ජෝන් ඩොයිලි (1774 – 1824) බ්‍රිතාන්‍ය පරිපාලන නිලධාරියෙකි. 1815 වසරේදී සිංහලේ රාජධානිය යටත්කරගැනීමේ ප්‍රධාන සැලසුම්කරු වූ අතර ඔහු 1801 දී ලංකාවට පැමිණියේය.
ජෝන් ඩොයිලි, දක්ෂ ඔත්තුකරුවෙකු සහ දක්ෂ මැනිපුලේටර් කෙනෙකු වූ අතර ඔහු සිංහල භාෂාව දක්ෂ ලෙස ඉගෙන ගෙන දේශීය සංස්කෘතියට අනුගත විය. ඩොයිලි සිංහල භාෂාව, උඩරට සිරිත් විරිත් හා දේශීය සමාජය පිළිබඳව මනා අවබෝධයක් ඇති අයෙකු විය. මෙම උපායමාර්ගික වෙස් මුහුණ ඔහුට ස්වදේශික ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට ඉඩ සැලසීය. උඩරට රාජධානිය පිළිබඳ තීරණාත්මක බුද්ධි තොරතුරු සපයන වෙළඳුන් සහ බෞද්ධ භික්ෂූන් ඇතුළු තොරතුරු සපයන්නන්ගේ ජාලයක් ඩොයිලි විසින් ස්ථාපිත කරන ලදී. නිදසුනක් වශයෙන්, පූජ්‍ය අහුගොඩ, පූජ්‍ය ගොඩමුන්න, පූජ්‍ය හුරුක්ගමුව සහ පූජ්‍ය කොස්කන්දවල වැනි බෞද්ධ භික්ෂූන් ජෝන් ඩොයිලිගේ තොරතුරු සපයන්නන් විය.
සුවිශේෂී දක්ෂ බ්‍රිතාන්‍ය ඔත්තුකරුවෙකු වූ ඩොයිලි තොරතුරු වල අතිමහත් වටිනාකම තේරුම් ගත් අතර රජුට එරෙහිව මහජන මතය මෙහෙයවීම සඳහා මනෝවිද්‍යාත්මක උපක්‍රම භාවිතා කළේය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සහ නිලමෙලා අතර විරසක වර්ධනය කිරීම , ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ජනයා අතර අප්‍රිය කිරීම සඳහා විවිධ කටකතා නිර්මානය සහ ඒවා පැතිරවීම ඩොයිලි සාර්ථකව කලේය. විශේෂයෙන් 1803 දී පළමු උඩරට ආක්‍රමණයේදී බ්‍රිතාන්‍ය හමුදා විනාශකාරී පරාජයකින් පසුව, බ්‍රිතාන්‍යයන් උඩරට ප්‍රදේශය මිලිටරිමය නොවන ක්‍රමවේදයක් මගින් අල්ලා ගැනීම සඳහා අඩිතාලම දැමීමේදී ඔහුගේ උත්සාහයන් උපකාරී විය.
මුලින් මහනුවර අල්ලා ගැනීම සිදු වූ මෙම මෙහෙයුම අවසානයේ ගරිල්ලා යුද්ධයෙන් සලකුණු වූ පසුබැසීමකට හේතු වූ අතර එය බ්‍රිතාන්‍ය හමුදා විනාශ කළේය. උඩරට රාජධානිය අත්පත් කර ගැනීම මිලිටරිමය බලයෙන් නොව බුද්ධියෙන් සාක්ෂාත් කරගත හැකි බව ඩොයිලි විශ්වාස කළ අතර, පෘතුගීසි සහ ලන්දේසීන් අසාර්ථක වූ තැන අවසානයේ එය සාර්ථක වූ උපාය මාර්ගයකි. බ්‍රිතාන්‍ය ජයග්‍රහණයෙන් පසු, ඩොයිලි උඩරට පළාත්වල රජයේ නේවාසික සහ පළමු කොමසාරිස් ලෙස පත් කරන ලදී. 1815 උඩරට ගිවිසුම කෙටුම්පත් කරන ලද්දේ ජෝන් ඩොයිලි විසිනි. කෙසේ නමුත් ඩොයිලි ස්වදේශික ජනයා කෙරෙහි අනුකම්පාවෙන් ක්‍රියා කල අයෙකුද විය.
ග්‍රෙගරි පවෙල්ගේ "ද කැන්ඩියන් වෝර්ස්: ද බ්‍රිතාන්‍ය ආමි ඉන් සිලෝන්, 1803–1818" නම් පොතෙන් ඩොයිලිගේ මරණය සියදිවි නසා ගැනීමක් බව යෝජනා කළද, බොහෝ ඉතිහාසඥයින් මෙම ප්‍රකාශයට අභියෝග කරමින්, 1824 මැයි මාසයේදී සත් කෝරලයේදී නිල සංචාරයක් අතරතුර ඔහු නිදන්ගත උණ රෝගයකට ගොදුරු වූ බව ප්‍රකාශ කරති.
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments