිහාල් ජයවික්‍රම එකඟ උනා අසාධාරණ නීතිය ඉවත්කර ගැනීමට.
සාකච්ඡාව ඉවර උනාට පස්සේ උපවාසය අත්හැරීම සඳහා නිහාල් ජයවික්‍රම අපට දොඩම් යුෂ පිළිගැන්නුවා. අපි නිහාල් ජයවික්‍රම දුන් දොඩම් යුෂ බීම ප්‍රතික්ෂේප කරලා, සිරගෙදර රෝහලේ වෛද්‍යවරයා දුන්න දොඩම් යුෂ පානය කරලා උපවාසය නතර කළා. ඒ අවස්ථාවේදී මම දැක්කා නිහාල් ජයවික්‍රමගේ මුහුණට තරහ ආපු අයුරු.
1975 වෙනකොට මම ව්‍යාපාරයෙන් ඉවත්වෙන්න තීරණය කළා. මම මුලින්ම ව්‍යාපාරය හා විජේවීරගේ ජාතිවාදී ප්‍රවණතා වෙනස් කරන්න උත්සාහ කළා. ඒත් ඒක හරිගියේ නෑ. ඒ නිසා මම තවදුරටත් එතන රැඳීසිටියේ නැහැ. ඒත් අපේ මිත්‍රත්වය තිබුණා. මම නිදහස් උනේ 1977 නොවැම්බර් 2 දින. මම නිදහස් වෙලා ගමට ගිහිල්ලා කඩමණ්ඩිය පැත්තට ගියා. ගමේ මිනිස්සු මාව පිළිගත්තේ වීරයෙක් පිළිගන්නවා වගේ. කැරැල්ලට අහුවෙලා හිරේ ඉඳල එන ගමටත් නම්බුවක් වගේ ඒ අය කථා කළේ. මම ටික වේලාවක් ඒ අය එක්ක කථාකරලා එන්න ආවා. මම එතනින් එනකොට ඒ අය කසුකුසුවෙන් කියනව මට ඇහුණා ඔය මහ ලොකුවට ගියානේ ආණ්ඩුව අල්ලන්න. මගේ මුහුණට මිනිස් ස්වභාවය ගැන සරදම් සිනාවක් ආවා.
මම නිදහස් වෙලා යළිත් අධ්‍යාපන කටයුතු ආරම්භ කළා. 1978 දී මට අනපේක්ෂිතව සීඅයිඩී එකේ උපාලි සෙනෙවිරත්න හමුඋනා. මාව දැක්ක ගමන් උපාලි සෙනෙවිරත් කිව්වා මම උයන්ගොඩට නරකට සැලකුවේ නෑනේ කියලා. හොඳම සිද්ධිය උනේ 77 නිදහස් වීමෙන් පසුවදා මට සාජන් ගුණරත්න මුණගැසීම. මම පේරාදෙනිය විශ්වවිද්‍යාලයට යනකොට විශ්වවිද්‍යාල භූමියේ සාජන් ගුණරත්න හිටියා. මම ළගට ගිහිල්ලා කථා කළා. මාව අඳුනන්න පුළුවන්ද කියා ඇසුවා. සාජන් ගුණරත්න මාව අඳුනගත්තා. මම සාජන්ව කැන්ටිමට එක්ක ගිහිල්ලා බනිස්, කෙසෙල් ගෙඩි, තේ අරගන දුන්නා. මිස්ටර් උයන්ගොඩ මම නරක වැඩ කළේ නෑ නේද? කියලා සාජන් මගෙන් ඇහුවේ වරදකාරී කටහඞකින්. මම තේවලට සල්ලි ගෙවන්න ගියාම සාජන් ගුණරත්න මට සල්ලි ගෙවන්න දුන්නේ නැහැ. එයාම ගෙව්වා.
සාජන් ගුණරත්න ඇවිල්ල තියෙන්නේ මහාචාර්ය ඈෂ්ලි හල්පේගේ නාට්‍යයක් ගැන තොරතුරු සොයන්න. මේක රාජය විරෝධී නාට්‍යයක්ද කියලා සෝදිසි කරන්නයි ඇවිල්ලා තිබුණේ. මම සාජන් ගුණරත්නව කෙළින්ම මහාචාර්ය ඈෂ්ලි හල්පේ ළඟට ගෙනිච්චා. ඊට පස්සෙ සාජන් ගුණරත්නට නාට්‍ය ගැන තිබුණ කුකුස නැති උනා.
71 සිද්ධීන් ගැන මට පසුතැවීමක් නැහැ. අපි අත්දැකීම් ලැබුවා. ඒවගේම වේදනාකාරී සිද්ධීන්ට මුහුණ දුන්නා. පහරකෑම් නිසා දශක තුනක් ගෙවිලත් මගේ පාදයේ වේදනාව සමහරවිට එනවා. හිටපු ගමන් සිහිනෙන් හිරේ ඉන්නවා දකිනවා. ගාඩ්ලාගේ අඩි සද්දෙ පවා නින්දෙදි ඇහෙනවා. 71 විසින් ගාමිණී සමරනායක, කීරවැල්ල වගේ උගතුන් බිහිකළා. ඒත් 88/89 දී අපි දැක්කේ ම්ලේච්ඡ ඝාතන. ඒ අනුව බලනකොට 71 ඇතැම් ස්මරණයන් ආශ්වාදයෙන් සමරන්න උනත් පුළුවන්.
(වෛද්‍ය රුවන් එම් ජයතුංග ගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි)
"මම නරක වැඩ කළේ නෑ නේද?" සමහර වෙලාවට රස්සාව කරද්දී හිතට විරුද්දවත් වැඩ කරන්න වෙනවා. පස්සේ තමන්ටම කණගාටු වෙන්න බැරි විදිහට හැම වෙලාවෙම රස්සාව කරන්න තියෙනවනම් හොඳයි.
ReplyDeleteසහතික ඇත්ත
Deletemage atheethayath me wagema thamayi.....mama 88/89
ReplyDeleteai oba obage atdakim liyannenatthe eya bhavaatmaka pratikarayak
Deleteඑක හුස්මට කියෙව්වා... දැන් පොත හොයාගෙන කියවන්න ඕනෙ. ස්තූතියි බෙදාගත්තට.
ReplyDeleteස්තූති ඩ්රැකී
Deleteජේම්ස් උයන්ගොඩ නොහොත් ඌ මහත්තයා.....71 කැරැල්ලෙන් බිහිවූ විශිෂ්ඨතම බුද්ධිමතා...එකඟයි.. රුවන්ගෙ පොත කියන්නම වෙනවා දැන්...:)
ReplyDeleteමේ පොත librray වල තියනවා
Delete71 කැරැල්ල ගැන පොඩි පොඩි සිද්දි ටිකක් වැඩිහිටියන්ගෙන් අහල තිබුනට හරියට අවබෝධයක් නැහැ. ඔබගේ මේ ලිපි ලොකු පිටුවහලක් වෙනවා ඒ තොරතුරු ගැන තව දුරටත් දැන ගන්න. ස්තූතියි ඔබට!!!
ReplyDeleteමනා ඒ ගැන මට සතුටුයි
ReplyDeleteමා දන්නා පරිදි මොහුගේ නම ජේම්ස් හෝ ජේමිස්. ගම කඹුරුපිටියට ආසන්න කරගොඩ-උයන්ගොඩ. නම සහ නාමය වෙනස් කරගෙන ඇති බව පේනව. - mentioning just as a fact only
ReplyDelete